Sunday, 31 January 2016

නිර්වින්දන



වෙනදටත් වැඩියෙන් දුම්කොල දාගත්ත සිගරට් එක ඔතන අතරේ වුනත් මම හිටියේ වෙනමම කල්පනාවක. හිස පුරාවට තදින්ම දැනුන වේදනාව අතරේ සිතුවිළි හැම අතකටම විසිරිලා ගියත් මම හිටියේ අතහරින්න කොහෙත්තම අකමැති කල්පනාවක. වෙනදා තරම්ම පිළිවෙලකට නැති වුනත් මට ඕන කරපු විදිහට හදාගත්ත සිගරට් එකත් එක්ක මට ඕන වුනේ මොහොතකට තනි වෙන්න.

යන්තමට වැහිලා තිබුන ජනෙල් තිර වලින් පොඩි එළියක් සාලයට එන්න ඉඩ හදන ගමන් ඒ ලගම තිබුන සෝෆාවෙන් හාන්සි වුනේ හිසේ වේදනාව තදින්ම දැනුන හන්දා. මම එහෙමම ටික වෙලාවක් හිටියා. ඒ දෑස් හුඟක් තදින් තද කරගෙන. අතේ තිබුන සිගරට් එකට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වුනේ වේදනාවෙන් මිදෙන්න තිබුන එකම ක්‍රමය ඒක කියලා හිත හොදටම දන්න නිසා.

රත් ගිණිදැල් එළිය අතරින් පපුව තුළට ඇද ගත්තු දුම් රොද වළාවන් දෙක තුනක් නංවමින් පිටතට පා කලේ එහි අශ්වාදය හිත ඇතුලටම ගුලි කර ගන්න ගමන්. මම ඒ විදිහටම දිගා වෙලා හිටියා. එකින් එක ඉහලට නැඟුන දුම් වළළු පොඩි දුරකදි වුනත් මවන එක එක රටා දිහා මම බලාගෙන හිටියා. මට දෑස් තද කර ගන්න ඕන වුනත් මම කලේ හැම හුස්මක් අන්තිමේම ඉහළට පා වෙලා යන දුම් වළා දිහා බලාගෙන ඉන්න එක. හිස පුරාවටම දැනුන වේදනාවට මේක විසදුමක් නොවුනත් ආශ්වාදය ඒ හැම දෙයක්ම තාවකාලිකව අමතක කරලා දානවා කියලා මම දැනන් හිටියා. ඒක, එක අතකට මට සහනයක්.

මම එහෙමම ටික වෙලාවක් හාන්සි වෙලා හිටියා. අතේ තිබුන සිගරට් එකත් ඉවර වෙලා යන්න ඔන්න මෙන්න වුනත් මම ඒකෙන් බලාපොරොත්තු වුන නිදහස මට ලැබුනේ නෑ. මම හිටියේ හැම දෙයක්ම අතරෙම අතරමං වෙලා. තව සිගරට් එකක් හදාගන්න ඕන වුනත් නැඟිටින්න තිබුන කම්මැලිකමටම මම එහෙමම හිටියා. ඇස් දෙක හුඟක් තද කරගෙන.

හිත හැම තැනකම දිවුවා. ඉවසිල්ලක් නැති විදිහට. ඒත් හරි අරමුණක් වෙනුවෙන් නෙමෙයි. අඬවන් වුන ජනෙල් අතරින් යන්තම් හරි හුළඟක් ආවේ නැති හන්දා කාමර පුරාවටම ඉතුරු වෙලා තිබුනේ දුමාරයක් විතරයි. මම යන්තමට ඇහෙන සංගීතයට කන් දීගෙන හිටියා. ඒ මගේ ප්‍රියතම සංගීතයක් නෙමෙයි. ඝෝශාකාරි නාද රටාවේ අතරින් පතර සිත් ඇද ගන්න තැන් තිබුනත් මට ඒක දැනුනේ මහ කරදරයක් විදිහට. ඒත් ඒක මගේ පාලයෙන් බැහැර වුන දෙයක් හන්දා අමාරුවෙන් වුනත් ඒ දේට හිත යොදවන්නේ නැතුව ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙනත් දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

නින්දත් නොනින්දත් අතරේ ඉදහිට මම වෙලාව දිහා බැළුවා. ඒක වේගවත්. ඒත් මට වුවමනා තරමට නෙමෙයි කියලා එක වෙලාවකට මට හිතෙනවා. විටින් විට මම ඇස් පියා ගන්න උත්සාහ කලා. තාමත් කලින් දැනුන වේදනාව ඒ තරමටම දැනෙනවා. මට තවත් ආශ්වාදයක් ඕන. අන්තිමේ මම අකමැත්තෙන් වුනත් නැගිටින්න තීරණය කලා.

කලින් වතාවට වැඩියෙන් දුම්කොළ ටිකක් දාගත්තු සිගරට්ටුවත් එක්ක මම තනි වුනේ සෝෆාව මත. කාලය ගැන මට ඒ තරම්ම හැඟීමක් නොතිබුන තරම්. සිගරට්ටුවේ සැර ගත තුලට ඇදිලා යද්දී මගේ මතකය හදිසියේම දුවලා ගිහින් නතර වුනේ ඈ ලග. දුම් වළළු හෙමින් කාමරය පුරා පැතිරිලා යන අතරේ මම ඈ ගැන කල්පනා කලා. අපේ ආදරය ගැන.

කාලයක් තිස්සේ ඉදන් තියෙන ආදරයක් වුනත් අපිට තිබුනේ ස්ථාවර නොවුන බැදීමක්. ඒකට හේතු හුඟක් තිබුනා. ඒත් නිතරම වගේ ඇයට ඕන වුනේ මාත් එක්කම ඉන්න. ඒක ලිංගික බැදීමක් විතරක්මද කියලා හිතෙන්න හේතු ඕන තරම් තිබුනත් ඇයට ඒකටත් මට වඩා හොද කෙනෙක් හොයා ගන්න අපහසුවක් තිබුනේ නෑ. ඒත් ඇය මාත් එක්කම රැදුනා. අපි අසතුටින් නොවුනත් හුඟක් වෙලා හිතේ තියාගෙන ඉන්න තරම් සතුටක් අපි අතරට ආව දවසක් ගැන මතකයකුත් නැති තරම්.

අඩක් නිමාවෙමින් තිබුන සිගරට්ටුවෙන් මම බලාපොරොත්තු වුන ආශ්වාදයම ලැබෙමින් තිබුනා. කලින් එකත් එක්ක මුහු වුන හන්දම හිතේ තිබුන බැරෑරුම් ගතියත් ටිකෙන් ටික අඩුවෙලා යන්න ගිහින්. ඒත් හිස පුරා රැදුන වේදනාව තාමත් එහෙමමයි. මම එහෙමම නැගිට්ටා. කෙලවරක තිබුන කණ්නාඬිය ඉස්සරහින් ටිකකට නතර වුනේ මාවම දැක ගන්න. ඔවු මට මාවම දකින්න ඕන වුනා. හැබැයි ඒ බාහිරින් විතරයි.

උරහිස අතරට වෙනකන්ම වැවිලා තිබුන දිඟු කොණ්ඩයත් ගෙලෙන් අඩක් වැහෙන තරමට දිඟු වුන රැවුලත් එක්ක මගේ පෙනුමේ තිබුනේ සමාන්‍ය ගතියක් නෙමෙයි. හුඟක් දෙනෙක් මං දිහා බැළුවේ වෙනස් විදිහකට. ඒ ඇයි කියන්න මම දන්නවා.

" ඔයා ඔහොම ඉද්දි හරි අමුතුයි."

" ඒ ඇයි?"

" නැහැ නිකන්. මම කල්පනා කලේ ඔයාගේ ඔය රැවුලයි කොණ්ඬෙයි කැපුවම ඔයාව කොයි වගේ පෙනෙයිද කියලා."

" හ්ම්ම්."

නිතරම වගේ ඇගේ හිතේ තිබුණේ අරමුණක්. වෙලාවකට හිතෙනවා ඇය ජීවත් වුනේ හීනයකද කියලා. ඇයට ඕන වුනේ මාව වෙනස් විදිහකට දකින්න. මං තුලම ඉදගෙන. ඇය කොච්චර දුරකට සාර්ථක වුනාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් අපි තාමත් එකට ඉන්නවා. සමහර විට නාමික බැදීමකට හරි.

කන්ණාඬියට මුණ ඔබාගෙන ඉදලම මගේ මූණ නොපෙනෙන තරමටම මගේ හුස්ම කන්ණාඬිය පුරා බැඳිලා ගිහින්. ඇඟිලි තුඩු වලින් හිතුමතේ ඒ අතර රටාවක් මැවුවේ අතීතයත් එක්ක මහා ලොකු ගණුදෙණුවක් තියා ගන්න මට ඕන කමක් නොතිබුන හන්දා. ඇඟිළි රටා අතරින් නික්මුන රතු පැහැ ගැන්විලා ගිය දෑස් වලට තව දුරටත් කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණය මගේ හිතට ආවත්, කන්ණාඩිය පුරාවට මවපු රටා හැම එකක්ම අතින් මකාගෙන සෝෆාව උඩට ඇවිත් වැටුනේ ලෝකය ගැනවත් ජීවිතය ගැනවත් ඒ හැටි තැකීමක් නැති ගානට.

අනික් හැමදේම කොයිවිදිහට නතර වෙලා තිබුනත් ජීවිතය විතරක් ගලාගෙන යන බව ඔප්පු කරන්න වගේ කැරකෙමින් තිබුන ඔරලෝසුවේ කටු වල සද්දය ඒකාකාරීව ඇහුනා. මම තව ටික වෙලාවකට ඇස් පියා ගන්න උත්සාහ කලා. හිසේ තිබුන වේදනාව ටිකක් අඩුවෙලා ගිහින් තිබුන නිසාමද කොහේද ඒ වතාවේ නින්දක් ලගට එන්න ඒ හැටි වෙලාවක් ගෙවුනේ නෑ.

***

හදිසියේම මම ඇහැරුණේ කාමරය ඇතුලෙන් ඇහුන සද්දෙට. කාමරයේ කෙලවරවල් හරි හැටි නොපෙනෙන තරමටම දුමාරයෙන් හැම අස්සක්ම වැහිලා ගිහින් තිබුනත් ඇස් වල හුරුවට මම කාමට පුරා ඕන කමින් බැළුවා. මට ඇයව අඳුනගන්න ඒ තරම් අමාරු වුනේ නෑ. ඒ හිටියේ ඇය. කාමරයේ අනික් කෙලවරේ ජනෙල් පියන් ඇරලා දාපු ඇය යන්තමින් පහව යන දුමාරය තුලින් ඇවිදන් ආවේ මම හිටිය දිහාට.

" ඔයාට කී දවසක් කියලා කියන්න ඕනද මේක කරන්න එපා කියලා. ඒ කියන එක අහන්න බැරි නම් අඩුම තරමේ මේ ජනේල ටිකවත් ඇරලා දාන්න."

ඇය හිටියේ කේන්තියෙන්. ඒක  ඒ තරම්ම නුහුරු දෙයක් නොවුනේ ඇය ඔය වචන ටික කියන්නේ කී වෙනි වතාවටද කියලා මට මතකයක් නැති නිසා. මම හිටිය තැනම තිබුන ජනෙල් පියන් දෙක ඇරපු ඇය ටීපෝ එක තැනින් තැන විසිරිලා තිබුන සිගරට් අළු පිහිදලා දාද්දී මම බලන් හිටියේ ඇගේ කෙටි ගවොම අතරින් පෙනුන රෝස පාට යට ඇදුම දිහා. හැඟීමක් දනවන්න ඒ ඉරියවුවම ඇති උනත් මට ඒ තැනට යන්න ඕන කමක් තිබුනේ නෑ.

" ඔයා ලෑස්ති වෙන්නේ නැද්ද?"

" මොකටද?"

ඇය මගේ දිහා බලාගෙන හිටියේ කලින් තිබුන කේන්තියෙන්මයි. මටත් මගේ ඇස් ඉවතට ගන්න ඕන කමක් තිබුනේ නෑ.

" මොකටද අහන්නේ. මිශෙල්ගේ පාටි එක මතක නැද්ද ඔයාට."

" ඔයා ඒකට යන්නද ඔහොම ඇදගෙන ආවේ?"

මම ඇගේ යන්තමින් ඇඟ වැහුන ඇදුම දිහා බලාගෙන ඒ වචන ටික කිවුවේ ඒ තරම්ම තැකීමක් නැතුව.

" නැත්නම් මටත් වඳුරෙක් වගේද යන්න කියන්නේ?"

ඇය කේන්තියෙන් පිට කරපු වචන මම අහගෙන හිටියේ ඕනකමක් නැතුව. විනාඩි කීපයක් තිස්සේ කියවපු කිසිම දෙයකට මම උත්තර නොදී ඉද්දී හති වැටුන ඇය ඉද ගත්තේ මම ඉස්සරහම තිබුන පුටුවක. ඇගේ නිරුවත් දෙපා වල ලස්සන කලිනටත් වඩා හොදින් පේන්න තිබුනා.

" මයිකල් හුඟ කාලයක් තිස්සේ ආදරෙයි කියාගෙන මගේ පස්සෙන් එනවා."

ඇය බොහොම සීරුවේ කිවුවා.

" මයිකල් හොද වැදගතෙක්."

" ඔවු."

" ඉතින් ඔයා මොකද කිවුවේ?"

" මයිකල් දන්නවා මම ඉන්නේ ඔයා එක්ක කියලා. ඒත් මාව මුණ ගැහෙන හැමවෙලේම කියන්නේ එයාගේ ආදරේ ගැන."

" අද ඔයා එයාට කියන්න අපි එකට ඉන්නේ නෑ කියලා."

ඇය මගේ දිහා නිහඬවම ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ ඇස් වල තිබුනේ දුකක්ද, වේදනාවක්ද එහෙමත් නැත්නම් සතුටක්ද කියලා මට හරි හැටි හිතා ගන්න බැරි උනා. විනාඩියක් දෙකක් විතර ඒ විදිහට ගෙවිලා යන්න ඇති. ඇය වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ යන්න සූදානමින් කියලා මට හොදින්ම තේරුණා.

" හා."

ඇය කිවුවේ එච්චරයි. හාන්සි වෙලා හිටිය මං දිහාවට නැඹුරු උන ඇය නළලට පුංචි හාදුවක් දුන්නේ අවසාන වතාවට කියලා ඒ පහසිනම දැනුනා.

" ඔයා ඔය ගවුමට ලස්සනයි."

ඇය ඒක ඇහුනා නොඇහුනා ගානට කාමරෙන් පිට වෙලා ගියේ තව වචනයක් වත් කතා කරන්න වුවමනාවක් නැතුව. කාමරේ පුරාවට ආයෙම එකතු වුන පාළුවත් එක්ක තනි උන මම පුටුවේ හාන්සි වෙලාම කල්පනා කලේ අරමුණක් නැති දේවල් ගැන.

ඇය යන්න ගියේ හැමදාටම කියන එක හරියට හීනයක් වගේ. මම මොහොතක් කල්පනා කලේ මම මේ ඉන්නේ මත් බව එක්ක රැදුන හීනයකද කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට ඒක එහෙම නෙමෙයි. හාන්සි වෙලා හිටිය පුටුවෙන් නැගිටින්න තිබුන කම්මැලි කම පැත්තක තියලා නැගිට්ටේ තව සිගරට් එකක් අර ගන්න හිතට දැනුන ඕන කම නිසා.

කලින් දෙවතාවටම වැඩියෙන් දුම්කොල දාපු සිගරට් එකක් ඔතන අතරේ මම කාමරේ ජනෙල් ආයෙම වහලා දැම්මා. සුපුරුදු හාන්සි පුටුවටම ඇවිත් හොද දුමාරයක් පපුව තුලට අරන් ආයෙම පිට කරලා දැම්මා. දුක, වේදනාව හැම දෙයක්ම තුනී කරන් ආශ්වාදයක් මනස පුරා ඇදිලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

" එයා මයිකල් එක්ක හොදට ඉදියි."





නිමි...










45 comments:

  1. දුම්කොළ ද ගෑල්ළමයෙකු ද යන ප්‍රශ්ණය එසේ විසඳුණා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඒක හැමෝටම හොද වේවි.

      Delete
  2. දුමෙන් මොලෝ පෑදිලා.. අවුලක් නැහැ.. තනිකං දෝසේ දැනෙන්න ගත්තා කතාව කියවගෙන යද්දි..

    ReplyDelete
    Replies
    1. එහෙම හරි මොලේ පෑදුන එකම මදැයි නේද.

      Delete
  3. කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ.. මම කැමතිම මේ වගේ කතා වලට. අන්තිමට අතරමං වෙලා වගේ කල්පනා කරන්න වෙන කතා වලට..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කාලෙකින් දැක්කේ.
      අන්තිමට එහෙම උනේ ඇයි කියලා අප්සට් උනාද?

      Delete
  4. දුමත් වටිනවා නේද????????? හරිම අගෙයි දිනේෂ්................. කොහොමත් ඔබේ ලියැවිල්ල සුපිරියි......

    ReplyDelete
    Replies
    1. දුම වටිනවා ඇති කියලා තමයි කියන්න වෙන්නේ ඉතින් මටනම්.

      Delete
  5. යකෝ ඔච්චර දුම් උරන්න එපා. මේ වගේ බොලද නැති කතා වලට මං ගොඩක් කැමතියි. ඒත් දුක්බරයි..
    තීරනයක් ගන්න අමාරුම තැනක්. ඒත් මං ඔය තැන හිටියනම් මාත් ගන්නේ ඔය තීරනේ..

    ReplyDelete
    Replies
    1. මට නෙමෙයි කතාවේ කොල්ලට කියපං.

      දේවල් මත්තේ එල්ලිලා ඉන්නවට වඩා යන්න දෙන එක කොයි කාටත් හොදයිනේ.

      Delete
  6. ///" එයා මයිකල් එක්ක හොදට ඉදියි."/// හ්ම්..........

    ReplyDelete
    Replies
    1. මොකෝ බං, හ්ම්ම් විතරක්.

      Delete
  7. අපරාදෙ කියන්න බෑ ඌ හොඳ එකා.
    පපුව හොදයි කියන්න බෑ දුං වැදිල කරෝල වෙලා ඇති. හෙහ්..
    යන්න තිබ්බ හොඳම විදිහ..
    හ්ම්..
    අගෙයි දිනේෂ් අයියා..

    ReplyDelete
    Replies
    1. පපුව හොදයි බං. නැත්නම් යන්න කියලා තව එකක් ඔතාගෙන පැත්තකට වෙයිද. හා නැද්ද මං අහන්නේ?

      Delete
  8. එහෙම යන්න දෙන්න ඕනේ තැන කොතනද කියල හරි තීරණයක් ගන්න එක හැමෝටම කරන්න බැහැ...
    අපුරුයි දිනේෂ් කතාව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ. බොරුවට රැදිලා ඉන්න එක හැමදාටම වේදනාවක්.

      Delete
  9. දුම් බී නිර් වින්දනය වුන සේක

    ReplyDelete
    Replies
    1. උඹත් බිවුවද? මම කිවුවා එපා කියලා. ;)

      Delete
  10. කෙල්ලට මයිකල් එක්ක යන්න දෙන්න වුනේ කෙලින් තීරණයක් ගන්න බැරුව මිනිහා ලත වෙච්චි නිසානේ.එහෙම මුලදීම හරියට කෙල්ලව ඇසුරු කරන්නේ මෙන්න මේ දේ වෙනුවෙන් කියලා තිරණය කරලා තිබ්බා නම් මෙච්චර දුම් බොන්න ඕනේ නැති වෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. දුම, කෙල්ල හිටියත් නැතත් උගේ ස්ටයිල් එකනේ බං. කෙල්ලයි උගේ දුමට මැච් නොවුනේ.

      Delete
  11. Just supereb!! Sorry no sinhala for a better comment.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. තැන්කිවු වේවා.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. දුක හිතෙන කතාවක්. ඒත් ලස්සනයි.

    ReplyDelete
  14. වෙනස්ම විදියේ කතාවක්.

    " එයා මයිකල් එක්ක හොදට ඉදියි."

    අවිනිශ්චිත බවක්.

    ReplyDelete
    Replies
    1. තමන් ලග ඉද්දී දුක් වෙනවා දකිනවට වැඩිය අවිනිශ්චිත දේක හිත හදාගෙන ඉන්න එක එක අතකට හොදයිනේ මනෝ.

      Delete
  15. හපොයි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හෙහ්, අර මොකෝ?

      Delete
  16. උඹේ කතා හිත නිවන චිත්‍රයක් මටනම්.
    ජයවේවා....

    ReplyDelete
  17. උඹේ කතා හිත නිවන චිත්‍රයක් මටනම්.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. 'වර්ණ' කියලා කියන්නේ ඒකනේ ඉතින්.

      Delete
  18. නියමයි මචං.... මේක දැකල සුරුට්ටුවක් බොන්න හිතුන අම්මප. ගෑනු ඔහොමමයි බං... ල්ස්සනට ලියල..

    ReplyDelete
    Replies
    1. සුරුට්ටු ඕනවට වැඩිය බොන්න එපා හැබැයි.

      Delete
  19. මට මොකද මේ බ්ලොගේ හැමදාම මග අැරෙන්නෙ..))

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක් ඒක නම්.

      Delete
  20. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා....ඒ පද ටික මතක් උනා...නන්දා නැන්දගෙ සින්දුවෙ..

    ReplyDelete
    Replies
    1. දෙබසින් ප්‍රශ්ණ වැඩි වෙන්නත් පුළුවන් නේ.

      Delete
  21. Sorry no singhala fonts ..but I must say this dinesh excellent short story !!!

    ReplyDelete
  22. දුං ගහල තම්බල දාන්නෙ පපුව ඇතුලෙ ඉතිරි වෙලා කොකියන හොඳ ටිකද කියල හිතෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්