Tuesday, 9 February 2016

සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?



මම විශ්වාස කරනවා මේ ලිපිය කියවන අයගෙන් 60% වත් දුම්පානය කරන්නන් බව. ඒත්  සිගරට්ටුවේ අතීතය ගැන ඇත්තටම ඔබ දන්නවද? එහි ආරම්භය කොයිතරම් කාලයක් ඈතට දිව යනවද, සිගරට්ටුවක් මුලින්ම අලෙවිකිරීම අරම්භ වුනේ කොහොමද කියන කාරණා ගැන මම හිතන්නේ බොහෝමයක් දෙනා නොදන්නවා ඇති කියලා.  දුම්පානය ගැන කැමැත්ත අකමැත්ත ගැන තියෙන මති මතාන්දර කොහොම වුනත් ඕනෑම දෙයක විකාශණය ගැන දැනන් ඉදීම හොදයි කියන මතයේ ඉදන් මම මේ සටහන ලියන්න අදහස් කරනවා.

දුම්කොල සදහා දීර්ගතම ඉතිහාසයක් තියෙන්නේ ඇමරිකාවෙයි. නමුත් මෙක්සිකෝවේ මායා වරුන්ගේ ගල් ගුහාවල ඇති සිතුවම් වල දුම්කොල භාවිතය ගැන සටහන් තියෙනවා. මෙම සිතුවම් වල අතීතය ක්‍රිස්තු පූර්ව 600ත් 900 අතර කියලා විශ්වාස කෙරෙනවා. ඇමරිකානු රතු ඉන්දියානුවන් දුම්කොල වැවීම ආරම්භ කරලා තියෙන්නේ යුරෝපීන් දකුණු ඇමරිකාවට සොයා ඒමටත් කලිනුයි. මෙම රතු ඉන්දියානුවන් දුම්කොල භාවිතය කරලා තියෙන්නේ විවිද ආගමික හා වෛද්‍යමය කටයුතු සදහායි. ඔවුන් දිනපතාම දුම්පානය කරලා නැහැ.

දුම්පානය සදහා දුම්කොල භාවිතය ශත වර්ෂ ගනනාවක ඉදන් සිදුවෙලා තියෙනවා. දුම්කොල ශාකය ඇමරිකාව තුල වගා කිරීමේ ආරම්භය 17වන ශතවර්ශය දක්වා ඇතට දිවෙනවා. වසර 1800 ගනන් වන විට බොහෝ මිනිසුන් දුම්කොල කුඩා පරිමානයෙන් හෝ භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් එය බොහෝම අඩුවෙන්. සාමන්‍යයෙන් වසරකට එක් මිනිසෙක් සිගරට් 40 පමණ පානය කිරීම සිදුවෙලා.

වොශින්ටන් ඩුක්.
කඩදාසි කොලයක් මත ඔතා දුම්කොල සිගරට්ටුවක් ස්වරූපයෙන් භාවිතයට පැමිණිම එන්නේ ඊටත් පසුවයි. නමුත් වැදගත්ම දේ වන්නේ ඒ නිසාම දුම්පානය සදහා වූ කැමත්ත අඩුවී යාමයි. උතුරු කැරොලීනා නගරයේ විසූ වොශින්ටන් ඩූක් නැමැත්තෙක් විසින් මෙලෙස කඩදාසියේ එතූ දුම්කොල සහිත සිගරට්ටුවක් ලාභයක් අරමුණු කර ගෙන පළවෙනි වතාවට අළෙවි කිරීමක්  සිදු කරලා තියෙනවා. ඔහු අක්කර 300ක දුම්කොල වගාවක් හිමිව තිබු අයෙක්. මෙය සිගරට්ටුවක් අළෙවි වූ පළමුවන අවස්ථාවයි. ඒ 1865 වසරේදියි. මෙලෙස අතින් රෝල් කරන ලද සිගරට්ටුව අළේවි වුනේ එවකට වූ සිවිල් යුද්ධයේ නියැලී වුන් සොල්දාදුවන් වෙනුවෙනුයි.




1883 දී ජේම්ස් බොන්සැක් විසින් සිගරට් රෝල් කර දිනකට දහස්
ජේම්ස් බොන්සැක්.
ගනනක් නිපදවිය හැකි යන්ත්‍රයක් හදුන්වා දීම සිදුකරා. ඔහු ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කලේ ඇමරිකානු දුම්කොල සමාගම නමින්. එය මහා පරිමාණයෙන් සිගරට් නිපදීම වෙනුවෙන් ඇරඹි පළමු ව්‍යාපාර ආයතනය වෙනවා. මෙලස යන්ත්‍ර මගින් නිපදීම ආරම්භ කල සිගරට් වලට කලින් තිබුනාට වැඩිය ඉල්ලුමක් ලැබෙනන් පටන් ගන්නේ එමගින් දුම් පානය කිරීම පෙරට වඩා පහසු වූ නිසාවෙනි. මෙනිසා මෙලෙසින් යන්ත්‍ර මගින් කඩදාසි කොලයේ ඔතා නිකුත් කල සිගරට් පෙර මෙන් තමන් විසින්ම සිගරට් සාදාගෙන
පානය කරන්න අකමැත්තක් තිබුන අය අතරේ බොහෝ වේගයෙන් ප්‍රචලිත වුනා.

මෙලෙස ආරම්භ කල ඇමරිකානු දුම්කොල සමාගම 1900 ගනන් වන තුරුම ඇමරිකාව තුල පැවති විශාලතම මෙන්ම බලවත්ම දුම්කොල සමාගම ලෙස පැවතියා. නමුත් 1900 මුල් අවදිය වන විට බොහෝමයක් සමාගම් සිගරට් නිශ්පාදනය අරම්භ කලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි 1902දී පිලිප් මෝරිස් සමාගමේ ' මැල්බරෝ '  සන්නාමයේ සිගරට් වෙළද පොළට නිකුත් වුනේ.

සිගරට් අලෙවියේ ප්‍රධානතම ඉලක්කය වුනේ පිරිමි පාර්ශවයයි. නමුත් මේ හැම දෙයක්ම වෙනස් වුනේ පළමු හා දෙවන ලෝක යුද්ධ කාල වකවානු අතරතුරේදියි. විදෙස්ගත වුන සොල්දාදුවන්ට දිනපතාම සිගරට් නොමිලේ ලබාදෙනු ලැබුවා. නමුත් ඕනෑම ආයතනයක ලාභ ලැබීම අරමුණක් වන නිසාම මේ කාල වකවානුව තුල කාන්තාවන්ට සිගරට් අළෙවි කිරීම ප්‍රවර්ධනය කිරීමට ඔවුන් වෙහෙසුනා. එයට හොදම අවකාශය ලැබුනේ දෙවන ලෝක යුද්ධය අතරේදියි. අනිත් කාලයන්ට වඩා මේ වකවානුවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබුන නිසාම කාන්තාවන් සිගරට් පානයට ආකර්ශණය කර ගැනීමට ඔවුනට හැකියාව ලැබුනා.

1944 වන විට සිගරට් නිශ්පාදනය වසරකට බිලියන 300 දක්වා වැඩි වුනා. දුම්කොල ව්‍යාපාර සදහා මනා පසුබිම සැකසෙන්නට යුධමය වාතාවරණය ඉවහල් වුනා. දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී ඇමරිකාව තුල බලවත් දුම්කොල නිශ්පාද සමාගම් 6 නිර්මාණය වී හමාරයි. Philip Morris, R.J. Reynolds, American Brands, Lorillard, Brown & Williamson, සහ  Liggett & Myers ඒ සමාගම් හයයි. ඔවුන් ලෝකය පුරා සිගරට් අලෙවියෙන් ඩොලර් මිලියන ගනන් ලාභයන් උපයන්න පහසුවෙන්ම සමත් වුනා.

තරඟකාරිත්වත් එක්කම සිගරට් සදහා වෙළද ප්‍රචාරණයේ යෙදීමට ඔවුන්ට සිදුවුනා. 1880 දී නිශ්පාදනය ඇරබි රෝස සුවදැති සිගරට් සදහා පසු කාලයේදී ඔවුන් ප්‍රචාරණ උපායක් විදිහට මල් සහ ආදර හැඟීම් ඇති කරවන කාඩ් පත් බෙදා හරින්නට කටයුතු කරලා තියෙනවා. හේල්ස් සමාගමෙන් නිපද වූ ක්‍රියෝල් සිගරට් සදහා ජනප්‍රිය බේස්බෝල් කණ්ඩායමක කාඩ්පත් බෙදා හැරලා තියෙනවා.

කෙසේ නමුත් 1964දී ඇමරිකාව වෙනුවෙන් සිටින ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා දුම්පානයේ ඇති භයානක කම ගැන වාර්ථාවක් සකස් කරනවා. එමගින් ඔහු සදහන් කරනවා නිකොටීන් මගින් පෙනහළු පිළිකා ඇති කරනවා කියලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1965 වසරෙදී කොන්ග්‍රස් මණ්ඬලය සිගරට් ලේබල් හා ප්‍රචාරණ පනත සම්මත කෙරෙනවා. එමගින් සෑම සිගරට් පැකට්ටුවකම ' සිගරට් ඔබේ සෞඛ්‍යට හානිකර විය හැක ' යන්න සදහන් කිරීම අනිවාර්ය වෙනවා.

මෙය දුම්කොල සමාගම් වල අලෙවිය හා ලාභය වෙනුවෙන් එල්ල වුන දැවැන්ත තර්ජනයක් වුනත් 1980 වන විට එම සමාගම් තම පාරිභෝගිකයන් තමන් ලග රදවාගෙන ඔවුන්ගේ බිය අඩුකිරීමේ අරමුණින් නිකොටින් ප්‍රමාණයන් අඩු සන්නාම සහිත සිගරට් වෙළදපොලට හදුන්වා දෙනවා. සමාගම් විසින් විවිධ ප්‍රමාණයන්ගෙන් නිකොටීන් ප්‍රමණයන් අඩුකරමින් සිගරට් නිෂ්පාදනයට එළැබුන නිසාම 1980 මුල් කාලය ' නිකොටීන් යුද්ධය ' ලෙස ඔවුන් හදුන්වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සන්නාම මගින් විවිධ වර්ග වල සිගරට් වෙළදපොළ ආක්‍රමණය කලා.

නමුත් 1984දී කොන්ග්‍රස් මණ්ඩලය දුම්කොල සම්බන්දයෙන් තවත් පණතක් සම්මත කරනු ලබනවා. එයින් සෑම තුන් මසකට වරක්ම සිගරට් සමාගම් තම ඇසුරුමේ සදහන් කරන අනතුරු හැඟවීමේ ලේබලය වෙනස් කිරීම අනිවාර්ය වනවා. මෙහි ප්‍රතිඵලක් වශයෙනු වෙළදපොළ තුල අදත් දකින්න ලැබෙන අනතුරු හැඟවීමේ ලේබල් හතර නිකුත් වෙන්නේ. 



ඉන් පසුව එළබෙන කාලය සිගරට් නිෂ්පාදකයන්ගේ පැත්තෙන් එතරම්ම හොද කාලයක් වන්නේ නැහැ. එයට හේතුව වන්නේ බොහෝමයක් නීති රීති පනත් සිගරට් වලට එරෙහිව ඇති වීමයි. අනතුරු හැඟවීමේ ලේබලය එහි පළමු ප්‍රතිඵලයි. මේ අතර රූපවාහිනි හා ගුවන් විදුලි මාද්‍ය වලින් සිගරට් ප්‍රචාරණය තහනම් කෙරෙනවා. මේ අතර කොන්ග්‍රසය විසින් ඇමරිකාව පුරා බොහෝමයක් පොදු ගොඩනැගිලි වල මෙන්ම ආපන ශාලාවල දුම්පානය තහනම් කරන පනත් නිකුත් කරනවා. ඒ වගේම 1990න් පසුව ගුවන් යානා වල දුම්පානයත් සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මෙලෙස වරින් වර නිකුත් වුන පනත් මෙන්ම රජය විසින් අය කරනු ලැබූ බදු ප්‍රමාණයන් ඉහල යෑම නිසාම ඇමරිකාව තුල මුල් බැස ගත් දුම්කොල ව්‍යාපාර වෙනත් රටවල් කරා ඇදෙන්න පටන් ගන්නවා. මේ නිසා ඇමරිකානු දුම්කොල සමාගම් අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, ග්‍රීසිය, තායිලන්තය හා ඩොමිනික් ජනරජයේ ප්‍රධාන වශයෙන් දුම්කොල වගාවන් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස විකාශනය වුන සිගරට් නිශ්පාදනය, 2014 වර්ශයේ කල සමික්ශනයකින් ලබාගත් ප්‍රතිපල වල සදහන් ආකාරයට වෙළද නාම 466ක් දක්වා පැතිරී ගිහින් තියෙනවා. ඒවා සුවිශේෂි රස වර්ග 7764කින් සමන්විතයි. එහි සදහන් දත්ත වලට අනුව මේ සෑම සමාගම් වලම ලාභයන්හි එකතුව වසරකට ට්‍රිලියන භාගයක් පමණ වෙතැයි ගනන් බලා තියෙනවා. ඒ අතරම පසුගිය දශකය තුල පමණක් සිගරට් ට්‍රිලියන 43 පමණ අළෙවි වෙලා තියෙනවා. කෙසේ නමුත් දුම්පානය නිසා ඇති වූ පිළිකා වලින් වාර්ථා වුන මරණ සංක්‍යාව පසුගිය දශකය තුල පමණක් මිලියන 60ක් ඉක්මනවනවා.

ජේම්ස් බොන්සැක් හදුන්වා දුන් යන්ත්‍රයෙන් නිමවු පළමු ඇසුරුම් කරන ලද සිගරට් පැකට්ටුව.


95 comments:

  1. වැදගත් ලිපියක්.. නොදන්නා හුඟක් දේවල් දැනගත්ත.. සිගරට් ගැන තව විස්තර සොයන ඕන කියලත් හිතුන බන් මේක කියෙව්වාම..

    ReplyDelete
    Replies
    1. ලියනවනම් තව සෑහෙන විස්තර තියෙනවා අපි නොදන්න. ඒත් ලිපිය ඕනවට වඩා දික් කරලා බෝරින්ග් කරන්න ඕන නැති හන්දා මේ කරුණු ටික විතරක් ලිවුවා.

      Delete
  2. මේ විස්තර ටික ඇහුවමයි.

    ..//සාමන්‍යයෙන් වසරකට එක් මිනිසෙක් සිගරට් 40 පමණ පානය කිරීම සිදුවෙලා//..

    ඒකට දැන් දවසකට 40 ක් ගහනවා

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු සිගරට් එක ඔතන්න තිබුන කම්මැලි කම හන්දනේ. ඔතලා පැකට් කරලා අතටම දුන්නම ගහලා දාන්න කවුද අකමැති. අන්න ඒකයි සිද්ද වුනේ.

      Delete
  3. මට තියෙන ලොකුම ගැටළුව තමයි මචෝ ඔය දුම්කොල සමාගම් වල අයිති උන් සිගරට් බොනවද කියන එක.

    ReplyDelete
    Replies
    1. උඹ ඕක ගැටළුවක් කර ගන්න එපා...
      එක්කෝ උන් බොනවා ඇති එහෙම නැත්නම් උන් බොන්නේ නැතුව ඇති...
      හරි සරළයි. හෙහ් හෙහ්...

      Delete
    2. කැමා, ඇයි උඹ බිස්නස් එක පටන්ගන්නද යන්නෙ. උං බොන් නැත්තං උඹ බීල පටංගනිං.

      Delete
    3. යශා, තියෙන ලයිට්ම එක උන් ගහලා සැරම එක මාකට් කරනවද දන්නේ නෑ. හෙහ්.

      Delete
    4. ලොකු පුතා, එක්කෝ උන්ට බීලා බීලම එපා වෙලාද, හදලම එපා වෙලාද දන්නේ නෑ.

      Delete
    5. ප්‍රසන්න අයියේ, මූට කියමු ලේඩීස් බ්‍රෑන්ඩ් වත් ගහන්න කියලා. පවුනේ පොඩි එකා.

      Delete
    6. බොනවා බොනවා මොකද නොබෝන්නේ උන් බොනවා

      Delete
    7. මේ තියෙන්නේ සාක්ෂි.

      Delete
    8. ඕක බොන්නෙ නැත්තෙ රැවුලට ඇවිලෙයි කියල. ඒක නැති උනොත් සමනල ලුක් එකක් නෙ.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. එහෙමත් සීන් කෝන් එකක්ද. කවුද දන්නේ ඉතින්.

      Delete
  4. මම හිතන්නෙ උඹ සිගරට් බොනවා. :) ඒකයි 60%යි කියලා හිතෙන්නෙ. මට එහෙම හිතෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න මම සිගරට් යනු කුමක්දැයි දැන ගන්න අපේ අයියගෙන් එකක් උස්සලා බීලා තියෙනවා. එච්චරම තමයි.

      Delete
  5. නොදන්නා කරුණු රැසක්...
    රට හිටපු කාලේ දවසට 40 වෙච්ච දවසුත් තිබ්බා, නමුත් දැන් වසරකට 40 ට වඩා සුට්ටක් වැඩි ඇති...

    ReplyDelete
    Replies
    1. වැඩේ කැතයි. එහෙම කරාම කොහොමද අර සමාගම් ට්‍රිලියන ගනන් ලාභ උපයන්නේ?

      Delete
  6. බොහොම වටින ලිපියක්.. නොදන්න දේවල් හුඟක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. දැන කතරගම කිවුවලු.

      Delete
  7. දුම්කොළ මාෆියාවේ පියවරු, පුත්තු, දුෂ්ටයෝ හා දෙවිවරු ගැන විස්තර දැන ගත්තා.. එතකොට ලංකාවේ තියෙන්නේ ලෝකයේ පැරණිම දුම්කොළ සමාගමේ ශාඛාවක් නේද? :)

    ReplyDelete
    Replies
    1. සිලෝන් ටුබැකෝ කම්පැනි එක බ්‍රිටිශ් ඇමරිකන් හෝල්ඩින්ස් එකේ ශාකාවක් කියලයි සදහන් වෙන්නේ. ආරම්භය 1932 කාලෙදි.

      Delete
  8. wms oqua fndkafk;a kE Tajhd .ek fydhkafk;a kE'' yela yela

    ReplyDelete
    Replies
    1. f;dg msiaiqo hflda fua jf.a lfukaga odkafk?

      Delete
    2. tfyu msiaiqjla we;E fua ug??? yela yela

      Delete
    3. දේශා, fydogu Y=jraoù?

      Delete
    4. ඩ්‍රැකී, fulg fmdä wjqá tlla ;sfhkjd fldau;a

      Delete
    5. wfka m, m, foafYd hkak fndrq fkdlsh' yela''

      Delete
    6. wms fusjg uql=;a lshkak Tsko?

      Delete
    7. ලෙඩ්ඩු ගොඩායි හැක්හැක්

      Delete
    8. මේ ඉන්නේ ලෙඩේ බෝ කරපු මනුස්සයා.

      Delete
    9. පාවට්ට කොල ඔතල ගහල වගේ සෙට් එකම.

      Delete
    10. ඔය කෝට්ට අතේ තියන් ඉන්න හාදයා තමයි.

      Delete
  9. වැදගත් ලිපියක් මචන් ගොඩක් දේවල් දැන්ස්ගත්තා..
    මගේ මේ ජීවිත කාලෙටම බීලා තියෙන්නේ සිගරට් උගුරු දෙකයි.

    ReplyDelete
    Replies
    1. ෆල ෆල බොරු නොකිය.

      Delete
    2. ගිය ආත්මෙ වෙන්නැති.

      Delete
    3. මට සිගරට් බොන්න ඕනනම් ප්‍රසිද්ධියේම බොනවා යකෝ.. උබලා වගේ කාටවත් බය වෙන්නේ නෑ...
      තේරුනැයි බොට...

      Delete
    4. සිංහ, උඹත් එහෙනම් මං වගේම එකෙක් තමයි.

      Delete
    5. ප්‍රසා..
      උබ ගිය ආත්මෙවත් නොබිව්වයි කියන්න මට බෑ..
      දිනේෂ්..
      අන්න කොල්ලෝ.. හැදියන් අපි වගේ නේද මචන්

      Delete
    6. අනේද කියන්නේ බං.

      Delete
  10. මට මතකයි චීන හරි ඉන්දියන් හරි කතාවක් තිබුණ මෙන්න මෙහෙම.

    පෙම්වතුන් ජෝඩුවකින්, පෙම්වතිය හදිසියෙ මැරෙණව. පෙම්වතා දවස ගානෙ පෙම්වතිය වළලපු තැනට ගිහිං අඬමින් ශෝක වෙනවා. එයාගෙ කඳුළු වැටුන තැනින්, පෙම්වතියගෙ මිනී වළ උඩ අමුතුම පැළයක් හට ගන්නව. ඒ පැළයෙ කොළ වේළල සුරුන්ඩු කරල බිව්වම, පෙම්වතාගෙ දුක ශෝකය තුනී වෙලා යනව. එතනිං තමයිලු දුම්කොළ බීම පටන් ගත්තෙ.

    තව එකක් තමයි, ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් ගංජ පැළෑටියට, සොම්නස්කාරී ගුණය ලැබෙන්නෙ ස‍ඳෙං ය කියන එක. සඳ‍ට කියන්නෙ "සෝම" නිසා, ගංජ බොන එකට සෝමපානය කියල නම වැටෙනව. හඳ කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩක් නිසා දේව සභාවෙන් එළවපු වෙලාවෙ, හඳට ආපහු ගෞරවයක් ලබා දෙන්න කියල, ශිව හඳ අල්ලල තමන්ගෙ ජටාවෙ ගහගන්නව. මේ තියෙන යාළු ෆිට් එක මත, සෝම පානය ශිව දෙයියන්ගෙ ජාතික පානයක් බවට පත් වෙනව.

    මට මතක හැටියට ලිව්වෙ. කොහොම හරි දුම් බීමට සෑහෙන ඉතිහාසයක් තියෙනව කියල පේනව. ආයුර්වේදයෙත් තියෙනවනෙ, (අර හාවො කන ජාතිය මොකද්ද... ආ... මතකයි උඳුපියලිය.) උඳුපියලිය වගේ කොළ ජාති වේළල සුරුන්ඩු විදිහට ඔතල දුම් බොන්න කියල, එක එක රෝග වලට...

    ReplyDelete
    Replies
    1. මේ සෝමෙ ඒ උනාට උඹ ඒව වැඩිපුර බීල හඳ දිහා බලාඉන්න එපා. හැක්..

      Delete
    2. ඩ්‍රැකි දන්න දේවල්. චීන කතාව නම් මම මේ ඇහුවමයි. කොහොමත් ඉතින් චීනය වගේ රටවල තියෙන විශ්වාස එක්ක මේක මෙහෙම උනා කියලා හිතන එක පුදුමෙකුත් නෙමෙයි. එහෙම බලද්දී කොල්ලන්ට සිගරට් පුරුදු කරලා තියෙන්නේ කෙල්ලෙක්. ඔන්න බලන්න ඒකෙත් හැටි.

      Delete
    3. ඩ්‍රැකී නම් ඉතින් කෝමත් හඳ එක්කනේ වැඩිය සම්බණ්ද ප්‍රසන්න අයියේ.

      Delete
    4. ඇවූ.....වු....වු....ව්!!!

      Delete
    5. බොලේ ඒ ඩ්‍රැකියුලා කෙනෙක්යැ, වෙයාර්වුල්ෆ් කෙනෙක්නේ.

      Delete
    6. ඔව් නේ? සොරි ඈ...

      Delete
  11. සිගරට් ගැන මම මෙහෙම කතා දෙකක් හුඟක් ඉස්සර අහලා තියෙනවා.

    එකක් මුලින්ම දුම්බීම පටන් ගත්තේ වෝල්ටර් ‍රැලේ කියන පුදගලයලු. ඔහු සීතල දවසක ලිප ලඟ ඉඳිද්දි කුහරයක් සහිත දරකෝ‍ටුවකින් ආපු දුම දැකලා ඒක අතට අරන් කටින් ඉ රුවාම උණුසුමක් දැනුනලු.

    අනික සිගරෙට් කියන්නෙ ධනවත්තු විසිකරපු සුරුට්‍ටු කොට අහුල ගත්ත දුප්පත්තු ඒවා දිගෑරලා ඒ දුම්කොල කඩදාසියක ඔතලා බොන්න පුරුදු වීම නිසා ඒවා සිගරෙට් (cigar - cigarette / book - booklet) විදියට නම් වුනාලු.

    ReplyDelete
    Replies
    1. හැන්රිගේ සිගරැට් පෝස්ට් එකත් මෙතනට වටිනවා.. ඉදගෙන

      Delete
    2. ඩූඩ් අයියේ, ම්ම මේකට විස්තර හොයද්දි නම් එහෙම දෙයක් අහු වුනේ නෑ. ඒත් ඕක අයින් කරන්නමත් බෑ.

      මොකද රතු ඉන්දියානුවන් දුම් පානක කලා කියලා සදහන් වෙනවනේ. ඒක ඔය පළවෙනි ක්‍රමේට උනා කියලා හිතන්න පුළුවන්.

      අනික ඒ කාලයේ වහලුන් ඕන තරම් හිටිය නිසා ධනවතුන්ගේ සුරුට්ටු කොටේ අරන් සිගරට් ගදා ගන්නත් ඇති.

      Delete
    3. දේශා, ඇයි හිටං නෙමෙයිද?

      Delete
    4. හිටං ඒ මොකක්ද බන් ඒ..ඉදගෙන

      Delete
    5. මෛත්‍රී ලොක්කාගේ වර්ඩ් එකනේ හිටං.

      Delete
  12. කෝ අර පුරුදු විදිහට මේකේ නුගුණ කියලා නැහැනේ...

    ReplyDelete
    Replies
    1. වැඩක් තියෙනවද මචං. පැකට් එකේ තියෙන දේ ගනන් ගන්නේ නැති එකේ මගේ කාලය යොදලා ලිවුවා කියලා වැඩක් වෙයිද?

      Delete
  13. නියම විස්තර ටිකක්. ඕක ඔහේ පුච්චල දානව මිසක් කවුද ඔච්චර විස්තර හොයන්නෙ.

    ලංකාවෙ තියෙන්නෙ බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ එකේ ශාකාවක්ය කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් සල්ලි පිච්චෙද්දී අනික් පැත්තට සල්ලි උතුරනවා. මැජික් ට්‍රික් එකක් වගේ.

      එහෙමයි එහෙමයි 1932ලු පටන් ගත්තේ.

      Delete
  14. හමුදා සාමාජිකයන්ට නොමිලේ සිගරට් දීම සිගරට් ප්‍රචාරණයට හොඳ උපක්‍රමයක්. ඒ කාලයකදී සෙබලියන්ටත් සිගරට් ලැබුනා. සමහර සෙබලියන් සිගරට් බොන්නට පුරුදුවූ බවත් කියවුනා. දැන් දෙන්නේ ඒ වෙනුවට මුදල් දීමනාවක් පමණයි.

    අද පරපුරේ බොහෝ දෙනා දුම් නොබීම සතුටට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඔවු අනිවාර්යෙන්ම. මොකද ලෝක යුද්ධය කාලදි අනික් රටවල් වල සෙබලුත් එක්ක මුහු වෙන නිසා ඒ රට වලටත් ප්‍රචාරණය නිකන්ම ලැබෙනවා.

      මුදල් දීමනාව දෙන එක හොදයි. එතකොට සිගරට් නොබොන කෙනාට ඒක වෙන දේකට යොදවන්න පුළුවන්.

      අද බොහෝ දෙනෙක් දැනුවත්.

      Delete
    2. #අද බොහෝ දෙනෙක් දැනුවත්#
      උබල දන්න තරම තමයි මං අද ඊයේ දැකලා තියෙනවා A/L මැක්ස් කරන කොල්ලා ටිකක් සිගරැට් බොනවා.. දැන් හුජ්ජ කොල්ලෝ හිටන් සිගරට් බොන කාලයක් බන් අර A/L කරන සෙට් එක බුද්දිමත් නැද්ද...

      Delete
    3. දුප් වාසුවා...A\L කරන කාලේ සිගරට් නොබොන එකා කෙයිකාලෙදි බොන්නද?

      Delete
    4. දුප් වාසුවා...A\L කරන කාලේ සිගරට් නොබොන එකා කෙයිකාලෙදි බොන්නද?

      Delete
    5. බොලා ඒ කාලේ බීලා දැන් නොබී ඉන්නවද???

      බොලා ඒ කාලේ බීලා දැන් නොබී ඉන්නවද???

      පල කටුස්සෝ යන්න..

      පල කටුස්සෝ යන්න..

      Delete
    6. සිංහ, උඹ කියන දේ හරි. මම දැකලා තියෙනවා බුකියේ ෆොටෝ උනත්. ඒත් මම කිවුවේ සාමාන්‍යෙන් වයස 20ට වැඩි තරුණයෝ අතර තරමක් දැන් අඩුයි.

      Delete
    7. කටුස්සා, ඇත්ත. කොයි කවුරුත් පටන් ගන්නේ ඔතනින්. ඒත් මග ඇර ගන්නත් හොදම කාලය ඔතන තමයි.

      Delete
  15. මෙන්න මූ දුම්වැටි ප්‍රචාරණේ කරනෝ.......................

    ගොඩක් දේවල් ඉගෙනගත්ත මේකෙං :)

    ReplyDelete
    Replies
    1. සිගරට් කොම්පැනි එකකින් හොද ගානක් හම්බුනා. ඒකයි ලිවුවේ. හෙහ් හෙහ්.

      Delete
  16. Replies
    1. අද දුම විතරද?

      Delete
  17. හීනියට සිගරට් එකක් ගහන ගමන් කියවන්න මරු ඈ...!

    මම ලියන්ඩද සිගරට් ටෙස්ට් කරන විදිය ගැන?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඕක අහන්නත් දෙයක්ද බොල.

      හීනියට නෙමෙයි සැරට හරි කමක් නෑ එකක් ගහන ගමන් ලියහං.

      Delete
  18. හුඟක් දේවල් දැනගත්තා, මේ පෝස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සතුටුයි.

      Delete
  19. කලින් දැනගෙන හිටිය නැති කරුණු ටිකක් .... මටත් ප්‍රශ්නයක් සිගරට් හදන මිනිස්සු ඇත්තටම දුම් බොනවද කියන එක :)

    ReplyDelete
    Replies
    1. බොන්නේ නැහැයි කියලා නම් හිතන්න අමාරුයි හැබැයි.

      Delete
  20. බොහොම වටින ලිපියක් දිනේෂ්.. බොහොම ස්තූතියි.. රසවත් තොරතුරු ගොඩක් දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. මේ ගැන බස්සියා දාපු පෝස්ට් එකත් කියෙවුවනම් ඇත්තටම වටිනවා හැබැයි.

      Delete
  21. සිගරට් වලට අකමැති නොවුනට දුම්කොල වගාවටනම් දැඩිලෙස විරුද්ධයි.ඒ නිසා පසට සිද්දවෙන විනාශය අතිමහත්. දුම්කොල වගාව තහනම් කරන්න ඕනේ වගාවක් අනිවාර්යයෙන්ම.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති හන්දා අහන්නේ සිරාවටම. ඇත්තටම ඇයි පසට ඔච්චරම හානිකර?

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. එපාම කරපු ගන්දස්සාර ජරාව ඒත් විස්තරේ මසුරන්

    ReplyDelete
    Replies
    1. සිගරට් වලට වඩා හපන් බං සුරුට්ටු. ෆාමසියට සුරුට්ටු පප්පෙක් ඇවිත් ගියොත් අපි සෙන්ට් ගහනවා. හෙහ්..

      Delete
  24. සිගරට් එකක් අන්තිමට බීලා අවුරුදු දහයකටත් වඩා වැඩියි.මට නම් එකේ කිසිම ඔය කියන කික් එකක් නැහැ.සිගරට් වල නිකොටින් ඇරුනම තවත් ශරීරයට හොඳ නැති රසායනික ගණනවක්ම අඩංගුයි.

    ReplyDelete
    Replies
    1. අන්න එල කොල්ලෙක්. මාත් වන් ඇන්ඩ් ඔන්ලි මීට අවුරුදු 8කට වගේ කලින් තමයි. ඊට පස්සේ නෑ.

      Delete
  25. වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  26. ගංජ වලට වැඩිය සිගරට් එකක තියන දුම්කොල වල නිකොටින් වැඩි කතාවක් කොහෙ හරි දැක්ක.
    කවදාවත් හොයා බලන්නවත් හිතුනෙ නැති ටොපික් එකක්. ස්තූතියි තොරතුරු බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. මමත් කොහේ හරි දැක්කා, ගංජා වල සරීරයට අහිතකර තත්වටක් නෑ කියලා.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. උරන උරන ගානේ රටේ සල්ලිත් මිනිසාගේ ජීවිතයත් විනාශ වෙනවා නේද?

    ReplyDelete
  29. මට දරාගන්න බැරි ගඳවල් වලින් එකක් තමයි සිගරට් ගඳ. සෑහෙන වටින විස්තර ටිකක් මලයෝ

    ReplyDelete
  30. ගොඩක් වටින ලිපියන් එත් අපේ එඋන් තාම ජෝන්ට කඩේ යනවා නේ

    හි හි එකා නැවියෙක් ලු නේ අර පෙට්ටියේ ගහලා තින්නේ

    උ කිවුව්වලු මා මේ අද ඖලන ගින්න කවදාවත් ලෝකයේ නිවෙන්නේ නෑ කියලා දැනුත් මේ මොහොතෙත් කී දෙනෙක් ඔය බැටේ පත්තු කොරන් ඉන්නවද

    ReplyDelete
  31. "cigarette" wala target group aka mokakkda kiyala dannawada?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්