Monday, 18 April 2016

බා කෝඩ්

ඔහු මගේ අතින් ඇදගෙන ඇවිදන් ගියා. යන්නේ කොහේදවත් යන ගමනේ අරමුණක් ගැනවත් ඔහුගෙන් වචනයක් පිට නොවුන තරම්. මම බලාගෙන හිටියේ ඔහුගෙන් එකම එක වචනයක් හරි එනකන්. දූවිලි කාන්තාරේ ඈතක් වෙනකන්ම නිහඬවම ඔහු මාව ඇදගෙන ගියා. ගමනට විරුද්ධ වෙන්නවත්, මඟ අරින්නවත් මට වුවමනාවක් තිබුණේ නෑ. , ඔහු මගේ පියා නිසා.

ගිනියම් වුණ කාන්තාරේ මැදක් වෙනවකන් ඔහු මාව ඇදගෙන ගියා. ජටාව අතරින් බේරෙන දහඬිය පිසදැම්මා ඇරෙන්න ගමන අතර තුරේදි වෙන කිසිම දෙයක් ඔහු නොකරපු තරම්. අපි එක දිගට පැයක් වත් මෙහෙම ඇවිදන් එන්න ඇති. ඔහුගේ අතට මිරිකුණ මගේ අත දැන් ටිකින් ටික වේදනාවෙන් රිදුම් දෙන්න පටන් අරන්.
 
මට ඔහුට ගැන කියන්න වුවමනා වුණත් කිසිම තැකීමක් නැති ඔහුගේ හැඟීම් එක්ක තෙරපෙන්න මට ඕනකමක් ආවේ නැහැ. ඔහුගේ හිතේ තියෙන දේ දන්නේ ඔහුම විතරයි.

ඉක්මනට යමන්.’
 
අඩියක් දෙකක් මම ඔහුට වඩා පරක්කු වෙද්දී ඔහු මාව ඇදලා ගත්තේ බලෙන්ම වගේ. ග්‍රහනය තවත් එන්න එන්නම දැඩි උණා මිසක් ඔහුගෙන් සැහැල්ලුවක් ලැබුණේ නෑ. මම බලාගෙන හිටියේ ඒකාකාරි ගමනේ අවසානයක් වෙනකන්.

හිරු රැස් තදින්ම ඇඟට දැනුණා. කාන්තාරයේ ගමන හුරුපුරුදු එකක් වුණත් හිතට දැනුණ අසහනකාරී හැඟීම නිසාම රස්නයත් ගතට බොහොම තදින දැනුණා. පාළුවට ගිය ඈත වැලි කතර අතරින් අනපේක්ෂිත මිනිස් පුළුටක් ඡායාවක් වගේ ඈතින් පෙනුණා. මිරිඟුවක්ද කියන හැඟීම මගේ හිතේ සැරින් සැරේ මිනිස් ඡායාව ගැන මැවෙන්න උණා.
 
ඔහු හිටියෙත් දිහාම බලාගෙන. එක මොහොතකට මට හිතුණේ ඔහුත් මම දකින දේම දකිනවා කියලා. එහෙනම් මිරිඟුවක් නෙමෙයි. වැලි කතර අතරින් අපි තවත් දුර ඇවිදන් ගියා. ටිකින් ටික ඡායාව තවත් පැහැදිලි වෙන්නත් විශාල වෙලා පේන්නත් පටන් ගත්තා. මගේ හිත තිබුණේ එතන.
 
නහට දැනුණේ බොහෝම අප්‍රසන්න දුඟදක්. හිතේ තිබුණ හැඟීම් හැම එක්ම වගේ මොහොතෙම හරි ඉක්මනට වෙනස් වෙලා ගියා. ඈතින් පේන ඡායාව වත්, දැනුණ හිරු රශ්මියටත් වැඩිය නාස් පුඩු අතරේ හිර වුණ දුඟද හිතේ හොල්මන් කරා. ඔහු කිසිම දෙයක් ගැන ගාණක් නෑ වගේ ඉදිරියටම ඇදුණා. තාමත් ඔහුගේ ග්‍රහනය නිසා මගේ අත රිදුම් දෙනවා.

වැලි කතර මැද තිබුණ කූඩාරම් පේළිය මම ඈත ඉදන් දැක්කේ මිරිඟුවක් නෙමෙයි කියලා හිතට ඔප්පු කළා. ඒත් ඊටත් වඩා මම හිටියේ දුඟද මග අරින්න ඕන වුවමනාවක. ඔහුගෙ ග්‍රහනය දැන් කලින් තිබුණට වඩා ටිකක් අඩු වෙලා ගිහින්.

උඹට මේ දේවල් ඉගෙන ගන්න දැන් කාලේ හරි.’

ඔහු මගේ දිහා එක වතාවක් බලලා කිවුවා. ඉගෙන ගන්නේ මොනවද? මේ ගමන පටන් ගත්ත වෙලාවේ ඉදන් ඔහු මගේ හිතට එකතු කළේ කුතුහලයෙන් යුතු ප්‍රශ්න විතරයි. ඒත් එකකටවත් උත්තර මම හොයා ගත්තා මිස ඔහුගෙන් වචනයක්වත් ලැබුණේ නැහැ. තරමක් විශාල කූඩාරමකට ඔහු ඇතුළු වුණේ තනියම.

මම තනියම කියන එක ගැන ඔහුට තරම් උනන්දුවක් තිබුණේ නෑ. එහෙම නැත්නම් මට මෙතනින් පැනලා යන්න බෑ කියලා හිතේ ලොකු විශ්වාසයක් ඔහුට තියෙන්න ඇති. කොහොම උණත් ගිනියම් අවුවට වෙලා යන්තම් වැහුණ තිර රෙද්ද අතරින් ඔහු කාත් එක්කහරි කතා කරන දිහා මම බලාගෙන හිටියා.

දැන් කොල්ලට වයස කීයද?’

දා හතරයි.’

හරි, එහෙනම් මම පුරුදු කරලා ගන්නම්.’

කූඩාරමට මෙහායින් ඉදන් මම ඔවුන්ගේ කතාව අහගෙන ඉන්න උත්සාහ කළා. යන්තමට ඇහුණ වචන පෙළි දෙක තුනෙන් ඔවුන් කතා කළේ මොකක් ගැනද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් මට තිබුණේ නෑ. ටිකකින් මගේ ඉස්සරහට ඇවිත් හිට ගත්තේ හැඩි දැඩි පිරිමියෙක්. මහලු වෙලා ගියත් ඔහුගෙන් පේන්න තිබුණේ රළු යෝධයෙක්ගේ වගේ පෙනුමක්.

යමු.’

ඔහු කිවුවේ එච්චරයි. කූඩාරම් දෙක තුනක් පහු කරන් ඔහු මාව ඇදගෙන ගියා. තාත්තගේ අතට වඩා රළුවට මට ඔහුගේ අත දැනුණා. පළවෙනි කූඩාරම ළග තාත්තා නතර වුණේ ඇයි කියන එක ගැන හිතනවට වැඩිය මට වුවමනා වුණේ ඔහු මාව අරගෙන යන්නේ කොතනටද කියන එක.

මේක බැද ගනින්.’

ඔහු මට දිගු රෙදි කඩක් විස් කළා. බැඳගෙන හිටිය ජටාවෙම කොටසිකින් ඔහු මුහුණ ආවරණය කර ගත්තේ මමත් විදිහටම කල යුතුයි කියලා හඟවන පරිද්දෙන්. අවටින් දැනුණ පිළිකුල් දුඟඳට නම් නාසය හුරු වෙලා ගිහින්. ඒත් ඔහුගේ වුවමනාවට මම ඉඩ දුන්නා.

ඔහු එක කූඩාරමකට ඇතුළු වුණා. වට වෙලා තිබුණ තිර රෙදි වලින් කූඩාරම ඇතුළට ගෙනාවේ අඳුරක් වුණත් ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බලාගන්න අමාරු වුණේ නෑ. තැනින් තැන වැටිලා හිටියේ මිනිස්සු දෙතුන් දෙනෙක්. සම්පූර්ණයෙන්ම ඇඟ වැහෙන්න පොරවගෙන හිටිය රෙදි වලින් ඔවුන්ව පෙනුණේ ඔත්තුකාරයෝ වගේ.

ඔහු පසෙකින් තිබුණ දිග කඩුවක් අතට ගත්තා. තැනින් තැන වැටිලා හිටිය මිනිස්සු කලබලෙන් වගේ නැගිට්ටේ මට නොතේරෙන දෙයක් ඔවුන් දන්න නිසා වෙන්න ඕන. ඔහු අතේ තිබුණා වගේම දිග කඩුවක් ඔහු මට දික් කළා. නිහඬවම මම ඒක අර ගත්තා.

ගලවපියවු ඔය ඇදුම්.’

ඔහු කූඩාරම ඇතුළේ හිටිය අනිත් අයට උස් හඬින් කෑ ගැහුවා. ඔවුන් එයට අවනත වුණත් එය එසේ නොවූවානම් යැයි ඊළග මොහොතෙදි මගේ හිත මටම කියන්න වුණා. තැනින් තැන මස් වැදලි එල්ලෙමි තිබුණ සිරුරු වල තිබුණේ මහා පිළිකුල් බවක්. ඔවුන්ට සිදුවන්න ඇත්තේ කුමක්දැයි යන්න හිතාගන්න අතරම්ම අමාරු නැහැ.

ඊළග මොහොතෙදි එල්ල වුණ කඩු පහර එක් අයකුගේ හිස කඳින් වෙන් කළේ මම බලාපොරොත්තු උනාටත් වැඩිය ඉක්මනින්. තිගැස්ම මට තදින්ම දැනුනත් කූඩාරමේ හිටිය අනිත් එයට ඒක තවත් එක් දෙයක් විතරක් වගේ හැඟීමෙන් මැරි වැටුණ මිනිහගෙන් ගලාගෙන ගිය කළු ලේ දිහා බලාගෙන හිටියා.

දැන් උඹේ වාරය

ඔහු බොහොම දරුණු විදිහට මං දිහා බලන ගමන් කිවුවා.

මොකටද ?’

අර මිනිහගේ බෙල්ල කඳෙන් වෙන් වෙන්න ගහන්න.’

හිතේ ඇති වුණ තිගැස්මට මට වචන එකතු කර ගන්න බැරුව බලාගෙන හිටියා. ඇයි මම මිනිහව මරන්නේ? මට කිසිම විදිහක වරදක් නොකරපු මරණයට නියම වෙලා හිටිය මිනිහෙක් මගේ දිහා බලාගෙන හිටියා.

ඇයි?’

මම අවසානයේ ඇහුවා. ඔහු මගේ පැත්තට හැරුණේ දරුණු ව්‍යාග්‍රයෙක් වගේ.

මේක තමයි උබේ ඉගැන්වීම. මිනිහෙක් මරන්න දැනගෙන ඉන්න එක පිරිමිකම. එතකොට දවසක ඒක වුවමනා වෙද්දී උඹේ අත වෙවුලන එකක් නෑ. මේක උඹේ ධර්මය. නිසා උඹ මේක කරන්නම ඕන.’

මම බලාගෙන හිටියේ එක් ඇසක් යාන්තමින් ඇස් කුහරයේ එල්ලෙමින් හිටිය මිනිහා දිහා. මම කෙසේ වෙතත් ඔහු නම් මේ මරණයට බොහෝම කැමති වේවි. ඔහුත් දේ බලාපොරොත්තු වෙනවා වගේ හැඟීමකින් මං දිහා බලාගෙන හිටියා. මම දිගු හුස්මක් පපුවට එකතු කර ගත්තා.





නිමි...

24 comments:

  1. කූඩාරම දකිනකන් හරියට ගෙනිගිං ඊට පස්සේ කියවන්නාව පොඩ්ඩක් අතරමං කලා වත්ද

    ReplyDelete
  2. ඇත්තට ම අපි ළග නැති උඹ ළග තියෙන මේ හැකියාව අපි හැමදාම අගය කරනවා දිනේෂ් සහෝ...........

    ReplyDelete
  3. http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/uganda/10621792/Konys-child-soldiers-When-you-kill-for-the-first-time-you-change.html

    ReplyDelete
  4. ඇත්තටම එක දිගට මේ වගේ ගැලපිලා යන්න ලියන්නේ කොහොමද , කොහොද මේ සිතුවිලි හැදෙන්නෙ,... කොහොමද එකක ට එකක් නොබිදෙන්න සම්බන්ධ කරන්නේ.. මේ වගේ එක හුස්මටම කියවන්න පුලුවන් හැම තැනකදිම මගෙ ඔලුවේ මේ වගේ ප්‍රශ්න වැලක් නැගෙනව...කීයෙන් කීදෙනාටද මේ වගේ තමන්ගේ අදහස් එළියට බධාවකින් තොරව ගලාගෙන යන හැකියාව තියෙන්නේ.

    ReplyDelete
  5. ම්ම්ම්හ් .. හුස්ම මොහොතකට නැවතුනා .. සුපර්බ්

    ReplyDelete
  6. ඉස්සර නිතර ඉතාලියා උනෝ චැනලයේ ගිය චිත ු පටියක් මතක් උනා

    ReplyDelete
  7. කතාව ගැන පරිකල්පනය ගැන කිසිම ගැටලුවක් නෑ. ඒත් මොකක් හරි අඩුයි වගේ..
    නිකං කතාවම අපහැදිලියි වගේ... ඇයි අර කොල්ල මිනී මරන්නපඕනකියල වත් හිතාගන්න පුලුවන් වුණා නම් කතාවෙ ගැලපීම 100% සාර්ථකයි කියනින තිබ්බ

    ReplyDelete
    Replies
    1. තව දෙහි ඇඹුල් පොඩ්ඩකුයි,පුච්චපු කරෝල කෑල්ලකුයි වැටුනානම් බඩේ බත් තමයි.....

      මහේෂ් කිව්වා වගේ මොකක්ද අඩුවක් දැණෙනවා. මට හිතෙන්නේ බත ලිපේ තියලා ඇවිත් ලියලා තියෙන්නේ. ඇදලා ගත්තා, දමලා ගැහුවා මොඩ්ල් එකේ. තව පොඩි වේට් එකක් දාන්න තිබුනා. Aru.

      Delete
  8. නියමයි... කියවලා ඉවර වෙනකොට ශොක් වෙනවා.ආයෙ යථා තත්වයට පත්වෙන අතර තුර සෑහෙන දෙයක් කල්පනා වෙනව නිරායාසයෙන්ම.අන්න එතකොටයි කතාව සම්පූර්ණ වෙන්නෙ.සේව නූලට ගිණි තියල උඹ එවන මල් වෙඩිල්ල පුපුරන්නෙ අපේ ඔලු ඇතුලෙ... උඹ දක්ශයෙක්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  9. //මේක උඹේ ධර්මය..// ලෝක ධර්මේට පිටින් යන එක

    ReplyDelete
  10. ලිවිල්ල මාර ගති...

    ReplyDelete
  11. තවත් වර්ණවත් පාට පාට ලියවිල්ලක්

    ReplyDelete
  12. අවසානය ලඟා වෙනකොට නම් ඇග හිරි වැටුනා...

    කතාව අපූරුවට ලියලා... ආයෙත් අපූරුයි..

    ReplyDelete
  13. ජයවේවා"
    23 වෙනිදා වෙඩේට සුබප්ස්තුම්...

    ReplyDelete
  14. ජයවේවා"
    23 වෙනිදා වෙඩේට සුබප්ස්තුම්...

    ReplyDelete
  15. සුපිරි ලියවිල්ලක්... මුළු ඇඟම සීතල වෙලා ගියා...

    ReplyDelete
  16. යුදෙව් ජාතිකයෝ පිළිකුල් කරන්න,ප්‍රතික්ෂේප කරන්න ජර්මන් දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම හිට්ලර් ගේ නාසි පක්ෂය ඉගැන්නුවා කියනවා.
    පොඩි උන් ප්‍රශ්න කිරීමකින් තොරව ගොඩක් දේ පිළිගන්න නිසා ඔය වගේ අන්තවාදී,ත්‍රස්තවාදී සංවිධාන වලට ලේසියි පොඩි කාලෙදිම උන්ව තමන්ට ඕනේ විදියට හැඩගා ගන්න එක.

    ReplyDelete
  17. ලියැවිල්ල නම් සුපිරි. කියවලා ඉවර වෙද්දි, මාව සීතල වෙලා ගියා.

    ReplyDelete
  18. මම මේ දගලන්නේ මාතෘකාව කතාවට ගලප ගන්න...

    ReplyDelete
    Replies
    1. සෙන්නා...බා කෝඩ් එක ස්කෑන් කරානම් ගලපගන්න තිබුනා :D
      Aru.

      Delete
    2. කොහෙද ! මූ ස්කෑනර් එක හංගලනෙ.... :D

      Delete
  19. සිරාවට, මම හිතුවා මාතෘකාව ගැන ප්‍රශ්නයක් තියෙන්නේ මට විතරක්ද කියලා

    ReplyDelete
  20. සුපිරියට ලියල තියනව බන්..ඉරිසියාවෙ බෑ..

    ReplyDelete
  21. සුදු මහතා හීනි ඉරි අස්සෙන් කළු මහතා හීනි ඉරි පේනවා....පුළුවන් නම් කියපන් සුදු ඒවා පෙන්නනද කළු ඒවා පෙන්නනද බාර්කොඩ් එක හදලා තියෙන්නේ? සමාවෙන්න එය අතුරු ප්‍රශ්නයක්....කතාව කියවනකොටයි දැනුනේ ඉරිසියාව....මට මෙහෙම අදහසක් නැති හැටි...ගහපල්ලා මට

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්