Thursday, 24 March 2016

ඇමීලියාගේ මරණයේ අභිරහස



ඇමීලියා අර්හාට් Aemelia Earhart ගැන ඔබ යම් තරමින් හෝ අසා ඇතැයි මා විශ්වාස කරමි. ඇමීලියා ඉතිහාස ගත වෙන්නේ  ලොව වටා තනි පුද්ගල ගුවන් යානයක් පදවාගෙන ගිය පළමු කාන්තාව හැටියටයි. නමුත් ඇය ජනප්‍රි වන්න වගේම ඇගේ නම ඉතිහාස ගත වෙන්න හේතු වුන කාරණාව නම් තරමක් විශේෂිතයි. ඒ 1937 දී පැසිපික් සාගරය හරගා ගුවනට නැගුන ඇයගේ අභිරහස් අතුරුදහන් වීමත් සමඟයි. කාලයත් සමග ඇගේ මේ අභිරහස් අතුරුදහන් විම ගැන බොහෝ මත පල වුනත්, ලෝකයේ අදටත් නොවිසදුන අභිරහස් අතරින් එකක් විදිහට ඇමීලියාගේ ගුවන් ගමනත් සදහන් වෙනවා.



ඇමීලියා උපත ලැබුවේ 1897 ජූලි මස 24 වන දින ඇමරිකාවේදියි. ඇය පළමුවෙන්ම ගුවන් යානකට නැගුනේ කුඩා අවදියේදි. එතැන් සිට ඇය ගුවන් ගත වූ වාර ගනන් ඉතා විශාලයි. ඇගේ ගුවන් යානා ගැන මේ තිබුන ආශාව නිසාම ඇය ගුවන් වාර්ථා බොහෝමයක් බිද හෙළුවා වගේම එය ඇයව ඉමහත් ජනප්‍රියත්වයක් කරා රැගෙන යන්නටත් මහත් පිටුවහලක් වුනා.  ඇය තරුණ ව්යේදි ඇගේ අත් අකුරින්ම ලියු ලිපියක සදහන් වුනේ ලෝකය වටා ගුවනින් යන ගමන ඇගේ ගුවන් යානා පිළිබද වූ ආශාව නිමා කරනු ඇති බවයි. කෙසේ නමුත් ඇගේ ඒ ලොව වටා යන ගමන අවසන් ගුවන් ගමන ලෙස නිමා වූයේ අවාසනාවත්ව අයුරිනි. ඒ නිවි ගිනියාවෙන් පිටත් වුන ඇගේ ගුවන් යානය පැය 24කට පසුව පැසිපික් සාගරයේ අතුරුදහන් වීමත් සමගිනි.

සැතපුම් 2500ක දුරක් ගෙවමින් පැසිපික් සාගරය පසු කර යාම ඉතාමත් තීරණාත්මක කාරණයක් වුනා. එක්සත් ජනපද වෙරළ ආරක්ශක කටර් ඉටස්කා Cutter Itasca හොව්ලන්ඩ් දූපතේ නැවතී සිට ඇගේ ගුවන් විදුලි සම්බන්ඳතා නිළදාරියා ලෙස කටයුතු කිරීමට සූදානම්ව සිටියා. නමුත් එම ප්‍රදේශයේ ගුවන් විදුලී සන්නිවේදනට ඉතා පහත් මට්ටමක පැවති අතරම කටර්ට ඉමහත් අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුනා.

ඇමීලියා සහ ඇගේ උපදේශක ෆ්‍රෙඩ් නූනන්  Fred Noonan ගුවන් යානයෙන් පිටත් වුනේ ඉන්දන ගැලුම් 1100ක ධාරිතාවක් සමගිනි. එය මේ ගුවන් යානයේ පැය 19 ක ධාවන කාලයක් සදහා ප්‍රමාණවත් එක් විය. කෙසේ නමුත් ගුවන් යානයේ ඉන්ධන ධාරිතාව බලාපොරොත්තු වූ කාලයට වඩා පැය දෙකකට කලියෙන් නිමා විය. ඔවුන් බලාපොරොත්තු වූ ගමනාන්තය වූයේ සැපුම් 2556 දුරින් පිහිටි හොව්ලන්ඩ් දිවයිනයි. හෙත් හා ප්‍රමාත් ඉන්නොතිබූ  නිසාම ඇමීලියාගේ අදහස වූයේ සැතපුම් 800ක් දුරින් පිහිටි නුබියන් දිවයිනට යානය ගොඩ බැස්වීමයි.

පැය 4කුත් විනාඩි 18කට පසු ඇමීලියා ඇගේ ගමන් වේගය ගැනත් ගමන් ගන්නා උස ගැනත් ගුවන් විදුළි සන්නිවේදනකින් වාර්ථා කරනු ලැබුවා. ඇගේ ඒ පණිවිඩයේ අවසානයේ මෙලස සදහන් වුනා.

මම උවදුර ගැන දැනුවත් වගේම එය මග හැර යාමට සියළුම ක්‍රියාවන්හි යෙදී සිටී. මට ඒක කරන්න ඕන මොකද මට ඒක කරන්න වුවමනා නිසා. පිරිමින් විසින් කිරීමට උත්සාහ ගත් සෑම දෙයක්ම කිරීමට ගැහැණුන්ද උත්සාහ ගත යුතුය. යම් හෙයකින් ඔවුන් අසාර්ථක වුවහොත් එය ඊලග කෙනාට අභියෝගයක් විය යුතුය.’

කෙසේ නමුත් එය ඇමීලියාගෙන් ලද අවසන් සන්නිවේදනය විය.

ඇගේ මේ අභිරහස් අතුරුදහන් වීම ගැන පළමු න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ එල්ගන්. එම්. ලෝන්ග්. Elgen M. Long විසිනි. ඔහු කියා සිටියේ අයහපත් කාලගුණයා හා ගුවන් යානයයේ උපකරණ නිසි පරිදි ක්‍රියාත්ම නොවීම හේතුවෙන් යානයෙ වූ ඉන්දන වැඩියෙන් දහනය වී ඇයට ඇගේ ගමනාන්තය කරා ලගාවීමට නොහැකි වූ බවයි. පළමුවෙන්ම ඇයට හමුවූ කුණාටුවකින් වැලකීම සදහා වඩා ඉහලට පියාසර කිරීමට ඇයට සිදුවිය.  එයට වැඩි ඉන්දන ප්‍රමාණයක් පාවිච්ච් කිරීමට ඇයට සිදු විය. නිව් ගිනියාවෙන් ඇරඹි ඇගේ ගමනෙන් පැය 10කට පසුව ගමනේ අර්ධය සටහන් කිරීමට නෞකාවක් මුහුද මැදදි හමුවීමට යුතුව තිබුනත් ඇගේ ඇස ගැටුනේ වෙනත් නෞකාවකි. ඇය කටර් හා සන්නිවේදනය කරමින් ඒ ගැන දැනුම් දීමට අපේක්ෂා කලත් දුර්වල සන්නිවේදනය නිසා ඇයට එය කිරීමට අපහසු වුනා. කටර් විසින් ඇයට අවශ්‍ය කල මෝස් සංඥා ඇමීලියාට යැවුවත් ඇය එම උපකරණ ගෙනවත් නොතිබුන නිසා ඇයට නිවැරදි මාර්ගය සොයා ගැනීමට අපහසු වීමද එමිලියාට නිසි වෙලාවට ඇගේ ගමනාන්තයට ලගා වීමට නොහැකි වූ බව ඔහුගේ මතයයි.

නිව්ගිණියාවේ ලී හි සිට හොව්ලන් දක්වා දිවෙන ගුවන් සිතියම.

ඇය හොව්ලන්ට් දූපතට සැතපුම් 100ක් දුරින් පියාසර කරමින් සිටියත් ගුවන් යානයේ වූ රේඩියෝ දිශා සොයනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇයට අඩි 50ක ඉහල අහසේ දී වුවද පහසුවෙන් සොයාගත හැකිව තිබු ඇගේ ගමනාන්තය වැලකී ගියේය. නමුත් කාලගුණයද ඇගේ ඉරණමට හරස් විය.

ඇමීලියා සහ ෆ්‍රෙඩ් ගුවන් විදුලි සංචලනය භාවිතය සම්බන්දයෙන් තිබුනේ අඩු දැනුමක්. ඒ වගේම යානයේ සැහැල්ලුව ගැන ඔවුන් වඩා අවධානයක් යොමු කල නිසාම සමහර අත්‍යාවශ්‍යම උපකරන  රැගෙන නොඒමද ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණමට හේතුවක් වුනා. ඇමීලියා භාවිත කල සංඛාත දිශා සොයා ගැනීමේ උපකරණය ඒ සදහා යෝග්‍ය එක් නොවූ අතරම ඇගේ සම්ප්‍රේශණ පිළිගැනීමේ ප්‍රමතියද ඉතා දුර්වල එක් විය. එනිසා ද්වි මං සංනිවේදනයට ඉන් බාදා එල්ල විය.

එනිසා ගුවන් යානා අනතුරින් ඇමිලියා මරණයට පත් වූ බව ඔවුන් පිළිගැනීමට සැරසුනත් යානයේ සුන්බුන් හෝ හමු නොවීම ඒ තුල කුතුහලයක් ඇති කරන කරුණක් බවට පත් වුනා.

ඇමිලීයාගේ අභිරහස ගැන තවත් මතයක් ඉදිරිපත් කරන්නන් වශයෙන් ඓතිහාසික ගුවන් යානා මුදා ගැනිමේ ජාත්‍යන්තර කණ්ඩායම හදුන්වන්න පුළුවන්. ඔවුන්ගේ විශ්වාසය වන්නේ ඇමීලියා පැදවූ ගුවන් යානය නිකුමරෝරෝ දුපතට සාර්ථකව ගොඩ බැස්වූ  බවයි. මේ නිසාම  එම සංවිධානයේ විදායක අධ්‍යක්ශක රික් ජිලෙස්පී ඇතුලු කණ්ඩායමක් දශකයකට ආසාන්න කාලයක් ඇමිලියාගේ ගුවන් යානය සොයා පරීක්ශණ පවත්වනවා. 1937 වන දින රාජ්ය ලේකම් වරයා නිකුත් කල ලිපියක සදහන් වන්නේ නූරූ දිවයිනෙ ගුවන් විදුලි සංනිවේදන ආයතනයකට ඇමිලියා විසින් නිකුත් කල අපහැදිලි ගුවන් විදුලි සංනිවේදනයන් සටහන් වූ බවයි.

නූරු දූපතේ මුල් පදිංචි කරුවන් පවසන අන්දමට ඔවුන් එක් දිනක ගුවන් යානා අනතුරක් සියැසින් දුටු බව පැවසෙනවා. මෙම කාල සීමාව දෙවන ලෝක යුද්ධයට පෙරාතුව වන බැවින් එය ඇමිලියාගේ ගුවන් යානයද යන සැකය පමණක් ඉතිරි වන්නේ ගුවන් යානයට අයත් කිසිම දෙයක් දූපතින් හමු නොවීම නිසාවෙනි.

නිකුමරෝරෝ දූපත 1937දී.

1991දී නූරූ දිවයින මත තව දුරටත් පරීක්ෂණ කරන ඔවුන්ට දශක ගනනකට පසු වැදගත් සාක්ෂි කීපයක් හමුවෙනවා. ඒ සපත්තුවක කැබලියි. එය Cat's-Paw නම් ආයතනයේ නිශ්පාදිත එක් බව ඒ හමුවූ කැබලි වලින් සනාත වුනාට පසුව එම ආයතනය විසින් එය 1930දී පමණ නිශ්පාදනය කල මෝස්තර වලින් එකක් බව පිළිගන්නවා. තව දුරත් ඒ ගැන පරීක්ශණ සිදුකිරීමේදී එය නොම්බර 9 ප්‍රමාණයේ සපත්තුවක් බවට කරුණු එලි වීමත් සමග පර්යේෂකයන් එය ඇමීලියාගේද යන්න බව ගැන සැක පහල කරනවා.

1940දී ගලගර් නැමැත්තෙකුට නූරූ දුපතෙන් අස්ති කොටස් කීපයක් හමුවෙනවා. ඔහු පවසන අන්දමට එය මුලින් දැක ඇත්තේ නුරූ දුපතේ විසූ ආදී වාසින් විසින්. ඔවුන්ට මුලින්ම හමුවෙලා තියෙන්නේ මිනිස් හිස් කඹලක්. එය ඇමිලියාගේ විය හැකියක් ඔහු අදහස් කලත් බටහිට පැසිෆික් මහ කොමසාරිස් කාර්‍යාලය විසින් ඔහුගෙන් ලද තොරතුරු රහසිගතව තබා ගන්නට කටයුතු කරනවා. කෙසේ නමුත් ඔහු කරුණු තුනක් ගැන සදහන් කරනවා. ඔහුට තව දුරත් කල සොයා ගැනීම් වලින් තවත් අස්ති කොටස්, පහල හකු ඇතුළුව හමුවෙනවා. ඊට අමතරව සපත්තුවක කොටස් හා බෝතලයක් හා මාලිමා සදහා එකල බාවිතා කල උපකරණයක කොටසක්ද ඒ අතර වෙනවා. මේ නිසා ඔහු අදහස් කරන්නේ මේ හිස් කබල කාන්තාවකගේ විය හැකි බවත්, සපත්තුවෙ ප්‍රමාණය 10ක් විය හැකි  බවත් මාලිමා උපකරණේ කැබැල්ලේ ඉතිරි සංඛ්‍යා දත්ත ලෙස සෙනෙස්ටිල් 3500 හා 1542 බවත්ය.

නමුත් ඔහුට හමුවූ අස්ති කොටස් 1941 දී ෆිජීහී පිහිටි පරික්ෂනාගාරයක කල පරීක්ශණයන්ගෙන් තහවුරු වන්නේ එය මහළු පොලිනීසියානු මහල්ලෙකුට අයත් වන බවයි. මේ නිසාම එම අස්ති ඇමිලියාගෙයි කල විශ්වාසය බැහැර වනවා.

මේ හැම තර්කයකට වඩා ප්‍රබලව ඉදිරිපත් වන තර්කයක් වනුයේ ඇමිලියා ගුවන් අනතුරින් මිය නොගිය බවය. ඇය ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිළධාරිණියකු වූ බවත් දෙවන ලෝක යුද්ධ සමයේ ජපානයේ ඔත්තු බැලීමේ කටයුතු ඇය විසින් සිදු කල බවත්ය. ජපානයෙන් පලා ආ ඇය ඉන් පසු බොහෝ කාලයක් ජීවත් වූ බවය. නමුත් එයටම තවත් කරුණු ඉදිරිපත් කරන ඇතමෙකුගේ මතය වන්නේ ජපානයේ ඔත්තු බැලීමේ නිරතව සිටියදී ඇය අත් අඩංගුවට පත් වූ බවත් එහිදි ඇයට මරණ දඬුවම නියම වූ බවත්ය.

කෙසේ නමුත් ඇමීලියාගේ අභිරහස අදටත් ලෝකය තුල නොවිසදුන කාරණා වලින් එකක්ය. කාන්තාවක් වශයෙන් ඇය තුල වූ ආත්ම ශක්තියත්, විශ්වාසයත් නිසා ඇය අදත් වීර චරිතයක් ලෙස හැදින්වෙන අතරම ඇගේ අභිරහස ගැන පල වෙන අදහස් වලද නිමාවක් නැත. 




23 comments:

  1. එතකොට ඇගේ උත්සාහය වාර්තාවක් විදියට ගැනෙන්නෙ නැද්ද. ඇය ගමන සම්පූර්ණ නොකල නිසා..
    අනික තමා බොහෝ ගුවන් ගමන් ගියඇත්තියක් විද්යටඅත්‍යාවශ්‍යම දේවල් ගෙනනොගියා කියන එක ටිකක් විවාදා පන්නයි.

    අන්තිම නිගමන ක්යවද්දි නං හිනහත් ගියා..
    සමහරවිටඇමීලියා ඇත්තටම ජීවත් වෙනව නං ඒව අහල හිනාවෙලාම සවර්ගස්ථ වෙන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. වාර්ථාව ගැනනම් කිසිම සදහනක් නැහැ. ඒක සම්පූර්ණ නොකලත් ඇය ලොව වටා ගිය පළමු ගැහැණියයි.

      //අනික තමා බොහෝ ගුවන් ගමන් ගියඇත්තියක් විද්යටඅත්‍යාවශ්‍යම දේවල් ගෙනනොගියා කියන එක ටිකක් විවාදා පන්නයි. //

      අන්න ඒකම තමයි මේක ගැන බොහෝ දෙනෙක් විවිධ මත පල කරන්නේ. කුමන්ත්‍රණයක් අභිරහසක් කියන පදනම් වල ඉදන්.

      හෙහ් හෙහ්, මිනිස්සු හරි දක්ෂයිනේ බං විවිධ හේතුන් හදන්න. මේකත් එන්න එහෙම එක් වෙන්න බැරි නෑ.

      Delete
  2. හ්ම්.................. වෙනස් ම කතාවක්.... මේ විස්තරය ඇහුවේ අදමයි.... මොනවා වුණත් දිරිය ගැහැණියක් කියලයි හිතෙන්නේ.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්තටම. අවසානයේ ඉරණම කොහොම උනත් ඇය විශිෂ්ඨ කාන්තා චරිතයක් විදිහටයි සැලකෙන්නේ.

      Delete
  3. දොස්තර R.L ස්පිටල්ගේ පොතක සඳහන් වන පරිදි ඇය 1937 වසරේ (ඇගේ අවසන් ගුවන් ගමනේ වියයුතුය) ලංකාවට පැමිණෙනවා.ඇය වෙනුවෙන් පැවති පිළිගැනීමේ උත්සවයට ස්පිටල් මහතාට ආරාධනා ලැබුණු බව සඳහන් වෙනවා.

    ReplyDelete
  4. පරිවර්තනය අන්තිම දුර්වලයි. ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රමාණවත් දැනුමක් නැතුව මේ වගේ දේවල් වලට අතගහන්න එපා.

    https://en.wikipedia.org/wiki/Amelia_Earhart

    http://www.history.com/topics/what-happened-to-amelia-earhart

    http://www.history.com/this-day-in-history/amelia-earhart-disappears


    ReplyDelete
  5. මම මෙයා ගැන ඇහුවමයි දිනේෂ්....ස්තූතියි ඒකට...

    ඔය වගේ දෙයක් වුනාම ඉතින් නා නා ප්‍රකාර තියරීස් එලියට එනවනේ.. එකක් හැර අනිත් ඔක්කොම ඉතින් හිතලු තමා....

    උපාලි විජයවර්ධනටත් වෙන්න ඇත්තෙ මොකක්ද ?

    ReplyDelete
  6. ඒ කාලේ කළු පෙට්ටි තියෙන්නේ නැතුව ඇතිද ?

    ReplyDelete
  7. බටහිර කාන්තාවන් ඉතාම ශක්තිමත්. මම හිතන්නෙ ලංකාවෙ තාම ගුවන් යානයක් අරන් යන්න පුලුවන් කාන්තාවක් බිහිවෙලා නෑ. බටහිර කාන්තාවන් හුගක් වෙහෙස වෙලා වැඩ කරනව. නමුත් අතීතයේ පටන් විශේෂ තැනක් ලබාගත් ලාංකීය කාන්තාවට ගෙදරට වී නිදහසේ සිටීමට වරම් ලබා තියනව. නමුත් බටහිර රටවල එහෙම බෑ. කාන්තාවන් කෘෂිකර්මයටත් හුගක් දායක වෙනව බටහිර රටවල. යුද්ධ වලට පවා සහභාගි වෙනව. නමුත් ලාංකීය කාන්තාවන් මේ කිසිත් නොකරන බව කවුරුත් දන්න දෙයක්. බටහිර රටක ගිය ඕන කෙනෙක් දන්නව බටහිර කාන්තාවන් ලංකාවෙ කාන්තාවන්ට වඩා හුගක් ඉදිරියෙන් සිටින බව.

    ReplyDelete
    Replies
    1. ඒ ලංකාවේ පිරිමින්ට වඩා වෙහෙස වෙන්නේ ගැහැණුන් බව ඔබ දන්නවාද?ඔබ ජීවත් වෙන්නේ පිටස්තර ලෝකයකද? ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවරියන් සිටිනවා.

      Delete
    2. ඇනෝගෙ කතාව සහතික ඇත්ත. ලංකාවෙ ඉන්නෙ කැරපොත්තෙක් ගෙම්බෙක් දැක්කත් බයේ බෙරිහන් දෙන ගෑනු. බටහිර රටවල ගෑනු දැන් ISIS ලට ගහනව ඇට්ටි හැලෙන්න. කවුරු මොන බොරු බයිල ගැහුවත් ලංකාවෙ ගෑනු කම්මැලියි. අනිත් රටවල් වලට ගිහින් බලන්න ඕන ගෑනු ඉන්න විදිහ.

      Delete
    3. පාඩ මොකෝ. මේ බලපන් ලංකාවේ ලේඩි පයිලට් ලා

      http://www.island.lk/2010/03/28/business1.html

      http://www.sundaytimes.lk/061210/FinancialTimes/ft310.html

      Delete
  8. මමත් මෙයා ගැන දැන ගෙන හිටියේ නෑ..

    ස්තූතියි අපිටත් මේ විස්තර කිව්වට...

    ReplyDelete
  9. වටිනා ලිපියක්.. ස්තුතියි

    ReplyDelete
  10. ආ...මේ ,මෙයා ගැනනේ මේ කියන්නේ..

    අනේ මමත් ඇත්තටම මෙහෙම කෙනෙක් ගැන අහලා නැහැ බං.මේකෙන් තමයි දැන් ගත්තේ.ගුවන් යානා වලට වෙච්චි අභිරහස් අතුරුදහන් වීම කොච්චර තියෙනවාද ?උඩ සෙන්නයියා කියලා තියන "උපාලි විජේවර්ධන"අතුරුදහන් වෙච්චි "ලියර් ජෙට්"සිදුවීම ගැන කොයි තරම් කතා තියෙනවාද?

    ReplyDelete
  11. නොදැන සිටි කාරණා ගොන්නක්, ස්තුතියි මචං...

    ReplyDelete
  12. ඈ ගැන අහලා තිබුණට මේ තරම් විස්තරයක් දැනගත්තෙ අද.. ස්තූති දිනේෂ් අය්යේ...))

    ReplyDelete
  13. කරුණු විශාල ප්‍රමාණයක් දැනගත්තා..ස්තූතියි..

    ReplyDelete
  14. මම ආසයි මේ වගේ දේවල් දැනගන්න. ස්තූතියි දිනේශ් අය්යා ඔයාට :)

    ReplyDelete
  15. හරියටම අවුරුදු දෙකකින් බ්ලොග් එකකට ගොඩ වැදුනේ කොච්චර වැඩ අතරේ වුනත් හීනි ඉඩක් හදාගෙන කියෙව්වා වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හලෝ කෝරලේ, කොහොමද විස්තර? කාලෙකින් දැක්කේ...

      Delete
    2. මමත් අදමයි මෙයා ගැන ඇහුවේ...ස්තුතියි කිය්ලාඅ දුන්නට. මට මතක් උනේ අර ලෝකේ වටේ බැලුන් එකෙන් ගිය කතාව :) ගමන සම්පුර්ණ කරන්න ලැබුණානම් කොයි තරම් දෙයක්ද

      Delete
    3. මේ MSC එක නිසා සැහෙන්න බිසී වෙලා ඉන්නේ ඒකයි කෙස් එක

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්