Tuesday, 19 July 2016

පිබිදීම - දෙවන කොටස


රාත්‍රී අඳුර අතරින් සෙමින් ඉදිරියට ඇදුනි. වැරහැලිව ගිය සුදු ඇදුම රාත්‍රී අඳුර තුළින් හොදින්ම කැපී පෙනුණි. මිනිසුන්ගේ ඇස් වලට නතු නොවෙමින් පහසුවෙන්ම පල්ලියට ඇතුළු වන්නට ඇයට අපහසුවක් නොවිණ. අතරින් පතර නිමා දමා තිබූ විදුලි පහන් නිසාම පල්ලිය තුළ වූ අදුරු බව මනාසේ ප්‍රයෝජනයට ගත්තාය.

සිහින් හඬවල් නංවමින් ඇය පියගැට පෙළ නැග්ගාය. මුහුණ වැසී යන්නට ඉදිරියට වැටුණ කොන්ඬය අතරින් රත් පැහැ දෑස් මේ අත කරකැවීය. නාස් පුඩු අසලටම ගලා විත් නතර වුණ ලේ බිඳු දෙකක් ඇගේ දෑස් යටින් කැටි ගැසී තිබිණ.

කාමරයට ඇතුළු වුණ ඇය කෙළවර වසා දමා තිබුණ මහල්ලාගේ මිනීය දෙස බැලීය. වෙතට ගමන් කල ඇය දුර්වර්ණ වූ රෙදි කඬ මතින්ම ඔහුගේ හිස අල්ලාගෙන යමක් මුමුණන්නට විය. ඇගිලි තුඩු අතරින් ගලා ලේ බිඳු රෙදි කඬ මත තැවරි තුළට කිදා බැස්සේය. කාමරයේ ජනේලය අතරින් හමාගෙන සුළගින් එහාට වුණ දුර්වර්ණ රෙදි කඩෙන් විවර වුණ මහල්ලාගේ අතැගිලි හෙමින් චලනය  විය.

***

අල්දීනි හා සෙත් කර්ගා නගරයේ රාත්‍රී නවාතැන් ගත්තේය. සවස් යාමයේ ඔවුන් සොයාගත් සලකුණු ඔවුන්ගේ හිත් වල තවමත් තිගැස්මක් ඇති කර තිබිණි. අල්දීනි පාළුවී ගිය ගොඩනැගිල්ලෙන් අර ගත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති ලුසිෆර්ගේ සලකුණු හා සංසන්දනය කරමිනි සිටියේය.

දහවල රස්නයට වඩා රාත්‍රී කාලයේ තරමක සීතලක් දැනෙමින් තිබුණි. හදිසියේම කවුරුන් හෝ ඔහුගේ කාමරයේ දොරට තට්ටු කරන හඬින් අල්දීනි තරමක් තිගැස්සී ගියේය.

කවුද?’

සර්, මම.’

මොකද සෙත් මේ වෙලාවේ?’

සර් අපිට දැන්මම පල්ලියට යන්න වෙනවා.’

ඇයි මොකද්ද ප්‍රශ්නේ?’

අර වයසක මනුස්සයගේ මිනිය පල්ලියෙන් නැති වෙලා.’

මොනවා?’

අල්දීනිට ඉන් එහාට කියන්නට යමක් මුවගට නොආවේය. ඉක්මනින් සූදානම් වුණ ඔහු සෙත් සමගින් පල්ලිය වෙතට ආවේය. වන විටත් ගමේ කිහිපදෙනෙක්ම පල්ලියේ පියතුමා සමග කතාබහේ යෙදෙමින් සිටියේය. නාඳුනන අමුත්තන් කෙරෙහි ඔවුන්ගේ වූයේ නුරුස්සනා සුළු බැල්මකි.

මම හිතන්නේ මහාචාර්ය තුමාට මේකට හොද පැහැදිලි කිරීමක් තියේවි.’

පියතුමා අල්දීනි එන දෙසට විත් උපහාසාත්මකව පවසද්දී රැස්ව සිටි අය ඔවුන් දෙස බැලුවේ මෙයට ඔවුන් වගකිව යුතුයි යන හැඟීමෙනි.

මම කැමතියි වයසක මනුස්සයගේ මරණය තිබුණ තැන ආයෙම බලන්න.’

ඔවුන්ගෙන් ගැන වැඩි කැමැත්තක් තියෙන බවක් නොපෙනුණද සෙත් ඔවුන් හා ඊජිප්තු භාෂාවෙන් යෙදුණ කෙටි කතා බහකට පසුව පියතුමා විසිත් අල්දීනිව හා සෙත්ව පල්ලිය තුළට කැදවාගෙන ගියේය.

කාමරය පුරාම තිබුණේ සියල්ලම විනාශ වි ගිය පෙනුමකි. මහල්ලාගේ මිනි වසා දමා තිබුණ රෙදි කඬ ලෙයින් නැහැවී ගොස් තිබුණි. කාමරය තුළින් හමා ආවේ දුඟඳකි. අල්දීනි හා සෙත් ඔවුනොවුන් දෙස මොහොතක් බලා හිදියේය.

මහල්ලාගේ මිනි තිබූ ගල් බැම්ම ළග සිට පියවර කිහිපයක් එහාට තිබුණ ලේ පැල්ලම් හිටිහැටියේම නැවතී ගොසිනි. හිටිහැටියේම ඔහු අතුරුදහන් වූවාක් මෙන්ය. කාමරය පුරාවට තැනින් තැන විසිරුන කොළ කිහිපයක් සුළගේ මේ අත පා වෙමින් තිබිණ. හදිසියේම ඉන් එක් අල්දීනිගේ දෑසට නතු විය. එහි එක් පසක සිතුවම් කර තිබුණේ ඔවුන් කලින් දුටු ලුසිෆර්ගේ සලකුණයි.

මේක මෙතන?’

අල්දීනිගේ අතේ තිබුණ කොළය පියතුමා අතට ගත්තේ බලහත්කාරයෙන් මෙන්ය. එය එතරම් ඕනකමකින් නොබලපු ඔහුගේ මුහුණේ සිනහවක් මතු විය.

මෙතන දෙවියන් ගැන වගේම යක්ෂයන් ගැනත් කියලා දෙන තැනක්. හන්දා මේක මෙතනින් හම්බුවෙන එකේ තියෙන පුදුමේ මොකද්ද?’

පුදුමේ මේ මනුස්සයා මැරුණ තැනත් මේකම ඇදලා තිබුණ එක. අනික මේ කාමරේ තියෙන හැම රාක්කෙකම තියෙන්නේ පැරණි මැටි භාජන කීපයක් විතරයි. එක පොතක් හරි තිබුනනම් මට ඔබ ඔය කියන දේ ගැන හිතන්න තිබුණා.’

අල්දීනි කාමරයෙන් පිටවිය. පියතුමා ඔහු දෙසත් කාමරයේ තිබූ දේවල් දෙස කැළඹිමෙන් යුතු හැඟීමෙන් නැවතත් බලද්දී සෙත්ද කාමරයෙන් පිටවිය.

අපි නවාතැනට යමු.’

අල්දීනිගේ වචන පියවුණේ තරමක ආවේගයෙනි. පල්ලියෙන් පිටතට ඔවුන් ඉදිරියේ වූ මාවත දිගේ ඇවිදන් එන්නට විය. මැදියමත් පසු වන්නට ආසන්න වී තිබූ බැවින් හාත්පසම පැවතියේ ඝන න්කාරයකි. කෙමෙන් පටු වී ගෙන යන මාවත දිගේ ඔවුන් ඇවිදන් ආවේය.

කලින් දැනුනාට වඩා සීතලක් සුළ දිගේ ඔවුන්ට දැනෙන්නට විය. සෙත් හා ගමන් කරමින් සිටි අල්දීනි හදිසියේම නතර විය. ඔවුන්ට මීටර් කීපයක් ඈතින් කවරෙකු හිදිනා බවක ඡායාවක් අල්දීනිට දැක ගන්නට හැකි විය. ඔහු දෙස බොහොම ඕනෑකමින් බලාගෙන සිටියේය. ඡායාව පියවර කීපයක් ඔවුන් දෙසට ඇවිදන් එන්න වි. වැරහැලිව ගිය සුදු ඇදුම කුමක්දැයි හදුනාගන්නට ඔවුනට තරම් කාලයක් ගත නොවිණ.

එය පියවර තබනවාටත් වඩා ඔවුන් දෙසට පාවි එන්නාක් මෙන් පෙනිණ. මුහුණ වැසෙන අයුරින් ඉදිරියට වැටුණ කොන්ඬය ඇගේ රුදුරු හැඟීම් මොහොතකට වසාගෙන තිබුණි.

සෙත්, පුළුවන් වේගයෙන් දුවලා උදවු අරන් එන්න. සෙත් ටවත් මට වත් මේ වෙලාවේ ගැලවෙන්න ලැබෙන එකක් නෑ.’

අල්දීනිව හැර යෑමේ ඕනකමක් සෙත් නොතිබුණත් ඔහුගේ කීමට අවනත වනවා හැරෙන්නට මගක් ඔහුට නොවීය. නමුත් ඔහු පමා වූවා වැඩිය. ආපසු හැරෙද්දීම ඇගෙන් එල්ල වුණ පහරින් ඔහු පියවර කීපයක් ඇදී ගොස් බිම ඇද වැටුණි. සෙත් නිසොල්මන් වෙද්දී ඇයගේ අවධානය අල්දීනි වෙතට හැරුණි.

ඊළග පියවර ගැන අදහසක් අල්දීනිගේ හිතට එවෙලේම නොආවේය. ඔහුගේ හිත තිබුණේ සෙත් ළගය. ඔහු ජීවතුන් අතරදැයි යන බයක් ඔහුගේ හිතේ හට ගෙන තිබුණි. අල්දීනි වෙතට ලං වුණ ඇය ඔහුගේ උරහිසින් අල්ලා ඈතට තල්ලු කළාය. පියවර කීපයක් ඈතට වේගයෙන් විසිවී ගිය ඔහු බිම ඇද වැටිණ.

***

අල්දීනි අපහසුවෙන් දෑස් විවර කළේය. හිස පුරා විදුලියක් මෙන් වේදනාවක් ඔහුට දැනෙන්නට විය. කොතරම් වේලාවක් සිහි මුර්ජාව සිටියාදැයි හැඟීමක් ඔහු සතු නොවීය. අපහසුවෙන් නැගිට ඔහු වට පිට බැලුවේය. සුදු හැදි යක්ෂණිය එහි නොවීය. ඊටත් වඩා සෙත් දැක ගන්නට නොහැකි වීම ඔහුගේ හිතේ කැලබිල්ලක් ඇති කරන්නට සමත් විය. සිදුවූ සියල්ල ඔහුට හොදින් මතකයේ තිබුණ නිසාම සෙත් වැටී හිදි තැනට ඔහු අපහසුවෙන් ඇවිදන් ගියේය. ලේ පැල්ලමක් පමණක් එහි ඉතිරිව තිබුණි.

අවට කිසිවකුත් නොවීය. අල්දීනි නැවතත් පල්ලිය දෙසට දුවගෙන ආවේ සෙත් ඔහු වෙනුවෙන් උදවු ඉල්ලාගෙන එහි ආවාදැයි යන සැකයෙනි. පල්ලිය දෙසින් පෙන්නට වූයේ පාළුවට ගිය පෙනුමකි. ඔවුන් එයින් පිට වෙද්දී එහි සිටි කිසිවකුත් එහි නොවීය. ඔහු පුළුවන් තරම් හයියෙන් කෑ ගැසීය. ටික වේලාවකින් පල්ලියේ පියතුමා එළියට ආවේ තරමක නුරුස්සනා මුහුණකිනි.

සෙත්, මෙහේ ආවද උදවු ඉල්ලගෙන?’

උදවු?’

අල්දීනි සිදුවූ හැම දෙයක්ම ඔහුට විස්තර කළේය. තම අතෙහි වූ කුරුසය සහිත මාලයේ පඹලු එකින් එක කරකවමින් ඔහු නිහඬවම අල්දීනීගේ කතාවට ඇහුම්කන් දී සිටියේය. අල්දීනි දෙසත් පල්ලියේ වූ දෙව පිළිමා දෙසත් ඔහු වරින් වර දෑස් යොමා බැලුවේය.

මම මුලින්ම ඔබේ කතාව විශ්වාස කළේ නැහැ. ඒත් දැන් විශ්වාස කරනවා. මට කණගාටුවෙන් උණත් කියන්න වෙන්නේ සෙත් මෙහේ ආවේ නැහැ කියන එක. අනික මට තව කාරණයක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. සෙත් මේ අවට කාගෙන්වත් උදවු ඉල්ලලා නෑ කියන එක. මොකද එහෙම වුනානම් ගැන මට දැන ගන්න ලැබෙනවා.’

අල්දීනිගෙන් දිස් වූයේ බිඳිගිය ස්භාවයකි. ඔහු බිත්තියට වාරු වෙමින් සිටගෙන සිටීමට උත්සාහ කළේය. ඔහුගේ සිත බොහෝ තැන් වල දුවන්නට පටන් ගත්තේය. , සෙත් කොතන, මොන තත්වයකින් ඇත්දැයි යන හැඟීමෙනි. සැණෙකින් යමක් මතක් වූ ඔහු කෙළින් සිට ගත්තේය.

ඔබ කොහේද යන්න හදන්නේ?’ ඔහුගේ ස්භාවය තේරුම් ගත් පියතුමා අල්දීනිගෙන් විමසීය.

මම හිතන්නේ සෙත් කොහේද ඉන්න කියන එක මම දන්නවා.’

පොඩ්ඩක් ඔහොම ඉන්න.’

මද වේලාවකට පල්ලිය තුළට ගිය පියතුමා නැවත පැමිණියේ රිදි පැහැ කිනිස්සක්ද සමගිනි. ඔහු එය අල්දීනිගේ අත තැබුවේය.

මම අද වෙනකන් මේ දේවල් ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නෑ. ඒත් මම හිතන්නේ ඔබට මේක වුවමනා වේවි. හැබැයි මතක තියාගන්න. එක පාරින් හදවතම සිදුරු කරන්න.’

මමත් මේවා විශ්වාස කළේ නෑ. තවමත්..’

අල්දීනි පල්ලියෙන් නික්මී පාළු වී ගිය මාවත දෙසට ඇවිදන් ආවේය. වේලාව ගැනවත් ඔහුගේ හිතේ අවබෝධයක් නොවීය. නමුත් අලුයමට හෝරා දෙක තුනක් පමණක් ඉතිරි වී තිබුණි. ඔහු මාවත් අතරින් ඇවිදන් ගියේ මාහල්ලා මිය ගොස් සිට හමුවූ තැනටය. පාළුවට ගිය ගොඩනැඟිලි අතර  එළියක් දැල්වෙනු ඔහු ඈත තියාම දුටුවේය.

ඔහු සෙත් හා පරීක්ෂාවට ලක් කල ගොඩනැගිල්ලයි. වීදුරු කැඩී බිදීගිය ගොඩනැගිල්ල ඇතුළතින් දැල්වුණ ගිනිසිළු එළි කිහිපයක් දෙස ඔහු මොහොතන් නැවතී බලාගෙන සිටියේය. නමුත් ඇතුළත කිසිවකු හෝ සිටිනා බවක් ඔහු නොදුටුවේය. නාස්ති කරන්නට තරම් කාලයක් නොවුනයින් ඔහු තුළට යන්නට සිතා ගත්තේය.

අලුයම සුළග තුළ තරමක සීතල බවක් රැදී තිබුණි. ගොඩැගිල්ල තුළින් ඔහුට දැනුණේ ඉවසාගත නොහැකි තරමේ දුඟඳකි. නිතර හමන දුහුවිලි කුණාටු නිසාම බිම් මහල වැලි වලින් වැසී ගොස් තිබුණි. බිත්ති පුරාම ඇද තිබුණු සලකුණු තවමත් එලෙසින්මය. ගොඩනැගිල්ල තුළින් සෙත්ගේ හේ ගැහැනියගේ හෝ සලකුණක් වත් නොවීය. අල්දීනිගේ හිතට එය කැළබීමක් වුවත් ඔහු බොහෝම ඉවසීමෙන් ගොඩනැගිල්ල තුළටම ඇවිදන් ගියේය.

එක් කාමරයකට ඇතුළතින් ගිනිසිළුවක් දැල්වෙනු දැක ඔහු මදකට නතරවිය. කිසියම් දෙයක මිමිනීමක් තුළින් ඔහුට ඇහෙන්නට විය. අල්දීනි දෙසට මොහොතක් ඇහුම්කන් දීගෙන සිටියේය. එය එක් හඬකට වඩා දෙදෙනකුගේ හඬක් බව වැඩි වෙලාවක් නොගොස්ම ඔහුට තේරුම් ගියේය. අල්දීනිගේ හිතෙහි වූ ගැස්ම තවත් වැඩි විය.

අල්දීනි කාමරයට එඹුණේ විනාඩි දෙක තුනක් එහි ඇතුළත වන දේ ගැන හොදින් ඇහුම්කන් දීමෙන් පසුවය. කාමර ඇතුළත හොදින් එළිය වන තරමට ගිනිසිළුවක් දැල්වෙමින් තිබුණි. කාමරයේ හරි මැද ක්‍රාකාරව ඇදි රේඛා කීපයක් විය. එය කිසියම් දෙයක සංකේතයක් බඳුය. එහි වූ රත් පැහැය සැබැවින්ම රුධිරයද යන්න සිතාගන්නට අල්දීනිට නොහැකි විය.

සමීපයේ වාඩි වී හිදීයේ සුදු හැද ගත් ඇයයි. නමුත් ඊටත් වඩා අල්දීනිගේ හිත යොමු වූයේ ඇය සමගින් වාඩිවී හිදිනා පුද්ගලයා වෙතයි. ඔහු සමඟම කිසියම් දෙයක් මුමුණමින් සිටියේය. සෙත් දැයි යන්න බලාගැනීමේ ඕනකමක් අල්දීනිට තිබුණත් ඔහුට නොහැකි විය. කාමරය පුරාවටම සෙත්ගේ සලකුණක් හෝ නොවීය.

ඔහු පියවරක් ඉදිරියට තබන්නට හැදුවා පමණි. එක දිගට මුමුණමින් උන් දෙය නැවතු ඇය මදක් ආපසු හැරී අල්දීනි දෙස බැලුවාය. මුහුණ වැහෙන්නට වැටුණ කෙස් අතරින් ඇගේ රත් පැහැ දෑස් දිලිසෙනු අල්දීනි බලාගෙන සිටියේය. තව පියවරක් ඔහු ඉදිරියට තිබ්බේ මේ හැම දෙයක්ම අතරේය.

ඇය හා වාඩි වී සිටි ඔහු අල්දීනි දෙසට හිස හරවා බැලීය. අල්දීනි හිට් තැනම නතර වි ගියේ ගල් ගැසුණාක් මෙන්ය. ඔහුය. හිස අනික් පසට වන්නට හැරවූ ඔහු අල්දීනි දෙස බලා සිටියේ සුදුමැලිව ගිය මුහුණෙනි. ඔහුගේ දෑස් සම්පූර්ණයෙන්ම සුදු පැහැ වී තිබුණ අතරම වට කළු වී ගිය ලේ නහර ඉල්ලිපී තිබුණි.  




තු සම්බණ්යි...

27 comments:

  1. අයෙත් පළමු පෝස්ටුවට ගියා. මේකත් මුලින්ම කොමෙන්ටුව දැම්මෙ මම

    ReplyDelete
    Replies
    1. තුන්වන සහ අවසාන කොටසෙත් මුල්ම කමෙන්ට් එක දාමු එහෙනම්.

      Delete
  2. ආරම්භයේ තිබූ කුතුහලය කිසිම අඩුවක් නෑ. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඕකේ.

      Delete
  3. බුදු අම්මෝ! මගේ කකුල් දෙකත් සීතල වුණා...

    ReplyDelete
    Replies
    1. අල්දීනිගේ වගේම ;)

      Delete
  4. නිර්මාණයේ ගුණාත්මක භාවය වාණිජමය වශයෙන් මුද්‍රණය කර ඇති සමහර ඒවාටත් වඩා ඉහලින් තිබෙනවා. අනර්ඝයි.

    නිර්මාණාත්මක කතා ලියන බ්ලොග් කරුවන්ට උදාහරණයක් ලෙස පරිශීලනය කිරීමට පවා ඔබේ නිර්මාණය සුදුසු බව මගේ සිතිවිල්ලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහසට වගේම ඇගයීට.

      Delete
  5. පාළුයි.. මූසලයි.. ඇලෙනසුළුයි.. අඳුරුයි.. ගුප්තයි..
    කොටින්ම නියමයි
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. දැන් ඔය ඇලෙනසුළුයි කිවුවේ කතාවේ මොන හරියද දන්නේ නෑ.

      Delete
  6. මේ අර ඩිනේෂියස් උමග්ලියාෂ්කි කියන ඉතාලි ලේඛකයා ගේ කතාවක පරිවර්තනයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු. අහන්නේ බලන්නේ නැතුව ට්‍රාන්ස්ලේට් කලා. කියන්න එහෙම එපා.

      උමග්ලියාෂ්කි කිවුවම නිකන් රශියන් වගේ නේ. උමගිලියානෝ වගේ නම් ටිකක් ශේප්

      Delete
  7. මල මිනියට මරණය කියා කීම මට නම් අවුල් සහගත යෙදුමක්.

    ReplyDelete
    Replies
    1. ඔවු නේද. මට ඒක අතපසු වීමෙන් යෙදුන වචනයක්. නිවැරදි කරන්නම්.

      Delete
  8. ගස්ලබ්බා කිවුවා වගේ මොකද්දෝ මූසල හැඟීමක් එනව හිතට

    ReplyDelete
  9. ගස්ලබ්බා කිවුවා වගේ මොකද්දෝ මූසල හැඟීමක් එනව හිතට

    ReplyDelete
    Replies
    1. කතාව එච්චරම මූසලයි වගේද. 😱

      Delete
  10. දෙවෙනි එකත් කියෙව්වා, අගේයි, කුතුහල සපිරියි ඉවසමු....ඉවසමු...අවසානය එනකම් ඉවසමු.

    ReplyDelete
  11. කුතුහලය තවත් වැඩි වුනා වගෙයි දැනුනේ.. නියමයි...

    ReplyDelete
  12. කථාව එක දිගටම ඉවර වෙනකම්ම ලියලා තිබුනානම් කියලා හිතෙනවා :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්