Tuesday, 1 November 2016

මරණයේ නිම්නය - 2

බාරිස් හි රෝහලෙන් පිටව ඔවුන් පටු මාවතක් දිගේ ඉදිරියට ඇවිදන් ගියේය. රෝහල තුළදී අත්විදී සිදුවිමෙන් ඔවුන් තවමත් කම්පනයට පත්වි සිටි නිසාම ඔවුන් අතර රැදුනේ දිගු නිහැඬියාවකි. හදිසියේම නොනවත්වාම කෙරුණ කුඩා ළමයාගේ කෑ ගැහිල්ල ඔවුන්ට මෙන්ම රෝහලේ සිටි අනෙක් හැම කෙනෙක්ටම පීඩාවක් ඇති කළේය
 
අල්දීනිගේ සිත නතර වූයේ කෑ ගැහිල්ල අතර තුරේ ඔහු අත්විදි සිදුවීම් කීපයක් අතරේය. ළමයා නිදාගෙන සිටි ඇද අසලම වූ වතුර වීදුරුවෙන් බිංදු කිපයක් ඉහළට එසවෙන අයුරු ඔහු හොදින්ම බලාගෙන සිටියේය. විදුරුව බිදී යන්නට මොහොතකට පෙරය. අසාමාන්ය ලෙස තීව්‍ර වූ කෑ ගැසීම තුළ යම් කිසි බලවේගයක් වූ බව අල්දීනිට සිතුණේය. මොහොතේ අන් අයට වඩා ළමයා ළගට වඩාත්ම සමීපයෙන් සිටියේ අල්දීනි නිසාම ඔහුගේ දෑස් විවර වද්දීම මතුවී ක්ෂණයෙකින් නැතිවි ගිය ඇස් වල කහ පැහැය අහඹුවක් නොවන බව ඔහුට හොදින්ම විශ්වාසය.

සර්.’ 
 
සෙත් ගේ කටහඬින් අල්දීනිගේ කල්පනාව බිඳුනේය. වන විට නවාතැන් ගැනීමට සුදුසු තැනකට ඔවුන් පැමිණ සිටියේය.

මම කල්පනා කළේ මේ සිද්ධි කීපය ගැන. අර ගම්මානයේ මොකක් නමුත් අමුතු දෙයක් සිද්ධ වෙලා කියන එක හොදටම විශ්වාසයි. ඒත් මේක හුඟක් අපැහැදිලියි.’

ඇයි සර් එහෙම කිවුවේ?’

බලන්න සෙත්, අර මැදකට වෙන්න එක ළග වැටිලා හිටිය අයගේ ඉතුරු වෙලා තිබුණ පිළිස්සුම් සලකුණු. ඒක මොකක් හරි යාගයක් කියන එක මට හොදටම විශ්වාසයි. අපි කලින් අවස්ථාවෙත් මුණ දුන්නේ මේ වගේම දේකට. එතන මොනවා හරි විශේෂ සංකේත තියෙන ඇති කියලා මට හිතෙනවා. සමහරවිට ඒවා එදා කලබලේට සෆ්රාස් දකින්න ඇතුව ඇති. එහෙම නැත්නම් මිනිස්සුම සංකේතයන් වෙන්න ඇති.’

එතකොට අනිත් අය?’

අන්න ඒක තමයි වඩාත්ම සංකීර්ණ. ඔවුන්ට මූණ දෙන්න ලැබුණේ ඔවුන් කිසිම කෙනෙක් බලාපොරොත්තු වුණ විදිහේ අත්දැකීමකට නෙමෙයි. ඔවුන්ගේ සිරුරු වැටිලා තිබුණ තැන්, වැටිලා තිබුණ විධි වලින් ඒක හොදටම තේරෙනවා. ඒත් නොතේරෙන එකම දේ මේ හැම දේකටම හේතුව විතරයි.’

එතකොට අර ළමයා?’

ගැන අපිට දෙයක් කියන්න වෙන්නේ ළමයා කතාකළොත් විතරමයි සෙත්. ඒක කොයි වෙලාවක වෙයිද කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බෑ.’

මට හිතෙනවා අපි ආයෙම ගම්මානයට ගිහින් හොයලා බැලුවොත් හොදයි කියලා. අපිට ලේසියෙන් මඟ ඇරෙන්න පුළුවන් දේවල් එතන ඕන තරම් තියෙන්න ඇති.’

ඒක ඇත්ත සෙත්. කොහොමද ඔබේ උරහිසේ තත්වේ. ලොකු අමාරුවක් නැත්නම් අපි දැන්මම යමු.’

මට කිසිම අමාරුවක් නෑ සර්. අපි යමු.’
 
නවාතැනින් පිටත් වුණ ඔවුන්ට වැඩි දුරක් යන්නත් කලින්ම සෆ්රාස්ව මුණ ගැසුණේය. ඔහු සිටියේ තරමක් බියට පත් වූ හැඟීමකිනි. කතාකිරිමට කලින් ඔහු මහන්සි හැරියේ හිතේ තියෙන කලබල ගතිය තවත් පෙන්වමිනි. අල්දීනි ඔහු කතා කරල තුරු ඉවසීමෙන් බලාගෙන සිටියේය.

මහාචාර්ය තුමා, ළමයට දැන් හොදයි.’ සෆ්රාස් මද වෙලාවකට පසු පැවසීය.

අපිට තොරතුරක් දැන ගන්න පුළුවන් තරමට ළමයට හොදයිද?’

විශ්වාස කරන්න, ළමයට දැන් ඕනවටාත් වඩා හොඳයි.’
 
අල්දීනි සෙත්ගේ මුහුණ දෙසත් සෆ්රාස් දෙසත් වරින් වර බැලුවේ ඔහු කියු කිසි දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඒත් සෆ්රාස්ගේ මුහුණේ තිබුණේ ඊටත් වඩා වෙනස් වූ හැඟීමකි
 
රෝහලට ඇතුළුවත්ම තරමක වෙනස් වු හැඟීමකින් ඔවුන්ගේ සිත් වෙලි ගියේය. එය හරි හැටි කුමක්දැයි කිසිවකුටත් තේරුම් නොගියත් ඔවුන්ට යමක් දැනුණ බවක හැඟීමක් හැමෝගෙම මුහුණු වලින් පෙනෙන්නට තිබිණ. රෝහලේ කුඩා ළමයා හිදි කාමරය දෙසට ඔවුන් ඇවිදන් ගියේ හැඟීම් හා පොරබඳිමිනි. කාමරයට ඇතුළු වූ ඔවුන් ගල් ගැසී ගියේ ඔවුන් ඉදිරියෙන් දුටු දසුනිනි.
 
කුඩා ළමයා තම ඇද මත බොහොම සුව පහසුව වාඩි වී සිටියේය. ඔහු තම අතේ තිබු ඇපල් ගෙඩියක් රස බලමින් හිටියේ කිසිවක් නොවූ පරිද්දෙනි. ඔවුන් ඔහු ළගට ඇවිදන් ආවේ සෙමිනි. ඔහුගේ මුහුණේ වූ තුවාල කැළල් කිසිවක් නොවීය. මීට පැය කිපයකට කලින් දුටු කුඩා දරුවාට වඩා දැන් හිදින්නේ වෙනස්ම කෙනෙකි. ඔවුහු ඔහු දෙස මද වෙලාවක් බලාගෙන හිටියේ කිසිවක් හරි හැටි තේරුම් ගන්නට නොහැකි වූ නිසාවෙනි.

ඔබට කොහොමද දැන්?’ 
 
අල්දීනි දරුවා ළගට ලං විය. ඔහු බොහෝම සංසුන්ව ඔවුන් හැම දෙනාගේම මුහුණු දෙස ඕනෑකමින් බැලීය. ඔවුන් ගැන මතකයටක් ඔහුට තියෙනට නුපුළුවන් බව අල්දීනි විශ්වාස කළේය. නිසාම ඔවුන්ව කුඩා ළමයාට හඳුන්වා දුන්නේ ඔහුගේ හිතට කුතුහලකයක් ඇති නොවීමේ අදහසනි.

ඔබේ නම මොකද්ද?’ අල්දීනි ඔවුන්ව හදුන්වාදීමෙන් අනතුරුව කුඩා ළමයාගෙන් විමසීය. ඔහු පිළිතුරක් දීමට තරමක වේලාවක් ගත්මුත් කිසිවකුත් එයට බධාවක් නොකළේය.

අසීෆ්.’ 
 
ඔහු යන්තමින් පැවසීය. රෝහල් කාමරයේ ඔහු ඇරෙන්න වෙනත් රෝගියකු හෝ නොසිටිය නිසාම සිදුවූ හැම දෙයකම විස්තර දැන ගැනීම සුදුසු යැයි අල්දීනි කල්පනා කළේය.

අසීෆ්, ඔයාට මොකද වුණේ කියලා මතකද?’ ඔහු යන්තමින් හිස සැළිය. ‘ එහෙනම් අපි කැමතියි ගැන දැන ගන්න.’ අල්දීනි ඔහුට යෝජනා කළේය.

අපි ගම්මානයේ ඉන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. කයිරෝ වලින් හුඟක් දුර හන්දා මම දන්න කාලේ ඉදන්ම හැමදාම හිටියේ මේ ටික දෙනාමයි. අපි කවදත් රාත්‍රී කෑමෙන් පස්සේ එකට එකතු වෙනවා. වැඩිමහලු අය දුම්බොන්න. මගේ වයසට කිට්ටු වෙන්න හිටියේ තව දෙන්නෙක් විතරයි. අපි හැමදාම කරන්නේ මොකක් හරි සෙල්ලමක් කරන එක. වැඩිමල් අය රාත්‍රී නින්දට අපිට කතා කරනකන්. එදත් වගේ දවසක්.
 
දුම් බොන අය එකතු වෙලා දේ කරමින් හිටියා. එක පාරම ලොකු දුමක් අපි හිටිය හරියට පා වෙලා ආවා. රෑ නිසා ඈත ගින්නක් තිබුණත් හොදට පේනවනේ. ඒත් එහෙම දෙයක් තිබුණේ නෑ. ඒත් ඊට පස්සේ අපි දැක්කේ අස් අදහා ගන්න බැරි විදිහේ දෙයක්. දුම රතු පාටට හැරෙන්න ගත්තා. එක්කම ඒවා ගිනීදැල් වලට හැරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ගිනි
දැල් අතරින් මතු වුණේ මනුස්ස රූපයක්. රූපය පොළවට වඩා අඩි කිපයක් උඩින් පා වෙමින් තිබුණේ. ඔහුට තිබුණා අත්තටු හයක්. ඒවා රත් පැහැ වෙලා ඒවයින් ගිනිදැල් නිකුත් වෙමින් තිබුණේ. දුම් බොමින් හිටිය අය ගිනි දැල් වලට අහු වුණේ හිතාගන්නවත් බැරි විදිහට. අපි අනිත් හැමෝම හිස් හැරුණ අතේ දුවන්න පටන් ගත්තා. ඒත් ටිකකින් පේන්න තිබුණේ ගිනිදැල් එක්ක දුවන මිනිස්සු විතරයි.’

ඊට පස්සේ?’ අල්දීනි නොඉවසිලිවන්තව ඇසීය.

මට මතක මම අපේ ගෙදරට දුවන් යනවා විතරයි. හැම පැත්තක්ම ගිනිදැල් වලින් වැහිලා තිබුණේ. මම බයටම ගෙදර දොර වහ ගත්තා. ඊට පස්සේ කිසි දෙයක් මට මතක නැහැ.’

 
අසීෆ් ඔහුට කියන්නට තිබු හැම දෙයක්ම නිමා කර ඇදේ හාන්සි විය. අල්දීනි නිරාකරණය කර ගත යුතු බොහෝ දේ තිබුණ මුත් අසීෆ් ගෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි වූ නිසාම ඔහු නිහඬ විය. ඔවුන් එකි නෙකා ඔවුනොවුන් දෙස බලා ගත්තේ අසීෆ්ගේ කථාවෙන් තවත් කුතුහලයකට පත් වූ නිසාවෙනි.
 
අල්දීනි අසීෆ් ගේ මුහුණ දෙස ඕනෑකමින් බැලීය. තුවාල කැළලක සලකුණක් වත් නොතිබුණ අසීෆ්ගෙන් පෙනුණේ දරුණු අනතුරකට මුහුණ දුන් අයකුගේ සේයාවක් නොවේය.

අසීෆ්ට මතකද මුහුණ තුවාල වෙනවා?’ අල්දීනි ටික වෙලාවකට පසු ඇසුවේය.

නැහැ. මට ගැන මතකයක් නැහැ.’
 
අසීෆ් සෙමින් පැවසීය. ඔවුනොවුන් එකිනෙකා දෙස බලා ගත්තේ කිසිවක් පැහැදිලි කරගැනීම ඔවුනට අපහසු එකක් වූ නිසාවෙනි. ඔවුන් අසීෆ් රැදී සිටි කාමරයෙ පිටත්ව කොරිඩෝරය දෙසට ඇවිදන් ආවේය. හිස් කාන්තාරය දෙසට විවර වුණ ජනේලයක් ළග නැවතුන ඔවුන් නිහඬවම මොහොතක් රැදි සිටියේය.

මහාචාර්ය තුමා..’ සෆ්රාස් නිහැඬියාව බිඳිමින් කතා කළේය. ‘ මට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. මේ ළමයා කියන්නේ ඇත්තක්ද? එදා යමක් ගම්මානේ සිද්ධ වුනානම් ගැන කියන්න ඉන්න එකම එක්කෙනා මේ ළමයා විතරයි. ඒත් එයා කියන දේත් මහා පටලැවිල්ලක්.’

මටත් දේම හිතුණා.’ සෙත් සෆ්රාස්ගේ අදහසට එකඟ වෙමින් පැවසීය.

මෙහෙමයි, ඔයාලාගෙන් කවුද "සෙරෆිම්" ගැන අහලා තියෙන්නේ?’
 
සෆ්රාස් මෙන්ම සෙත් අල්දීනි දෙස කුතුහලයෙන් බලාගෙන ඉද්දී ඔහු අසළ තිබු පුටුවක හිද ගත්තේ ඔවුන්ගෙන් පිළිතුරක් ලැබේවියි අපේක්ෂාවෙනි. ඒත් රැදුනේ නිහැඬියාවක් පමණී.

අසීෆ් කියපු දේවල් එක්ක මගේ මතකයට ආවේ සෙරෆිම් . මතකද අසීෆ් කිවුවා ඔහු දැක්ක දෙයට අත්තටු හයක් තිබුණා කියලා. සෙරෆිම් ටත් අත්තටු හයක් තියෙනවා. ඒවා වෙලාවකට සුදුපාටයි තව වෙලාවකට රතු පාටයි. අනිත් දේ නමේ තේරුමෙත් ගිනි අවුලවන කියන තේරුම යෙදෙනවා. ඉතින් මට විශ්වාසයි අසීෆ් මේ කියන්නේ සෙරෆිම් ගැන කියලා.’

ඒත් සර්, ඒක ළමයගේ හිතේ මැවුණ දෙයක් වෙන්න බැරිද?’

සෙත්, මම ඔයා කියන දේ ගැන පුදුම වෙන්නේ නැහැ අපිට කලින් වතාවේ අසාමාන්ය දේකට මුණ දෙන්න නොලැබුනානම්.’

ඒත් අපිට එහෙම කිසිම සලකුණක් එතන දකින්න බැරි උණානේ.’

සෙත් කියන්නේ, අපි ලුසිෆර්ගේ සලකුණු දැක්කා වගේද? නැහැ. හැම නපුරු බලවේගයක්ම විදිහට කැදවීමක් කරන්න වුවමනා නැහැ. ඔවුන්ට කැමති විදිහට ගමන් කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කතා කරන්නේ සෙරෆිම් ගැනමනම් ඇයි ඔහු ආවේ කියන එක.’

මම හිතන්නේ අපි ගම්මානයට ගිහින් බැලුවොත් මොනවා හරි දෙයක් හොයා ගන්න එක අමාරු වෙන එකක් නැහැ.’
 
සෆ්රාස් ඔහුගේ වචන නිමා කළා පමණි. කොරිඩෝරයේ එක් කළවරකින් නැඟුණ දුමාරයක් කෙමෙන් ඔවුන් සිටි දෙසට හමා එන්නට විය. ඔවුන් හැකි ඉක්මනින් කොරිඩෝරයේ අනික් කෙළවරින් දුමාරය මඟ හැර දිව යන්නට උත්සාහ කළේය. එහෙත් රෝහලේ එක් පැත්තක් වන විටත් ගිනි දැල් වලට හසු වෙමින් තිබෙනු ඔවුන් ඈත තියාම දුටුවේය.

අසීෆ්..’ 
 
අල්දීන් කෑ ගැසුවේය. අසීෆ් සිටි කාමරය දෙසට ඇදෙමින් තිබුණ ගිනි දැල් අතරින් ඔවුන් අපහසුවෙන් දිව ගියේය. ඔහු ගලවා ගැනීමේ අරමුණිනි. කොරිඩෝරයන්හි ජනෙල් වීදුරු බිදදමමින් නැඟුණ ගිනි දැල් ප්‍රචන්ඬ වෙමින් රෝහලේ කාමර පුරා පැතිර යන්නට විය. ගිනි දැල් වලින් වට වුණ මිනිසුන් හිස හැරුණ අත දුවමින් සිටියේය. ඒත් වන විටත් ඔවුන් හැමෝම ප්‍රමාද වී අවසානය.
 
අසීෆ්ගේ කාමරයට ඇතුළු වුණ ඔවුන් දුටුවේ ඔහු නිදාගෙන හිදි ඇද ගිනි දැල් වලින් වැසී තිබූ ආකාරයයි. පිළිස්සි ගිය ඇද ඇතිරිලි අතර අසීෆ්ගේ සලකුණක් හෝ නොවීම ගැන ඔවුන් තරමක් සතුටු විය. හැකි ඉක්මනින් කාමරයේ අසීෆ් ගැන සෙවූ ඔවුන් එය අතහැර දමා රෝහලෙන් පිටතට දුව ආවේ ගිනි දැල් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ බැවිනි.

ළමයා පණ බේර ගත්තවත්ද?’ සෆ්රාස් ඇසීය.

අපි එහෙම හිතමු.’
 
රෝහලෙන් පිටතට පැමිණි ඔවුන් දෙස ටික වෙලාවක් බලාගෙන සිටියේය. ජනේල අතරින් පිටතට පනින ගිනි දැල් ඉන් ඉහළට නඟිමින් තිබිණ. අල්දීනි මොහොතක් දෙස බලාගෙන සිටියේය. හිස් අවකාශය තුළ එකතු වුණ ගිනි දැල් හයක් එකි නෙක එකතු වෙමින් තිබිණි. අල්දීනිගේ හිතට ආවේ සෙරෆිම් ගැන ඔවුන් ටිකකට කලින් කතාබහේ යෙදුණ දේවල්ය. වඩාත් ඕන කමින් බැලුවත් අසීෆ් සදහන් කළාක් මෙන් ගිනි දැල් අතර එකතු වුණ රුවක් අල්දීනිට දැක ගැනීමට නොහැකි විය.
***

සවස් වන විට බාරිස් රෝහලේ ඇති වූ හදිසි ගින්න සම්පූර්ණයෙම නිමා දමන ලදි. පුවත විදුලි වේගයෙන් පැතිර ගිය නිසාම ඔවුන් නැවතී හිදි කාමරයේ රූපවාහිනියේ විශේෂ පුවත් වලින් අල්දීනි ඔවුන් එතනින් පිටව පසු සිදු වු සිදුවීම් ගැන දැනුවත් විය. එය සදහන් වුණේ විදුලි දෝෂයක් නිසා ඇති වූ ගින්නක් ලෙසය. අල්දීනි ගැන පුදුමයකට පත් නොවූයේ අසීෆ් සදහන් කළාක් මෙන් අසාමාන්ය වූ දෙයක් ඔවුන් කිසිවකුටත් දැක ගැනීමට නොහැකි වූ බැවිනි.
 
කාමරයේ තනි වූ අල්දීනි තව දුරටත් සෙරෆිම් ගැන තොරතුරු දැන ගැනීමට පෙළඹුණේය. අන්තර්ජාලයට පිවිසුණ ඔහු බැබිලෝනියානු, පර්සියානු මෙන්ම ඊජිප්තු මිත්‍යාමත වල ඔහු ගැන සදහන් වූ දෑ ගැන වඩාත් දැනුවත් විය.

සර්.’ අල්දීනිගේ කල්පනාවට බාධාවක් වෙමින් සෙත් ඔවුන් නැවතී සිටි කමරයට පැමිණියේය.

මම අසීෆ් ගැන හොයලා බැලුවා. ඒත් කිසිම තොරතුරක් නෑ. රෝහලේ අය නම් කියන්නේ මේ ගින්නේන් මැරුණ අය අතරේ ඇති කියලා. ඒත් කිසිම කෙනෙක් අඳුන ගන්න බෑ. සෆ්රාස් එතන නැවතුණා, හදිසියේ වත් තොරතුරක් ලැබුණොත් කියලා.’

ඒක හොදයි.’

සර් අපි දැන් මොකද කරන්නේ?’ සෙත්ගේ කටහඬේ තිබුණේ බිඳුණු ස්භාවයකි.

අපි කෝකටත් ආයෙම අසීෆ්ගේ ගම්මානයට ගිහින් බලමු.’
 
වාඩිවී සිටි අසුනෙන් නැගිටි අල්දීනි තම උපැස් යුවළ අතට ගෙන කාමරයෙන් නික්මනෙන්නට සූදානම් විය. සෙත් ඔහු පසුපසින්ම පැමිණියේය.

සෙත්, දැන් උරහිසේ අමාරුව කොහොමද?’

හොදයි සර්. ඇයි හදිස්සියේම ගැන ඇහුවේ?’

නෑ. මේ ගමන මොන වගේ එකක් වෙයිද කියලා හරියටම කියන්න බැරි නිසා.’
 
ඔවුන් සිනාසුණත් අතරම එකතු වුණ බිය මුසු හැඟීමක්ද ඔවුන්ගේ හිත් වෙලා ගන්නට විය. අල්දීනි සෙත් සමග ගම්මානය වෙත පිය මැන්නේය.



මතු සම්බණ්ඳයි...

24 comments:

  1. දිනේෂ්........ බොහෝ විට උඹ මිථුන ලග්න කාරයෙක් වෙන්න ඕනා. උඹේ බුද ප්‍රබලයි නමුත් ඉන්නෙ කුජගේ පාප දෘෂ්ටියට ලක්වෙන තැනක. නමුත් උඹේ කුජත් බලවත්. නමුත් ඔය තැන් දෙකම ගුරු ගේ ප්‍රබල දෘෂ්ටියකට ලක්වෙන්නේ නෑ.

    ඒ වගේම උඹ බොහෝ විට කාලසර්ප යෝගයෙන් යන්තම් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට අහුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම උඹට රාහු සහ කේතු නරකට බලපානව විශේෂයෙන් රාහු. ඒ වගේම උඹේ ලග්නස්ථානය බොහෝ විට සෙනසුරුගේ පාප දෘෂ්ටියට අහුවෙන නිසා බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා. නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ.

    කාන්තාරෙක අතරමං කළත් උඹ ආපහු එනවාමයි. අතේ සතේ නැතුව අද රෑ සිගරට් එක්ක බොන්න සල්ලි නැති උනත් උඹට හෙට උදේට කොහෙන් හරි ගානක් එනවාමයි. ප්‍රබල හඳහනක් . දුර්වලකම් අඳුනාගෙන ටිකක් අමාරුවෙන් 2019 අග වෙනකම් ඇදපන්. 2020 දී උඹ ඉන්න තැන උඹ හීනෙන්වත් හිතල නෑ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිරි. මේවට මොනවා කියන්නද මංදා. හදහනක් බලපු කාලයක් මතක නෑ.

      // බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා // මෙන්න මේ කතාවනම් හැබැයි අමූලික ඇත්ත. හැබැයි මම මිථුන නෙමෙයි වුෂභ.

      Delete
  2. අපූරු කතාවක්. බොහොම ආසාවෙන් කියෙව්වා. ඔබ ලියා ඇති ආකාරය නිසා බොහෝ චිත්ත රූප මැවුනා.

    මට තවම බැරිවුණා හින්දි ටොප් 10 ලියන්න. ඒකත් ළඟදීම ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි විචාරක තුමා.

      හින්දි ටොප් 10 හෙමීට ලියමු. අපිට වගේ නෙමෙයි ඔබට සෑහෙන්න ඒවා තෝරන්න ඇති.

      Delete
  3. ඉතිරි කොටස ඉක්මනට ලියන්න

    ReplyDelete
    Replies
    1. සිකුරාදා උදේම..

      Delete
  4. හම්මේ එක හුස්මට කියෙව්වා. හරිම ලස්සනයි වර්ණ. මේ... මට හිතෙනවා මේ පොඩි ළමයා පළවෙනි කථාවේ අන්තිමට හිටපු පොඩි ළමයමද මන්දා කියලා. අර ඇස් කහපාට වෙනවා කියලා ඒකෙත් කියලා තිබුණේ.

    ReplyDelete
    Replies
    1. කතාවන් බොහොම අවදානයෙන් කියවන් එන අය ඉන්න එක ගැන මට පට්ටම සතුටුයි. මේ වගේ කතා ලියද්දී අතීතයට අනාගතයට ලින්ක් තියෙන්න ඕන. හැබැයි දැන්ම ඒවා කියන්න යන්නේ නෑ මම.

      Delete
  5. :O අසීෆ් කියන්නේ කියන්නේ 'සෙරෆිම්' ද? ඔයා මේ නම් හොයාගන්නේ කොහෙන්ද? :D රහසිගතයි කියලා හරියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නම් හොයා ගන්නේ මෙහෙමයි. ඔය සෙරෆිම් කියන්නෙ නම් ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක්. ඔය ඒ ගැන විස්‍තර කරලා තියෙන ඒවා ඔක්කොම ඇත්ත. මේ දවස්වල ඔය හොල්මන් ගැන ඉගෙන ගන්නවා මම. මේ කතාව නිසාම.

      පුද්ගල චරිත නම් ඉතින් ඔහේ ඔලුවට එන සාමාන්‍ය දේවල් තමා. ඒකේ රහසක් නෑ.

      Delete
  6. කොටස් ඉක්මනට දාන්න වර්ණ... එතකොට කියවන්න ආසයි

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්. දන්නවනේ මගේ ගැන..

      Delete
  7. සිකුරාදා එපා! හෙමට ඉතිරිය දියව්!

    ReplyDelete
    Replies
    1. උද්ගෝශණ කරන්න එපා ඉතින්..

      Delete
  8. අති විශිෂ්ඨයි again
    හැබැයි මේ කියන විදියට ඩෑල් එක එච්චර නරක නෑ
    https://en.wikipedia.org/wiki/Seraph

    ReplyDelete
    Replies
    1. ඩෑල් එක ගැන ඉන්ටරෙස්ටින් වෙලා වගේ.

      මෙහෙමයි. ඩෑල් එක ගැන අවශ්‍ය තොරතුරු අරන් ඒකව ඉතින් පොඩ්ඩක් නරක පැත්තට බර කලා කියලා ඩෑල් එක මාව ගිණි තියන්න එන එකක් නෑනේ බං.

      Delete
  9. ගිණි සිසිල යාගයක් සිදු කරන්නට නිර්දේශ කොරමි..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ලබ්බා හදහන්කාරයෙක්ද? කට්ටඬියෙක්ද?

      Delete
  10. මොනා කියන්නද දිනේශ්. උඹේ කථාව ආසාවෙන් කියෙව්වා. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු බං..

      Delete
  11. කියෙව්වා.හ්ම්, ගිණිතියන හමුදාව.

    ReplyDelete
    Replies
    1. ඔන්න අනිකත් දැම්මා..

      Delete
  12. ආසාවෙන් කියෙව්වා...
    උඹට හොඳ හැකියාවක් තියෙනවා මචං...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්ක්වු ලොක්කයියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්