Tuesday, 23 February 2016

ෆ්‍රැන්කන්ස්ටයින්, හුදෙක් මිත්‍යාවක් පමණක්මද?



ෆ්‍රැන්කන්ස්ටයින් ගැන නොදන්නා කෙනෙන් නැතිව ඇතියි කියලා මම විශ්වාස කරනවා. ඒ, ලොව ප්‍රචලිත වුන නව කතාව කියවූ අය නැතත් ෆ්‍රැන්කන්ස්ටයින් ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටි අතරින් එකක් හෝ මෙය කියවන ඔබ අනිවාර්යෙනම නරඹා ඇති. ඇත්තටම ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ කවුද? ඔබ මම දන්නා දේ තමයි ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ අරුම පුදුම විද්යාඥයකුගේ විශ්මිත නිමැයුමක් කියන එක. මිනිසා විසින් තව කෙනෙකුට ජීවයක් ලබා දෙන්න කරපු ඒ අද්වීතීය සොයා ගැන්ම.

ෆ්‍රැන්කන්ස්ටයින් මේ ලෝකයට එන්නේ මේරි ගොඩ්වින් ශැරල් විසින්
මේරි ශැරල්
1816ත් 1817ත් අතර කාල වකවානුවේ ලියවුන නවකතාවක් තුලින්. ඒ කියන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ 21ක් හැවරදි තරුණියක් වන මේරි ශැරල්ගේ හිතේ මැවුන එක් චරිතයක් විතරක්මද? ඇය විසින් ලියන ලද නව කතාවේ සදහන් වන ආකාරයට වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කියන විද්යාඥ
යා තමයි මිනිස් ශරීර අවයව කොටස් එකතු කරලා විද්‍යා දැනුනම තුලින් පණ උපද්දවන මේ මිනිසාට ෆ්‍රැන්කන්ස්ටයින් කියන නම දෙන්නේ. මේ අරුම පුදුම විද්යාඥ
යා ඇගේ හිතේ මැවුන හිතලුවක්ද, එහෙමත් නැත්නම් ඇයට ඇගේ මේ නවකතාවට පසුබිම සපයන්න විද්යාඥයෙක් ඇය දැනන් හිටියද?

***

1803 ජනවාරි 07 වන දින ජෝර්ජ් ෆොස්‍ටර් ලන්ඩනයේ නිව්ගේට් බන්ධනාගාරයේ තමන්ට විරුද්ධව තිබූ නඩුවේ අවසන් තීරණය වූ මරණ දඬුවම ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. ඒ තමන්ගේ බිරිද හා දරුවන් දෙදෙනා මරා දැමුවාය කියන චෝදනාවට. කෙසේ නමුත් ඔහු තරයේ කියා සිටියේ තම බිරිදගේ හා දරුවන්ගේ මරණයන්ට ඔහුගේ සම්බණ්දයක් නොමැති බවයි. නමුත් ඔහුගේ බීමත් කම හා පවුල තුල වූ ප්‍රශ්ණ නිසා අවසානයේ තීන්දුව ඔහුට විරුද්ධව සටහන් වුනා. නමුත් ඔහුට ලැබුන දඬුවමේ තරම විශේෂත්වයක් තිබුනා. ඒ එල්ලා මරා දැමිමට අමතරව ඔහුගේ සිරුර කොටස් වලට වෙන් කරන ලෙසයි. එසේ කිරීමේ අරමුණ වුනේ යලිත් එවන් අපරාධයකට කෙනකු යොමූ වීම වැලැක්වීමයි.

ජෝර්ජ් ෆොස්ටර් ඔහුගේ අවසන් මිනිත්තු කීපය ගත කලේ බියෙන් තැති ගැන්මෙන්. ඒ ඔහුගේ මරණය අනිත් හැම මරණ දඬුවමකටම වඩා වෙනස් වෙන නිසා. නමුත් ෆොස්ටර්ට වඩා අනිත් හැම කෙනෙක්ම මේ දඬුවම දිහා බලාගෙන හිටියේ බොහොම උනන්දුවකින්. 1803 ජනවාරි 17 ඒ අවසන් මිනිත්තු කීපය ගෙවිලා ගියා.

ජෝර්ජ් ෆොස්ටර්ගේ කොටස් වලට වෙන් කරල නල මළ සිරුර ලැබෙන්නේ ඉතාලි ජාතික වෛද්‍ය සිසුවෙකුට. ඔහු නමින් ජොවන්නි අල්දීනි. ඔහු වෛද්‍ය විද්‍යාල‍යේ තම මිතුරන් අතර ජනප්‍රිය වී සිටි අයෙක්. අනික් හැම කෙනෙක්ම ඔහුට පැවසුවේ පරිපූර්ණ මළ සිරුරක් ලැබුනොත්
ජොවන්නී අල්දීනි
ඔහු ඒකට පණ දෙන්න උත්සාහ කරාවි ලෙසිනි. තම මිත්‍රයන් තමන්ගේ මේ යලි පණ දීමේ අදහස එක හෙලාම ප්‍රතික්ශේප කරන බව ඔහු දැනන් හිටියා. මේ අදහස ඔහුට ආවේ ඉබේම නෙමෙයි. ඉතාලියේ බොලොන්යා නගරයේ බොලොන්ය සරසවියේ දක්ශ වෛද්‍ය වරයෙක් හා විද්යාඥයෙක් වූ ලුයිජී ජොවන්නී ගේ බෑනා කෙනෙක් තමයි ජොවන්නී අල්දීනි. ඔහුගේ මාමා එහෙමත් නැත්නම් ලුයිජී ජොවන්නි කාලයක් පුරාම විද්යුත් සම්ප්‍රේශ්ණය මගින් විවිධ වූ සතුන්ට යලි පණ ලබා දීමේ පර්යේෂණ වල යෙදි සිටි අයෙක්.

දශකයකටත් වැඩි කාලයක් ලුයිජී මැරුණ ගෙම්බන්ගේ ශරීර කොටස් අද්‍යනය කරමින් මියගිය සිරුරට යලි පණ දීම ගැන අධ්‍යනය කරලා තියෙනවා. ඔහු මෙහිදී වඩා අවධානය යොමු කරලා තියෙන්නේ ගෙම්බන්ගේ පාදයන්ට විදුලිය ස්පර්ශ කල විට එය යම් සෙලවීමකට ලක් වන බවත්, ලෝහමය කැබලි ශරීර කොටස් හා මුසු කිරීම මගින් හිසේ සිට පාදය දක්ව විදුලිය ධාවනය කල හැකි බවත්ය. මෙය නිසි ආකාරයෙන් සිදු වුනොත් ජීවය ලබා දීම කල හැකි බව ඔහුගේ විශ්වාසය වුනා.

නමුත් ලුයිජිගේ මරණය තෙක්ම ඔහුට ඔහුගේ පරීක්ශණයේ අවසන් ප්‍රතිඵලයක් දැක ගන්න බැරි වෙනවා. තම මාමා වගේම වෛද්‍ය විද්‍යාව ගැන උනන්දු වුන ජොවන්නී, ලුයිජිගේ පර්යේශ‍යනයන් තව පියවරක් ඉදිරියට ගෙන යනවා. ඒ ඌරන්, ගවයන් හා බැටළුවන්ට විද්‍යුතය සම්ප්‍රේශණය කිරීමෙන්. ඒ තුලින් යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් ඔහු ඒ ගැන සෑහීමකට පත් වුනේ නෑ. ඔහුට වුවමනා වුනා මේ පර්යේශණය සදහා මිනිස් සිරුරක් ලබා ගන්න. ඔහුගේ ඊලග ඉලක්කය වුනේ මරණ දඬුවම ලැබෙන තුරු බලා සිටින සිරකරුවන්. බොලොන්යා වල මරණ දඩුවම වුනේ හිස ගසා දමීමයි. ඒ නිසා ජොවන්නී කලේ බොලොන්යා වල පියස්ස මජෝරේහි සැගවී හිද එලෙස මරා දැමු අයගේ සිරුරු සොයා ගැනීමයි. නමුත් මෙය අසාර්ථක වූයේ ඔහුට මළකඳන් සමගින් හිස හමු නොවීමත්, එසේ නොමැති වීමෙන් සිරුරට යලි පණ දීම කල නොහැක්කක් වූ නිසාවෙනි.

නමුත් ජෝර්ජ් ෆොස්ටර්ගේ මණණය ඊට වඩා වෙනස් එකක් වුනා. ඒ ජොවන්නී එංගලන්තයේ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලය නිසාම එල්ලා මැරීමෙන් පසු කොටස් වලට වෙන් කරනු ලැබූ සම්පූර්ණ සිරුර විද්‍යාලයට ලැබුනේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන්. රාජකීය වෛද්‍ය විද්‍යාලයට ලැබුන ෆොස්ටර්ගේ සිරුරට ඉස්සෙල්ලම අවධානය යොමු කලේ ජොවන්නී. ඔහු මුලින්ම කලේ ෆොස්ටර්ගේ දෙපා, අත්, පපුව හා නළලට ඉලෙක්ට්‍රෝඩ අමුණා සවි කිරීමයි. ජොවන්නී තම යන්ත්‍ර ක්‍රියාත්මක කර ලීය. පළමු උත්සාහයේදීම මියගිය ෆොස්ටර්ගේ හකු සෙලවුන අතර යාබද මාංශපේශීන් චලනයටත් ඔහුගේ වම් ඇස විවර වීමත් සිදු විය.

ජොවන්නීගේ මේ ක්‍රියාව දෙස බලාසිටි බොහෝ දෙනකුට මෙය හැඟූනේ ෆොස්ටර්ගේ සිරුර මත ජීවය යලි උපදින දර්ශණයක් විලසිනි. ජොවන්නී ඔහුගේ උත්සාහ පැය කීපයක් පුරාවටම පවත්වාගෙන ගියත් එය අතර මග නතරවන්නේ ඔහු ෆොස්ටර්ගේ සිරුරට ඉලෙක්‍ට්‍රෝඩ ලබා දුන් උපකරණ වල බැටරිය නිමා වීම නිසාවෙනි. ෆොස්ටර්ගේ සිරුර තුල වු බොහෝ විපර්යාසයන් මෙන්ම චලනයන් ඒ මොහොතේම නතර විනි.

ජොවන්නී අල්දීනිගේ මේ පරික්ශණය මුළු ලන්ඩනය පුරාවටම ඉතාමත්ම වේගයෙන් ප්‍රචලිත වෙලා යනවා. නමුත් ජොවන්නී ලන්ඩය හැර යන්න තීරණය කරන්නේ තම අසාර්ථක වූ පරීක්ශණයේ වැරද්ද ක්‍රියා විරහිත වූ බැටරිය මතට පටවමින්.

***

ජොවන්නී අල්දීනිගේ මේ විශ්මිත පර්ක්ෂණය ඇසින් දුටුවක් තමයි ඇන්තනි කැර්ලීසෙල්. කැර්ලිනීස් ඔහු අත්විදි මේ අපූර්ව අත්දැකීම ගැන ඔහුගේ සමීපතමයින් සමග අදහස් හුවමාරු කර ගන්න බොහෝ උනන්දු වුනා. ඔහු එලෙස අදහස් හුවමාරු කර ගත් සමීපයෙන් වූයේ විලියම් ගොඩ්වින්. ඔහුගේ දියණිය මේරි තම අනෙක් සහෝදරයන් හා එක්ව මේ අපූර්ව කතා අසා ඉදීමට ආශා කලා. එය ඇගේ දෙමවුපියන් තහනම් කර තිබුනත් ඇය ඒවාට සවන් දුන්නේ රහසින්.

ජේම්ස් ෆොස්ටර්ගේ සිරුරේ සිදුවූ චලනයන්, ඔහුගේ විවර උන ඇස, යලි පණක් ලබා ක්‍රියාත්මක වූ ඔහුගේ අත් ගැන බොහෝ අපූරු විස්තර කැර්ලීසෙල්ගේ මුවින් පිටවුනා. අල්දීනිගේ විදුලි උපකරණ හා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන වූ විස්තරත් ඒ අතර වුනා. සැබැවින්ම කැර්ලිස් ඔහුගේ ඒ විස්තර කිරීම තුල අමරණිය බව ගැන ඔවුන් එදා අත්විදි දේ තුලින් විස්තර කලාද? එහෙමත් නැත්නම් විද්‍යාත්මක දැනුම තුලින් ස්භාව ධර්මයේ නියාමයන්ට අභියෝග කල හැකි බව ඔහුගේ ඒ විස්තර කිරීම් තුලින් කියවුනාද?

කැර්ලීස්ගෙන් එම ප්‍රශ්ණ කිසිවෙක් ඇසූ බවට සාක්ෂි නැතත්, ජොවන්නී අල්දීනි ලන්ඩනය හැර යාමෙන් පසුව ඒ ගැන උනන්දු වූ බවක් සදහන් වුනේ නැතත්, ඒ ගැන උනන්දු වූ එක් කෙනෙක් හිටියා. ඒ තමයි විලියම් ගොඩ්වින්ගේ නිවසේ ඉදන් මේ කතා අහගෙන හිටිය මේරි. මේ සිදුවිමෙන් වසර කීපයකට පසුව මේරි ඇගේ නවකතාව තුලින් අල්දීනිගේ පරීක්ෂණයන් තම මනසින් ඉදිරියට අරගෙන යනවා. මේරි ගොඩ්වින් ශැරලි, ජොවන්නී අල්දීනි වෙනුවට තම පරීක්ෂණය ජයගත් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ චරිතය ඇගේ නව කතාව තුල නිරූපණය කරනවා. ඔවුන් දෙදෙනාටම තිබුනේ විද්‍යාව තුල නව මං පෙත් සොයා යාමේ උනන්දුවක්. ඔවුන් දෙදෙනාම කලේ විද්‍යාව තුල තහනම් වූ දැනුම ඉදිරියට ගෙන ඒමට උත්සාහ ගැනීමයි. ඒ නිසාම මේරි නිර්මානය කල ෆ්‍රැන්කන්ස්ටයින් මෙන්ම සැබෑ ලෝකයේ ජීවත් වූ ජොවන්නී අල්දීනි බොහෝ දුරට එක සමාන වෙනවා. එකම වෙනස නම් ජොවන්නී මෙන් නොව තම අරමුණ තුල සාර්ථක වන චරිතයක් වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් අවසානයේ තම ක්‍රියාවන් සදහා වන්දී ගෙවන්නකු වීමයි.

***

කෙසේ නමුත් ලන්ඩනය හැර යන ජොවන්නී අල්දීනි ගැන කිසිම විදිහකින් තොරතුරක් ඉතිහාසයේ වාර්ථා වන්නේ නැහැ. එහෙනම් ඔහු රහසිගතව හිද තම අසාර්ථක වූ අරමුණ ඉටුකර ගත්තාද? සැබෑවටම විද්‍යාවෙන් පණ දුන් ෆ්‍රැන්කන්ස්ටයින් කෙනෙකු ඔහු නිර්මාණය කරාද? එසේ වීනම්, ෆ්‍රැන්කස්ටයින් අදටත් මේ ලෝකයේ කොතැනකට හෝ ජීවත් වනවාද?





77 comments:

  1. ජොවන්නී හොයාගත්තනම් ගොඩ.. ඒ කාලේ විද්‍යාත්මක පරීක්ෂණ වලට එච්චර ඉඩක් තිබිලා නෑ.. දැන් ඒ වගේ විද්‍යාඥයෙක් හිටියනම් ඔය කරපු පරීක්ෂණය සාර්ථක වේවි කියලා මං හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අළුත් දේවල් වලට මිනිස්සු ඒ කාලේ හරි බයයි. ඒ හන්දම ජොවන්නිගෙන් පස්සේ මේක ඉස්සරහට නොයන්න ඇත්තේ. ඒත් මම විස්තරයක් දැක්කා ඒ පරීක්ශණ ආයෙම මෑත කාලයේ කරන්න උත්සාහ ගත්තාය කියලා විස්තරයක්. ඒත් ඒකේ ඇත්ත නැත්ත ගැන දන්නේ නැති නිසා ලියන්න ගියේ නෑ.

      Delete
  2. ආත්මය කියන සංකල්පය සමග මේ පරීක්‍ෂණය ගැලපෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක එහෙම තමයි. ඒත් ජොවන්නී යම් තරමින් හරි මැරුණ කෙනෙක්ට පණ දෙන්න සමත් වුනානේ.

      Delete
    2. ලංකාවේ තිබ්බා මල සිරුරැ වලට පණ දිලා වැඩ කරවා ගන්න ක්‍ර‍මයක්
      ඒකට කිවුවේ පිල්ලි කියලා

      Delete
    3. අපේ ඉතිහාසය තුළ පිල්ලි හරහා මියගිය ප‍්‍රසිද්ධ චරිත බොහොමයක් පිලිබද කථාන්තර පවතී.
      පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙයි .

      1.ඊරි පිල්ලිය
      2.නාග පිල්ලිය
      3.කුමාර පිල්ලිය
      4.කෝලි පිල්ලිය
      5.කන්‍යා පිල්ලිය
      6.කනමැදිරි පිල්ලිය
      7.ගරුඩ පිල්ලිය
      8.කුරුමිණි පිල්ලිය
      9.මළ පිල්ලිය
      10.මහ සොහොන් පිල්ලිය
      11.ඔඞ්ඩි පිල්ලිය
      12.දෙබර පිල්ලිය
      13.බඹර පිල්ලිය
      14.වඩිග පිල්ලිය
      15.සිංහ පිල්ලිය
      16.ගජ පිල්ලිය
      17.ගිනි පිල්ලිය
      18.නීච කුල පිල්ලිය
      19.දෙමල පිල්ලිය
      20.කඩවර පිල්ලිය
      21.තුන් කුළුදුල් පිල්ලිය

      Delete
    4. http://rishiarana.blogspot.com.au/2014/05/blog-post_22.html

      Delete
    5. පිල්ලි ගැනනම් මමත් අහලා තියෙනවා. ඒත් ඉතින් ඒ හැමදේමක ඇත්ත ගැන හරියටම කියන්න බැහැනේ.

      Delete
  3. ෆිල්ම් එකේ ෆ්‍රැන්ස්කන්ස්ටයින්ට තමා අපි කැමති

    ReplyDelete
    Replies
    1. ෆිල්ම්, වේදිකා නාට්‍ය කීයක් නම් බටහිර සිනමාවේ මේ නිසා බිහි උනාද? කියවෙන හැටියට ඔය තියෙන ඔක්කොම වැම්පයර් කතා ආරම්භ වෙලා තියෙන්නේ මේරිගේ මේ ෆ්‍රැන්කස්ටයින්ගෙන් පස්සේ.

      Delete
  4. ජොවන්නී අල්දීනි ට විද්‍යුත් ධාරාවකිං චලන අැති කරන්න පුලුවං උනාට, මැරිච්ච මිනිහෙක් ට පණ දෙන්න තරම් දුර ගියා කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පණ දෙන්න ඇත්තටම ඔහුට පුළුවන් උනේ නෑනේ. අහු අසාර්ථක උනාට පස්සේ හැම දේම අත ඇරලා යන්නේ ඒ නිසයි.

      Delete
  5. Frankenstein ෆ්‍රැන්කන්ස්ටයින් නෙවෙයිද බං?

    ReplyDelete
    Replies
    1. නැහැනේ. ෆ්‍රැන්කස්ටයින් කියන්නේ ජොවන්නී අල්දීනිගේ ජීවිතේ අසම්පූර්ණ පැතිකඩකට.

      Delete
    2. නැහැ දිනේෂ්. මම අදහස්කලේ උඹ ලියලා තියෙන වචනේ ෆ්‍රැන්කස්ටයින් කියලා. ඒක ෆ්‍රැන්කන්ස්ටයින් නෙවෙයිද කියලා. අල් නයන්න අඩුයි නේද?

      Delete
    3. හම්මේ, ඔවුම නේන්නම්. පොඩ්ඩක් ඒක අමතක වෙලානේ. ඔන්න බලන්න ඉතින් සර්ලා ඉන්න එකේ වාසිය. තෑන්ස් අයියේ.

      Delete
    4. උඹ මේ මොනවා කියනවද! මං ලියන ඒවෑ අඩුපාඩු පෙන්නන්නේ අනිත් උං. මමත් ඒවා පට්ටාස් ගාලා හදනවා.

      Delete
    5. ඒකටනේ ඉතින් අපි අපි හෙල්ප් කර ගන්නේ.

      Delete
  6. ෆ්‍රැන්කන්ස්ටයින් චිත්‍රපට මටනම් එච්චර ඇල්ලුවේ නෑ.. මන් කොහොමත් වැඩිය ඔය සයන්ස් ෆික්ෂන්/ හොරර් ඒවා ට වැඩිය කැමති නෑ.. :( දැන් නම් ආපහු හොයාගෙන බලන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මමනම් මාර ආසයි හොරර් කතා කියවන්ට. බොරුනම් දිනේෂයාගෙන්ම අහපං.

      Delete
    2. මම නම් ආසාවෙන්ම බලපු ෆිල්ම්ස් ටිකක්. ගිය අවුරුද්දේ ආවා අළුත්ම එක වික්ටර් ෆ්‍රැන්කස්ටයින් කියලා. ජේම්ස් මැකෝවි ඒ චරිතයට පණ දෙන්නේ. බලන්න. ඒක නම් නියමයි.

      Delete
    3. හැක්, එකෙක් ඊයේ රෑ නිදා ගන්න එකත් පැත්තක දාලා දිවුවේ ඒ හන්දම වෙන්න ඇති නේ?

      Delete
    4. මමනං "හොර" ඒවාට මනාපයි....

      Delete
    5. දැන් මෙතන හොර කියන එක යොදපු විදිහට අපිට හිතා ගන්න බෑනේ.

      Delete
  7. //21ක් හැවරදි තරුණියක් වන මේරි ශැරල්//
    අද කාලෙ, ලංකාවෙ එහෙම ලිව්වානම් එයාටත් "හතලිහෙන් පටන් ගැනීමේ සහ විස්සෙන් පටන් ගැනීමේ වෙනස" ගැන විචාර කියවන්ඩ ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. එහෙනම් මේරිට සෑහෙන්න මඩ ගහලා.

      තව දෙයක් තමයි මේරි එයාගේ මේ කතා අදහස ඉස්සෙල්ලම එයාගේ පෙම්වතා එක්ක කියන්නේ දවසක් ඒ දෙන්නා මුහුදු වෙරළේ පෙම්සුව විදිමින් ඉන්න අතරේ.

      Delete
    2. හෙහ්, එහෙම කියන්නත් එපා බං. ඌ අහන් ඉදලා සප් එක නොදුන්නනම් අද කෝ කතාවක්.

      Delete
  8. අපොයි.... මම මේ හාදය ගැන දන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා කිවුවා. තියන්න වටින්නේ නෑනේ.

      Delete
  9. වැම්පයර්ලාගේ මුල.......... හත්තිලව්වයි අපේ ඩ්‍රැකියාගේ සීයා........

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියගේ සීයා නෙමෙයි ඩ්‍රැකියගේ අයියා. හෙහ් හෙහ්.

      හැබෑට කෝ මේ ඩ්‍රැකියා?

      Delete
  10. //එකම වෙනස නම් ජොවන්නී මෙන් නොව තම අරමුණ තුල සාර්ථක වන චරිතයක් වූ වික්ටර් ෆ්‍රැන්කස්ටයින් අවසානයේ තම ක්‍රියාවන් සදහා වන්දී ගෙවන්නකු වීමයි.//

    ඔබ Fringe TV series බලල තිබෙනවද ?

    එහි එන ආචාර්ය වෝල්ටර් බිෂොප් මීට බොහොම කිට්ටු ප්‍රබන්ධයක්. 4 වැනි කලාපය හැරෙන්නට අනෙක් සියලු ඒවා ගත්කල මගේ ජීවිතය තුල මා දැක ඇති සාර්ථකම විද්‍යා ප්‍රබන්ධයක් එය.

    එහි පළමු කොටසේ පළමු අතුරු කතාවේ බැග්ඩෑඩ් හි දී ඔලීවියාගෙන් දී ඒවන විට වෝල්ටර් ගේ පුතා පීටර් අහනවා "Are you telling me that my father is Dr. Frankenstein ?" කියල .

    ඇත්තටම මම විද්‍යාඥයෙක් වෙන්න පළමු හේතුව Fringe . දෙවන හේතුව ටෙස්ලා. මට මේක දැක්ක ගමන්ම මතක් වුනේ Fringe.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රින්ජ් ටීවී සීරීස් එක නම් බලලා නැහැ. හැබැයො ඔය නම නම් අහලා තියෙනවා වගේ මතකයි.

      කොහොමත් මේක අතීතයේ යම් සිද්දීයක සම්බණ්ඳයක් තියෙන නිසාත්, වැම්පයර් කතා වල මුල ෆ්‍රැන්කන්ස්ටයින් නිසාත් බොහෝ වෙලාවල් වල ඒ ගැන සදහන් වෙනවා විවිධ පැති වලින්.

      Delete
  11. වෝල්ට් 33,000ක් වගේ දුන්නොත් නම් කරෝල කරලා ගන්න පුළුවන් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල එච්චර තිබුනේ නැද්ද දන්නේ නැහැනේ බං ඉතින්. ඒකනේ මේරි එයාගේ පොතෙන් එච්චර බලයක් ගන්න අකුණු සැර පාවිච්චි කරන්නේ.

      Delete
  12. ලස්සනයි දිනේෂ්.

    //ඔහු මෙහිදී වඩා අවධානය යොමු කරලා තියෙන්නේ ගෙම්බන්ගේ පාදයන්ට විදුලිය ස්පර්ශ කල විට එය යම් සෙලවීමකට ලක් වන බවත්,//

    මෙහෙම කතාවක් කියවලා තියෙනවා. විදුලිය හොයා ගනිද්දිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, වෙන්න පුළුවන්. දන්නේ නෑ මාත් ඒ ගැන කියන්න.

      Delete
    2. දිනේෂ්ද ලස්සන කතාවද ලස්සන???

      Delete
    3. දෙකම. ලස්සන දිනේෂ් අතින් ලියැවුනු ලස්සන කතාවක් ...:P

      Delete
    4. සිංහ, අනේ මන්දා බං ඔවුන නම්

      Delete
    5. පොඩ්ඩි අක්කේ, ඔයා අපිය දැකලා තිබ්බට අපි ඔයාව දැකලා නැති එකනේ ඉතින් අවුල.

      Delete
  13. බොරිස් කාලොෆ් රඟපෑ ෆ්‍රැන්කස්ටයින් චිත්‍රපටය දුටුවා

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඉදන්ම බොහෝ සිනමා නිර්මාණ බිහි වෙලා තියෙනවා ෆ්‍රැන්කන්ස්ටයින් ගැන. පහුගිය අවුරුදු 3 අතුලෙත් ෆිල්ම් දෙකක්ම ආවා තරමක් ජනප්‍රිය වුන.

      Delete
  14. Replies
    1. යම් දුරකට වෙන්න ඇත්ත.

      Delete
  15. ඒක පණ දීමක් නෙමේනෙ දිනේෂ්.. විදුලි බලය ශරීරය තුළ ක්‍රියාත්මක වීම නිසා හට අග්ත්තු චලනයක් විතරයි මටනම් හිතෙන්නෙ... මරපු සර්පයෙක්ව පුච්චනවා දිනේෂ කවදා හරි දැකලා තියනවද ? ඌත් ඔය වගෙන දගලනවා...

    මේ ශරීරය ක්‍රියාත්මක කරවන බලවේගයක් තියනවනේ.. ඒක ශරීරයෙන් ගියාට පස්සේ ශරීරය වැඩ කරන්නේ නෑනෙ... එහෙම වැඩ කරවන්නනම් ආයෙ ගෙන්වන්න වෙනවා...

    මේ ජාතියෙ කතා වලට මමනම් හෙන කැමතියි.. තව ලියමු....

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා මලමිනී? ඒවත් පුච්චනකොට ඉඳගන්නවා කියන්නෙ

      Delete
    2. එහෙමත් කියනවා නේද ? මාත් අහලා තියනවා......

      Delete
    3. මලමිනී පුච්චනවා මම දැකලා තියෙනවා.ඔය බර්නර් එකේ මිනියක් පිච්චෙන කොට එක පාරක් ඇරලා බැලුවා.නැගිටිනවා නම් බලන් හිටියේ නැහැ.ඒ වෙලාවේ ඔළුව හරිය ඇවිලෙමින් තිබුනා.

      Delete
    4. සෙන්නා අයියේ, මෙහමනේ ඉතින්. අද අපි ඔහොම දේයක් ගැන ඔහොම හිතන්නේ විද්‍යාව දියුණු වෙලා අපි යම් තරමකින් හරි ඉගෙන ගෙන තියෙන දේවල් එක්ක. ඒත් 1800 වගේ විද්‍යාව දියුණු නැති කාලයට ඒ චලනය පණ ඒමක් කියලා ඒ අය විශ්වාස කරපු එකේ ලොකු වැරැද්දකුත් නැහැ නේද?

      Delete
    5. ගස්, මමත් එහෙම නම් අහලා තියෙනවා. ඒ ඇයි කියන්නනම් දන්නේ නෑ.

      Delete
    6. මනෝජ්, කොහොමද බොල තෝ ඒක දිහා බලාගෙන ඉදියේ?

      Delete
    7. පිච්චෙනකොට පේශි,කණ්ඩරා,මස් එහෙම ඇඹරිලා යන නිසා නේද?

      Delete
  16. චිත්‍රපටියක් බලන්නවත් වෙලාවක් නෑ බං. මේ වගේ සිදූවීම් කුතුහලය උපදවනවා වගේම අද්භූත ජනකයි.
    කොහොම උනත් මළවුන්ට පන දෙන්න බැරි වෙන එකමයි හොඳ. නැත්නම් හිට්ලර්, ප්‍රභා වගේ පුද්ගලයොත් ආයේත් නැඟිටියි.

    ReplyDelete
    Replies
    1. අන්තිමේ කියපු කතාවනම් ඇත්ත. එහෙනම් මරණ මරණ සැරේට මුං නැගිටලා එන්න ගනීවි. ඒක ඊට වඩා කේස් එකක්.

      Delete
  17. ෆ්‍රැන්කන්ස්ටයින් ගොඩක් ලංවුනේ චන්ද්‍ර අනගිරත්නයන් හරහා.ඔහු ෂැරල්ගේ පොත ලස්සනට පරිවර්තනය කරලා තිබුනා.උසස්පෙල කාලේ කියෙවුවේ.

    මැරිච්ච මිනිහෙක්ට පණදෙනවා කියන එක ,ඒකගැන උත්සහ කරන එක මෝඩ වැඩක්.කරුමෙටවත් හරිගියොත් විශ්වයේ සමතුලිතබව සුන්නද්දූලි වෙලායයි.

    ReplyDelete
    Replies
    1. මම සිංහල පරිවර්ථනය නම් කියවලා නැහැ. එහෙම එකක් තියෙනවනම් ඒක වටිනවා. මම හිතුවේ නැතුව ඇති කියලයි.

      සිරාවට, ඒ කාලේ ඉතින් මිනිස්සුන්ට ඔය වගේ විකාර අයිඩියානේ කොමත් ඇවිත් තියෙන්නේ.

      Delete
  18. //ෆ්‍රැන්කන්ස්ටයින් ගැන නොදන්නා කෙනෙන් නැතිව ඇතියි කියලා මම විශ්වාස කරනවා//

    බොලේ ඔය ළමයාගේ විස්වාසේ වැරදියි :(

    සුපිරිම සුපිරියි...මෙන්න මේ වගේ ලිපි වලට මම හරිම කැමතියි...සිරාම සිරා

    ReplyDelete
    Replies
    1. ඔය නෝනගෙ ගොඩට තව පොඩ්ඩෙන් මාත් වැටෙනව, අවුරුදු දෙහෙකට විතර උඩදි ගත්තු පොත මේ ළඟකදි කියවලා නොබලන්න... :D

      Delete
    2. හැබැයි මම නම් ඒ නෝනාගේ ගොඩේ.

      Delete
    3. මම දන්නෙ හොටෙල් ට්‍රන්සිල්වේනියා එකේ හිටපු එකා විතරයි

      Delete
    4. සයුරි, මොනවා කිවුවා. අපිටත් දේවල් උගන්නන එක්කෙනා මේක දන්නේ නෑ කිවුවම පුදුමයි.

      Delete
    5. සෙන්නා, මාත් පොත් කියවලා නෑ ෆිල්ම් බලලා තියෙන හන්දා යන්තම් දැනන් හිටියා.

      Delete
    6. මනෝජ්, වැඩක් නෑ කතා කරලා.

      Delete
    7. හරී, ට්‍රන්සල්වේනියා එකේ විතරයි මං හිතන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් දරුණු චරිතරයක් විදිහට නිරූපණය නොකලේ.

      Delete
  19. පොත නම් කියවලා නෑ.. ෆිල්ම් එක ගැන කෙරුණු කතාබහකට පස්සෙ ඒ ගැන විස්තර ටිකක් අන්තර්ජාලයෙන් සොයා බැලුවා.
    ගොඩක් ස්තූතියි මේ ලිපියට.. පොත හොයාගෙන කියවන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. පරිවර්ථනයක් තියෙනවා කියලා ඔය කටුස්සත් කියලා තිබුනේ. මාත් හොයාගන්න බලන්න ඕන.

      ෆිල්ම් නම් ඉතින් ඕන තරම් තියෙනවා බලන්න.

      Delete
  20. හාඩ්වෙයාර් වලට විදුලිය දීල ගත්තත් සොෆ්ට්වෙයාර් කෝ? ම්ම්ම්... මන්තරයක් මතුරලා පිල්ලියක් වගේ හදාගෙන ගේමක් ගහන්නත් ඇහැකි.මොකෝ කියන්නෙ? ලියන්නකො ඒ වගේ එකක්.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕකට එහෙනම් මම නෙමෙයි හොද අර සිංදුවා. ඌ තමයි ඔය යක්කු දෙයියෝ අල්ලන් අංගම් වැඩ දාලා පිල්ලි බදින්න දක්ශයා.

      Delete
    2. නාග පිල්ලියක් ගැන ලඟදි ලියල තිබුනා... හෙහ් හෙහ්

      Delete
  21. කියවන්න ආස හිතෙන ලිපියක්. මෙහෙම කතාවක් බැලුව වගේ මතකයක් තියනව

    ReplyDelete
    Replies
    1. කතා නම් කොච්චර තියෙනවද?

      Delete
  22. ස්තුතියි ලිපියට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙවුවට.

      Delete
  23. ළඟදීත් මේ ගැන ෆිල්ම් එකක් ආව නේද! ගොඩක් විස්තර දැන ගත්තා!

    ReplyDelete
  24. අගෙයි ලිපිය+ සුබ පතනව+ හමුවුනොත් එයාව අපේ ගෙදරටත් එවන්න+ ගන්න පුළුවන් ප්‍රයෝජනයක් :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්