Monday, 20 June 2011

මම, අතීතයත් අනාගතයත් අතර

පූජා ගැන මේ බ්ලොග් එක කියවන ගොඩාක් දෙනෙක් දන්නවා.. ඒ මට ආදරය කරපු තවමත් මම හිතින් ආදරය කරන මගෙ ජීවිතය වෙනස් කරපු මගේ ආදරණිය පූජා.. එයා දැන් මගෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු 4කට කිට්ටුයි.. ඒ කාල සිමාව ඇතුලත මගේ ජීවිතය ගොඩාක් වෙනස් උනා..

ලංකාවෙන් යන්න කොහොත්ත්ම කැමැත්තක් නොතිබුන මම ලංකාව අත ඇරලා ඉතාලියට ආවා.. හිතට එකපාරම නොදැනුනත් මේ කාල සීමාව ඇතුලත මට ගොඩාක් සමිපව හිටපු මගේ යාළුවෝ ගොඩාක් මගෙන් වෙන් උනා.. ඒ හැමෝම කිව්වේ මම ඉස්සර හිටපු දිනේශ් නෙමෙයි කියලා.. එයාලට එහෙම කියන්න තිබුන එකම හේතුව උනේ පූජා..  

මට පූජා මුන ගැහෙන්න ඉස්සර අනිත් හැමෝම වගේම දඩඹබ්බර හිතට එන ඕනම දෙයක් කරන කෙනෙක්.. ඒත් පූජා මගේ ලෝකෙට ආවයින් පස්සේ එයා මාව ටිකින් ටික වෙනස් කලා.. මගේ ජීවිතේ පහුගිය අවුරුදු 4ම ගෙවුනේ පූජාගේ මතකයත් එක්ක..  ඒ කාලේ ඇතුලත මගේ යාළුවෝ ටිකින් ටික මගෙන් ඈත් වෙලා යන්න ගියා..

මට ඉතුරු උනේ මගෙ ඉස්කෝලේ යන කාලේ ඉදන් මාත් එක්ක හිටපු යාළුවෝ දෙතුන් දෙනෙක් විතරයි.. එයිනුත් එක්කෙනෙක් ඊයේ අපේ යාළුකමින් ඈත් වෙලා ගියා..

“ උඹ ඉස්සර දිනේශ් නෙමෙයි දැන්.. කවදාවත් ආයෙත් නොඑන කෙල්ලෙක් ගැන හිතාගෙන ඉන්න උඹ පිස්සෙක්..”

මාව හොදින් තේරුම් ගත්තායි මම හිතාගෙන හිටපු මගේ මිතුරා මට අන්තිමට කිව්වේ ඒ දේ.. “ මට පිස්සු..”

ඔව් සමහර විට මට පිස්සු වෙන්න ඇති.. මරණයේ දොරකඩට වෙලා හිටපු කෙල්ලෙක්ට මාස 4ක් උපරිමයෙන්ම ආදරය කරලා අවුරුදු 4ක් තිස්සේ ඒ ආදරය හිතේ තියාගෙන ඉන්නේ මට පිස්සු නිසා වෙන්න ඇති..

ඇත්ත මට පූජාගේ ආදරේ අමතක කරලා වෙනස් වෙන්න තිබුනා පූජා මාව අතඇතරලා වෙන කෙනෙක් එක්ක යාළු උනානම්.. මගේ යාළුවෝ ගොඩ දෙනෙක්ගේ ආදර කතා ඉවර උන විදිහට මගේ ආදර කතාව ඉවර උනානම් මටත් වෙනස් වෙන්න තිබුනා..

ඒත් මගේ හිතට තියෙන එකම දුක පූජාවත් මාවත්  ලගින්ම ඇසුරු කරපු අයත් මේක තේරුම් නොගත්ත එක.. මාව දැකලවත් නැති උනත් මගේ බ්ලොග් එකේ ඉන්න ගොඩාක් දෙනෙක් මේ ටික කාලෙට මාව තේරුම් ගත්තා මාත් එක්ක අවුරුදු ගානක් හිටපු යාළුවන්ට වඩා.. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා දුක් වෙන්නේ නෑ..

මගේ ජීවිතේ දිහා අපහු හැරිලා බැලුවම ආදරේ ඇරෙන්න අනිත් හැම හීනයක්ම මම සාර්ථක කරගෙන තියෙනවා.. ඒ නිසා මම හිතන්නේ නෑ කොහෙත්ම මම පිස්සෙක් කියලා.. අවංක ආදරක් වෙනුවෙන් ජීවිතේ කැප කරන එක පිස්සුවක් නම් මේ ලොකේ මං වගේම තව පිස්සො ඕන තරම් ඇති..

මාව තේරුම් නොගෙන මගෙන් ඈත් උන මගේ යාළුවන්ටත් ඒ හැගීම කවදා හරි දැනේවි.. එදාට එයාලා මේ හැම දෙයක්ම තේරුම් ගනීවි.. ඒ නිසා මගේ හිතේ කවුරුවත් ගැනවත් කිසිම තරහක් නෑ..


35 comments:

  1. පිස්සුද නැද්ද කියන එක ආදරය කරලම බලන්න ඕනේ. තමන්ගේ මුලු හිතින්ම ආදරය කරපු කෙනෙක්ව එකපාරටම අමතක කරලා දන්නේ කොහොමද ? මට නම් ඒ ගැන හිතන්නවත් බෑ.

    පුලුවන් අති අයත් ඇති. සමහරුන්ට නම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කෙල්ලට අදරය කරලා ඊට පස්සේ ඒක අමතක කරලා දාන එක සිම්පල් ඇති. ඒත් මෙච්චරම ආදරයක් අමතක කරන්නේ කොහොමද ?

    දිනේෂ් මල්ලි මේ අතින් බලද්දි සාධාරණයි. !!!!

    ReplyDelete
  2. දිනේශ් අයියා අයියාගේ සහ පූජාගේ ආදර කතාව ගැන නං මම දන්නේ නෑ.... ඒත් මෙහෙම දෙයක් තියනවා අයියේ ජීවිතේ කියන්නෙ හරි අමුතු දෙයක් ඒක අපෙන් දෙයක් උදුර ගන්නකොට අපට වෙන දෙයක් ලබාදෙනවා ඉතින් නැතිවුනදේ ගැන වද වෙන්නැතුව අයියා ලබාගත්ත දේ මොකක්ද කියලා හොයාගන්න ඒ ගැන සතුටු වෙන්න... බොක්කෙන් කරපු ආදරයක් අමතක කරන්න අමාරු ඇති (ඒ ගැන නං මට එච්චර අත්දැකීම් නැත) ඒත් අයියේ අතීතෙ වුනු දේවල් වෙලා ඉවරයි අයියා තාම මැරිලා නෑ නෙ අයියට ජීවිතයක් තියනවා ඒ ජීවිතේට අනාගතයක් තියනවා ඉතින් අර අයියට ලැබුන දේ මොකක්ද කියලා හොයාගන්න... හැම දේම වෙන්නේ හොදටලු අයියේ....

    ReplyDelete
  3. මට ඔයාගෙ දුක තේරුම් ගන්න පුළුවන් මල්ලී. ඒ දුකම මමත් විඳවල තියෙන නිසයි ඒ. ඒත් එයා ආයෙමත් ඔයාට මුන ගැහේවි. එතෙක් ජීවිතය සතුටින් ගත කරන්න බලන්න.
    මැණික්

    ReplyDelete
  4. හීන බිදුනම දුකයි තමයි. අපි ලැබුන දේට වඩා නොලැබුන දේට ආදරේ කරනවත් තමයි. ආදරයක් අමතක කරන්නත් අමාරුයි. ඒත් මතකයන් අමතක නොකර සතුටින් ජීවත් වෙන්න පුලුවන් නේද මල්ලි... අතීතය ගැන හිත හිතා විදවන්නේ නැතුව ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නේද... ඔයා සතුටින් ඉන්නකොට පූජා කොහේ හරි ඉදන් හිනා වෙයි මල්ලී...

    ReplyDelete
  5. සැබෑ ආදරයක් කවුරු කොහොම කිවත් අමතක කරන්න බෑ තමා.....එත් අයියා...."පුජා" එයා පොඩ්ඩක්වත් කැමති වුනාද ඔයා දුකින් ඉන්නවට.....නෑ නේද....ඔයා එයාගේ මතකයත් එක්ක ඉන්න එක හරි..එත් එයා කොහේ හරි ඉදන් දුක් වෙනවනම් ඔයා එයා ගැන හිත හිත තාමත් දුක් වෙනවා කියල(කියවල තියනවා ආදරේ කරන දේවල් දාලා යන්නේ නෑ කියල) , ඔයා එයට කරන්නේ ලොකු අසාධාරණයක්......ඒ ගැන ටිකක් හිතන්න.......

    ReplyDelete
  6. @ මධුරංග : ඔව් මධුරංග අයියේ.. ඒ ආදරය මට විහිළුවක් උනානම් අමතක කරලා දාන්න පුලුවන් ලේසියෙන්ම.. එත් අහිමි බව දැන දැනම මම එයාට ආදරේ කලේ සංසාර පුරුද්දට වෙන්න ඇති.. ඉතින් එහෙම ආදරයක් ජීවිතෙන් කොහොම අමතක කරන්නද..

    ReplyDelete
  7. @ කිඩෝ : මල්ලී ආදරේ ඇරෙන්න මගේ අනිත් හීන හැම එකක් ලගටම මම ලං උනා.. ගොඩාක් දේවල් මම ලගා කර ගත්තා.. ඔයා කියන කතාව හරි.. මම තාම ජීවත් වෙනවා.. ජීවිතේ වෙනස් වෙන්න ඕන දවසක් එවි.. මගේ යාළුවෝ බලාපොරොත්තු වෙන විදිහට මට ඉන්න බැරිවේවි.. එයාලා එක ඉක්මනින් තේරුම් ගනීවි..

    ReplyDelete
  8. @ මැණික් : අක්කේ මම දැනගෙන හිටියේ නෑ අක්කගේ ජීවිතෙත් මට වගේම අමතක කරන්න බැරි මතකයක් තියෙනවා කියලා.. ඔව් සමහර විට එයා මට ආයෙත් මුන ගැහේවි..

    ReplyDelete
  9. @ මන්තරකාරී : අක්කේ ඇත්තටම මම දැන් දුකින් නෙමෙයි ඉන්නේ.. ඇත්ත පූජාගේ මතකයත් එක්ක මම ජීවත් වෙනවා.. මම ජීවත් වෙන්නේ අපි ගත කරපු සුන්දර කාලයේ මතකයන් එක්ක.. පූජා නැති උන මුල් කාලේ මම ගොඩාක් විදෙව්වා.. ඒත් දැන් එහෙම නෑ..

    ReplyDelete
  10. "ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. අසංග ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්." ඔයාම ලියපු කතාවක, ඔයාම ලියපු කොටසක් මේ.....ඉතින් හිතන්න තා ටිකක්

    ReplyDelete
  11. @ සිතුවිලි නිහඩයි : නැහැ නංගී.. මම පූජව සතුටින් තිබ්බා වගේම එයත් ඒ දවස් වල මාව සතුටින් තියන්න ගොඩාක් උත්සාහ කලා.. හිතේ කොච්චර දුකක් තිබුනත් අපි දෙන්නම කවදාවත් ඒක පෙන්නුවේ නෑ..මමේ මේ ජීවිතේ වෙනස් වෙන්න ඕන දවසක් ඒවි නංගී.. ඒත් මම ඒ වෙනස හොයාගෙන යන්නේ නෑ.. මං ලගට එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  12. "අවංක ආදරක් වෙනුවෙන් ජීවිතේ කැප කරන එක පිස්සුවක් නම් මේ ලොකේ මං වගේම තව පිස්සො ඕන තරම් ඇති" මේකනං ඇත්තම ඇත්ත අයියේ ආදරය කියන එක විහිළුවක් කර ගත්ත උන ඉන්න කාලෙක. ඔය වගේ ඇත්තට ආදරේ කරන අය ඉන්නේ ටික දෙනයි. හිතින්ම ආදරේ කරන කෙනෙක් අපෙන් වෙන් උනාම වෙන් වෙනවා කියලා දැනුනාම හිතට එක දුක........

    ඇත්තටම ආදරේ කලානම් කොහොම ඒක අමතක කරන්නද...?

    ReplyDelete
  13. මේකට නම් ලොකු උත්තරයක් දෙන්න වෙනව.

    ආදරේ පිස්සුවක් තමයි අයියෙ. ඒක දන්නෙ ආදරේ කරන එකා විතරයි. මමත් ඔහොම පිස්සු නටල තියනව. මම ආදරේ කරපු කෙල්ල මාව අතෑරල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා කියල දැනගත්තට පස්සෙත් මම අවුරුදු දෙකක් බලාගෙන හිටිය එයා ආයෙත් ඒවි කියල. මටත් අපේ උන් කිව්වෙ "උඹට පිස්සු" කියල. හැබැයි උන් හැමදාම මගේ ලඟින් හිටිය. ගොඩක් වෙලාවට අපි පරණ මතකයන් එක්ක විඳවනව. ඒ වේදනාව ඇතුලෙත් අමුතුම මිහිරක් තියනව මම හිතන්නෙ. ඒකයි අපි ඒකෙන් මිදෙන්න කැමති නැත්තෙ.

    හැබැයි හැමදාමත් අපි එහෙම ඉන්න ගියොත් අපි අපේ ජීවිතේට කරන්නෙ ලොකු අසාධාරණයක්. මොකද ඒ නිසා අපේ ජීවිතේ අපිට කරන්න තියන දේවල්, ලබාගන්න තියන දේවල් ගොඩක් මග ඇරෙන්න පුලුවන්. මම හිතන්නෙත් අයියෙ, අයිය දැන් ඔතනින් ඉස්සරහට යන්න ඕන. පූජ අක්කව අමතක කරන්න කියල නෙමෙයි කියන්නෙ. කවදාවත් එයාව අමතක කරන්න එපා. මම කියන්නෙ ඒ මතකය ගාවම නැවතිලා ඉන්න එපා. ඒ මතකයත් අරන් ඉස්සරහට යන්න. පූජ අක්කගෙන් ඉගෙන ගත්ත දේවල්, ඒ පන්නරයක් එක්ක ආයෙත් ජීවිතේ අලුතෙන් පටන් ගන්න බලන්න. පූජ අක්කටත් ඕන වුනේ ඒකමයි නේද?

    "හඩන්න එපා නුඹ මා නැති දිනයක
    වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම
    පොරොන්දුවක් වෙන්න මා මියෙන්න පෙරාතුව
    හිනැහෙන බව නුඹ මා හිනැහූ ලෙසම.."

    මතකයි නේද පූජ අක්ක අයියව පොරොන්දු කරගත්ත හිනාවෙලා ඉන්නව කියල. අයිය ඒ පොරොන්දුව ආරක්ෂා කරන්න ඕන. ඒක තමයි අක්කට කරන්න පුලුවන් ලොකුම සැලකිල්ල, ගෞරවය.

    තව දෙයක් අයියෙ, යාලුවො නම් නැති කරගන්න එපා මොනම හේතුවක් නිසාවත්. හොඳ යාලුවො ජීවිතේට කොච්චර නම් වටිනවද. මම ඒක හොඳට දන්නව. මට ලෝකෙම එපා වෙලා හිටපු වෙලාවෙ මගේ යාලුවො තමයි මගේ ලඟින් හිටියෙ. අම්ම තාත්තට කියන්න බැරි ප්‍රශ්නයක් වුනත් අපිට අපේ යාලුවන්ට කියන්න පුලුවන්. යාලුවො අයියට පිස්ස කිව්වට කමක් නෑ, ඒ අය ලඟින් තියාගන්න. එයාල ඒ හැම දෙයක්ම කියනව ඇත්තෙ අයිය ගැන විතරක් හිතල. අයිය පූජ අක්කට කොච්චර ආදරේද කියන එක නෙමෙයි එයාලට වැදගත්, එයාල පිටින් ඉඳන් බලනව ඇත්තෙ අයිය ජීවත් වෙන විදිය. එතකොට එයාලට එහෙම හිතෙන එක සාදාරනයි. ඒක නිසා එයාලට අයියව තේරුම් ගන්න බැරි නම් අයිය එයාලව තේරුම් ගන්න බලන්න.

    අනිත් එක අයියෙ වර්චුවල් යාලුවන්ට වඩා වටින්නෙ මම නම් හිතන්නෙ ඇත්ත ජීවිතේ යාලුවො. අයිය බ්ලොග් ලිවිල්ල නතර කරපු දවසට අයියට බ්ලොග් යාලුවො ටිකත් නැති වේවි. ඒත් ඇත්ත ජීවිතේ යාලුවො තමයි හැමදාම ලඟින් ඉන්නෙ.

    ReplyDelete
  14. ඔව් පූජා වගේම එයා ඇවිත් ගියා. දැන් ලොකු කාලයක්.
    මැණික්

    ReplyDelete
  15. ආදරේ බොක්කෙන් කරන එකා පිස්සා..අනිත් එවුන් හොඳයි..මගුල තමයි සහෝදරයා..ආදරේ කියන සංකල්පේ යථාර්ථයක් කරන්නෙත් අපි නැතිකරන්නෙත් අපි

    ReplyDelete
  16. @ සිතුවිලි නිහඬයි : ඔව් මගෙත් පුජාගෙත් ආදර කතාවේ අන්තිම කොටසේ මම එයා මට දීලා ගිය ලියුමේ කොටසක් මම දැම්මා.. ඒකේ පූජාම තමයි ඒ දේ ලියලා තිබුනේ..

    ReplyDelete
  17. @ බීටා : ඔව් මල්ලී කවදාවත් අපි ආදරේ කරන අයගෙන් වෙන් වෙලා ඉන්න අපිට බෑ.. ඒ දුක මොන වගේද කියලා කියා ගන්න බෑ..

    ReplyDelete
  18. @ Kasun : ඇත්ත කසුන් මල්ලි මම එයාට පොරොන්දු උනා මම ජීවිතේ කවදාවත් අඩන්නේ නෑ කියලා.. මම ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ඨ කලා.. ඇත්ත හැබැයි මට හිනාවෙන්න අමතක උනා..

    මට මගේ යාළුවෝ ගැන තරහක් නෑ මල්ලී.. ඔයා කියන දේ ඇත්ත එයාලත් කැමති මගේ සතුටට තමයි.. සමහර විට මම පිටරට ඉන්න නිසාත් එයාලා එක්ක දැන් ඉස්සර වගේ ලගින් ඇසුරු කරන්න බැරි වෙන නිසා එයාලට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්.. ඒ නිසා මම ඒ අයගේ වරදක් කොහෙත්ම දකින්නේ නෑ.. කොහොමත් මම මේ අවුරුද්දේ ලංකාවට යන නිසා මට එයාලා එක්ක මේ දේවල් කතා කරගෙන් කාරණා තේරුම් කරලා දෙන්න පුළුවන්..

    ReplyDelete
  19. @ මැණික් : අක්කා හැමදාම වගේ මම පූජා හා සම්බන්ද පොස්ට් එකක් දාපු වෙලාවට ගොඩාක් මගේ හිත හැදෙන විදිහේ කමෙන්ට් දැම්මා.. ඒත් මං හිතන් හිටියේ නෑ මේ වගේ දෙයක්..

    ReplyDelete
  20. @ ජනරග : ඇත්ත යාළුවා.. එක තැනක ආදරේන් නොනැවතී දුවන අයම ගැහැණු චපලයි කියලා බනිනවා.. ඔතනයි වැරැද්ද තියෙන්නේ..

    ReplyDelete
  21. දුකේදි එකට නොසිටින, අවශ්‍ය වෙලාවට අත හැර යනවනම්, ඒ ඉඳලා තියෙන්නෙ නියම යාළුවො නෙවෙයි. එහෙම අය යන එකමයි කාරිය. හොඳ යහළුවන් ඉදිරියෙදි අනිවාර්යයෙන් හමු වෙයි.
    කාලය හුඟක් ගැටළු විසඳනවා. මල්ලිට ජය!

    ReplyDelete
  22. මුළු බ්ලොග් එකක්ම එක දවසෙන් කියෙව්ව පළවෙනි වතාව අයියා....මං දන්නෑ මොනවා කියන්නද කියලා....ජීවත් වෙන්න.දවසක හිනාවෙන්න දවසක් එනවා....එතකම් ජීවත් වෙන්න.....

    ReplyDelete
  23. @ නලිනි චන්දිමා : ඇත්ත අක්කේ.. ඒත් එකට මමත් තරමක් දුරට වැරදියි.. ඔව් අක්කේ කාලයත් එක්ක මේ හැම දෙයක්ම විසදේවි..

    ReplyDelete
  24. මකුළුවා : ඇත්ත මල්ලී මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ හැම දෙයක්ම වෙනස් වෙන දවසක් ඒවි කියලා.. එතකං මම මග බලං ඉන්නවා..

    ReplyDelete
  25. ඔය වගේම අත්දැකීමක් මටත් තියෙනවා.. ඒ ආදරේට අවුරුදු 7ක්, ඒත් තාමත් මට ඒක් අමතක කරගන්න බෑ.. ඇත්ත, ආදරේ පිස්සුවක්, ඒත් ඒ පිස්සුව ගොඩාක් සුන්දරයි.. කාලයට ඉඩ දෙන්න අයියා.. හැමදේකටම නොවුනත් සමහර ප්‍රශ්න වලට විසදුම කාලය තමයි...

    ReplyDelete
  26. ආදරේ ගනුදෙනුවක් වගේ වෙලා අනිත් කෙනාගෙන් ලැබෙනවානම් විතරක් එයාටත් පෙරලා ආදරේ කරන්න කියල නීතියක් නෑනේ. අකලංක ආදරයක් ඒක පාර්ශවික වෙන්නත් පුළුවන්. කොහොම උනත් ආදරේ දුක්වෙන්න හේතුවක් කරගන්න නරකයි යාලු.

    ReplyDelete
  27. මට කියන්නෙ මොනාද කියලා හිතා ගන්න බැහැ, මට තාම ඔයාගේ ඒ ආදර කතාව කියවන්න බැරි වුනා .....

    ඔයා ඇත්තටම ආදරේට ආදරේ කරලා තියනවා මල්ලි, ඒකයි ඔයාට ඔහොම දැනෙන්නෙ .......

    ReplyDelete
  28. ඔයා ඇත්තටම ආදරේ කරපු නිසයි එයාව මතකයෙන් ඈත් කරන්න අමාරු. මින් ඉදිරියට කට්ටිය ඇවිත් යයි ඔයාගෙ හිතට. ඒත් ඇත්තටම කරපු ආදරේ විතරයි හිතේ නතර වෙන්නෙ.

    ReplyDelete
  29. ආදරේ ක්යන එකට අපි එක එක එක ඩෙෆිනිෂන් දෙනවා ජීවිතේ එක එක කාල වලදි... ඔයා දැනට ඔය තත්ත්වය දරාගෙන ඉන්නවනම් මම හිතන්නෙ කරන්න තියෙන ලොකුම දේත් ඒක. පස්සෙ දවසක ඔයාට ආදරේ ගැන එහෙම හිතෙන එකක් නෑ. ඒක මේ කනව බොනව වගේ සාමාන්‍ය දෙයක් වෙයි සමහර විට :D

    ReplyDelete
  30. @ ප්‍රාර්ථනා : ඔව් නංගී.. කාලයත් එක්ක මමත් හිතනවා මේ හැම දෙයක්ම විසදේවි කියලා..

    ReplyDelete
  31. @ හිරණ්‍ය : ඇත්ත යාළුවා ආදරේ කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි.. දැන් දුක් උනාට පස්සේ හැම දෙයක්ම යරි යාවි කියලා ප්‍රාර්ථානා කරමු..

    ReplyDelete
  32. @ පන්සල් හංදිය : ඉඩක් ලැබුන වෙලාවක ඒ කතාව කියවලා බලන්න කල්හාර අයියේ..

    ReplyDelete
  33. @ පිණිබිදු : ඔව් අක්කේ.. එයා මුන ගැහෙන්න කලිනුත් කීපදෙනෙක් හිතට ඇතුල් උනා.. ඒත් ඒ කාගෙවත් මතකයන් මේ වගේ මගේ හිතේ රැදුනේ නැහැ.. ඉස්සරහටත් එහෙම වේවි..

    ReplyDelete
  34. @ Hare : ඔව් අයියේ සමහර විට ඔයාලා කියනවා වගේ එහෙම දෙයක් වේවි.. ආදරයෙදි කාලයත් එක්ක මම ජීවිතේට යන්න ඉඩ දෙනවා.. හොද දෙයක් වේවී...

    ReplyDelete
  35. මේක බලත්දි මටත් ඔයාලගෙ කතාව කියවන්න ආසා හිතුනා. කොහොම උනත් ජීවිතය තියෙන්නෙ ජීවත් වෙන්න. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. ඒ වගේම හීනත්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්