Tuesday, 28 December 2010

අම්මා

                                            "අම්මා".. මේ ලොකේ මොන භාශාවකින් කතා කලත් අපිට ඇහෙන අපේ හිතට දැනෙන ලස්සනම වචනය අම්මා.... මවකගේ ආදරය ලබන්න අපි හැමෝම වාසනාවන්ත වෙන්න ඔන... 

                        මම දැන් කියන්න යන්නේ මීට හාත් පසින්ම විරුද්ධ පැත්ත ගැන... පහුගිය දවස් වල අපි හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලින් දැක්කා ඉපදුන ගමන් තමන්ගේ පුන්චි දරුවව මරන්න උත්සාහ කරපු, මහ මග දාල ගිය අහින්සක දරුවො ගැන... එවට හේතුන් මොනවා උනත් අර මහ මග දාල යන දරුවන්ගේ අනාගතය මොනවගේ වේවිද කියල ඒ අම්මලා පොඩ්ඩක් වත් හිතන්න ඇතිද?? එහෙම දාල ගිය පුන්චි ළමයි පාරවල් ගානෙ අනුන්ට අතපාලා ජීවත් වෙනවා අපිත් ඕන තරම් දැකල ඇති...  

                                  අපිට අපි පුන්චි කාලේ ඉදන් තාමත් අපේ අම්මා තාත්තගේ ආදරය ලැබෙනවා... ඒත් මේ පාරවල් වල දුක් විදින දරුවන්ට කාගේ පිහිටක්ද???




දස මාසයක් රැදී නුඹෙ කුසේ
ආදරයෙන් මා සුරැකූ අම්මේ
ඉපදුන දාම නොසිතු විලස
කිමදා මා මෙසේ හැර ගියේ.

දකින්නට මේ සොදුරු ලෝකය
නුඹේ උණුසුමේ සැගවී
මං කල පින් මදි උනිද අද
මෙලෙස නුඹ මා හැර ගියේ

කාත් කවුරුත් නොඑන මානෙක
මා තනි කර නුඹ නික්මුන දිනේ
නුඹට ඇසුනිද මා හඩනා හඩ
නුඹේ උණුසුම අවැසි වී.

දෙවියන් ඇවිදින් මාව අරගෙන
ජීවිතේ දෙන්නට දරන දුක දැක
මගෙන් නුඹට උන වරද ගැන
සිතුවෙමි මම වීදුරු කුටිය තුල.

වැදූ මවයි නුඹ මගේ උණුසුම හදුනන
නුඹට මතකනම් මේ අහිංසක පුතුව
එන්න දවසක මා රැගෙන යන්න
අහිතක් නැහැ මා මග හැර ගියාට...

3 comments:

  1. ඒ වගේ දේවල් කරන අම්මලත් අද ලෝකයේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් දුකක්. හදන්න බැරි නම් වදන්නෙ නැතුව ඉන්න එක ගොඩක් හොදයි.

    මගේ මේ පලමු පැමිනීම. දිගටම ලියන්න.

    ජය වේවා

    ReplyDelete
  2. එහෙම අයට අම්මල කියන එක වැරදියි.ඔවුන් දරුවන් බිහිකරණ ගැහැණුන් පමණයි.

    දිගටම ලියන්න.

    ජය වේවා

    ReplyDelete
  3. අම්මා කෙනෙක් කියන්නේ කොච්චර උතුම් කෙනෙක්ද? ඒත් මේ වගේ අම්මලා කොච්චර පව් කාරයොද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්