Wednesday, 15 June 2011

ජීවිතේ දවසක් අවසානය

      මල්ලී වෙන් උන මොහොතේ සිටම වේගයෙන් ගැසුන නදුන්ගේ හිත මොහොතකට සැනසුනේය.. ගාමිණිගේ මිතුරා සිදුවූ සියල්ලක්ම අකුරක් නෑර පවසා සිටියේය..

“ පුතා බය නොවී ඉන්න.. අපි ගිහින් මල්ලිව එක්කන් එන්නම්..”  නදුන්ට ලංවූ ලොකු මහත්තයා පැවසීය..

“ මාත් එන්නම් යන්න..”  මල්ලී එනතෙක් එතනට වී බලා සිටිය නොහැකි නිසා නදුන් ඔවුන් සමග එන්නට අවසර පැතුවේය..

“ හ්ම්ම්.. හොදයි අපි යමු..”

       එතෙක් වේලා කඳුළින් බරව තිබු නදුන්ගේ දෙනෙත් වෙනුවට සිනහවෙන් පිරුණු මුහුන දුටු ලොකු මහත්තයා ඔහුගේ හිස අතගා නදුන්වත් ජීප් එකට නංවා ගත්තේය..

       වැස්ස තරමක් අඩුව තිබුනද උදේ සිටම අද වැටුන වැස්ස නිසා පාරවල් වතුරින් පිරි ගොස් තිබුනි.. එනිසාම ගමනේ වේගය අඩු වත්ම නදුන්ගේ බලාපොරොත්තු සහගත දැස පාර දෙසම යොමුව තිබුනේය..

“ පුතාට මල්ලී ඇරෙන්න වෙන කවුරුවත් නැද්ද ?”  නදුන්ගේ කල්පනාව බිදිමින් ලොකු මහත්තයා ඇසුවේය..

“ නැහැ මහත්තයෝ..” නදුන් ඔහුගේ ජීවිතය ගැන සියල්ලක්ම පැවසීය..

“ ආච්චි අම්මට කොහොමද මහත්තයෝ..”  නදුන් ඔහුගේ කතාව අවසානයේ විමසුවේය..

“ පුතේ අපි එයව ඉස්පිරිතාලෙට අරන් ගියා.. ඒත්..”  ඔහු මදකට නැවතුනේය..

“ ඒත් අපි ඒ වෙනකොට ගොඩක් පරක්කුයි.. එයා ඇස් දෙක පියාගන්න කලින් මේ හැම දෙයක්ම එතන හිටපු රාලහාමි කෙනෙක්ට කියලා තිබුනා..”

         ලොකු මහත්තයා එසේ පවසත්ම නදුන්ගේ දැස ආයෙත් කඳුළින් පිරී ගියේය.. තමන්ට කාගෙන්වත් උදව්වක් නොමැති වෙලාවට ආච්චි අම්මා ඔවුන් වෙනුවෙන් කල දේවල් ගැන නදුන්ට කල්පනා විය.. ඒත් ඇයට උදව් කිරිමට තමන්ට අමතක උනා නේදයි නදුන් පසුතැවිළි වන්නට විය..

          නිහැඩියාව අතරම නදුනුත් ලොකු මහත්තයත් අනෙක් රාලහාමිලාත් ගාමිණි සිටි තැනට ලංවිය.. අවටම පැවතියේ දැඩි නිහැඩියාවකි..

“ පුතා වාහනේටම වෙලා ඉන්න..”  ලොකු මහත්තයා නදුන්ට පැවසීය..

           ගාමිණි රැදී සිටි තැනට ඔවුන් ලංවෙන අයුරු නදුන් වාහනයට වී බලා සිටියේය.. මොහොතකට  සියල්ලක්ම සංසුන්ව පැවතුනේය.. එකවරම කීපදෙනෙක් එතැනින් පලා යන්නට හදනු දුටු නදුන්ගේ සිත කලබල වු‍යේ මල්ලිව ඔවුන් රැගෙන යාවියි සිතූ නිසාය..

          වාහනයෙන් එලියට ආ නදුන් එතැනට දිව ගියේය.. පලාගිය අය පිටුපස රාලහාමිලා ලුහු බැද ගියත් ලොකු මහත්තයා එතන නතර විය.. නදුන් එනු දුටු ලොකු මහත්තයා නදුන් දෙස බලා සිනාසුනේය.. ඔහු පිටුපසින් ඔහුගේ දැතේ එල්ලි සිටින පුන්චි මල්ලිව දුටු නදුන්ට හිතේ තිබුන බර සැහැල්ලු වන්නාක් මෙන් දැනෙනට විය..

“ අයියේ..”

          මල්ලි සතුටින් කෑ ගසාගෙන නදුන් වෙත දිව ආවේය..  මල්ලිව තුරුළු කරගත් නදුන්ගේ දැසින් කඳුළු බිදු කඩා හැලෙන්නට විය..

“ මට සමාවෙයන් මල්ලි.. මම කවදාවත් ආයෙත් ඔයාව තනි කරන්නෑ..”    මල්ලිව තුරුළු කර ගත් නදුන් මල්ලිට පොරොන්දු වුවේය..

“ සර් අපි ගාමිණිව ඇල්ලුවා..”  ඔවුන්ගේ මොහොතට බාදා කරමින් රාලහාමි කෙනෙක් පැවසුවේය..

“ පුතේ අපි ඉස්සෙල්ලා මල්ලිව දොස්තර කෙනෙක් ලගට එක්කන් යමු.. සමහර විට මල්ලි තාම මුකුත් කාලවත් නැති නිසා ඇග දුර්වල වෙලා ඇති..”  නදුන් ලගට ආ ලොකු මහත්තයා පැවසීය..

..........................

           ඈතින් තවත් දවසකට හිරු පායාගෙන එනු ඉස්පිරිතාලයේ ජනේලයෙන් ඈත බලා උන් නදුන් දුටුවේය.. ජිවිතයම වෙනස් කල මූසල දවස ගැන නදුන් හිතමින් සිටියේය..මල්ලිව කරදරයක් නැතුව බේරා ගන්නට හැකිවීම ගැන නදුන් හිතින් සතුටු වූවේය..

“ පුතා..”

         කල්පනාවෙන් මොහොතකට මිදුන නදුන් ආපසු හැරී බැළුවේය.. ලොකු මහත්තයා තවත් නෝනා කෙනෙකුත් සමග ඔවුන් බැලිමට පැමින තිබුනේය..

“ මම එනගමන් දොස්තර මහත්තයා එක්ක කතා කලා.. බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට දැන් යන්න පුලුවන් කියලා කිව්වා..”

      නදුන් සැනසුම් සුසුමක් හෙලුවේය..

“ පුතාලා දැන් කොහේද යන්නේ ?”  ලොකු මහත්තයා සමග පැමිණි නෝනා නදුන්ගෙන් විමසුවේය..

           යන තැනක් ගැන හරි අරමුණක් නොතිබුන නදුන් කිසිවක් නොකියා බිම බලා ගත්තේය.. වදන් වලින් නොපැවසුවද හැම දෙයක්ම තේරුම් ගැනීමය ඔවුන්ට හැකි විය..

“ මහත්තයා ඊයේ රෑ මට ඔයාලා ගැන විස්තර කිව්වා.. පුතාලා කැමතිද අපිත් එක්ක අපේ ගෙදර යන්න..”

          දීප්තියෙන් බබලන දැසින් නදුන් ඔවුන් දෙස බැලුවේය.. හිතේ සතුට වැඩි කමටම නදුන්ට කිසිවක් පවසා ගත නොහැකි විය.. පුන්ච් මල්ලි ලගට කිට්ටුවූ ඇය මල්ලිව ඇගේ දැතට අරගත්තේය..

“ අපි යමු නේද නදුන්..”  ලොකු මහත්තයා නදුන් ලගට විත් පැවසුවේය..

         කිසිවක් නොකියාම දැත් එක්කර නදුන් ලොකු මහත්තයාට වැන්දේය.. ඒ ඔවුන් තමන්ටත් මල්ලිට දෙන්නට යන අළුත් ලෝකය නදුන් මීට දැකපු සිහිනයක් නිසාවෙන්ය.. ජීවිතේ අමිහිරිම මතක අතර ගෙවි ගිය දුක්බරම දවසකට නිමාව තැබු නදුනුත් පුන්ච් මල්ලිත් මුවගේ නැගුන සිනා රැලිත් සමග ඔවුන්ගේ දැතේ වේලී රෝහලෙන් පිට විය...





35 comments:

  1. හෑ...මෙහෙම රාලහාමිලා ඉන්නවයි....
    පොලීසිය වෙනස් වෙලාද??

    ReplyDelete
  2. ලස්සන අවසානයක්.. ලඟදිම තවත් කතාවක් ලියන්න.

    ReplyDelete
  3. ලස්සන අවසානයක්.. ලඟදිම තවත් කතාවක් ලියන්න

    ReplyDelete
  4. හ්ම්ම්...ලස්සන අවසානයක්.. ඒත් ආච්චි අම්මාට වුණු දේ ගැන නම් මට දුකයි... :((

    ReplyDelete
  5. @ රත්ගමයා : සමහර විට ඉන්න පුළුවන්..

    ReplyDelete
  6. @ හංසී : ගොඩාක් ස්තුතියි නංගී.. තව කතාවක් ගැන හිතමින් ඉන්නේ..

    ReplyDelete
  7. හහා සතුටුදායක නිමාවක් එලස් පොලීසිය හිතපු තරං නරක වුනේ නෑ.....

    ReplyDelete
  8. @ මකුළු පැංචි : ඔව් ඒත් හැමදේම හොද විදිහට ඉවර කරන්නත් බෑනේ.. ගොඩක් ස්තුතියි මකුළු...

    ReplyDelete
  9. බොහොම සංවේදී කතාවක්..අවසානයත් සුබයි..සුබ පැතුම්

    ReplyDelete
  10. දිනේෂ්ගෙ තවත් අපූරු කතාවක් එක හුස්මට කියෙව්වා... මම ඉන්නෙ ඔයාගෙ පෝස්ට් වල මාතෘකාවෙ "අවසානය" කියල තියෙනකල් තමයි. කතාව සංව්දීව ගලාගෙන ගියත් redගමයා කිව්ව වගේ පොලිසියෙන් මෙහෙම කරුණාවක් ලැබෙයිද කියල සැකයි. මොකද වරදක් නොකරපු මිනිස්සුන්වත් වැරදිකාරයො කරල සලකන රාළහාමිලනෙ වැඩිපුර ඉන්නේ...

    හැබැයි මේකයි. දිනේෂ් කතාවෙ අවසානයෙදි අපිව සතුටු වෙන තැනකින් නතර කරල තිබුණට ඇත්ත කතාව එතනින් ඉවර නෑනේ. නඳුන් සහ කියවන අපි සතුටු වුණාට ඇත්ත කතාව සහමුලින්ම වෙනස් වෙන්න පුළුවන්. සමහර විට නඳුන් සහ මල්ලි කබලෙන් වැටෙන්න යනවද දන්නෙ නෑ ලිපට.

    ඒ වුණත් අපි එහෙම නොහිතා කතාව සුන්දර තැනකින් ඉවර වුණා කියල හිතමු!

    ReplyDelete
  11. @ කිඩො : ඔව් මල්ලී.. ගොඩාක් ස්තුතියි හැමදාම මේ කතාව කියවන්න එකතු උනාට..

    ReplyDelete
  12. @ ජනරග : ගොඩාක් ස්තුතියි ජනරග.. අපි මිතුරන් උනේ මේ කතාව හරහා.. ඒක මට ඇත්තටම සතුටක්..

    ReplyDelete
  13. @ Hare : මම අයියගේ අදහසත් එක්ක එකගයි.. නදුනුත් එයාගේ මල්ලිත් ජීවිතේ ගැන ලස්සන හීනයක් කතාවේ මුලදී දැක්කා.. ඒ හීනේ කොයි තරම් දුරට ලස්සන වේවිද කියන්න අපිට බෑ.. අහිංසක නදුන්ටත් මල්ලිටත් ඒ වෙලේ ඔවුන් උදව් කරාට කාලයත් එක්ක එ දේවල් වෙනස් වෙන්න උනත් පුළුවන්.. ඒත් අපි ඒ දේවල් කතාව ඇතුලෙම හංගලා තියමු..

    ReplyDelete
  14. යේ...ස් !!!! ලස්සන අවසානයක්. නියම කතාවක්. මම හරි ආසාවෙන් කියවපු කතාවක්. තව කතාවක් ලියන්න කියලා ආරාධනා කරනවා. ලියන්න ලස්සන කතාවක්.

    පුලුවන් නම් විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න. :)

    ReplyDelete
  15. ජීවිතේ දවසක්. නදුන්ගෙ ජීවිතේ දුකම, භයංකරම සහ සතුටුම දවසත් වෙලා.

    ReplyDelete
  16. මුල ඉදන්ම කියෝගෙන ආවා.. ලස්සන කතාවක් :)

    ReplyDelete
  17. @ මධුරංග : විද්‍යා ප්‍රබන්දයක්?? හ්ම්ම්.. ඒකට මේ වගේ නෙමෙයි ගොඩාක් හිතන්න ඕන.. බැරි වෙන එකක් නෑ...

    ගොඩාක් ස්තුතියි මධුරංග කතාවේ පළවෙනි කොටසේ ඉදන්ම හැමදාම එකතු උනාට..

    ReplyDelete
  18. @ නලිනි චන්දිමා : ඔව් අක්කේ.. දවසක් ඇතුලත ජීවිත දෙකක් වෙන්ස් කල සිදුවිම් පෙලක්...

    ReplyDelete
  19. @ හසී : ගොඩාක් ස්තුතියි හසී අක්කේ මේ පැත්තට ආවට..

    ReplyDelete
  20. ජීවිතේ හොඳ අතට හැරෙන්න වගේ ..........

    ReplyDelete
  21. ගොඩක් දවසකින් කියවන්න බැරි වුනා මල්ලී. අද නම් ඔක්කොම කියෙව්වා. හොඳ අවසානයක්. දැන් ඉතින් තව කතාවකට මුල පුරන්න.
    මැණික්

    ReplyDelete
  22. හ්ම්.......කොහොම හරි මල්ලි හම්බෙලා, ඒ දෙන්නට ලස්සන හෙට දවසකට වාසනාව පදුනනේ...ඒ ඇති.....ඉක්මනට තවත් කතාවක් දාන්න

    ReplyDelete
  23. අම්මෝ ඇති යන්තම් හැපි එන්ඩින්. මම බයේ හිටියෙ.

    ReplyDelete
  24. දැන් තමයි අයියෙ කතාව ඔක්කොම කියවල ඉවර කලේ. අන්තිමට කොහොමහරි නදුන්ගෙත්, මල්ලිගෙත් ජීවිත වලට සතුට ආපු එක ලොකු දෙයක්. ආච්චි ගැන තමා දුක.

    ReplyDelete
  25. @ පන්සල් හංදිය : කල්හාර අයියා නම වෙනස් කරලා.. මම ඒත් බැලුවා කව්ද කියලා.. ඔව් අයියේ අපි හිතමු ජීවිතේ හොද අතට හැරේවි කියලා..

    ReplyDelete
  26. @ මැණික් : ගොඩාක් ස්තුතියි අක්කේ.. තව කතාවක් ඉක්මනින් ලියන්නම්..

    ReplyDelete
  27. @ සිතුවිලි නිහඩයි : ඔව්.. එයාලගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ඉටු උනා.. ගොඩක් ස්තුතියි හැමදාම මේ කතාවත් එක්ක එකතු උනාට..

    ReplyDelete
  28. @ පිණිබිදු : මේ කතාවනම් හැපී එන්ඩින් උනාට සැබෑ ලොකයේ එහෙමම වේවිද??

    ReplyDelete
  29. @ Kasun : ආච්චි ගැනනම් දුකයි තමයි.. ඒත් කතාවේ අන්තිමට පොඩි හරි ඇත්තක් තියෙන්න ඕනනේ.. හැමදේම ලස්සනට ඉවර වෙන්න්නේ නෑනේ මල්ලි.. ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  30. ඔහ් මම දැනුය් මේක කියෙව්වේ....ලස්සන අවසානයක් අය්ය....

    ReplyDelete
  31. ගොඩක්ම ගොඩක් ලස්සනයි අයියේ....

    ReplyDelete
  32. @ තටු සිදුන සමනළියක් : ගොඩාක් ස්තුතියි නංගි.. හැමදාම කතාවත් එක්ක එකතු උනාට..

    ReplyDelete
  33. @ StArry ANgeL : ගොඩක් ස්තුතියි නංගී ඔයාගේ කමෙන්ට් එකට...

    ReplyDelete
  34. ඔයාගේ fb එකට මං ලියලා එව්වා ඔයා ලස්සනට ලියනවා කියලා
    ඊට පස්සේ ඔය‍මෙගෙන් ඇහුවා blog එකක් තියෙද කියලා ඒ තමයි මං

    ReplyDelete
  35. ඔක්කොම කතාව එක දිගටම කියවගෙන ගියා..කියන්න දෙයක් හිතගන්න බැහැ..නියමයි..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්