Saturday, 29 January 2011

නුඹ මට හිමි නැතුවා



රෑ අහසට සද ඇවිදින් තනි තරුව කොහොදැයි ඇහුවා
පිපුන රෝස කුසුම මද පවනින් ඹමරිදු කොහිදැයි ඇහුවා
ගලන ගගුල ගං ඉවුරෙන් සයුර තව දුරදැයි ඇහුවා
මගෙ සිහිනෙට නුඹ ඇවිදින් මට ආදරේදැයි ඇහුවා.

සිහිනයෙ මගේ රැදී ඉන්න නුඹ ආසා බව කීවා
මගෙ මුවගේ රැදුන නම නුඹ වෙන්නම් කීවා
මගෙ පපුවට තුරුලු වී නුඹ සෙනෙහසේ ගීතය කීවා
ලන්ව හිද ආදරෙන් ඉන්නට නුඹ පාරමී පිරු බව කීවා.

සසරේ බැදි පෙම අප හමුවූ දින දැනුනා
මගේ සිතේ නුඹ වෙනුවෙන් පාරමී පිරුනා
නුඹෙ අතිනතගෙන යන දිනයක් ගැන සිතුනා
සිහින අතර නුඹේ සිනා මගෙ මතකයේ රැදුනා.

කදුළු බිදු අරන් වසන්තයෙ දිනයක නුඹ ආවා
හිරු කිරණ වැඩිවී පිපි මල් මැලවෙනු දුටුවා
කඳුළු අතරින් නුඹෙ සිත මට අහිමි බව දුටුවා
අන්සතු  හදක පතිනිය වී නුඹ යන බැවි කීවා.

කඳුළු දී දෙනෙතට නුඹ ඈතක පාවී යනවා
මම තවම එතැනම නුඹ එනතුරු මග බැලුවා
සුළං රැල්ලක් ඇවිදින් දෙනෙත හඬවා යනවා
නුඹ හිමි කර ගන්නට මම පින් කර නැතුවා....

5 comments:

  1. මට මේක මිස් උනේ කොහොමද කියලා මම මේ කල්පනා කොරන්නේ......කතාවක් වගේ ලියලා තියෙන්නේ...කවියෙන් කතා ලියනකොට තියෙන්නේ පුදුම ලස්සනක්.....ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තුතියි රත්ගමයෝ අදහසට..

    ReplyDelete
  3. ම්ම්ම්ම් අපූරුයි

    ReplyDelete
  4. @ Blog Walk on Dew : ස්තුතියි යාළුවා මේ පැත්තට ආවට....

    @ ayesha අක්කා : බොහොම ස්තුතියි හැමදාමත් වගේම..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්