Wednesday, 27 October 2010

ජීවිතය පමනක් ඈයි හෑර ගියේ




අහේතුවකට වෑටුන වෑස්සක්
සෝදා ගෙන ගියා තිබුන සන්තකයක්
වෑසි දෙවියන් නපුරු වෙලා කල විපතක්
අරගෙන ගිහින් අසරණ ජීවිත ගනනක්.

සුවිසල් මන්දිර නෑත අපට තිබුනේ
ගත වෙහෙසලයි අපි හෑම රෑකුනේ
පුංචි එවුන් තාම අහින්සකයි දෙවියනේ
ඈයි අරගෙන ගියේ මහ රළ සමගිනේ.

මුඩුක්කු පේලියේ ලෑලි ගෙවල් අතරේ
නිදාසිටි උන් නොදරුවන් තුරුලේ
කොහි සෑගවුනාද මහ රෑ කරුවලේ
දිය කදට කුරිරුව මහ වෑස්සේ.

කිරට අඩන පොඩි උන්ගේ විලාප අතරේ
අවතෑන් කදඋරකට අපෙ ලෝකය කොටු උනේ
සන්තකයම උදුරාගෙන ගිය හෝරා කීපයේ
නෑතිවෙන්නට ජීවිතය පමනක් ඈයි  හෑර ගියේ..

6 comments:

  1. අමතක කරන්න බැරි දෙයක්......රත්ගමයත් විදපු සිදුවීමක්.......

    ReplyDelete
  2. හැමදාමත් වගේ වෙනස් තේමාවන් යටතේ ලියන ඔබට... තවත් ශක්තිය ලැ‍බෙවා!
    ලස්සන පද ගැලපීමක්.

    ReplyDelete
  3. රත්ගමයා මල්ලියෙ.... එ අමිහිරි මතකය මන් නිසා අයෙත් මතක් උනානම් මට සමාවෙයන්....

    ReplyDelete
  4. දිලු අක්ක බොහොම ස්තුතියි හැමදාම දෙන සහයොගයට...

    ReplyDelete
  5. මමත් ලබල තියෙන අත්දැකීමක්... මාතර නිලවලා ඟග පාමුල..

    ReplyDelete
  6. ඇත්ත අක්කෙ... අපි හැමොටම අමතක කරන්න බැරි මතකයක්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්