Tuesday, 3 May 2016

හැමෝටම ස්තූතියි


මේ පෝස්ට් එක හරි නම් මීට සුමානෙකට කලින් ලියවෙන්න ඕන පෝස්ට් එකක් උනත් හේතු ගොඩක් නිසා මේක ටිකක් පස්සට ගියා. කොහොම උනත් හිතේ තියෙන දේ ලියලා දාන්න එපැයි ඉතින්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ කොහෙන් කොහොම පටන් ගන්නද කියන එක. ස්තූති කතා කරන එක වගේම ලියන එකත් සෑහෙන අමාරු වැඩක් බලාගෙන යද්දී.

පොතක් එළි දක්වන හීනේ පහුගිය අවුරුදු දෙකේ විතර බොහොම තදින්ම තිබුනා. ඒත් ඉතින් තියෙන වැඩ අස්සේ ඕකට වෙනමම මහන්සි වෙලා කැප වෙන්න තිබුන කාලය අඩු උන නිසාම ඒක ටිකින් ටික කල් ගියා. කල් ගියා උනත් කොහිමින් කොහොම හරි ඒ බලාපොරොත්තුවත් පහුගිය 23න් වෙනිදා හැබෑ වුනා.

ස්තූති කරන්න නම් සෑහෙන්න දෙනෙක් ඉන්නවා. ඒ හැම දෙනෙක්ම බ්ලොග් නිසා මුණ ගැහුන අය හන්දා කම්මැලි කමට කුරුටු ගාපු මේ අකුරු හන්දා අඳුන ගත්ත මිනිස්සුන්ගේ පුදුම වටිනකමක් තියෙනවා. මුලින්ම අපේ තරූ අක්කා. මේකේ හැම දේකදිම මට උපදෙස් දුන්නේ තරූ අක්කා. අකුරු අඩුපාඩු හදලා කතා තෝරන්න උදවු දීලා පොත මේ තත්වෙට ගන්න සෑහෙන්න මහන්සියක් තරූ අක්කා ගත්තා. ඒ වගේම තරූ අක්කා නිසා ලේඛන කලාවේ ඉන්න විශිෂ්ඨයෙක් දැන අඳුන ගන්නත් අවස්ථාව මට ලැබුනා.

ඒ තමයි අනුරසිරි හෙට්ටිගේ මහත්තයා. දැන් නම් අනුරසිරි අයියා. පොත කෙරෙන්න ඕන මෙන්න මේ විදිහටයි කියලා ලගම ඉඳන් උපදෙස් දුන්න සොදුරු නිහතමානි කෙනෙක් විදිහට අනුරසිරි අයියව මම දකිනවා. අනුරසිරි අයියගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. ඒ වගේම ඉගෙන ගන්න තියෙන දේවල් තව ගොඩක් තියෙනවා.

අර කොට බස්සිව ඉතින් කොහොම අමතක කොරන්නද. හැබැයි ඉතින් එදා පිළිගැනීමේ කතාව කරන්න කිවුවම අනේ බෑ බං මට ලැජ්ජයි කියලා ශේප් වෙන්න හදපු එක ඇරෙන්න අනිත් හැම දේකටම උඹ අහන පරක්කුවෙන් වැඩ අස්සේ උනත් කෝල් කරලා දුන්න සප් එක ඉතින් කොහොමටවත් අමතක වෙන්නේ නෑ. උඹට ඉතින් කියන්න ඕන ටික පර්සනලි කිවුව හන්දා මෙතන ලියන්න යන්නේ නෑ.

මේ ගෙවුන දවස් කීපයේ මුණ ගැහුන ලෙංගතුම කෙනා තමයි අපේ බෝධිනී අක්කා. කාලයක් දැනන් හිටියා උනත් කතා බහ කරලා තිබුනා උනත් මේ තරම් හිතවත්ව ලගින් කතාබහ කරන්න කලින් බැරි උනේ ඇයි කියලා මට දැන් හිතෙනවා.

බ්ලොග් අවකාශයේ හුඟක් දෙනෙක්ව මම දන්නේ බ්ලොග් ලිපි වලින් හරි ෆේස්බුක් එකේ කෙරෙන කතාබහ වලින් හරි. ඉතින් මෙච්චර කාලයක් බ්ලොග් ලිවුවට සහෝදර බ්ලොග් කරුවෝ මුණ ගැහුනේ මේ පළවෙනි වතාවට ඉතින් ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. පොත එළි දැක්වීමෙදි වගේම නෙළුම් යාය සම්මාන උළේලෙදීත් හුඟක් දෙනෙක් එක්ක කතා කරන්න ලැබුනා. විශේෂයෙන්ම රසික අයියත් එක්ක.

ඉතින් කතා බහ කරපු සතුට බෙදා ගන්න ලෙංගතුව එකතු උන හැම කෙනෙක්ටම හුඟක් ස්තූතියි. මේ මගේ හීනයේ තවත් එක් පියවරක් විතරක්ම නිසා ඉදිරියේදිත් අපිට ආයේ මේ වගේ හමුවෙන්න පුළුවන් කියන එක නම් හොදටම විශ්වාසයි.

හරි, දැන් එතකොට පොත කොහේද තියෙන්නේ. සෑම සරසවි පොත් සාප්පුවකින්ම වගේම බොරැල්ල සදීපා පොත් සාප්පුවෙනුත් ' සමනලායා මියැද්දෙන් ' හොයා ගන්න දැන් ඕනම කෙනෙක්ට පුළුවන්. ඉතින් කියවලා වෙනදා වගේම ගුණ දොස් කියන්න අමතක කරන්න එපා.

ඔය ඔක්කොම වැඩ හමාර කරලා මම ආපහු ඉතින් විප්‍රවාසී උනා. ලංකාවේ ඉන්න ටිකේ නම් අනිත් අයගේ බ්ලොග් පෝස්ට් හරි හැටි බලන්න උනේ නෑ. ඒ ගැන සමාවෙන්න ඕන. දැන් ඉතින් සුපුරුදු ජීවිතේට ආයෙම වැටිලා නිසා අද ඉදන්ම ඒ හැම දෙයක්ම වෙන්ද වගේ බලන්නම්.

ආයෙමත් හැමෝටම ස්තූතියි.




32 comments:

  1. blog books හෙවත් blooks ගොඩට එකතු වුන අලුත්ම පොතට සුබ පැතුම් මල්ලි.. පොතේ තව කතා කිහිපයක්ම ඉතිරියි කියවන්න. ඇත්තටම සතුටුයි එදින සහභාගි වෙන්න ලැබීම ගැන !

    ReplyDelete
  2. සතුටුයි.....මතු දිනෙක අත්වැල් පටලාන දිගු දුරක් ඇවිදිමු...

    ReplyDelete
  3. මට මතක හැටියට බ්ලොග් අවකාශය අපි හමුවුන දා ඉඳලා දිගටම මිත්‍රත්වය පවත්වාගෙ ආ අයගෙන් කෙනෙක් දිනේෂ්. අවුරුදු හයක් කියන්නේ දැන් මේ ගෙවෙන්නේ ඒකාලේ අයගේ ඊලඟ අදියර වෙන්න ඇති. බොහොම සතුටුයි! සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඇයි අනිත් උන්දලත් එක්ක අතරමගදි තරහා වුනැයි !!?

      Delete
  4. සතුටුයි මචං ගොඩක් සතුටුයි

    ReplyDelete
  5. සුභ පැතුම් දිනේෂ්. පොත් ලැබෙයිනේ.

    ReplyDelete
  6. නෙලුම් යාය උත්සවය දා ඔබ මුණ ගැසී කතා කිරීමට ලැබීම ගැන ඉතා සතුටුයි. යළි ලංකාවට ගිය දිනක පොත මිළට ගැනීමට හැකිවේවි.

    ReplyDelete
  7. පොත ගෙන්න ගන්න ට්‍රයි එකක් දෙන්නම්. ආපහු පුරුදු ජීවීතේට ගියාද?

    ReplyDelete
  8. සුබ පැතුම් දිනේෂ්.

    ReplyDelete
  9. සුභපැතුම්..!! ඉක්මනටම පොත අරගෙන කියවලා වැඩි දුර අදහස් දක්වන්නම්.
    ජයවේවා..!!

    ReplyDelete
  10. සහභාගී වීමට ලැබීම සතුටක්. ජය වේවා!

    ReplyDelete
  11. සුබ පැතුම් !

    ReplyDelete
  12. කිව්වනං මාත් එනවනේ

    ReplyDelete
  13. සහභාගී වෙන්න ලැබුණෙ නෑ කකුල කඩාගත්ත හංද.. ඒත් පොතක් නං මං වෙනුවෙන් ගත්ත කියවල කරල හිටං අදහස් කියන්නං
    සුභ පැතුම් දිනේෂ්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ළඟදීම පොත එවන්නම් :)

      Delete
  14. කියවලම දෙකක් කියන්නම්....ජය !

    ReplyDelete
  15. එදා උත්සවේ වෙලාවෙම පොතේ කතා හතරක්ම එක දිගට කියෙව්වා :D දිනේෂ් අය්යව හමුවෙලා කතා කරන්න ලැබීම සතුටක්. තව පොත් කිහිපයක්ම ලියන්න අදහසක් තියනවා කීවනේ.ඒවත් එක්කම ආයෙම මේ වගේ උත්සවේකින් හමුවෙමු.අහ්හ් ආයෙම එද්දි රන් පාට පෑනක් අරන් එන්න :P :D

    ReplyDelete
  16. පොත හොයාගෙන පොත ගැන ලියන්නයි ඉන්නේ...
    තාමත් පොල්කට්ට හා සමනලයා පොත් දෙක විතරක් නෙවෙයි බෝධිනී සමරතුංගගේ පොතත් හොයාගන්න බැරිවුණා... මම ඉක්මනින් මේ පොත් ගැන රාවයට ලියනවා

    ReplyDelete
  17. එදා එන්න නොහැකිවීම ගැන කනගාටුයි.පොත හොයාගෙන කියවා අදහස් දක්වන්නම්.

    ReplyDelete
  18. සුභ පැතුම්!! මමත් පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම ලියල නම් ඉවරයි. ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. ඒකත් හෙමීට කරන්න බලන්න ඕනේ.
    ස්තුති කිරීමේ පෝස්ටු කොහොම වෙතත්, ස්තුති කතාවක් පවත්වන ඒකත් සෑහෙන්න අමාරු වැඩක්.

    ReplyDelete
  19. මම නං ගන්නෑ මයි ඔය පොත්..

    ReplyDelete
  20. සුභ පැතුම් දිනේෂ්.

    ReplyDelete
  21. අවුරුද්දකට විතර පස්සේ මේ පැත්තේ ආවේ ....... එනකොටම සුබ මෙව්වා එකක්නේ බං .......
    පොත ගන්න පුලුවං කොහෙන් කියලද කිව්වේ .......

    ReplyDelete
  22. පොත ගන්නේ කොහෙන්ද කියලා හිත හිතා හිටියේ. ස්තූතියි. ජය වේවා !!!

    ReplyDelete
  23. සුබ පැතුම් දිනේෂ් අයියේ.. හමුවීම සතුටක්. එහෙනම් තව පොතකින් මුණ ගැහෙන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  24. ///හැබැයි ඉතින් වැඩේ කියන්නේ කොහෙන් කොහොම පටන් ගන්නද කියන එක. ස්තූති කතා කරන එක වගේම ලියන එකත් සෑහෙන අමාරු වැඩක් බලාගෙන යද්දී.///


    මගේ ජිවිතය නුඹේ පැමිණිමෙන් නුඹම නොදන්නා අයුරින් සංවේදිව ස්පර්ශ කලාට නුඹට තුති පුදමි සිය දහස්වර..
    ඒ මක්නිසාද යත්
    මගේ පොහොසත්කම රඳා පවතිනුයේ මා ලඟ ඇති භෞතික දේවල නොව නුඹලා වැනි සදාතනික නොවෙනස් මිතුරන් මත නිසාවෙනි...


    සුබ පැතුම්...

    ReplyDelete
  25. පොත් එලිදැක්වීම් බර ගනනකට ගියත් උඹේ පොත එලිදැවීමෙදි විතරයි දැක්කෙ ඒකට ආපු හැමෝම වගේ උඹ ලියපුවා කියවලා ඇතිවුන හිතවත්කම මත ආපු එවුන් විත්තිය.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්