Wednesday, 13 January 2016

ජීවිතේ දවසක්


නුඹත් මමත් යනෙන
කොහේදෝ ගමනක
අතරමග මුණ නොගැසුන
ජීවිතෙන් තවත් එක දවසක්.

පැතුම් මල් හෙම නැති
හීන පොදි බැඳ නැති
මිනිත්තු අතර දුවන
නුඹේයි මගෙයි ජීවිතේ අරගලය.

ඔබ මා හමුවෙති
විටෙක මඟ හැර යති
හැරයන දෑස් දෙස තව
බලා නොහිදම දුවමි.

කියන්නට වචන අහිමි
කඳුළු කතා බොහෝ ඇති
මුනිවත රකින දෑස් ලග
නිහැඬියාව හොදටම ඇති.

පලා යන්නට නොහැකි
ජීවිතය සිහිනයක් නොම වෙති
කඳුළු උගසට තබා රකින
ජීවිතය නුඹට කම් නැති.




අවුරුදු පහකට උඩදි බ්ලොග් වලට ආවේ කවි ලියාගෙන නේද කියලා ඊයේ පෙරේදා දවසක හදිස්සියේම වගේ මතක් වුනා. ඇත්තටම දැන් කවි ලියන්නේ නැත්තේ කියල නම් ඔන්න දැන් අහන්න එපා. ඒකට හේතුවක් මමත් දන්නේ නෑ. කවියක් ලියන්න අදහසක් ඔළුවට නොඑනවාම නෙමෙයි. ඒත් හුඟක් අදහස් අන්තිමේ නතර වුනේ කෙටි කතාවක් වෙලා. අන්න ඒකයි තිබුන අවුල.

නැග්ග ඉණිමගට පයින් ගහන්න හොද නෑ කියලා කතාවකුත් තියෙන එකේ ඉදලා හිටලා හරි ආයෙම කවියක් බ්ලොග් ගත කරන්න කියලා හිතුවා. කවි ට්‍රැක් එකට වැටෙන එක ටිකක් අමාරුයි වගේ. ඒ හන්දා මෙලෝ රහක් නෑ වගේ නම් සමා කරත්වා. 

47 comments:

  1. කවියට වඩා මට නම් කෙටිකතාව හොඳා.

    ReplyDelete
    Replies
    1. මටත් අදහසක් ආවම ඕකම හිතෙන එකනේ වැඩේ රසික අයියේ.

      Delete
  2. හෙක්, ඔය තියෙන්නේ බන් මරුවට, අවුරුදු පහක් ගියා දන්නෙත් නැහැ නේ බන්. උඹට කවි ලියන්න බැහ කියන එක බොරුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕනකමක් නැති කම බං තියෙන්නේ ඔක්කොටම වැඩිය. ඒකනේ සීන් එක.

      Delete
  3. කවියත් ලස්සනයි. හැබැයි මේ දෙකෙන් මං වඩා ආස කරන්නෙ දිනේෂ්ගෙ කෙටි කතාව ට.

    ReplyDelete
    Replies
    1. එකගයි මචෝ, එකගයි.

      Delete
  4. කවි නම් මටත් අරහං. ජීවිතේට ලියලත් නෑ. ලියන්න දන්නෙත් නෑ. ඒත් ඉතින් ලියලා තියෙන එකක් කියවලා රස විඳින්න නම් ටිකක් විතර තේරෙනවා. මොනා උනත් කවි ලියන එක නතර කරන්න එපා. මොකද ඒක හැමෝටම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මං වගේම තව එකෙක්...

      Delete
    2. කැමාව දැක්ක කල්. ලිවුවේ නැති උනාට ඉතින් කියවන්න මාත් පට්ට ලයික්. ඔය අපේ කුරුටු සෙට් එකේ කවි එහෙම අනිවා වරද්දන්නේ නැතුවම බලනවා.

      Delete
    3. මහේෂ්, මාත් එහෙම එකෙක් තමයි. හෙහ්.

      Delete
  5. කාලෙකින් ලිව්වත් රහ අඩුවෙලා නැහැ කවි ටික ලස්සනයි :) මම කවි වලට ආස දිග කතාවල වචන ගොඩකින් කියන දේ කවිවල පොඩි පදපේලි දෙක තුනකින් කියන නිසා.සමහර කවිවල ව්‍යංගාර්ථයෙන් කියන්න යන කතා එහෙම තේරුම් යනකොට හරි ආස හිතෙනවා.පොඩි කවියකට එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල හිතෙනව. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අය්යගේ කවි පොත් කියවල ආපු ආසාවයි ඇබ්බැහිවීමයි එක්ක දැන් නම් මාත් අමාරුවෙන් කවි ලියනව.කවි පොත් හොයාගෙන කියවනව :)

    ReplyDelete
    Replies
    1. මට දැන් තියෙන අවුල කවියකට වචන කෙටි කර ගන්න බැරි එක. ඒකයි මන් කිවුවේ කවි අතින් මම දැන් අසාර්ථකයි කියලා. බලමු.
      කවි පොතකට ඉස්සෙලම කියෙවුවේ තරූ අක්කගේ පොත. දැන් නම් මහින්දගේ කවි පොත් දෙකමත් අරන් තියෙන්නේ කියවන්න ඉඩක් නැති උනාට.

      Delete
  6. කවියත් හොදයි,ඒත් කෙටි කතාව ඊටත් වඩා හොදයි.
    කෙටි කතාවට ප්‍රමුඛත්වය දීලා ඉඩ ලැබෙන වෙලාවට කවිත් ලියමු.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. දැනටත් ඉතින් වෙන්නෙත් ඒකම තමයි මචං.

      Delete
  7. මොකද නරක.. හොදයි.. උඹගේ අර ලේ වැගිරෙන කතා නැතිව ඕන දෙයක්. .හැක්.. ජය වේවා එහෙනං සිස්සත්ව පන්තියට සමත්වීම පිළිබදව

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම කතාවකට ඉතින් එකම එකයිනේ ලිවුවේ. ආයි ලියන්න අදහසකුත් නෑ හැබැයි.
      සිස්සත්ව පන්තියේ දැන් දෙවනි වාරේ මේ ඉන්නෙ හැබැයි.

      Delete
    2. ගුටි නොකා කමෙන්ට් ඇරපිය හරිද ??? ආයේ නොකිව්වයි කියන්න එපා ඕන්....

      Delete
    3. සිරාවට, වැදගත් දෙයක් දාලා මේ මනුස්සයා හැංගිලා.

      Delete
  8. ඔය තියෙන්නෙ අගේට.
    මොකද නරක

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙනම් අවුලක් නෑ.

      අර ඇනෝලා කියන කතාව ඇත්ත වගේ බලාගෙන යද්දී. මේ ඩබල එකට රවුන් ගහන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.

      Delete
    2. උඹ ඒක ගැන කලබල වෙන්න ඕන නෑ. ඒ ඇනෝව ඒක හොයාගනියි. හැක්...

      Delete
    3. අපිටත් ඉතින් කුතුහලේ නේ.

      Delete
  9. ඔබ සුන්දර කවියෙක් දිනේෂ්........... ඒ කවිකම මැදින් මැදින් දකින්න අපි අාසයි.............

    //පලා යන්නට නොහැකි ජීවිතය// මේ කවිකම හැර වෙන කුමක්ද????????

    ReplyDelete
    Replies
    1. මාසෙට එකක් වත් ලියාගන්න ට්‍රයි එකක් දෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
    2. හැබැයි කවි හොද කමටමද කොහේද ඔය පල්ලෙහයි කට්ටිය පගාව දෙනවා ලියන්න එපා කියලා.

      Delete
  10. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.

    ReplyDelete
  11. මචෝ උඹට ලස්සනට කවි ලියන්නත් පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් පුළුවන්. ලස්සන ගැන තමා ඉතින් විශ්වාස නැත්තේ හැබැයි.

      Delete
  12. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.

      Delete
  13. මම නම් බ්ලොග් වලට ආවත් ආවා කවි කවදාවත් ලිව්වේ නෑ.. දැන් නම් කවි කියන්නෙත් අමුතු ඒවා නේ.. ඒවාට මොන අර්ථයකින් කවි යයි කියල කියනවද මම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත හැබැයි. කවිය කවියක් වෙන්නේ නිර්මාණ කරුවාට ඕන විදිහට තමයි ඉතින්.

      Delete
  14. කවි ලියන්නැතුව ඉන්නව නම් මම බොට දවසට රුපියල ගානෙ දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකත් පාඩු වෙන එකක් නෑ වගේ මොකෝ මම කවියක් දාන්නේ ඉතින් සෑහෙන්න කාලෙකින් නේ.
      ඔන්න හෙට ඉදන් ඔට්ටුයි ඈ.

      Delete
    2. කන්ඩිෂන් ඇප්ලයි..... :D

      Delete
    3. එලකිරි.
      ලියන්න කියලා රුපියලක් දෙන්න කෙනෙක් නැති එකේ නොලියා රුපියලක් ගත්තම මොකෝ.

      Delete
  15. ඉස්සර තරඟෙට කවි ටැග් කරපු කාලෙ මතක් වුනා. ඒ තමයි අපේ ෆේස් බුක්වල ලස්සනම දවස්.

    මේ කවියත් වින්දා මල්ලියෙ. ජය.

    ReplyDelete
    Replies
    1. හම්මේ, අනේද කියන්න දිනිති අක්කේ. ඒ දවස් වල කවියකට අනිවාර්‍යෙන්ම කවි පිළිතුරක්.
      ෆොටෝශෝප් එඩිට් කරලා සිංහලෙන් ලියලා කවි දාන්න තිබුන උනන්දුව දැන් එහෙමම නැති වෙලා ගිහින් කා අතිනුත් හැබැයි.

      Delete
  16. කතා වගේම තමා උඹේ කවිත්.

    මොනතරම් අසරණ කෙනෙකුට වුණත් හීනයක්නම් ඇති බං. දවල්ට කන්න දෙයක් කොහොමද හොයාගන්නෙ කියන එකත් හීනයක්!

    ReplyDelete
    Replies
    1. අපිට වගේ හුගක් හීන නැතුව ඇති බං.
      හෙට උදේටත් අද වගේම ඇහැරෙන්න පුළුවන් වෙයි කියන හීනය විතරක් ඇති.

      Delete
  17. උ/පෙ කරන කාලෙ මට නිසඳැස් ටොයිස් වගේ...ලියන තරමක් ලිව්වෙ නිසඳැස්...යාලුවන්ගෙ සමරු පොත් වල...අද නිසඳැසක් ලියන්නම බෑ...ඒ ටච් එක නෑ දැන්..

    ReplyDelete
    Replies
    1. මාත් ඒ වගේම තමයි.
      දැන් තමයි ඉතින් ඕනකමක් උනන්දුවක් නැතුව ඉන්නේ.

      Delete
  18. ලියන්න ලියන්න ඔප වැටෙන දෙයක් තමයි කවිත්වය කියන්නේ.. ඔය ලියල තියෙන්නේ යස අපූරුවට..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  19. ඔයාගේ කතා වගේම කවියත් රසවත්..... ජය වේවා !!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්