Sunday, 26 June 2016

උම්මත්තකාගාරය



විනාඬි දෙක තුනක් පුරා නිහැඬියාවක් රැදුනි. එය සාමාන්යෙන් හුරු පුරුදු දෙයක් නොවන නිසාම මා කොරිඩෝරය දෙසට ඇවිද ආවෙමි. දෙපා තරමක් රිදුම් දෙන බවක් දැනුනත් එයටත් වඩා හිතේ කුතුහළය දැඩි විය. යකඩ කුරු අසළට විත් හැකි තරම් දුරක් බලන්නට මා උත්සාහ කලෙමි. හාත්පසම අඳුරුය. එය වෙනදා මෙන්ම අඳුරුය. නිහැඬියාව හිතේ භයානක සිතුවමක් මවන තරමට දැඩි විය.

දෑස් යකඬ කුරූ අසලටම ලං කර ගත් මා කොරිඩෝරයේ දෙපැත්තම බලන්න අසාර්ථක උත්සාහයක යෙදුනි. එය නිශ්ඵල ක්‍රියාවක් වුනත් එය නතර කරන්නට මා සිත් නොවීය. අඳුරත්, නිහැඬියාවත් මකමින් පිය ගැටෙන හඬක් කොරිඩෝරය අතරින් දෝංකාර දුනි. මා මුහුණ යකඩ කූරු අතර හිරවෙන තරමටම ලං කරගෙන ඒ දෙස බැලිමි.

විටින් විට කාමරයට ගෙනා වතුර බල්දි වලින් ඔවුන් ඒ කාමරය සෝදා පිරිසිදු කර දමන ලදී. අඩ හෝරාවක් පමණ කාලයක් ඔවුන් ඒ වෙනුවෙන් නාස්ති කර දමනු අඳුර අතරින් වුවද මා අපහසුවෙන් බලා සිටියෙමි. නිහැඬියාව කෙමන් මැකී යන්නට පටන් ගෙනය. ඉඳහිට නැගෙන කෙඳිරිලි, සිනහවීම් වලින් කොරිඩෝරය යන්තමින් පිරී ගොස්ය.

' මර්ලින්.'

හදිසියේම මගේ මතකයට ඔහු කිදා බැස්සේය. ඒ ඔහුගේ කාමරය වග පමාවී මා මතකයට නැඟුනි. පිය ගැටෙන හඬ ටිකින් ටික ඈතට දෝංකාර දී අවසන් වී ගියේය. සිහින් කෙඳිරිලි හඬවල් හා සිනහවීම් ක්‍රමයෙන් වැඩි වන්නට විය. දැන් යළිත් කොරිඩෝරය පෙර මෙන්මය. විනාඩි කිහිපයක හෝ නිහැඬියාවක් නොරැදුනා මෙන්ය.

***

උඳෑසන හිරු රැස් වැටී අවසන්ය. කවුළුවෙන් ඇතුලට හොරෙන්ම රිංගන හිරු දල්ල, කාමරය පුරා දිගු රේඛාවක් මවා ඇත. සුපුරුදු වෙලාවටම කාමරයේ දොර විවර කල ඔහු මා දෙස බලා සිටියේය. මා කාමරයෙන් පිටතට පැමිණීයෙමි. අනික් හැමෝම කොරිඩෝරය මැදින් පෙළක් සැදී නුපුරුදු සංයමයෙන් බලාගෙන සිටී. මමද ඒ පෙළට එකතු වීමි. හුස්මක දෙකක පමණ කාලයක් ගත විය.

කොරිඩෝරය දිගේ ඉදිරියට ඇදෙද්දී මා මර්ලින්ගේ කාමරය දෙස බැලිමි. එය වෙන කවරදාකටත් වඩා පිරිසිඳු වී තිබුණි. බිත්තිය පුරා ඇද තිබු බලි කුරුටු කිසිවක්ම අද එහි නැත. එය බැලු බැල්මටම කොරිඩෝරයට අළුතින් එක්වූ කාමරයක් මෙන්ය.

' යමං.'

ඔහු, අත තිබු බැටන් පොල්ලෙන් මා ඉදිරියට තල්ලු කලේය. නුපුරුදු සංයමයෙන් ඉදිරියට ඇදෙන පෙළ දිගේ මම ඇවිදන් ආවෙමි. එළිමහනක් නොදකින අඳුරු තීරය දිගේ ඇවිද ගොස් සුපුරුදු තැනම නතර වීමු. ඔවුහු එකි නෙකා කාමරය තුලට ගෙන විත් දොරගුළු වසා ගනී. ඉන්පසු නැගෙන්නේ විලාපයක් පමණී.

ඊයේ උදෑසන මර්ලින් එම කාමරයට ඇතුළු වන හැටි රූප පෙලක් මෙන් මා මතයේ නැවත නැගෙන්නට විය. ඔහු සිටියේ වෙනදාට වැඩිය කළබලයෙනි. කාමරය ඇතුලෙන් වෙනදටත් වැඩිය ඇහුන විලාපය මර්ලින් සමඟම සැගවුන රහසට හේතුවක් බව මගේ හිතට හැඟී ගියේය.

ඊලගට මගේ වාරය. දොර අසළම වූ හැඩි දැඩි මිනිසා ඔහුගේ සුපුරුදු ඉරියවුවෙන්ම මා දෙස බලාගෙන සිටී. කාමරය මැද වූ යකඩ ඇදේ ලිහිල් වූ දම් වැල් යන්තමින් පැද්දෙමින් තිබුනි. ඔහු මුහුණ වැසෙන්නට තිබු ආවරණය මදක් ඉවත් කර මා දෙස සිනාමුසු බැල්මක් හෙලීය. ඊලග මොහොතේ කාමරය මැද වූ යකඩ ඇදේ දම්වැල් අතර මා සිර විය.

ඔහු මා වෙතට එබුනේ අරුම පුදුම දෙයක් දෙස බලන්නාක් මෙනි. රවුම් ලොකු ඇස් කණ්නාඩි විදුරු තුලින් ඔහුගේ දෑස් තවත් විශාලව පෙනුනි. ඔහු පසෙකින් වූ විද්‍යුත් ආරෝපන මැශිමේ යතුරු එහා මෙහා කර කැවීය. බලෙන් විවර වුන මුව තුලට ලී කැබැල්ලක් සිර විය. ඊළග මොහොත දෑස් පියවුනා සේ මතකය.

***

විනාඬි දෙක තුනක නිහැඬියාවක් රැදුනි. මම කොරිඩෝරය පෙනෙන මානයට සෙමින් ඇවිද ආවෙමි. හාත්පසම අඳුරුය. කෙළවරක එක් විදුළි බුබුලක් දැල් වුනද එය කොරිඩෝරයට ප්‍රමාණවත් නොවීය. නුපුරුදු නිහැඩියාව අතරින් පිය ගැටෙන හඬක් කොරිඩෝරයේ කෙළවරින් මතු විය. මම අපහසුවෙන් ඒ දෙස බලන්නට උත්සාහ කලෙමි. ඈතින් දැල් වුණ යන්තම් එළිය අවට සිදුවන දේ දැක ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුනත් මම ඡායාවන් දෙස බොහොම ඕනකමින් බලා හිදියෙමි.

සුදු හැඳගත් ඔවුන් එක් කාමරයක් ලග නැවතිනි. එහි ඇතුලත යමෙකු සිටීදැයි පැහැදිළිවම තේරුම් ගත හැකි කිසිවක් මා සතු නොවීය. මාරුවෙන් මාරුවට ඔවුන් ගෙනා වතුර බාල්දි වලින් කාමරය සෝදා දමන අයුරු දෙස මම බලා සිටියෙමි. ඔවුන් සිටියේ බොහොම විමසිළිවන්තව කොරිඩෝරය දෙස බලමින්ය. වාසනාවකට මෙන් අඳුර මා සතුය. ඔවුන් ඔවුන්ගේ රහස් රාජකාරිය නිමවා කොරිඩෝරයේ ඈත කෙළවරින් නොපෙනී ගියේය.

***

යතුරු කරකැවෙන හඬ මා නින්දෙන් අවදිකරලීය. ඔහු නොරිස්සුම් බැල්මෙන් මා දෙස බලා හිදී. විවර උනට දොරට යන්තම් වාරු වෙමින් මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. ඔවුන් සුපුරුදු පරිදිම පෙළක් සැදී නුපුරුදු සංයමයකින් බලාගෙන සිටී. ඒ සංයමය ඇති වන්නේ බැටන් පොලු නිසාවෙනි. හෙමින් පියවර තබමන් ඒ මේ අත පැද්දෙමින් අප ඉදිරියට ඇදුනෙමු.

මම සියුම් බැල්මක් ඒ දෙස යැවීය. කාමරය අඳුරුය. බිත්තියේ ඉහල වා කවුළුව තිර රෙද්දකින් ආවරණය වී ඇත. හිරු එළියක් කාමරය තුලට ගලා ඒමක් නැත. නමුත් මින් පෙර දැනෙන දුඟද කුයිලය වෙනුවට සබන් සුවදක් නාස් පුඩු අතරට විත් නැවතුනි.

' ඇන්තනී.'

කොරිඩෝරයේ කාමර අතර හිදි අපිරිසිදුම මිනිසා ඔහුය. මම අප පෝලිමේ අවසානය දෙස බැලිමි. ඔහු අද එතැන නැත. වෙනදා කුයිලය වෙනුවට සබන් සුවඳක් පමණක් ඉතිරිය. අප පෙළ සුපුරුදු කාමරය අසලට විත් නැවතිනි. කෙටි වෙලා පරතරයක අපි හැම දෙනෙක්ම ඒ කාමරය තුලට වීමු.

කාමරය මැද වූ යකඩ ඇදෙන් මින් පෙර නොවූ සබන් සුවඳක් නහයට දැනින. එය කොරිඩෝරයේ දැනුන සුවඳට බොහෝ සේ සමානය. අත් පා බැඳි දම්වැල් මා යකඩ ඇද මතට තද කර අල්ලාගෙන සිටි නිසාවෙන් ඒ සුවඳ වඩා හොදින් දැනින.

' මේවයේ ලොකු වෙනසක් නැහැ.'

' එහෙම වෙන්න බෑ. දැන් මාස 5ක් වෙනවනේ ගෙනත් දාලා.'

' ක්ලෝසරිල් ටිකක් වෙනදට වැඩියෙන් දීලා බලමු.'

' හරි.'

ඔවුන්ගේ කතාබහ අවසන ඔහු මා වෙතට හැරින. ඔහුගේ ලොකු කණ්නාඬි විදුරු අතරින් ඒ ඇස් අසාමාන්‍ය ලෙස විශාලව පෙනින. කිසිදු හැඟීමකින් තොරව ඔහු මා දෙස මොහොතක් බලාගෙන සිටියේය.

'ඕකේ වෝල්ට් එක ටිකක් වැඩ් කරලා දෙන්න.'

***

මම නින්දෙන් ඇහැරුනෙමි. රාත්‍රිය උදාවී ඇත. සන්ද්‍යාවේ සිටම තිබු කෑ ගැහිලි අවසන්ව නුපුරුදු නිහඬතාව  කොරිඩෝරය පුරා පැතිර ගොසිනි. හාත්පසම ගිල ගන්නට උත්සාහ කරන අඳුරින් බොහෝ දේ වැසී ගොසිනි. මම කාමරයේ යකඩ කූරු අසලට ලංවීමි. හැමදාම මෙන්ම ඈත එක් විදුළි බුබුලක්  දැල් වෙමින් පවති. මම නිහඬතාවය දිගේ හොදින් ඇහුම් කන් දුන්නෙමි.

පිය ගැටෙන හඬක් ඈතින් ඇසින. මම ඒ දෙසට නෙත් යොමු කලෙමි. කෙලවරක වූ විදුළි බුබුල ඔවුන් දැක ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. සුදු හැද ගත් ඔවුන් විටින් විට ගෙනා වතුර බාල්දි වලින් කොරිඩෝරයේ මැදක වූ කාමරයක් සෝදන්නට විය. හෝරාවක් පමණ ඔවුනට ඒ සදහා ගත වන්නට ඇත. අඳුර අතරින්ම ඔවුන් යලින් කොරිඩෝරයේ ඈත කෙලවර තෙක් ඇවිද යන අයුරු මා බලාගෙන සිටියෙමි.

***

ඔහු මගේ කාමරයේ දොර අසළට විත් සිට ගත්තේය. මම අනෙක් උන් සමග පෙළට එකතු වීමි. හෙමින් ඉදිරියට ඇදෙන අතර අහම්බයෙන් මෙන් මම ඒ දෙස බැලිමි. කාමරයෙන් පිටතට ආවේ නුහුරු නුපුරුදු මුහුණකි. ඔහු මේ හැම දෙයක්ම ආගන්තුක මෙන් අප දෙසත්, අප ඇවිද යන දෙසත් බොහෝ ඕනෑකමින් බලාගෙන සිටියේය.

' කෝ, සෙබස්තියන්?'

ඔහුගේ දෑස් දෙස බලා සිටින අතරේ මා මගේ සිතින් විමසීමි. ඔවුහු ඔහුවත් බලහත්කාරයෙන් අප පෙළට තල්ලු කර දැමීය. ඔහුගේ දෑස් විමතියෙන් මෙන්ම බියෙන්ද මුසුව ගිය අයුරු මා බලා සිටියෙමි. ඊළග නැවතුම සුපුරුදු කාමරය අසළය. ඔහු කාමරය ඇතුලේ අනික් හැමෝටම වඩා උස් හඬින් විලාප දෙන අයුරු අප අසා සිටියෙමු.

' මේ රිපෝට්ස් වල මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා.'

මගේ අත් පා යකඩ ඇද මත සිරවී අවසන්ය. තරහෙන් මෙන් ඔවුන් එකිනෙකා හා කතා කරමින් සිටි. හිස හැරවිය නොහැකි ලෙස බැඳ තිබූ පටිය නිසාවෙන් මා පිටුපසින් ඇසුන හඬවල් කාගේද යන්න සැක හැර දැන ගැනීමට මඟක් නොවීය.

' මෙච්චර කල් කරපු දේවල් වල හැටියට මේ වෙද්දී අපිට ඕන දේ වෙලා තියෙන්න ඕන.'

' ඕකේ වෝල්ට් එක වැඩියෙන්ම දාලා දෙන්න.'

***

දුර්වර්ණ වුණ අපිළිවෙල අත් අකුරින් ලියවුන සටහන් කීපය මා දෙතුන් වරක්ම කියවා දැමීමි. කිසිම දෙයක තේරුමක් සොයා ගැනීමට අපහසු වන තරමටම හැම දෙයක්ම පැටලී ගොසින්ය. නමුත් හෝඬුවාවක් වෙනුවෙන් ඉතිරිව ඇති එකම දේයද මෙය පමණකි. මම තව වරක් උනන්දුවෙන් ඒ දෙස බැලිමි.

' මයිකල්, තාම මොකද්ද ඕක අල්ලගෙන කරන්නේ?'

ඔහු මගේ කල්පනාවට බධාවක් විය. හිස ඔසවා ඔහු දෙස බලන්නවත් ඕනෑ කමක් මා තුල නොවීය.

' හෝඩුවාවකට ඉතුරු මේක විතරයි.'

' ඕක මහ විකාර වැඩක්. අපි පිස්සෙක් ලියපු කොල කෑලි ටිකක් අල්ලන් ඒ පස්සේ දුවනවා. මෙතන හොයන්න තරම් දෙයක් වෙලා නෑ. ඔන්න ඕක අත ඇරලා දානවා.'

ඔහු අවසානය බොහෝ ඉක්මනින් තීරණය කර හමාරය. අභිරසක අවසාන තුරුම්පුව මෙයය. ස්භාවික මරණ තුනක හෝ මිනිමැරුම් තුනක අවසාන තුරුම්පුව මෙය පමණකි. බොහෝ විට එය මිණිමැරුම් හතරක්ද විය හැක. ඒ මේ සටහනේ අයිතිකරුවායි. 





 නිමි...

23 comments:

  1. හරිම අමුතු කතාවක් :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. තේරුණානම් කමක් නෑ.

      Delete
  2. ඇත්තටම හරිම වෙනස් අමුතු කතාවක්.... ඒ වගේම රසවත්...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  3. කරකෝල කරකෝල කරකෝල අතඇරිය වගේ!

    ReplyDelete
    Replies
    1. වැඩිය ස්ට්‍රෙස් වෙන්න එපා. අන්තිමේ කරන්ට් එක අල්ලන්න වෙයි.

      Delete
  4. අමුතු කතාවක්...පට්ට...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.

      Delete
  5. ++++++++++++

    එතකොට අපි හැමෝම එක එක විදිහේ උම්මන්තකයොද දිනේශ් ?

    ReplyDelete
    Replies
    1. පොඩි උමතුවක් ඉතින් අපි හැමෝටම තියෙනවනේ කෝමත්..

      Delete
  6. අපූරුයි දිනේශ්. 'හොරෙන්ම රිංගන හිරු දල්ල, කාමරය පුරා දිගු රේඛාවක් මවා ඇත' මරු යෙදුම.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  7. මේ ටෝචරින් චේම්බර් එකක් ගැනද බං කියන්නෙ? ටොයින් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. Asylum එකක්.

      Delete
    2. අන්න වචනෙ.. මොනවා උනත් උඹට ලස්සනට පුළුවන් වටාපිටාව චිත්‍රයක් වගේ මවන්න..

      Delete
    3. ඒකට වෙන ලස්සන සිංහල වර්ඩ් එකක් හම්බුනේ නෑ බං. ඒකයි උම්මත්තකාගාරය කියලා දැම්මේ.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මම මුලින් හිතුවෙ මානසික රෝග වාට්ටුවක් කියල.

    ReplyDelete
  10. රුසියාව,යුගෝස්ලාවියාව,ජර්මනිය වගේ රටක පාණ්ඩු පාට සද්ද බද්ද නැති මහා විසාල මුඩුම ගොඩනැගිලි වල තියන තැනක් නෙව මැවුනෙ..
    ජයවේවා!!

    ReplyDelete
  11. මේක කියවලා මාව උමතු උනාද කොහෙද ඉදිකට්ටෝ ^-^

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්