Saturday, 5 March 2011

මිනිසත්කම සොයා : තෙවන පියවර

          කුඹුරේ වැඩ නිම කර නිවසට පැමිනි සෙනරත් රණවීර ආරච්චිගේ නියෝගය පිළිබදව කල්පනාවට වැටුනේය.. රණවීර අමනාප කරගෙන ගමේ ජීවත් වන්නේ කෙසේදැයි සෙනරත් සිතුවේය.. 

          නිවෙස අද්දර අඹ ගහ යට තැනූ ලී බංකුවේ වාඩි වී කල්පනා කරමින් සිටින තාත්තා දුටු අයේශා තේ කෝප්පයක්ද රැගෙන තාත්තා සමීපයට පැමිනියේය..

" මේ තේ එක බීලා ඉන්න තාත්තේ.." අයේශා තාත්තට රැගෙන ආ තේ කෝප්පය පිළිගැන්වීය..

" තාත්තා ලොකු කල්පනාවක වගේ.. මුකුත් ප්‍රශ්ණයක්ද? "අයේශා තාත්තාගෙන් විමසීය..

" ප්‍රශ්ණ නම් මට කවද්ද නොතිබුනේ.. එකක් ඉවර වෙන කොට එකක්.." සෙනරත් එදින සිදුවූ සියල්ලම අයේශාට කීවේය.. 

" ඉතින් දැන් තාත්තා මොකද කරන්නේ? "

" අපිට ඒ මිනිස්සු එක්ක හැප්පෙන්න බැහැ.. මෙහෙ දාලා අපිට වෙන යන්න තැනකුත් නැහැ.. ඒ මිනිස්සු කියන විදිහකට වැඩ කරන්න වෙනවා.." 

     ටික වේලාවක් නිහඩව සිටි සෙනරත් යලි දියණියට කතා කලේය..

" කොහොමද දුවේ අළුත් ඉස්කෝලෙ එහෙම.."

" වරදක් නැහැ තාත්තේ.. හැමෝම මං දිහා බලන්නේ අමුතුවෙන් වගේ.. ඒ ඉස්කෝලෙට වෙන ඉස්කෝලෙකින් ආපු එකම ළමයා මමලු.. " 

" ඕවා ටික දවසකින් හරියයි දුවේ.. දුව ඕවා ගැන හිතන් නැතුව හොදින් ඉගෙන ගන්න.. දැන් මට ඉන්නේ දුව විතරයිනේ.. "

          අයේශාගේ හිස අතගාමින් එලෙස පැවසූ සෙනරත් වැව ලගට යාමට පිටත් විය..

...............................

           රාත්‍රිය පුරාවටම සෙනරත්ගේ සිත තිබුනේ රණවීර සෙනරත්ගේ හිස මට තබා ගිය මේ අළුත් ප්‍රශ්ණය තුලය.. ඔහුට ඒකග වෙනවා හැරෙන්නට කිසිදු විකල්පයක් සෙනරත්ට තිබුනේ නැත.. සිය පුතුන් දෙදෙනා හරියට හිටියානම් මේ කිසිම ප්‍රශ්ණයක් නැහැ නේදැයි සෙනරත්ට සිතුනේය.. ඒත් දැන් සියල්ල සිදුවී හමාරය.. 

      පසු දින උදෑසන ගමේ එකම කඩයට ගිය සෙනරත්ට එහිදී පැරණි ගමේ හිතවතෙකු මුන ගැසුනේය..

" මේ සෙනරත් අප්පු නේද? " කඩේ මුදලාලි සෙනරත්ගෙන් විමසුවේය..

" ඔව්.. මාව කොහොමද අදුනන්නේ? " කලබලයෙන් වටපිට බැලු සෙනරත් මුදලාලිගෙන් විමසීය..

" මම සෝමවීර.. මම අප්පුගේ පොල් වත්තේ වැඩ කලා.. අප්පු පොල් වත්ත විකුණුවට පස්සේ අපි ගොඩක් දෙනෙක්ගෙ රස්සාවල් නැති උනා.. අතේ තිබුනු සල්ලි වලින් මෙහේ ඇවිත් මේ කඩේ පටන් ගත්තා.. අප්පු මොකද මෙහෙ කරන්නේ.."

" මම මෙහේ අප්පු නෙමෙයි.. සෙනරත් විතරයි.. සෝමවීරත් මට සෙනරත් කියලා කතා කරන්න.."

" එහෙම කොහොමද අප්පු.. අප්පු නිසයි අපි කාලා බීලා හිටියේ.."

" ඒ ඉස්සර සෝමවීර.. මමත් දැන් මෙහේ ගොවියෙක්.." සෙනරත් තමන්ගේ දැන් තත්වය සෝමවීරට හෙළි කලේය..

      සෝමවීර සමග බොහෝ වෙලාවක් කතා කරමින් සිටි සෙනරත් රණවීර ආරච්චි ගැනද සෝමවීරගෙන් විමසීමට අමතක නොකලේය..

" අපෝ ඒ මිනිහා ගැන මතක් කරන්න එපා අප්පු.. ආරච්චි කිවුවට එකට ඇති ආරච්චි පට්ටමක් නැහැ.. ඔය සල්ලි වලින් මුළු ගමම බය කරන් ඉන්නවා.. ඒ දවස්වල ඔය මනුස්සයට විරුද්ධව කතා කරපු කෙනෙක් හිටියා.. ඒත් ටික කාලෙක ඉදන් ඒ මනුස්සයට මොකද උනේ කියලා කියන්න මේ ගමේ කවුරුවත් දන්නේ නැහැ.. අප්පුත් ඒ මිනිහගෙන් පරිස්සම් වෙලා ඉන්න.." 

         අප්පුට තිබුන ලැදියාව නිසා සෝමවීර හැමදෙයක්ම සෙනරත් සමග පැවසීය.. සෙනරත්ගේ අතීතය ගැන කිසිවෙකුටවත් නොපවසන මෙන් සෝමවීරව පොරොන්දු කර ගත් සෙනරත් ඔහුට සමුදී නිවෙස වෙත පිය මැන්නේය..


යලි පියනගමු...

6 comments:

  1. ඉතින් ඉතුරු ටික.. :)

    ReplyDelete
  2. මිනිසත්කම හොයාගෙන අපිත් ඔයත් එක්ක එනවා. ගෝදාණය පොත මතක් උනා. ගොවියන්ගෙන් අසාධාරණ බදු අරගෙන උන්ගෙ මඩිය තර කරගන්නවා. අනේ මන්දා. කවදා මේ ක්‍රමය ඉවර වෙයිද කියලා.

    ReplyDelete
  3. @ නිම්ශා : ඉතුරු ටික ඉක්මනට ලියන්නම් නංගි....

    ReplyDelete
  4. @ පිණිබිදු : බොහොම ස්තුතියි අක්කෙ අදහසට.. අපි කොච්චර දියුණු උනත් සමහර දෙවල් නම් පොඩ්ඩක්වත් වෙනස් නැහැ....

    ReplyDelete
  5. @ රත්ගමයා : ස්තුතියි මල්ලියෙ.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්