Thursday, 24 February 2011

ආදරයට ආදරෙයෙන් : අවසාන කොටස

     පූජාගේ නිසල සිරුර හදවතට තුරුළු කරගත් අසංග නොනවත්වාම හඬන්නට විය.. හිතේ තෙරපෙන වේදනාව අසංග කදුළු වලින් පිට කලේය.. පූජාගේ සමුගැන්ම අසංගගේ හිතට තදින්ම බලපෑ නිසා අසංග සිහි නැතිව එතැනම ඇදගෙන වැටුනි..

         සිහිය එන විට අසංග රෝහලේ ඇදක් මත සිටියේය.. පූජාගේ අම්මත් අසංගගේ අම්මත් තාත්තත් අසංග ලගටවී දෙනෙතේ කදුළු පුරවාගෙන බලා සිටියේය..

" අම්මේ පූජා කෝ? " 

        අසංගට පිළිතුරක් දීමට හිත සවිමත් නොවූ පූජාගේ අම්මා හඬමින් එතැනින් නික්මී ගියාය.. අසංගගේ අම්මත් ඇයව සැනසීමට ඈ පසුපසින් නික්මීය..

        අසංග දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටි අසංගගේ තාත්තා පූජා අවසන් සුසුම් හෙලන්නට මත්තෙන් ඔහු අත තැබූ ලියුම අසංගට කියවන්නට දුන්නේය..

" හැමදේම වෙන්නේ දෛවයට අනුව පුතේ.." යැයි පවසමින් අසංගගේ හිස අතගෑ තාත්තා අසංගට තනිවම ලියුම කියවන්නට ඉඩදී එතැනින් නික්මී ගියේය..

     වේගයෙන් ගැහෙමින් තිබුන හදවතට එක් අතක් තබා ගත් අසංග ලියුම කියවන්නට විය..


" ආදරණීය අසංග,

                        ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත් තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර  ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපෙ ඉරණම මේ වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..

                    මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක් හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න මං පිං කරලා නැතුව ඇති..

         ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. අසංග ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්.. 

          ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන  
පූජා.."



          කදුළු පිරි දෙනෙතින් ලියුම හදවතට තුරුළු කර ගත් අසංග පූජාගේ මතක අතරේ ජීවිතය පටන් ගන්නට සිතා ගත්තේය....


නිමි..

22 comments:

  1. ආදරයට ආදරයෙන් සමග එක් උන හැමෝටම මගේ ස්තුතිය.... ඔබ දුන් දිරි ගැන්වීම් මගේ හිතට ලොකු ශක්තියක්...........

    ReplyDelete
  2. ආයෙමත් දවසක වෙනත් වේශයකින් පූජා අසංග ලඟට ඒවි. කතාව ලස්සනයි මල්ලියෝ.
    මැණික්

    ReplyDelete
  3. @ මැණික් අක්කා : බොහොම ස්තුතියි අක්කේ ආදරයට ආදරයෙන් එක්ක එකතු උනාට...

    ReplyDelete
  4. ...මම ඇත්තටම හිතුවා මම මේකට කොමෙන්ට් කරා කියලා..කරා වගේ මතක...
    කොහොමත් මේක දුක හිතෙන විදිහට ඉවර වෙනවා කියලා හිතන් හිටියේ..දුක වැඩි දැන් නම්...
    ඇත්ත කතාවක් ලස්සනට ලියල ඉවර කරා...

    ReplyDelete
  5. හ්ම්...එහෙම වෙන්න එපා කාටවත්...

    ReplyDelete
  6. @ රත්ගමයා : බොහොම ස්තුතියි මල්ලියෙ.....

    ReplyDelete
  7. @ නිම්ශා නංගි : ඔව් එ මතකය හිතින් මකන්න අමාරුයි...

    ReplyDelete
  8. මේ බ්ලොග් එකට අද තමයි ඔන්න ගොඩ වඩුනේ ඇත්තටම මේ කතාව එකදිගට කියෙව්වා.ඇත්තටම කතාව ලස්සනයි.ඇත්ත සිදුවිමක් බොහොම ලස්සනට අකුරු කරලා තියන්වා.අදින් පස්සේ මාත් මේ පෑත්තෙ අනිවා එනවා.සුබපෑතුම් මචො...ඩිගටම ලියන්න...

    ReplyDelete
  9. බොහොම ස්තුතියි අසංක මෙ පැත්තෙ ආවට..

    ReplyDelete
  10. ane aiya mama adai mekathawa serama kiyewwa...ekai mechchara late wela comment ekak damme...godak dukai aiya..aththamai as 2ta kandulu awa..meka aththa kathawak nisa duka wadiy... TRUE LOVE NEVER DIE......

    ReplyDelete
  11. හ්ම්....අදයි ආවෙ මේ පැත්තට....

    හිතාගන්න බැහැ මොනව කියන්නද කියල...
    කතාවනම් ඇත්තටම ගොඩක් සංවේදී...ලස්සනයි...

    ReplyDelete
  12. adai me paththata awe.. monawa kiyannada kiyala hitha ganna baha. oyata kawadawath waradina ekak naha aiye...

    ReplyDelete
  13. Awesome but very sad....

    ReplyDelete
  14. එක හුස්මට ඔක්කොම කියෙව්වා :(((

    ReplyDelete
  15. ඇත්ත කතාවක්..? ඔයාද අය්යේ අසංක කියන්නේ...කවියක තිබුණු ලින්ක් එකකින් තමයි ආවේ මේ පැත්තට.ඒ නිසා මට හිතෙනවා මේ ඔයාගේ කතාව තමයි කියලා.ගොඩක් සංවේදී විදියට ලියලා තියෙනවා.really hear felt!
    ආයෙත් මේ ජීවිතේ දී හමු නොවුණාට සංසාරේ හැම භවයකදීම ඔයා‍ට පූජාව මුණ ගැහේවා..

    ReplyDelete
  16. මල්ලී මේක... හ්ම්ම්ම්

    මට මුකුත් කියා ගන්න බෑ....

    ඔයාව මේ වගේ ලස්සන නිර්මාණ කරුවෙක් වුනේ ඔය ලස්සන හදවත නිසා වෙන්න ඇති..

    දුක් වෙේන එපා.. පුජා තවත් ආත්මෙකදි හරි අසංගගේ වෙයි...:)

    ReplyDelete
  17. මාරම දුකය් අය්යේ එක හුස්මට කතාවම කියෙව්වා
    වචන ගලපගන්නත් අමාරුය්
    කියවන්න පටන් ගන්නකොට හිතුවේ නෑ මෙච්චර දුක හිතෙන කතාවක් කියල

    ReplyDelete
  18. adai meka kiyewwe.ane manda?mona kiyannada kiyala hitennene.marama dukai ayya.mama hodatama aduwa meka kiyawala.apita mehemanam mata hita ganna puluwan asanga ayya kochchara duk wenna atida kiyala.me athme pujawa nati unat upadina hama athmekama puja asanga ayyage wenna kiyala prartana karanawa.

    ReplyDelete
  19. අදයි කතාව කියවලා ඉවර කළේ. මට නම් මේක ලස්සන කතාවක්‌ කියන්න බෑ. මට හිතෙනවා අසංග සහ දිනේෂ් කියන්නේ එක ම කෙනා කියලා..
    A walk to remember එක මතක් වුණා..
    පුජා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ ගොඩක් සාර්ථක එකක් කර ගන්න අයියේ! ජය!

    ReplyDelete
  20. එක හුස්මට කතාව කියවගෙන ආවත් කියන්නේ මොනවද කියලවත් දැන්නම් හිතාගන්න බෑ අයියේ...හදවතින් ආදරේ කරපු කෙනෙක් හදවතින් යන්නේ නෑ කවදාවත්.ඒක නිසා ඔයාගේ ආදරේ ලගින්ම ඉදියි.සංසාරයේ කොතනකදි හරි ආයෙමත් ඒ ලස්සන ආදරේ ඔයාට ලැබෙයි.දුක්නොවි ඉන්න කියලා නම් කියන්න බෑ අයි‍යේ ඒත් ඒ ආදරේ වෙනුවෙන් සතුටින් ඉන්න හැමදාම....

    ඔයාගේ හිත වගේම ජිවිතෙත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ...!!

    ReplyDelete
  21. එක හුස්මට කියවගෙන ගියා. තාමත් හිතාගන්න බෑ මුකුත්ම. මාර දුකයි.

    ReplyDelete
  22. එක හුස්මට ඔක්කොම කියෙව්වා ෆට්ට ඈ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්