Sunday, 17 July 2016

පිබිදීම - පළමු කොටස

ඇය මිනිසුන් කීපදෙනෙක් රැදි මාවතේ වේගයෙන් දුව ආවේය. රත් වූ වැලි අතර නිරුවතින් දැවටුණ ඇගේ දෙපා වල වේදනාවක් ඇයට දැනුණා නොදැනුණා ගානය. කිලිටිව වැරහැලිව ගිය ඇගේ ඇදුම් වෙතින් පිස්සියකගේ පෙනුමක් මවා තිබුණි. ඇය නගරයේ මිනිසුන් අතර දැවටෙමින් ඉදිරියට ඇවිදන් ආවාය.

මෙලෙස ටික දුරක් ඇවිද ගිය ඇය එක් තැනක හදිසියේම නතර විය. ඇයට පසෙකින් වූ මාවත තරමක් අඳුරු වී පාළුවට ගිය එකක් විය. ඇය එයට ඇතුළු වන දෙස නගරයේ තැනින් තැන වුන් කිහිපදෙනා බොහොම උනන්දුවෙන් බලාගෙන සිටියේය. කිසිවක් ගැන තැකීමක් නොකළ ඇය ආයාසයෙන් මෙන් අඳුරු වී ගිය මාවත වෙත ඇවිද යන්නට විය.

පරණ ගරා වැටි ගිය නිවෙස් අතරින් ඇවිද ගිය ඇගේ ගමන උමතුවක් මෙන් විය. වේගයෙන් හිස හරවමින් ඇය යමක් හොයන්නාක් මෙන් විය. ටික දුරක් ඇවිද ගිය ඇය ඉදිරියට මහල්ලා නැවතී දෙස බලා සිටින්නට විය. ඇගේ දෑස් වලට මහල්ලාගේ සුදුමැලි වී ගිය මුහුණ නතු වන්නට වැඩි වෙලාවක් නොවී.

" ඔයාට කරදරයක්ද?" මහල්ලා ඇගෙන් ඇසුවේය.

පිළිතුරක් නොදුන් ඇය ඔහු ළගට පියව කීපයක් ඇවිදන් ආවාය. මුහුණ පුරා විසිරී ගිය කෙස් අතරින් මහල්ලා ඇගේ මුහුණ දැක්කේ පළවෙනි වතාවටය.

" දෙවියනේ." ඔහුට කියවිණි.
 
***   
කයිරෝ සරසවියේ මහාචාර්ය අල්දීනි බෝර්ගි සිය රාජකාරි සදහා නිවසින් පිටත් වීය. උදෑසන වුවද දැනෙමින් තිබුණ අධික රස්නය එතරම්ම ගැටලුවක් කර නොගත් ඔහු තම උදෑසන මනෝවිද්‍යා දේශනය සදහා ඉක්මනින් විශ්ව විද්‍යාලය වෙත පිය මැන්නේය. කවදත් සිසුන්ගෙන් අඩුවක් නොතිබුණ ඔහුගේ දේශන ශාලාව වෙනදා මෙන්ම පිරී ඉතිරී තිබුණේය. ඉන් බොහෝමයක් සිසුවින් විය.

වයස අවුරුදු 40ක් ඉක්මවා සිටි ඔහු තුළින් බවක් කිසි සේත්ම පෙනෙන්නට නොවීය. තරුණයකු සතු වූ ජවය මෙන්ම මනා හැඩහුරුව ඔහු තුළ තවමත් ඉතිරී වි තිබුණි. විශ්ව විද්‍යා පුරාවම ජනප්‍රි ඔහුගේ මනෝවිද්‍යා දේශනයෙන් අනතුරුව විවේකාගාරයට ගිය ඔහු අන්තර්ජාලය පුරා සැරි සරමින් අළුත් දේ ගැන දැන ගන්නට විය.

" සර්, මම එන්නද?
 
බාධා කිරීම් වලට ඔහුගේ කැමැත්තක් නොතිබුණත් ඔහුගේ සිසුවෙක් නිසා අල්දීනි බවක් ඔහුට දැන්නට ඉඩ නොතැබීය.
 
" එන්න, සෙත්."
 
" සමාවෙන්න සර් මේ වෙලාවේ කරදර කරන්න උණාට."

" ඒකට කමක් නෑ සෙත්. මොකක් හරි දෙයක් ගැන දැන ගන්නද?"

" එහෙමමත් නෙමෙයි. ටිකක් කතා කරන්න පුළුවන්ද?"

ඔහු තරමක් ඕනෑකමින් සිය ගෝලයා දෙස බැලීය. වෙනදා මෙන් නොවූ වෙනසක් ඔහු තුළ වූයෙන් අන්තර්ජාල පිරික්සීම මොහොතකට අතහැර දමන්නට ඔහුට සිදුවිය.

" කියන්න."

" සර් හොල්මන් ගැන විශ්වාස කරනවද?"

අල්දීනිගේ මුවේ එකහෙළාම මතු වුයේ උපහාසාත්මක හිනාවක් වුවද සෙත්ගේ මුහුණේ වූ කැලබිලි ස්භාවය නිසාම එය නොපෙන්වා ඉන්නට ඔහු උත්සාහ ගත්තේය.
" නැහැ සෙත්."

" ඒත් සර්. මම විශ්වාස කරනවා."

" සෙත් කියන්න හදන්නේ මොකක් ගැනද?" අල්දීනිට වැඩි කාලයක් නොගෙවාම අදාළ දේ ගැන කතා කරන්නට ඕනෑ විය.

" සමහර විට සර් දන්නවා ඇති මම ඉන්නේ කර්ගා වල කියලා. කයිරෝ වල ඉදලා කිලෝමීටර් හයසීයක් දුරයි. ඒක ටිකක් සාමාන්යෙන් කුඩා නගරයක්. හරියටම මීට සුමාන දෙකකට කලින් කර්ගා වල හුගක් අසාමාන්ය දෙයක් සිද්ධ වුණා. මේ දවස් වල රස්නය නිසා නගරයේ මිනිස්සු ඉන්නේ හුඟක් අඩුවෙන්. හන්දම අසාමාන්ය දෙයක් සිද් වෙනවනම් ඒක තේරුම් ගන්න තරම්ම අපහසු නැහැ. එදත් වගේ නගරයේ මිනිස්සු අඩුවෙන් ගැවසුන දවසක්. ඒත් හදිස්සියේම කොහේදෝ ඉදන් ආපු වැරහැලි ඇද ගත්ත ගැහැණීයක් නගරයේ ඇවිදිමින් හිටපු අය දැකලා තියෙනවා. මේක ටිකක් අමුතු දෙයක් නිසා ඔවුන් ගැන උනන්දුවෙන් බලාගෙන ඉදලා තියෙනවා. ඒත් ඉක්මනටම වගේ ඇය ළගම තිබුණ අතුරු පාරක අතුරුදහන් වෙලා තියෙනවා. අසාමාන්යම දේ එක නෙමෙයි. ඊට පැය කීපයකට පස්සේ පාරේ මැරිලා වැටිලා හිටිය වයසක කෙනෙක් හමුවෙන එක. ඔහු මිය ගිහින් හිටියේ බොහෝම දරුණු විදිහට."

" කිවුවේ?" අල්දීනි කලින්ට වඩා උනන්දුවෙන් කතාවට ඇහුම්කන් දෙන්නට විය.

" ඔහුගේ හිස සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරවිලා තිබුණේ. "

" ඒක නම් ටිකක් අසාමාන්යයි. අර කාන්තාව ඊට පස්සේ දැක්කේ නැද්ද?"

" නැහැ."

" ඊට කලින් දැකලා තිබුණෙත් නැද්ද?"

" වගේ කෙනෙක් නගරයේ දැක්ක පළවෙනි වතාව."

" පොලීසියෙන් මොකද මේ ගැන කියන්නනේ?"

" ඔවුන් ඉන්නෙත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව. වයසක කෙනාගේ මරණයේ අසාමාන්ය බවක් නොතිබුනානම් හැමෝම හිතානේ මේක වෙනස් සිද්ධී දෙකක් කියලා."

" හ්ම්, මට හිතා ගන්න පුළුවන්."

කාමරය තුළ මද වේලාවක නිහැඬියාවක් රැදී ගියේ අල්දීනි හිටිහැටියේම කල්පනාවට වැටුණ නිසාවෙනි. ඒත් ඔහුගේ සංකල්පයන් දිගේ තරම් ඈතට යන්න තරම් හැකියාවක් අල්දීනි තුළ නොවීය.

" සෙත් ඇයි මේ ගැන මාත් එක්ක කියන්න හිතුවේ." ඔහු ඇසීය.

" මම හිතනවා සර්ට මේ ගැන යමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා."

" මම?"

" ඔවු, සර් කයිරෝ වල ඉන්න හොදම මනෝවිද්‍යා මහාචාර්ය වරයා. මට හොදටම විශ්වාසයි අර කාන්තාව හොල්මනක් කියලා. සර්ට පුළුවන් වෙයි ඒක ඔප්පු කරලා පෙන්වන්න."

" සෙත්, මම මහාචාර් කෙනෙක් උණාට හොල්මන් අල්ලන කෙනෙක් නෙමෙයි."

" ඔවු, ඒත් සර්ට මම වෙනුවෙන් දවසක් එන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්."

සෙත්ගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසාම ඔහු ගැන මද වේලාවක් කල්පනා කරන්නට විය. මෙය තමන්ගේ රාමුවේ දෙයක් නොවුණත් එක් දිනක් වෙනුවෙන් කැපකිරීමේ අකමැත්තක්ද ඔහු තුළ නොවීය.

" හරි, අපි එහෙනම් හෙට දේශනයෙන් පස්සේ කර්ගා වලට යමු. ඒත් මට පොරොන්දු වෙන්න බැහැ සෙත්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න ලැබෙයි කියලා."

" මම හිතනවා ඔබට පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි හෙට හමුවෙමු."

***
 
පසුදින උදෑසන දේශනයෙන් පසුව අල්දීනි තම ගෝලයා වූ සෙත් පැමිණෙන තුරු සරසවියේ ප්‍රදාන ශාලාව අසල රැදී සිටියේය. නමුත් තවමත් ඔහුගේ හිත තුළ සෙත් සමග යන්නට කතා වූ ගමන ගැන තිබුණේ දෙගිගියාවකි. එහෙත් ගැන කැමැත්තකුත් ඔහුගේ සිත තුළ නොතිබුණාම නොවේය. නමුත් චකිතයක් මුසු වුණ හැඟීමකින් ඔහු ටික වේලාවක් බලාගෙන සිටියේය.

" සමාවෙන්න සර්, ටිකක් පරක්කු වුණා. අපි එහෙමනම් යමුද?"

" හරි."

අල්දීනිගේ වාහනයේ නැගි දෙදෙනාම කයිරෝ සිට කර්ගා දක්වා දිවෙන අධිවේගී මාර්ගය දිගේ මේ වෙනස්ම වූ අභියෝගය කරා යන ගමන ආරම්භ කළේය.

" මොනවා හරි අළුත් තොරතුරක් තියෙනවද සෙත්?"

" මම දන්න තරමින් නම් නැහැ. මමත් මේ ගමට යන්නේ සතියකට පස්සේ."

" ඒත් සෙත් මම හිතන්නේ දැන් වයසක කෙනාගේ මරණය ආදාහනය කරලත් හුඟක් දවස්. අපිට තොරතුරක් හොයන එක ලේසි වෙන්නේ නැහැ."

" නැහැ සර්. මරණය තාම පල්ලියේ තියෙනවා. මේක හොල්මනක් කරපු අස්වාභාවික මිනිමැරුමක් නිසා ගමේ අය බයයි ආදහනය කරන්න."

" ඒක මහ විකාර දෙයක්. හැබැයි ඒක අපිට තොරතුරකට වැදගත්."

තොරතුරු කතාබහ අතරේ ඔවුන් සෙමින් කර්ගා නගරයට ලගා වී සිටියේය. සෙත් කලින් කී පරිදිම නගරය තුළින් දිස් වූයේ පාළුවී ගිය පෙනුමකි. ඔවුන්ගේ වාහනය නගරයේ දේවස්ථානය අසල නතර කරලීය.

" අපි ඉස්සෙල්ලම පල්ලියේ පියතුමා එක්ක ටිකක් කතා කරලා ඉමු. වයසක කෙනාගේ මරණය තියෙන්නෙත් මෙතනම තමයි."

සෙත්, අල්දීනි සමගින් පල්ලියට ඇතුළු විය. එය තරමක් කුඩා වූ දේවස්ථානයක් විය. ඊට යාබදින්ම සුසාන භූමිය පිහිටා තිබුණත් එය වැලි කුණාටු නිසා තරමක් වැසී ගොසින්ය. ඉහළට එසවී තිබුණ ඵලකයන් පමණක් එය සුසාන භූමියක් යන්න පෙන්නුම් කිරීමට සාක්ෂි දැරීය.

පෞරාණික පෙනුමක් තිබුණ පල්ලිය තුළට සෙත්, අල්දීනිව කැදවාගෙන ගියේය. කුඩා ගමක් වූ නිසාත් එතරම් පිරිසක් ගමේ ජීවත් නොවූ නිසාත් පල්ලිය ඇතුළත කිසිවකුද නොවීය. වියපත් පූජකයා අල්දීනි දෙස ඕනෑකමින් බැලුවේය.

අපිට සතියකට කලින් මියගිය කෙනාගේ මිනිය බලන්න පුළුවන්ද?’

සෙත් ගේ කථාවෙන් ඔහු තරමක් විමතියට පත් වූ බවක් පෙන්නට විය. අල්දීනි ඔවුන් දෙදෙනා දෙසම බලාගෙන සිටියේ එක් අයකු හෝ යළි කතාව ආරම්භ කරන තුරුය.

ඒක නම් කරන්න අමාරුයි.’ නිහැඬියාවට පසු ඔහු පැවසුවේය. ‘ ඒකට ගමේ අයගේ අවසරයක් ගන්න වේවි. මේක ලේසි දෙයක් නෙමෙයි කියලා ඔය දරුවට තේරෙනවා ඇතිනේ.’

ඔවු ඒක හරි. මේ ඉන්නේ කයිරෝ සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය වරයෙක්. අපිට ඕන කරන්නේ මේ ගැන හෝඩුවාවක් හොයා ගන්න.’

ඔහු සිනාසුණේ තරමක් නුරුස්සනා ආකාරයෙනි.

මහත්තයා සමහරක් දේවල් තියෙනවා අපි කාටවත් තේරුම් ගන්න අමාරු. මේකත් අන්න විදිහේ දෙයක් තමයි.’

සෙත්ට ඔහුව කැමති කරගන්න බොහෝ වේලාවක් ගත විය. අවසානයේ අකමැත්තෙන් වුවද ඔහු, ඔවුන්ව දේවස්ථාන ඇතුළට කැදවාගෙන ගියේය. අඳුරු කුටි කිහිපයක් පසුකරන් ගිය ඔවුන් අවසානයේ එක් තැනක නතර විය. පියතුමා නොරිස්සුම් මුහුණින් දොරේ යතුරු කරකවා කාමරය විවෘත කළේය. තරමක දුඟන්දයක් ඔවුන්ගේ නාසය වෙත දැනිණ.

කාමරයේ තැනක දුර්වර්ණ වුණ රෙදි කඩකින් වසා තිබුණ මිනිය ඔවුනට දැක ගත හැකි විය. පියතුමා දොර අසලම නතර වෙද්දී අල්දීනි සෙත් සමඟ දෙසට ඇවිදන් ගියේය. අල්දීනිගේ හිතේ තිබුණේ තරමක දෙඟිඩියාවකි. ඔහු නාසයට දැනෙන දුඟන්දයේ ප්‍රසන්න බවින් මිදෙන්නට උත්සාහ දරමින් සිටියේය.

සෙත් මිනිය වසා දමා තිබුණ දුර්වර්ණ රෙදි කඩ ඉවත් කළේය. මොහොතකින් ඔවුන් දෙදෙනාම දැඩි තිගැස්මකට ලක් විය. හිස සම්පූර්ණයෙන්ම අනෙක් පසට වන ලෙස කරකැවී තිබූ වයසක මිනිසාගෙන් දිස්වූයේ බොහෝ දරුණු පෙනුමකි. ඔහු මුහුණ පෑ අවසානාවන්ත සිදුවීමේ තරම ඉන් හොදින්ම පිළිබිඹු විය. අල්දීනි දෙස ටික වේලාවක් බලාගෙන සිටියේය.

අපි යමු.’

අවසානයේ ඔහු කීය. දේවස්ථානයෙන් නික්මුණ ඔවුන් වාහනය ළගට එන තුරු නිහැඬියාවක් පැවතිණි. අල්දීනිගේ හිතේ වූ කැලැබිලි බව ඔහුගෙන් මුහුණෙන්ම පෙනෙන්නට විය.

සර්, අපි දැන් මොකද කරන්නේ?’

සෙත්. මම මගේ ජීවිතේටම මෙහෙම දෙයක් දැක්කමයි. මම ඉන්නේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව.’
 
මේ ගමේ මිනිස්සු ඉන්නේ ටිකක් බයෙන්. දන්නවනේ අපිට තියෙන මිත්‍යා බලවේගයන් ගැන. ඔවුන් හිතෙන්නේ මේ එහෙම දෙයක ප්‍රතිඵලයක් කියලා.’

එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ සෙත්. සාමාන්ය මිනිහෙක්ට මෙහෙම දෙයක් කරන්න අමාරුයි. මේ මිනිය හම්බුනේ මේ ළග තිබිලද?’

ඔවු සර්.’

එහෙනම් අපි එතනට ගිහින් බලමු.’

අල්දීනි, සෙත්ගේ මග පෙන්වීම් දිගේ මහල්ලා මරා දමා තිබූ තැන වෙත පැමිණියේය. එය අවට අත්හැර දමා තිබු ගොඩනැඟිලි නිසාවෙන් තරමක් අඳුරු වී ගිය මාවතක් විය. ඔවුන් බොහෝ පරීක්ෂාවෙන් මාවතේ ඇවිදින්නට විය. නිතරම හමන වැලි කුණාටු අසාමාන්‍ය දෙයක සලකුණක් වුවද මකා දමන බව හොදින්ම දැන සිටියත් ඔවුන් උත්සාහය අත් නොහැරියේය.

මාවත පුරාම සෙත් හා අල්දීනි මේ අත ඇවිද්දේය. අල්දීනිගේ මුහුණේ තරමක වෙහෙසකර බවක් පෙනුණේ මොහොතින් මොහොත ඉහළ යන උණුසුම ඔහුට තවමත් හුරු පුරුදු නොවී තිබුණ බැවිනි.

සර් මේ බලන්න.’

සෙත්, ඈත සිට කැ ගැසීය. අල්දීනි සැණෙකින් ඔහු වෙතට ළංව ඔහු නිහඬවම බලා හිදිනා මානය දෙස උනන්දුවෙන් බැලීය. එය අත්හැර දමා තිබුණ ගොඩනැගිල්ලකි. හිරු එළිය මද පමණින් පමණ තුළට වැටෙමින් තිබුණේය. ඈත බිත්තියක හැද තිබු සලකුණක් දෙස ඔවුන් බලාගෙන සිටියේය.

එය ඇසක් මෙන් සලකුණක් විය. ඊට යටින් කදුළු බින්දුවක හැඩයේ කුඩා සලකුණක් විය.

මේක වෙන්න බෑ.’ අල්දීනි මිමිනුවේය.

ඇයි සර්?’

මේක ලුසිෆර්ගේ සලකුණ. ඒක මේ වගේ තැනක ඇදලා තියෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?’

අපි ඇතුළට ගිහින් බලමු.’

අල්දීනි සෙත් සමග අත්හැර දමා තිබුණ ගොඩනැගිල්ලට ඇතුළු විය. හිරු එළියක් ඇතුළට හරි හැටි නොවැටෙන නිසාම එය අඳුරින් වෙලී ගොස් තිබුණි. සෙත්, ඔහුගේ ජංගම දුරකථනයේ එළිය දල්වාගෙන කාමරය පුරාවට ඇල්ලීය. කාමරයේ හැම බිත්තියකම ලුසිෆර්ගේ සලකුණ රත් පැහැයෙන් හා කළු පාටින් ඇද තිබුණි.

අපිට මෙතන තිබිලා හම්බුනේ අසාමාන්‍ය විදිහට මැරුණු මහල්ලෙක්. ළගම ගොඩනැගිල්ලේ බිත්තියේ ලුසිෆර්ගේ සලකුණ. සෙත්, මම හිතන්නේ ඔබ හරි. මෙතන අපි හිතනවට වඩා වැඩි දෙයක් තියෙනවා.’

සෙත්, අල්දීනිගේ මුහුණ දෙස මොහොතක් බලාගෙන සිටියේය. දැනෙමින් තිබුණ තද රශ්මිය අතරේ ඇග හිටිවට්ටවන තරමේ සීතලක් ඔවුනට දැනෙන්නට විය.


මතු සම්බණ්ඳයි.

 

27 comments:

  1. තවත් සිත්තමක් පාට කරන්න සූජානං වෙනව නේද

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි. රසිකාවියකගේ ඉල්ලීමක්..

      Delete
  2. කුතුහලය වැඩි වුනා.. ඊලඟ කොටසත් ඉක්මනින්ම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඉවසන්ට දරුවා. ඉක්මනට දාන්නම්.

      Delete
  3. ආයිත් අපිට ෂර්ලොක් හෝම්ස් මතක් කරන්න නේද හදන්නේ? හ්ම්... හුඟ දවසකින් නේද?

    ReplyDelete
    Replies
    1. ශර්ලොක් හෝම්ස් ම නෙමෙයි. මේ වෙන චරිතයක් ගේන්න උත්සාහ කරන්නේ.

      Delete
  4. නිකන්ම නිකන් නිරමාණයක් නොව, මෙය ඉතා අගනා නිර්මාණයක් බව බලු බැල්මටම පෙනේ. ඉතා ආශාවෙන් කියවූවෙමි. ඉදිරියටද කියවීමට බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ඔබේ බලාපොරොත්තු කඩ නොකර සිටිමට වග බලා ගනිමි.

      Delete
  5. අපූරුයි, දිනේශ්. ආසාවෙන් කුතුහලයෙන් කියවන්න හිතෙන කතාවක ආරම්භයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  6. තවත් සුපිරි කතාවක ආරම්භය...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලමු.

      Delete
  7. හැමදාමත් වගේ අපූරුයි. ඉතිරි ටිකත් ඉක්මනින් ලියන්න මල්ලි

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට දානවා අක්කේ..

      Delete
  8. හැමදාමත් වගේ අපූරුයි. ඉතිරි ටිකත් ඉක්මනින් ලියන්න මල්ලි

    ReplyDelete
  9. රළු තැන් නෑ.. හිස් තැන් අහුවෙන්නෑ.. ඒ කියන්නෙ නොම්මර එකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කමක් නෑ අවසානයේ හොද නරක කියපිය.

      Delete
  10. මගේ පපුව ඩිග් ඩිග් ගානවෝ.........දිනේෂ් ලියන ඒවා ඉතිං කවදත් මෙහෙම නේ, වටේට කැරකිල ඇවිත්, "ආආආ...මෙතනද" තැන කියලා අපි නවතිනවා.....දෙවෙනි එකත් ඉක්මනට ලියන්න​, කියවපුවා අපට අමතක වෙන්න කලින්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු. නෑ නෑ අමතක වෙන්න ඉස්සෙල්ලා ඉතිරිය දානවා.

      Delete
  11. එල එල!! ආයේ වසන්තය එනවා වගේ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. වසන්තය එනවා සත්තයි.

      Delete
  12. නියමයි. ඉතිරියත් ඉක්මනටම කියවන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙවනි කොටස ඔන්න දැම්මා.

      Delete
  13. අපූරු කතාවක ආරම්භයක් වගේ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  14. මේ අර ඩිනේෂියස් උමග්ලියාෂ්කි කියන ඉතාලි ලේඛකයා ගේ කතාවක පරිවර්තනයක් නේද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්