Thursday, 31 March 2016

ඇගේ විවාහය

ඇය තම දියණියගේ කමරය අසල රැදී සිටියාය. චකිතයෙන් යුතුවූ කල්පනාවක් ඇගේ ගමන මොහොතකට නතර කර තිබිණි. කලබලයෙන්ම නොවුවත් මේ අත දුවන කිපදෙනා නිසා ඇයගේ කාමර යකාර්ය බහුල වී තිබුණි. දෙස බොහෝ වේලාවක් බලාහිදිමින් කල්පනාවේ උන් ඇය අවසානයේ තීරණයකට එලැබිණි
 
ඇයට තීරණයක් ගැනීමට අවැසි වූ ආත්ම ශක්තිය ඇය කෙරෙන් ගලාගෙන ආවේ බොහෝ සෙමිනි. දිගු සුසුම් කීපයකට පසුව ඇය පියවර කීපයක් දියණියගේ කාමරය දෙසට තැබුවාය. කාමරයෙන් පිටතට ගැහැනුන්ට ඇගේ මේ ගමන එතරම් අරුමක් නොවුණත් ඇය වෙනසක් නොපෙනෙන්නට වග බලා ගත්තාය.
 
මංගල ඇඳුමින් සැරසුණද දියණියගේ මුහුණෙහි වූ මලානික බව කණ්ණාඩියෙන් දැක තේරුම් ගන්නට ඇය අපොහොසත් නොවුවාය. හිස් වූ බැල්මකින් ඇය දෙස තව මොහොතක් දෙකක් බලාගෙන සිටියාය. දියණියව සරසමින් සිටි මහලු ගැහැනිය දෙස කීප වතාවක්ම වුවමනාවෙන් බැලුවත් ඇයට පිටව යන මෙන් විධාන කරන්නවත් ශක්තියක් සතු නොවීය.
 
ඇයට තව වේලාවක් කාලය ගෙවා දැමිය යුතු විය. ත්‍යාවශයම නොවූවත් ඇගේ වේලයේ මල් මොස්තරය පිරික්සමින් එහි අඩුපාඩු සකසමින් ඇය කාලය ගෙවා දැමුවේ ආයාසයෙනි. ඇගේ හිත මතකයෙන් ගිලී යන්නට එතරම්ම කාලයක් අවස්ය නොවිණ.
 
                                                                           ***

මංගල්‍යට දින තිණ්දු වෙලා කියන ආරංචිය ලැබුණ වෙලේ ඉදන් හිතේ තිබුණේ කොහෙත්තම නවත්ත ගන්න බැරි තරමේ තිගැස්මක්. මට ඕන වුණේ ඒකෙන් පැනලා යන්න. නිදහසේ ඉන්න. ඒත්, නිදහසට ඕන කරන අත්තටු කපලා දාලා තිබුණේ උපදින්නත් කලින් කියන එක තේරුම් ගත්ත පුංචි කාලෙම ඉදන් මම හීනේ දකින එක ගැන ආශාව අත් ඇරලා දැම්මා. දැන් මේක් නිකන්ම නිකන් ජීවිතයක් විතරමයි.
 
හැම තැනකම හැම කෙනෙක්ගෙම හිතේ තිබුණේ කසාදය ගැන. හැබැයි මං ගැන නෙමෙයි. අලුතින් එකතු වෙන්න යන්න කීර්තිය ගැන. , තරමටම ඔහුව වැදගත් කියලා සලකපු නිසා.
 
අම්මේ, මට බැහැ
 
හිතේ හුඟක් දවස් තද කරගෙන හිටපු හැඟීම බයෙන් උණත් මම පිට කරලා දැම්මා. මම දන්නවා අම්මා ගෙදර අනිත් අය වගේ නෙමෙයි. ඒත් එයා ඉන්නෙත් මේ පවුල ඇතුළෙමයි කියලා මට පුංචිම වෙලාවකට අමතක වෙලා ගියා.
 
මේ මොන පිස්සුවක්ද?’
 
අනේ අම්මේ.’
 
ඇගේ මුහුණේ තිබුණේ කේන්තියක්. ඒකට හේතුව අහන්න හිතට ඕනකමක් තිබුණත් අවසානයේ මම වචනයක් වත් කතා නොකර හිටියේ ඇගෙන් මට පිළිතුරක් ලැබෙන්නේ නෑ කියලා දැනුණ නිසා.
 
දැන් මේවට පස්ස ගහන්න කාලයක් නෙමෙයි. අනික බෑ කියන්න තරම් අයිතියක් අපිට කොහෙන්ද?’
 
ඇය කියවගෙන ගියා. අයිතිය. ඇය කියපු අනිත් හැම දේම නැතත් එක වචනයේ නම් ඇත්තක් හැංගිලා තිබුණා. හැබැයි අයිතිය මට විතරක්ම නෙමෙයි ඇයටත් නැහැයි කියන එක මම හිතන්නේ ඇය තේරුම් අරගෙන ඇති. එහෙම නැත්නම් තේරුණත් නොතේරුනා වගේ ඉන්න උත්සාහ කරනවා ඇති.
 
අනික උඹ නොදන්න කෙනෙකුත් නෙමෙයි නේ.’
 
ඔවු, මම එයාව දෙපාරක් විතර දැක්කා කියන මතකය මගේ හිතේ තියෙනවා. මම හුඟක් පුංච් දවස් වල තාත්තත් එක්ක එයා අහම්බෙන් වගේ අපේ ගෙදර ආපු වෙලාවක. එයා තාත්තගේ හොදම යාළුවෙක් වුණේ මගේ මේ ජීවිතේ අවාසනාවන්ත ඉරණම ලියන්නද කියන එක මට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
 
මගේ හොදම යාළුවා. අපේ දුවට හොදට ගැලපෙනවා. ඒකෙන් එයාට වරදක් වෙන්නේ නෑ.’
 
ටික දවසකට කලින් තිබුණ රෑ සාදයෙදි තාත්තා ඔහු ගැන වර්ණනා කළේ විදිහට. මට හිතුණේ එතනට දුවලා ගිහින් තාත්තගේ වයසයි ඔහුගේ වයසයි මගේ වයසයි ගැන ප්‍රශ්න කරන්න. ඒත් එතනට යන්න මට ආරාධනා තිබුණේ නෑ වගේම කතාකරන්න නිදහසක් නොතිබුණ නිසාම මට සිද්ධ වුණේ කතා හැම එකක්ම කොරිඩෝවට වෙලා හැංගිලා ඉදන් අහගෙන ඉන්න.
 
දැන් අම්මා කියන්නෙත් ටිකමයි. ඒත් ටිකක් වෙනස් විදිහකට. මම අහගෙන ඉන්නවද නැද්ද කියන එක වැදගත් නොවුණත් අම්මා දිගටම කතාව කරගෙන ගියා. අන්තිමෙ විවාහය වෙන දවස වෙනකන්. එදා අම්මා ඇඬුවේ ඇත්තටමද නැත්නම් බොරුවටද කියන එක දන්නේ එයා විතරක්ම වෙන්න ඇති.
 
                                                                     ***
 
ඇය කල්පනාවෙන් මිඳුණේ දියණියගේ කාමරෙන් ඇහුණ කටහඬට. ඇයව සරසමින් සිටි ගැහැනිය. ඇය තමන් දෙස බලාගෙන සිටියේ බොහෝම උනන්දුවකින් කියන එක ඇස් වලින් මොහොතකින් තේරුම් ගන්න ඇයට පුළුවන් උණා.
 
මගේ වැඩ ඉවරයි නෝනා.’
 
මහලු ගැහැනිය කාමරයෙන් පිටවෙලා ගියේ ඇයට ආචාර කරමින් උණත් සැකයෙන් පිරුණ දෑස් වලින් ඇයට ගැලවීමක් තිබුණේ නෑ. බොහෝ වෙලාවකට පස්සේ ඇයත්, ඇගේ දියණියත් කාමරේ තනි වෙල හිටියා. පිටතින් ඇහුණේ සාදයේ ගී හඬක්.
 
මහලු ගැහැනිය දියණියව කොතරම් හැඩ කරලා තිබුණත් හැම එකක්ම අතරින් එළියට පනින්න උත්සාහ කරන වේදනාව ඇයට හොදටම දැනුණා. දියණිය ළඟට ලං වුණ ඇය ඇගේ දෙවුරෙන් අල්ලගෙන ඇගේ ඇස් වලට එඹුණේ මේ ඉන්නෙත් කාලෙකට උඩදී හිටපු තමුන්ම නේද කියන හැඟීමෙන්.
 
ඔයාට ඕනද මෙතනින් පැනලා යන්න?’
 
ඇගේ වචන පිටවුණේ බොහොම සෙමින්. වචන වල අර්ථය වගේම වචන විලාසය තේරුම් ගන්න ඇගේ දියණියට අපහසු වුණේ නෑ. ඒත් ඇය බලාගෙන හිටියේ පුදුමයකින්.
 
ඇයි දැන්?’
 
අවසානයේ ඊට පිළිතුරු දුන්නේ කනස්සල්ල මුසු වුණ ස්වරයකින්. කටුක මදුසමයෙන් පටන් ගත්ත ඇගේ විවාහ ජීවිතය ගැන තම දියණියට කියන්න බොහෝ කතන්දර ඇයට මතක් වුණත් ඇය ඒවා හිතේ තද කර ගත්තේ මේ ඊට සුදුසු වෙලාව නොවන නිසා.
 
තවම පරක්කු නැහැ.’
 
දැන් මම කොහේ කියලා යන්න්ද?’
 
හිතට ධෛර්ය ලැබුණත් බොහෝ ප්‍රමාද වී බව තේරුම් ගන්න ඇගේ හිත අපොහොසත් වුණේ නෑ. ඇය බලාගෙන හිටියේ තම දියණියගේ වේදනාවෙන් බර වුණ දෑස් දිහා. ඇය එයින් දැක්කේ අසරණව බලාගෙන හිටින තමන්වමයි. ඇගේ විවාහය සිදුවුණේ පියාගේ මිතුරෙක් එක්ක වුණත් ඇගේ දියණියගේ විවාහය සිදුවන්නේත් පියාගේ මිතුරෙකු හා කියන කටුක අත්දැකීම විදගන්න ඇගේ හිත සූදානම් නැහැ.
 
ඇය බොහෝම තදින් තමන්ගේ දියණියව වැළද ගත්තා. ආදරය සෙනෙහස තමන්ගේ මවගෙනුත් ලැබුණනම් කියන පසුතැවිල්ලක් විතරක් ඇගේ සිතේ ඉතුරු වෙද්දී ජීවිතයත් ඇගේ විවාහයත් අතර බොහොම ළග තීරණයක ඇගේ සිතුවිලි හිර වෙලා තිබුණා.




 නිමි...


ප.ලි. එදා නෙළුම් යායට ඇවිත් ගියා. බ්ලොග් ජීවිතේ පළවෙනි වතාවට නුදුටු මිතුරන් බොහෝමයක් දැන අඳුන ගත්තා. ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. බලාපොරොත්තු නොවුන සම්මානයට වගේම ඒ වගේ දෙයක් සංවිධානය කරපු නෙළුම් යායට හදවතින්ම ස්තූතියි.

45 comments:

  1. ඔය මගුල් ගැන කතා කරල වැඩක් නෑ අයියෙ! එකම පඹගාලක්!

    ReplyDelete
    Replies
    1. ඇයි උබටත් එපා වෙන සීන් මොනව හරි උනාද?

      Delete
    2. මං ඉතිං එපා වෙච්ච ගමම්මනෙ! :D

      Delete
    3. හිතා ගන්න පුළුවන්.

      Delete
  2. මචං ඔව වගේම සිද්දියක් උන කෙල්ලෙක් දවසක් අපි කිහිප දෙනෙකුට මුන ගැහුනා දැනට අවුරැදු 15 කට විතර කලින්. කෙල්ල ගෙදරින් පැනලා ඇවිත් භික්ෂුණි ආරාමයක් හොය හොය ඇවිදිනවා. අඬලම ඇස් දෙක ඉදිමිලා මලානික වෙලා හිටියේ. කෙල්ලගේ දෙමවිපියෝ පෝසත් අය. කෙල්ලව බලෙන් බන්දලා දෙන්න හදලා. වෙඩින් එකට කලින් දවසේ රෑ කෙල්ල ගෙදරින් පැනලා ඇවිල්ලා. අපිට මේ කෙල්ල මුණ ගැහුනේ භාවනා මධ්‍යස්ථානයක දි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ කෙල්ල වාසනවන්තයි බන්. මොකද හුග දෙනෙක්ට එහෙම තීරණයක් ගන්නවත් බැරුව ජීවිතේ හිර වෙනවනේ.

      Delete
  3. අකමැත්තෙන් දීගෙක යාමනම් කර්මයක් මල්ලී.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කේ. ඊට වඩා හොදයි දීග නොයාම ඉන්නවා.

      Delete
  4. අපේ තාත්තා නම් කියන්නෙ යෝජිත විවාහවලට බලෙන් දක්කන් යන ගෑණුළමයින්ට හෙප්පුව පොළොවෙ ගහන්න කියල...

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න වෙන තරං කොන්දක් නැතුව හදන ළමයෙක්ට කෙනෙක් හොයා ගන්නවත් ශක්තියක් නෑ ඉතිං.... අම්මලටම හොයලා දෙන්න වෙනව ගෙදරින් එළියට දා ගන්න නං... ( කොල්ලන්ට කෙල්ලන්ට දෙගොල්ලන්ටම එක සමානයි ඒ කතාව..)

      Delete
    2. වැසි දැරිය, අන්න ඒක නම් සෑහෙන්න හොද දෙයක්. ඒත් ඉතින් වෙන්නේ බය කරලා මරන්න ගෙනියන හරකා වගේ බලෙන්ම එක්කන් එන එකෙනේ. එහෙම අය කොහොමද ඔහොම දෙයක් කරන්නේ.

      Delete
    3. හිරූ අක්කේ. සහතික ඇත්ත කතාව. ඒ වගේ අයට ඉතින් මොන බලපෑම ආවත් කසාදෙට කැමති වෙනවා ඇරෙන්න පැනලා යන්නවත් ශක්තියක් නැහැ.

      Delete
    4. සමහර වෙලාවට අම්මලා තාත්තලාත් අසරණයි. දුව ඕනෙවට වඩා වයසට යන්න කලින් කොහොමහරි බන්දලා දෙන එක ගැන තමයි හිතන්නෙ.

      අපේ ෆැකල්ටියේ අපිට වඩා අවුරුදු 2ක් සීනියර් අක්කා කෙනෙක් හිටියා. හරිම හොඳයි. කාත් එක්කත් කතා බහ කරලා හොඳින් ඉන්න කෙනෙක්. එයාට යෝජනාවක් ඇවිත් තිබ්බා පිරිමි ළමයෙක්. සමාජයේ පිළිගත් රැකියාවක් කරන. ඈ මේකට කැමති වුණාද කැමති වෙන්න සිද්ධ වුණාද දන්නෙ නෑ. ඒ පිරිමි ළමයා ඒ අක්කගේ ෆේස්බුක් සහ අනිත් ඔක්කොම එකවුන්ට් චෙක් කරනවා. පුදුම විදියට තමයි සැක කරන්නෙ. බැච් මේට් කෙනෙක්ම්(පිරිමි ලමයෙක්) කෝල් කළත් ඒ අක්කට බනිනවා. එයාගෙ යාළුවෝ ඕකට කැමති වෙන්න එපා කිව්වම එයා කියලා තිබ්බෙ ඒකත් නැති වුණොත් මම තනි වෙයි කියලා. එයාලා ළඟදි විවාහ වුණා. විවාහ ජීවිතේ කොහොම වෙයිද කියලා නම් කියන්න දන්නෙ නෑ. ඒත් ඒ වගේ දේවලුත් සිද්ධ වෙනවා.

      Delete
    5. දුව ඕනෙවට වඩා වයසට යන්න කලින් කොහොමහරි බන්දලා දෙන එක ගැන තමයි හිතන්නෙ.//

      සීරියස්ලි සිතූ.. ඕකම තමයි හෙනේ... ලස්සනට ඉගෙනගෙන, හොඳ ජොබ් එකක් කරගෙන ලස්සනට ජීවත් වෙන දුවෙක් ඉන්න අම්මලගෙත් ඔලුවෙ අමාරුව තියෙන්නෙ මේක මොකෙක් හරි නැටි කාරයෙක්ට දෙන්නෙ කොහොමද කියන එක... ඒක එයාගෙ හොඳටද අම්මලගෙ ඔලුවෙ කැක්කුම හොඳ කරගන්නද කියල එයාලත් දන්නෙ නෑ... අපේ දුවට හොඳට උගන්නල තියෙන්නෙ, එයාට එයා‌ගේ ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්, එයාට හොඳ කෙනෙක් හම්බුන දවසට එයා විවාහ වෙයි කියල හිතන තත්වෙට දෙමව්පියො කවද එයිද මන්ද...

      එහෙම අය දැනටත් නැත්තෙම නෑ... ඒත් ඊළඟට ඒ ඔලුවෙ කැක්කුම හැදෙන්නෙ අහල පහල ඉන්න අයටයි නෑයන්ටයි... එයාලා මඟුල් හොයන්න යනව.. හම්බුන හැම වෙලාවෙම කසාදෙ ගැන කියෝනව... ඉතිං අර ඔලුවෙ කැක්කුම නැති අම්මලටත් ඔලුවෙ කැක්කුම හැදෙනව..

      අපෙ නඟා ( මගෙම නෙවෙයි ඒත් මගෙම තමයි...හි හි) මේ ළඟදි ඔය වගේ කට්ටියකට හොඳ වැඩක් කරල තිබ්බ ආයිත් එයාට මගුල් හොයන්න තියා හිතන්නවත් නැති වෙන්න... උෟ හොඳ ජොබ් එකක් කරගෙන උගේ පාඩුවෙ ඌ ඉන්නව.. තාම ඉගෙන ගන්නව... ගෙදර අයටත් කියල තිබ්බෙ එයාට මඟුල් හොයන්න එපා, එයාම හොයා ගන්නං කියල... (උෟට මඟුල් හොයන්න අපිට බෑ.. හි හි) ඒත් අහල පහල අය දොස්තරලයි ඉංජිනේරුවොයි එක එක බිස්නස්කාරයොයි සතිය ගානෙ අඳුන්නල දෙනව.. උන්ට ඕනෙ ඉක්මණට බඳින්න.. බැරිම තැන මූ දවසක් එහෙම එකෙක් ඉන්න තැනම තියල තිබ්බ මට 35 වෙනකං ඉගෙනීම ඉවර වෙන්නෙ නෑ.. බඳින්න හදිස්සි ඔය එක්කෙනෙක්වත් ඒ ඉගෙනීමට උදවු කරන්නෙ නැති බව මට තේරෙනව.. ඉගෙන ගත්තොත් මට කසාද ඕනෙ වෙන්නෙ නෑ ජීවත් වෙන්න.. ඒක නිසා මීට පස්සෙ මට මඟුල් හොයන්න එපා .. මම, මට ආදරේ කරන, මගේ හැකියාවට ගරු කරන, මට උදව් කරන කෙනෙක් හොයාගන්නං කියල... ( මඟුල් හොයපු කට්ටිය අන්තිමට තරහත් වෙලා.. ඒත් ඕනෙ නැති මඟුල් වලට කට දාන්න ගිහින් එයාලම‌ෙන ඉතිං වරද්දගෙන තිබ්බෙ.. අපි මොනා කරන්නද..)

      Delete
    6. ඒක නම් මරු උත්තරේ කොහොම වුණත්. ඒකට හේතුව ඉතින් මේ සමාජෙ ඔලුවට දාලා තියෙන "කසාද බැඳලා ළමයි හැදුවෙ නැත්තම් දවසක තනි වෙනවා" කියන හේතුව. කවදහරි තනි වෙන්න වෙයි කියලා ඕනෙ මරාලෙකට කර ගහනවා.. :)

      Delete
  5. තාත්තගෙ යාලුවෙක්. ඒ කියන්නෙ මාම කෙනෙක්. කව්ද කැමති? අම්මව ආච්චි තේරුම් අරගෙන නෑ. ඒත් අම්ම තේරුම් ගත්තා. අද හරි බේරිලා යන්න ලැබුනු එක? බොහොම පින් අම්මේ මාව බේරගත්තට.
    (දුව)

    ReplyDelete
    Replies
    1. ඒ දුක විදපු කෙනෙක්ට ඒ දේ තෙරුම් ගන්න පහසුයිනෙ කසුනෝ.

      Delete
  6. මනාලියන්ට අන්දන්නේ තරුණ අය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් එකනම් ඇත්ත රසික අයියෙ. ඒත් මම මේ කතා කලෙ ඉන්දියාව බන්ගලාදේශය වගේ රටක ග්‍රාමීය පැත්තක් ගැන.

      Delete
  7. ලොක්ක සුභපැතුම් එහෙනං

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචන්.

      Delete
  8. සුභ පැතුම් දිනේෂ්..
    ආදරය කරල කසාද බැඳලත් දුක්විඳින උදවිය දැක්කාම මේ වගේ දේවල් කමක් නෑ කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඊට වැඩිය වේදනාවක්. විශ්වාස කරපු බලාපොරොත්තු උන දේවල් වෙනස් වෙන එක නොහිතන දේවල් වෙනවට වැඩිය දුකක්.

      Delete
  9. මම කැම්පස් කාලේ හිටපු බෝඩිමක හිටියා වැඩට යන ගෑනුළමයෙක්. හැබෑම ලස්සනයි. ඒ වගේම සරාගී පෙනුමකුත් තිබ්බේ. පස්සෙයි අපි දැනගත්තේ එයාගේ අම්මා එයාව බලෙන්ම අම්මගේ රහස් සම්බන්ධයක් තියෙන නාකි මනුස්සයෙකුට බලෙන්ම බන්දලා දීලා ඉඳල තියෙන්නේ කියල. කොහොමහරි මෙයා එතැනින් ගැලවිලා ඇවිත්. ඊට හුඟක් පස්සේ එයා එයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් බැන්දා. නමුත් අතරතුරේ සිද්දවෙච දේවල් දැක්කහම බය හිතෙන එක සාධාරණයි කියල හිතෙනවා එහෙම පැනලා යන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම අවාසනාවන්තයෝ අපි අතරම ඉන්නවා. හැබැයි හොද වෙලාවට මේ කෙනාටනම් පස්සෙ හරි සැබෑ ජීවිතය මුණගැහිලා.

      Delete
  10. මේ වගේ සිද්ධි ඉන්දියාවේ බංගලදේශය වගේ රටවල සුළබයි තමා.... ඒත් අපේ රටෙත් වෙන්නේ නැතුව නෙවයි.... මං දන්න කෙනෙකුටත් මේ වගේ සිද්ධියකට මූණ දෙන්න සිද්ධ උනා. ඒත් මේ වගේ එයාට බේරෙන්න උනේ නෑ... එයා අදටත් ඉන්නේ දුකින්...
    හොඳ නිර්මාණයක්,,,,

    ReplyDelete
    Replies
    1. අවාසනාවන්ත අත්දැකීමක් එහෙනම් ඒක. කවදාහරි දවසක ඒ දේවල් වෙනස් වෙයි කියලා හිතමු.

      Delete
  11. ගස්ලබ්බා 12 වසරෙ වගේ ඉන්නකොට ඇස්.ඇම්.ඇස් කරා දැකලවත් නැති මුස්ලිම් කෙල්ලෙක්.සෑහෙන බරට වැඩේ නැගා ගියා.උං කඩ්ඩ පොලිෂ් පොෂ් පවුලක් බව නං අකුරු ගැට ගහං මැසේජ් කොටපු ගස්ලබ්බට තේරුණා.
    එක දවසක් මේකි කවදාවත් නැතුව කෝල් කරල ඇඬුවා වැලහින්නක් වාගේ..මඟුලක් තීන්දු කරලා.. පහුවදා ඉඳන් ඒ නොම්මරේ වැඩ කලේ නෑ.
    (අමාරුවෙන් අමතක කරපුවා උඹේ ලිවිලි එක්ක එලියට එනව බං.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අමතක කරන්න බැරි හුගක් දේවල් තියෙනවනෙ බං.

      Delete
  12. දිනේෂ් අපි දන්න තරමින් ඔබ ලංකාවේ නෙමෙයි ඉන්නේ..... එදා වැඩේට ඇවිත් හිටියාද ????????

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්. මම ආවා. උබලා සම්මන ගන්නවා දැක්කා. පස්සෙ හොයද්දි උබලා ගිහින්. කතා කරන්න බැරි උනා. සමාවෙයල්ලා.

      Delete
    2. මචං දිනේෂ්......... කාන්චනා කියනවා උඹ ආවා තමා කියලා.. මං කිව්වා නැහැමයි කියලා... ඒත් උඹ ආවා කියලා කියන නිසයි ඇහුවේ.... ඇත්තට ම උඹ හිටියා කියලා දන්නෑ.... දන්නවානං හොයලා හරි බලෙන් ඇවිල්ලා හරි කතා කරනවා... ඇත්තට ම ඒ ගැන දන්නැති නිසයි එහෙම වුණේ... සොරි.....

      අපි බ්ලොගය පටන් ගත් දා සිට අපිට දිරිදුන්නු උඹට කතා කරන්න බැරි වුණා කියලා දුකයි බං... ආයෙම හම්බෙමු... දැන් මෙහෙද ඉන්නේ......

      Delete
    3. පිස්සුද බං. ඒකට කිසිම අවුලක් නෑ. කවදත් මගේ ෆුල් සප් එක උඹලට තියෙනවනේ. අනික මුණගැගෙන්න බැරි වෙන එකකුත් නෑ. මම ඒ ගැන හෙමීට කියන්නම්.

      Delete
  13. විවාහයක් සාර්ථක වෙන්නේ එකිනෙකා තේරුම් ගැනීම තුල.දෙදෙනෙක් අතරේ වෙන විවාහයකට අම්මා,තාත්තාලා තමන්ගේ කුල,මල ඉස්සරහාට දා ගන්න යන එකෙන් කරදරයට පත් වෙන්නේ තමන්ගේම දරුවෝ බව දෙමව්පියෝ අමතක කරන එක කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් එහෙම උනා කියමු. ඒත් දැනුත් එහෙම වෙන එකයි අප්සට් එක.

      Delete
  14. මේ කතාව තව ටිකක් අදින්න තිබ්බ. ඒත් ලංකාවේ තියන සෝචනීය තත්වයක් මේක. මම මේ ගැන වැඩි දුර කතා කරන්න යන්නේ නෑ. පෞද්ගලික හේතුවක් නිසා.

    ReplyDelete
  15. අසාදාරනේ විතරක් රජකරන ලෝකෙක , විවාහයකදි වුණත් සාදාරනයක් හොයන්න හරි අමාරුයි.
    මේ කතාවෙ තියනවා වගේ සමාජ වල කොහොමත් අම්මලා දුවලා තමයි අසරණ වෙන්නෙ

    ReplyDelete
  16. කතාව නියමයි. කියන්න තේරෙන්නේ නැහැ කතාව හොඳටම දැනුන. සති දෙන තුනකට කලින් ලෝකයේ ලාබාලම දෙමව්පියන් ගැන තියන විස්තර වගයක් කියවන්න හම්බුනා මේ කතාව කියද්දි ඒවත් මතක් උනා. මේ කතාවට ගැලපෙන හරි ලස්සන video එකක් FB එකේ මම දැක්ක දැන් හොයාගන්න විදිහක් නැහැ අය්යෙ නැතිනම් මෙතන සඳහන් කරන්න තිබ්බ.
    එදා නෙලුම් යායේදී දිනේෂ් අය්ය හම්බවෙලා කතාකරන්න ලැබුන එක සතුටක්.මම කලිනුත් කියල තියනව දිනේෂ් අය්යගෙ කතා ලියවිල්ල රහයි ඒ නිසාම ඉස්සර ඉඳන් ආසාවෙන් කියෙව්ව මටත් ඒ වගේ ලියන්න හිතුන කිව්වොත් හරි..එදානම් මම හිතන් හිටියෙ අය්යට පලවෙනි තැන ලැබෙයි කියල කොහොම උනත් ලැබුන සම්මානයටත් මගෙන් සුබපැතුම් :)

    ReplyDelete
  17. අම්මවත් දුවව තේරුම් ගත්ත එක ලොකු දෙයක්. ඒත් ගොඩක් වෙලාවට දුව වගේම අම්මත් අසරණයි...

    ReplyDelete
  18. ///ඇය බොහෝම තදින් තමන්ගේ දියණියව වැළද ගත්තා. ආදරය සෙනෙහස තමන්ගේ මවගෙනුත් ලැබුණනම් කියන පසුතැවිල්ලක් විතරක් ඇගේ සිතේ ඉතුරු වෙද්දී ජීවිතයත් ඇගේ විවාහයත් අතර බොහොම ළග තීරණයක ඇගේ සිතුවිලි හිර වෙලා තිබුණා.///

    බේරිලා ගියාද කියන එක ප්‍රශ්නාර්ථයක් නේද දිනේෂ්...
    බලාපොරොත්තුවක් පමණයි...

    ReplyDelete
  19. මෙවැනි සිදුවීම් එදා , අද වගේම හෙටත් දකින්නට තිබීම හරිම ශෝචනීයයි...

    දිනේෂ්ව හම්බවෙලාම එදා සුබ පතන්න ලැබීම ගැන සතුටුයි.. ඉදිරි වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා..

    ReplyDelete
  20. ලද සම්මානයට සුබ පැතුම් දිනේෂ්!

    තමන්ට වෙච්ච දේ දුවටත් වෙනවා බලන් නොයිද, ඒ අම්මාගේ එඩිතර බව අගෙයි...ලංකාවේ එච්චර නැති වුනාට ඉන්දියාවෙ වගේ නම් මේ වගේ දේවල් හුඟක් වෙනවා ඇති... ළමා විවාහ පවා.....

    ReplyDelete
  21. ඇත්තටම දුක්බර කතාවක්...

    ReplyDelete
  22. Zana Mushen ගෙ SOLD මතක් උනා...
    අනුවේදනීය සත්‍ය කතාවක්...

    සමහර විට මේ කතාව හොඳ විදිහට ඉවර කරන්න මේ අම්මට ශක්තිය තියේවි...

    ReplyDelete
  23. ඔබේ ජයග්‍රනයට සුභ පැතුම් දිනේෂ්.

    විවාහයට ඔය තරම් බලපෑම් එල්ල වෙන්නේ අපේ කලාපෙ විතරමද කියලා මටත් හිතිලා තියෙනවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්