Wednesday, 16 March 2016

සැප්තැම්බරයේ දිග දවසක්

මිණිමැරුම් දෙකක ප්‍රධාන සැක කරුවකු වීම ජීවිතයෙ එක් පැත්තකින් අවාසනාවන්තම සිදුවීමකි. ඊටත් වඩා එය ජීවිතය වෙනස් කරවන සිදුවීම් වීම් පෙලකට ආරම්භයක් පමණක්මය. කෙනෙක් සියදිවි නසා ගන්නට පොළඹවන තරමේ වේදනා කාරී සිදුවීමකි. තමන් කොතරම් නිවැරදි වුවත් පැනයා නොහැකි සමාජය තුල වැරදි කරුවකු වී දඬුවම් පමුණුවන සැකයකි.

කමල්, ජීවිතයේ වෙනසක් නොපැතූ කෙනෙකි. එහෙත් වෙනස ඔහු සොයා ආවේ කුණාටුවක් මෙන්ය. ඔහු තරමක් දුර්වලය. මිණිමැරුමකට නොසිතා සම්බණ්ද වීම ජීවිතයෙන් පැන යන්නට තරම් හේතුවක් නොවුවත් සමාජය පෙන්වපු පාර ඔස්සේ ඔහු  පැන යන්නට උත්සාහ කරයි. එය කොතරම් දුරට සාදාරණීය කල හැකිදැයි මා නොදනිමි. නමුත් ඔහු දුර්වලයකුම නොවේය. සැගවී හෝ ජීවිතය පෙන්වන මාවතකට පැන ගන්නට ඔහු තුල කැමත්තක් හා උනන්දුවක් විය. එහෙත් එය පිටතට නොපෙනෙන්නට ඔහු වග බලා ගනී.

සුජාතා කමල්ගේ ජීවිතය වෙනස් කලේ ඔහුට වෙනසක් හා අරමුණක් වුවමනාම වූ මොහොතේය. ඇයත් ජීවිතය පෙන්වන මාවතක පැන යන්නට උත්සාහ කරන ජීවිතෙන් හෙම්බත් වුන තැනැත්තියකි. ඔවුන්ගේ හමුව සාධාරණද, සදාචාරාත්මද යන්න ගැන සිතනවාට වඩා ඒ තුලින් ඔවුන් දෙදෙනාගේම ජීවිත වලට ලැබුන සැබෑ සතුට ගැන පමණක් සිතීම ප්‍රමාණවත් යැයි හැඟේ.

අහඹුවකට ජීවිතය කොයි තරම් දුරකට වෙනස් කල හැකිද? එයට පිළිතුරක් මා සතුව නැත. එයට මුහුණ දී බැලිය යුතුය. එය විද බැලිය යුතුය. සුධීරා හා නදීරා කමල්ගේ ජීවිතයේ එවන් අහඹුවකි. එකිනෙකට බොහෝ සෙයින් දුරස් කාල සීමාවක එකිනෙකට
බොහෝ සෙයින් සමාන අහඹු වෙනස් කමක් කල සිදුවිම් දෙකකි. මිණිමරුවා කමල් නොවන අප නොහදුනනා විල්සන් කෙනකු යැයි සිතීමට සිත පෙළඹුවත්, ' ටාසි' පවසන්නේ කමල් නොදන්නා කමල්ගේ මනෝභාවයදැයි විටක හිතේ.

අහඹුවක් ජීවිතය බොහෝ සෙයින් වෙනස් කරයි. 

***


මෙච්චර වෙලා කතා කලේ අද කියවලා ඉවර කරපු පොත ගැන මගේ හිතට ආව අදහස. ඒ කපිල කුමාර කාලිංග ලියපු 'සැප්තැම්බරයේ දිග දවසක්.' පොතේ මුල පරිච්ඡේද කීපය කියවන් යද්දී මට හිතුනේ මේක තවත් එක රහස් පරීක්ෂක මට්ටමේ කතාවක් විතරයි කියන එක. ඒත් කපිලගේ සියුම් රචනයෙන් කතාව වෙනස් මාවතකට යොමු කලාම මම අගේ ඒ අදහස වෙනස් කර ගත්තා.

ඔවු, මේක කමල්ගේ ජිවිතය ගැන කතාවක්. කමල් ගැන කතාවක්. අහඹුවකට පස්සෙ මිනිස් ජීවිතේ කොයි තරම් වෙනස් වෙනවද කියන එක ගැන කතාවක්. කතාවේ මැදක් වෙද්දී මම හිතන් හිටියේ අන්න එහෙම තමයි. අවසානයට කිට්ටු වෙන්න දෙවනි මිණි මැරුමෙත් සැකකරු කමල් නොවෙන්න මගේ කතාව ගැන තිබුන අදහස මීට වඩා වෙනස් විදිහක එකක් වෙන්න තිබුනා.

කමල්ගේ වචන වලින්ම ජිවිතය කියන්නේ බොහෝම දක්ෂ වේෂ නිරූපන ශිල්පියෙක්. ඒක කොයි මොහොතේ මොන විදිහක වෙනස් කමක් කරනවද කියන එක තේරුම් ගන්න අපි කවුරුත් දක්ෂයෝ නෙමෙයි.

අවසානයේ ඉතුරු වන ප්‍රශ්ණාර්ථය මෙයයි. සුධිරා නදීරා සැබෑ මිණිමරුවන් කවුද?

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සැප්තැම්බරයේ දිග දවසක් ඒ ජීවිත අතරෙම අපිවත් හිර කරවන තරමේ බොහෝම අපුරු  නව කතාවක් කියන එකයි.




24 comments:

  1. Replies
    1. සුරස පොතක්.
      ෆාස්ට් පබ්ලිෂින්..

      Delete
  2. මේකත් එක්ක රිව්ව් දෙකයි.. පොත කියවන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න. මේක සිරා පොතක්. පාඩු නෑ කාලය වෙන් කරලා කියෙවුවා කියලා.

      Delete
  3. නොකියවා නොහැකි වෙන තරමට රිවිව් එක අගෙයි

    ReplyDelete
    Replies
    1. කියවලා අදහසක් ඒ පැත්තෙත් දාන්න. අපි එන්නම් බලන්න.

      Delete
  4. මම ඉස්සෙල්ලම බැලුවේ මොකද මේ දිනේෂ් කමල් කියල නමක් දාගෙන කතාවක් ලිව්වේ කියල :D.

    පොත ගැන ඔත්තුවට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, උඹ හිතුවේ මොකද්ද කියලා මට මීටර් උනේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා.

      කියවලා බලපම්, ඕක මරු.

      Delete
  5. සැප්තැම්බරයේ දිගු දවසක් අතටත් අරන් තියල හිටං පරාක්‍රම ගෙ රෝසමලේ හදවත ගත්තෙ. ඊළග දවසෙ ඒක ගන්නම වෙයි වගේ..
    නැතිව කෝමද මේම පෝස්ටුවකුත් තියෙද්දි...
    සටහන අගෙයි..

    ReplyDelete
  6. දිනේෂ් අයියාගේ හොඳ විචාරයට හාත්පසින්ම වෙනස් පොත කියවන්න හිතෙන්නෙවත් නැති විචාරයක් කියවලයි මේ පැත්තට ආවෙ.. දැන් නම් මුකුත් හිතාගන්න බෑ අප්පා..

    ReplyDelete
  7. පොත නම් කියවලා නෑ. ඒත් අහඹුවකට ජීවිතේ මොන තරම් වෙනසක් කරන්න පුලුවන්ද කියන එකට නම් අත්දැකීම් ඕනේ තරම් විඳලා තියනවා. ඇත්තටම ජීවිතේ වෙනස් වෙන්නේ අහඹු ලෙස වෙන දේවල් නිසා නේද?

    ReplyDelete
  8. කියවන්න වුණේ නැහැ.කියෙව්වාට පාඩුවක් නැහැ කියල විශ්වාසයි නේද.. මෙතුමාගෙ කන්දෙ වීදිය නම් අපේ තාත්තා කියවන්න කියල ඊයේ පෙරේදා මගෙ අතට දුන්නා.තාම ඒක කියවන්නත් බැරි වුණා..

    ReplyDelete
  9. ඔන්න ගන්න ඕන පොත් ලිස්ට් එකට දා ගත්තා!

    ReplyDelete
  10. සැප්තැම්බරයට කලින්වත් කොහොම හරි කියවන්න ඕනි. ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete
  11. බලන්න ඕනේ හොයා ගන්න පුළුවන්ද කියලා.. ඔත්තුවට ස්තූතියි..

    ReplyDelete
  12. කියවන්නෝන එහෙනම්!
    අඩෝ කප්කේක් කාල බොට අමාරුවක් උනේ නෑනෙ? :P

    ReplyDelete
  13. මාත් පොත් ලිස්ට් එකට දාගන්න ඕන :)

    ReplyDelete
  14. මම හිතුවේ දිනේෂ්ගේ රහස් පරීක්ෂක කතාවක් කියලා. :)

    ReplyDelete
  15. "කපිල කුමාර කාලිංග" හොඳට හුරු පුරුදු නමක් වුනත් කපිලගේ පොත් කිසිවක් මම කියවලා නැහැ.
    මේක දා ගන්නම් කියවන ලිස්ට් එකට.

    ReplyDelete
  16. මං හිතුවෙත් මෙයා ලියල කියල :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්