Tuesday, 1 March 2016

ඇගේ මරණය



' එරිකෝ, ඔයා මොකක් හරි වැඩක්ද?'

කාර්යාල කාමරයේ තම සුපුරුදු අසුන මතට වී හිදි එරිකෝ දෙස මද වෙලාවක් බලාසිටි සිම්රන් ඔහුගේ කල්පනාවට භාදා කලේ ඇයට ඔහුගෙන් දැන ගැනීමට අත්‍යාවශ්යම වූ යමක් තිබුන බැවිනි.

' ඇයි සිම්රන්?'

' ඔයා දැක්කද වෝල්ටර් ෆේස්බුක් එකේ අපි දෙන්නව ටැග් කරලා දාලා තිබුන ෆොටෝ එක. '

' ඔව්. ' 



' ඉතින් ඔයා ඒකට කමෙන්ට් එකක් දාලා තිබුනේ නැත්තේ?'

' සිම්රනුත් කමෙන්ට් කරලා තිබුනේ නැහැනේ. '

' රහස් පරීක්ශකයා මම නෙමෙයි ඔයානේ. '

ඇය එරිකෝ වාඩි වී සිටි තැනටම විත් ඔහු දෙස බලා සිටියේ පිළිතුරක් ලැබේවියි අපේක්ශාවෙනි.

' ඉතින්, ඔයාට ඒකට දෙන්න උත්තරයක් නැද්ද?'

' සිම්රන් මොකද හිතන්නේ. එක මිණිමැරුමක්ද? සියදිවි නසා ගැනීමක්ද?'

එරිකෝගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් පැමිණි ඇයට වෙනුවට ඇගෙන් පිළිතුරක් එරිකෝ බලාපොරොත්තු වීම ගැන හිතේ ඇති වුනේ යම් අසතුටකි. සිම්රන් ජංගම දුරකතනයෙන් ඒ ඡායාරූපය දෙස ටික වේලාවක් බලාගෙන සිටියාය.

' මම හිතන්ණේ සියදිවි නසා ගැනීමක්.'

සිම්රන් පැවසුවේ එතරම්ම විශ්වාසනීය බවකින් යුතු ස්වරයකින් නොවන බව තේරුම් ගැනීමට එරිකෝට එතරම් අපහසු නොවීය.

' ඇයි එහෙම කියන්නේ?'

' මටනම් ඒ පින්තූරය දිහා බලලා හිතන්න පුළුවන් එහෙම දෙයක් තමයි එරිකෝ. බලන්න, ඇය අන්තිමේ සටහනක් ඉතුරු කරලා තියෙනවා. සමහරවිට ඒ එයාට එහෙම කරන්න හේතු වුනේ ඇයි කියන එක වෙන්න ඇති. අනික ඒ වගේ තරුණ ලස්සන කෙල්ලෙක් ලගට තුවක්කුවක් ආවේ කොහොමද? සමහරවිට එයා ඒක සියදිවි නසා ගන්න ඕන නිසාම හොරකන් කරන්න හරි, මිලදී ගන්න හරි ඇති. අනික ඇය වැටිලා ඉන්න පැත්තයි බිත්තියේ ලේ පැල්ලමයි මේසයයි තියෙන තැන් අනුව හිතන්න පුළුවන් ඇයට ලියන්න ඕන කරපු දේ ඉවර උනාම ඇය ඇගේ තුවක්කුව ක්‍රියාත්මක කරා කියලා.'

' එතකොට සිම්රන්, තාමත් දැල්වෙන සිගරට්ටුව?'

' සමහර විට අන්තිම මොහොතට කලින් ඇය ආස කරන මැල්බරෝ සිගරට්ටුවක් බොන්න ඇයට වුවමනා වෙන්න ඇති.'

සිම්රන් තමන්ගේ අදහස සාර්ථකව විස්තර කරන් යන අයුරු එරිකෝ බොහෝ උනන්දුවෙන් බලාගෙන සිටියේය. ඒත් ඒ බැල්ම ගැන සිම්රන්ගේ හිතේ  තිබුනේ කුතුහළයකි.

' ඇයි ඔයා හිතන්නේ මම වැරදියි කියලද?'

ඇය එරිකෝගෙන් ඇසීය. කලින් වතාවෙත් ඔහුගෙන් පිළිතුරක් නොලැබුන නිසාම මෙවර ඇය එරිකෝගෙන් පැහැදිළි අදහසක් බලාපොරොත්තු වූවාය. තම සුපුරුදු අසුනෙන් නැගිටි එරිකෝ කාමරයේ ජනේලය අසලට ඇවිදන් ගියේය.

' සිම්රන්, ඇය ලියපු සටනෙන් තීරණයකට එන්න වෙන්නේ ඒක කියවලාම බලලා තමයි. අනික තමන්ගේ මරණෙට හේතුව පැහැදිලි කරන කෙනෙක් පිටු තුන හතරක් එක ගොඩට අර ගන්නේ නෑ. ඒකෙන් තේරෙන්නේ ඇයට ඊට වඩා යමක් ලියන්න වුවමනාව තිබුනා කියන එක. අනික ඇය මැල්බරෝ සිගරට්ටුව දල්ව ගත්තේ ඇගේ අන්තිම මොහොතේ කැමැත්තට නම් ඇයි ඇය එක දිගටම සිගරට් කීපයක්ම දල්වාගෙන හිටියේ. සිම්රන් හොදට බලන්න ඇය කලින් සිගරට් තුනක් බීලා ඉවර කරලා තියෙනවා. මේ හතරවෙනි එක.'

' හ්ම්ම්, ඔවු.'

' ඒකෙන් තේරෙන්නේ ඇය මෙතනට වෙලා පැයක් දෙකක් විතර කාලය ගෙවුවා කියන එක. මේක ඇයගේ පොත් මේසය නෙමෙයි කියලා සිම්රන් හොදටම දකින්න ඇති. එහෙනම් ඇයි ඇය පැයක් දෙකක් මෙහෙම තැනක ඉදන් ඇගේ සටහන ලියන්න ගත්තේ?'

' මට හිතා ගන්න බැහැ.'

' අනිත් කාරණය. අපි ටිකකට හිතමු ඇය සියදිවි නසා ගත්තා කියලා. එහෙනම් ඇය ඒක කරන්නේ කොහොමද? ඇගේ සටහන ලියලා ඉවර වෙලා කණ්නාඩිය ගලවලා තියලා සිගරට්ටුවෙන් තව එක දුමාරක් පපුවට ඇදලා ගත්තට පස්සේ. එතකොට ඇය බලන් ඉන්නේ ඇය ඉස්සරහම තියෙන ජනේලයෙන් එහා පැත්ත. එවෙලේ ඇය තුවක්කුව ක්‍රියාත්මක කලානම් ඇය ඇද වැටෙන්නේ පිටුපසට. ලේ පැල්ලම විසිරෙන්නේ පොලවට. ඒත් දැන් ඇය වැටිලා ඉන්නේ දකුණු පැත්තට. ලේ පැල්ලම තියෙන්නේ දකුණු පැත්තේ බිත්තියේ.'

' එතකොට ඔයා කියන්නේ ඒක මිණිමැරුමක් කියලද?'

' ඔවු සිම්රන්. හොදට බලන්න ඔය පින්තූරේ දිහා. කලිනුත් මම කිවුව වගේ මේ ඇයගේ පොත් මේසය නෙමෙයි. නමුත් මෙතන පොඩි විශේෂත්වටක් තියෙනවා. ඇය ඉන්න තැනට දෙපැත්තෙන්ම ජනේල තියෙන නිසා ඇයට අවට වෙන දේවල් ගැන අවදානයක් ගන්න හරිම පහසුයි. ඒකෙන් අපිට  හිතා ගන්න වෙන්නේ ඇය කවුරු හරි බලාපොරොත්තුවෙන් හිටියා කියන එක. ඒ කවුද කියන එක ගැන තීරණ කරන්න පුළුවන් වෙන්නේ ඇය ලියමින් හිටිය සටහනින්. ඇයට මේ අනතුර කලින්ම දැනුනා වෙන්න ඇති.'

' කලින් බීලා ඉවර කරපු සිගරට් වලින්ම තේරෙනවා ඇය ඒ කෙනා ඒවියි කියලා හුඟක් වෙලා බලාගෙන හිටියා කියන එක. ඇගේ සටහන ඉවර කලා හෝ නොකලා ඇය එතනින් නැගිටින්න තීරණය කරන්න ඇති. ඒකයි ඇය මේස ලාම්පුව නිමා දමල වයර් එකත් ගලවන්න ඇත්තේ. ඒත් ඇය කොච්චර පරිස්සම් උනත් එක තැනකදි ඇයට යමක් මග ඇරුණා.'

' ඒ මොකද්ද?'

' ඇගේ මිණිමරුවා ඇය දිහා ඊට වඩා හොද නිරීක්ෂණයකින් ඉන්නවා කියන එක. අපි හිතමු මොනම විදිහකින් හරි ඇයට හොරෙන් ඇගේ මිණිමරුවා ගෙට ඇතුළු උනා කියලා. ඒත් ඔහුට ක්‍රියාත්මක වෙන්න අමාරුයි. ඒ ඇයි? ඇය ඉන්න ජනේල දෙකකින්ම පිටත හොදින් පේන තැනක. මේස ලාම්පුවේ එළියත් එක්ක ඔහු ක්‍රියාත්මක වුනානම් සමහර විට පිටත් ඉන්න කෙනෙකුට හරි අසල්වැසියෙකුට හරි මේක දකින්න තියෙන ඉඩ කඩක් තිබුනා. ඉතින් ඔහු හොදම වෙලාව එනකන් බලාගෙන හිටියා. මේස ලාම්පුව නිමලා මොහොතකින් ඔහුට ඒ වෙලාව උදා වුනා. ඒත් ඇය ඒක දැන ගනිද්දී ප්‍රමාද වැඩියි. ඇය තුවක්කුව ක්‍රියාත්මක කරන්න කලින් ඔහු ක්‍රියාත්මක වුනා.'

' ඒ කියන්නේ ඇය හොදින්ම දන්නම කෙනෙක්ද?'

' බොහෝ දුරට ඔවු. ඇය මෙතනට වෙලා හුඟාක් වෙලා ඔහු අපේක්ශාවෙන් ඉන්න ඇතියි කියලා මම කියන්නේ ඒකයි. ඒත් ඒ කෙනා එද්දී ඇයට තුවක්කුව අර ගන්න වෙන්නේ ඇගේ නුහුරු අතට. ඇයට වැඩි අවාසියක් වෙන්නේ අන්න එතනින්'

' ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ?'

' බලන්න සිම්රන් සටහන් කොලය උඩ ඇය පෑන තියලා තියෙන්නේ වම් අත පැත්තෙන්. ඒ කියන්නේ ඇය ලියන්නේ වමතින්. අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයට වඩා හුරු වමත කියලා. අනික ඕනම කෙනෙක් සිගරට්ටුව දල්වගන්නේ තමන්ගේ වඩාත් හුරු අතට. මේක සියදිවි නසා ගැනීමක් වුනානම් ඇගේ තුවක්කුව තියෙන්න ඕන වමතේ.'

' එතකොට කවුද ඇගේ මිණිමරුවා? ඔයාට ඒක විසදන්න පුළුවන්ද?'

' සිම්රන්, ඒ දේ තීරණේ වෙන්නේ ඔයාව මාව නිර්මාණය කරලා මේ කතාව ලියන මනුස්සයා අනුව. අපි එතකන් කෝපි එකක් බොමුද?'


                                                                                                            

58 comments:

  1. එතකොට මිනීමරුවා හොයාගන්න පුලුවන් වෙන්නේ දිනේෂ්ට විතරයි. හැක්.

    එක් කෙනෙක් වටින් ගොඩින් නිරීක්ෂණය කරනකට අනිත් කෙනේ ඇතුතින් සියුම්ව හිතලා හොද හෝඩුවාවක් හොයා ගන්නවා.
    ලස්සන කතාවක් මචන් ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මම ඉතින් එහෙමම කියන්නේ නෑ. කතාව දිගට ගොතන්න හිතුනොත් ඉතින් ඔයිට වඩා දෙයක් ලියන්න බලනවා.

      මතුපිට පේන දේට වඩා ගොඩක් දේවල් බලාගන්න පුළුවන් අපි යමක් දිහා කල්පනාවෙන් බැළුවොතින්.

      Delete
    2. මගින් නවත්තන්න එපා දිගටම ලියන්න.

      Delete
    3. වෙලාව හරස් වෙන එකනේ ඔක්කොටම වඩා ප්‍රශ්ණේ. එහෙම වෙද්දි අයිඩියා අමතකයි.

      Delete
  2. උඹ අර ෂර්ලොක් හෝම්ස් ගේ නෑයෙක් ද...ගෝලයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් නෙමෙයි බං අහපන් චන්දන මෙන්ඩිස් ගේ නෑයෙක්ද කියලා... :)

      Delete
    2. විභීෂණ, ගෝලයෙක් බං ගෝලයෙක්.

      Delete
    3. ලොකු පුතා, හෙහ් හෙහ්, ඒකනම් කියන්න බෑ ඉතින් දුරින් හරි නෑයෙක්ද කියලා.

      Delete
  3. හොඳ කතාවක් මචං...
    අන්තිම කොටස නොතිබ්බනම් හොඳයි, එතනින් කතාවට පොඩි අගතියක් වෙනවා වගේ මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අන්තිම කොටස බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ ශෛලියෙන්!

      Delete
    2. ලොකුපුතා, ඒක මම නිකමට වගේ දැම්මේ. මොකද කලින් එරිකෝ කතා වගේ මේක පරීක්ෂණයක් කරන්න අදහසක් ඔළුවේ නොතිබුන නිසා.

      Delete
    3. රසික අයියේ, ඔන්න ඉතින් මට හොයලා බලන්න හිතෙන කෙනෙක්ගේ නමක් ලියවිලා.

      Delete
  4. හරි ලස්සනයි දිනේශ් අයියා, ඔයා කොනන් ඩොයිල්ගෙ කවුරු හරිද????

    ReplyDelete
    Replies
    1. කොනන් ඩොයිලිගේ අඩි පාරේ යන කෙනෙක්.

      Delete
  5. දිනේෂ් කොනන් ඩොයිලි

    ReplyDelete
    Replies
    1. 'සර්' කෑල්ලත් දැම්මනම් අතින් පයින් යනවද බොල.

      Delete
  6. මට අහන්ට ඕනි ප්‍රශ්නේ අනික් අය අහලා...

    හැබෑට ඔයා ෂර්ලොක් පරම්පරාවේ කෙනෙක්ද? :P

    ReplyDelete
    Replies
    1. අපි ඕනිනම් එරිකෝ ශර්ලොක් හෝම්ස් පරම්පරාවේ කෙනෙක් කරමු. මොකද කියන්නේ. ;)

      Delete
  7. පට්ට....... ඒ කියන්නේ ෂර්ලොක් හෝම්ස් කතාවක්.....

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර ඒ වගේ.

      Delete
  8. දෙපැත්තෙන්ම ජනේල නැත. තියෙන එකම ජනේලය ැතුලින් හොඳින් වසා ඇත. ලේ ඵැල්ලම අසල ඇත්තේ කණ්ණාඩියකි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද නිරීක්ෂණයක්. එහෙනම් අපි මෙහෙම හිතමු කණ්නාඩියෙන් ඇය ගෙට ඇතුළු වෙන කෙනෙක් ඈ ලගට ඒවිද කියලා අවදානයෙන් හිටියා කියලා.

      Delete
    2. රසිකොලොජි:
      මට නම් හිතෙන්නේ ඒක චිත්‍රයක් . කණ්නාඩියක කණ්නාඩිය කෙලවරෙන්ම පටන් ගන්නවා ඔය වගේ ලොකු මාජින් එකක් නෑ

      Delete
    3. උඹටත් බලාගෙන යද්දි හොද ඇහැක් තියෙනවනේ.

      Delete
    4. ඒ වගේම ලඟින් ගියොත් ඇහැක් නෑ .

      Delete
    5. එහෙනම් තත්වේ භයානකයි.

      Delete
  9. වොට්සන් මේක මිනිමැරුමක්.

    මිනීමරුවා ඇයට ලිංගික අතවරක් කර නැති බව ඇඳ සිටින කොට කලිසම එළෙසම තිබීම නිසා ඛිව හැකියි. නමුත්, වැටුණු බංකුව, ගැලවුණු මේස ලාම්පුවේ වයරය සහ එක සපත්තුව නිසා පෙනෙන්නේ මෙතැන යම් පොර බැදුමක් වී ඇති බවයි.

    මේ තනිකලාමරය ඉන්නා ගවේෂණාත්ම පුවත්පත් වාර්තා කිරියක්. ඇය ලියමින් සිටියේ රජයේ ලොක්කෙකු ගේ දුෂණයක් ගැන වාර්තවක්. විපක්‍ෂ දේශපාලකයෙකුගෙන් හොරාගත් පිස්තෝලයකින් ඇයව මරා දැමූ ආමි/නේවී එරංග නම් පාතාලයා පිස්තෝලය ඇගේ නුහුරු අතේ තබා පලා ගොස් තියෙනවා!

    Elementary!

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨයි හෝම්ස්.

      ඒත් ඒ පොරබැදීමෙන් කාමරේ අනික් දේවල් අවුල් වෙලා ගිහින් නෑ. හරි අපි හිතමු මේක සියදිවි නසාගැනීමක් කියලා අඟවන්න ඕන නිසා ඒවා පිළිවෙලට කලා කියලා. ඒත් හෝම්ස් කියන විදිහට ඇය ලියමින් ඉදියේ එවැනි වර්ථාවක් නම් ඇයි ඔවුන් ඒක දමා ගියේ?

      Delete
    2. Elementary Watson,

      ඇය ලියු වාර්තාව ආමි/නේවී එරංග නම් පාතාලයා රැගෙන ගියා. මේ හොර අත් අකුරෙන් ලියූ විපක්‍ෂ දේශපාලකයාට වරද පටවන වාර්තාවක්.

      ඒ කියන්නේ කූඨ ලේඛනයක්.

      Delete
    3. විශිෂ්ඨයි හෝම්ස්.

      ලෙස්ට්‍රඩ් ලවා අත් අකුරු පරීක්ශා කරානම් අපිට මිණිමරුවා ගැන හෝඩුවාවක් හොයා ගන්න තිබුනා.

      Delete
    4. වැරදිලාවත් ගස්ලබ්බගෙ කාමරේ දැක්ක නම් කියන්න වෙන්නෙ ඒක 'පොර පිටියක්' කියල තමා.. හෙහ් හ්හෙ

      Delete
    5. එහෙනම් මර්ඩර් කේස් දෙක තුනක්ම ලෙසියෙන් හන්ගන්න පුළුවන් ඇති.

      Delete
  10. මේක මිනීමැරුමක් .... වෙන්න ඕන දිනේෂ් ....
    තවත් ලස්සන කතාවක් ....

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙ නම් මේක මිණිමැරුමක් කියලා. සියදිවි නසාගැනීමක් කියලා හිතන්න තියෙන කරුණු ටිකක් අඩුයි.

      මේක මේ අහම්බෙන් ෆේස්බුක් එකේ දැක්ක ෆොටෝ එකක්. හදිස්සියේ ඔළුවට ආව දේ ලියලා දැම්මා

      Delete
    2. දිනේෂ්ගේ ඔලුවට එන්නෙත් මාර අයිඩියාස් තමා..
      පොටෝ එකකින් මෙච්චර දුර ආවයි කියන්නේ ලොකු දෙයක්.

      Delete
    3. ෆොටෝ එක දැක්කම ඉබේම වගේ හිතුනේ ඔය ටික. අනික ෆොටෝ එකෙන්ම එහෙම හිතන්න පොළඹවනවනේ.

      Delete
  11. මේ පිංතුරේ FB එක තිබුනනේ. උඹ ඒක ලස්සන රහස් පරික්ෂක කතාවක් කරලනේ.

    ReplyDelete
    Replies
    1. මට ඕක දැක්ක ගමන් ඉතින් එක එක දේවල් ඔළුවට ආවා. කොටින්ම මුල් ටික ලිවුවෙත් වැඩ කරන අස්සේ.

      Delete
  12. මට හිතෙන විදියට මේ කෙනා පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන් ශරීරය දිහා බැලුවම පේන්නේ නෑ ඇය වාර්තාකාරියක් හෝ යම් පොස් ජොබ් එකක් කරන බවක්. කාමරය පිළිවෙලට තියෙන නිසා ද්‍රග්ස් ගන්න කෙනෙක් කියලා හිතන්නත් බෑ. මල් පෝච්චිය හෙල්ලිලාවත් නෑ ලස්සනට තියෙනවා. ටේබල් ලෑම්ප් එකේ වයර් එකක් ගලවලා දාලා. මට හිතෙන්නේ ඕක ලේ පැල්ලමක් නෙමේ. ගාබේජ් එකේ තියෙන බෝතලේ ගැන සැකයි. ඒකෙ ඔය රතුපාට දියරය තිබුණා වෙන්නත් පුළුවන්. ඒ පල්ලමේ උඩ හරිය ලා පාටයි පහතට වෙන්න ටිකක් තද පාටයි. ඒත් ලේ වැක්කෙරුනොත් ඔහොම පාට වෙනස් වෙන්නේ නෑ අනික ඔය පිස්ටල් එකෙන් වෙඩි තියාගත්තා නම් හෝ තිබ්බා නම් ඔය වගේ එක තැන ලොකු ලේ පැල්ලමක් හිටින්නේ නෑ හාත්පස විසිරුණු බිංදු වගේ වෙන්වුණු ලේ පැල්ලමක් හිටින්නේ. මට නම් හිතෙන්නේ මේක නිකම්ම නිකම් චිතයක් විතරයි මිනීමැරුමක් නෑ. කවුරුත් මැරිලත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ හොද අදහසක්. ලේ පැල්ලමේ පාට ගැන කියපු දේ එක්ක එකගයි. එත් හොදට බලපම් කෙල්ල වැටිලා ඉන්න තැන ඔළුව හරියෙ බිම රතු පාටට සළකුණු තියෙනවා. ඒ ගැන මොකෝ කියන්නේ??

      Delete
    2. ඔව් මාත් ඒ ගැන හිතුවා, ඇය රතු කොණ්ඩයක් තියෙන රුසියානු ඇති තැනැත්තියක් වෙන්නත් පුළුවන්, ඒත් බෙල්ල දිගට තියෙන මාර්ක් එක දැක්කම එහෙම හිතන්නත් බෑ. ඇය කාන්තාවක් නම් ඔය සිගරට් වර්ගය බොනවා කියන්නේ ඇය තමන්ගේ හිතුමනාපෙට ජීවත්වෙන කෙනෙක් වෙන්න ඕනේ, මල්බරෝ රතුපැකට් එක පාවිච්චි කරන ගොඩක් මං දැකලා තියෙන ගෑනු අය ඩිවෝස් එහෙම නැත්තන් හස්බන්ඩ් ව බය කරගෙන ඉන්න අය. හි හි

      Delete
    3. හෙහ් හෙහ්. එහෙනම් අපි මෙහෙම හිතමු. මෙච්චර කල් බය වෙලස් හිටිය හස්බන්ඩම වෙඩි තිබ්බා කියලා. කෙස් එක ක්ලෝස්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මම මේක මිනී මරුමක් කියලා හිතුවෙ කොහොමද දන්නවද? එයා සියදිවි නසා ගත්තා නම් කොකා ගැස්සුවට පස්සෙ ඇඟිල්ල එළියට ගන්න ලැබෙන්නෙ නැහැ. ඊට කලින් ඇය මිය යනවා. නමුත් මේකෙ කොකා ගස්සන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවක් පේන්නෙ නැහැ. නිකන්ම පිස්තෝලෙ අතට අරන් විතරයි.

    ඒ මට හිතුන හැටි.. මම වැරදි නම් නිවරදි කරත්වා!

    ReplyDelete
  15. මටත් හිතෙන විදියට මේක මිනී මැරුමක්.

    ReplyDelete
  16. හප්පේ... මම ඊයෙ හවස එරිකොට කිව්වා බන් මේක මිනීමැරුමක් වෙන්නම ඕනෙ කියලා. ඕකා ඉතින් ඔච්චර පැහැදිලි සාක්කි තියෙන පොටෝව සිම්‍රන්ට පෙන්නලා ඩෑල් එක වෙන්ඩ යනවා.

    (පට්ට ඉරිසියයි යකෝව්! මේක දැක්කම මට ආවෙ නෑනෙ පෝස්ට් එකක් ලියන්න අයිඩියාවක්. ශෙහ්!)

    ReplyDelete
  17. ඔය දකුනත් වමත් කතාව ප්‍රතික්ශේප කරනවා.හැම එකාම කියන්නේ මම වමත් කාරයෙක් කියලයි.ඒත් වමත හුරු කාරනා 5දී විතරයි.අනිත් හැම එකක්ම කරන්නේ දකුනින්.

    කතාව එළ....

    ReplyDelete
  18. මේක සියදිවිනසාගනීමක්....

    මේ පුද්ගලයා දකුණු අතින් ලියන කෙනෙක්. එයා ලියපු ලියුමේ අන්තිමට අත්සන් කරලා තියෙනව පෙනේවි හොඳින් බැලුවොත්. දකුණු අතින් ලියන කෙනා පෑන තියන්නේ තමුන්ගේ හුරු අත දිහාවට තුඩ පැත්ත හිටින්න. එහෙම තිබ්බම තමයි ආයෙත් පෑන අල්ලන්න ලේසි. කන්නාඩි දාන උදවිය කන්නාඩි දෙක ගලවන්නෙත් හුරු අතින්. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ ලියුම ලියල පෑන තියල කන්නාඩි දෙකත් ගලවල තියල තමයි සිගරට් එක පත්තු කරන තියෙන්නේ. මෙයා තදින් සිගරට් බොන කෙනෙක්. මල්බෝරෝ රෙඩ් බොන්නේ තද රළු ගති තියන හෙවී ස්මෝක් කරන උදවිය. ලියුම කියල තියල ජනේලයට පිටුපාල වාඩිවෙලා හිතේ තියන ආතතියට සිගරට් ඒකත් පත්තු කරගෙන තමයි වෙඩි තියාගෙන තියෙන්නේ. පිස්තෝලෙන් එලියට විසික්වෙන පතුරම් කොපුව කන්නාඩි දෙක ගාවටම වැටෙන්නේ එයා ජනේලයට පිටුපාල වාඩි වෙලා වෙඩි තියාගත්තු නිසයි. එයා මැරිලා වැටෙද්දී අත වැදීමෙන් තමයි ටේබල් ලෑම්ප් එකේ ප්ලග් එකේ ගැලවෙන්නේ.

    ReplyDelete
  19. මාල්බරෝ බං.

    ඒ වගෙම ඔය තුවක්කුවෙන් පත්තු වෙච්ච වෙඩිල්ලක්ද කියලා බැලස්ටික් කාරයෝ හොයාගනී. එතකොට තුවක්කුව අල්ලපු අතේ වෙඩිබේත් ගඳත් පොඩ්ඩක් ඇති. අනික තමන්ම වෙඩි තියාගත්තාම point blank range එකේ ඉඳලා වදින නිසා වෙඩි පහර ඇතුල්වෙච්ච තැන පිළිස්සුම් වගේ තියෙනවා. ඒක ඈත ඉඳලා තියපු වෙඩිල්ලකට වඩා වෙනස්.
    එයා සිගරට් බොන්නේ මොන අතෙන්ද කියලා ඇඟිලි බැලුවම කිව්වැකි නිකටීන් පැල්ලම් වලට කහ ගැහිලා තියෙන නිසා නියපොත්තත් එක්කම.

    ReplyDelete
  20. අම්මට සිරි කිව්වලු...
    අර පෙරලිච්ච පුටුව ගැනත් මොකක් හරි කිව්වනම් මරේ මාරු

    ReplyDelete
  21. නියමයි... මටත් දැනුනෙ හරියට ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක් කියෙව්ව වගේ.

    ReplyDelete
  22. මට ෂර්ලොක් වොට්සන්ට පරීක්ෂණයක් පැහැදිලි කරනවා වගේ තේරුනේ...නියමයි...

    ReplyDelete
  23. ඔය කලේ ෂර්ලොක් හෝම්ස් අපූරු වැඩක්.හරිම අසාධාරණයි බං.

    ReplyDelete
  24. ආයෙත් ක්‍රිමිනල් මයින්ඩ් සෙල්ලම් කරන්න හිතුනා!

    ReplyDelete
  25. මම මේ බැලුවේ ඇයි මේ ඇය එක සෙරෙප්පුවක් පමණක් කියා.

    එහෙනම් එරිකෝ කෝ ඇගේ අනෙක් සෙරෙප්පුව ?

    ReplyDelete
  26. මිනීමරුව ඔයාද කියල මැටි ප්‍රශ්නෙ අහන්නෙ නැතුන් ඉන්නම්. චිත්‍රය කොහෙන්ද ගත්තේ? කදිමට ලියලා. ඉක්මනින් ඉතුරු කොටස කිය්වන්න ලැබෙයිනෙ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්