Tuesday, 2 August 2016

පතිනිවත


ඇය බොහෝම තදින් මට තුරුළු වුණා. මම ඇගේ නළල සිප ගත්තා. ඇය හිටියේ ඒකට හුඟක් ආශාවෙන්. ඇගේ පියවිලා තිබුණ දෑස් දිහා මම ටික වෙලාවක් බලාගෙන හිටියා. මේ යහනේ අපි මේ තුරුළු වෙන්නේ කී වෙනි වතාවටද කියලා දන්නේ නෑ. ඒත් ඇය වගේම මමත් ඒක විඳිමින් හිටියා.

අපි අපේ ශරීරයන් බොහෝම ආශාවෙන් පිනවමින් හිටියා. එක එක ඉරියවු, වෙනස් තෘප්තීන් එක්ක අපි ඔහේ පාවුණා. මම ඇය වගේම ඇය මාවත් විඳගනිමින් හිටියා. ඇගේ පියවුණ දෑස් අතරම වේගයෙන් ගැහුණ මගේ හදවතත් අපි දෙන්නගේ සිරුරු එකට තද කරලා නතරකර ගත්තා. ඇය ඇස් ඇරලා මං දිහා බලද්දී මම ආයෙම වතාවක් දෙතොල් සිප ගත්තා.

රාත්‍රි වෙනදා වගේම ගෙවෙමින් තිබුණා. ඇදේ පැත්තක ඇය ඇය විවේකීව වැතිරිලා හිටියේ වෙනදට වඩා වෙනස් හැඟීමකින් කියන එක මගේ හිතට දැනුණා. මේසේ උඩ ඉතිරි වෙලා තිබුණ වයින් වීදුරු දෙකට තව ටිකක් වයින් එකතු කරන් මම ඇගේ ළගට ආවා. වීදුරුව අතට ගත්තත් ඇය හිටියේ ඒක රසවිඳින්න තරම් ඕන කමක නෙමෙයි.

ඇයි මොකද්ද ප්‍රශ්නේ?’

මම ඇය ළඟින්ම වාඩි වුණා. ඇගේ නිරුවත් සිරුර පුරාම තැවරුණ දහඬිය බිඳු හිත ආයෙම හැඟීම් වලින් පුබුදුවන තරම්. ඒත් ඇය හිටියේ ළගම තිබුණ කවුළුවෙන් ඈත බලාගෙන. හරියට මගේ වචන නොඇසුන ගානට. මම හෙමීට ඇගේ කෙටි කෙස් කළඹ අතරින් අතැගිලි ගෙනියන අතරේ ඇගේ පිට සිප ගත්තා.

මට ඔයා එක්ක දෙයක් කියන්න තියෙනවා.’

ඇය අන්තිමේ ඇගේ කටහඬ අවදිකලා. හඬේ තිබුණේ වෙනදට වැඩිය බිඳුණ බවක්. අස්ථාවරකමක්. ඇය එහෙමම ටික වෙලාවක් කවුළුවෙන් එපිට බලාගෙන හිටියා. මම නිහඬවම දිහා බලාගෙන හිටියා.

මම ප්‍රෙග්නන්ට්.’

ඇය මගේ ඇස් දිහා බලාගෙනම උත්තර දුන්නා. හැමදෙයක්ම නිහඬවෙලා ගියා වගේ හැඟීමක් අපි දෙන්නා අතරේ රැදුනා. මම ඇස් දිහා වගේම ඇස් මගේ දිහාත් බලාගෙන හිටියා. හිතේ සතුටක් රැදුණත් ඇස් වල මහා අමුත්තක් තිබුණා.

කෝ එන්න.’

මම ඇයව ළඟට තුරුළු කර ගත්තා. නිරුවත් සිරුරු අතරි අපේ හදවත් ගැහෙන හැටි අපි දෙනටම දැනුණා.

තව දෙයක් මට ඔයාට කියන්න ඕන.’

ඇය මගෙන් ඈත් වුණා. අතේ තිබුණ වයින් වීදුරුවෙන් ටිකක් බිවුව ඇය නැඟිටලා ගිහින් තරවුණේ කවුළුව ළග. යන්තම් එළියත් එක්ක ඇගේ නිරුවත් ගතේ අමුතුම සුන්දරත්වයක් හැංගිලා තිබුණා.

මම ඒක නැති කර ගත්තා. මට සමාවෙන්න.’

විඳුලියක් වගේ හැඟීම් බොහෝමයක් මගේ මනසත් හදවතත් අතරේ ගමන් කරන්න වුණා. අනපේක්ෂිත සතුටක් එක්ක ආව බලාපොරොත්තු නොවුන හැඟීම් කීපයක් මගේ සිතුවිලි නතර කරලා තිබුණා.

ඇයි?’

මට අහන්න පුළුවන් වුණේ එච්චරයි. මම ඇය ළඟට ගියා. ඇගේ මුහුණේ තිබුණේ තේරුම් ගන්න ආමාරු හැඟීම් ටිකක්.

මම දැන්ම ඒකට සූදානම් නෑ. මගේ කසාදය වෙනස් එකක්. මෙලීසා කැමති එයා ළමයෙක් හදන්න. අපි දෙන්නම පොරොන්දු උණේ ඒකට. දැන් මම ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තොත් එයාගේ හිත හුඟක් රිදේවි. අනිත් දේ මම මෙහෙම මගේ හොදම යාළුවා එක්ක නිදාගන්නවා කියලා එයා දන්නෙත් නැහැ.’

ඇය අගේ තීරණය සාධාරණිකරණය කරමින් හිටියා. හඬේ තිබුණේ ස්ථාවර බවක්. එක් මොහොතකටවත් ඇය මගේ දිහා බලන්න උත්සාහ කළේ නෑ. අඳුරු රාත්‍රී අහස දිහා ඇය බලාගෙන හිටියා.

මට බැහැ ඔයාටත් බරක් වෙන්න. මට ඕන වෙලාවට මාව සම්පූර්ණ කරන්නේ ඔයා. ඒකේ සීමාව මම දැනන් ඉන්න ඕන.’

ඒක හරි ඒත්,’

මන් දන්නවා ඔයා හිතන දේ. මම මේ තීරණේ ගන්න කලින් ගැන දැන ගන්න අයිතියක් ඔයාටත් තියෙනවා. ඒත් මට සමාවෙන්න.’

මම ඇගේ ඇස් දිහා මොහොතක් බලාගෙන හිටියා. කවුළුව ළග ඇය තනි වෙද්දී මේසය උඩ ඉතුරු වෙලා තිබුණ වයින් බොතල්න් තව ටිකක් මගේ වීදුරුවට දා ගත්තා. හිත තිබුණේ වෙන කොහේදෝ ඈතක. වරදකාරි හැඟීමක් මගේ හිතට හෙමීට තට්ටු කරන්න වුණා.

මගේ දරුවෙක්.’

මගේ හිත මටම හොරෙන් මුමුණන්න වුණා. සතුට වගේම දුක මුහු වුණ වේදනාකාරි හැඟීමකින් හිත පිරිලා යද්දී ඉතුරු වයින් ටික බොහොම ඉක්මනින් මගේ විදුරුවෙන් හිස් වෙමින් තිබුණා.

ඔයා දැන් ඕක ගැන හිතන්න එපා.’

ඇගේ ස්ථාවර සැහැල්ලු කටහඬ ටික වෙලාවකට පස්සේ මට ඇහුණා. ජීවිතේ පළවෙනි වතාවට පීතෘත්වයක හැඟීමකින් මගේ හිත පිරිලා තිබුණා. මගේ හිතේ තිබුණේ හිමි වී ගිය කළලය. ඇයටත් මටත් වැඩිය ජීවිතේ ලොකුම අසාධාරණයට මුණ දුන්නේ කළලය කියන එක මතක් වෙද්දී මධුවිතට වඩා සැරකින් මගේ ආත්මයමම පිච්චිලා යන්න වුණා.

දෑස් වලට නැඟුණ කඳුළු මම ඇයට නොපෙන්න හංඟගත්තේ ඇගේ නිරුවත් සිරුර මගේ ඇග වටා වෙලෙද්දී. මගේ හිත හුඟාක් වේගෙන් ගැහෙමින් තිබුණා. වේදනාවෙන්. මගේ දෙතොල් වලට ලං වුණ ඇය මාව සනසන්න වුණා.

අපි තව පාරක් ඉමු. මේ හැමදේම අමතක වෙන්නත් එක්ක.’

ඇගේ කැමත්තට යහන් ගත වුණ මම හැඟීම් විරහිත වේදනාකාරි රමනයක ඇය සමඟින් එකතු වෙමින් හිටියා.


නිමි.

31 comments:

  1. impressive...

    මේ වගේම නැතත්, මේ හා සමාන අත්දැකීමක් තියෙනවා. බෙදාගන්න බොහොම අපහසුයි . ඔබ එය ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේක කොහේ හරි කොතනක හරි සිද්ද වෙන්න පුළුවන් කතාවක්. ඒ නිසා සැබෑ ලෝකයට බද්ද වීම පුදුමයක් නෙමෙයි.

      බොහොම ස්තූතියි.

      Delete
  2. උඹලව ගෙදරකට ගන්නවත් බයයි නේ බං.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ ඉතින් කතාවක්.

      Delete
  3. //ඇගේ ස්ථාවර සැහැල්ලු කටහඬ ටික වෙලාවකට පස්සේ මට ඇහුණා. ජීවිතේ පළවෙනි වතාවට පීතෘත්වයක හැඟීමකින් මගේ හිත පිරිලා තිබුණා. මගේ හිතේ තිබුණේ ඒ අහිමි වී ගිය කළලය. ඇයටත් මටත් වැඩිය ජීවිතේ ලොකුම අසාධාරණයට මුණ දුන්නේ ඒ කළලය කියන එක මතක් වෙද්දී මධුවිතට වඩා සැරකින් මගේ ආත්මයමම පිච්චිලා යන්න වුණා//

    සෙල්ලම ගිය විදියට එච්චර හැඟීමක් ඇතිවුනා කියල හිතන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි.

      ඒත් කවුරු උනත් මිනිස්සුනේ. ඒ කෙනාගේ හිත අනුව ඕක වෙනස් වෙන්න පුළුවන්. අපෝ ලොකු දෙයක් ඕක කරපු එක වගේ හැඟීමක් තව කෙනෙක්ට එන්න පුළුවනි.

      Delete
  4. අපූරුයි දිනේශ්. මොහොතකදි මී සේ මිහිරි තවත් මොහොතකදි හැගීම් විරහිත වේදනාකාරි වූ 'රමණය'. මට මතක් වුනේ සියල්ලටම මුල් වන්නේ මනස යන්නයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මනස අපිව පාලනය කරන විදිහටනේ හුඟක් දේවල් වෙන්නේ. මේකත් අන්න ඒ වගේ කතාවක්.

      Delete
  5. හැමදාම වගේම අදත් නිර්මාණශීලිත්වයෙන් ඉතාම ඉහලයි. නිර්මාණය මගින් සමාන ලිංගිකයන් අතර විවාහවල වැඩිය කතා නොවෙන පැත්තක් බලන්නට යොමුකරන්න ඔබ උත්සහ කලාද කියලත් සිතිවිල්ලක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔබ හරි. සමලිංගික විවාහයන් වුනත් සමහර වෙලාවට ඔවුන්ගේ අසම්පූර්ණ හැඟීම් ආසාවන් තියෙන්න පුළුවන්. ඒ නිසා මේක බොහෝම සරළ සිදුවීමක්.

      Delete
    2. සම ලිංගිකතත්වයට කැමති නමුත් සමාජයෙන් එන පීඩනය නිසා විසම ලිංගික විවාහ වලට ඇතුලත් වෙන අය, පසුව නැවත සමලිංගිකත්වය සොයාගෙන යාම ලෝකයේ ඕනා තරම් කතා වී තිබෙනවා. (මේ ගැන ලියපු නිර්නාමික අදහස් වලින් පසුව තමයි මට සිංහලෙන් බ්ලොග් ලිවීම යෝජනාවක් ලැබුනෙත් ඉයන් බ්ලොග්කරු සහ අරුණ පෙරේරා ගෙන්.)

      සමලිංගික ඇසුරු වලට කැමති අයට සම ලිංගික විවාහ සිදුකරගැනීමට ඉඩ ලැබුණු විට බොහෝ ගැටළු විසදෙනවය කියන අදහසේ සමහර අය ඉන්නේ. නමුත් සමහර අය සමලිංගික ඇසුරු වලට යොමු වී තිබෙන්නේ ඇබ්බැහිවීම වැනි සමාජීය හේතු නිසා. එවැනි අය නැවත විෂම ලිංගිකත්වය කැමැත්තක් දක්වන්න පුළුවන්. නමුත් මේ ගැන ඇතිවන කතාබහ සාපේක්ෂව බොහොම අඩුයි.

      ඉයන් ඔබ මේ බ්ලොගය කියවනවා නම්, වර්ණගේ නිර්මාණයෙන් මතුකරන වර්ණවත් කතාව ඔබගේ පැරණි ලිපියට බොහොම වැදගත් එකක් බවයි මම හිතන්නේ.

      Delete
    3. එකගයි. සමලිංගික විවාහයකින් ඔවුන් බලාපොරොත්තු උන හැම දේම ඉටු වෙන්නෙත් නැහැනේ. ළමයෙක් හදාගන්න එක ගත්තොත් එතන ගැටළු තියෙනවා.

      අනිම ලෙසබියන් කපල් නම් ගොඩක් වෙලාවට ළමයෙක් හදාගන්න පිරිමියෙක් හොයන් යනවා. වෙනත් ක්‍රම තිබුනත් ස්භාවික විදිහට යන්න ඔවුන්ට ප්‍රශනයක් නෑ. එත් එතනදි වෙන්නේ අලුත් බැදීමක එකතු විමක්.

      සමලින්ගික උනත් අනිත් පාර්ශවයට ආකර්ශනය වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ හන්දා ඔවුන් ගොඩක්ඩ් දුරට සාර්තක නැහැ.

      Delete
  6. අරුම පුදුම කතාවක්...ලියල තියන විදිහ අපූරුයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  7. දිනේෂ්ගෙ උත්සහය අගය කරන්න ඕන අපිට වැඩිය නොපෙනෙන පැත්තක් කතාවෙන් එළියට අරන් පෙන්නල දෙන එක ගැන.

    ReplyDelete
    Replies
    1. සමාජයේ තවත් එක පැතිකඩක්. ලංකාවට නම් තාම නුහුරු දෙයක් උනත් අනිත් රටවලට බොහෝම සරළ සිද්දියක්.

      Delete
  8. මනුස්ස හිත වෙනස් වෙන වේගය තමා... ලිංගික තෘප්තියට එපිටින් තියන හැඟීමක් ලිංගිකත්වය ඔස්සේ සොයා යාමේදී උන වල්මත් වීමක් වගේ දෙයක් ගස්ලබ්බට පෙනෙනවා...
    ඇබ්බැහියක් හෝ වෙනත් සමාජ හේතූන් මත සමලිංගිකත්වය තෝරාගත්තවුන්ගේ හැසිරීම් වල වල්මත්වූ ගතිය විටෙක ප්‍රශ්නකාරී.
    මේ තියෙන්නෙ ගස්ලබ්බගෙ සත දෙක..
    http://gaslabba.blogspot.com/2015/03/blog-post_8.html
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලිංගික තෘප්තිය එක්ක එන හැඟීම් ගොඩක් වෙලාවට ප්‍රශ්ණකාරි. මම කියන්නේ අවසාන හැඟීම.

      විශම ලිංගික හෝ සමලිංගික මිනිස් බැදීම් විවිධයි. හැඟීම් අසම්පූර්ණනම් ඔය දෙකේදිම හැමෝම වල්මත්.

      Delete
  9. //මම දැන්ම ඒකට සූදානම් නෑ.//
    අපුරුයි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. හැමදේම බාරගන්න පුළුවන් වයසකුත් තියෙනවනේ.

      තෑන්ක්ස්.

      Delete
  10. හැමදාම අහන මේ වගේ කතාවල තියෙන්නෙ කෙල්ල ප්‍රෙග්නන්ට් කොල්ල කළලය මරන්න හදනව. මේක වෙනස්ම පැතිකඩක්. මැරිච්ච කළලය වෙනුවෙන් දුක් වෙන කොල්ලෙක් ගැන,කොල්ලට දැනෙන හැඟීම මේ දේවල් මේ වගේ සිද්ධි ගැන කලින් කියවපු කතාවලදී හිතිලම නැහැනෙ.ලස්සනයි අය්යෙ..

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලෝ ලියන්නේ කෙල්ලන්ගේ පැත්තෙන්. කොල්ලො ලියන්නේ කොල්ලන්ගේ පැත්තෙන්. ඒ කොහොම වුනත් මිනිස්සු හැඟීම් අස්සේ හිරවෙන තැන් වලදී හැමෝම හුදෙකලා වෙලා යනවා.

      Delete
  11. මේ මාතෘකාව ලාංකික සමාජය තුල තවමත් අභියෝගයට ලක්වෙනවා.

    ReplyDelete
  12. Breakdown of feelings
    ම්ම්ම්ම්
    මොනවා?
    හුටා!
    ඇති යාන්තම්.
    ඇති යාන්තම්?
    අපරාදේ.
    හම්ම්

    එල!

    ReplyDelete
  13. කොල්ලෙක් තමන්ගෙ රහස් සම්බන්දෙක කළලය නැති ගත්ත එක සතුටින් විඳින්නෙ නැතුව ඒ මගේ දරුවෙක් කියල දුක් වුන එක අමුත්තක්...ඒත් ලස්සනයි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්