Wednesday, 12 October 2016

හින්දි ටොප් 10



පහුගිය ටිකේ බ්ලොග් වලින් අතුරුදහන් වෙලා හිටිය කාලේ, ඒ කියන්නේ ගිය මාසේ විතර වගේ, දැක්කා මරු දෙයක්. ඒ දැක්කෙත් ඉතින් බ්ලොග් වලම තමයි. අපේ ඉයන් ලොක්කා ගෙනාපු කැමති සිංදු 16යේ චැලේන්ජ් එක. ඕක දැක්ක වෙලේ මටත් පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනට තිබුන කම්මැලි කම ඊට එහා ගිය හන්දා වැඩේ අත ඇරලා දැම්මා. හැබැයි අමතක කලේ නෑ.

දැන් කට්ටිය ඇති වෙන්න කැමති සිංදු ටික නම් කලානේ. ඒවා අස්සේ මමත් කැමතිම ඒවා තිබුන හන්දා ආයෙම මම ඒ ගැන ලියන්න යන්නේ නෑ. හැබැයි ඒත් මට මෙහෙම දෙයක් හිතුනා ඒ හැමෝම වැඩියෙන්ම ලියලා තිබුනේ සිංහල සිංදු හන්දා මම කැමතිම හිංදි සින්දු 10 ගැන ලියන්න.  ඔන්න එහෙනම් මගේ හිංදි ටොප් 10 එක මෙන්න.

1,

මම නුඹට බොහෝ සෙයින් ප්‍රේම කරමි. නුඹට සාක්ෂියක් ඕන නම් දෙවියන් වුව නම් කිරීමට මම කැමැත්තෙමි. ඒ තරමටම මම ප්‍රේම කරමි.  මගේ ජීවිතේ හැම මොහොතකම ආරම්භය නුමයි. ජීවිතයේ නොසන්සුන් කම නුඹයි. නුඹ දවසක මගේ වන දිනක මම හැම දෙයක්ම කියන්නෙම්. මම නුඹට ප්‍රේම කරන තරම්.


2,

මේ පොද වැස්ස අතරින් යලිත් නුඹ එනවද? මේ නුඹට එන්න කියන වස්සානයයි.  හදවතේ ගැහෙන රාවයට නුඹේ ආදරය නමින් අළුත් තනුවක් එකතු විය. හරියටම කෙනෙකුගේ සොදුරු ස්වර සුසංයෝගයක් වගේ. ඇස් වලින් ඒ ආදරයත් අරන්, ඉතින් එනවද? මේ පොද වැස්ස අතරින් ඉතින් නුඹ එනවද?


3,

ඇයි ඔයා මේ නිහඬවෙලා. ඉතින් ලඟට එන්න. ඇයි මේ තරහා වෙලා. දැන් වත් යාළු වෙනකෝ. හිතේ තියෙන දේ මට කියන්න. හිතේ තියන් නිහඬවම ඇයි ඔයා.  මම දන්නේ නෑ ඇයි ඔයා තරහා කියලා. සමහරවිට නොදැනුවත්වම මගෙන් වරදක් වුනාද? මට මේක විතරක් කියන්න. මගේ වරද්ද මොකද්ද? ඊට පස්සෙ දෙන ඕන දඬුවමක් දෙන්න. මොනවම හරි කියන්න. මෙහෙ නිහඬවම ඉදන් මාව රිද්දවන්න එපා.


4,

හෙමින් හෙමින් මගේ ජිවිතයට එන්න. හෙමින් ඇවිත් මගේ ජීවිතයම හොරා ගන්න. මම ඔයාට කොච්චර ආදරේද කියලා දැනගන්න. ඔයාව මුණ ගැහිලා ඒ ආදරය ගැන කියන්නම්. ඔයාව දැක්ක වෙලාවේ ඉදන් හදවතට නිදහසක් නැති තරම්. මෙගෙ දෙතොල් අග නුඹේ නම ඇරෙන්න වෙනත් දෙයක් නොමැති තරම්.


5,

මේ සිතල මද පවන්, මේ නිදහස් අහසක්. බලන්න අපිව කොහේද අරන් ඇවිත් තියෙනෙ කියලා. මගේම ආදරයත් එක්ක. මේ පරිසරයෙන් මගේ ජීවිතේ වෙනසක් ඇති වුනා. මට නුඹව ලැබුනයින් හැම  සතුටක්ම මගේම වුනා. නුඹේ දෙතොල් අතර හුස්මක් මම වින්දා. නුඹේ දෙකම්මුල් වල මෘදු බවක් මම දැක්කා. නුඹේ සුවදට මගේ හිතටම ආකර්ශණය වෙලා.



6,

මේ නිසංසල අහසක් යටට සඳක් පැමිණ්යාම, ආදරයෙන් මගේ හිත උතුරා යනවා. මටත් එවන් සහකාරියක් හිටියානම්, මගේ හිතේ ඒ ආදරයට ඉඩක් දෙන්න. මේ බිංදු බිංදු ඇද වැටෙන වැස්ස මගේ හිතම තෙමා දාද්දී, මගේ හිත වේදනා විදියි. නුඹත් ලග නැතුව ඒ ආදරේ විඳගන්න.


7,

නුඹමයි මගේ හදවත, නුඹමයි මගේ ප්‍රාණය. නුබමයි අහිංසක, නුඹමයි දඟකාර. පෙනුමෙන් නුඹ පොඩි එකෙක් උනාට, වැඩ වලින් නම් අපිටත් වැඩිය පණ්ඬිතයි. මේ කරන දඟ වැඩ වලින්ම හැමෝගෙම හදවතත් දිනන්නේ නුඹයි. මමත් තනියමයි. නුඹත් තනියමයි. ඉතින් අපි එකතු උනාම තවත් කොහේද තනිකමක්.


8,

මගේ හිතත් කොච්චර පිස්සුද, මේ තරමටම ඔබට ආදරේ කරන්න. ඒත් ඔබ මගේ ඉස්සරහට එන හැම වෙලාවකම ඒ කිසිම දෙයක් මට කියාගන්න බැරුව මගේ හිත බය වෙනවා.  මම කොච්චර් තේරුම් කරන්න උත්සහ කලත් ඒ කිසි දෙයක්ම තේරුම් නොගෙන දවස් ඔහේ ගෙවිලා යනවා. 


9,

මේ අහන්න, සොඳුරියේ මේ අහන්න. මේ නිහැඬියාව අද හිතට ගේන්නේ දුකක්. මගේ හද ගැස්සම පීඩාකාරීයි. හදවතත් මොන මොනවදෝ කියනවා වගෙයි.  අපි එක්ව ගෙවුන හැම මොහොතක්ම අතීතයට එකතු වෙලා වුනත් මට ඒ හැම දේකම මතයන් අළුත්.  මට දැනෙන්නෙ මහා අසරණ කමක්. කියන්න මම මොකද කරන්නේ කියලා. මගේ හද ගැස්සම පීඩාකාරීයි. හදවතත් මොන මොනවදෝ කියනවා වගෙයි.


10,

මම කවියෙක් නම් නෙමෙයි. ඒත් ඈ හිනා වුනාම, ඒ දෑස් එක්ක මගේ දෑස් එක් උනාම මම ඉබේම වගේ කවියෙක් වුනා. මම ආදර වන්තයෙක් නෙමෙයි. ඒත් ඈ හිනා වුනාම, ඒ දෑස් එක්ක මගේ දෑස් එක් උනාම මට ඉබේම ආදරයක් ඇති වුනා. ආදරය ගැන මම අහලා තිබුනා උනාට ආදරේ ගැන මම දැනන් හිටියේ නැහැ. මම හිතුමතේ සැරිසරමිනුයි හිටියේ. 



ඔන්න එහෙනම් කැතිහිංදි සිංදු 10 මා මේ. මේ ටිතෝත්තෙත් බොහොමාරුවෙන්. හෙනම් අපි ගියා. මේකින අත් කැති සිංදු ටිගැලියාගෙමුකෝ එහෙනම්.

40 comments:

  1. ම්ම්ම්ම් නියමයි පහුවෙලා හරි මෙහෙම දාපු එක, මේ හැම සින්දුවකට වගේම මමත් බොහොම මනාපයි...ඔව් හැමෝම දැම්මේ සිංහල ගීත තමයි හැබැයි තවා කීප දෙනෙක් හින්දි ඒවත් වෙනම පෝස්ට් එකක දැම්මා. මමත් දැම්මා කලවන් මැල්ලුමක් මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක.

    http://kavisandalla.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. මම මේක හොරෙන් කියවලා සද්ද නොකර හිටියා. ^_^

      Delete
  2. යකෝ ඉයන් එක රැල්ලක් හැදුවා. දැන් හින්දි රැල්ලක් හදන්නද?.

    ReplyDelete
    Replies
    1. රැලි නම් මොනවද ඉතින්, ඔය ඕන තරම් හැදෙන්නේ. කට්ටියට සිංහල ඒවා ගැන දැම්ම හන්දා මම හින්දි ටිකක් දැම්මා.

      Delete
  3. අලුත් හින්දි ගීත අඩුයි නෙ, අලුත් ගීත වල පරණ තරම් රස, පාට නැද්ද වර්ණ?

    ReplyDelete
    Replies
    1. අලුත් ඒවා සමහරක් ලස්සන උනාට එක දිගට අහන්න තරම් හිතට වදිනවා අඩුයි. ඒත් මේවා ඕන වෙලාවක මූඩ් ෆික්සිං නේ.

      Delete
    2. http://lepataheena.blogspot.com/2016/10/top-ten.html
      අයියෙ මෙන්න මගෙ ටොප් 10

      Delete
    3. කියෙවුවා කියෙවුවා.

      Delete
  4. 1, 7, 8 මාත් කැමතිම කීපයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක ඉතින් ඕල් ටයිම් ග්‍රේට් හිට් එකක් නේ.

      Delete
  5. මං නං හින්දි සෝංග්ස්වලට ලයික් නහී.

    විචාරක ආවා ම දායි මධුබාලා ගේ, වෛජයන්තිමාලා ගේ, නර්ගීස් ගේ වීඩියෝ ක්ලිප් ටිකක්.

    ReplyDelete
    Replies
    1. පුදුමයි ලයික් නහී කිවුවා. ඔය 90ස් වල ෆිල්ම් පට්ට ගහපු කාලය් ඉතින් අපිටත් තිබුනනේ.

      Delete
    2. හැක්. ඔය ලයික් නහී කිව්වේ, ලයික් කරන්නේ නැහීගෙන කියන එකයි.

      ටිකක් කම්මැලියි. සති අන්තයේ විතර පෝස්ට් එකක් දාන්නම්.

      Delete
    3. දාන්න දාන්න. අපි බලාගෙන ඉන්නෝ.

      Delete
  6. නියමයි.
    මාත් ආස අලුත් හින්දි ඒවට වැඩිය ඔය සාජන් ආව කාලෙ ඉඳල තිබ්බ ඒවට තමයි.

    ReplyDelete
    Replies
    1. සාජන් ආව කාලේ ඒවා විතරද? ඇයි ලඟදි ආව ෆීල්ඩ් මාර්ෂල් කාලේ ඒවා?

      Delete
    2. ඒ ෆිල්ම් තාම රිලීස් උනේ නෑ නේද? හැක්..

      Delete
    3. ප්‍රසන්න අයියා, පරණ ඒවා අපිට තේරුම් ගන්න ලේසියි. අන්න ඒකයි වෙනස. දැන් ඒවා එහෙම නෑ.

      Delete
    4. විචාරක තුමෝ, ෆීල්ඩ් මාර්ෂල් කාලේ ඒවයේ කුණුහරප වැඩියි නේ.

      Delete
  7. වැඩියෙන්ම තියෙන්නෙ පරණ හින්දි සිංදු. ලස්සන සිංදු තිබ්බ. අහල නැති සිංදු දෙකකුත් තිබ්බ. 5 වන සිංදුවේ Tamil version එක ෆෝන් එක ට දාගත්තෙ ඊයෙ රෑ .... මම ආසම හින්දි සිංදු ගොඩක් තියෙන්නෙ මෑත කාලෙ ගායකයන්ගෙ එයාලගෙනුත් Arijit ගෙ සිංදු ඕනම එකකට ආසයි. හින්දි සිංදු වලනම් හොඳම 10 කියල තෝරන්න බැරිවෙයි මටනම් ඒ තරමට ආස සිංදු ගොඩක් තියනව.

    ReplyDelete
    Replies
    1. ලගදි ආව ෆිල්ම් වලත් හොද ඒවා නැතුවම නෙමෙයි. ඒත් මේ වගේ හිතට වදින ඒවා නෑ. ඔය පළවෙනිම සිංදුව එහෙම තව කොයි කාලයක් උනත් කිසි අවුලක් නැතුව අහන්න පුළුවන්නේ.

      Delete
  8. මෙන්න මගෙන්:
    සාරිය වැ‍ටුනා
    ඩෝලෙ ගැහිල්ල
    සැකුරිටි ඔපිසර
    චොප්රගෙ සිංදුව
    ඔව්වා උඹට හොඳ පාඩං


    හා , අර බ්ලොග් රෝල් අප්ඩේට් නොවෙන එක ගැන තව ටිකක් විස්තර හොයා ගත්තා. මේ ලඟදි බොලොගර්ලා http ඉඳලා ඔක්කොම බ්ලොග් https -secure encryption sites වලට හැරෙව්වා . ඒකෙන් RSS feed එක වෙනස් වුනා. මට තේරෙන විදිහට බ්ලොග් රෝල් අප්ඩේට් අවුල් වුනේ ඒකයි. ඔහෙල , අපිට මුකුත් කරන්න දෙයක් නෑ, දැන් එයාලම ඒක හදලා වගේ.

    ReplyDelete
    Replies
    1. තෝරලා තියෙන සිංදු ටික නම් නියමයි :D

      Delete
    2. ඩෝලේ ගැහිල්ල......ශ්‍රියා ගොශාල්- ඔස්මාන් මිර්
      සෙකුරිටි ඔෆිසර......ශ්‍රියා ගොශාල්..රෙහට් ෆතේ අලිකාන්
      සාරිය වැටුනා.....නකාශ් අසිස්, අන්තාරා මිත්‍රා
      චොප්‍රගේ සින්දුව.....භූමි ත්‍රිවේදි
      ඕවා උඹට හොඳ පාඩම්.....අරිජිත් සිං

      බස්සො....ලස්සන සිංදු ටික. මේ ගායක ගායිකාවන්ගේ විවිධ කටහඬවල් සහ හසුරවන විදිහ නියමයි. අනිත් එක මියුසික්.

      දිනේශ්ගේ තේරීම වගේම මේකත් මරු. මේ ගායක ගායිකාවන්ගේ නම් ටික දැම්මේ රාෆිලා, ලතාලා වගේම මොවුනුත් දක්ශයෝ කියලා හිතුන නිසා. නමුත් මේ ශිල්පීන් ගැන සිංහල මාධ්‍යයේ කතාවෙනවා අඩුයි.

      Delete
    3. මුලින්ම කියන්න ඕනෙ ඩෝලෙ ගැහිල්ල , සැකුරිටි ඔපිසර නං දෙක මාරු වෙලා . මං හිතන්නෙ සුද්දො අපිට "අවුල්" කියන්නෙ මේක දන්න නිසා වෙන්ටෑ?

      @ මෙඩුසා
      බොහොම සතු‍ටුයි

      @ අරූ

      බොහොම ස්තූතියි අරූ. මේ අපිට අතපසු වෙන ඒත් වැදගත් දෙයක්, ගායක, ගායිකාවන්ගෙ නම් ගම්.

      ඔය හින්දි සිනමාව ගැන ඉන්දියන් බස්සෙක් මෙහෙම කිව්වා:

      Some of the finest work of Hindi cinema comes from way beyond the Technicolor era. To be more specific, from the black & white era of the Hindi cinema.

      මමත් ඒකට එකඟයී. මට හිතෙනව අරූ , මට වඩා මේවා ගැන දන්නවා ඇති කියලා. මේ ගැන සංවාදයකට අවස්ථාවක් එනතෙක් මෙන්න මගෙන් පැරණි රසාංගයක්:

      හැඳින්වීම: වැස්ස, හීතල කොහොමත් මම කැමති දේවල්. හිතන්න, සට . සට ගාල වෙව්ලන කොට උණු තේකක් බිබී, වැස්සෙ හඬ අහගෙන ඉන්නවයි කියලා

      එන්න, චායි එකක් බොන්න

      තවත් ලස්සන සිංදුවක් වෙන කපූර්ගේ අපූර් අසම්මත ආදරේ සිංදුව , දාලා අරූට ආයෙ , ඉඳලා හිටලා හරි ලියන්න කියා ඉල්ලමින්, දැනට නවතිනවා

      Delete
    4. බස්සෝ...මේ සියල්ලක්ම සීරුවට කතා කරමු මෙහෙම හම්බවෙන වෙලාවක. කියන්න බොහෝ දේ තියෙනවා. මට උඹ දාපු සින්දු දෙක ඇතුලේ ඉන්න රාජ් කපූර් හරහා මට අපේ තාත්තාව පේනවා. ඒ පෙනුම නිසා. අපි හෙමින් කතා කරමු.

      නිකං ඉන්න වෙලාවක බොහිමියානුවා...මද්දහන...විභාග ෆේල් කියන ටෙලි නාට්ටි බලන්න, මේ නාට්ටි ඉවරකරපු හැටි පිලිබඳ මට පොඩි පොඩි විචාර තියෙනවා. බොහිමියානුවා සීරුවෙන් බලන්න. " මුඩු බිමක අස්වැන්න..ගොළු තාත්තා "කියන ටෙලි නාට්‍ය කොහොම හරි බලන්න. හෙමින් සාකච්ඡා කරමු.

      බිත්තර කරියට, හොද්ද උතුරලා ස්ලෝ ඩව්න් වෙනකොට බිත්තර දාන්න. නැත්නම් හැම තැනම විසිරෙනවා. අපේ ජීවිත වගේ :D

      Delete
    5. දැන් තමා ග්‍රොසරි ෂොපින් ගිහින් ආවෙ. උයන්නත් ඕනෙ,. බිත්තර කරිය ගැන උපෙදේසෙටත්, නාට්‍යය ගැන හෝඩුවාවටත් පිං.

      Delete
    6. බස්සා, අම්මපා උඹ සිංදු වල ලින්ක් නම් කරල තිබුන විදිහට මම බැලූවා මොනාද යකෝ මේ සිංදු කියලා. හෙහ්.

      Delete
    7. අරූ අයියේ, ඔයා කියන්න වගේ මේ කටිටිය වොයිස් හැන්ඩල් කරන විදිහනම් සුපිරියි තමයි. විශේෂයෙන් ශ්‍රියා ගෝශාල්. මම අහන්න ආසම හඬක්. ඒක් ඔරිජිනල්ම හඬක්. අනිත් ගොඩක් අයගේ වගේ එඩිටින් නෙමෙයි.

      Delete
    8. අහ්, තව දෙයක්. බොහිමියානුවා, ගොළු තාත්තා කතා ටික නම් මමත් බලලා තියෙනවා. ඒත් අන්තිම කොටස් ටිකක් මඟ ඇරුනා. ඒත් විභාග ෆේල් එක නම් මට එච්චරම අල්ලලා ගියේ නෑ. ඒකෙන් බැළුවේ නෑ.

      Delete
  9. අහලා නැති සිංදු වුනාට හරිම ලස්සනයි. හරිම ආදරණීයයි. මොකෝ දන්නේ නෑ ඒ වගේ සිංදු දහයක්ම තේරුවේ? :P

    ReplyDelete
    Replies
    1. මෙන්න මම කැමති සිංදු කීපයක් :)

      Ra.one : Chammak Challo, Dildaara

      Race 2: Be Intehaan

      Delete
    2. ඔය සිංදු ටික මම දන් අහන්නේ අවුරුදු ගානක ඉදලා. හිතට දැනුන නිසා. ඒක තමයි විශේෂේ ඉතින්.

      රා- වන් එකේ සිංදු එහෙම සෑහෙන්න ජනප්‍රිය උනානේ. කැමති උනාට නිතර නිතර අහන්න තරම් ඕනකමක් හිතට එන්නේ නෑ.

      Delete
  10. වාව්. ඒත් ඉතිං අපිටනම් හින්දි ගීත වලතේරුම වැටහෙන්නේ නෑනෙ . මෑතකදි අහපු ගීත වලින් sanam theri kasam චිත්‍රපටයෙ ගීත වලට නම් මං කැමතියි . තව Ankit Tiwari, Mohammed Irfanගෙ ගීත වලටත් කැමතියි . පැරණි ගීතත් බොහොම සුන්දරයි . ස්තුතියි ගීත එකතුවට .

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉතින් ලොකුවට තේරුමක් ඔළුවට එන්නේ නෑ. ඒත් ලාවට වගේ අල්ලගෙන හිතාගන්න පුළුවන්. පරණ ඒවයේ තියෙන විශේෂයත් ඒකයි මම හිතන්නේ..

      Delete
  11. Nile nile ambar par ගීතයයි, ඊට පහළින් තියෙන Tu mera dil, tu meri jaan ගීතයයි මම ගොඩක් කැමති ගීත දෙකක්. මේ තියෙන්නේ මම තෝරපු, මගේ ආසම හින්දි ගීත. :)

    ReplyDelete
    Replies
    1. අමීර් කාන් ඉන්න සිංදුව හිතට වදිනවා සෑහෙන්නම. තාත්තා කෙනෙක්ගෙයි පුතෙක්ගෙයි ආදරේ හරි ලස්සනට ඒ සිංදුව අතරේ තියෙනවා.

      Delete
  12. මගේ හින්දි ටොප් 10 එක දාන්න පමා උනා ඒත් කමක් නැහැනේ

    1 Kud ko tere - 1920 Evil Returns

    2 Wada Raha Pyaarse Pyaarka - Khakee

    3 Pyaar ka anjaam - Bewafaa

    4 Gunguna Rahe - Aradhana

    5 Manwa Laage - Happy New Year

    6 Khilthehe Gul Yahaa -Sharmilee

    7 JO wada kiya who - Taj Mahal

    8 Dhoom Machaale - Dhoom3

    9 Main Agar kahoo - Om Shanthi Om

    10 Desa Rangila - Fanaa

    කොහොමද හරියට අයිස්ක්‍රීමුයි අච්චාරුයි වගේ නේද :)

    ReplyDelete
  13. මගේ හින්දි ටොප් 10 එක දාන්න පමාවුනා , ඒත් කමක් නැහැ කියල හිතුවා.මට මේකෙ වීඩියෝ එක ගන්න බැහැ . කැමති කෙනෙක් අහල බලන්නකො.

    1. Kud ko Tere - 1920 Evil returns


    2. Wada Raha Pyaarse Pyaarka - Khakee


    3. Pyaar ka Anjaam - Bewafaa


    4. Gun Gunarahe - Aradhana


    5. Khilthehe Gul yaha - Sharmilee


    6. Manwa Laage - Happy New Year


    7. Jo Wada kiya who - Taj Mahal


    8. Dhoom Machale - Dhoom 3


    9. Main Agar kahoo - Om Shanthi Om


    10. Desa Rangilaa - Fanaa


    අයිස්ක්‍රීමුයි , අච්චාරුයි වගේ නේද හරියට :)

    ReplyDelete
  14. මචෝ, සොරි වෙන්නොනේ.
    ටිකක් පරක්කු වෙලා තමයි මේ හින්දි පොස්ට් එක දැක්කේ.
    සමහර සින්දු නම් මම අහලත් නැහැ. එත් ඒවායේ පවා අමුතු ලස්සනක් තියෙනව කියල දැනෙනවා.

    පොඩ්ඩක් හිටහන්, මාත් දානවා ටොප් හින්දි 10 ක්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්