Thursday, 27 January 2011

නුඹ නොකියාම ගිහින්




නුඹ නොකියාම ගිහින්
සිනහව මගෙන් උදුරන්
මට සෙනෙහස පෑව සිතින්
මට වෛර නොකරනු ඉතින්.

නුඹේ සිනා මට අහිමිනම්
අහිතක් නැහැ මම ඉවසන්නම්
නුඹේ සෙනෙහෙන් ඉනූ කඳුළැල්
ලොවට හොරා සගවාගන්නම්.

දුර ඈතක නුඹ වෙන්වී
සුළග වී යයි නම් ඈතට පාවී
හැරී බලනු මොහොතකට නැවතී
නුඹේ සිතත් සුළගට එක්කර එවමී.

කවිය වෙලා පදවැලේ එතේනම්
නුඹෙ මතකය කවි නොකර ඉන්නම්
සිහින ගෙත්තම වී නුඹ හිදීනම්
සිහිනයට මම අවසානය තබන්නම්...

5 comments:

  1. සිහිනයකට අවසානයක් තබන්නට හකිද යාළුවේ?

    ReplyDelete
  2. හීනෙන්වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි....

    ReplyDelete
  3. "කවිය වෙලා පදවැලේ එතේනම්
    නුඹෙ මතකය කවි නොකර ඉන්නම්"
    ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. ස්තුතියි සයුරු සහ සුළගට.........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්