Friday, 29 October 2010

සිරගත නොවුන මගේ සිතුවිල්ල




අගුළු  දැමු විසල් දොරටු ලග
දෙපයේ සිරවු විලන්ගු යුගල මත
සිරගත නොවුන මගේ සිතුවිල්ල
කවි කරමි මම නුඹට ඈසෙන්නට.

කවුළුවෙන් එහා ලෝකය
එබිකම් කරන හිරු රෑස් අතර
දුහුවිල්ලක් තරමටටම නොසැලකුව
සිරකරුවෙකුද මම නුඹ වෛර කරන.

යකඩ කුරු අතර ගෑටෙන
ඉදහිට ඈහෙන බැටන් පොළු හඩ
අපේ සුසුම් හඩ තරමටම
දොන්කාර නොදෙන අරුමය.

බෙලෙක් පිගානේ බත් පත
දකින හෑම මොහොතකම
නුඹේ අතින් බත් කටක් කන්න
එන්න හිතෙනවා අම්මේ මට.

දුප්පත් කමට උන වරදට
හන්වඩු  ගැහුවා උන් ජිවිත කාලයටම
දිනෙක නිදහස ලබා ආවද
ගැලවේවිද මට උන් බෑදි නම.

වැරදි කල උන් නිදැල්ලේ
දිවි ගෙවනවා සුදනන් වගේ
අපටම විතරද සිරගෙය උරුම උනේ
කාසි බලෙන් නීතිය යට උන දිනේ...

6 comments:

  1. ඔබ හරි...

    සිතුවිලි කවදා කෙදිනක වත් සිරගත කළ නොහැක.

    සිතුවිලි වලට පියඹන්න ඉඩ දෙන්න...
    එවිට නුඹ තනි නොවනු ඇත.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අක්කෙ......

    ReplyDelete
  3. අයුක්තිය අසාධාරණය පිරුන ලොකයේ කොතනක හෝ මුල්ලක යුක්තිය අති. දෑස් අයා බලා සිටිමු. දිනෙක එය ලබෙනවාමයි සහොදරයා.

    ඒත් මතකේ තියාගමු අපි තාවකලික ලැගුම් කරුවන් බව...

    ReplyDelete
  4. එක ඇත්ත සහොදරයා.... සත්‍ය කවදා හරි ජයගන්නවා.....

    ReplyDelete
  5. හැමදාමත් අළුත් දේ ලියන ඔබ මෙවරත් වැදගත් තේමාවක් ලියලා...සුබ පැතුමි!

    ReplyDelete
  6. බොහොම ස්තුතියි දිලු අක්කෙ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්