Monday, 3 October 2016

කොමාව, නැවතීමේ තිතක් වන්නට කලින්..



මේ අවුරුද්ද බ්ලොග් වල ගෙවුන අසාර්ථකම අවුරුද්ද කිවුවොත් මම හරි. ඒ වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. කලින් අවුරුදු එක්ක බලද්දී අඩුවෙන්ම බ්ලොග් වෙනුවෙන් කාලය යොදන්න සිද්ද වුන අවුරුද්ද මේක නිසා. ජීවිතෙත් ඉතින් හැමදාම එක වගේ තියෙන්නේ නෑනේ. වෙනස් වෙවි ඉස්සරහට යද්දී මේ දේවල් වලට යෙදවෙන කාලයත් ඉතින් දන්නෙම නැතුව සීමා සහිත වෙනවා.

අවුරුද්දේ මුල් කාර්තුවේ මාස දෙකක් විතර මඟ ඇරිලා ගියා ලංකාවට ගොඩබැහැපු නිසා. අතරින් පතරේ පෝස්ට් දෙක තුනක් දැම්මට මොකද ඉස්සර කලා වගේ ඇදන් යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ටිකක් හරි ශේප් එකේ ඇදන් යන්න පුළුවන් වුනේ ආයෙම සුපුරුදු ජීවිතේට ආවට පස්සේ. හැබැයි ඉතින් ඒකත් හරිහැටි කරන් යන්න වුනේ නෑ.

බ්ලොග් වලට ඇවිත් අවුරුදු 6ක් ගෙවිලා ගියත් එක්කකම ගූගල් දෙයියෝ මාත් එක්ක විරසක වෙන්න ගත්තා. ඔවු ඔවු අර කලින් වතාවේ කියපු බ්ලොග් අප්ඩේට් නොවන කේස් එක තමයි ඉතින්. මෙහෙමයි ඉතින්, එදා කමෙට් කරපු ගොඩක් අය කිවුවා ලස්සනට පෝස්ට් එක අප්ඩේට් වෙලා කියලා. හැබැයි ඉතින් මගේ බ්ලොග් පෝස්ට් එක මගේ බ්ලොග් රෝලේ වැටුනෙත් පැය බරගනනාවකට පස්සේ. අනිත් අයගෙත් එහෙමද කියන්න දන්නේ නෑ ඉතින්.

කොහොමින් හරි ඊට පස්සෙත් පෝස්ට් එකක් දැම්මට ඒකනම් අප්ඩේට් උනේම නෑ. දෙතුන්පාරක් ට්‍රයි කරලත් බැරිම තැන ඩිලීට් කරලා දාලා නිකන් ඉදියා. ජීවිතේ හැමදෙයක්ම තනියම කරගන්න කාලෙක ඉඩ තියෙන වෙලාවට පෝස්ට් එකක් ලියලා දාද්දී ඒක අප්ඩේට් නොවීම තරම් එපා කරපු ෆීලින්ග් එකක් වෙන කොහේවත් නැතුව ඇති.

ඔන්න ඔය හන්දම හිතුවා පහුගිය ටිකේ බ්ලොග් එකට කොමාවක් දාලා ඉන්න. කරන මෙලෝ දෙයක් හරි යන්නෙ නැත්නම් හොදම දේ ඒක ටික වෙලාවකට අත ඇරලා අමතක කරලා දාලා ඉන්න එක. ඒක හිතට වගේම මනසත් පට්ටම නිදහසක්. ඉතින් ඒ තීරණේ අරන්, බොලොග් ලිවීම තියා කියවීම තියා බ්ලොගර් එකට ලොග් වෙන්නෙවත් නැතුව මාසයකට කිට්ටු වෙන්න ගෙවලා දැම්මා. ඒත් නොලියාම ඉදියා නෙමෙයි.

හැබැයි නිකන් ලාවට වගේ දැනුනා බ්ලොග් කොමාව නැවතීමේ තිතක් වෙන්න බොහොම කිට්ටුයි කිට්ටුයි වගේ. ඉතින් ඒ ගැන කල්පනා කලා. නැවතීමේ තිත තියන්න තාම සුදුසු කාලය නෙමෙයි. ඒ හන්දා අර කොමාව අයින් කර ගන්නයි මේ කල්පනාව.

ආයෙම පොස්ට් වැටෙනවද කියලා ටෙස්ට් පෝස්ට් එකක් දාන්න කල්පනා කරලත් ආයේ ඕන නෑ කියලා හිතුවා. මොකෝ අනිත් අයගේ රීඩර් වල ටෙස්ට් වැටිලා ටෙස්ට් මැච් වෙලා මල අතට දීලා බැණුම් අස්සවා ගන්න ඕන නැති නිසා. හැබැයි ලාවට වගේ මේකත් ටෙස්ට් එකක් තමයි. ඒත් කමක් නෑ. බලමු දැන් මොකද තත්වේ කියලා.

මට මෙහෙම ප්‍රශ්ණයක් අහන්න හිතුනා. බ්ලොගයේ බැක් අප් එකක් අරගෙන, අලුත් බ්ලොග් එකක් හදලා ඒකට අර බැක් අප් එක අප්ලෝඩ් කරොත් මොන වගේ දෙයක් වේවිද? දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙත්වා.

එහෙනම් ඔන්න කොමාව නැවතීමේ තිතක් වෙන්න කලින් මම ආයෙම ආවා. බ්ලොග් කියවීමත් සුපුරුදු ලෙස පටන් ගනිමි. මෙය අප්ඩේට් වේවායැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි. එහෙම නැති උනොත් තව මොකක් හරි උපක්‍රමයක් සිතමි.


44 comments:

  1. හුටා! තිත තියන්න? චෑ,චෑ එහෙම කොරාන්න එපා අප්පා. මේ අපි වගේ වත් යලට, මහට පෝස්ට් එකක් කොටන්න.

    මේ අප්ඩේට් නොවන එක ගැන දැණගන්න නම්, බ්ලොග් ටැක්නොලොජි එක ගැන එක්ස්පර්ට් කෙනෙක් ගෙන් අහන්න වෙනවා. ඕකට නියම හාදයා බුරා, ඒත් උන්දැව හොයාගන්න එක තමා අමාරු. එක්ස්පර්ට්ලා එනතෙක් මෙන්න මගේ සතපහ:

    දන්න විදිහට බ්ලොග් රෝල් අප්ඩේට් වෙන එක RSS Feed එකත් එක්ක සම්බන්ධයි. මගේ බ්ලොග් රෝලෙ ඔයාගෙ පෝස්ට් අප්ඩේට්වීම කෙසේ වෙතත්, හරි හමන් විදිහකට ඇඩ් කරගන්නවත් බැරුව හිටියෙ , RSS Feed config කරල නෑ කියනවා. දැන් ඒ ප්‍රශ්ණෙ නෑ, අලුතින් ඇඩ්කලා, නියමෙට අප්ඩෙට් වෙනවා.

    backup එකක් ගන්න එකත්,බොහොම හොඳ වැඩක් , ඒත් නිකම්ම එක අරන් තියාගත්තට වැඩක් නෑ, ඕක කොහේ දැම්මම කියලා, උවමනා වෙලාවට හොයාගන්න බෑ. ඒ වගේම ඒක හරියට වැඩ කරනවද කියලා දන්නෙත් නෑ. මොනවහරි අටමගලක් වෙලා බ්ලොගට කෙලවුන වෙලාවට තමයි සසර කලකිරෙන්නෙ. හැලපෙ තමයි කිව්වෙ පැය ගාණක් තටමලා කොටපු පෝස්ට් එක, එක තන්පරේට වාෂ්ප වීම , සසර පෙරනිමිති වලින් එකක් කියලා. ඉතිං හිතා ගත්තෑකි නෙව, සියලුම පෝස්ට් සහිත සම්පූර්ණ බ්ලොගකටම කෙලවුනොත් වෙනදේ?

    එකම login name එක යටතේ තව බ්ලොග් හදන්න ඇහැකි. එහෙම එකක් හදලා, අරහෙම අරගත්ත බැකප් එක ලෝඩ් කරලා, ඒ බ්ලොග් එක පැත්තකට කරලා තියන එක හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. මගේ පළවෙනි ප්‍රශ්ණය : පොස්ට් එක දැක්කේ කොහෙන්ද? සින්ඩියෙන්ද ගූගල් ප්ලස් එකෙන්ද නැත්නම් බ්ලොග් රෝලෙන්ද? මොකද තාමත් මේක මට අප්ඩේට් වෙලා නෑ.

      දෙවනි ප්‍රශ්ණය : අරහෙම බැක් අප් එක තව බ්ලොගකට දැම්මොත් අනිත් අයට ඒකේ ෆීඩ්ස් යාවිද නැත්නම් එයාලට ආයෙම මුල ඉදන් ෆලෝ කරන්න වේවිද?

      පෝස්ට් එක වාශ්ප වීම තව හිත හදාගන්න හරි පුළුවන් බං, දාන එක වැටෙන්නේ නැති එකනේ දැවෙන ප්‍රශ්ණය. සතර පෙර නිමිති හතරම වගේ මට දැන් පෙනිලා තමා ඉන්නේ. බලමුකෝ

      Delete
    2. පෝස්ට් එක දැක්කේ "ලාංකීය සිතුවිලි" සින්ඩියෙන්. පස්සෙ පරණ අප්සැට් ලින්ක් එක මගේ බ්ලොග් රෝලෙන් ගලෝලා, ආයෙ දැම්මාම, යස අගේට අප්ඩේට් වුනා.

      බැකප් එක ගන්නෙ අනිත් අයට කියවන්න දෙන්න නෙමෙයි. මම නං කරන්නෙ ඒක "ප්‍රයිවෙට්" කරලා , ඔරිජිනල් එකට මොනව හරි වුනොත් ගන්න තියාගන්න එකයි.

      RSS feed වැඩ කරන හැටි හරියටම දන්නෙ නෑ, ඒ නිසා දෙවන ප්‍රශ්ණයට හරිහමන් උත්තරයක් දෙන්න විදිහක් නෑ

      Delete
    3. දෙවන ප්‍රශ්ණයට අනුමාන උත්තරයක් දෙන්න ඇහැකි. බැකප් බ්ලොග් එකක් හදලා ඒක පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා නම් feed එක කචල් වෙනවා. අනිවාර්යයෙන්ම බැකප් බ්ලොග් එකේ නම වෙනස් නිසාත්, feed එක බ්ලොග් එකේ නමත් එක්ක සම්බන්ධ නිසාත්, ඒක ඉබේ අනිත් අයට යන්නෙ නෑ, හැමෝටම , අළුත් feed එක ඇඩ් කරගන්න වෙනවා

      Delete
    4. දන්න තරමින් , මේ feed update කරන එක කරන්නෙ ගූගල්ලා . මොකක්ද update frequncy එක සහ ඇත්තම ක්‍රමවේදය දන්නෙ නෑ. . ඒකට අදාල සමහර එව්වා settings-->Other එකේ තියනවා. ඕනෙම නං හරියට වැඩකරන බ්ලොග් එකක් එක්ක සංසංදනය කරලා බැලුවෑකි, ඒත් ගොයියෝ නොදැණ වෙනස් කරන්න නං එපා.

      ඔහේටත් මටවගේ පස්සා පැත්තේ අමාරුව තියනවා නං, නමෝ විත්තියෙන් හොඳ බැකප් එකක් අරගෙන අහක්වෙලා, "crawlers and indexing in blogger" කියලා ගූගල් සර්ච් එකක් කරලා විස්තර හොයාගෙන ටිංකරින් වැඩක් කලෑකි.

      රජයේ අවවාදය - බස්සන්ගේ බ්ලොග් උපදේශ සහ මකබාස්ලාගේ ටිංකරින් වැඩ අතර වැඩි වෙනසක් නැත.

      Delete
    5. තෑන්ක්ස් බස්සෝ. දැනටනම් වැඩේ තරමක් ගොඩ. ආයේ පිස්සු නටන්න ගත්තොත් පිළියමක් හොයන්න වෙනවා.

      මටත් කේස් එක තිබුනේ ඕක අලුත් එකකට දැම්මම මොන විකාරයක් වෙයිද කියන ගැටළුව. එහෙම අවශ්‍යතාවක් ඇති නොවේවා කියලා හිතමු.

      Delete
  2. ඔය තියෙන්නේ හොඳට!

    හැබැයි මෙ දවස්වල සින්ඩිකේටර්වලින් ට්‍රැෆික් අඩුයි. දිනේෂ් ෆේස්බුක් එක පාවිච්චි කරවා නේද?

    ReplyDelete
    Replies
    1. සින්ඩි වල දාපු ගමන් අප්ඩේට්. බ්ලොග් වලයි පරක්කු වෙන්නේ. අවුලක් නෑ.

      ඔවු දැන් ඉතින් පෝස්ට් එකක් දලා ගූගල් ප්ලස් එකෙයි ෆේස්බුක් එකෙයිත් අනිවා ශෙයාර් පාරක් දැම්මම හරි.

      Delete
  3. මගෙ රෝලෙනම් අප්ඩේට් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලෙඩේ සුවයි වගේ. බලමු.

      Delete
  4. කලාතුරකින් කොමාවක් තිබ්බත් නැවතීමේ තිතනම් තියන්න එපා දිනේශ්. ඔන්න මගේ බ්ලොග් රෝලෙත් අප්ඩේට් වෙලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැවතීමේ තිත් නම් කී පාරක් තියන්න හේතුවෙන දේවල් උනාද. මේ ඉන්නේ ඉතින් තාම. ඉස්සරහත් එහෙම තමා ඉතින්.

      Delete
  5. කොමාව අයින් කර ගෙන ආපහු වැඩ පටන් ගන්න එකනම් ලොකු දෙයක්,2012දී මම කොමාවක් දාන්න ගිහිල්ලා අන්තිමට ඒක අයින් කරගන්න පුලුවන් උනේ මේ අවුරුද්දෙදි,අවුරුදු 4ක්ම කොමාවෙ හිටියේ.සෙල්ලම් නෑ ඉතින් දැන් මගේ බ්ලොගේටත් අවුරුදුම 6ක්, අපි ඉතින් මේකේ සමකාලිනයො නොවැ නේද මලයෝ.දැන් ඉතින් වැඩ පටා... න් ගන්න. ඉඩ තියෙන වෙලාවට ඒ පැත්තෙත් ඇවිත් යන්න ඉස්සරවගේ.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. දැන් ඉතින් මම ඉන්නෝනේ.

      Delete
  6. නිකං ඉදියා කියන්නේ කොළ දිවියා වගේ එකෙක්ද.

    අපරාදේ කොමාවක් නවෙයි දාන්න තිබුණේ කොන්ඩෝම් එකක්.

    ReplyDelete
  7. බ්ලුක් කරපු හැම එකාටම ඔය රෝගය හැදුනා.. මම කරන්නත් හදලා අත ඇරලා දැම්මේ ඒකයි.. මොකා මක්කා කීවත්, තමන් කැමති දේ කලාම හරි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අර බස්සි කියන එකී ඔය අතරින් විශේෂයි නේද?

      මාතලන් ලොක්කා බ්ලුක් එකක් කරනවනම් පට්ටනේ. පිස්සු නැතුව කරන්න.

      Delete
  8. හික්

    හරි...

    ඕක්...

    ජයවේවා

    ReplyDelete
  9. හික්

    හරි...

    ඕක්...

    ජයවේවා

    ReplyDelete
  10. අලුත් ඒව මක්කටැයි. මේ තියන එකේම ලියපං. අප්ඩේට් කේස් එක නිතර එන්නෙ යලට මහට ලියන එකාලට. ඔය පැරා වගේ නිතර ලියන අය ගැන ගූගලාට මතකයි.
    බ්ලොග් රෝල්වල අවුලක් තියනව. බ්ලොග් කියවපු ලාංකීය සින්ඩියත් පිස්සු කෙලල කොටු කොටුනෙ පෙන්නන්නෙ. හැබැයි කාලයක් තිස්සේ බ්ලොග් ලියන මම උඹ වගේ අයගෙ ට්‍රැෆික් එකට ඔය මොන අලබෝලයකවත් බලපෑමක් නෑ. එන එවුන් එනව කොහෙන් හරි.

    ReplyDelete
    Replies
    1. ලංකික සංඩිය කොටු පැනලා පැනලා එයාටම එපාවෙලා ඔන්න අද පරණ පුරුදු විදිහටම පෙනී ඉන්නවා.

      Delete
    2. රාජ් අයියේ, අලුත් එකකට යන්නනම් මමත් අකමැති. බැරිම උනානම් එහෙම කරනවා කියලා තමා හිතන් හිට්යේ. දැන් ශේප් හන්දා ගානක් නෑ.

      Delete
    3. ඇණයා, යකඩෝ එහෙමත් සීන් වෙලාද මේ ටිකට.

      Delete
  11. දැන් අප්ඩේට් වෙනවනේ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.

      Delete
  12. අඩේ මගෙත් ඔය අප්ඩේට් වෙලා තියෙන්නේ කෙලින්ම බ්ලොග් රෝලේම කිසිම අවුලක් නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලෙඩේ සුවයි කියන එක.

      Delete
  13. දිනේශ්, ඔබ අවුරුදු 6 සමරපු පොස්ට් එකේ අදහස් දැක්වු අයට ප්‍රතිචාර දැක්වුයේ නැ නේද.. හි හී.. ගුගල් දෙයියෝ ඒ ගැන උදහස් වෙලා වෙන්න ඇති... මේ පොස්ට් එක මම දැක්කේ මුහුණු පොතෙන්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. මම හිතන් හිටියේ නෑනේ එහෙම දේවල් වලට ගූගල් දෙයියෝ අමනාප වෙන බවක් මේ වෙනකන්ම.

      Delete
  14. මමනං එන්නෙ බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකෙන්. ඒකෙත් ඔය යස අගේට පෙන්නන්නෙ.

    ඔය නැවතීමේ තිතේ කතාවට නැවතීමේ තිත තිබ්බොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමයි සෑර්...

      Delete
  15. නැවත ලියන්න පටන් ගට්ත එක හොඳයි...මටත් 2013/14 කාලෙ අවුරුදදක් විතර බ්ලොග් එක අප්ඩේට් කරන්න බැරිවුනා...

    ReplyDelete
    Replies
    1. ඒකත් ගුගල් අප්ඩේට් ප්‍රශ්නයක් කියල කිහංකෝ පුලුවන්න නං. හැක්

      Delete
    2. ඉන්දරේ, වෙලා තියෙන හැටියට ඉදිරියට බලමු.

      Delete
    3. දේශා, හෙහ් නැතුව ඉතින්. ඔක්කොම ගුගල් හන්දා තමයි.

      Delete
  16. අපරාදේ.. ඔච්චර චෑන්ස් ලැබිච්චි එකේ තිත තියන්නමයි තිබුනේ.. ඔව් ඉදගෙන.. හැක්

    ReplyDelete
    Replies
    1. ඕනම සෙට් එකක මේ වගේ යෝදයෙක් ඉන්නවා කියන්නේ නිකන්යැ ඉතින්.

      Delete
  17. මගේ බ්ලොග් රෝලෙත් තියෙනවා. හුරේ ..... මං ආවෙ කාලෙකට පස්සෙ ... නැවතීමේ තිතට නැවතීමේ තිත තියලා දිගටම වැඩ කරන් යන්න . කියවන්න මඟහැරුණු පෝස්ට් හෙමිහිට කියවන්නම්. ජයමවේවා !!!😊😊😊

    ReplyDelete
  18. මගේ බ්ලොග් රෝලෙත් තියෙනවා. හුරේ ..... මං ආවෙ කාලෙකට පස්සෙ ... නැවතීමේ තිතට නැවතීමේ තිත තියලා දිගටම වැඩ කරන් යන්න . කියවන්න මඟහැරුණු පෝස්ට් හෙමිහිට කියවන්නම්. ජයමවේවා !!!😊😊😊

    ReplyDelete
  19. මට නම් බ්ලොග් එකක් තිනවද කියල මතක නැහැ.

    ReplyDelete
  20. බැකඅප් අරන් වෙන බ්ලොග් එහෙකට දාන්න පුළුවන්. ඒකට යන්නේ විනාඩි 5ක් වගේ.

    හැබැයි අයේ මුල ඉදන් කට්ටියට ෆලොව් කරන්න වෙනවා. සින්ඩි වලටත් අලුත් ලින්ක් එක ඇතුලත් කරන්න වෙනවා.

    ටෙක්නිකලි අවුලක්ද බලන්න නම් ඔයාගේ බ්ලොග් එකේ codes බලන්න වෙනවා. මම හිතන්නේ නම් එහෙම අවුලක් නෙමෙයි මේක.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්