Tuesday, 23 February 2016

ෆ්‍රැන්කන්ස්ටයින්, හුදෙක් මිත්‍යාවක් පමණක්මද?



ෆ්‍රැන්කන්ස්ටයින් ගැන නොදන්නා කෙනෙන් නැතිව ඇතියි කියලා මම විශ්වාස කරනවා. ඒ, ලොව ප්‍රචලිත වුන නව කතාව කියවූ අය නැතත් ෆ්‍රැන්කන්ස්ටයින් ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටි අතරින් එකක් හෝ මෙය කියවන ඔබ අනිවාර්යෙනම නරඹා ඇති. ඇත්තටම ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ කවුද? ඔබ මම දන්නා දේ තමයි ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ අරුම පුදුම විද්යාඥයකුගේ විශ්මිත නිමැයුමක් කියන එක. මිනිසා විසින් තව කෙනෙකුට ජීවයක් ලබා දෙන්න කරපු ඒ අද්වීතීය සොයා ගැන්ම.

ෆ්‍රැන්කන්ස්ටයින් මේ ලෝකයට එන්නේ මේරි ගොඩ්වින් ශැරල් විසින්
මේරි ශැරල්
1816ත් 1817ත් අතර කාල වකවානුවේ ලියවුන නවකතාවක් තුලින්. ඒ කියන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ 21ක් හැවරදි තරුණියක් වන මේරි ශැරල්ගේ හිතේ මැවුන එක් චරිතයක් විතරක්මද? ඇය විසින් ලියන ලද නව කතාවේ සදහන් වන ආකාරයට වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කියන විද්යාඥ
යා තමයි මිනිස් ශරීර අවයව කොටස් එකතු කරලා විද්‍යා දැනුනම තුලින් පණ උපද්දවන මේ මිනිසාට ෆ්‍රැන්කන්ස්ටයින් කියන නම දෙන්නේ. මේ අරුම පුදුම විද්යාඥ
යා ඇගේ හිතේ මැවුන හිතලුවක්ද, එහෙමත් නැත්නම් ඇයට ඇගේ මේ නවකතාවට පසුබිම සපයන්න විද්යාඥයෙක් ඇය දැනන් හිටියද?

***

1803 ජනවාරි 07 වන දින ජෝර්ජ් ෆොස්‍ටර් ලන්ඩනයේ නිව්ගේට් බන්ධනාගාරයේ තමන්ට විරුද්ධව තිබූ නඩුවේ අවසන් තීරණය වූ මරණ දඬුවම ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. ඒ තමන්ගේ බිරිද හා දරුවන් දෙදෙනා මරා දැමුවාය කියන චෝදනාවට. කෙසේ නමුත් ඔහු තරයේ කියා සිටියේ තම බිරිදගේ හා දරුවන්ගේ මරණයන්ට ඔහුගේ සම්බණ්දයක් නොමැති බවයි. නමුත් ඔහුගේ බීමත් කම හා පවුල තුල වූ ප්‍රශ්ණ නිසා අවසානයේ තීන්දුව ඔහුට විරුද්ධව සටහන් වුනා. නමුත් ඔහුට ලැබුන දඬුවමේ තරම විශේෂත්වයක් තිබුනා. ඒ එල්ලා මරා දැමිමට අමතරව ඔහුගේ සිරුර කොටස් වලට වෙන් කරන ලෙසයි. එසේ කිරීමේ අරමුණ වුනේ යලිත් එවන් අපරාධයකට කෙනකු යොමූ වීම වැලැක්වීමයි.

ජෝර්ජ් ෆොස්ටර් ඔහුගේ අවසන් මිනිත්තු කීපය ගත කලේ බියෙන් තැති ගැන්මෙන්. ඒ ඔහුගේ මරණය අනිත් හැම මරණ දඬුවමකටම වඩා වෙනස් වෙන නිසා. නමුත් ෆොස්ටර්ට වඩා අනිත් හැම කෙනෙක්ම මේ දඬුවම දිහා බලාගෙන හිටියේ බොහොම උනන්දුවකින්. 1803 ජනවාරි 17 ඒ අවසන් මිනිත්තු කීපය ගෙවිලා ගියා.

ජෝර්ජ් ෆොස්ටර්ගේ කොටස් වලට වෙන් කරල නල මළ සිරුර ලැබෙන්නේ ඉතාලි ජාතික වෛද්‍ය සිසුවෙකුට. ඔහු නමින් ජොවන්නි අල්දීනි. ඔහු වෛද්‍ය විද්‍යාල‍යේ තම මිතුරන් අතර ජනප්‍රිය වී සිටි අයෙක්. අනික් හැම කෙනෙක්ම ඔහුට පැවසුවේ පරිපූර්ණ මළ සිරුරක් ලැබුනොත්
ජොවන්නී අල්දීනි
ඔහු ඒකට පණ දෙන්න උත්සාහ කරාවි ලෙසිනි. තම මිත්‍රයන් තමන්ගේ මේ යලි පණ දීමේ අදහස එක හෙලාම ප්‍රතික්ශේප කරන බව ඔහු දැනන් හිටියා. මේ අදහස ඔහුට ආවේ ඉබේම නෙමෙයි. ඉතාලියේ බොලොන්යා නගරයේ බොලොන්ය සරසවියේ දක්ශ වෛද්‍ය වරයෙක් හා විද්යාඥයෙක් වූ ලුයිජී ජොවන්නී ගේ බෑනා කෙනෙක් තමයි ජොවන්නී අල්දීනි. ඔහුගේ මාමා එහෙමත් නැත්නම් ලුයිජී ජොවන්නි කාලයක් පුරාම විද්යුත් සම්ප්‍රේශ්ණය මගින් විවිධ වූ සතුන්ට යලි පණ ලබා දීමේ පර්යේෂණ වල යෙදි සිටි අයෙක්.

දශකයකටත් වැඩි කාලයක් ලුයිජී මැරුණ ගෙම්බන්ගේ ශරීර කොටස් අද්‍යනය කරමින් මියගිය සිරුරට යලි පණ දීම ගැන අධ්‍යනය කරලා තියෙනවා. ඔහු මෙහිදී වඩා අවධානය යොමු කරලා තියෙන්නේ ගෙම්බන්ගේ පාදයන්ට විදුලිය ස්පර්ශ කල විට එය යම් සෙලවීමකට ලක් වන බවත්, ලෝහමය කැබලි ශරීර කොටස් හා මුසු කිරීම මගින් හිසේ සිට පාදය දක්ව විදුලිය ධාවනය කල හැකි බවත්ය. මෙය නිසි ආකාරයෙන් සිදු වුනොත් ජීවය ලබා දීම කල හැකි බව ඔහුගේ විශ්වාසය වුනා.

නමුත් ලුයිජිගේ මරණය තෙක්ම ඔහුට ඔහුගේ පරීක්ශණයේ අවසන් ප්‍රතිඵලයක් දැක ගන්න බැරි වෙනවා. තම මාමා වගේම වෛද්‍ය විද්‍යාව ගැන උනන්දු වුන ජොවන්නී, ලුයිජිගේ පර්යේශ‍යනයන් තව පියවරක් ඉදිරියට ගෙන යනවා. ඒ ඌරන්, ගවයන් හා බැටළුවන්ට විද්‍යුතය සම්ප්‍රේශණය කිරීමෙන්. ඒ තුලින් යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් ඔහු ඒ ගැන සෑහීමකට පත් වුනේ නෑ. ඔහුට වුවමනා වුනා මේ පර්යේශණය සදහා මිනිස් සිරුරක් ලබා ගන්න. ඔහුගේ ඊලග ඉලක්කය වුනේ මරණ දඬුවම ලැබෙන තුරු බලා සිටින සිරකරුවන්. බොලොන්යා වල මරණ දඩුවම වුනේ හිස ගසා දමීමයි. ඒ නිසා ජොවන්නී කලේ බොලොන්යා වල පියස්ස මජෝරේහි සැගවී හිද එලෙස මරා දැමු අයගේ සිරුරු සොයා ගැනීමයි. නමුත් මෙය අසාර්ථක වූයේ ඔහුට මළකඳන් සමගින් හිස හමු නොවීමත්, එසේ නොමැති වීමෙන් සිරුරට යලි පණ දීම කල නොහැක්කක් වූ නිසාවෙනි.

නමුත් ජෝර්ජ් ෆොස්ටර්ගේ මණණය ඊට වඩා වෙනස් එකක් වුනා. ඒ ජොවන්නී එංගලන්තයේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලය නිසාම එල්ලා මැරීමෙන් පසු කොටස් වලට වෙන් කරනු ලැබූ සම්පූර්ණ සිරුර විද්‍යාලයට ලැබුනේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන්. රාජකීය වෛද්‍ය විද්‍යාලයට ලැබුන ෆොස්ටර්ගේ සිරුරට ඉස්සෙල්ලම අවධානය යොමු කලේ ජොවන්නී. ඔහු මුලින්ම කලේ ෆොස්ටර්ගේ දෙපා, අත්, පපුව හා නළලට ඉලෙක්ට්‍රෝඩ අමුණා සවි කිරීමයි. ජොවන්නී තම යන්ත්‍ර ක්‍රියාත්මක කර ලීය. පළමු උත්සාහයේදීම මියගිය ෆොස්ටර්ගේ හකු සෙලවුන අතර යාබද මාංශපේශීන් චලනයටත් ඔහුගේ වම් ඇස විවර වීමත් සිදු විය.

ජොවන්නීගේ මේ ක්‍රියාව දෙස බලාසිටි බොහෝ දෙනකුට මෙය හැඟූනේ ෆොස්ටර්ගේ සිරුර මත ජීවය යලි උපදින දර්ශණයක් විලසිනි. ජොවන්නී ඔහුගේ උත්සාහ පැය කීපයක් පුරාවටම පවත්වාගෙන ගියත් එය අතර මග නතරවන්නේ ඔහු ෆොස්ටර්ගේ සිරුරට ඉලෙක්‍ට්‍රෝඩ ලබා දුන් උපකරණ වල බැටරිය නිමා වීම නිසාවෙනි. ෆොස්ටර්ගේ සිරුර තුල වු බොහෝ විපර්යාසයන් මෙන්ම චලනයන් ඒ මොහොතේම නතර විනි.

ජොවන්නී අල්දීනිගේ මේ පරික්ශණය මුළු ලන්ඩනය පුරාවටම ඉතාමත්ම වේගයෙන් ප්‍රචලිත වෙලා යනවා. නමුත් ජොවන්නී ලන්ඩය හැර යන්න තීරණය කරන්නේ තම අසාර්ථක වූ පරීක්ශණයේ වැරද්ද ක්‍රියා විරහිත වූ බැටරිය මතට පටවමින්.

***

ජොවන්නී අල්දීනිගේ මේ විශ්මිත පර්ක්ෂණය ඇසින් දුටුවක් තමයි ඇන්තනි කැර්ලීසෙල්. කැර්ලිනීස් ඔහු අත්විදි මේ අපූර්ව අත්දැකීම ගැන ඔහුගේ සමීපතමයින් සමග අදහස් හුවමාරු කර ගන්න බොහෝ උනන්දු වුනා. ඔහු එලෙස අදහස් හුවමාරු කර ගත් සමීපයෙන් වූයේ විලියම් ගොඩ්වින්. ඔහුගේ දියණිය මේරි තම අනෙක් සහෝදරයන් හා එක්ව මේ අපූර්ව කතා අසා ඉදීමට ආශා කලා. එය ඇගේ දෙමවුපියන් තහනම් කර තිබුනත් ඇය ඒවාට සවන් දුන්නේ රහසින්.

ජේම්ස් ෆොස්ටර්ගේ සිරුරේ සිදුවූ චලනයන්, ඔහුගේ විවර උන ඇස, යලි පණක් ලබා ක්‍රියාත්මක වූ ඔහුගේ අත් ගැන බොහෝ අපූරු විස්තර කැර්ලීසෙල්ගේ මුවින් පිටවුනා. අල්දීනිගේ විදුලි උපකරණ හා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන වූ විස්තරත් ඒ අතර වුනා. සැබැවින්ම කැර්ලිස් ඔහුගේ ඒ විස්තර කිරීම තුල අමරණිය බව ගැන ඔවුන් එදා අත්විදි දේ තුලින් විස්තර කලාද? එහෙමත් නැත්නම් විද්‍යාත්මක දැනුම තුලින් ස්භාව ධර්මයේ නියාමයන්ට අභියෝග කල හැකි බව ඔහුගේ ඒ විස්තර කිරීම් තුලින් කියවුනාද?

කැර්ලීස්ගෙන් එම ප්‍රශ්ණ කිසිවෙක් ඇසූ බවට සාක්ෂි නැතත්, ජොවන්නී අල්දීනි ලන්ඩනය හැර යාමෙන් පසුව ඒ ගැන උනන්දු වූ බවක් සදහන් වුනේ නැතත්, ඒ ගැන උනන්දු වූ එක් කෙනෙක් හිටියා. ඒ තමයි විලියම් ගොඩ්වින්ගේ නිවසේ ඉදන් මේ කතා අහගෙන හිටිය මේරි. මේ සිදුවිමෙන් වසර කීපයකට පසුව මේරි ඇගේ නවකතාව තුලින් අල්දීනිගේ පරීක්ෂණයන් තම මනසින් ඉදිරියට අරගෙන යනවා. මේරි ගොඩ්වින් ශැරලි, ජොවන්නී අල්දීනි වෙනුවට තම පරීක්ෂණය ජයගත් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ චරිතය ඇගේ නව කතාව තුල නිරූපණය කරනවා. ඔවුන් දෙදෙනාටම තිබුනේ විද්‍යාව තුල නව මං පෙත් සොයා යාමේ උනන්දුවක්. ඔවුන් දෙදෙනාම කලේ විද්‍යාව තුල තහනම් වූ දැනුම ඉදිරියට ගෙන ඒමට උත්සාහ ගැනීමයි. ඒ නිසාම මේරි නිර්මානය කල ෆ්‍රැන්කන්ස්ටයින් මෙන්ම සැබෑ ලෝකයේ ජීවත් වූ ජොවන්නී අල්දීනි බොහෝ දුරට එක සමාන වෙනවා. එකම වෙනස නම් ජොවන්නී මෙන් නොව තම අරමුණ තුල සාර්ථක වන චරිතයක් වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් අවසානයේ තම ක්‍රියාවන් සදහා වන්දී ගෙවන්නකු වීමයි.

***

කෙසේ නමුත් ලන්ඩනය හැර යන ජොවන්නී අල්දීනි ගැන කිසිම විදිහකින් තොරතුරක් ඉතිහාසයේ වාර්ථා වන්නේ නැහැ. එහෙනම් ඔහු රහසිගතව හිද තම අසාර්ථක වූ අරමුණ ඉටුකර ගත්තාද? සැබෑවටම විද්‍යාවෙන් පණ දුන් ෆ්‍රැන්කන්ස්ටයින් කෙනෙකු ඔහු නිර්මාණය කරාද? එසේ වීනම්, ෆ්‍රැන්කස්ටයින් අදටත් මේ ලෝකයේ කොතැනකට හෝ ජීවත් වනවාද?





Tuesday, 16 February 2016

නළඟනකට සැමියෙක්ව



පඩි පෙල නගිද්දිම කාමරයෙන් නැඟුන කෙඳිරිලි හඬ වඩා හොදින් ඇහෙන්න වුනා. පියවරක් පියවරක් ගානේ ඒ හඬ තව තවත් තීව්‍ර වුනා. ඒක ආශාවන් මත් වුන කෑ ගැහිල්ලක් කියන එක තේරුම් ගන්න ඒ හැටි අපහසු වුනේ නැහැ. ඇය ඉන්නේ වින්දනයේ උපරිමයේ කියන එක හොදටම විශ්වාසයි. මම ඇගේ හඬ අහුන කාමරය දිහාවට ඇවිදගෙන ගියා.

කැමරා, විදුලි ආලෝක හා ඒවා මෙහෙයවන තව හය හත් දෙනෙක් අතරේ ඇය තවෙකෙකු හා සයනයේ ආලිංගනයේ යෙදිලා හිටියා. හැමෝගෙම ඇස් තිබුනේ ඔවුන් දිහාවට. ඇය දිහාවට කිවුවොත් වැඩියෙන් නිවැරදියි. ඒ සරාගී සිරුර වගේම වින්දනයේ උපරිමයට ලං වෙමින් තිබුන ඒ ඇස් දිහා හැමෝම බලාගෙන හිටියා. ඇගේ සිරුර මත දඟලන ඔහු හිටියේ අවස්ථාවෙන් හැකි තරම් ප්‍රයෝජන ගනිමින්.

ඇගේ කෙඳිරිල්ල වගේම ඔහුගේ දැගලිල්ලත් එක ලෙසම තීව්‍ර වෙලා මදකට හැම දේම නොසොල්මන් වෙලා ගියා. හතිලන ඔවුන් අතරේ විනාඩි දෙක තුනක් ඇදිලා ගිය හාදුව දර්ශණයේ කොටසක්මද එහෙමත් නැත්නම් ඔවුන්ගේම ඕනකමට සිද්ද වුන දෙයක්ද කියලා නොදන්නවා වුනත් කැමරාව තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුනා.

" ගුඩ් ශොට්, මිශෙල්."  කැමරාකරු ඕනවත්  වැඩියෙන් ඇයව වර්ණනා කලා.

" තෑන්ක්ස්."

යහනෙන් බැස්ස ඇයගේ නිරුවත්, දහඬියෙන් තෙමී ගිය සිරුර තවමත් නිමා නොතිබුන විදුළි ආලෝක වල එළි වලට බැබළිලා පෙනුනා. ඇයට කොහොමත් තිබුනේ ලතින් ඇමරිකානු උරුවක් නිසා පිරිපුන් සිරුරත් එක්ක ඒ දැකුම ඕන කෙනෙකුගේ හැඟීම් උපදවන්න සමත්. හැම දෙයක්ම නිමා වෙලා තිබුනා වුනත් හැමෝම බලාගෙන හිටියේ ඒ දිහා. කොටින්ම ඇය එක්ක රංගනයේ යෙදුන ඔහු පවා.

ඇය කෙලින්ම ඇවිද ගෙන ආවේ මං හිටිය දිහාවට. ඇගේ නිරුවත ගැනවත්, හැමෝම ඒ දිහා බලාගෙන ඉන්න බවවත් ඇයට ගානක් තිබුනේ නෑ. පුරුදු විදිහටම මගේ අතේ තිබුනේ ඇය ප්‍රිය කරන කෝපි කෝප්පය. ඇස් වලින් මට ස්තූති කරන අතරේ කෝපි කෝප්පයත් අරන් ඇය ඇවිද ගියේ ඇය වෙනුවෙන් වෙලා තිබුන කාමරයට.

***

" ඇයි මාව බඳින්න හිතුවේ?"

ඇය එක පාරම මගෙන් ඇහුවා. ඒ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සේ. මේ ප්‍රශ්ණෙට කීප වතාවක්ම ඇයට මම උත්තර දීලා තිබුන නිසාම අදත් පුරුදු උත්තරේම මම දුන්නා.

" මම ඔයාට ආදරේ නිසා."

" එච්චරද?"

වෙනදට ඒ කතාබහ එතනින් නැවතුනත් අද ඇයට තවත් ප්‍රශ්ණයක්. ඒත් ඒකට උත්තරයක් මම දන්නවද? ඇය මේ තැන තෝර ගන්න කලින් ඉදන්ම මම ආදරේ කරා කියන එක ඇයට අමුතු දෙයක් නොවුනත් හදිස්සියේ අහපු ප්‍රශ්ණය මගේ හිත මොහොතකින් අවුල් කරලා දැම්මා.

" මොනවද කල්පනා කරන්නේ?"

" මුකුත් නැහැ."

ඒ කතාව මඟ අරිනවා තරම් විසදුමක් ඒ වෙලාවේ අපි දෙන්නටම තිබුනේ නැහැ. ඇයටත් ඒක තේරුම් ගිය නිසාමද කොහේද තව ට්කක් මගේ ලගට තුරුළු වුනේ. මමත් ඇයව නිදහසේ තුරුළු කර ගත්තේ නිහැඬියාව ඒ වෙලාවේ හොදම දේ කියලා හිතට දැනුන නිසා.

***

සුපුරුදු විදිහටම ඇය ආස කරපු කෝපි කෝප්පයත් එක්ක මම ඇය එනකන් බලාගෙන හිටියා. කෙඳිරිලි, දිගු සුසුම් බොහෝමයක් අවසානයේ ඇය යහනින් බැහැලා මම හිටිය දිහාට ඇවිදන් ආවේ ඇය ඉන්නේ නිරුවතින් කියලා ගානක් වත් නැතුව. එක අතකට දැන් ඒකේ තියෙන අමුත්ත මොකද්ද?

" මයිකල්, යු ආර් වෙරි ලකී මෑන්."

ඇය පසුපසින්ම ඈ වගේම නිරුවතින් දුවන් ආපු ඔහු මට සුබ පැතුවේ ඇත්තටමද, එහෙමත් නැත්නම් උපහසෙටද කියලා එක පාරම මට තේරුම් ගන්න බැරි වුනා. මම බොරු කෙටි සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වුවා.

" තෑන්ක්ස්."

ඔහුත් ඇය පසුපසින්ම ඇවිදන් ගියේ එකම කාමරයට. ඇයට ඇදුම් මාරු කරන් එන්න වෙනදට වැඩිය වෙලාවක් යන්නේ ඇයි කියලා සැරින් සැරේ හිතට දැනෙන්න වුනේ මම ඇරෙන්න අනික් හැම දෙනෙක්ම එතනින් පිට වෙලා ගිහින් තිබුන නිසා. මම හෙමීට ලං වුනේ ඇයට වෙන් වුන කාමරය ලගට. ඇය ඔහුත් එක්ක මේසය මත කෙටි ආලිංගනයක්.

" හෝප් යූ ඩෝන්ට් මයින්ඩ්, මේට්."

***

" ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නනම් එහෙම දේවල් වලට ඉඩ දෙන්න ඕන."

ඇය අනික් දවස් වලට වැඩියෙන් මාව සතුටු කරලා මගේ ලග තුරුළු වෙලා ඉන්න අතරේ හෙමීට කතාව පටන් ගත්තා. ශූටින් එකේදිත් වෙන්නේ එකම දේ නේද කියලා මට ඇගෙන් අහන්න හිතුනත් මම ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. පහුගිය මාස හතරට ඇය හුඟක් වෙනස් වෙලා ගිහින්. භාහිරින් වගේම යහනෙදිත් ඇගේ ඒ වෙනස හොදින්ම පේනවා.

" ඇයි මාව බඳින්න හිතුනේ?"

සුපුරුදු ප්‍රශ්ණයම. ඇය හිටියේ මගේ පපුව උඩ ඔළුව තියාගෙන. ඇය කතා කලේ මගේ දිහා බලන්නෙවත් නැතුව නිසා බොරුවක් කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැමදාම වගේ ආදරේ නිසා කියලා මඟ අරින්න පුළුවන් ප්‍රශ්ණයක්.

" මම ඔයාට කැමති නිසා."

ඇය ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ මගේ උත්තරේ වෙනස නිසාද, එහෙම නැත්නම් මගේ වෙනස නිසාද කියලා මට හිතාගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් ඇය ටිකක් වෙලා නිහඬවම හිටියා.

" කැමති මේ නිසාද?"

ඇය ඒ වතාවේ ප්‍රශ්ණය ඇහුවේ මගේ ඇස් වලට එබෙන ගමන්. කලින් වගේ හිතේ හැටියට බොරුවක් කියලා මඟ ඇරලා ඉන්න පුළුවන් කමක් ඒ වතාවේ තිබුනේ නැහැ.

" ඒකත් එකක්."

***

තරමක් අඳුරු වෙලා තිබුන කොරිඩෝවක් දිගේ මම ඇවිදගෙන ගියා. කාමර කීපයක්ම පහු උනත් ඒ හැම එකක්ම තිබුනේ වහලා දාලා. ටිකක් එහායින් තිබුන කාමරේ විදුළි එලි දොර අතරින් පිටතට වැටිලා තිබුනා. මම ඇවිදන් ගියේ ඒ දිහාවට. අතේ තිබුනේ වෙනදා සුපුරුදු කෝපි කෝප්පයමයි.

කැමරා, විදුළි ආලෝක අතරේ ඇය බලාගෙන හිටියා. ඇය වටා හිටියේ ඇය වගේම නිරුවත් පිරිමි කීප දෙනෙක්. ඔවුන්ගේ රළු අත් අතරේ ඇය තනිවී යන දිහා මම බලාගෙන හිටියා. වේදනාව මුහු උන තෘප්තියකින් ඇය වෙලිලා හිටියා. එය තරම්ම දිගු හෝරාවක් ඇයගේ මෙන්ම මගේ ජීවිතයේත් කිසිම දවසක තිබුනද කියලා හිතාගන්න පුළුවන් කමක් මට තිබුනේ නැහැ.

" වන්ඩර්ෆුල් වර්ක් මිශෙල්. යූ ආර් සුපර්බ්."

වෙනදා තරම් සතුටකින් ඒකට උත්තර දෙන්න තරම් පුළුවන් කමක් ඇයට තිබුනේ නෑ. යන්තමින් ස්තූති කරපු ඇය අමරුවෙන් ඇවිදගෙන ආවේ මම හිටපු තැනට. කෝපි කෝප්පය අතට ගත්තේ වෙනද පුරුද්දට මිසක් ඕනකමටම නෙමෙයි කියලා ඒ හැසිරීමෙන් තේරුම් ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ.

" මට රූම් එකට යන්න හෙල්ප් කරනවද?"

***

මුළු දවසම ඇය ගෙවලා දැම්මේ වේදනාවෙන්. ඉදහිට කතා කරන වචන වල ඒ වේදනාව අතරේ සතුටක් ඇය වින්දද කියලා මම තනියම කල්පනා කලා. ඒත් ඒක හරියටම දන්නේ ඇය විතරමයි.

" ඇයි මාව බඳින්න හිතුවේ?"

අද ඇය එහෙම ඇහුවේ රාත්‍රියේ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සෙ නම් නෙමෙයි. ඇය මේ ප්‍රශ්ණේ අහපු පළවෙනි වතාව මේක නොවුනට ඒ හැම වෙලාවකම මම දුන්නේ වෙනස් උත්තර කියලා ඇයට හරිහැටි මතකයක් තියෙනවද කියලා මට විශ්වාසයක් නැහැ.

" මම ඔයාට ආස වුන නිසා."

මම ඇය දිහාවත් නොබලම උත්තර දුන්නා. ඇය කලේ මහ හයියෙන් හිනා වෙන එක. ඒ හිනාව විනාඩියක් විතර දිගට ඇදිලා ගියා. ඇයට වේදනාවත් අමතක වුන ගානයි.

" මට ආස නම් මාව නොබැඳත් ඔයාට මෙහෙම  ඉන්න තිබුනා."

ඇයත් හුඟක් සරළවම කියලා දැම්මේ හරියට හැඟීම් නැති ගෑණියක් ගානට. ඒකට කේන්ති ගන්නවද නැද්ද කියලා හිතුනත් ඇයව ඒ තත්වෙට ගෙනාවේ මම නිසාම ඇගේ ඒ වචන ටික ඔහේ පාවෙලා යන්න ඉඩ ඇරලා මම බලාගෙන හිටියා.මගේ නිහැඬියාව අතරෙම ඇය තව ටිකක් මට තුරුළු වුනා. ඒ ආදරේට කියලා හිතන එක හැම පැත්තකින්ම සහනයක් නිසා මමත් ඇයව තව ටිකක් මගේ ලගට තුරුළු කර ගත්තා.

***

" මේ වීක් එකම පිරෙන්න වැඩ. ජනප්‍රිය කම්පැනි දෙකකම කන්ට්‍රැක්ට් තියෙනවා."

ඇය කියාගෙන ගියේ දැන් හැම දෙයක්ම බොහෝම හුරු පුරුදු ගානට. සතියෙම ගමන් බිමන් ගැන විස්තර හැම එකක්ම කියන්න ඇය බොහෝ වෙලාවක් අර ගත්තා. ඒ ගැන උනන්දුව ඇයට තිබුනට ඒවා මතක තියාගන්න තරම් ඕන කමක් මගේ  හිතේ තිබුනේ නෑ. සමහරවිට ඇය සුපුරුදු කෝපි කෝප්පය බලාපොරොත්තු වෙනවා ඇති.

" ඔයා මොකද කල්පනාව?"

ඇගේ හුදකලා කතාබහ අවසානයේ ඇය මගෙන් ඇහුවා. ඇය බලාගෙන හිටියේ මගෙන් උත්තරයක් ලැබෙනකන්. ඒ ඇස් බොහෝම ඕන කමින් මං දිහාම බලාගෙන හිටියා. ඒත් ඇයට උත්තරයක් දෙනවට වැඩිය මගේ හිතේ ඇගෙන් අහන්න තිබුනේ වෙනස්ම දෙයක්.

" ඔයා ඇයි මාව බඳින්න හිතුවේ?"




 නිමි...


Tuesday, 9 February 2016

සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?



මම විශ්වාස කරනවා මේ ලිපිය කියවන අයගෙන් 60% වත් දුම්පානය කරන්නන් බව. ඒත්  සිගරට්ටුවේ අතීතය ගැන ඇත්තටම ඔබ දන්නවද? එහි ආරම්භය කොයිතරම් කාලයක් ඈතට දිව යනවද, සිගරට්ටුවක් මුලින්ම අලෙවිකිරීම අරම්භ වුනේ කොහොමද කියන කාරණා ගැන මම හිතන්නේ බොහෝමයක් දෙනා නොදන්නවා ඇති කියලා.  දුම්පානය ගැන කැමැත්ත අකමැත්ත ගැන තියෙන මති මතාන්දර කොහොම වුනත් ඕනෑම දෙයක විකාශණය ගැන දැනන් ඉදීම හොදයි කියන මතයේ ඉදන් මම මේ සටහන ලියන්න අදහස් කරනවා.

දුම්කොල සදහා දීර්ගතම ඉතිහාසයක් තියෙන්නේ ඇමරිකාවෙයි. නමුත් මෙක්සිකෝවේ මායා වරුන්ගේ ගල් ගුහාවල ඇති සිතුවම් වල දුම්කොල භාවිතය ගැන සටහන් තියෙනවා. මෙම සිතුවම් වල අතීතය ක්‍රිස්තු පූර්ව 600ත් 900 අතර කියලා විශ්වාස කෙරෙනවා. ඇමරිකානු රතු ඉන්දියානුවන් දුම්කොල වැවීම ආරම්භ කරලා තියෙන්නේ යුරෝපීන් දකුණු ඇමරිකාවට සොයා ඒමටත් කලිනුයි. මෙම රතු ඉන්දියානුවන් දුම්කොල භාවිතය කරලා තියෙන්නේ විවිද ආගමික හා වෛද්‍යමය කටයුතු සදහායි. ඔවුන් දිනපතාම දුම්පානය කරලා නැහැ.

දුම්පානය සදහා දුම්කොල භාවිතය ශත වර්ෂ ගනනාවක ඉදන් සිදුවෙලා තියෙනවා. දුම්කොල ශාකය ඇමරිකාව තුල වගා කිරීමේ ආරම්භය 17වන ශතවර්ශය දක්වා ඇතට දිවෙනවා. වසර 1800 ගනන් වන විට බොහෝ මිනිසුන් දුම්කොල කුඩා පරිමානයෙන් හෝ භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් එය බොහෝම අඩුවෙන්. සාමන්‍යයෙන් වසරකට එක් මිනිසෙක් සිගරට් 40 පමණ පානය කිරීම සිදුවෙලා.

වොශින්ටන් ඩුක්.
කඩදාසි කොලයක් මත ඔතා දුම්කොල සිගරට්ටුවක් ස්වරූපයෙන් භාවිතයට පැමිණිම එන්නේ ඊටත් පසුවයි. නමුත් වැදගත්ම දේ වන්නේ ඒ නිසාම දුම්පානය සදහා වූ කැමත්ත අඩුවී යාමයි. උතුරු කැරොලීනා නගරයේ විසූ වොශින්ටන් ඩූක් නැමැත්තෙක් විසින් මෙලෙස කඩදාසියේ එතූ දුම්කොල සහිත සිගරට්ටුවක් ලාභයක් අරමුණු කර ගෙන පළවෙනි වතාවට අළෙවි කිරීමක්  සිදු කරලා තියෙනවා. ඔහු අක්කර 300ක දුම්කොල වගාවක් හිමිව තිබු අයෙක්. මෙය සිගරට්ටුවක් අළෙවි වූ පළමුවන අවස්ථාවයි. ඒ 1865 වසරේදියි. මෙලෙස අතින් රෝල් කරන ලද සිගරට්ටුව අළේවි වුනේ එවකට වූ සිවිල් යුද්ධයේ නියැලී වුන් සොල්දාදුවන් වෙනුවෙනුයි.




1883 දී ජේම්ස් බොන්සැක් විසින් සිගරට් රෝල් කර දිනකට දහස්
ජේම්ස් බොන්සැක්.
ගනනක් නිපදවිය හැකි යන්ත්‍රයක් හදුන්වා දීම සිදුකරා. ඔහු ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඇමරිකානු දුම්කොල සමාගම නමින්. එය මහා පරිමාණයෙන් සිගරට් නිපදීම වෙනුවෙන් ඇරඹි පළමු ව්‍යාපාර ආයතනය වෙනවා. මෙලස යන්ත්‍ර මගින් නිපදීම ආරම්භ කල සිගරට් වලට කලින් තිබුනාට වැඩිය ඉල්ලුමක් ලැබෙනන් පටන් ගන්නේ එමගින් දුම් පානය කිරීම පෙරට වඩා පහසු වූ නිසාවෙනි. මෙනිසා මෙලෙසින් යන්ත්‍ර මගින් කඩදාසි කොලයේ ඔතා නිකුත් කල සිගරට් පෙර මෙන් තමන් විසින්ම සිගරට් සාදාගෙන
පානය කරන්න අකමැත්තක් තිබුන අය අතරේ බොහෝ වේගයෙන් ප්‍රචලිත වුනා.

මෙලෙස ආරම්භ කල ඇමරිකානු දුම්කොල සමාගම 1900 ගනන් වන තුරුම ඇමරිකාව තුල පැවති විශාලතම මෙන්ම බලවත්ම දුම්කොල සමාගම ලෙස පැවතියා. නමුත් 1900 මුල් අවදිය වන විට බොහෝමයක් සමාගම් සිගරට් නිශ්පාදනය අරම්භ කලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි 1902දී පිලිප් මෝරිස් සමාගමේ ' මැල්බරෝ '  සන්නාමයේ සිගරට් වෙළද පොළට නිකුත් වුනේ.

සිගරට් අලෙවියේ ප්‍රධානතම ඉලක්කය වුනේ පිරිමි පාර්ශවයයි. නමුත් මේ හැම දෙයක්ම වෙනස් වුනේ පළමු හා දෙවන ලෝක යුද්ධ කාල වකවානු අතරතුරේදියි. විදෙස්ගත වුන සොල්දාදුවන්ට දිනපතාම සිගරට් නොමිලේ ලබාදෙනු ලැබුවා. නමුත් ඕනෑම ආයතනයක ලාභ ලැබීම අරමුණක් වන නිසාම මේ කාල වකවානුව තුල කාන්තාවන්ට සිගරට් අළෙවි කිරීම ප්‍රවර්ධනය කිරීමට ඔවුන් වෙහෙසුනා. එයට හොදම අවකාශය ලැබුනේ දෙවන ලෝක යුද්ධය අතරේදියි. අනිත් කාලයන්ට වඩා මේ වකවානුවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබුන නිසාම කාන්තාවන් සිගරට් පානයට ආකර්ශණය කර ගැනීමට ඔවුනට හැකියාව ලැබුනා.

1944 වන විට සිගරට් නිශ්පාදනය වසරකට බිලියන 300 දක්වා වැඩි වුනා. දුම්කොල ව්‍යාපාර සදහා මනා පසුබිම සැකසෙන්නට යුධමය වාතාවරණය ඉවහල් වුනා. දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී ඇමරිකාව තුල බලවත් දුම්කොල නිශ්පාද සමාගම් 6 නිර්මාණය වී හමාරයි. Philip Morris, R.J. Reynolds, American Brands, Lorillard, Brown & Williamson, සහ  Liggett & Myers ඒ සමාගම් හයයි. ඔවුන් ලෝකය පුරා සිගරට් අලෙවියෙන් ඩොලර් මිලියන ගනන් ලාභයන් උපයන්න පහසුවෙන්ම සමත් වුනා.

තරඟකාරිත්වත් එක්කම සිගරට් සදහා වෙළද ප්‍රචාරණයේ යෙදීමට ඔවුන්ට සිදුවුනා. 1880 දී නිශ්පාදනය ඇරබි රෝස සුවදැති සිගරට් සදහා පසු කාලයේදී ඔවුන් ප්‍රචාරණ උපායක් විදිහට මල් සහ ආදර හැඟීම් ඇති කරවන කාඩ් පත් බෙදා හරින්නට කටයුතු කරලා තියෙනවා. හේල්ස් සමාගමෙන් නිපද වූ ක්‍රියෝල් සිගරට් සදහා ජනප්‍රිය බේස්බෝල් කණ්ඩායමක කාඩ්පත් බෙදා හැරලා තියෙනවා.

කෙසේ නමුත් 1964දී ඇමරිකාව වෙනුවෙන් සිටින ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා දුම්පානයේ ඇති භයානක කම ගැන වාර්ථාවක් සකස් කරනවා. එමගින් ඔහු සදහන් කරනවා නිකොටීන් මගින් පෙනහළු පිළිකා ඇති කරනවා කියලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1965 වසරෙදී කොන්ග්‍රස් මණ්ඬලය සිගරට් ලේබල් හා ප්‍රචාරණ පනත සම්මත කෙරෙනවා. එමගින් සෑම සිගරට් පැකට්ටුවකම ' සිගරට් ඔබේ සෞඛ්‍යට හානිකර විය හැක ' යන්න සදහන් කිරීම අනිවාර්ය වෙනවා.

මෙය දුම්කොල සමාගම් වල අලෙවිය හා ලාභය වෙනුවෙන් එල්ල වුන දැවැන්ත තර්ජනයක් වුනත් 1980 වන විට එම සමාගම් තම පාරිභෝගිකයන් තමන් ලග රදවාගෙන ඔවුන්ගේ බිය අඩුකිරීමේ අරමුණින් නිකොටින් ප්‍රමාණයන් අඩු සන්නාම සහිත සිගරට් වෙළදපොලට හදුන්වා දෙනවා. සමාගම් විසින් විවිධ ප්‍රමාණයන්ගෙන් නිකොටීන් ප්‍රමණයන් අඩුකරමින් සිගරට් නිෂ්පාදනයට එළැබුන නිසාම 1980 මුල් කාලය ' නිකොටීන් යුද්ධය ' ලෙස ඔවුන් හදුන්වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සන්නාම මගින් විවිධ වර්ග වල සිගරට් වෙළදපොළ ආක්‍රමණය කලා.

නමුත් 1984දී කොන්ග්‍රස් මණ්ඩලය දුම්කොල සම්බන්දයෙන් තවත් පණතක් සම්මත කරනු ලබනවා. එයින් සෑම තුන් මසකට වරක්ම සිගරට් සමාගම් තම ඇසුරුමේ සදහන් කරන අනතුරු හැඟවීමේ ලේබලය වෙනස් කිරීම අනිවාර්ය වනවා. මෙහි ප්‍රතිඵලක් වශයෙනු වෙළදපොළ තුල අදත් දකින්න ලැබෙන අනතුරු හැඟවීමේ ලේබල් හතර නිකුත් වෙන්නේ. 



ඉන් පසුව එළබෙන කාලය සිගරට් නිෂ්පාදකයන්ගේ පැත්තෙන් එතරම්ම හොද කාලයක් වන්නේ නැහැ. එයට හේතුව වන්නේ බොහෝමයක් නීති රීති පනත් සිගරට් වලට එරෙහිව ඇති වීමයි. අනතුරු හැඟවීමේ ලේබලය එහි පළමු ප්‍රතිඵලයි. මේ අතර රූපවාහිනි හා ගුවන් විදුලි මාද්‍ය වලින් සිගරට් ප්‍රචාරණය තහනම් කෙරෙනවා. මේ අතර කොන්ග්‍රසය විසින් ඇමරිකාව පුරා බොහෝමයක් පොදු ගොඩනැගිලි වල මෙන්ම ආපන ශාලාවල දුම්පානය තහනම් කරන පනත් නිකුත් කරනවා. ඒ වගේම 1990න් පසුව ගුවන් යානා වල දුම්පානයත් සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මෙලෙස වරින් වර නිකුත් වුන පනත් මෙන්ම රජය විසින් අය කරනු ලැබූ බදු ප්‍රමාණයන් ඉහල යෑම නිසාම ඇමරිකාව තුල මුල් බැස ගත් දුම්කොල ව්‍යාපාර වෙනත් රටවල් කරා ඇදෙන්න පටන් ගන්නවා. මේ නිසා ඇමරිකානු දුම්කොල සමාගම් අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, ග්‍රීසිය, තායිලන්තය හා ඩොමිනික් ජනරජයේ ප්‍රධාන වශයෙන් දුම්කොල වගාවන් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස විකාශනය වුන සිගරට් නිශ්පාදනය, 2014 වර්ශයේ කල සමික්ශනයකින් ලබාගත් ප්‍රතිපල වල සදහන් ආකාරයට වෙළද නාම 466ක් දක්වා පැතිරී ගිහින් තියෙනවා. ඒවා සුවිශේෂි රස වර්ග 7764කින් සමන්විතයි. එහි සදහන් දත්ත වලට අනුව මේ සෑම සමාගම් වලම ලාභයන්හි එකතුව වසරකට ට්‍රිලියන භාගයක් පමණ වෙතැයි ගනන් බලා තියෙනවා. ඒ අතරම පසුගිය දශකය තුල පමණක් සිගරට් ට්‍රිලියන 43 පමණ අළෙවි වෙලා තියෙනවා. කෙසේ නමුත් දුම්පානය නිසා ඇති වූ පිළිකා වලින් වාර්ථා වුන මරණ සංක්‍යාව පසුගිය දශකය තුල පමණක් මිලියන 60ක් ඉක්මනවනවා.

ජේම්ස් බොන්සැක් හදුන්වා දුන් යන්ත්‍රයෙන් නිමවු පළමු ඇසුරුම් කරන ලද සිගරට් පැකට්ටුව.