Thursday, 2 June 2016

මියැදෙන්න කලියෙන්



හීතලට ගල් ගැහෙන්න ලං වුණ අත් මම තව ටිකක් ළගට ගුලි කර ගත්තා. දෙවුරෙන් දැනුණේ තරමක වේදනාවක්. වේදනාවට මුහු වෙලාම හිතත් ටිකක් තදින් ගැහෙන්න වුණා. ඒ ඉතුරු වෙලා තියෙන කාලය ගැන හිතේ සියුම් හැඟීමක් නැගෙන්න වුණ නිසා. දෑස් පියා නොගත්තත් ඉබේම වගේ අඩවන් වෙලා යද්දී මම ආයාසයෙන් වගේ ඇස් ඇරන් ඉන්න උත්සාහ කළා.

මේ ශීත කාලය නෙමෙයි. ඒත් මුළු ඇඟම ගල් වෙලා යන තරම් හීතලක් තදින්ම දැනෙන්න වුණා. පුළුවන් තරම් මම ඒකෙන් මිදෙන්න උත්සාහ කළත් මම අසාර්ථකයි. වෙනදට දැනෙන රළු හුළගත් එක්ක අද මුසු වෙලා ආවේ විඳගන්න අසීරු සීතක්. මම තව තවත් දෑත් ගුලි කර ගනිමින් එය මඟ අරින්න උත්සාහ කළා.


පියගැට පෙළ පාමුල ඒ තරම්ම හොද තැනක් නෙමෙයි. අවට නොයෙක් විද ඇස් වලින් ගැලවෙලා ඉන්න එක හිතනවට වැඩිය අමාරු දෙයක්. මම උනන්දුවෙන් වට පිට බැලුවා. ඒ අනතුරකින් ඈත් වෙන්න වගේම මිතුරු තැනක් හොයා ගන්න. නමුත් හැම දෙයක්ම හිතන තරම් පහසු නැහැ.

අප්‍රාණික වෙමින් යන දෙපා දිහා මම බැලුවා. ගෙවුණ කාලය බොහොම සිමා සහිත උනත් දුර ගමනක් යන්න තිබුණ ආශාව වගේම හැඟීම දුබල වෙලා ගිහින්. මම තරමක් දෙපා සොලවන්න උත්සාහ කළා. ඒක තේරුමක් නැති දෙයක්. යන්තමකට හරි ඉතුරු වෙලා තියෙන ශක්තිය නිස්කාරනේ නාස්ති කරලා දානවා වගේ හැඟීමක් විතරයි මගේ හිතට ඉතුරු උණේ. මම මගේ උත්සාහය අත හැරියා. ඒත් මෙතනින් එහාට කොහොම හරි යා යුතුමයි.

අපහසුවෙන් උණත් පියගැට පෙළ නැගගෙන මම උඩට ආවා. හිතට දැනුණේ ටිකක් විතර ආරක්ෂාකාරී හැඟීමක් වුණත් ඒක කොයිම වෙලාවක හරි බොහෝම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන් කියලා මගේ හිත දැනන් හිටියා. ඒත් ඒකටත් තව ටිකක් වෙලා ගත වේවි. උරෙස් අතරින් දැනෙන්න ගත්ත වේදනාව දුබල වෙලා ගිය පුංචි සිරුර පුරාම විඳුලියක් වගේ වේගෙන් පැතිරිලා ගියා. ඒ අනතුර නොවුනනම්. මගේ හිත මටම කියන්න වුණා.

ඈතින් කුරුලු රෑනක් පියාඹලා ගියා. ඔවුන් හිටියේ බොහොම සතුටකින්. ඒ කිචිබිචිය ඔවුන්ගේ මහා සතුටේ පුංචිම සැමරුමක් විතරයි. මටත් ආස එහෙම පියාඹන්න. නිදහසේ ඉඟිල්ලිලා යන්න. බොහෝම දුර ගමනක් ඈත අහසේ පියාඹලා යන්න. ඔවුන් වගේම. අනිත් හැමෝම වගේම. මම ඒ දිහා පුළුවන් තරම් වෙලාවක් බලාගෙන හිටියා. දෑස් අද්දරින් පෙනුන හිස් අහස ගස් කොළන් අතරේ හැංගිලා ඔවුන් නොපෙනී යන තරම් වෙලාවක් මම බලාගෙන හිටියා.

හිරි වැටු දෙපා වලින් නැඟු වේදනාවක් මගේ සිතුවිලි හැම එකක්ම ආයෙම ඇදලා අර ගත්තා. හීන වලට වඩා මම ඉන්න තැන ගැන මට බොහොම දරුණු විදිහට මතක් කරලා දෙන්න ඒ වේදනාවට පුළුවන් වුණා. මම රිදුම් දෙන දෙපා තරමක් පිරිමදින්න උත්සාහ කළා. වේදනාව මුසු උ දෙවුරෙන් හැම අතකින්ම මම අඩපණ වෙලා කියන එක විතරක් හිතට මතක් කරලා දුන්නා.

ඈතින් අඳුර ගලා එන්න අරන්. සීතක් නැති සීතලක් ගත පුරාම වෙලිලා ගිහින්. ඒක දැනෙන්නේ මට විතරයි කියන එක මම හොදා කාරවම දන්නවා. මේ ගෙවෙන්නේ අවසන් මොහොත බව හිතට ඒත්තු ගිහින් ඉවරයි. දෙපා අතරින් කිසිම දෙයක හැඟීමක් තව දුරටත් නොදැනෙන තරම්. ඒ අනතුර සිදු නොවුණා නම්.

ජීවිතේ අලුතින් දකින්න පටන් අරන් ගෙවිලා ගියේ බොහෝම කෙටි කාලයක් විතරයි. ඒ ඈත කුරුලු හඩ තවම ඇහෙන තරම්. මටත් ඉඟිල්ලිලා එන්න ඇරයුම් කරන තරම්. පියාපත් බොහොම සැහැල්ලුවෙන් විහිද ගෙන පියාඹන්න හිත දෙන තරමටම ඒ ඇරයුම, ඒ හඬ මිහිරියි. නමුත් මේ ජීවිතයේ ඒ වරම අහිමියි.

මැදියම උදා වෙලා වෙන්න ඕන. හාත්පසම අඳුරින් වැහිලා ගිහින්. කිසිම සද්දයක් නොඇසෙන තරමටම හැම දේම නිහඬ වෙලා ගිහින්. රිදුම් වලින් හැකිළු දෙවුර වගේම හිරි වැටු තව දුරටත් මට හිමි නැති දේවල් වෙලා අවසන්. මම හුස්මක් බොහොම අමාරුවෙන් ඒත් පපුව ඇතුටම අර ගත්තා. දෑස් පියවෙන්න ඒ තරම්ම වෙලාවක් ගත නොවේවි.



ප.ලි- පහුගිය සතියේ දවසක ෆාමසියේ වත්තේ ඉදලා ඔය උඩ ෆොටෝ එකේ ඉන්නවා වගේ කුරුලු පැටියෙක් හම්බුනා. පියාඹන්න කූඩුවෙන් එලියට එද්දී වැටිලා හරි ඉපදීමේ දුබල තාවක් නිසා හරි කුරුලු පැටියගේ කකුල් දෙක විකෘති වෙලා ගිහින්. තටුත් එහෙමමයි. අපේ කාගෙම හරි වාහන රෝදෙකට අහුවෙයි කියලා බය හිතුන නිසාම ටිකක් ඈතකට කරාට මොකද වටේ පිටේ කැරකෙන පූසෝ හන්දා එහෙම කරලා විතරක් ඉන්න මට හිත දුන්නේ නෑ.

ඒ ගමන ගෙදර අරන් ආවා. වතුර දීලා පළතුරු එහෙම දීලා බලා ගත්තා. හරියටම දවස් 6ක් තව ජීවත් වෙන්න වාසනාව ලබලා ඌ මැරිලා ගියා. මේ ඒ හිතට හිතුන හැටි ගැන සටහනක්...

51 comments:

  1. කුරුල්ලා මියැද්දෙන්

    ReplyDelete
    Replies
    1. මාත් ආවේ ඔය වගේ කතාවක් ලියන්නයි.

      කුරුල්ලා මියැද්දෙන් ද?

      Delete
    2. දේශා, කුරුල්ලා මියැදිලා ඉවරයි දැන්.

      Delete
    3. රසික, මේ දවස් වල ඉතින් හැම දේම මියැද්දෙන් තමයි.

      Delete
  2. කුරුලු පැටියා හරි පව්..
    “දවස් ගානක් මෙහෙම විදවනවට වඩා මැරිල ගියානම් හොඳයි... මේ ඇගට දැනෙන වේදනාව.“

    කුරුලු පැටියට එහෙමත් හිතුනද දන්නැ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, මගේ හිතෙත් ඔය අවුලම තිබුනා.

      Delete
    2. රසික, එහෙම මම ඉඩ දිලා ඉන්නවා වට පිටාවේ අසරණයව ගොදුරු කර ගන්න මාන බලන අය නොහිටියනම්. එතකොට ඒක යුතනේසියා නෙමෙයි නේ.

      Delete
  3. පියාපත් බොහොම සැහැල්ලුවෙන් විහිද ගෙන පියාඹන්න හිත දෙන තරමටම ඒ ඇරයුම, ඒ හඬ මිහිරියි. නමුත් මේ ජීවිතයේ ඒ වරම අහිමියි//

    !!!!

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපිත් එහෙමයිද මන්දා.

      Delete
  4. Replies
    1. අනුරාධපුර පාර දිගේ හයිස්පිඩ් යනකොට එකපාරටම ගුලියක් දැකල කොහොමහරි වාහනේ නතරකරලා බලනකොට ලේනෙක්. ඔලුව කොහේ හරි වැදිලා බිම වැටිලා. මම ඉවසගන්න බැරි දුකට මම ඉක්මනට වතුර ටිකක් පෙව්වා. වතුට ටික බොනවත් එක්කම ඌ ගැස්සිලා ගැස්සිලා ජීවිතෙන් සමුගත්ත. අල්ල උඩ හිටියේ.

      අම්මෝ එහෙම දුකක්! රෙදි කෑල්ලක ඔතලා තියල ආව එන්න. මොනවා කරන්නද?

      Delete
    2. හම්මෙ. හිතා ගන්න පුළුවන් බං.

      Delete
  5. දීනේශ්.. අපිට කවදාවත් සොබාදහමෙන් හදලා තියන දේට විරුද්ධව යන්න බැ.. කුරුලු පැටියා ගෙදර අරන් අවිත් බලා ගත්ත එක ලොකු දෙයක් වාහනේකට අහු වෙලා මැරෙන්නෙ නැතුව.. National Geography එකෙ යන Nature programs වල දුර්වල පැටවුන්ගේ ඉරණම හරිම සංවේදිව පෙන්වනවා..මුලින්ම පියාඹන සමහර පැටව් උපතින් නිරොගී උනත් අත්දැකිම් නැතිකම නිසා පළමු උත්සාහයේදීම මේ ලොකේ දාලා යනවා..ශක්තිමත් පැටව් විතරයි ඉතුරු වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙම පියාඹන්න ගිහින් බිම වැටිලා මොනා හරි වෙන්න ඇති කියලා. සත්ව ලෝකය එහෙම තමයි. ඒත් දැක දැකම දාලා එන්න බැරි කමනේ අපේ තියෙන අවුල.

      Delete
  6. පූස් නාම්බන්ට කෑමක් නොකර ඔයා අරන් ආපු එකනම් හොඳයි. ඒත් ඉතින් ඒකෙන් වුණේ දුක් විඳිනව බල බල මැරෙනව බලන් ඉන්න වුණු එකනේ?

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම නොහිතුනාම නෙමෙයි. ඒත් දුන්න කෑම බීම කලා එහෙම හිටියේ.

      Delete

  7. මේ ලඟදි හම්බුනා පරවියෙක්... ඔලුව ෆෑන් එකක වැදිලා. හැබැයි මැරිලා නෑ. වතුර ටිකක්වත් බොන්න බෑ... දවස් තුනක් ඉඳලා ජිවිතයෙන් සමු දුන්නා... මට මතක් උනේ එයාව

    ReplyDelete
    Replies
    1. දවස් තුනක් විදවපු එකනම් පවු බං.

      Delete
  8. පව් බන් අසරණ කුරුල්ලා. මොනවා කරන්නද කුරුල්ලා වෙනුවෙන් මේ සටහන විතරයි දැන් ඉතින්. උඹ කුරුළු හන්ගීම් තේරුම් අරගෙන වගේ ලියල.

    ReplyDelete
    Replies
    1. ගෙදර ගෙනාවට ඌ මට බැන්නද දන්නේ නෑ හැබැයි.

      Delete
  9. කමක් නෑ.. අඩුම තව දවස් 6ක් වත් ජිවත් උනානේ..

    ReplyDelete
    Replies
    1. ඔවු කලා බීලා ඉන්න පටන් ගත්තා විතරයි.

      Delete
  10. දවස් හයක් හරි ජීවත් වෙන්න උදව් කරානේ. ඒකත් ලොකු පිනක්..

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ ඊට වඩා ඉදිවියි කියලා.

      Delete
  11. මටත් කමිය කියපු එකම තමා කියන්න තියෙන්නේ. මෙහ නම් තියනවා RSPCA Royal Society for the Prevention of Cruelty to Animals -කියල සංවිධානයක්. මම එක පාරක් එහෙම වැටිලා හිටි කුරුළු පැටියෙක් ගිහින් භාර දුන්න වෙටිනරි එකකට. එයාල කෝල් කරලා RSPCA ගෙන්න ගෙන භාර දෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම දේවල් නැති වෙන්න නම් විදිහක් නෑ. පොඩ්ඩක් බලලා මීටරේට දාගෙන ඉන්න ඕන. ඒත් මේ වගේ කුරුල්ලන්ට නම් දෙයක් කරාවි කියලා හිතන්න අමාරුයි. බල්ලො පූසෝ වගේ නෙමෙයි නේ.

      Delete
  12. දිනේෂ් කුරුලු හිතකට ඇතුල්වෙලා. ලස්සන සටහනක්.

    නොමැරී හිටියානම් මොකෙක්ගේ හරි බඩගින්න නිවෙනවා. මට මේ කුරුලු පැටියා ගැන නෙමේ, අර ගොරිල්ලා ගැන නම් දුක හිතුනා. දකින්න ඇතිනෙ නිව්ස් එක සහ විඩියෝ එක.

    ReplyDelete
    Replies
    1. දැක්ක දැක්කා. සත්තුන්ට කැලේ ඉන්න නොදී උස්සන් ඇවිත් කූඩු කරනවා. ඊට පස්සේ පොඩ්ඩ බැරි වෙද්දී මරනවා. නිර්වින්දනයක් දුන්නනම් ඒ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා.

      Delete
  13. රත්නපුරේ ඉඳන් මොනරාගල යනකොට ගොඩක් වෙලාවට පාරේ ඉබ්බො ඉන්නවා. සමහර වාහන නම් මග ඇරල යනවා. එත් ඒ පාරේ නිතරම යන උදවිය නම් වාහනේ නවත්තල අරුව පාරෙන් එහාට ගිහින් දාල තමා යන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඉබ්බා මස් නොකර එහෙම කරන එක අතකට ලොකු දෙයක් බං.

      Delete
  14. ඌ ජීවත් උන එකෙන් උනේ දුක වැඩි උන එක විතරයි.. ඒත් කොහොම අහක බලාගෙන යන්නද? කොහොම මරන්නද? දුක ම තමයි.. මොනවා කියල කරන්නද ඉතින්.
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නොදැක හිටියනම් ඔය කිසිම අවුලක් නෑ.

      Delete
  15. ඔහොම එක එක ජාතියේ සත්තු ගොඩක් බලාගෙන තියනව.නම් වලින් කිව්වොත් මයිනො ,ගිරව්, පොලොස් කොට්ටෝරුවො ,කොන්ඩ කුරුල්ලො ,දෙමලිචචෝ, ලේන්නු හ්ම්ම් තව ගොඩයි.බේරගන්න අමාරුයි උන් මැරෙනවා.ඉතිං අන්තිමට දුකයි :(

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.

      Delete
  16. සත්ව ජීවිත මොනවද දරුවො මනුස්ස ජීවිත වලටත් ස්ථිර භාවයක් නැති කොට. බොලාගෙ ක්‍රියාව අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එක වගේ තමයි.

      Delete
  17. සිරාගේ කතාවට මාත් එකගයි. ඔය වගේ සිදුවීම් අනන්තවත් අත්විදලා තියෙනවා. සතා ගැන දුකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතය අනියතයි.

      Delete
  18. දුකයි. ඒත් ජීවිතය බේරගන්න උත්සාහ දැරුවානේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දවස් 6ක් වත් ඉදියි කියලා මම හිතුවේ නෑ.

      Delete
  19. අහිසකයා ගැන දුකයි. එයාගෙ ආයුෂ ඉවර වුන නිසා යන්න ඇති. මල්ලිගෙ උත්සහය බොහොම වටින උතුම් දෙයක්.

    ReplyDelete
    Replies
    1. දුක් විඳලා මැරෙන එක ඊට වඩා හිත් රිදීමක්.

      Delete
  20. කුරුළු පැටියා ගෙනා ආයුෂ ඉවර වෙලා යන්න ඇති..ඒත් ඔයා කරගත්තේ ලොකු පිනක්...ඒ සතා දවසක් හරි වැඩිපුර ජිවත් උනා..අපි කොයි තරම් උත්සාහ කරත් සමහර වෙලාවට කර්මයට පිටින් යන්න බැහැ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්