Thursday, 7 April 2016

වර්ණයෙන් ආරාධනාවක්

හීන කියන්නේ හරි අපූරු දෙයක්. අපිට ඕන දේවල් ලබා ගන්න, අපිට ඕන දේට පාර කියන්න හීන තරම් ලස්සන තවත් වෙන දෙයක් තියෙනවද? හීන බිඳෙනවට බය වුනාට, හීන බිඳෙද්දී දුක හිතුනට හීන නැති, හීන වලට ආදරේ නැති කවුරුවත් නැහැයි කියලා මම හොදටම දන්නවා. මමත් අන්න එහෙම හීන දකින්නෙක්.

ඉවරයක් නැතුව ඔළුවට එන මගේ අදහස් අකුරු කරලා එළියට දාන්න බ්ලොග් ලෝකෙට වර්ණ අරන් ආවට පස්සේ මගේ ගොඩක් හීන වල වර්ණත් එකින් එක නොදැනීම පාට වුනා. මගේ අදහස්, මගේ විකාර හැම දෙයක්ම ඔය හීන වල කොටසක්.! මම ඒ හීන වලට පණ දුන්නා. පුළුවන් උපරිමයෙන්. ඒත්, ඒ හැම පුංචි හීනෙකම එක ලොකු හීනයක් තිබුනා.

පහුගිය අවුරුදු දෙක තුනේ තිබුන ලොකුම හීනේ ඒක කියලා කිවුවොත් මම නිවැරදියි. ඒ මගේ නමින් පොතක් ලියන එක. මගෙන් ලියවුන දේවල් හුඟක් මේ වර්ණයෙන් එළියට ආවත් ඒවා එකතු කරලා අරන් ලොකු හීනය පාට කරන්නනම් මට ටිකක් ඉවසන්න වුනා. ඒ මම ඉන්නේ ලංකාවෙන් දුරක නිසා. කොහොම වුනත් අද ඒ හීනය හැබෑවෙන්න තියෙන්නේ තව ටික දවසක් විතරයි.

වර්ණය හැඩ ගැන්වුන කතා කීපයක් එකතු කරලා පොතක් කරන්න තිබුන ඕන කම, ආසාව, හීනය හැබෑවක් වෙන්න යන වෙලාවේ වර්ණ කියවන හැම කෙනෙක්ටම සුහද ආරාධනාවක් කරන්නයි මේ හදන්නේ.

' සමනලයා මියැද්දෙන් ' කියලා නම් කරපු මගේ බ්ලොග් කතා එකතුව මේ මාසේ, ඒ කියන්නේ අප්‍රේල් 23න් වෙනිදා සෙනසුරාදා මහවැලි කේන්ද්‍රයේදි හවස 3ට දොරට වඩින්න කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.

වර්ණයේ මේ දිගු ගමනෙත්, මගේ නිර්මාණ වල ශක්තියත් වුනේ නිතරම මේ බ්ලොග් එකට එන යන ඔබ සියළුම දෙනා. මගේ අදහස් වල හොද නරක, ගුණ දොස්, චෝදනා හැම එකක්ම එකතු කල ඔබ හැම දෙනාම මාව ශක්තිමත් කලා. ඒ හැම දේකටම හදවතින්ම ස්තූති කරන ගමන් වර්ණයේ තවත් එක විශේෂිත මංසළකුණකට ඔබටත් ආරාධනා කරන්න කැමතියි...!

ඉතින්, ඇවිත් යන්න එන්න. ' සමනලයා මියැද්දෙන් ' දකින්න, දොඬමළු වෙන්න. දිනය අප්‍රේල් 23 මහවැලි කේන්ද්‍රයේදි ඔබ මා හමුවෙමු....!


121 comments:

  1. කටයුත්ත සෑම අතින්ම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. එදාට හමුවෙමු.

      Delete
  2. සුභ පැතුම්...එන්න බලන්නම්...

    ReplyDelete
    Replies
    1. බලන්නම් නෙමෙයි. වරෙන්.

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තුතියි.

      Delete
  4. සුබ පැතුම්!
    එන්නයි හිතන් ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. එදාට හමුවෙමු.

      Delete
  5. මහවැලි කේන්ද්‍රය කිව්වේ අර ඩාර්ලි රෝඩ් එකේ තියන එකද ?

    ReplyDelete
    Replies
    1. නෙලුම් පොකුණ පාරේ තියෙන එක, විහාරමහාදේවි එක ඉස්සරහ

      Delete
    2. නෙළුම් පොකුණ පාරක් දැන් නැහැ බං..

      Delete
    3. ආනන්ද කුමාරස්වාමි මාවත

      Delete
    4. සෙන්නට බෙල්ලෙ වැල දාගෙන ගඟේ පනින්න හිතිල ඇති උඹලයෙං පාර ඇහුවට.

      Delete
    5. @ Lecturer
      Green Path then Ananda Kumaraswamy Mw then Nelum Pokuna Rd then Ananda Kumaraswamy Mw .... ?

      @Prason
      සෙන්න හොයන්නෙ නැව් යන පාරවල්

      Delete
    6. නෙළුම් පොකුණ් ලගට ආවම හොයාගන්න ලේසියි. කලාභවන ලග.

      Delete
    7. අහ් ප්‍රා. ඔය කියන්නෙ ඇල්බට් චන්දරවංකය ඉස්සරහ...

      Delete
    8. Duh. All those names are for one and the same road Prof.

      Delete
    9. හෙහ් හෙහ් ....බලන් යනකොට සිංහල බ්ලොග් කාරයෝ බහුතරයක් මංමුලා වෙලා නේද ඉන්නෙ ?

      දිනේෂ් ඕන් මම නාවොත් ඒක මගේ වැ‍රැද්දක් නෙමේ හරිය ? :D

      Delete
    10. /හෙහ් හෙහ් ....බලන් යනකොට සිංහල බ්ලොග් කාරයෝ බහුතරයක් මංමුලා වෙලා නේද ඉන්නෙ ?/

      :D

      ___________________

      suba pathum dinesh !!

      Delete
    11. විනෝදය දුරයි පුත සෙන්න.. හැක්..

      Delete
    12. සෙන්නා අයියෙ. ඔන්න ඔයා කලින් ග්ලාස් හවුස් එක තිබ්බ තැනට ඇවිත් ටුක් ටුක් එකක් ගන්න ඒ. මාත් මුල් දවසේ පාර දන්නේ නැතුව ගියේ එහෙම තමයි.

      Delete
    13. ග්ලාස් හවුස් ගාවට යන්න එපා. ඊට එහා තියෙන බස්නාහිර පළාත් අධ්‍යාපන අමතයංසෙ ගාවට වරෙන්.. මං උඹව ගිහින් දාන්නං බුරිය නොපෙනෙන ටීචර් කෙනෙක් එක්ක..

      Delete
    14. දේශා, උඹේ නම්බරේ දියන්.. මම බුරිය නොපෙනන ටීචර් ගාව්ට ඇවිත් උඹට කෝල් එකක් දෙන්නම්..

      Delete
    15. අෆ්ෆටසිරි. මේ සෙන්නා අයියේ මම එන්නම් ඔයාව ගන්න. ඔය කියන කෙනව අපිටත් බලන්න බැරිය.

      Delete
    16. මංමුලා වූ සමනලයෙකුගෙනි පාර අසා තිබුනේ.. :p

      Delete
  6. සුබ පැතුම්!!!!! මමත් දකිනවා හීන ගොඩක්, හැබෑ වෙයිද මන්දා :) :)

    ReplyDelete
    Replies
    1. හිනයක් තියෙන්න එපැයි දවසම හැබෑ වෙන්න.

      Thanks.

      Delete
  7. දිනේෂ්............

    මුලින් ම සුභ පතනවා ඔබේ අලුත් ම වැඩේට...... වැඩේ සාර්ථක වෙන්න සුභ පතන අතර ම ඔබ වැනි සිරා කතා කාරයෙක් විසින් කළ යුතු ම වැඩක් විදිහටත් මේ පොත එළිදැක්වීම හදුන්වන්න අපි කැමතියි. ඇත්තට ම දිනේෂ් අපිට තියෙන දුර ප්‍රශ්ණයත් එක්ක තමා ගැටලුව... අපි මේ ගැන විස්තර සහ ගැජට්ටුවක් එල්ලලා සහයෝගයක් දෙන්නම්..... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. දිනේෂ්............. තවත් කිව යුතුම දෙයක් තියෙනවා. ඒ තමා ඔබ මේකට දාලා තියෙන හැදින්වීම ගැන කතාව. මේකට බ්ලොග් කතා කියන නම දැමීම ම අලුත් දෙයක්. (අපි දන්නෑ ඔබ මේකට බ්ලොග් කතා කියලා නම තියලා තියෙනවාද කියලා) අපි නවකතා කෙටිකතා ගැන දන්නවා ඒත් බ්ලොග් කතා ගැන ලියැවෙන පළවෙනි පොත මේක වෙන්නටත් හැකියි. ඒ නිසා මේක හරිම විශේෂයි දිනේෂ්.....

      Delete
    2. අසංකයයි තුශාරයයි දෙන්නව එදා පව් කියලා බේරලා ඇරිය. ආපහු අහුවුනොත් නම් අම්මප එලොව පොල් පෙන්නන්නවා

      Delete
    3. එහෙම කියලා බෑ. එදත් උබලව මිස් උනා. පුලුවන්නම් ඇවිත් පලයන්. ටිකකට හරි.

      අපේ තිලකසිරි අයියග්"තිලක සිත" පොතත් මේ ගොඩටම දාන්න පුලුවන්.

      Delete
    4. උබලා මේ මැර ඉවානයට බය වෙන්න එපා.

      Delete
  8. සුබ පතනවා හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ජයෙන් ජයම වේවා !

    http://topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.

      Delete
  9. හදවතින්ම සුබ පතනවා දිනේෂ්.. පුළුවන් කමක් තිබුනොත් ඇවිත් යන්නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා කොහොමද. වෙලස්සනම ඉන්වයිට් කලා එදා මුණගැහිලම.

      Delete
  10. Replies
    1. පෝරුවක් ගස්සලා ජයමංගල ගාතා කියන්න ෂැට් කොරලා තියන්නං .. ඊට වඩා නං බෑ බොසා රෝල නෙවැ යන්නෙ :D

      Delete
    2. ලව්පූස්තුමාට හා එතුමාගේ අලුත්ම "නිර්මාණය"ට සුබ පැතුම්!

      Delete
    3. ඉවාන්, අනිවා සෙට් වෙමු එදාට.

      Delete
    4. පත්තරේ, කාටද ඉවාන්ටද. කෙල්ලෙකුත් හොයලම දෙන්න කියාවිද දන්නෙ නෑ.

      උබ ලංකාවෙද මේ ටිකේ.

      Delete
    5. ලව්පූස්තුමාට හා එතුමාගේ අලුත්ම "නිර්මාණය"ට සුබ පැතුම්! x2

      Delete
    6. //ලව්පූස්තුමාට හා එතුමාගේ අලුත්ම "නිර්මාණය"ට සුබ පැතුම්!//
      අඩෝ පත්තරයෝ, ප්‍රා, දේෂෝ,
      බොල තුන්දෙනා පරිස්සමෙන් හිටපියව්.

      Delete
    7. අපි නම් මේවට මුකුත් කියනේ නෑ.

      Delete
    8. නෑ බං දිනෙයො..මං ඇවිත් දවස් විස්සක් විතර වෙනව ලංකාවෙන් ඇවිත්.. උන්නනං කෝමහරි එනවා.ඇවිත් මේලක් දාපං.

      Delete
    9. //"උන්නනං කෝමහරි එනවා.ඇවිත් මේලක් දාපං."// හැබෑට ???
      මට හිනාවෙලා බඩ කොරවුනා

      Delete
  11. දිනේෂ්. උඹ මේ වැඩේ කවදා හරි කරාවියැයි මට හිතිලයි තිබුනේ. පිළිගන්න මෙන්න මගේ උණුසුම් සුභ පැතුම්.. අවුරුද්දට හම්බෙන බෝනස් එකෙත් වැඩි ගානක් පොත් වලට යට කරන්න වෙන සයිස් එකක් තියෙන්නේ.. හැක්.. පොත ගන්නා විදියක් කියන්න..

    ReplyDelete
    Replies
    1. මේ. හොර බොරු බෑ. එදාට එන්නම ඕන. රහස්ය බාවය සුරකින්නම්.

      Delete
  12. Replies
    1. රසික අයියා ආපු පයින්ම ආයෙම ගියේ නැත්නම් අපිට ආයෙම මුණ ගැහෙන්න තිබුනා

      Delete
  13. සුභ පැතුම්. වැඩේ අති සාර්ථක වේවා...
    මං බ්ලොග් වලට අලුත්. එත් වර්ණගේ නිර්මාණ කියෙව්වා. ඇවිත් යන්න බලන්නම්. දුර තමයි අව්ල...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. එන්න ට්‍රයි එකක් දෙන්න.

      Delete
    2. මාත් අලුත් ඩෑල් එකක්, ඔයාගෙ වර්ණ ටික හත්පොලේ ගාගත්ත හැබැයි. සුබ පැතුම් දිනේෂ්.

      Delete
    3. අලුත් ඩෑල් පරන ඩෑල් හැමෝටම එකසේ ඇරයුම් කරමි.

      Delete
  14. බ්ලොග් ලෝකෙ මුලින්ම හඳුනගත්ත කිහිප දෙනා අතරින් කෙනෙක් තමා දිනේෂ් අය්ය.. එදා හඳුනගත් බොහොමයක් දෙනා අද බ්ලොග් ලෝකෙ නැහැ.ඒත් තවමත් දිනේෂ් අය්ය අපිට දයාබර වැඩිමහල් සහෝදරයෙක්.. එන්න නම් බැරි වේවි.. ආවත් නැතත් මේ සුබ පැතුම් පිළිගන්න.. අය්යේ උඹට හදවතින්ම සුබ පතනව..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බං. පුලුවන් උනොත් මුන ගැහෙමු.

      Delete
  15. සුබපැතුම් දිනේෂ් අය්යේ .. 23 එන්න හිතන් ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. අහ්. එන්න එන්න. එදාට ආයෙම චැටක් දාන්න බැරිය ඉතින්.

      Delete
  16. මම හිතුවා කවදාහරි දිනේශ් මේ වැඩේ කරයි කියලා. පොතකට එකතු කරන්න තරම් හොඳ නිර්මාණ ඔබ අතින් ලියවුනා. ඒක අවංකවම, නොමසුරුවම කියන්න ඕන. ඔබට ජයෙන් ජයම වේවා!!!

    දිනේශ්ගේ ලිපියක් මෑතකදිත් මම ලක්බිම පත්තෙර්න් කියෙව්වා.Aru

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ. කොහෙද සත්තලනේ අතුරුදහන් වෙලා ඉන්නේ. ලංකාවටවත් ආවද.

      Delete
  17. මමත් බ්ලොග් කියවන්න ආව මුල් කාලෙ ඉඳන්ම කියවන බ්ලොග් කක් මේක.. ඉතින් දිනේෂ් අයියට සුබ පැතුම්! එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවලු ඉතින්.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. එහෙනම් එදාට හමුවෙමු.

      Delete
  18. පට්ට ඈ.

    සියලු ආකාරයෙන්ම සාර්ථක ‍වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රෑකී. එදාට ආයෙම මුණගැහෙමු එහෙනම්.

      Delete
  19. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.

      Delete
  20. සුබ පැතුම් !!
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    ReplyDelete
    Replies
    1. අයියණ්ඩී එනවැයි??

      Delete
  21. සුබ පැතුම් මචං ! සෙනසුරාදාවක් නිසා බොහෝවිට එන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්. එදාට මුණගැහෙමු.

      Delete
  22. එකෙන්ම .. සුභපැතුම් බොක්කෝ
    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචන්. උබ ලංකාවෙද මේ දවස් වල.

      Delete
  23. උණුසුම් සුබ පැතුම් මචං...
    බොහෝ දුරට එදාට මුණ ගැහෙන්න පුළුවන් වේවි...

    ReplyDelete
    Replies
    1. එල එල. තෑන්ක්ස් මචෝ.

      Delete
  24. සුපැතුම්..... නිවාඩුවක් තිබුනොත් එන්නම්.
    ..

    ReplyDelete
    Replies
    1. ලොකු බොස් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිට්මි.

      Delete
  25. සුබ පැතුම් දිනේෂ්!!එන්නට නොහැකි උනත්..

    ReplyDelete
    Replies
    1. ඒකට මොකද. ගොඩක් ස්තූතියි අයියේ.

      Delete
  26. සුභ පැතුම් දිනේශ්..!

    ReplyDelete
    Replies
    1. බීටල් අයියේ. ගොඩක් ස්තූතියි.

      Delete
  27. සුභ පැතුම් දිනේශ්!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රංගි අක්කේ.

      Delete
  28. පුලුවන් උනොත් අනිවා එනව මචං.

    ReplyDelete
    Replies
    1. එලකිරි මචන්.

      Delete
  29. Replies
    1. එල මලය. කතාකරමු එදාට.

      Delete
  30. උඹේ තියෙන්නෙ හොඳ පොහොසත් නිර්මාණ.ඒවා පොතකින් තවත් පිරිස්කට කියවන්න ලැබීම ගොඩක් හොඳ වගේම වටින වැඩක්.සාර්ථක වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචන්.

      Delete
  31. අඩේ නියමයි දිනේෂ්, මගේ හෘදයාංගම සුබපැතුම්! උඹ හපනා කියල මම දැනගත්තෙ හුඟක් කාලෙකට ඉස්සෙල්ල....හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රවී අයියේ. ඔයාව මුණ් ගැහිල කතා කරන්න ආසාවෙන් ඉන්නේ. පුලුවන් නම් ඇවිත් යන්න එන්න.

      Delete
  32. 23 හමුවෙමු. ඊට කලින් උදව්වක් ඕනිනම් කියපං. ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සෝ මච්. අනිවා මම කියන්නම්.

      Delete
  33. මං බ්ලොග් ලියන්නත් කලින් ඉඳන් කියවන බ්ලොග් එකක් වර්ණ. ඉතින් උණුසුම් සුභපැතුම් මචෝ!

    මගෙ උපරිම සප් එක දෙන්නම් !

    ReplyDelete
  34. මං බ්ලොග් ලියන්නත් කලින් ඉඳන් කියවන බ්ලොග් එකක් වර්ණ. ඉතින් උණුසුම් සුභපැතුම් මචෝ!

    මගෙ උපරිම සප් එක දෙන්නම් !

    ReplyDelete
    Replies
    1. උබ දෙන්න ඕන සප් එක දැනටමත් දීලනේ තියෙන්නේ.

      Delete
  35. ඔබ බටහිර උරුවට කෙටි කතා ලියන්න සැබෑ දක්ෂයෙක්. බ්ලොග් නොකියවන අයටත් ඒවා කියවන්න අවස්ථාවක් ලබාදීම අගයකරමි. හැමදාම හිතට එකගව හරි දේ වෙනුවෙන් බ්ලොග් ලෝකයේ පෙනීහිටපු කෙනෙක් ලෙසයි මම ඔබව දකින්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.

      Delete
  36. සුභපැතුම් මචන්..පුලුවන් කම තිබුන නම් අනිවා එනව...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්.

      Delete
  37. කාලයක් තිස්සෙ ඇස ගැටිලා තිබුණ බ්ලොගයක්..
    අළුත් වැඩේට සුබ පැතුම්.
    එදාට හම්බ වෙමු..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. එදාට හමුවෙමු.

      Delete
  38. සුභ පැතුම් දිනේශ්..ගොඩක් සතුටුයි මේ ජයග්‍රහනය ගැන... කොයි පොත් කඩවල්වලටද දාන්න හිතං ඉන්නේ? එන්න බැරිවුනත් පොත ගන්න හරි පුළුවන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පසුවට කියන්නම්. ඉඩක් තිබුනොත් ඇවිත් යන්න එන්න.

      Delete
  39. මාත් එනෝ, ජය දිනේෂ් අයියේ, ඔයාගේ හීනේ හැබෑ වෙනෝ. වෙනෝ නෙවේ ඔය හැබෑ කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. එල එල. මතක ඇතුව මාත් එක්ක කතා කරලා පලයන්.

      Delete
  40. හිටියා නම් අනිවාර්යයෙන්ම එනවා. පොතක් එවන්න කොහොම හරි.

    ReplyDelete
  41. ආයේ ආයෙමත් සුබ පැතුම්...මටත් පොතක් තියහං

    ReplyDelete
  42. සුභ පැතුම්.. පොතක් ලබා ගත හැකි ආකාරයත් කියන්න.

    ReplyDelete
  43. හදවතින්ම සුභ පතනවා...!

    ReplyDelete
  44. මට එන්න වෙන්නෙ නම් නෑ... බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා...
    ජය!!!

    ReplyDelete
  45. හදවතින්ම සුබ පැතුම් මලයා. එන්න නම් වෙන්නේ නැහැ. දුකයි ඒ ගැන.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්