Thursday, 12 May 2016

මනුපුර සක්මන

හිස ගිනිගෙන හතර අතට
දුවනා විට අවට හැමම
පන්හිඳ ගෙන කවි පදයක්
කුරුටු ගෑව මං....
(පිටුව 12)

ඇගේ අතින් මනුපුර සක්මන ඇරබෙන්නේ අන්න ඒ විදිහට. ඇයට හිතෙන හැටි අපිට වඩා හුඟාක් වෙනස් කියලා හඟවලා ඇය ඇගේ කවි කම් පටන් ගන්නේ අන්න ඒ විදිහට. හිතට එන හැඟීම් කොයි විදිහකට වෙනස් උනත් කවියකට ඒ හැඟීම් හැම එකක්ම වගේ හොද තෝ තැන්නක්. පෙම් බඳින කවියට වගේම දුක අතරින් මතු වෙන කවියක උනත් අපි හැමෝම විදින්න කැමති, නිතරම විඳින්න හොයන රසයක් හංගිලා තියෙනවා.

ඇයට එහෙම හිතෙන බව කියාගෙනම තව දුරකට යන්න කලින් හිත නතර කරන්නේ නුහුරු නුපුරුදු නැති අත්තම්මා කෙනෙක් ලග. කොළඹ ගියපු අත්තම්මලා අපි අපි හැමෝම දකලා තියෙනවා. ගමේ අහිංසක පරිසරයෙන් අකමැත්තෙන් වගේ ඈත් උන අත්තම්මලා ඇත්තටම හිත යටින් මොන වගේ දේවල් හිතනවා ඇත්ද? ඒක දන්නේ ඒ හිත් විතරමයි.

පරම්පරා දෙකක් අතර පරතරය වැඩියෙන්ම දැනෙන්නේ ඒකට මැදි උන අයට. ඒ අත්තම්මත් එහෙම වෙන්න ඇති. සමහර විට අපි දකින හැම අත්තමා කෙනෙක්ම එහෙම ඒ දේම විඳිනවත් ඇති. තමන්ගෙන් ඈතට පැනලා දුවන්න හදන පරිසරය ගැන ඇය බොහොම තැවෙනවා ඇති. මට එහෙම හිතුනා මේ කවිය කියවගෙන යද්දී.

අඟල දෙකේ සාය කෑලි
අරුමෝසමේ අඳින ඇඳුම්
ලොකු කෙලීට් බෑණන්ඩිට
අඟ හිඟ ඇති අහස උසට
රෙදි වැඩියෙන් අරන් දෙන්ට
බැරිව ඇත්තේ කුඩා උන්ට
අනේ ඉතින් මං ඇහුවම
උජාරුවට කියාපි දැන්
අම්මේ ඕවා කොළඹ ෆැෂන්
දන්නේ නැද්ද මේවා ස්ටයිල්.
(පිටුව 14)

අද මේ ලියන්න හිතුනේ මනුපුර සක්මන කවි ගෙත්තම ගැන. ඔවු, ඒ අපේ අනිත් කොණ බ්ලොග් එක ලියන බෝධිනි අක්කගේ කවි පොත. ලංකාවට ගිය වෙලේ හිත මිතුරන්ගෙන් තෑගි විදිහට හම්බුන පොත් අතර බෝධිනි අක්කගේ කවි පොතත් තියෙනවා.

සටහන ලියන්න ටිකක් ප්‍රමාද උනත් මනුපුර සක්මන එක් වරුවකින් මම කියවලා ඉවර කලා. ඒ ඇත්තටම මට මේ පොතේ කවි හිතට දැනුන නිසා.

සී මැදුරු වලින් බැහැගෙන
පුර සරා දෙ ඇසින
දැක දැකත් නොදැ යන එන
අරුම මට කියන්
( පිටුව 33)

ඇගේ කවි බොහෝමයකම වගේ අපේ ජීවිත ගැන අපෙන්ම ප්‍රශ්ණ කරනවා කිවුවොත් මම හරි. ඇත්තටම අපේ හැඟීම්, අපි සිතුවිළි තියෙන්නේ කොතනද? ඒක ඔබේ මගේ ගත්තම බොහෝම වෙනස් තැන් වල වෙන්න පුළුවන්. ඒත් මේ කවි අතරේ අපේ හැඟීම් එක තැනකට ගෙනල්ලා ප්‍රශ්ණ කරනවද කියලා එකම එක විනාඩියකට මට හිතුනා. අවසානයේ අපි හැමෝම මිනිස්සු. මොන විදිහක ගමනක් උනත් සුදු බැනර් යටින් යන ගමනෙදි අවසාන බලාපොරොත්තුව නම් හැමෝගෙම එකක්. අන්න ඒකනම් ඇත්තටම අරුමයක්.

බෝධිනි අක්කගේ මනුපුර සක්මන කවි ගෙත්තමේ හැම පැත්තකටම විහිදෙන කවි එකතුවක් දකින්න ලැබුන එක ඇත්තටම සතුටක්. බොහෝම දිග පැහැදිළි කිරීම් එන කවි වෙනුවට පේලි හතරක පුංචි කවියකින් ඇය කවියට දුන් මාතෘකාව බොහෝම සාධාරණව විග්‍රහ කරලා. මම කවි පොතක් කලා නම් ඒ වගේ කෙටි කවි පොතට ඇතුලු නොකරන්න තිබුනා. ඒත්, කවියේ වටිනකම එක්ක හිතුවම ඇගේ ඒ නිර්මාණය නැති උනානම් පොතට අඩුවක් විදිහට ඒක දැනෙන්නත් තිබුනා.

අපි හොදටම දන්නවා බෝධිනි අක්කා කියන්නේ වෛද්‍යවරියක්. ඇගේ බ්ලොග් සටහන් වල ඒ කතා, ඒ මතකන්, ඒ දුශ්කර හැඟීම් ඇය බොහෝම සාර්ථකව විස්තර කරලා තියෙනවා. රෝගියෙක් වෛද්‍යවරයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? සමහර විට තමන්ගේ ජීවිතේට හොද බලාපොරොත්තුවක්. අත්වැලක්. එහෙම නැත්නම් මඟ පෙන්වීමක් වෙන්න පුළුවන්. ඒ හැඟීම බොහෝම දයාබරයි. සල්ලි එක්ක දුවන සමහරුන්ට ඇරෙන්න ඒ හැඟීම තේරුම් ගන්න අමාරුවක් මම හිතන්නේ නෑ වෛද්‍යවරියකට හෝ වෛද්‍යවරයකුට ඇතියි කියලා.

දහවල උදේ එනවිට ලබැඳියන් රැස
නුඹ බල ලා හිටියා හිස් අහස දෙස
ගිලන් නුඹේ ඇඳ අසල වෙදුන් මිස
වෙන කවුරුත් ආවේ නෑ කිසිම ලෙස.
( පිටුව 42)

මනුපුර සක්මන පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ නිතරම වගේ සමාජයේ අපිට ඇහැ ගැටෙන මිනිස්සු. අපිට හුරු පුරුදු බොහෝ සමාජ සිද්ධි. සමහර විට අපි ඔවුන් මායිම් නොකරනවා ඇති. ඒ දේවල් ගනන් නොගෙන ඉන්නවා ඇති. ඒත් බෝධිනි අක්කගේ කවි අතරේ ඒ මිනිස්සු, ඒ සිද්ධි ජීවිතේට දැනුන, දැනෙන හැටි බොහෝම සියුම්ව අපේ හදවතට දැනෙන විදිහට කවියට නගන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා.

හැම කවියක් ගැනම විස්තර කරන්න යන එක සාධාරණ නැති නිසා බෝධිනි සමරතුංග අක්කගේ මනුපුර සක්මන කියවන්න එකතු වෙන්න කියලා මම ඔබටත් ආරාධනා කරනවා. සමහරවිට ඔබ දැනටත් කියවලත් ඇති. මට දැනුන, මට හැගෙන විදිහට ජීවිතේ ගැන කතා කරන, ජීවිතේ කියලා දෙන කවි තියෙන කවි ගෙත්තමක් තමයි මනුපුර සක්මන.

මනුපුර සක්මන කියවන්න කැමති අයට සරසවි, දයාවංශ පොත් මැදුරු වලින් පොත් මිලදී ගන්න පුළුවන් වගේම යුරෝපේ ඉන්න කියවන්න කැමති අයට 'සත් පොත්' ෆේස්බුක් ගෘප් එකෙනුත් මනුපුර සක්මන ඇනවුම් කරන්න පුළුවන්.


ප.ලි - වෙනද වගේම කියන්න තියෙන්නේ ආසාවෙන් කියවන පොතක් ගැන සටහනක් තිබ්බට මේවා විචාර නොවේය. හිතට ආව අදහස් ටිකක් පමණයි.

54 comments:

  1. වටිනා දෙයක් ගැන වටිනා සටහනක් . ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කියෙවුවම තවත් වටිනාකම වැඩියි.

      Delete
  2. මේ පොත ගන්නම වෙයි ද?

    :)

    ReplyDelete
    Replies
    1. ගනින් ගනින් සෑමා. මතු දවසක උබේ කොල්ලට උනත් කියවන්න හොද කවි ගෙත්තමක් මේක.

      Delete
  3. කවි වල අරුමයක් නැහැ මට නං..

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ ඉතින් කතාවක්.

      Delete
    2. අනේ හොඳයි..

      Delete
    3. කමෝන් දේශා............

      Delete
  4. බ්ලොග් සහෝදරත්වය.................

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා පොතේ තියෙන සුන්දරත්වය.

      Delete
  5. එදා ඔය පොත ගත්ත. කියවන්න උනේ නෑ තාමත්. දිනේෂ්ගේ වැඩේට එන්න බැරිවුනු එකට සමා වෙන්න. පොත හොයාගන්න ක්රමෙකුත් කියන්න.

    ReplyDelete
    Replies
    1. යන්ඩ කොළඹ 04 කලනසිරි පොත් හළ වෙත..

      Delete
    2. ආ හැබෑට.. ඒ පොත්හලේ මගේ ගිටාර් එකකුත් තියනව.. යන්ඩ ඕනෙ තමා...

      Delete
    3. ඒ ගිටාර් එකේ ලෑලි වලින් සැටලින් ගහලා.

      Delete
    4. ///ඒ ගිටාර් එකේ ලෑලි වලින් සැටලින් ගහලා.///
      ඒ මදිවට කම්බි ටික ගලවලා Re-bar ගැට ගහන්න අරගෙන...

      Delete
    5. ඕල්ඩ් නේවි කියල බලන්නෙ නෑ.. මරන් කන්න වෙන්නෙ...

      Delete
    6. ගිටාර් එකේ සව්න්ඩ් හෝල් එක විතරක් මිනිහා තියං ඉන්නවලු.. මොකටද මන්දා// හැක්

      Delete
    7. සජ්ජා, ලග තියෙන එකේ කියවපං. එක දවසක් ඇති ඕකට.
      මගේ ඒක නම් සරසවියෙයි බොරැල්ලේ සදීපා එකෙනුයි දැන් ගන්න පුළුවන්.

      Delete
    8. ගිටාර් එකේ ආසාව අත ඇරන් ඒ පැත්තේ ගිහින් වරෙන් එහෙනම් කෝකටත් මුං කියන ඒවයේ හැටියට.

      Delete
    9. @ දේශා .. හැබෑටම එච්චර ලොකු සවුන්ඩ් හෝල් එකක් :0
      දිනේෂ්... මම හොයාගන්නම් . අරූගෙ දන්සලෙන් පොතක් ඉල්ලන එක හරි නෑ...

      Delete
    10. ඌ දන්සලුත් දාලද. ඔය කියනකන් දන්නේ නෑනේ මම.

      Delete
  6. අපූරු විස්තරය.. පොත අරන් කියවන්නම ආසාවක් ඇති උනා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අර ගන්න.

      Delete
  7. මේ කයි ටික බැලුවම මටත් කියවන්න පුළුවන් කයි ජාතියක් වගේ හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය කවියෙනුත් පොඩි කෑල්ලයි දැම්මේ. පොතට අසාධාරණයක් නොවෙන්න.

      Delete
    2. කියවන්න් පුලුවන් විතරක් නෙමෙයි තේරෙනවත් එක්ක

      Delete
    3. සහතික ඇත්ත. එක පාරින්ම ඔළුවට යනවා කවියෙන් කියන දේ.

      Delete
  8. පොතක්නම් තියෙයි. ඒත් කියවන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. විවේකීව කියවපං කසුනෝ.

      Delete
  9. පොත ළඟ තිබේ, කියවන්නට වෙලාවක් නැතේ. කියවලම ඉන්න ඕනා, මේ ලිපිය ඒ කුතුහලය තවත් ඇවිස්සුවා

    ReplyDelete
    Replies
    1. යකෝ ලග තියාගෙන මුං කියවන්නේ නැතුව ඉන්න හැටි විතරක්.

      Delete
  10. පොත් පෙරලුවා මිසක්,, පොතක් කියවපු කාලයක් මතක නෑ.. :D කියවන්න හිතුනා.. බලමු.

    ReplyDelete
    Replies
    1. උඹත් හෙන පොත් පෙරලන බව පේනවා. කොහේද බොල හිටියේ මෙච්චර දවසක්.

      Delete
  11. බොහොම ස්තූතියි දිනේශ් මල්ලී... අනිත්කොන පොත ගැනම අවධානය වැඩිපුර යොමුවෙන නිසා කවි පොත ගත්තත් ඒ ගැන අදහස් ලැබෙනවා අඩුයි. කවි වල අඩු පාඩු තියෙනවා... කාලෙකට කලින් ලියපු කවි ( කුඩා කාලේ පාසැල් යන අවධියේ ලියපු කවිත් මේකට ඇතුලත් කරලා තියෙනවා ) එනිසා මත ගැටුම් පවා තියෙනවා. අර මගේ සත් සිරිත කියන කවි පන්තියේ ඇතැම් කරුණු ගැන වුනත් කොළඹ ගමයා එකඟ නොවී සිටියා... ඉතින් ඒ අපි හැදුනු වැඩුනු පරිසරය සහ ඒ ආශ්‍රිත අත් දැකීම් නිසා ලියැවුනු කවි මිසක් හිතලා හිතලා ලියන්නම ඕනෑ කියා ලියැවුනු ඒවා නම් නොවේ මේ කවි. වාට්ටු වල කතා අතරේ ලියන ලද කවිත් බොහෝමයි. ගීතා නම් කවි පන්තිය මේ ළඟදී පත්තරේකත් විචාරයට ලක්වෙලා තිබ්බා... ඒ එක්ක බලනකොට මල්ලී තමා කවි පොත ගැන ලියූ අදහස් එකතු කළ පළමු වැනියා... ඒකට බොහෝ ස්තූතියි මල්ලී.... මේ සහෝදරකමට ඊටත් වඩා ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. අනිත්කොන තාම අතටවත් ගත්තේ නෑ. ඒක හෙමීට පසුවට.

      අඩුපාඩු කියන්න තරම් දැනුමක් ඉතින් මට නෑනේ අක්කේ. මම රසවින්ද දේ ගැන පොඩි සටහනක් මම තිබ්බා.

      තව මම ආසම තත්‍යානා කවියට. තව යථාර්ථවාදි පෙම්වතියත් මරු.

      Delete
    2. කවි දෙකකට හැර අනිත් කවි ඔක්කොම වගේ හොඳයි මට නම්. මම ඔහොමත් විවේචන වලට කැමති කෙනෙක්නෙ. පොත කියවා අවසන්. ලියන්න වෙලාවක් තමා තවම නැත්තේ. ඔය ආච්චිගේ කවිය ගැනත් විවේචනයක් තිබෙනවා. කොට කලිසම් ඇඳලා කෙටි සාය ඇඳලා ඉන්න පරිසරය ඉතාලියේත් ඇතිනේ දිනේෂ්. අපට ඒකට වරදක් කියන්න පුලුවන්ද? ඒ කොළඹ හැදුන ළමයිනේ.

      Delete
    3. ඒකේ වැරැද්දක් නෑ අපොයි ...ඒක වරදක් කියනවා නොවේ අජිත් අයියේ... ඔය පරම්පරා ගැටුමක් පෙන්නුම් කරන කවියක්. ඒ උපහාසාත්මක කවි ලෙස ලීවේ. මගේ ගම මහනුවර... නමුත් අපි පදිංචි කොළඹ , නුවර අත්තම්මා කොළඹ ආ විටත් අපි ගමේ ගිය විටත් ඔය ගැටුම තිබුනා.. අපේ ගම් ඒ කාලේ ලයිට්වත් නොතිබුනු, ගෙදරට වතුරවත් නොතිබුනු පළාත්... අපි කොළඹ ඉඳන් ගමේ ගියවිට අපේ නුහුරුකම් බොහෝමයි. මේ ඒ වෙනස දැකපු සිදුූවීමකි. irony එකක් පමණයි !

      Delete
  12. හරස් පද ප්‍රහෙලිකා ආරුලු බූරුලු නැති හිතට එන කවිසිතුවිලි වගේ. තේරුම් ගන්න ලෙහෙසි පාටයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. එහෙම බරසාර නැති කවි පොතක්.

      Delete
  13. කවි ටිකත් ලස්සන ඇති. කවරේ තියන ෆෝටො එක නම් එක්කෝ සරසවි උයන- මහනුවර අතර, නැත්තම් මහනුවර- අස්ගිරිය අතර. මට හිතෙන්නේ සරසවි උයන හරියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලැබූ කල්ප රාජපක්ෂ සොයුරා ගේ ජායාරූපයක් ඒ! මේ පොත වෙනුවෙන් ලබා දුන්නා...

      Delete
    2. අඟහරුවා, ආ බං උඹට රේල් පීල්ලක් දැක්ක ගමන් ඒක කොහේද කියන්න තරම් මතකයක් තියෙනවද කෝච්චි ගැනම ලියලා.

      Delete
    3. බෝධිනි අක්කම උත්තර දුන්න හන්දා හොදයි. නැත්නම් මම දන්නෙත්නෑ.

      Delete
    4. හපොයි බං මේ අගහරුවත් එක්ක සිල්පර කොට කෑල්ලක් වං බේරගන්න බැරි වෙයි.. සෙවලයා.. හැක්..

      නියමයි ආ..

      Delete
    5. ඔය හරිය ඉතිං අවුරුදු 20ක් විතර හැමදාම ආ ගිය හරියනේ. ඉතින් දැක්ක ගමන් අඳුරගන්න පුළුවන්.

      Delete
  14. මනුපුර සක්මනත් මිළට ගන්නම්,ඔයාගෙ අලුත් පොතත් එක්කම..

    පොත් දෙකම කියවා රස විඳින්නට ආසාවෙන් බලන් ඉන්නව..))

    ReplyDelete
  15. දැං ඉතිං ගන්නම වෙනානෙ
    හිත ඇදෙන විදියට ලියන්න එපං යකෝ අපි පව්
    හිහි
    අපූරුයි සටහන දිනේස් ජයවේවා

    ReplyDelete
  16. අනිත් කොන නම් රාක්කෙක අස්සක තිබිලා හොයාගත්තෙ. මේකත් ගන්න ඕනෙ..

    ReplyDelete
  17. කියවල නැහැ. කියවන්න ගන්න විදිහකු් නැහැ. ලංකාවට ගිය දවසකට බලන්න ඕනි. එතකන් මල්ලිගෙ ලියවිල්ලෙන් ඒක දැක්ක තරම විතරයි. ස්තුතියි මල්ලි.

    ReplyDelete
  18. මේ වෙලාවට තමා හිතෙන්නෙ කුරුලු පිහාටුවක් වගෙ පාවෙලා ඕන තැනකට ගිහින් ආපහු එන්න තියනව නම් කියල.. එහෙම උනා නම් හිතුනා ගියා ගත්තා ආවා..කොහොම උනත් ගත්තු අය දාල තියන පොස්ට් බැලුවම අරන් කියෙව්ව වගෙම දැනෙනව ලියලා තියන අපූරුව නිසා. එක එක කෙනා එක එක තැනින් එක එක විදිහට රස විඳල ලියන තියන නිසා.

    ReplyDelete
  19. තව මාස කිහිපයකින් හොයන් කියවනවා...ආසා හිතුනා <3

    ReplyDelete
  20. කියවලා බලන්න ඕනෙ....

    ReplyDelete
  21. පොතට අතට එන්න ඔන්න මෙන්න තියල මිස් වුනානේ. ළඟදීම ලැබෙයි.

    ReplyDelete
  22. පොත කියවලා බලන්න ආස හිතුනා.. අරගන්න ඕනේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්