Wednesday, 2 March 2011

මිනිසත්කම සොයා : පළමු පියවර

       සෙනරත් අප්පු  නුවර ප්‍රදේශයේ වළවු පැලැන්තියෙන් පැවත එන මිනිසුන් අතර නිතර ගෞරවයට ලක් උන අහින්සක මිනිසුන්ට බොහෝ උපකාර කල මිනිසෙකි.. සෙනරත් අප්පුට හිමි වතුපිටි වල දහස් ගනන් මිනිසුන් වැඩ කලේය.. ගමේ කිසිවෙකුත් සෙනරත් අප්පුට සිතින් වත් බැන වැදුනේ නැත.. ඒ සෙනරත් අප්පු මිනිසුන්ට එතරම්ම සැලකු පුද්ගලයෙක් වු නිසාවෙන්ය..

         නමුත් ඒ වසර දහයකට පමණ පෙරය.. අද සෙනරත් අප්පුට වතු පිටි කිසිවක් නැත.. සුවිසල්ව ඉදිවු සිය වළව්වද අද සෙනරත් අප්පුට හිමි නැත.. මිනිසුන් අතර අදටත් සෙනරත් අප්පු උනත් සෙනරත්ට හිමි කිසිවක් නැත..

           සෙනරත් අප්පුගේ බිරිද මිය යන විට දියණියට යන්තම් අවුරුද්දක් වූවා පමණි.. සෙනරත් පුතුන් තිදෙනෙකුගේ පියෙක් වුවත් සෙනරත්ගේ ජීවිතයම වෙනස් වන්නේ සිය පුතුන් තිදෙනා නිසාවෙනි.. 

          තම දරුවන්ට අම්මා කෙනෙකුගේ ආදරය නොලැබුනත් කිසිම මොහොතක ඒ අඩුව දරුවන්ට දැනෙන්නට නොදී දරුවන්ව ආදරයෙන් බලාගන්නට සෙනරත් අමතක නොකලේය.. ඔවුන්ගේ ඔනෑ එපා කම් සියල්ලක්ම සොයා බැලු සෙනරත් දරුවන්ගේ සතුට වෙනුවෙන් කල දේවල් අපමණය..

               සෙනරත්ගේ වැඩිමල් පුතා වෛද්‍යවරයෙකි.. නමින් රෝහණ වූ ඔහු රටේ සුප්‍රසිද්ද වෛද්‍යවරුන් අතරින් කෙනෙකි.. කොළඹ ඉහල පෙලේ පවුලකින් විවාහයක් කර ගත් ලොකු පුතා එදා සිටම දිනෙන් දින පවුලෙන් ඈත් වන්නට පටන් ගත්තේය.. තාත්තා එක්ක ආරවුල් ඇති කරගත් වාරද අනන්තය..

        උපන් රටට බෙහෙවින් ආදරය කල සෙනරත්ගේ දෙවෙනි පුතා හමුදාවේ මේජර් වරයෙක් දක්වා උසස්වීම් ලැබූ දක්ශ හමුදා සෙබෙලෙක් විය.. තාත්තට ලගින් හිටපු ආදරේ කරපු එකම පුතා මේ තාත්තට අහිමි උනේ ත්‍රස්තවාදය උතුරු කරයේ ගින්නක් මෙන් පැතිරී ගිය සමයේය.. වීර සෙබලෙක් මෙන්ම තාත්තට ආදරෙන් ඉදපු එකම පුතා රටටත් මේ දුප්පත් තාත්තටත් අහිමි වී ගියේ අවසනාවකටය..

           සෙනරත්ගේ බාල පුතා විශ්ව විද්‍යාල සිසුවෙක් විය.. කුඩා කල සිටම දඩබ්බරයෙක්වූ රුවන් විශ්ව විද්‍යාලයේම තරුණියක් සමග පෙමින් බැදී ඇගේ නිවසට හොර රහසින් දිනක් ඇයව කැදවාගෙන සෙනරත්ගේ වලවුවට පැමිණියේය.. පාතාලයට සම්බන්ද පුද්ගලයෙක් වූ ඇගේ සොහොයුරාගෙන් පුතාගේ දිවි බේරා ගැනිමට ඔවුන් දෙදෙනාවම වෙනත් රටකට යවා ආරක්ශා කලත් ඉන් ටික කලකට පසු තාත්තාත් එක්ක තිබුනු සම්බන්දකම ටිකෙන් ටික රුවන් නවතා දැමීය..

               සෙනරත්ගේ ලගින් හිද සෙනරත්ව බලා ගන්නේ ඔහුගේ එකම දියණිය වූ අයේශාය.. ඇය තවමත් පාසැල් සිසුවියකි.. සෙනරත්ට දැන් ඇති එකම බලාපොරොත්තුව සිය දියණියගේ අනාගතයයි.. ඇය වෙනුවෙන් යමක් ඉතිරි කිරීමට සෙනරත්ට නොහැකි උනේ ඇගේ සොයුරන්ගේම අකට යුතුකම් නිසාවෙන්ය..

             ගමට සමුදුන් සෙනරත් තම අත ඉතිරි වී තිබු සොච්චම් මුදල වියදම් කර කලා වැව පෙනෙන මානයේ කුඹුරු ඉඩමක් මිලදී ගෙන එහි මායිමේ කුඩාවට පිදුරු සෙවිළි කල ගෙයක් සාදා ගෙන සිය දියණියත් සමග අළුත් ජීවිතයක් ඇරඹීමට අදිටන් කර ගත්තේය..


    ජීවිතය ආයෙමත් අළුතින් පටන් ගන්න සිහින දුටු සෙනරත් තමන් ඉදිරියේ මැවෙමින් තිබුන ප්‍රශ්ණ ගැන දැන සිටියේ නැත.. සිනාසෙමින් එන අයම සෙනරත්ගේ හතුරන් වන බව සෙනරත් කිසිවිටක නොසිතුවේය..



11 comments:

  1. ඇත්ත කතාවක්ද අයියේ...

    තමන්ගේ දෙමාපියන්ට සලකන්නේ නැති මිනිස්සුන්ට හදන්න වෙනම අපායක් හදන්න වෙනවා..අනික මෙච්චර උගත් මිනිස්සු ඉස්කොල වල විශ්ව විද්යාල ගිහින් ඉගෙන ගන්නේ පොත පතේ දැනුම ම විතරද...මනුස්සකම හිතකවත් නැද්ද...ඔවාවලට විදවනවා..

    ReplyDelete
  2. ඇත්ත නිම්ශා..
    මේ කතාව මගේ හිතේ මැවෙන සිදුවීමක් උනත් මෙවගේ සිදුවීම් ඔන තරම් අපි අහලා දැකලා තියෙනවා.. දෙමවුපියන්ට නොසලකන අය මේ ලෝකේ මොන තරා තිරමක් දැරුවත් ඒ දේවල් කවදා හරි හිස් දේවල් කියලා හිතේවි...

    ReplyDelete
  3. mama hituwe attama kiyala ayya hodata sanweediwa liyalaa tiyenawa

    ReplyDelete
  4. @ මොල්ඩර් ෆයිල්ස් : බොහොම ස්තුතියි යාළුවා..

    ReplyDelete
  5. අඩේ...තව කතාවක් ලියනෝ...එල එල

    ReplyDelete
  6. @ පිණිබිදු : බොහොම ස්තුතියි

    ReplyDelete
  7. @ රත්ගමයා : ඔව් මල්ලියේ කලින් එකේදි වගේ හැමදාම කතාවත් එක්ක එකතුවෙන්න...

    ReplyDelete
  8. හ්ම්ම්ම් නියම කතාවක් වගේ, දිගටම ලියන්න, බලන් ඉන්නවා

    ReplyDelete
  9. @ dishanrajapaksha : ස්තුතියි යාළුවා...

    ReplyDelete
  10. ජයවේවා සහෝදරයාට !!

    මේ බ්ලොග් වියමන් අපූරුයි. ලස්සනයි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්