Sunday, 24 January 2016

රාජකීය අභිරහස - අවසන් කොටස



දවස් කිහිපයක්ම ගෙවී ගියේ කිසිදු සිදුවීමකින් තොරවමය.. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම අරියානා ලියු වාර්ථාවෙන් ඔවුන් වුවමනා වූ තරමේ ප්‍රචාරයක් වෝර්වික්ෂයර් කෞතුකාගාරය වෙත ලැබෙමින් පැවතියේය.. ක්‍රිස්ටෝෆර්ගේ මැදිහත්වීමෙන් දින දෙකක ප්‍රදර්ශණයක්, දින හතරක් ඇතුලත පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් වෙමින් පැවතියේය.. ගෙවුන දින දෙකකම ෆ්‍රැන්චෙස්කෝගේ නිවස නුදුරෙන් රැදෙමින් එහි යනෙන අය ගැන විමසිල්ලෙන් පසුවූවත් ඉන් වැදගත් ප්‍රතිඵලයක් ලබන්නට ඔවුන් අසමත් වූවෝය..

එදින දහවල ෆ්‍රැන්චෙස්කෝගේ නිවස අසල තනිවම ගෙවා දැමු එරිකෝ නිවසට පැමිණියේ සිම්රන්ගෙන් ලද දුරකථන ඇමතුමකින් පසුවය.. නිවසට පැමිණි ඔහු ඇය සමග සුපුරුදු විදිහටම කාර්යාලයට විත් කතාවට වැටුනාය..

" අදත් විශේෂ දෙයක් නැද්ද එරිකෝ?"

" නැහැ සිම්රන්.. මං හිතන්නේ අපිට ඕන කෙනා අල්ල ගන්න වෙන්නේ හෙට ප්‍රදර්ශණයේදිම තමයි.. මිනිහා ටිකක් කලබල නැතුව ඉන්න කෙනෙක් වගෙයි.."

" එහෙම නැත්නම් ඇත්ත ලියවිලි මිනිහා ලග තියෙන බව හොදටම දන්න නිසා කලබල නොවුනා වෙන්න බැරිද?"

" මිනිහා ලග ඇත්ත ලියවිලි තියෙන බව ඇත්ත.. ඒත් මේ ප්‍රවෘතිය දැක්කම පොඩ්ඩ්ක හරි මිනිහගේ හිතේ සැකයක් ඇති වෙන්නම ඕන.. ඒකමයි මම ෆ්‍රැන්චෙස්කෝගේ ගෙදර ලග සෝදිසියෙන් හිටියෙත්.."

" හරි එහෙමනම් දැන් තියෙන්නේ වෝර්වික්ෂයර් වලදි මේ ප්‍රශ්ණේ විසදගන්න එක විතරයි.."

" ඔවු සිම්රන්.. ඔයා අනිත් අයට කතා කරලා බැළුවද එයාලා සූදානම්ද කියලා.."

" මම කතා කලා එරිකෝ.. මහචාර්ය ක්‍රිස්ටෝෆර් හෙට ප්‍රදර්ශණයට ඔක්කොම සූදානම් කරලයි තියෙන්නේ.. ඔයා කියපු විදිහටම එයා ලියවිලි ප්‍රදර්ශණයට තියලා තියෙන්නේ හොද ආරක්ශාවක් ලැබෙන විදිහට.. ඒ හන්දා අපිට ලේසියි.. වෝල්ටර් සිවිල් ඇදුමින් හෙට ප්‍රදර්ශණයට එනවා කිවුවා.. කෞතුකාගාරයේ ඉන්න සාමාන්‍ය ආරක්ශකයෝ ඇරෙන්න වෙන කිසිම නිළධාරියෙක් යොදා ගන්නේ නෑ.. අරියානා ෆ්‍රැන්චෙස්කෝව මේ වැඩේට කැමති කරගෙන.. ඒ දෙන්නම හෙට ප්‍රදර්ශණයට කලින් වෝර්වික්ෂයර් වලට ඒවි.. අපි යන වෙලාව ඔයා තමයි තීරණය කරන්න ඕන.."

" අපි අද හවසම යමු.."

" අද හවසම?"

" ඔවු සිම්රන්.. සමහරවිට අපිට ඕන කරන කෙනා අද රෑම වුනත් එන්න බැරි කමක් නෑ.."

" ඔයා කියන්නේ ඔහු අද ආයෙම මේවා හොරකම් කරන්න උත්සාහ කරයි කියලද?"

" කියන්න බෑ.. ඔහු එහෙම උත්සාහයක් නොගෙන ඉන්න එකක් නෑ.. අනික අපි දන්නේ නැහැනේ ප්‍රවෘතිය පල වෙලා දැන් දවස් දෙකක් වෙන නිසා අපිට මේ ඕන කරන කෙනා දැනටමත් කෞතුකාගාරයට ගිහින් හැම දේම බලාගෙනද ඉන්නේ කියලා.. ඒ හන්දා අපි අද යමු.. අනික් අය හෙට නිදහසේ ආපු දෙන්.."

එරිකෝගේ හිතේ ඇති දේ හරිහැටිම තේරුම් ගැනීමට අපහසු වුවත් සවස කෞතුකාගාරය වසා දම්මන්නට කලියෙන් එහි යායුතු බව ඔහුගේ හැඟීම වූ නිසා ඉක්මනින් දහවල් ආහාරයක් ගත් ඔවුන් වෝර්වික්ෂයර් බලා පිටත් වීය.. කලින් දිනට වඩා ඉක්මනින් ස්ට්‍රැපඩ් අපොන් ඇවොන් වෙත ලගා වුන ඔවුන්ගේ ඉක්මන් පැමිණිම ක්‍රිස්ටෝෆර් බලාපොරොත්තු නොවූවක් විය..

" මම හිතුවේ හැමෝම හෙට උදේම ඒවි කියලා.."

" අපි දෙන්නට ඊට කලින් මෙහේ පොඩි වැඩ වගයක් තියෙනවා.. මම හිතනවා ඔබට ඒක ගැටළුවක් නෙමෙයි කියලා.."

ඔහුගේ මුහුණෙහි වූ ඉරියවු වෙනස් වූ මුත් ඒ බව සඟවමින් ඔහු කතා කරන්නට විය..

" හරි ඒකට කමක් නෑ.. මම ඔබ කියපු විදිහටම හැමදේම සූදානම් කලා මිස්ටර් එරිකෝ.. ඔබට පුළුවන් දැන් ඒවා බලන්න.."

" නැහැ මහාචාර්ය තුමා.. තව ටිකකින් කෞතුකාගාරය  වහනවනේ.. අපි එතකොට නිදහසේ ඒ ගැන බලමු.."

" හරි ඔබේ කැමැත්තක්.."

කෞතුකාගාරය වැසීමට හෝරාවක් පමණ ඉතිරිව තිබුන නිසා ක්‍රිස්ටෝෆර් ඔහුගේ රාජකාරි වල නියැලෙද්දී නිවස තුලත් නිවසේ වූ ගෘහ උද්‍යානය වෙතත් ගිය එරිකෝ ඒවා හොදින් විමර්ශණය කලේය.. එලිමහන් රංග පීඨයේ දවසේ අවසන් වතාවට රඟ දැක්වෙමින් තිබූ මැක්බත් නාට්‍ය දෙස මොහොතක් බලා හිදි ඔවුන් එළිමහනේ වූ ආරක්ශක කැමරා දෙසත් අවදානය යොමුකරමින් ඇවිද ගියෝය..

කෞතුකාගාරය නැරඹුම් කාලය නිමා වෙත්ම ඒ බව නිවේදනය වෙද්දී එය නරඹමින් සිටින අයට සැකයක් ඇති නොවන අයුරින් එහි කාර්යාලය වෙත ගිය එරිකෝත් සිම්රනුත් ක්‍රිස්ටෝෆර් පැමිනෙන තුරු එහි රැදී සිටියේය..

" අද දවසටත් හැමදේම හොදින් විසදුනා මිස්ටර් එරිකෝ.. දැන් තියෙන්නේ හෙට වෙනකන් බලාගෙන ඉන්න එක.."

" අපේ වැඩ තවමත් ඉවර නැහැ මිස්ටර් ක්‍රිස්ටෝෆර්.. තව පුංචි වෙනස් කම් කීපයක් කරන්න තියෙනවා.."

" ඒ මොනවද?"

ක්‍රිස්ටෝෆර් විමතියෙන් මෙන් විමසුවේ අවසන් මොහොතේ හදිසියේම එරිකෝට අවශ්‍ය වූයේ කුමක්දැයි දැන ගැනීම සදහාය..

" මිස්ටර් ක්‍රිස්ටෝෆර්, මම කැමතියි ප්‍රධාන ශාලාවේ වම් කෙලවරෙයි පිටවීම් දොරටුව ලගයි තියෙන ආරක්ෂක කැමරා දෙක ටිකක් විතර අපි අපේ ලියවිලි තියන තැනට යොමු කරන්න.. එක එල්ලේම නෙමෙයි.. ඒත් දැනට තියෙනවට වඩා එතන ටිකක් පැහැදිළිව පේන්න.. පිවිසුමේ තියෙන එක වෙනස් කරන්න එපා.."

" හරි මිස්ටර් එරිකෝ ඒක කරන්න පුළුවන්.. ඒත් මේ හදිස්සියෙම ඇයි.. ඔබ කලින් කිවුවනම් මම ඒක සූදානම් කරලා තියනවනේ.. දැන් සේවකයොත් ගිහින් ඇති.."

" අහ් ඒකට කමක් නැහැ.. ඒක මට වුනත් කරන්න පුළුවනි.. ඒක මට මේ දැන් හිතුන දෙයක්.. අනික් දේ තමයි අද රාත්‍රියේ අපි දෙන්න මෙහේ නතර වෙනවා.. ඔබ පිටතට යද්දී ඒ ගැන ආරක්ශකයන්ටවත් කියන්න එපා.. මම හිතනවා ඔවුන් ඇතුලට කඩාවදින එකක් නැහැ කියලා.."

" ආ නැහැ.. මොනව හරි දෙයක් තිබුනොත් ඔවුන් මට කතා කරනවා.. මම ඉන්නේ ගෙවල් දෙකක් එහායින්.. හරි එහෙනම් ඔබලාට සුභ රාත්‍රියක්.."

හදිසියේම කෞතුකාගාරය තුල රාත්‍රිය ගත කරන්නට එරිකෝට වුවමනා වූයේ ඇයිදැයි තේරුම් ගන්නට අපහසු වුවත්  ක්‍රිස්ටෝෆර්වත් සිම්රන්වත් ඒ ගැන විමසන්නට නොගියේය..

" රෑට මේ කෞතුකාගාරයට පණ එන එකක් නෑ කියලා අපි හිතමු නේද සිම්රන්.."

ක්‍රිස්ටෝෆර් නික්ම ගිය පසු කෞතුකාගාරයේ තනි වූ එරිකෝ සිම්රන්ගේ නිහැඬියාව බිදින්නට ඈට විහිළුවක් කලේ ඇය එරිකෝගේ හදිසි සැළසුම ගැන විමතියෙන් සිටින බව ඔහුට දැනුන නිසාවෙන්ය.. එතරම්ම කතාබහක් නොවූවත් විමසිල්ලෙන් ගෙවුන රැය තරමක් දිගු එකක් විය..

***

උදෑසන කෞතුකාගාරය විවෘත වන වේලාව වන විට අන් සියළු දෙනාම කෞතුකාගාරයෙන් පිටත් රැදී සිටි අතර එරිකෝගේ වේලාසනින් පැමිණිම ඔවුනටද පුදුමයට කරුණක් විය..

" අපිටත් කලින්ම වැඩ පටන් අරගෙනනේ මේ දෙන්නා.."

" විස්තර පස්සේ කතා කරමු වෝල්ටර්.. දැන් කතා වුන විදිහට හැමදේටම සූදානම් වෙමු.. මම හිතන්නේ ඔහු මෙතන ඉන්නවා.."

අනික් හැමෝම ඔවුනොවුන්ගේ මුහුණු දෙස බැළුවේ එරිකෝ අවසානයේ කියූ දෙය නිසාවෙන්ය.. ඒත් වැඩි දුර කතා කිරීමට එරිකෝ තුල උනන්දුවක් නොවූ නිසාම කිසිවකුත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නට නොගියේය.. තම වාර්ථා පොත අතට ගත් අරියානා ඇගේ මාද්‍ය හැදුණුම් පතද පැළදගෙන කෞතුකාගාරය තුල යමින් ඔවුන් බලාපොරොත්තු වූ අමුත්තා ගැන විමසිල්ලෙන් පසුවූයේ කිසිවකුටත් සැකයක් ඇති නොවන පරිද්දෙන්ය..

සිවිල් ඇදුමින් සැරසී බොරු උඩු රැවුලක්ද පැලද සිටි වෝල්ටර් නරඹන්නෙකු මෙන් ප්‍රවේශ පතක්ද මිලට ගෙන ප්‍රදර්ශණය නරබමින් සිටියේය.. කෞතුකාගාරයේ පහළ මහලේ වූ ආරක්ශක කුටිය වෙත ගිය එරිකෝ ෆ්‍රැන්චෙස්කෝ සමග ආරක්ශක කැමරා දෙස අවදානය යොමුකරමින් සිටියේය.. රාත්‍රියේ තමන්ට වුවමනා පරිදි වෙනස් කරන ලද ආරක්ශක කැමරා මගින් ශේක්ෂ්පියර්ගේ ලියවිලි සහිත වූ තැනත් ඒ අසලම හිදිමින් ඒ ගැන තොරතුරු සපයමින් වුන් ක්‍රිස්ටෝෆර් දෙස ඔවුන් බලාගෙන සිටියේය..

" ෆ්‍රැන්චෙස්කෝ හොද අවදානයෙන් ඉන්න.. අපිට මෙතනදි අවදානමක් ගන්න බෑ කියලා ඔයා හොදටම දන්නවනේ.. ඒ නිසා ඔයාගෙන් ලියවිලි හදාගත්ත කෙනා දැක්කොත් හරියට ඒක තහවුරු කර ගෙන මට කියන්න.."

" මට තේරෙනවා එරිකෝ.. වැරැද්දක් නොවෙන්න මම බලාගන්නම්.."

තමන් ඉදිරියේ වූ රූපවාහිනි තිර දෙස නිරන්තර විමසිල්ලෙන් සිටි ඔවුන් කොයි මොහොතේ හෝ තමන්ට වුවමනා පුද්ගලයා ඒ යැයි විශ්වාසයෙන් ඒ දෙස බලාගෙන සිටියේය.. ප්‍රදර්ශණය ආරම්භ වී හෝරාවක් දෙකක් යන තුරු සෑම දෙයක්ම කිසිදු බාදාවකින් තොරව පැවතියේය.. එය එරිකෝ බලාපොරොත්තු වූවක් විය..

හදිසියේම තිරයේ දුටු දෙයකින් ෆ්‍රැන්චෙස්කෝ තරමක් කලබල වූ බවක් පෙනෙන්නට විය.. පිවිසුම් දොරටුව අසල වූ කැමරාව දෙසත් ඉන්පසුව ලියවිලි තබා ඇති තැන සමීපයේ වූ කැමරා දෙක දෙසත් ෆ්‍රැන්චෙස්කෝ උනන්දුවෙන් බලා සිටිනු දුටු එරිකෝ ඔහු වෙතට ලං විය..

" මොනවා හරි විශේෂයක් තියෙනවද ෆ්‍රැන්චෙස්කෝ?"

" එරිකෝට පේනවද මේ ඉන්න මනුස්සයව.. මේ දුඹුරු පාට කෝට් එකක් ඇදන් ඉන්නේ.. මේ කෙනානම් එදා මගේ ලඟට ආව කෙනාගේ හැඩරුවට හොදටම ගැලපෙනවා.. ඒත්.."

" ඇයි එරිකෝ ඒත් කියලා නැවැත්තුවේ?"

" නැහැ, එරිකෝට මතක ඇතිනේ මම එදා කිවුවා නළලයි ඇසුයි වැහෙන්න පරණ තාලේ තොප්පියක් දාන් හිටපු නිසා අඳුරට මට මුණ හරියටම පෙනුනේ නැහැ කියලා.. ඒකයි මම ටිකක් කල්පනා කලේ.."

" එහෙම කියන්න එපා ෆ්‍රැන්චෙස්කෝ.. තව ටිකක් උත්සාහ කරන්න.. හිතින් එදා දැක්කා වගේ තොප්පියක් මවා ගන්න බලන්න.. ඒ කෙනාව අඳුන ගන්න පුළුවන් මොකක් හරි විශේෂත්වයක් ඔයාට මතක් වේවි.."

එරිකෝගේ ඉල්ලීම හමුවේ ෆ්‍රැන්චෙස්කෝ එම පුද්ගලයා දෙස තවත් උනන්දුවෙන් බලා සිටින්නට විය.. නමුත් ඔහුගේ ඇසිරීමෙත් යම් විශේෂත්වයක් දකින්නට එරිකෝටද හැකි විය.. අන් අයට බාදාවක් නොවන අයුරින් ලියවිලි තබා ඇති ස්ථානය අසල තරමක් වේලා රැදී සිටින්නට ඔහු උත්සාහ දරණ බව එරිකෝට තේරුම් ගියේය..

" හරි එරිකෝ, මේ ඔහුම තමයි.. බලන්න ඔහුගේ දකුණු කකුල දිහා.. එදා මගේ ගෙදරදිත් මම ඔය වෙනස දැක්කා.."

ෆ්‍රැන්චෙස්කෝ පෙන්වූ වෙනස දෙස එරිකෝ උනන්දුවෙන් බලන්නට විය.. දකුණු කකුල ඔහු කෙලින් සිටගෙන සිටින විට එක ලග තැබිය නොහැකි සේ තරමක් ඇදව පිහිටීම විරළ දෙයක් වූ නිසාම ෆ්‍රැන්චෙස්කෝට එතනදී වැරදිය නොහැකියි එරිකෝ අනුමාන කලේය.. ෆ්‍රැන්චෙස්කෝගෙන් දැනගත් දෙය ගැන වෝල්ටර් හා අරියානා දැනුවත් කල එරිකෝ ඔහුට නොදැනෙන සේ ඔහු ගැන විමසිල්ලෙන් සිටින මෙන් උපදෙස් දුන්නේය..

" හරි ෆ්‍රැන්චෙස්කෝ, මේකයි අපේ අන්තිම සැලැස්ම.. ප්‍රදර්ශණය තියෙන තැනට ගිහින් ඔයා අපේ අමුත්තට පේන විදිහට ටිකක් ඉන්න.. අනිවාර්යෙන්ම එයා ඔයාව අදුන ගන්නවා.. ෆ්‍රැන්චෙස්කෝව ඔහු මඟ හරින්න උත්සාහ කරනවා කියන්නේ ඒ අපි හොයන කෙනාමයි කියන එක.."

" හරි එරිකෝ මම ඒ විදිහට කරන්නම්.."

ආරක්ශක කාමරයෙන් නික්මුන ෆ්‍රැන්චෙස්කෝ සැකයක් ඇති නොවන පරිද්දෙන් කෞතුකාගාරයට අළුතින් එක් කල ලියවිලි වූ තැනට සෙමෙන් ගමන් කරන්නට විය.. ක්‍රිස්ටෝෆර්ගෙන් තොරතුරු අසන්නටවත් වුවමනාවක් නොකල ඔහු ෆ්‍රැන්චෙස්කෝට පියවර කිහිපයක් ඉදිරියෙන් හිද ලියවිලි දෙසට නෙත්යොමමින් සිටියේය.. ඔහු ගැන එතරම්ම උනන්දුවක් නොදක්වනවා මෙන් හැසිරුන ෆ්‍රැන්චෙස්කෝ ඔහු ඉදිරියෙන් සිට ගනිමින් ලියවිලි නරඹන්නට විය..

ෆ්‍රැන්චෙස්කෝට වඩා ලියවිලි ගැන උනන්දුවක් තිබුන ඔහුට ඔහු ලග සිටින අය ගැනවත් උනන්දුවක් නොවීය.. ෆ්‍රැන්චෙස්කෝට තරමක් දුරින් හිද වෝල්ටර් මෙන්ම එරිකෝද සියල්ලක් දෙසම හොද අවදානයෙන් සිටියේය.. මිනිත්තු කිහිපයකින් ලියවිලි අතරින් අවදානය මිදුන ඔහුට තමන් ඉදිරියේ සිට ලියවිලි දෙස බලමින් වුන් ෆ්‍රැන්චෙස්කෝව නෙත ගැටුන බව ඔහුගේ හැසිරීමෙන් හොදින්ම පෙනෙන්නට විය.. ෆ්‍රැන්චෙස්කෝව මග හරින්නට මෙන් තමන් අත තිබූ කඩදාසි, මුහුණ තරමක් වැසෙන්නට මෙන් ඉහලට ඔසවමින් කියවමින් පියවරක් දෙකක් එතනින් ඉවතට යන්නට ඔහු උත්සාහ දැරීය..

එහෙත් ඔහුට නොදැනෙන සේ ඔහු ඉදිරියට ආ එරිකෝ හා වෝල්ටර් ඔහුගේ ගමනට බාදාවක් විය..

" මට සමාවෙන්න මහත්වරුනි.. මට පොඩ්ඩක් ඉඩ දෙනවද?"

ඔහු එතනින් මිදීමට මඟක් සොයමින් කතා කලේය..

" අපිට ඔබත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. අපි කැමතියි ඒක පෞද්ගලිකව කරන්න.."

එරිකෝ ඔහුගේ ගමන තවත් නවතාලමින් පැවසීය..

" මොනවා ගැනද? මම ඔබලාව කලින් දැකලා නැහැනේ.."

" ඔවු ඒක ඇත්ත.. ඒත් ඔබ මේ අපේ මිත්‍රයාව හොදින්ම අඳුනනවානේ.."

එරිකෝ ෆ්‍රැන්චෙස්කෝව ඔවුන් අසලට කැදවමින් පැවසීය.. ෆ්‍රැන්චෙස්කෝව ඔවුන් සමග දුටු සැනින් සිදුවන්නට යන දේ ගැන ඔහුට වැටහුනත් ඔහු ඉවසීමෙන් කටයුතු කලේ ඉන් මිදීමට මඟක් සොයමිනි..

" නැහැ මම මොහුව අඳුනන්නේ නැහැ.. සමාවෙන්න මට ප්‍රමාද වෙනවා.."

" මේ බලන්න මහත්මයා.. අපි ඔබ කවුද කියලවත්, ඔබේ නමවත්, මොනවද කරන්නේ කියලවත් දන්නේ නැහැ.. ඒත් එක දෙයක් දන්නවා.. ඒ ඔබ මගේ ම්ත්‍රයා ෆ්‍රැන්චෙස්කෝ එක්ක එකතු වෙලා ඔහුගේ උදවු අරන් සැලසුම් කරපු දේ ගැන.. ඒ නිසා අපි කැමතියි ඔබ කලබලයක් ඇති නොකර හැම දෙයක්ම අපිත් එක්ක කියනවනම්.."

එරිකෝ ඔහුට ඉන් ඉවත්ව යන්නට තිබෙන මඟ අසුරමින් ඔහු තුලින්ම සෑම දෙයක්ම දැන ගැනීමට ඔහුට බල කලේය.. ෆ්‍රැන්චෙස්කෝ මෙන්ම වෝල්ටර් හා අරියානාත් ඔවුන් සිටි තැනට පැමිණි නිසාම  උඟුලට හසු වූ බව ඔහුට හැගි ගියේය..

" එහෙනම් මේ හැම දෙයක්ම සැළසුමක්.. අර තියෙන්නේ ඇත්තම ලියවිලි නෙමෙයි.. මම හරි නේද?"

" ඔවු, ඒ ඇත්ත ලියවිලි නෙමෙයි.. ඇත්තම ඒවා තියෙන්නේ ඔබ ලග හරි ඔබ වෙනුවෙන් මේ වැඩේට මුදල් ගෙවපු කෙනා ලග හරි.. අපිට දැන ගන්න ඕන අන්න ඒ කවුද කියන එක.."

" මේක ඔබලාට පාලනය කරන්න බැරි තරම් දුර ගැටළුවක් වේවි.. මම කැමතියි මගේ නීතීඥ්ඥයා එක්ක කතා කරන්න.."

" මහත්මයා, ඔබට ඕන හැම පහසුකමක්ම ඒ විදිහටම අපි සුදානම් කරලා දෙන්නවා.. ඊට කලින් අපිට දැන ගන්න ඕන මේක පිටිපස්සේ ඉන්නේ කවුද, ඒ ඇයිද කියන එක.."

ඔහු මොහොතක් කල්පනා කරන්නට විය.. සෑම අතකින්ම ඔහු සිරවී ඇති බව තේරුම් ගන්නට ඔහුට එතරම් කාලයක් ගත නොවීය..

" හරි, හැම දෙයක්ම සිද්ද වෙන්නේ ඒ පිළිවෙලටනම් මම හැම දෙයක්ම හංගන එක සුදුසු නැහැයි කියලයි මට හිතෙන්නේ.."

" ඔබ ඒ ගැන තේරුම් ගත්ත එක මට ඇත්තටම සතුටක් මහත්මයා.."

ඔහුත් සමග ආරක්ශක කාමරය වෙත ගිය ඔවුන් සියළු දෙනාම ඔහු විසින් කියන්නට යන කතාව ඇසීමට උනන්දුවෙන් පසුවීය..

" මම ස්ටැන්ලී ගාඩ්නර්.. මම කප්පම් කරුවෙක්.. ඒත් මේ වෙනකම් ලොකු අපරාද වලට මම සහභාගි වුනේ නෑ.. ඒත් ගෙවන්න යන මුදල ගැන දැනගත්තම මට මේක මඟ හරින්න පුළුවන් කමක් තිබුනේ නෑ.. මාව මේ ගණුදෙනුවට කතා කලේ මම ලිවර්පූල් වල ඉද්දී.. මට එහෙදී මම කලින් වැඩ කරපු තවත් කප්පම්කරුවෙක් හම්බුනා.. අරල් මේසන්.. ඔහු තමයි මේ හැම දෙයක්ම සැළසුම් කලේ.. මම කලේ ඔහුට ඕන දේ කරපු එක විතරයි.. හැමදෙයක්ම හරි විදිහට හරි වෙලාවට සැළසුම් කරන්න ඔහුට පුළුවන් වුනා.."

" එතකොට අර්ල් මේසන්ට මේ හැම තොරතුරක්ම හරියට ලැබුනේ කොහොමද? කප්පම්කාරයෙක්ට මේ වගේ තොරතුරු හරියට ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුයි.."

" අන්න ඒ නිසයි මම කිවුවේ මේක ඔබලාට පාලනය කරන්න බැරි තරම් ඉහලට යාවි කියලා.. ඔබලා හැමෝම දන්නවනේ පේරි ගිබ්සන් ගැන.. අන්න ඔහුගෙන් තමයි මේ තොරතුරු ලැබෙන්නේ.."

" මොනවා පේරි ගිබ්සන්.. ඒ රැජිනගේ ආරක්ශක අංශයේ ප්‍රධානියානේ.."

වෝල්ටර් විමතියෙන් මෙන් පැවසීය.. කොහෙත්ම නොහිතපු අයුරේ පුද්ගලයෙක් මීට සම්බන්ඳ වීම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් විය..

" හරි ඔහු ඇයි මේ වගේ දේකට සම්බණ්ඳ වෙන්නේ?"

එරිකෝ ගැටළුවේ ඉතුරු ටික දැන ගන්නට තිබුන  වුවමනාව නිසාම ස්ටැන්ලිගෙන් විමසීය..

" ඒක කාලකෙට කලින් පේරි ගිබ්සන්ගෙයි අරල් මේසන්ගෙයි අතර තිබුන ගණුදෙනුවක් නිසා වුන දෙයක්.. ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නෑ.. ඒත් අරල්ගේ බලකිරීම නිසා පේරි වැඩ කලා කියන එක අපි අතර වුන හැම කතාවකදිම මට තේරුණා.."

" ඇයි ඒකට මොකද්ද තියෙන හේතුව?"

" මේ සැළසුම ක්‍රියාත්මක කරන්න කලින් දෙතුන් වතාවක්ම අපි තුන්දෙනා මුණගැහිලා කතා කලා.. ඒ හැම වෙලාවකම පේරි කිවුවේ මේකේ අවදානම වැඩියි ඒ නිසා මේක කරන්න එපා කියලා.. ඒත් ඒවා අහන්න තරම් ඕන කමක් අරල්ට තිබුනේ නෑ.. ඔහු වැඩ කලේ ඔහුගේ වුවමනාවට.. මටත් වතාවක් මේකෙන් ඈත් වෙන්න වුවමනාවක් ආවත් ඒ වෙද්දී හුඟක් ප්‍රමාද වැඩියි.."

" හරි දැන් ඒ දේවල් ගැන හිතන්න කාලය නෙමෙයි.. අපිට සිද්ද වුන දේ ගැන විස්තර කරන්න.."

වෝල්ටර් උස් ස්වරයෙන් තර්ජනාත්මකව පැවසුවේ අනවශ්‍ය දේවල් ගැන කතා කිරීමෙන් පලක් නොවන නිසාවෙනි.. පොලීසියේ මෙන් කෑ ගැසීමට විරුද්ධ වුන එරිකෝ ඔහුව නතර කරමින් ස්ටැන්ලිට කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..

" මම කලින් කිවුව වගේම මට ලිවර්පූල් වලදියි අරල්ව මුණගැහුනේ.. ඒ අවුරුදු පහකට විතර පස්සේ.. මම නැවතිලා හිටපු නිකේතනයට අව අර්ල් මට මේ යෝජනාව කලා.. එවෙලේ මට කිවුවේ නෑ පේරිගෙන් මේකට අවශ්‍ය තොරතුරු ලැබෙනවා කියලා.. මේ ලියවිලි ගැන මම ඒ වෙද්දී අහලාවත් තිබුනේ නෑ.. ඒ හන්දා මම කිවුවේ මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි කියල.. ඒත් අරල් කියන්නේ කාටත් වඩා හොද කප්පම් කරුවෙක්.. ඒ හන්දා ඔහුට වරදින්න තියෙන ඉඩ අඩුයි කියලා අපි හැමෝම දන්නවා.. ඒ නිසා මම මේකට එකතු වුනා..

පේරිගෙන් අපිට ඕන කරන හැම තොරතුරක්ම ලැබුනා.. රජ මාලිගාවෙන් මේ ලියවිලි ලන්ඩන් කෞතුකාගාරයට යනකම් අපිට බලාගෙන ඉන්න සිද්ද වුනා.. මොකද ඊට කලින් මේ වැඩේ කරන්න කොහෙත්ම බැරි නිසා.. පේරි තොරතුරු සහතික කලාට පස්සේ අපි අපේ සැලැස්ම ක්‍රියාත්මක කලා.. අරල් කලින් ඉදලම ලන්ඩන් කෞතුකාගාරයේ ආරක්ශක නිළධාරියෙක්ව ඔහුගේ සල්ලි වලට යට කරන් හිටියේ.. ලියවිලි ලන්ඩන් කෞතුකාගාරයට ලැබුනට පස්සේ දවසේ රාත්‍රී මුර සේවය තිබුනේ ඒ ආරක්ශක නිළධාරියට.. අර්ල්ගෙන් ලැබුන උපදෙස් අනුව ඔහු හරියටම වැඩ කරලා තිබුනා.. අපිට තිබුනේ පිටුපස දොරටුවේ රැදි ඉන්න විතරයි..

ඊළගට අපිට ඒ ලියවිලි වල ව්‍යාජ ලියවිලි ඉක්මනින්ම හදන්න වුවමනා වුනා.. අපිට කලින් ඒක සූදානම් කරලා එවෙලෙම ව්‍යාජ ලියවිලි එතන තියන්න පුළුවන් කමක් තිබුනේ නැත්තේ ඇයි කියලා මම අමුතුවෙන්ම කියන්න ඕන නැහැනේ.. ඒත් අර්ල්ට ඒකට සැළසුමක් තිබුනා.. ඒ තමයි මේ ඉන්න ෆ්‍රැන්චෙස්කෝ.. මේ වගේ දේවල් ඉක්මනට දක්ශ විදිහට කරන්න පුළුවන් එකම කෙනා ෆ්‍රැන්චෙස්කෝ කියලා අරල් දැනගෙන හිටියා.. ඒ නිසයි මම  කලින්ම ගිහින් ෆ්‍රැන්චෙස්කෝ එක්ක මේ ගැන කතා කරලා තිබුනේ.. එතකොට එක පාරම ඒකට විරුද්ධ වෙන්නවත් ඒ ගැන සැක කරන්නවත් ෆ්‍රැන්චෙස්කෝට ඉඩක් නැති නිසා..

ෆ්‍රැන්චෙස්කෝ අපි බලාපොරොත්තු වුන විදිහටම ඒ වැඩේ කරලා දුන්නා.. එදා පාන්දර ඒ ව්‍යාජ ලියවිලි අරන් අපි ආයෙම කෙලින්ම ගියේ ලන්ඩන් කෞතුකාගාරයට.. එතනදී අපේ සගයට ඒ ටික දීලා අපි අපේ කාර්ය ඉවර කලා.. අපිට වාසි සහගත දෙයක් සිද්ද වුනේ ඊට පස්සේ.. ඒ ලන්ඩන් වලින් ඒ ලියවිලි වෝර්වික්ෂයර් අරන් යනවා කියලා අපේ සගයා දුන්න ආරංචිය.. ප්‍රවාහනය අතරමග මේ දේ වුනා කියන්න තියෙන ඉඩකඩ හුඟාක්ම වැඩි නිසා අපි ඒ ගැන සතුටු වුනා.. ඒත් අපි බලාපොරොත්තු වුන විදිහේ ආරංච්යක් ඊලග දවස් කීපයෙදි නොලැබුන නිසා අපි හැමෝම ටිකක් නොසන්සුන්ව හිටියේ.."

" ඒ අතරෙදි ප්‍රදර්ශණයට හැම දෙයක්ම සූදානම් කියුවම ඔබලට හිතුන දේ මොන වගේද කියලා මට හිතා ගන්න පුළුවන්.."

එරිකෝ ඔහුගේ කතාව නිමාවෙද්දී පැවසුවේය..

" ඇත්තෙන්ම ඔවු.. මෙතනදි වැඩියෙන්ම කලබල වුනේ පේරි.. ඒත්, අර්ල් ඒකට ඇගිල්ල දික් කලේ මට.. එදා රෑ කලබලේට මම ලියවිලි පටලවා ගත්තා කියලා.. අපිට ඒක නිවැරදි කර ගන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ.. අර්ල් ඒ වෙද්දිත් ඩෙන්මාර්කයේ කෝටිපතියෙක් ගණුදෙනුවට සූදානම් කරගෙනයිත්  හිටියේ.. ඔහුත් එක්ක ගණුදෙනුවේ ඉතුරු ටික කතා කරන්න කලින් මේ ගැන හොයලා බලන්නයි මම අද ආවේ.."

" දැන් එතකොට කෝ ශේක්ෂ්පියර්ගේ ලියවිලි?"

" අර්ල්  ලග.. මෙච්චර දවසක් අපි හිටියේ මැන්චෙස්ටර් වල.. අර්ල් තාමත් එහෙ.."

" එහෙමනම් වෝල්ටර්, අර්ල්ව කොටු කර ගන්න එක ඔබට කරන්න පුළුවන්නේ.. මතක තියාගන්න ඒක අද දවස ඇතුලතම කරන්න.. මොකද ස්ටැන්ලිගෙන් තොරතුරක් ලැබෙන්න පරක්කු වුනාම අර්ල්ට හැම දෙයක්ම තේරුම් යාවි.."

ස්ටැන්ලිගේ කතාවේ සියල්ල අසා සිටි එරිකෝ වෝල්ටර්ට උපදෙස් ලබා දුන්නේ එය ඉක්මනින්ම ඉටු කල යුතු දෙයක් නිසාවෙන්ය..

" එතකොට පේරි ගිබස්න්?"

වෝල්ටර් එරිකෝගෙන් ආපසු විමසුවේය..

" ඒ ගැන ඔබේ ඉහළ නිළධාරින් දැනුවත් කරන්න වෝල්ටර්.. ඔවුන් ඉතුරු ටික තීරණය කරාවි.. මතක තියාගන්න මෙතනදි ෆ්‍රැන්චෙස්කෝ අපිට උදවු කල නිසයි මේක විසදගන්න පුළුවන් වුනේ.. ෆ්‍රැන්චෙස්කෝට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්න එපා.."

එරිකෝ ෆ්‍රැන්චෙස්කෝට ස්තූති වන්ත වෙමින් පැවසීය.. තම දුරකතනය අතට ගෙන නිළධාරින්ට උපදෙස් දෙමින් වෝල්ටර් එළියට නික්ම යන අතරතුර එහි සිටි ආරක්ශකයන් යටතට ස්ටැන්ලිව බාර කල ඔවුන් ආරක්ශක කාමරයෙන් පිටතට ආවේය.. එලිමහන් රංග පීඨය මත රඟ දැක්වෙන වැනීසියේ වෙලෙන්දා නැරඹිමට එරිකෝ සිම්රන් හා අරියානා සමගින් නතර විය..

" කාලෙකට පස්සේ මුණගැහිලා ගෙවපු කාලය හරිම සුන්දරයි එරිකෝ.."

" මටත් අරියානා.. ඒත් මේ අන්තිම හමුවීම නෙමෙයිනේ.. අපිට ඉස්සරහට තව වැඩ වලදි එකතු වෙන්න පුළුවන් වේවි.."

" මාත් හිතනවා.. මේ පරීක්ශණය රහසක් නොවුනනම් මට මේ හැම දෙයක් ගැනම ලියන්න තිබුනා.."

සිම්රන්ගේ හිත නාට්‍ය වෙතට ඇදී ගොස් සිටියදි එරිකෝව ඉන් තරමක් ඈතට කැදවාගෙන ආ අරියානා ඈ දෙස මොහොතක් බලාගෙන සිටියාය..

" ඔයා කවද්ද එරිකො ඒ ගැන සිම්රන්ට කියන්නේ?"

" මොකද්ද?"

" එරිකෝ, අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා ඔයා හොදටම දන්නවා.. ටික කාලයක් දුරින් හිටියත් මම ඔයාගේ හොදම යාළුවා.. ඔය දෙන්නගේ ඇස් වලින් හිතේ කැමැත්ත හොදින්ම පේනවා එරිකෝ.. ඒක එයාට කියන්න.. එයා කැමති වෙයි.."

තමන්ට පියවර කිහිපයක් ඈතින් සිටි සිම්රන් දෙස එරිකෝ බලාගෙන සිටියේය.. තමන්ගේ හිතේ තිබුන දෙය අරියානා තේරුම් ගත් මුත් ඇය පැවසූ පරිදි ඈට ලං විය නොහැකි බව එරිකෝගේ හිත දැන ගෙන සිටියේය.. නාට්‍ය නරඹමින් සිටි ඇය මොහොතකට ඉන් මිදී එරිකෝ දෙස බැළුවාය.. ඈට සුපුරුදු නිතරම එරිකෝගේ හිත ඇද ගත් සිනහව පෑ ඇය ඔහු ඈ ලගට එන තුරු එතනම රැදී සිටියාය.. 





 නිමි...







33 comments:

  1. එල මචෝ එල... ඒ උනත් කතාව ඉවර කරපු එක ගැන නම් දුකයි. මොකද කතාවක් කියවගෙන යද්දි ඒක ඉවර නොවී තියෙනවට ඕනෙම කෙනෙක් කැමති නිසා. තව එකක් ලියහං...

    ReplyDelete
    Replies
    1. ඉවර නොකර කෝමද බං. තව අදින්න ගියොත් කියවන්න වගේම ලියන්නත් එපා වෙනවා.

      Delete
  2. ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. යශන්ත කියල තියෙනව වගේ තව එකක් ලියන්න, අපි කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අනූ, තැන්කිවු වේවා.

      Delete
    2. ඔය ලියන්න අමාරු නම් නැතුව ශ්‍රීනාත් කිවුවනම් වැඩේ ලේසි වගේ. හෙහ් හෙහ්.

      Delete
    3. යශ්යන්ත. ඔන්න නිවැරදි කළා. ඇත්තමයි, ශ්‍රීනාත් කියන නමම කිව්වනම් ලේසියි

      Delete
  3. දිනේෂ්............. මේවා මුද්‍රණද්වාරයෙන් පිටවෙන්නේ කවදැයි......?????? අලුත් කතාව මොකක්ද?????? උඹේ කතා හැකියාව ගැන මාර සතුටුයි බං.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ටිකක් හිතන්න ඕන කාරණාවක්. බලමුකෝ
      තව එකක් නම් බ්ලොග් තුල ලියන්න අදහසක් නෑ. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා.

      Delete
  4. එල!
    එරිකෝ හන්ටර් දවසක ෂර්ලොක් හෝම්ස් වගේම ජනප්‍රිය කතා මාලාවක් වෙනවා. මම අද කිව්වයි කියලා මතකෙ තියාගනින්. :)

    ReplyDelete
    Replies
    1. හා, ඔන්න මතක තියා ගත්තා එහෙනම් ඈ.

      Delete
  5. කතාව ඉවරයි.තව ලස්සන කතාවක් ලියමු සහෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  6. හම්මේ.. සුපිරි.. හැමෝම කියනවා වගේ මේවා මුද්‍රිත පිටපතක් වශයෙනුත් එලියට එනවනම් වටිනවා.. මට උනේ හොඳම වැඩේ.. මුල් කොටස් තුන කියවලා තිබුනේ නා පහුගිය ටිකේ කලබල අස්සේ.. මුල ඉඳලම කියවගෙන එන්න උනා.. :)

    ReplyDelete
    Replies
    1. ටිකක් දිග වැඩි උනත් එක පාර කියවන්න උන එකත් හොදයි හැබැයි. කුතුහලයක් තියාගන්නේ නැතුව කියවන් යන්න පුළුවන්නේ.

      Delete
  7. මල්ලි දැන් රහස් පරීක්ෂක කතා වලට හොඳට සීසන් වෙලා තියෙන්නේ. මේක අපි කොහොම හරි ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. සුද්දන් පුදුම කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් හැබැයි නරකමත් නෑ. බලමුකෝ ටිකක් හිතලා.
      ගොඩක් ස්තූතියි දිරිගැන්වීමට.

      Delete
  8. ලිවර්ෆූල් මම කැමතිම ෆුට්බෝල් ටීම් එක.
    3 සහ අවසාන කොටස දෙකම එකදිගට කියවපුවම සියුම් සතුටක් එනවා..ඒත් ඉවර වුණානේ. සුදීක අයියා කියලා තියෙනවා වගේ ඉන්ග්‍රීසීයට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඕනම දේකට අවසානයක් දෙන්න එපැයි බං ඉතින්-
      සුදීක අයියා කිවුව දේ පසුවට හොදට හිතන්න ඕන. බලමු.

      Delete
  9. රයිට් ඔන්න කොටස් ඔක්කොම කියෙව්වා. කතාවක් ෆුල් කියවන්න නම් ඔක්කොම කොටස් ටික එක තැන තියෙන්න ඕනේ. මේ පෝස්ට් ටික එක ලේබල් එකක් යටතට දාමු නේ?
    තවත් රහස් පරීක්ෂක කතා ටිකක් දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය තියෙන්නේ එරිකෝ කියන ලේබල් එකේ කලින් මම ලියපු කතා 4ත් එක්කම.

      Delete
  10. කොටස් ඔක්කොම මුල ඉඳලම ආයෙත් කියවන්න වෙනවා.මට එකක් මගහැරුනනේ...

    ReplyDelete
    Replies
    1. හා හා, එහෙනම් කියවන් එන්න.

      Delete
  11. ෂර්ලොක් හෝම්ස් ‘බිහිසුණු නිම්නය‘ කතාවෙ මුල හරිය මතක් වුණා.
    මේ රැල්ල අල්ලලා යනවා වගේ!

    ReplyDelete
    Replies
    1. හෝම්ස් මහත්තයා වටා අපේ ළමා කාලය රැදුන එක ගැන සතුටු වෙන්න ඕන බං.

      Delete
  12. එරිකෝ ගේ බාගයක්ම කියෙව්වා. ඉතුරු ටික ඉක්මනින් කියවන්න වෙනවා. නැත්නම් මෙයා මේවා ලියල ලෝක ප්‍රසිද්ධ වුනාම බ්ලොග් එක වහල දැම්මොත්......
    ඇත්තටම ලස්සනයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලෙකට උන දේවල් එක්ක මේ බ්ලොග් එක වැහුනේ නැති එකේ ඉස්සරහට කොහේ වැහෙන්නද අක්කේ.
      හා හා හෙමීට කියවන් එන්න.

      Delete
  13. පළවෙනි කොටස කියෙව්වට පස්සෙ ආයෙ බ්ලොග් අහලකට එන්න බැරි වුන හංද අද ඔක්කම කියවගෙන කියවගෙන ආව.. මට කමෙන්ටු කොටාගෙන එන්න නං බැරිවුනා අවුලක් නැතිවෙයි කියල හිතනව
    සිරාවටම දෙවනි තුන්වනි කොටස් වලදි මං හිතුවෙ අර කිස්ටෝපරය තමා හොරා කියල හෙහ්...
    කතාව හිතුවෙම ැති විදියට යූ ටර්න් එකක් ගත්ත නෙව
    පස්ටයි හොදේ..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  14. නියමයි මල්ලි. අවසානය වෙනකම්ම කියවපු නිසා ඒ රසය වින්දා. මම නම් කැමතියි මේව එකතු කරල පොතක් විදිහටත් සමාජයට දෙනව නම්. පොඩ්ඩක් හිතල බලන්නකො ළමයො ඒ ගැනත්.

    ReplyDelete
  15. එරිකෝගේ කතාවක් මම නම් මේ කියෙව්වාමයි.තව කොටසක් විතර වැඩි කරලා මේකේ කුතුහලය තව පොඩ්ඩක් අවුස්සලා ගත්තා නම් තවත් පට්ට.

    ReplyDelete
  16. මම මේ පලවෙනි පාරට තමා මේ බ්ලොග් එකට ඇවිල්ල ඔබේ කතා කියෙව්වෙ. හොඳට ලියල තියෙනව.
    තව ලියන්න. සුභ පතනවා!!!

    ReplyDelete
  17. lassana story ekak. Digatama katha liyanna kiyala suba pathanawa!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්