Wednesday, 6 July 2016

මියැදෙන මිහිකත

ඔබේ ජීවිතයේ අභියෝගයන් මොන වගේද? එය අපි එකිනෙකාගෙන් බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඔබ කවදාම හරි අපි මේ ජීවත් වෙන පෘථිවිය ගැන හිතුවද? අපිට නොදැනෙන අපි නොදකින බොහෝමයක් දේවල් අතරේ අපිට මේ ජීවය දෙන පෘථිවියත් අභියෝගයන් බොහෝමයකට මුහුණ දෙනවා. ඒක අපේ පෞද්ගලික ජීවිතේ අභියෝගයන්ට වැඩිය වඩා වැදගත් වන්නේ පෘථිවියේ අහියෝග තුළ ජීවත් වන සෑම ජීවියකුටම එක ලෙසම වැදගත් වන නිසායි.
 
සෑම දෙයකටම අවසානයක් උරුමයි. එය අප මේ ජීවත් වන පෘථිවියටත් අදාළයි. ඔබට මට අප සැමටම ජීවය දෙන මේ පෘථිවිය දවසක හැම දෙයක්ම අපෙන් උදුර ගෙන විනාශය කරා ලං වේවි. ඒත් ඒකට තව කොච්චර කාලයක් ඉතුරුද? ඔබට ගැන සිතුණාද?
 
අප ජීවත් වන මිහිතලය අවසන් වරට ඩයිනෝසරයන් සමුල ඝාතනයට ලක් කල අවස්ථාවට වඩා වැඩි ප්‍රමාණයකින් මිය යමින් පවතින බව ඔබ නොදැන සිටියා විය හැක. පෘථිවි ජෛව විවිධත්වය පසුගිය වසර මිලියන 65දී දකින්නට ලැබුණ වේගයට වඩා වැඩි වේගයකින් විනාශ වී යාම ආරම්භ වී ඇති බව නවතම සොයා ගැනීමයි. අනුව අප මේ මිහිකත සිය වසර බිලියන 3.5 ඉතිහාසයේ හයවන විශාලතම විනාශකාරි අවස්ථාවට සමීප වෙමින් පවතී.
 
බොහෝ විද්‍යාඥ්ඥයන් ග්‍රාහක බලපෑමක් මිහිතලයේ ඊළග විනාශය සිදුකරාවියි අනුමාන කරමින් සිටියත් සැබෑ තත්වය එයම නොවේ. වර්තමානයේ අප ජීවත් වන පරිසරයේ ඇති ජීවින් සහ ශාක විශේෂ අතීතයේ සිදු වූවාට වඩා සීග්‍ර වේගයකින් වදවී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටී. මෙයට මූලිකවම හේතුවන කාරණය නම් මනුස්ය වර්ගයායි. වාසස්ථාන විනාශ කිරිම්, පොසිල ඉන්ධන දහනය, විෂ සහිත රසායනික ද්‍රව්ය ව්‍යාප්ත කිරීම අතර ප්‍රදාන තැනක් උසුලන කාරණා වේ.
 
එය ඔබ අප හිතනවාට වඩා ඉතාමත්ම වේගයෙන් සිදුවෙමින් පවතිනවා. පසුගිය සියවසේ පමණක් ගත් විට මේ මිහිතලයෙන් වදවී ගිය ක්ෂිරපායි හා පෘෂ්ඨවංශී සත්ව ප්‍රමාණය මානව බලපෑමෙන් තොරව වූවානම් වසර 800ත් 10,000ත් අතර ස්භාවිකවම සිදුවන්නට ඉඩ තිබු ප්‍රමානයට සමාන වෙනවා. ප්‍රධානතම කාරණය නම් වෙනත් විනාශකාරී දේ ගැන ඉගිමරමින් ඉන්න අතරතුරේම මානව වර්ගයා මිහිතලයේ දැවැන්ත ජන සංහාරයට උර දෙන බවයි.
 
අවසන් වරට මිහිතලයේ ජෛව විවිධත්වය බොහෝ සෙයින් පහළ දැමිමට හේතු වූ කාරණා වශයෙන් දෙවන ලෝක යුද්ධය යුරොපය ගිල ගත් කළු මරණය හැදින්විය හැකියි. පසුගිය දශක කිහිපය තුළ ලොව පුරාම පෘෂ්ඨවංශික සත්ව ගහණය 52%කින් පමණ පහළ වැටී ඇත. මෙහි ඇති වඩාත් භයානකම කාරණය නම් දැනට මේ පවතින විනාශකාරි තත්වය මෙලෙසම දිගටම පැවතුන හොත්, මිනිසුන් බොහෝම ඉක්මනින්ම මෙම ජෛව විවිධත්ව ප්‍රතිලාභ අහිමි කර ගැනීමයි. එමෙන්ම එම පාඩුව මඟ හරවා ගැනීමට තවත් වසර මිලියන ගණනක් බලා හිදීමට මිනිසුන්ට සිදුවීමයි.
 
මෙම පරිසර පද්ධති වල සෞඛ්‍ය තත්වය මානව සංහතියේ පැවැත්ම කෙරෙහි මූලිකම බලපෑම් එල්ල කරන සාධකයක්. මක් නිසාද යත් අප රදා පවතින්නේ මත වන බැවිනි. 1998 ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම වර්ෂයි. 1990 වඩාත්ම උණුසුම්ම දශකය වන අතර එය මෙම සියවසට වඩාත්ම උණුසුම් වර්ෂ තුන එක් කර හමාරයි. 20 වන සියවසේ වඩාත් උණුසුම්ම වසර 12 එලැබී ඇත්තේ 1983න් පසුවයි. 20 වන සියවසේදී ලෝක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.6කින් ඉහළ ගොස් තිබේ.
 
මානව වර්ගයා අතින් මිහිතලයට කෙරෙන අපයෝජනය දිනෙන් දින ඉහළ යමින් පවතී. බොහෝ පරිසර සංවිධාන, මිහිකත සුරැකීමේ සංවිධාන වෙනුවෙන් කරනු ලබන මැදිහත්වීම, දැනුවත් කිරීම කොපමණ වුවත් දිනෙන් දින අප ජීවත් වන මේ මිහිකත මියැදෙමින් සිටී. අප එය මියැද්දවමින් සිටී. ඩයිනෝසරයන් වදවී පෘථිවිය තුළ යළි ජීවක් ඇති වූවාට වඩා වැඩි කාලයක් යම් හෙයකින් මිහිමතින් සියල්ල නැති වී ගොස් යළි ජීවක් පණ දැරීමට මීළග අවස්ථාවේදි ගත වනු ඇත.
 
වෙනත් බාහිර සාධක පෙන්වමින් මිහිකතේ අවසානය ගැන කතා කරන්නට උත්සාහ කරණ මිනිසාම එහි අවසානයට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටී. ලෝකයේ සම්පත් අපගේ තිරසාර අනාගතයක් වෙනුවෙන් අවභාවිතා වීම වැළැක්වීමට පියවර නොගෙන සිටීමම මේ මිහිතලයේ අවසානය අප විසින්ම ලියාගැනීමක් වනු ඇත.  




16 comments:

  1. අතිශය වැදගත් ලිපියක්...

    ReplyDelete
  2. නිකන් දෙයක් ලැබෙනකොට මිනිසුන්ට අගයක් නෑ. එතකොට ඒවායේ අව භාවිතය වැඩී.. ස්වභාවධර්මයට අපි සලකන විදිහ, ඒ ගැන දක්වන සැලකිල්ල මත මේ හැම දේම තීරණය වේවී..
    මේ විදිහට නසන්නේ මිනිසා තමාගේම අනාගතය නොවේද???

    ReplyDelete
  3. කවුරුත් කතා කලයුතු එහෙත් අඩුවෙන් කතාවෙන මාතෘකාවක් ලිවීම සම්බන්දයෙන් මගේ ස්තූතිය. මිනිසා හරිම ආත්මාර්ථකාමියි. බොහෝදෙනා පරිසරය අපේ කියන මතේ ඉන්නේ. ඒත් අපිට පරිසරය අයිති නෑ. හැබැයි පරිසරයට අපිව අයිතියි. මේ වගේ පරිසරය විනාශ වුනොත් ඇනිමෝටාවන්, ඩයිනෝසෝරයන් වගේ මිනිසාත් ඉක්මනින්ම නශ්ඨ වෙයි කියලා හිතෙනවා. ඉතින් අපිත් පරිසරය රැකගමු.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මිනිස්සු මැරෙනවාට වඩා වේගෙන් පොළවේ ජිවය මියැදෙනවා.අපි කරන පොඩි දෙයක් වුනත් පරිසරයට කරන බලපෑම පොඩි එකක් නෙමේ වෙන්න ඇති.

    ReplyDelete
  5. ගොඩක් වැදගත් දෙයක්. ඔය ගැන කොච්චර කිව්වත් අපිට තේරෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ. මේ කියවනවා, මේ අමතක කරනවා.

    ReplyDelete
  6. An Inconvenient Truth මතක් උනා.. යුගයේ කතා කලයුතුම මාතෘකා වලින් එකක්.. සියතින් ගෙල සිඳ ගනිමින් ඉන්න අපි වෙන වෙන වේදනා මැද ඒ මරණිය වැරැද්ද අමතක කරනවා.. ස්තුතියි දිනේෂ් ඇහැට ඇඟිල්ලෙන් ඇන්නට..

    ReplyDelete
  7. ඇත්ත තමා...මිනිසා තමා ලොකුම තර්ජනය...

    ReplyDelete
  8. කාලීන සටහනක්...මිනිස්සුන්ට තමන්ගේ කියල හිතෙන්නේ දරු පවුල, ගෙවල්, යාන වාහන, රැකියාව, ඔය වගේ ඉතාම කුඩා වපසරියක් ඇතුලේ තිබෙන දේවල්...ඒත් ඒ සියල්ලටම පෙර අප ජීවත් වන මේ මිහිතලය මගෙ කියල හිතල කටයුතු කරන්න තරම් විශාල හිතක් තියන මිනිසුන් ඉන්නේ අතලොස්සයි...එය තමයි මේ විනාශයට මුලිකම හේතුව...

    ReplyDelete
  9. ජනගහණ වර්ධනය සහ මිනිසුන්ගේ අසීමිත ආශාවන්. ඔය හේතු කාරණා දෙක තමයි මිහිතල දූෂණය වීමට වගකියන්න ඕන...

    ReplyDelete
  10. සොබාදහම ව්විසින් මිනිසාව විනාශ කළයුතු කාලය මේ. අපේ පැවැත්මට සොබාදහම අත්‍යවශය‍ උනත් සොබාදහමට අපිව අත්‍යවශය‍ නැහැ කියන එක අපි තවමත් තේරුම් අරගෙන නැහැ. මිනිසා කියන සත්ත්වයා වඳ උනොත් ඇත්තෙන්ම මේ මිහීතලය බොහෝ සුන්දර වේවි.

    ReplyDelete
  11. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා කිව්වම ඉස්සෙල්ලාම බය වෙන්නෙ මාලදිවයින.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්