Monday, 16 May 2016

බේබදු කෙල්ලෙක්

බාර් එකේ පැත්තකට වෙලා මම මගේ බීර වීදුරුව හිස් කරමින් හිටියා. මම දන්නවා වටේ හිටිය අය ඉදහිට එඹිකම් කරන ඇස් වලින් බලන්න උත්සාහ කළේ මං දිහා කියලා. ඉදහිට නෙමෙයි ඔවුන් නිරන්තරයෙන්ම බලාගෙන හිටියේ මම දිහා. හරියට ඔවුන් කැමතිම බීර බෝතලය දිහා බලාගෙන ඉන්නවා වගේ කෑදර කමකින්. නිතරම උස් පහත් වෙන නෙත් වලින් ඔවුන් මාව බොහොම දරුණුවට ගිල ගන්න හැදුවා. ඒත්, කිසිම දේක ගාණක් නැතුව මම මගේ බීර වීදුරුව හිස් කරමින් හිටියා.
 
' තව මොනවාහරි ගේන්නද මැඩම්.'
 
' තව ග්ලාස් එකක්.'
 
ඔහු මගේ දිහා බොහොම ඕනකමින් බලාගෙන හිටියත්, මම ඔහු දිහාවත් බලන්න ඕනකමක් නැතුව ඔහුට විධානන් දුන්නා. ඊළග තත්පර කීපයෙදී තව බීර වීදුරුවක් මගේ මේසයෙන් තිබ්බ ඔහු බොහෝම අලසකමින් මගේ මේසේ ලගින් ඈත් වෙලා යන්න ගියා.
 
බාර් එක පුරාම තිබුණ අඬ අඳුරේ උණත් අතර ඉන්නේ කවුද කියන එක බලාගන්න අමාරු නැහැ. මගේ ඇස් අඳුර අතරේ දිවුවා. මට ඕන වුණේ අද දවසට ගොදුරක් හොයා ගන්න. වයසක, තරබාරු පිරිමි බොහෝමයක් තමන්ගේ දිනුම් අංකය එනකන් උනන්දුවෙන් බලාගෙන හිටියා. ඒත් හැම කෙනෙක්ම වගේ මගේ රසයෙන් බොහෝම දුරයි.
 
' එනිතින්ග් එල්ස් මැඩම්?'
 
කරදරකාරී ඔහු දිහා මම හිස ඔසවලා බැලුවා. මේ ඔහුගෙයි මගෙයි දෑස් ගැටු පළවෙනි වතාව. ඔහුත් අනිත් අය වගේම ආශාවෙන් මගේ දිහා බලාගෙන හිටියා. වටේ ඉන්න අනිත් මිනිස්සුන්ට වැඩිය තරුණ කඩවසම් පෙනුමක් තිබුණේ ඔහුට විතරමයි. මමත් ඔහු දිහා බලාගෙන හිටිය නිසාමද කොහෙද ඔහු ආයෙමත් කලින් ප්‍රශ්නය මගෙන් ඇහුවේ.
 
' යස්.'
 
***

සතිඅන්තයෙන් පස්සේ උදාවුණේ කරදරකාරී සදුදාව. ඔහු මුණ ගැහුණ නිසාම සුන්දරව ගෙවුණ රාත්‍රි ගැන ඡායාවක් වගේ මතකයක් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ මධුවිත මතකයෙන් බොහෝමයක් දේවල් උදුර ගෙන තිබුණ නිසා. ඒත් කාමරේ කොනක අමතක වෙලා ගිහින් තිබුණ ඔහුගෙත් මගෙත් සුන්දර මොහොතක සැමරුමක් සේවිකාව කාමරේට එන්න කලින්ම අස්කරලා දාන්න අමතක නොකරම මම නාන කාමරේට වැදුණා.
 
රාජකාරි බොහොමයක් අස්සේ කාර්යාලයේ වෙලාව ගෙවිලා ගියා. ඉවරයක් නැති ලිපි ගොනු, මීටින් හැම එකක්ම එක්ක කාලය ගෙවිලා ගියේ බොහෝම හෙමින්. මත් වුණ හැඟීමක් හිත අස්සෙන් එළියට පනින්න අවිවේකි කම අස්සෙම උත්සාහ කළත් මේ ඒකට අවස්ථාව නෙමෙයි.
 
' මැඩම්ව මීට් වෙන්න කට්ටියක් ඇවිත්.'
 
' එපොයින්මන්ට් එකක් තියෙනවද?'
 
' නැහැ, ඒත් ලයන්ස් ක්ලබ් එකකින්. මොකක් හරි ලොකු වැඩකට ආධාරයක් වෙන්න ඇති.'
 
' හා එන්න කියන්න එහෙනම්.'
 
***

ලොකු ගෙදරක හුදෙකලා වෙලා ඉන්න එක දකින තරම් සුන්දර දෙයක් නෙමෙයි. මේ ගෙවෙන්නේ ජීවිතේ තිස්තුන් වෙනි අවුරුද්ද. විවාහයක් තිබුණත් ඒක කාලයත් එක්ක නාමිකව විතරක් තියෙන දෙයක් වෙලා ගිහින්. මම අන්තිමට ඔහුව දැකලත් දැන් මාස තුනකට විතර වැඩියි. ජංගම දුරකථනය අතට අරන් ඔහුගේ නමට කෙටි පණිවිඩයක් තියන්න හිතුවත් අදහස වෙනස් කර ගත්තේ ඒකෙන් අපි දෙන්නගෙම බැදීමේ වෙනසක් සිද්ධ නොවෙන බව දන්න නිසා.
 
සාලයේ තිබුණ ඔහුගේ මිණි බාර් එකෙන් ඉස්තරම්ම වයින් බෝතලයක් අරන් සෝෆාවේ හාන්සි වුණා. කම්මැලි චිත්‍රපටියක දර්ශන අතරේ වයින් බෝතලේ අඩක් නොදැනීම හිස් වෙලා ගිහින්. දෑස් යන්තමට වගේ පියවීගෙන එද්දී මට මතක් උණේ ඔහුව. කලින් දවසේ ගත කරපු රාත්‍රිය.
 
යන්තමට මතකේ තිබුණ ඔහුගේ නමේ කොටසක් එක්ක ජංගම දුරකථනයේ නම් ලැයිස්තුව බලලා ඔහුට ඇමතුමක් ගත්තා. අද ක්ලබ් එකත් නැති හන්දා ඔහුට වැඩ නැතුව ඇති.
 
' හලෝ, මේ මම. ඔයාට අදත් එන්න පුළුවන්ද?'
 
' ඊයේ තැනටමද?'
 
' ඔවු.'
 
' හරි.'
 
ඔහුට එන්න තව පැයක් වත් යන බව විශ්වාසයි. කම්මැලි චිත්‍රපටියේ ඉතුරු විනාඩි කීපය නිමා කරන අතරේ ළගට ගත්ත වයින් බෝතලයෙත් ඉතුරු ටික ඉක්මනට බීලා ඉවර කළේ ඔහුට මීට වඩා හොද සංග්‍රහයක් අවශ්‍යයි කියලා හිතුණ නිසා. අන්තිම වයින් වීදුරුව ඉවර වෙද්දී ඔළුවට දැනුණේ මහා බරක්. ඒත් ඊටත් වැඩිට හිතේ ආශාව මාව දෙපයින් සිටවලා තිබ්බා.
 
ඇඳුම් කාමරයට ඇවිදන් ගිහින් මම හොද ඇඳුමක් බැලුවා. වෙනදට හිතට අල්ලලා යන එක එක මෝස්තරේ ඇදුම් වල ලොකු අඩුපාඩු හිතට එක පාරම පේන්න වුණා. වෙලාව රෑ අටහා මාරට කිටුයි. මේ වෙලාවට මීට වඩා හොද ඇදුමක් තියෙනවද. හිත එක පාරම ඇදිලා ගියේ ඒකට.
 
දුහුල් විනිවිද පේන රෑ ඇදුමින් මම සැරසුණා. ඔහු මේකට හුඟාක් ආස වේවි. මගේ හිත මාත් එක්කම ආඩම්බරෙන් කතා කරන්න වුණා. රෑ ඇදුම අතරින් පේන මගේ ගත විඳගන්න ඕනකමක් හිතට ආවත් අදහස බිඳුනේ ගෙදර සීනුවේ නාදයෙන්. ඔහු.
 
'වාව්.'
 
ඔහු වගේ හැඟීමකින් මගේ දිහා බලාගෙන හිටියා. කෑදරකම මුහුවුණ සරාගික බැල්මක්. ආලින්දයේ සෝෆාව අපේ කතාබහට හොද තැනක් වේවි. මම ඔහුව එතනට අරන් ගියා.
 
' අද උදේ මම මැඩම්ව දැක්කා.'
 
' මාව?'
 
ඔහු කතාව පටන් ගත්තේ මාව පුදුම කරවමින්.
 
' ඔව් ඔෆිස් එකේදි.'
 
' ඔයා ඔෆිස් එකට ආවද?'
 
මම මගේ හිතේ තිබුණ කැලබිලි ගතියෙන් ඔහුගෙන් ප්‍රස්න කරගෙන ගියා. ඔහුගේ මුණේ තිබුණේ හිනවක්. ඒකේ අර්ථය මට හිතා ගන්න බැරි උණා. හිස් බැල්මෙන් මම ඔහු දිහා බලාගෙන හිටියා.
 
' අර උදේ ලයන්ස් කල්බ් එකෙන් ආවේ මැඩම්ව මීට් වෙන්න. එක්ක මම ආවේ. හොද වෙලාවට කොරිඩෝ එකේදි මම ඔෆිස් එකේ එක්සෙකිටිව් ලගේ ෆොටෝස් ටික දැක්කේ. හන්දා බොරුවක් කියලා එළියේ නැවතුණා. මාව දැක්කනම් මැඩම් ටෙන්සන් වෙන්න තිබුණා.'
 
මට ඔහු ගැන පුදුමත් හිතුණා. මගේ ඇත්ත ජීවිතයේ අල්ලගන්න හොද තුරුම්පුවක් ඔහු ලගටම ඇවිල්ලත් ඔහු ඒක පැත්තකට දාපු එක.
 
' එතකොට ඔයා මොකද ලයන්ස් ක්ලබ් එකේ කරන්නේ?'
 
' මැඩම් වගේම තමයි.'
 
ඔහුගේ කෙටි පිළිතුරට අපි දෙන්නම හයියෙන් හිනා වුණේ හංඟගන්න ඕන ජීවිතයක් අපි දෙන්නටම තියෙන නිසා. ඔහුගේ ඇස් නතර වෙලා තිබුණේ මගේ දුහුල් රාත්‍රී ඇදුම ළග.
 
' ඔයා මොනවද ගන්නේ. අද සර්විස් කරන්නේ මම.'
 
මම සෝෆා එකෙන් නැගිට්ටා.
 
' මැඩම් කැමති දෙයක්.'
 
හස්බන්ඩ්ගේ මිණි බාර් එකෙන් ඉස්තරම් විස්කි බෝතලයක් එක්ක වීදුරු දෙකක් අරන් ඇවිත් මම ආයෙම සෝෆාවේ වාඩි උණා. කලින් ඉවරකරපු වයින් බෝතලේ මත්බව තාම යන්තමට දැනෙද්දී මම ඔහුත් එක්ක විස්කි වීදුරු දෙකක්ම එක දිගට හිස් කළා. මේ රාත්‍රිය මට හුඟක් දේවල් අමතක කරවාවි.




නිමි...

64 comments:

  1. හ්ම්ම්.... වෙස් මුහුණු හැමතැනම... දුකක් ද කලකිරිමක් ද එහෙමත් නැත්නම් යථාර්තය මේකයි කියල සහනයක් ද කියලා පැහැදිලි නැති හැඟිමක් දැනුනා හැම පැතිකඩක් ගැනම..

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක සමාජයේ මුහුවෙන ගොඩක් දෙනෙක් මෙහෙම වෙන්න පුළුවන්. වෙස් මුහුණු වලින් එහා බලන්න අපිට බැහැ.

      Delete
  2. Replies
    1. ලොකු අයියා මොකද ස්මයිලි එකක් දාලා ශේප් වෙලා..

      Delete
  3. Replies
    1. තෑන්ක්ස් අයියේ.

      Delete
  4. අපිට හමුවන චරිත ටිකක් එක්ක රහට කතාව ගලපලා තියෙනවා.

    'නිතරම උස් පහත් වෙන නෙත්වලින් ඔවුන් මාව බොහොම දරුණුවට ගිලගන්න හැදුවා' මරු යෙදුමක්.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක ඉන්න අපි වගේම මිනිස්සු.

      ගොඩක් ස්තූතියි සහෝ.

      Delete
    2. //අපිත් එක්ක ඉන්න අපි වගේම මිනිස්සු.// හ්හ්ම්.........

      Delete
  5. වැල ගතියටයි ඇදුනේ.. හැක්.. එළ..

    ReplyDelete
    Replies
    1. දේශාගේ කැත හිත ගැන ඉතින් අපි නොදන්නවා කියලැයි.

      ටැන්කිවු එනි වේ. ^_^

      Delete
  6. Replies
    1. කුරුටු, මොකෝ බං?

      Delete
  7. කතාව ගලාගෙන යන විදිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.

      Delete
  8. අයියගේ කෙටි කතාවත් වයින් වීදුරුවක් වගේ... රහ දැනිලා මත් වීගෙන එද්දිම වීදුරුව හිස් වෙනවා වගේ කතාවේ රහ දැනෙද්දිම කතාව ඉවරයි. එහෙම කරන එක සාධාරණද මං අහන්නේ... :P

    ReplyDelete
    Replies
    1. සාධාරණයි සාධාරණයි... එතකොට තමා අගේ වැඩි.

      Delete
  9. තව ටිකක් ලියහංකෝ. මදි මදි වගේ.

    ReplyDelete
  10. තව ටිකක් ලියහංකෝ. මදි මදි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙලාව ඇජස් කර ගන්න බෑ බන්ස්.

      Delete
  11. Replies
    1. තෑන්ක්ස් මලයා.

      Delete
  12. Addicted ෆිල්ම් එක බලලා තියනවනේ.... එක පාරට හිතට ආවේ ඒක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලලා තියෙනවා. මේ ලගදි එක ගැන හොද විචාරෙකුත් මම කියෙවුවා.

      Delete
  13. මාත් කියන්නෙ ඒක දිනේෂ්... රහට කියවන් එද්දි බොස් ගාල ඉවර වුණා..
    අපූරුවට ගලන් ගියා.. ආයෙ දිගට ලියන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. හා හා. මේක මට මෙතනින් ඇති කියල හිතුනා. ඒකයි සීන් එක.

      Delete
  14. කෙටි වුනත් කියවන්නට ප්‍රියජනක කතාවක්. කෙටි කතාවේ බටහිර හුරුව වෙනදට වඩා අඩු අපේ රටේ දීර්ඝ නිවාඩුවකට ගිහින් ආපු නිසා ද මන්ද.

    ReplyDelete
    Replies
    1. පරිසර වෙනස්කම හිතට බලපානවනේ ඉතින්. මටත් නොහිතුන දෙයක් ඔබ මතක් කලේ. ස්තූතියි.

      Delete
  15. අඩේ... නියමයි.මේ වැස්ස දවස් වල උඹත් ලියන එව්වා හැබෑට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහෙත් වැස්ස.
      මෙහෙත් වැස්ස.
      ඒකයි අවුල.

      Delete
  16. එක එක දේවල් කරලා අපි අතීත මතක වලින් ඈත්වෙන්න හදනවා අන්තිමට අපි අපිවම රවට්ට ගන්නවා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හිත රවට්ට ගන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ ඉතින්. එතනින් එහාට රැවටෙන්නෙ අපි.

      Delete
  17. මදි බන් මට මේ කතාව නම්, ඔය ජීවිත වල මතුපිටයි උඹ යන්තම් අතගාල තියෙන්නේ, මේ දවස් ටිකේ පොතේ වැඩෙත් එක්ක උඹගේ හිත එක තැනක නැහැ වගේ. මේ ජිවිත වල තියෙන ආත්මීය හඬා වැටීම එලියට ගන්න තිබ්බ බන් උඹට, ඔහේ එක දිගට ගලාගෙන ගිය කතාවක් වගෙයි, ඔෆිස් එකක් ගාවල පොඩි වංගුවක් දෙකක් ගහල තිබ්බ කතාව ඇතුලෙම. එල ජය වේවා.

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි. මේල ලියන්න හිතුනේ ඇත්තටම එහෙම කෙනෙක් මට හමුවුන නිසා. ඒ කතා බහ නිසා. ඒත් අවසානයේ ඒ කතාවම ලියන්න හිත ඉඩ දුන්නේ නෑ. ඒ කරපු වෙනස් කම් වල අඩුපාඩු දැනෙනවා ඇති.

      Delete
  18. ලස්සණයි. මොකක්ද අමුතු ගතියක් ඇති කතාවක්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු අක්කේ.

      Delete
  19. මාතලන් වගේ කින්ඩියට පොඩි හිනාවක් ගියා එච්චරයි !

    ReplyDelete
  20. දිනේෂ්.......ලස්සනට ගලාගෙන ආවා.අවසානය ඉක්මන් වැඩිවුනාද මන්දා. ඔයාගේ බාර්කෝඩ් කතාවටත් ඒ වගේ දෙයක්වුනා කියලා මට හිතුනේ. කතාවේ අවසානයට වැටෙන වේට් එක මදිද මන්දා...මේ මට දැනෙන හැටි.

    ReplyDelete
    Replies
    1. බාර්කෝඩ් එකනම් හුඟ දෙනෙක් හරියට තේරුම් අරන් තිබුනේ නෑ. මටත් ලංකාවේ හිටිය හන්දා හරියට ඒකට රිප්ලයි කරන්න බැරි උනා.

      හොද නරක ඕනම විදිහකින් කියන්න කිසිම අවුලක් නෑ.

      Delete
  21. don gala iwara una neda? kamak na. keti unath lassanai

    ReplyDelete
    Replies
    1. එතකොට ඊට පස්සේ ටික ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ඒකයි.

      Delete
  22. Anything else ma'am..
    YES!!!

    This is so strong...

    ReplyDelete
    Replies
    1. ඒ ඕනා එපාකම් තව කොච්චර කාලයක් සපුරන්න වෙයිද කියන එකයි කේස් එක.

      Delete
  23. ම්ම්ම් හමායන මාරුතයක නිමේෂයන් කිහිපයක් පෙණ බුබුලක සිර කරලා වගේ .... වෙනස් ! ඒවාගෙම නොවෙනස්! නියම නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. හුඟක් නිමේෂයන් එක්ක එන හැඟීම් පෙණ බුබුළු වගේ තමයි ඉතින්.

      Delete
  24. Replies
    1. තැන්කිවු වේවා..

      Delete
  25. කියවන්න පටන්ගත්ත විතරයි ඉවර උනානේ... ඔයා හරි ඊට වඩා කතාව දිග උනානම් මේ ලස්සන නැති වෙන්නත් තිබුනා..
    පුංචි කතාවක් උනාට අපූරුයි.. ලස්සනට ගලන් ගියා..

    ReplyDelete
    Replies
    1. කතාව මෙතනින් එහාට හිතන එක කියවන ඔබට බාරයි. ඇයට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්.

      Delete
  26. චරිත වලට අපූරුවට පණ ලැබිලා තිබුනා කියලයි මට හිතුනේ... නියමයි...

    ReplyDelete
    Replies
    1. කෙල්ල ඇත්තටම මට මුණ ගැහුන නිසා වෙන්න ඇති.

      Delete
  27. යකෝ ඔහොමත් බොනවද විස්කි උනාට. හැක්..
    නියමයි. තව ටිකක් දිගට තිබුණනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වයින් එක්ක විස්කි කවලමේ බිවුවම කොහොමද දන්නේ නෑනේ?

      Delete
  28. අඩේ... නියමයි.. තව මදි මදි වගේ දැනුන... අරූටත් එහෙම දැනෙන්න ඇති. ඒකනේ කෝල් කරන පමාවට එන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඌට මදි මදි වගේද නැත්නම් රස වැඩි වෙලාද දන්නේ නෑ.

      Delete
  29. බොහොමයක් ජීවිතවල හැටි තමා බන්.

    ReplyDelete
    Replies
    1. අනිවා බං. මොනවා කරන්නද?

      Delete
  30. අන්තිමට බෝම්බයක් ගැහුවා වගේ නවත්තපු එක හෙන අසාධාරණයි අෆ්ෆා :\

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං. මගේ පුරුද්දනේ ඉතින්.

      Delete
  31. ඔහේ පාවෙන හිස් ජීවිත නේද බං...ජීවත් වෙනවට ජීවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. කොහේ කොතනකට ගිහින් කොයි විදිහට නතර වෙයිද කියලා උන්වත් දන්නේ නැතුව ඇති.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්