Tuesday, 16 February 2016

නළඟනකට සැමියෙක්ව



පඩි පෙල නගිද්දිම කාමරයෙන් නැඟුන කෙඳිරිලි හඬ වඩා හොදින් ඇහෙන්න වුනා. පියවරක් පියවරක් ගානේ ඒ හඬ තව තවත් තීව්‍ර වුනා. ඒක ආශාවන් මත් වුන කෑ ගැහිල්ලක් කියන එක තේරුම් ගන්න ඒ හැටි අපහසු වුනේ නැහැ. ඇය ඉන්නේ වින්දනයේ උපරිමයේ කියන එක හොදටම විශ්වාසයි. මම ඇගේ හඬ අහුන කාමරය දිහාවට ඇවිදගෙන ගියා.

කැමරා, විදුලි ආලෝක හා ඒවා මෙහෙයවන තව හය හත් දෙනෙක් අතරේ ඇය තවෙකෙකු හා සයනයේ ආලිංගනයේ යෙදිලා හිටියා. හැමෝගෙම ඇස් තිබුනේ ඔවුන් දිහාවට. ඇය දිහාවට කිවුවොත් වැඩියෙන් නිවැරදියි. ඒ සරාගී සිරුර වගේම වින්දනයේ උපරිමයට ලං වෙමින් තිබුන ඒ ඇස් දිහා හැමෝම බලාගෙන හිටියා. ඇගේ සිරුර මත දඟලන ඔහු හිටියේ අවස්ථාවෙන් හැකි තරම් ප්‍රයෝජන ගනිමින්.

ඇගේ කෙඳිරිල්ල වගේම ඔහුගේ දැගලිල්ලත් එක ලෙසම තීව්‍ර වෙලා මදකට හැම දේම නොසොල්මන් වෙලා ගියා. හතිලන ඔවුන් අතරේ විනාඩි දෙක තුනක් ඇදිලා ගිය හාදුව දර්ශණයේ කොටසක්මද එහෙමත් නැත්නම් ඔවුන්ගේම ඕනකමට සිද්ද වුන දෙයක්ද කියලා නොදන්නවා වුනත් කැමරාව තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුනා.

" ගුඩ් ශොට්, මිශෙල්."  කැමරාකරු ඕනවත්  වැඩියෙන් ඇයව වර්ණනා කලා.

" තෑන්ක්ස්."

යහනෙන් බැස්ස ඇයගේ නිරුවත්, දහඬියෙන් තෙමී ගිය සිරුර තවමත් නිමා නොතිබුන විදුළි ආලෝක වල එළි වලට බැබළිලා පෙනුනා. ඇයට කොහොමත් තිබුනේ ලතින් ඇමරිකානු උරුවක් නිසා පිරිපුන් සිරුරත් එක්ක ඒ දැකුම ඕන කෙනෙකුගේ හැඟීම් උපදවන්න සමත්. හැම දෙයක්ම නිමා වෙලා තිබුනා වුනත් හැමෝම බලාගෙන හිටියේ ඒ දිහා. කොටින්ම ඇය එක්ක රංගනයේ යෙදුන ඔහු පවා.

ඇය කෙලින්ම ඇවිද ගෙන ආවේ මං හිටිය දිහාවට. ඇගේ නිරුවත ගැනවත්, හැමෝම ඒ දිහා බලාගෙන ඉන්න බවවත් ඇයට ගානක් තිබුනේ නෑ. පුරුදු විදිහටම මගේ අතේ තිබුනේ ඇය ප්‍රිය කරන කෝපි කෝප්පය. ඇස් වලින් මට ස්තූති කරන අතරේ කෝපි කෝප්පයත් අරන් ඇය ඇවිද ගියේ ඇය වෙනුවෙන් වෙලා තිබුන කාමරයට.

***

" ඇයි මාව බඳින්න හිතුවේ?"

ඇය එක පාරම මගෙන් ඇහුවා. ඒ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සේ. මේ ප්‍රශ්ණෙට කීප වතාවක්ම ඇයට මම උත්තර දීලා තිබුන නිසාම අදත් පුරුදු උත්තරේම මම දුන්නා.

" මම ඔයාට ආදරේ නිසා."

" එච්චරද?"

වෙනදට ඒ කතාබහ එතනින් නැවතුනත් අද ඇයට තවත් ප්‍රශ්ණයක්. ඒත් ඒකට උත්තරයක් මම දන්නවද? ඇය මේ තැන තෝර ගන්න කලින් ඉදන්ම මම ආදරේ කරා කියන එක ඇයට අමුතු දෙයක් නොවුනත් හදිස්සියේ අහපු ප්‍රශ්ණය මගේ හිත මොහොතකින් අවුල් කරලා දැම්මා.

" මොනවද කල්පනා කරන්නේ?"

" මුකුත් නැහැ."

ඒ කතාව මඟ අරිනවා තරම් විසදුමක් ඒ වෙලාවේ අපි දෙන්නටම තිබුනේ නැහැ. ඇයටත් ඒක තේරුම් ගිය නිසාමද කොහේද තව ට්කක් මගේ ලගට තුරුළු වුනේ. මමත් ඇයව නිදහසේ තුරුළු කර ගත්තේ නිහැඬියාව ඒ වෙලාවේ හොදම දේ කියලා හිතට දැනුන නිසා.

***

සුපුරුදු විදිහටම ඇය ආස කරපු කෝපි කෝප්පයත් එක්ක මම ඇය එනකන් බලාගෙන හිටියා. කෙඳිරිලි, දිගු සුසුම් බොහෝමයක් අවසානයේ ඇය යහනින් බැහැලා මම හිටිය දිහාට ඇවිදන් ආවේ ඇය ඉන්නේ නිරුවතින් කියලා ගානක් වත් නැතුව. එක අතකට දැන් ඒකේ තියෙන අමුත්ත මොකද්ද?

" මයිකල්, යු ආර් වෙරි ලකී මෑන්."

ඇය පසුපසින්ම ඈ වගේම නිරුවතින් දුවන් ආපු ඔහු මට සුබ පැතුවේ ඇත්තටමද, එහෙමත් නැත්නම් උපහසෙටද කියලා එක පාරම මට තේරුම් ගන්න බැරි වුනා. මම බොරු කෙටි සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වුවා.

" තෑන්ක්ස්."

ඔහුත් ඇය පසුපසින්ම ඇවිදන් ගියේ එකම කාමරයට. ඇයට ඇදුම් මාරු කරන් එන්න වෙනදට වැඩිය වෙලාවක් යන්නේ ඇයි කියලා සැරින් සැරේ හිතට දැනෙන්න වුනේ මම ඇරෙන්න අනික් හැම දෙනෙක්ම එතනින් පිට වෙලා ගිහින් තිබුන නිසා. මම හෙමීට ලං වුනේ ඇයට වෙන් වුන කාමරය ලගට. ඇය ඔහුත් එක්ක මේසය මත කෙටි ආලිංගනයක්.

" හෝප් යූ ඩෝන්ට් මයින්ඩ්, මේට්."

***

" ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නනම් එහෙම දේවල් වලට ඉඩ දෙන්න ඕන."

ඇය අනික් දවස් වලට වැඩියෙන් මාව සතුටු කරලා මගේ ලග තුරුළු වෙලා ඉන්න අතරේ හෙමීට කතාව පටන් ගත්තා. ශූටින් එකේදිත් වෙන්නේ එකම දේ නේද කියලා මට ඇගෙන් අහන්න හිතුනත් මම ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. පහුගිය මාස හතරට ඇය හුඟක් වෙනස් වෙලා ගිහින්. භාහිරින් වගේම යහනෙදිත් ඇගේ ඒ වෙනස හොදින්ම පේනවා.

" ඇයි මාව බඳින්න හිතුනේ?"

සුපුරුදු ප්‍රශ්ණයම. ඇය හිටියේ මගේ පපුව උඩ ඔළුව තියාගෙන. ඇය කතා කලේ මගේ දිහා බලන්නෙවත් නැතුව නිසා බොරුවක් කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැමදාම වගේ ආදරේ නිසා කියලා මඟ අරින්න පුළුවන් ප්‍රශ්ණයක්.

" මම ඔයාට කැමති නිසා."

ඇය ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ මගේ උත්තරේ වෙනස නිසාද, එහෙම නැත්නම් මගේ වෙනස නිසාද කියලා මට හිතාගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් ඇය ටිකක් වෙලා නිහඬවම හිටියා.

" කැමති මේ නිසාද?"

ඇය ඒ වතාවේ ප්‍රශ්ණය ඇහුවේ මගේ ඇස් වලට එබෙන ගමන්. කලින් වගේ හිතේ හැටියට බොරුවක් කියලා මඟ ඇරලා ඉන්න පුළුවන් කමක් ඒ වතාවේ තිබුනේ නැහැ.

" ඒකත් එකක්."

***

තරමක් අඳුරු වෙලා තිබුන කොරිඩෝවක් දිගේ මම ඇවිදගෙන ගියා. කාමර කීපයක්ම පහු උනත් ඒ හැම එකක්ම තිබුනේ වහලා දාලා. ටිකක් එහායින් තිබුන කාමරේ විදුළි එලි දොර අතරින් පිටතට වැටිලා තිබුනා. මම ඇවිදන් ගියේ ඒ දිහාවට. අතේ තිබුනේ වෙනදා සුපුරුදු කෝපි කෝප්පයමයි.

කැමරා, විදුළි ආලෝක අතරේ ඇය බලාගෙන හිටියා. ඇය වටා හිටියේ ඇය වගේම නිරුවත් පිරිමි කීප දෙනෙක්. ඔවුන්ගේ රළු අත් අතරේ ඇය තනිවී යන දිහා මම බලාගෙන හිටියා. වේදනාව මුහු උන තෘප්තියකින් ඇය වෙලිලා හිටියා. එය තරම්ම දිගු හෝරාවක් ඇයගේ මෙන්ම මගේ ජීවිතයේත් කිසිම දවසක තිබුනද කියලා හිතාගන්න පුළුවන් කමක් මට තිබුනේ නැහැ.

" වන්ඩර්ෆුල් වර්ක් මිශෙල්. යූ ආර් සුපර්බ්."

වෙනදා තරම් සතුටකින් ඒකට උත්තර දෙන්න තරම් පුළුවන් කමක් ඇයට තිබුනේ නෑ. යන්තමින් ස්තූති කරපු ඇය අමරුවෙන් ඇවිදගෙන ආවේ මම හිටපු තැනට. කෝපි කෝප්පය අතට ගත්තේ වෙනද පුරුද්දට මිසක් ඕනකමටම නෙමෙයි කියලා ඒ හැසිරීමෙන් තේරුම් ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ.

" මට රූම් එකට යන්න හෙල්ප් කරනවද?"

***

මුළු දවසම ඇය ගෙවලා දැම්මේ වේදනාවෙන්. ඉදහිට කතා කරන වචන වල ඒ වේදනාව අතරේ සතුටක් ඇය වින්දද කියලා මම තනියම කල්පනා කලා. ඒත් ඒක හරියටම දන්නේ ඇය විතරමයි.

" ඇයි මාව බඳින්න හිතුවේ?"

අද ඇය එහෙම ඇහුවේ රාත්‍රියේ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සෙ නම් නෙමෙයි. ඇය මේ ප්‍රශ්ණේ අහපු පළවෙනි වතාව මේක නොවුනට ඒ හැම වෙලාවකම මම දුන්නේ වෙනස් උත්තර කියලා ඇයට හරිහැටි මතකයක් තියෙනවද කියලා මට විශ්වාසයක් නැහැ.

" මම ඔයාට ආස වුන නිසා."

මම ඇය දිහාවත් නොබලම උත්තර දුන්නා. ඇය කලේ මහ හයියෙන් හිනා වෙන එක. ඒ හිනාව විනාඩියක් විතර දිගට ඇදිලා ගියා. ඇයට වේදනාවත් අමතක වුන ගානයි.

" මට ආස නම් මාව නොබැඳත් ඔයාට මෙහෙම  ඉන්න තිබුනා."

ඇයත් හුඟක් සරළවම කියලා දැම්මේ හරියට හැඟීම් නැති ගෑණියක් ගානට. ඒකට කේන්ති ගන්නවද නැද්ද කියලා හිතුනත් ඇයව ඒ තත්වෙට ගෙනාවේ මම නිසාම ඇගේ ඒ වචන ටික ඔහේ පාවෙලා යන්න ඉඩ ඇරලා මම බලාගෙන හිටියා.මගේ නිහැඬියාව අතරෙම ඇය තව ටිකක් මට තුරුළු වුනා. ඒ ආදරේට කියලා හිතන එක හැම පැත්තකින්ම සහනයක් නිසා මමත් ඇයව තව ටිකක් මගේ ලගට තුරුළු කර ගත්තා.

***

" මේ වීක් එකම පිරෙන්න වැඩ. ජනප්‍රිය කම්පැනි දෙකකම කන්ට්‍රැක්ට් තියෙනවා."

ඇය කියාගෙන ගියේ දැන් හැම දෙයක්ම බොහෝම හුරු පුරුදු ගානට. සතියෙම ගමන් බිමන් ගැන විස්තර හැම එකක්ම කියන්න ඇය බොහෝ වෙලාවක් අර ගත්තා. ඒ ගැන උනන්දුව ඇයට තිබුනට ඒවා මතක තියාගන්න තරම් ඕන කමක් මගේ  හිතේ තිබුනේ නෑ. සමහරවිට ඇය සුපුරුදු කෝපි කෝප්පය බලාපොරොත්තු වෙනවා ඇති.

" ඔයා මොකද කල්පනාව?"

ඇගේ හුදකලා කතාබහ අවසානයේ ඇය මගෙන් ඇහුවා. ඇය බලාගෙන හිටියේ මගෙන් උත්තරයක් ලැබෙනකන්. ඒ ඇස් බොහෝම ඕන කමින් මං දිහාම බලාගෙන හිටියා. ඒත් ඇයට උත්තරයක් දෙනවට වැඩිය මගේ හිතේ ඇගෙන් අහන්න තිබුනේ වෙනස්ම දෙයක්.

" ඔයා ඇයි මාව බඳින්න හිතුවේ?"




 නිමි...


95 comments:

  1. ඇත්තටම ඇයි ඔයා එයාව බඳින්ට හිතුවේ? :P

    ReplyDelete
    Replies
    1. මගෙන් අහන්නේ? හරියට මම බැන්ඳා වගේ. :D

      Delete
  2. සනී අක්කගේ හබිය ගැනද මන්ද! එහෙම නැති නම් නවගත්තෙහම ඉස්කෝලේ පිනාගේ හබිය ගැනද මන්ද! එහෙමත් නැතිනම් රස්සාවක් ගන්න හෝ රස්සාව රැකගන්න මෙහෙම කරන්න වුන %^%$^&@^@@*@@^#& ගැනද මන්ද.

    ReplyDelete
    Replies
    1. සනී අක්කගේ හබියට එහෙම ප්‍රශ්ණ නැතුව ඇති. මොකද ෆිල්ම් වල ඉන්නෙත් මෑන්ස්මනේ.
      ඉස්කෝලේ පිනාගේ කතාව මොකද්ද? මගේ ඔළුවට එන්නේ නැහැනේ.
      අන්තිම කාරණාවනම් බොහෝ දුරට හරි.

      Delete
    2. සනී අක්කත් වෙන මෑන්ස් ල 3-4 දෙනා එක්ක එකපාර රගපානව මම නම් දැකල තියෙනවා. මන් ඒවා හිතල බලන්නේ නෑ. ඒ වුනාට දැක්ක.

      Delete
    3. හිතලා බැලුවයි කියලත් මහ වෙනසක් තියෙනවයි.

      Delete
  3. අන්තිමට මං හිතන්නෙ උෟ පොයින්ට් එකට ආව...
    කතාව සුපර්බ්..
    සමහර විට ඇත්තටම ඔය වගේ ඉන්න බැදපු ජෝඩු අතරෙ ඔය වගේ ප්‍රශ්න ඇති නේහ්..
    දිනේෂ් බලල තියේද සර්බියන් කියල ෆිල්ම් එක

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් ඌ ලවු කලේ කෙල්ල මෙහෙම වෙන්න කලින්. ඒ හන්දා පොයින්ට් එකට එන්න ඌට සෑහෙන්න කල් යන්න ඇති.
      ඒක නම් අනේ මන්දා බං. ඔය බැඳලා ළමයි හදාගෙන උනුත් ඉන්නේ හොදට.
      සර්බියන් ෆිල්ම් එක හොරර් මූවි එකක් නේද? මට ලාවට මගේ මතකයි.

      Delete
  4. ගොඩක් දේවල් ඔළුවට ආව -

    නළඟන කියල ෆිල්ම් එකක් තිබ්බ රුක්මණි රඟපාපු.
    ෆොරස්ට් ගම්ප් එකේ ෆොරස්ට් ගෙ අම්ම පුතාව ඉස්කෝලෙට දාගන්න ලකුණු පහක් උපයගත්ත හැටි මතක් උනා.
    හොඳම එක තමයි, ඇනටෝල් ෆ්‍රාන්ස් ගෙ පෙන්ග්වින් දිවයිනේ තියෙනව, “මුදලට තම ගත විකුණන්නිය පාපයක් කරන්නීය. මොනම කජ්ජක්වත් නොලබා එසේ කරන්නිය ඊටත් වඩා පාපයක් කරන්නීය“ කියල වගන්තියක්.

    ReplyDelete
    Replies
    1. ෆොරස්ට් ගම්ප් එක නම් මතකයි. මොකද ඒක ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක් නිසා.

      ඒ වගන්තිය නම් සහතික ඇත්ත. එතකොට පිරිමිත් ඒ පාපයේ කොටස් කරුවෝ කියලා කොහේවත් සදහනක් නැද්ද?

      Delete
    2. ඇනටෝල් ෆ්‍රාන්ස් ඒ ගැන කෙලිම්ම ලියල නෑ. හැබැයි ඒ පොතේ හැම තැනම වගේ සමබරව දෙපාර්ශවය ගැනම කියවෙනව. මං ආසම ජනගීයක් තිබුණ ඒකෙ.

      “බොසෙනෝ උරෙකි දැවැන්ත
      සෑදිය හැකි උගේ මසින්
      බේකන් සහ හැම් ටික ටික
      දුගී දනන්ගෙ රෑ බොජුනට...“
      (මෙතන බොසෙනෝ කියන්නෙ වංශාධිපතියෙක්)

      Delete
    3. තව එකක් තමයි,

      “තිබේ මා ළඟ
      හොඳවායින් කසිප්පු ටිකක්
      තා ළඟ නැහැ ෂතියොං
      හූ හූ ගල් තොප්පියා...“

      Delete
    4. බලාගෙන යද්දී ඒක කියවන්න වටින පොතක් වගේ. අරගෙන බලන්න ඕන. මේකේ පරිවර්තන තියෙනවද?

      Delete
    5. පරිවර්තනය තමා මාත් කියෙව්වෙ. පුස්තකාලෙකිං තමා මට පේන්නෙ හොයාගන්න වෙන්නෙ. ලොකු පොතක්. තතනිකරම, ශිෂ්ඨාචාරයෙ ආරම්භයෙ ඉඳං ජාතික රාජ්‍ය දක්වාම පරිණාමය ලස්සනට විස්තර කරනව. අනිවාර්යෙම්ම දිනේශ් නම් කියවන්නම ඕනෙ පොතක්. මයෙ ළඟ තියෙනව වගේ මතකයි. (කාටවත් මං පොත් දෙන්නෑ / මොකද, අතින් අත ගිහිං නැති වෙන නිසා. ගොඩක් වටින දුර්ලභ පොත් එහෙම නැති වුනා) පුළුුවං උනොත් ස්කෑන් කරල එවන්නං. හැබැයි, සෑහෙන කාලෙයක් යයි. (අවුරුදු ගාණක් විතර) මොකද මං හරිම කාර්ය බහුලයි ගෙදරදි.

      Delete
    6. ස්කෑන් කරන එක සෑහෙන වෙහෙසකර වැඩක් වගේ. ඔහොම කියද්දී කියවන්න ආස හිතුනා. බලමුකෝ.

      Delete
  5. ඇත්තටම එය මොකද දන්නෑ අරයව බදින්න හිතුවේ...:O
    කතාව නියමයි...ජයවේව!!

    ReplyDelete
    Replies
    1. මුලදි ඇත්තටම ආදරේ කරා වෙන්න ඇති.

      Delete
  6. අරූට පස්සේ තමා මොලේ පෑදුනේ //ඇයි ඔයා මාව බදින්න් හිතුවේ//

    ජීවිත කාලෙම විදවන ප්‍රශ්නයක්නේ.. කාටද පුලුවන් කෝපි කෝප්පයකුත් තියන් ඔහොම බලන් ඉන්න..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා අන්තිමයිනේ තමන්ගෙම ගෑනිගේ මැනේජර් වෙලා ගෑනිව ඕවට යවන්න උනාම. එහෙම උනුත් ඉන්නවා.

      මම කතාව මේ සයිඩ් එකෙන් ගත්තට, එහෙම නොවෙන එහෙම නොහිතන අයත් ඉන්න පුළුවන්.

      Delete
  7. ඉතාම හොඳ නිර්මාණයක් මචං...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ලොකු අයියේ.

      Delete
  8. උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක අපි මැදි වෙලා බං

    ReplyDelete
    Replies
    1. අනිවා බං. උන්ටත් උත්තර නැති එකේ අපි කොහෙන් කියලා හොයන්නද?

      Delete





































































































































  9. ඔය ප්‍රස්නෙට උත්තරයක් ලැබෙන එකක් නෑ මං හිතන්නෙ... කොච්චර ඇහුවත් අරූට කියන්න දෙයක් නෑනෙ.



    ReplyDelete
    Replies
    1. මට විතරද මේ කොමෙන්ට් එකේ අවුලක් පේන්නේ..

      Delete
    2. කැමා, ඌට උත්තර නැතුව නෙමෙයි. දවසින් දවස උගේ උත්තර වෙනස් වෙන එකයි කේස් එක.

      Delete
    3. සිංහ, මම හිතුවේ මගේ ෆෝන් එකට පිස්සු හැදිලා පෙන්නන හැටි කියලා. බැලින්නම් නෑ. කැමාට අද වැඩියෙන් වැදිලද කොහේද. හෙහ්..

      Delete
    4. කැමා ලබු සුරුට්ටුව පත්තුකරලද කොහේද?

      Delete
    5. කිතුල් රා ගහලා බං.

      Delete
    6. කිතුල් සා සමග තලප ගිලල ලබ්බ සුරුට්ටුව වෙච්චි කතාවක් කිව්වා.. මම හිතන්නේ එක වෙන්ටෑ මේ ප්‍රශ්නෙට මුල..

      Delete
    7. රා ටිකත් ඉවරයි කියලා ඌම ලියලා තිබ්බනේ. ඒක තමයි අවුල.

      Delete
  10. සුපර්බ් මිෂෙල් ..සොරි.......... සුපර්බ් දිනේෂ්

    ReplyDelete
    Replies
    1. සුපර්බ් පැත්තකින් දාහන්, උඹ දැන් මොකද ලියන්නේ නැත්තේ කියහං.

      Delete
  11. දිනේස් ඉඳිකට්ටෝ මේක මාරයි ඕයි! උඹට කොහොම ඔළුවට කඩාපාත් වෙනවද මන්දා මේ කතා.

    ReplyDelete
    Replies
    1. මගේ ඔළුව ගැන ඉතින් උඹ හොදටම දන්නවනේ බං. හෙහ්.

      Delete
  12. දිනේෂ්...............

    මේ ඔබේ කතා හැකියාව අගේට පෙන්වන අවස්ථාවක්.. හරිම අගෙයි. කතාව හරි ලස්සනට ගලාගෙන එනවා.. නියම විදිහට අවසන් වෙනවා.... වෙනස් ආරක වෙනස් විදිහට ලියවුණු කතාවක්....... 18+ නේද?????

    ReplyDelete
    Replies
    1. අදහස නම් 18+ තමයි. ඒත් කාටවත් අවුලක් නැතුව කියවන්න පුළුවන් ඇති කියලා මම හිතනවා.

      Delete
  13. වර්ණ දැන් පරිණත කෙටිකතාකරුවෙකුගෙ ලක්ෂණ පෙන්නනවා කියලා මට හිතෙනවා. මේ කතාව උඹ නැතුව මාර්ටින් වික්‍රමසිංහ ලිව්වානම් මෙලහකට ඒක ශ්‍රේශ්ඨ සාහිත්‍ය නිර්මාණයක් කියලා කට්ටිය මැරෙන්න හදයි.

    ReplyDelete
    Replies
    1. මහලොකු කට්‍ටියක් නැතත් ඩූඩ් අයියලා වගේ අය එහෙම හිතන එකම මදැයි ඉතින් අයියේ.

      Delete
  14. අම්මපා දිනේශ් අයියෙ, කතාව නං මල් හතයි අෑ..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු ඈ.

      Delete
  15. නියම කථාව, අවසානය පට්ටයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. බඳින්න හිතුවේ ඔහු ඇයට ආසා නිසා. ආසාව කියන්නේ පෙනුමට හෝ ලස්සනට විතරක් ඇති කැමැත්ත නොවන නිසා. ඇයගේ ප්‍රශ්ණ, කරදර, සතුට ගේන දේවල්, හැකියාවන් ආදියට ආසා නිසා. ඇයගේ වෘත්තිය කුමක් වුණත් ඇයට ආදරය කරන ඔහු ගැන ඇයට ඇති ගෞරවය සහ ආදරය ඔහුට තේරුණ නිසා

    ReplyDelete
    Replies
    1. ඉයන්ට ඔහුව හොදට තේරුම් ගිහින් තියෙනවා. ඒ ගැන සතුටුයි. ඒත් ඔහුගේ කැමත්ත ටිකින් ටික වෙනස් වුනා. ඒ ගැන මොකද හිතෙන්නේ?

      Delete
  18. ඇත්තට ඇයි දෙන්නෙක් කසාඳ බඳින්න හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔය කසාද බැඳපු කෙනෙක්ගෙන්ම ඒක අහපං පුතේ.

      Delete
  19. කොහොමද මේ වගේ දේවල් හිතට එන්නේ.
    අදත් වෙනස්ම විදියේ කතාවක්..

    ගනිකාවට පෙම් කරපු කොල්ලෙක් මට මුන ගැහිලත් තියනවා. ඌ නම් ඒ කෙල්ලට ආදරේ කරේ ඒ කෙල්ලගේ ලස්සනට

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ ලවු එකට මොකද උනේ?

      Delete
    2. ඌ ඒ කෙල්ලත් එක්ක ඉදලා තියනවා. කෙල්ලත් මූට ලව්. මූ නිතරම ඒ කෙල්ල ගැන කියව කියව හිටියා. කෙල්ලට සිංගප්පූර් යන්න චාන්ස් එකක් ආවා සුද්දෙක් එක්ක. ඒ ගියෙත් ඒ ජොබ් එකටම තමයි. සුද්දා වීසා පාස්පෝට් හදලා කෙල්ලව එහේ අරන් ගියා. ඉන් පස්සේ කෙල්ල මූට කතා කරන එක නැවතුනා. ඒ 2005 දි විතර වගේ. අද වගේ මෙහෙම ලේසියෙන් පනිවිඩ හුවමාරු කරගන්න පුලුවන් කාලයකුත් නෙවෙයිනේ. මට මතක හැටියට විනාඩියක කොල් එකකටත් රුපියල් 200 විතර ගියාද කොහේද ?

      Delete
    3. හ්ම්ම්, ආදරයක් තිබුනත් එතන එකතුවීමක් ඉතින් හිතා ගන්න අමාරුයි නේ. එක අතකින් ඒක ඔහොම උන එකත් හොදයි.

      Delete
  20. බැන්දෙ ඇයි...හොද පුරස්නයක්..බදින්න කලින් තමයි ඒකට උත්තරය හොයාගන්න ඕනෙ....අද කථාව බොහොම හොදට ලියවිලා තියෙනවා මලයො...රසවින්දා...

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් හුඟක් අය බැන්ඳට පස්සෙනේ ඕකට උත්තර හොයන්න යන්නේ.

      Delete
    2. සිරා හදන්නෙ උත්තරේ හොයාගෙනම බඳින්න. ඒක ඉතිං තව ආත්මෙකට හරියන්නැති වැඩක්. දැම්ම බැඳගං සිරෝ... පස්සෙ උත්තරේ ලැබෙයි.

      Delete
    3. ඒක හරි. බැන්ඳා කියලත් උත්තර හොයා ගන්න බැරි එකේ නොබැඳ කාලය නාස්ති කරන එක අපරාදේ.

      Delete
  21. කිටන්න ආපු දේ ඩූඩ් අයියා කියලා.හැමදාම වගේ උඹ අදත් මේක ලස්සනට පාට කරලා.....ජයවේවා....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කටුස්සෝ.

      Delete
  22. මේක හුඟක් සංවේදී කතාවක්. //මට මතකයි මේ වගේ රැකියාවක් කරන බිරිඳක් සිටින ඇමෙරිකන් සැමියෙක් කියනවා සාකච්චාවකදී - මම ආදරය කරන්නේ 'ඇයට '. ඇය සමග සංසර්ගයේ යෙදෙන නළුවා ලබන්නේ ඇගේ ඇඟේ පහස පමණයි. මුලු "ඇයම " සිටින්නේ මා සමගයි කියල. //ඇත්ත කතාව නම් ඒකිගේ සල්ලි වලින් ඌ හොඳට ජිවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඒත් පිටට පෙන්නන හුඟක් දේ ඇත්ත නොවෙන වෙලාවල් තියෙනවනේ අයියේ. අනික සල්ලි උනත් අවුරුදු කීයද ඔය රගපෑමත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම ඉවරයි.

      Delete
  23. Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.

      Delete
  24. උත්තර සෙවියයුතු ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. උත්තර හම්බුනොත් අපිටත් කියහං ඈ.

      Delete
  25. උතරයක් දෙන්න අමරු ප්‍රශනයක් නොවුනත් දෙන උත්තරේ පිලි ගන්නේ නැති නිසා හැමදාම එකම ප්‍රශ්නය අහන්න වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. සමහර ලේසි ප්‍රශ්ණ වලටම අපිට උත්තර දී ගන්න බැරුව යනවනේ බං.

      Delete
  26. කතාවේ අවසානෙට මම ගොඩක්ම කැමතියි .. මම හිතන්නෙ ඇයට දෙන්න පිළිතුරක් නැතිවෙන්නැති ...

    ReplyDelete
    Replies
    1. ඇය කීයටවත් හිතන්න නෑ එහෙම දෙයක් අහයි කියලවත්.

      Delete
  27. අයියගේ මම කැමතිම කතාවක්!ගොඩක් රසවත් වගේම හිතන්න දේවල් ගොඩයි..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  28. මේ කතාව නෙලුම් යායෙන් කියවද්දී අන්තිම වෙනකම් හිතාගෙන හිටියේ පරිවර්තනයක් කියලා . පස්සෙයි දැක්කේ දිනේෂ්ගේ නිර්මාණයක් බව. මේ හොඳම මට්ටමේ කෙටි කතාවක්. ඉතා හොඳින් ඉදිරිපත් කරලා තියෙනවා. ආයේ සංස්කරණය කරන්න දෙයක් නෑ. ඔහොම යමු!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ අයියේ.

      Delete
  29. උඹ මේ පෝර්න් ස්ටාර් කෙනෙක් ගැන ලියපු දෙවෙනි කතාව නේද ?

    යකෝ ඔහොම පිරිමියෙක් වෙනවට වැඩිය හොඳයි අහවල් එකෙන් එල්ලිලා සිය දිවි නහ ගන්නවා...

    " හෝප් යූ ඩෝන්ට් මයින්ඩ්, මේට්." හුහ් කොහොමද ඒ කෑල්ල...

    ReplyDelete
    Replies
    1. ඔවු, කලින් එකක් ලිවුවේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා අම්මා කෙනෙක් උන කෙනෙක් ගැනනේ.

      හෙහ්, ඕවට ගියාම ඉතින් එහෙම ඒවා අහන්න ඉවසන්න වෙනවා ඇති.

      Delete
  30. සෑහෙන කාලෙකින් ආවේ මලයා.... හැබැයි කථා නම් ඉස්සර වගේ ම පට්ට!

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒකනේ ඉතින්. තැන්කිවු.

      Delete
  31. හැමදාම වගේ මල්ලිගෙ කතා කියවන්න ආසයි. මේකත් ඒ වගේ රහක් වින්ද කතාවක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.

      Delete
  32. හරිම ලස්සන කතාවක් වර්ණ

    ReplyDelete
  33. හරිම ලස්සන කතාවක් වර්ණ

    ReplyDelete
  34. හරිම ලස්සන කතාවක් වර්ණ

    ReplyDelete
  35. හරිම ලස්සන කතාවක් වර්ණ

    ReplyDelete
  36. ආසාවෙන් කියෙව්ව කතාවක් . මිනිස්සු විවිධාකාරයි . මට පිච්චමල පොත මතක් උනා මේක කියවලා ඉවර උනාට පස්සේ . එක පැත්තකින් අල්ලාගනීමක් තියෙනවා . ඒත් අනික් පැත්තෙන් බලනකොට අල්ලාගැනීමක් නැහැ .
    නියමයි !

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති අල්ලා ගැනීමක් එක අතකට. දෙපැත්තටම රිදීමක් විතරමයි.

      Delete
  37. බොහොම ඉහලයි.... මූනිච්චාවට නෙමෙයි.. ඇත්තටම ඉහල මට්ටමෙන් තියෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  38. කතාව නම් ලස්සනයි මචං.. අන්තිම වචනෙ වෙනකල් එක හුස්මටම කියවලා දැම්මා :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං.

      වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  39. Replies
    1. වැට පොඩි වැඩිද මන්දා ;)

      Delete
  40. පැහැදිළිවම හොඳ නිර්මාණයක්. ඉතිං එයාට හම්බ වෙච්ච උත්තරේ මොකක්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
  41. අනේ ඇයි බුදු මල්ලීයේ මේ වගේ හැම රෙද්දක් ගැනම අපිට පුරස්න තියලා ලියන්නේ.... අපිට තියෙන පුරස්න මදිවට....හැක් .... :.(

    අඩේ මොක උනත් හැමදාම වගේ උඹ සුපිරි බුලට් එකක් ඉදිකට්ටෝ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්