Wednesday, 17 November 2010

නුඹ තාමත් ආවේ නැහැ



හිරුත් අවරට ගිහින්
දම් පාට හැන්දැවේ
මුහුදු රෑල්ලත් මලානික වී
ඇදෙයි වෙරළට හෙමින්.

ළිහිනින් නෑ ඈත අහසේ
ගොම්මන් වි මුහුදු වෙරළේ
සද කිරණත් නැහැ පෙනෙන්නේ
වසන් වී ඝණ වළාවකට අහසේ.

පහන් කණුවේ ආලෝකය ලග
නැහැ සිත මගෙ තව රෑදුනේ
වැලි කෙළියේ උන් පුන්චි එවුන් ටික
යයි සැගවී මවුපිය තුරුලේ.

කාලය ගෙවුනා මටත් නොදෑනිම
වෙරළට ඈවිදින් නුඹ දෑක ගන්නට
ඒත් නුඹ තාමත් ආවේ නැහැ
වෙරළේ තනි වෙන්න වෙනදා වගේම.

තව මොහොතක් දෙකක්
බලා නොඉද නුඹ දැකගන්නට
යන්නේද නොයන්නේද මම
සිතමින් දෙගිඩියාවෙන් මගෙ සිත.

කෙලෙස හෝ අද නුඹ ලගට වී
හිත පුරාවටම ඇදුන මගේ ආදරය
කියන්න පෙරුම පුරාන උන් හිත
නැවතිලා නොදැක නුඹෙ දෑස.

8 comments:

  1. දුක්බරයි..ඒත් හරිම ලස්සනට ලියලා තියනවා..

    ReplyDelete
  2. ස්තුතියි දිලු අක්කේ හැමදාම වගේම..

    ReplyDelete
  3. බොහොම ස්තුතියි ප්‍රාර්ථනා අක්කේ කමෙන්ට් එකට...

    ReplyDelete
  4. වෙනදා වගේම ලස්සනට ලියල තියනවා.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. බොහොම ස්තුතියි සුළග ඔබෙ අදහසට...

    ReplyDelete
  6. ඉදල හිටල එන්න බැරි වෙනව නේ මල්ලි. පුංචි පුංචි වැඩ ඇති එයාට... කෝල් එකක් දීලා බලන්න... ගෙදරින් වලිද දන්නෙත් නැහැ නේද? දුක් වෙන්න එපා... අන්න අන්න ..අර පේනව මට නම් ඇය ඈත එනවා... ඔන්න අපි ගියා.. දැන් එයා එනව නේ...

    ReplyDelete
  7. ඇත්තටම අයෙත් මට ඒ ලස්සන මුහුණ දකින්න පුළුන්නම්.... එක මොහොතක් නෙමෙයි මුළු ජීවිතෙම උනත් බලන් ඉන්න පුළුවන්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්