Monday, 14 March 2011

මිනිසත්කම සොයා : හත්වන පියවර

       අයෙත් ජීවිතය ඉල්ලන ලොකු පුතා දැක සෙනරත්ගේ හිත අනුකම්පාවෙන් බරවිය.. තමන්ට අකීකරු වී මොනතරම් දේවල් කලත් ඒ තවමත් තම ලොකු පුතා නේදැයි සෙනරත් රෝහලේ ඇද මත සිට සිතන්නට විය.. 

         වෛද්‍යවරු සෙනරත්ට පොරොන්දු වූ පරිදිම එදින රාත්‍රියේම සැත්කම සදහා සූදානම් විය.. සෙනරත් ලගින්ම සිහසුන්ව සිටි ලොකු පුතා දෙස සෙනරත් බැලුවේ අසීමිත වූ ආදරය හිතේ දරාගෙනය.. සෙනරත්ගේ දෙනෙතට උනා ආ කඳුළු බිදු අතරම සෙනරත්ගේ දෑස හෙමෙන් පියවෙන්නට විය..

        සෙනරත් පසුදින දෑස් විවර කර බලන විට සෙනරත් රොහල් කාමරයේ ඇදක් මත සිටියේය.. සෙනරත්ගේ උදරයෙන් දැනුන වේදනාවත් සමගම නැගිටින්නට උත්සාහ කරද්දී වෛද්‍යවරයකු සෙනරත් ලගට පැමිනියේය..

" දැන් කොහොමද සෙනරත්? "

" මට හොදයි මහත්තයෝ.. පුතාට කොහොමද? "

" පුතා?"

       සෙනරත්ගේ මුවින් එකවරම කියවූ දෙයින් කලබල වූ වෛද්‍යවරයා සෙනරත්ගෙන් එසේ විමසීය..

" නැහැ.. නැහැ.. මහ අහුවේ රෝහන මහත්තයා ගැන.."

   සෙනරත් යලිත් සියල්ල සගවමින් විමසීය..

" ආ රෝහනට දැන් සනීපයි.. සෙනරත්ට පින් සිද්දවෙන්න.. ඒ පවුලෙ අයට සෙනරත් මුන ගැහෙන්න ලොකු ඕන කමක් තිබුනා.. සෙනරත් මුකුත් කියන්න එපා කියපු නිසා මම කිව්වේ නැහැ.. "

" ඒකට කමක් නැහැ මහත්තයෝ.. මට කවදා විතර ගෙදර යන්න පුළුවන්ද? "

" තව දවස් දෙක තුනකින් යන්න පුළුවන්.."

       සෙනරත්ගේ හිතට සැනසිලි දායක හැගීමක් ගලා ආවේය.. දෑසින් වැටුන් කඳුළු බිදු පිසදාගත් සෙනරත් ලොකු පුතාගේ මතක අතර සැරි සරන්නට විය..

        රෝහලේ ගෙවුන දින දෙක තුල සෙනරත් පුතාගේ පවුලේ අයට මුන නොගැසී සිටිමට වග බලා ගත්තේය.. සෙනරත් යන්තම සුවයක් දැනුන විගසම රෝහලෙන් නික්මීමට අවසර ඉල්ලීය.. 

         රෝහලෙන් නික්මීමට මත්තෙන් ලොකු පුතාගේ වාට්ටුව ලගට ගිය සෙනරත් දුරින් හිද ලොකු පුතාගේ සුවදුක් බැලීය.. සිය බිරිද හා දරුවන් සමග සතුටින් සිටින ලොකු පුතා දුටු සෙනරත් හිතට නැගුන සතුටත් සමග නිවසට යාමට පිටත්වීය..

       දින හතරකට පසුව සෙනරත් ගෙදර පැමිනෙන විට සෝමවීරද සෙනරත් සොයා පැමින සිටියේය..

" අප්පු පහුගිය දවස් ටිකේ කොහේද ගින් හිටියේ? මම මේ ආපු තුන්වෙනි දවස අද.." 

     සෝමවීර සෙනරත් දුටු වහාම විමසීය..

" මම කොළඹ ගියා දුව බලන්න.. ඒ ගමන් නෑදෑ ගෙදරක දවස් දෙකක් නතර උනා.. ඇයි සෝමවීර හදිස්සියක්ද?"

" නැහැ අප්පු.. එහෙම දෙයක් නෙමෙයි.. අප්පු හිටපු නැති නිසයි මම ඇහුවේ.. මම ගිහින් වෙන වෙලාවක එන්නම්.."

           සෙනරත්ට සමුදී සෝමවීර නික්ම ගිය පසු එලියේ තිබූ ලී බංකුව මත වාඩිවූ සෙනරත් කල්පනා කරන්නට විය.. ලොකු පුතා ගැන දැන් සෙනරත්ගේ හිතේ බයක් නැත.. ඒත් අයේශාගේ අනාගතය ගැන සෙනරත්ට ඉක්මනින් තීරණයක් ගත යුතුව තිබුනි.. නුවන් පුතාට  පොරොන්දු වූ පරිදී ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරු බලා හිදීමට සෙනරත්ට සිදුවිය..

       උදරයේ වූ මැහුම් අතරින් දැනුන වේදනාව සෙනරත්ගේ හිතේ වේදනාව තරම් සෙනරත්ට දැනුනේ නැත.. හැමදේම හොදින් විසදේවියැයි සිතු සෙනරත් නිවසට ගොඩ විය..


යලි පියනගමු...

6 comments:

  1. මේ කතාව ත් දුකකින් ඉවර වෙයිද මන්දා....

    ReplyDelete
  2. මටත් නිම්ශට හිතෙන එකමයි හිතෙන්නේ...
    යන විදිහට එහෙම වෙයි වගේ :(

    ReplyDelete
  3. @ නිම්ශා : හැම කතාවකම අවසානය සතුටුදායක නැහැ.. යථාර්තය සිහිනයට වඩා වෙනස්..........

    ReplyDelete
  4. @ රත්ගමයා : දැම්ම එක ගැන කියන්න බැහැ...

    ReplyDelete
  5. හැපී එන්ඩිං සහිත කතාවක් උනොත් ....

    ReplyDelete
  6. @ හිස් අහස : හැපී එන්ඩිං එකක් මමත් බලා පොරොත්තු වෙනවා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්