Tuesday, 9 November 2010

දුටුවොතින් නුඹේ නෙත් අග කදුළ



කණාමැදිරි එළි ඇහිදින
බිත්ති හතරක් අතර
දුමාරයෙන් වෑසී ගිය
ඹමරුන්ගේ ගුහාවක.

ඹමන මතින් උදම් වී
මේ අත වැනෙන
ඹමරුන්ට මෑදි උන
රෝස මලක් නුඹ ලස්සන.

කිලිටි වුවන්ගේ අත්වල
ස්පර්ශයට බිය උන
මදුව්ත අරන් යන
මලකි නුඹ හැඩකාර.

අන්ධ වු රාත්‍රියක 
මදුවිත තොල ගෑ උන් ලග
පිවිතුරු කැකුළක්ව නුඹ
ජීවන බර උසුලන.

පාපතර ඇස් වල
උකුසු බෑල්මට අසු උන
නුඹේ නෙත් අග කදුළ
දුටුවොතින් උන් අද.

ඔය මලානික සිනහව ලග
යට උන නුඹේ ලෝකය
සානුකම්පිත හිත්වලින්
කියවාවි උන් හෙට..

8 comments:

  1. සත්තකින්ම හරිම ලස්සනයි...

    ReplyDelete
  2. ම්ම්... මේ කියවෙන්නෙ අමරසිරි පීරිස් ගායකයන්ගේ "ළඳුනේ" ගීතයේ වගේ ළඳක් ගැන නේද..?
    ලස්සනට ගලපලා තියනවා.. හරිම නිර්මාණාත්මකයි
    අපි කොහොමද කෙනෙක් දිහාවට ඇඟිල්ල ගික් කරලා එයාව කොන් කරන්නේ.. ඇත්ත ඒකයි.

    ReplyDelete
  3. http://lankablogger.info Ma syndi Oyga Blog add karnna anna Blog Kiyvanna

    ReplyDelete
  4. බොහොම ස්තුතියි දිලු අක්කේ...

    ReplyDelete
  5. ප්‍රර්ථනා අක්කේ...ඔව් මෙක අමරසිරි පීරිස් මහතාගේ "ළදුනේ" ගීතයට සමානයි... සමහර විට අපි මේ අයව සමාජයේ වෙන් කරල බලන්න පුරුදුවෙලා තියෙනවා...

    නමුත් මම මේ ලිව්වේ තම්න්ගේ ජීවිතේ අසරණ කමට බාර් වලට වැඩ කලත් තමන්ගේ ආත්මය නොවිකුනා ඉන්න අහින්සක කාන්තාවන් ගෑන...ඒකයි මම ලිවුවේ "පිවිතුරු කැකුළක්ව නුඹ ජීවන බර උසුලන"

    බොහොම ස්තුතියි කමෙන්ට් එකට..

    ReplyDelete
  6. මල්ලී, ඔයා ලියන කවි හරිම අර්ථාන්විතයි. ඒ වගේම හොඳට ලියන්න පුළුවන්. දිගටම ලියන්න. සුබපැතුම් !!!
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. බොහොම ස්තුතියි අක්කේ....

    ReplyDelete
  8. ඇත්තටම ගොඩක් ලස්සනයි නිර්මාණය.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්