Wednesday, 9 February 2011

ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස

                             "ජීවිතය හැම මොහොතකම විදින්න ඔනි දෙයක්.. විදවන්න ඕන දෙයක් නෙමෙයි.. ජීවිතේට ප්‍රශ්ණ ඕන තරම් එනවා.. එක තමයි ජීවිතේ කියන්නෙ.."

                 පූජා එයාගේ ජීවිතේ දකින්න පුරුදු වෙලා හිටියේ ඒ විදිහට.. අනුරාධපුරේ ඈත පිටිසර ගමක ඉපදුන පූජාට එයාගේ තාත්තාගේ ආදරය අහිමි වෙන්නේ යන්තම් අවුරුදු දහතුනක් පමන වෙනකොට...ජීවිතේ තනියම ගෙනියන්න බැරි පූජාගේ අම්මා පූජා එක්ක කොළඹට එන්න තීරණය කරනවා.. පූජාගේ අම්මා උපධි දාරිනියක් නිසා ඇය පහසුවෙන්ම ආයතනයක ගිණුම්කාරිණියක් ලෙස වැඩ ආරම්භ කරනවා..

             පූජා අම්මට ගොඩක් ආදරෙයි.. කියන්න තරම් නෑදෑ පිරිසක් පූජාගේ අම්මට හිටියෙ නැති නිසා පූජා ඉන්නේ අම්මත් එක්කමයි.. පූජාට එයාගේ තාත්තා නැති අඩුව දැනෙන්න එයාගේ අම්මා ඉඩ දුන්නේ නැහැ.. පූජාගේ හැම ඔනෑ එපා කමක්ම එයාගේ අම්මා නොපිරි හෙලා ඉටු කලා..

                         පූජා ඉගෙනීමට ගොඩක් දක්ශයි.. ඇය උසස් පෙළ සමත් වෙන්නේ ඉහල ප්‍රතිඵල අරගෙන.. ගුරුවරියක් වීම ඇගේ එකම හීනය උනත් ඇයට ඈගේ බලාපොරොත්තුව හීනයක්ම වන්නේ ඇගේ අවාසනාවටත් වඩා ඇගේ ඉරණම නිසායා..

             පූජා ඉතාමත් සුන්දර යුවතියක් උවත් ඇගේ අවාසනාවට ඇයට කතා කිරීමට නොහැකි වීය.. කුඩා කාලයේ මේ ගැන පූජා කොතරම් දුක් උවත් ඇයට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඇය මේ පිළිබදව කිසි දිනෙක දුක් නොවූවාය.. ඇය හැම අවස්ථාවකම අන් අයට උදව්වක් කිරීමට පැකිළුනේ නැත.. ඒ ඇගේ හිතට එය මහත් සැනසිල්ලක් වූ නිසායා..

         පූජාගේ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇයට යලිත් එන්නේ මුද්‍රා මාර්ගයෙන් උගන්වන පාසලක ඉගෙනීමට ඇයට අවස්ථාවක් ඇගේ මිතුරියකගෙන් ලැබීමත් එක්කම.. ඇගේ බලාපොරොත්තුව හීනයක් වි අවසන් නොවුනා යන හැගීමෙන් ඇය මහත් සේ සතුටු වූවාය..

              තම දිවි මගේ මේ අළුත් ඇරඹුම පූජාගේ ලෝකයම අළුත් කරනවා.. ඇය කුඩා දරුවන්ට ආදරෙන් ඉගැන්වීම් කරන අතරෙම වැඩි දුර ඉගෙන ගන්නත් කල්පනා කරනවා.. ඇගේ ජීවිතේ මේ ලස්සනම දවස් වල තමයි ඇයට අසංගව මුන ගැහෙන්නේ..





මතු සම්බන්දයි..


6 comments:

  1. ආව්.........මෙන්න දිනේශ් අයියා කතා ලියනවෝ....ජය වේවා!!!!!

    ReplyDelete
  2. හරිම අපූරුයි අයියණ්ඩී..ඔබ අළුත්ම මගකට පියවර මනින හැඩයි..ඔන්න ඉතින්....මගෙන් හදපිරි සුබ පැතුම් ගොන්නක්ම......ආදරයට ආදරයෙන්...ආදරණිය හිත් වල නින්නාද දෙන කන්කළු කවියක්ම වේවා...!!

    ReplyDelete
  3. ඔව් මල්ලියේ දිගටම කියවන්නකෝ....

    ReplyDelete
  4. බොහොම ස්තුතියි එරන්ගා....

    ReplyDelete
  5. බලාපොරොත්තු අපේ ජිවිතේ තවත් හැඩ කරනවා...බලාපොරොත්තුවක් කියන්නේ ජිවිතේට තේරුමක්...

    ReplyDelete
  6. සුන්දර හැම දේකම මොකක්හරි අඩුවක්......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්