Wednesday, 20 January 2016

සුද්දන්ට ක්‍රිකට් කියාදීම


ශනිදාවකි එය, වැඩි වැඩක් නැති වුන
ෆාමසියෙයි හිටියේ අපි කතාවක් දාගෙන
වැඩක් නැති ඕපදූප අතරේ හෙමිහිට
ආවා මරු කතාවක්, කියන්නම් මම ඒ ගැන.

ෆුට්බෝල් පිස්සුව යුරෝපයේ රජ කරන
නෑ වෙන කිසි දෙයක් ඒ වාගේ දිදුලන
නැහැනේ අපි දැකලා උඹලාගේ රට
සෙල්ලම් කරනවා කිසිම තරගයක.

එන්නනම් අපේ රට ෆුට්බෝල් වලට
නැති වෙන්න ඕන යුරෝපයක් මෙලොව
වැඩක් නැති කතා ඉතින් තව කුමට
ක්‍රිකට් තමයි අපිට ලංකාව දිදුළන.

අහලා නෑනේ අපි කවදාවත්ම ඒ ගැන
මොකද්ද හැබෑටම ඔය කියන සෙල්ලම
වැඩක් නැති එකේ කියලා දීපන්කෝ හෙමීට
දැන ගන්න ආසයි ඉතින් අපිත් ඒ ගැන.

ලීයෙන් හැදූ පිත්තකි හොකී ස්ටික් විලසට
හැබැයි මෙහෙමයි ටිකක් වෙයි පළල
ලෙදර් පන්දුව බේස් බෝල් ලෙසම
යවන විදි විවිධයි එකි නෙකා හැඩයට.

එකොලොස් දෙනකි ෆුට්බෝල් ලෙසම
හැබැයි නැහැනේ සෙල්ලම එක විටම
එක පැත්තක දෙදෙනෙකි පිත්තෙන් පහර දෙන
අනික් හැම ඒ පන්දුව රකින.

දවා ගන්නට පන්දුවෙන් එකෙක්ව
හරි වෙහෙසයි නොදනීනම් ක්‍රම
හයේ හතරේ ඒවා ඇති පදමට
ළකුණු පුවරුව නිති සරු කරන.

හඹා යාම නොයාම ලකුණු පුවරුව
තීරණය කරයි දෙපිලේ ජය පැරදුම
ඔන්න ඕකයි සරළවම ක්‍රිකට් ක්‍රීඩාව
දාලා දෙන්නම් මම බලන්න වීඩියෝවක් නුඹට.

විස්සයි විස්ස, අපි ලොව දිනුව
දමා දුන්නා ආඬම්බරයෙන් මම
ටිකක් කම්මැලි සෙල්ලමක්නේ මේක
බලා අවසන කීය එකෙක් හිද.

ටෙස්ට් වගේද විස්ස ආකර්ශණය බොහෝ උන
සුද්දන්ට පෙන්නන්න නියමෙට ගැලපුන
විනාඩි අනූවක් පිස්සෝ දෙපැත්තට දුවන
උඹලගේ ෆුට්බෝල් තමයි වස කම්මැලිම.



ඊට පස්සේ මොකෝ උනේ කියලා අහන්න එපා ඈ. ෆුට්බෝල් ගැන කියලා මුංව අවුස්ස ගත්තා කියන්නේ ආයේ ලොවෙත් නෑ. ඔය උඩ ෆොටෝ එකේ ඉන්නේ ඉතාලි ක්‍රිකට් කණ්ඩායමලු. මුං මොන ජිල් බෝලයක් ගහනවද කියලා දෙයියෝ තමයි දන්නේ ඉතින්.

49 comments:

  1. ගොඩාක් දවසකින් මගේ බ්ලොගට ආවේ රෑ නිදා ගන්ට කලින්...
    රාජකීය ලියුම් කතාව තිබුණා බ්ලොග් රෝලේ උඩින්...
    කියවන්ට හිතන් හිටියට මට නින්ද ඇවිත්...
    නැගිටලා බලද්දි සුද්දන්ට උගන්වලා ක්‍රිකට්...

    පෝස්ට් එක කියවාගෙන යන කොට හිතුණා ඉතාලිය කියලා...
    වෙන්ට පුළුවන් දෙයක්...
    අපේ රටේ අය රගර් ගැන දන්නේ අඩුවෙන්. ඒ වගේම වැඩිය කැමති නෑනේ...
    ඒත් සෙල්ලම් කරන විදියවත් දන්නේ නෑ කියන එක නම්, අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් වලට වඩානම් රගර් ප්‍රසිද්දයි නේද?
      ඕක ඉතින් පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි. අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ගහන්න දන්නේ කී දෙනාද.

      Delete
  2. මටත් මෙලෝ රහක් නැති කම්මැලි සෙල්ලමක් තමයි ක්‍රිකට් කියන්නෙ. ඕක දිහා පැය ගානක් බලන් ඉන්නවා කියන්නෙ සම්පූර්ණ කාලෙ කා දැමීමක් නෙවෙයිද මන්දා.. හැබැයි ඉතින් ලංකාව දිනුවා කියලා ඇහෙනකොට නම් සතුටුයි තමයි. මොකක් හරි සෙල්ලමක්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම මෙහෙම උනුත් ඉන්නවනේ ඉතින්.
      ටෙස්ට් මැච් නම් මාත් නොබලන තරම්. ඉස්සරම ඉතින් වැඩත් පාඩු කරන් ෆයිනල් මැච් බැළුවේ.
      දැන් නම් එහෙම උනන්දුවකින් මැච් බලන්නේ නෑ.

      Delete
  3. මම ත් ඇරලම ආවා....
    කවි ටික කියවූවා ....
    සුද්දන්ට ක්‍රිකට් වනලා
    ක්‍රිකට් නැති දා අපි ලොවෙත් නැතුවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලංකාව ප්‍රසිද්ද වෙන්න එක හේතුවක් තමයි ක්‍රිකට්. එහෙම දෙයක් හරි අපිට තියෙන එක වාසනාව.

      Delete
  4. ඉතාලි ටීම් එකේ ලංකාවේ නම් තියෙන අයත් ඉන්නවා. ඊට අමතරව ඕස්ටේ‍ර්ලියාවේ හිටපු ක්‍රීඩක මයිකල් ඩිවිනිටොත් ඉන්නවා.

    https://www.google.com.au/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=italian%20cricket%20team

    ReplyDelete
    Replies
    1. ඔව් රසික අයියේ. කොහොමත් මේ රටවල් වල ක්‍රිකට් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති අය ඉන්න හන්දා ලංකාවේ අයට ඕවට යන්න තියෙන්න ඉඩ ටිකක් වැඩියි.
      හැබැයි ඉතින් ජාත්‍යන්තර මැච් නම් කවදා ලැබෙයිද දන්නේ නෑ.

      Delete
  5. ක්‍රිකට් වලට ගොඩක් කැමතියි මමනම්
    හැබැයි ටෙස්ට් මැච් නම් බලන් නෑ

    ReplyDelete
    Replies
    1. මාත් හයිලයිට්ස් ටිකක් බලනවා ඇරෙන්න ටෙස්ට් බලන්නේ නෑ.

      Delete
  6. තව ටික දවසකින් අපි එහෙනම් ඉතාලියෙනුත් කන්න බලාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපේ එවුන්ට එච්චරම පල්ලෙහට දාන්න එපා බං මොනා උනත්.

      Delete
  7. පුට්බෝල් වලට අනං මනං කියල උඹ යහතින් ඉන්නවයි තාම

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.
      අපිට ඉතින් මොනවා හරි වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. අම්මපා ඉතින්.

      Delete
  8. උතුම් සිහල ලේ ටික මගෙ තියෙන තුරූ
    විකුම් රාජ ලේටික සිහි තිබෙන තුරූ
    නෙතින් කඳුලු නොහළමි දිවි තිබෙන තුරූ
    ආඩම්බරයි ලෝවා මහ පායෙ කනූ....

    ඕං මාත් කවියක් ලිව්වා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීයෝ ඔන්නා මාත් එකක් ලීවා ..හැක්

      සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
      එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුනා
      ලක් මෑණීට නැති වුනා
      සිංහලේට නැතිවුනා
      ලක් මෑණීට නැති වුනා............

      Delete
    2. ඩ්‍රැකී, හෙහ් හෙහ්. මේක සිංහලේ ඇඩ් එකෙක් නෙමෙයි නේ?

      Delete
    3. සිංදු ඇනෝ, ඉතාලියට ක්‍රිකට් ගහන්න ගිය නිසාද දන්නේ නෑ.

      Delete
    4. සිංහ ලේ නං මංදා. ඩාවින් කියන හැටියට නං වඳුරු ලේ තමා තියෙන්න ඕනෙ.

      සිංදු ඇනෝ,
      කවි ලිවිය යුතු තැන සිංදු කෑලි ලිවීම ිසා ඔබව තරඟයෙන් අවලංගු කරනු ලැබේ...

      Delete
    5. හා හා, වඳුරු ලේ කියලා කට්ටියව අවුස්ස ගනන් එහෙම එපා.

      හෙහ්, හොද වෙලාවට හැබැයි සිංදුවා අපි දන්න එකක් කෙටියෙන් දාලා නොදන්න එකක් පහල ඔක්කොම දාලා ගිහින් තියෙන්නේ.

      Delete
  9. Replies
    1. එසේය එසේය.

      Delete
    2. ඉතින් බන් ඉතාලි ජනගහනයෙන් බාගයක්ම ලංකාවෙ උන්නෙ. ඉතින් ක්‍රිකට් කණ්ඩායම එහෙම නොවී තියෙයියෑ....

      දිනේෂ් මලේ මොකද කියන්නේ ඉල්ලමුද කෑල්ලක්... ?

      Delete
    3. ඒකනම් ඇත්ත. දැන් මෙහේ ජනගහන වර්ධන වේගෙත් වැඩි වෙලා තියෙන්නේ ඉතාලි කාරයෝ හන්දා නෙමෙයි. හෙහ් හෙහ්.

      මමත් මේ හිතුවේ ඒක තමයි. වැඩිය මැච් ගහන්නත් සෙට් වෙන එකක් නෑනේ මෙහේ ටීම් එකේ. ආතල් එකේ ඉන්න පුළුවන්.

      Delete
  10. ඊටපස්සෙ මේක ලියන්න උඹ යහතින් ගෙදර ආව කියන එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙමද හිතාගෙන ඉන්නේ.

      Delete
  11. ඕ අදුන ගන්න කිව් පිරිස මෙන්න 
    උන්නත් මැරුණත් එක වාගේයි 
    අප හට මේ ලෝකේ ...
    අද අප අතේ නැත තඹ සතේ
    හෙට මේ අතේ මිණි මුතු ඇති 
    උතුවන් කන්දෙන් පිටවී එන්නේ 
    රජකම් කරමින් අප මෙහි ඉන්නේ ..
    කාටද බය වෙන්නේ ...
    අද අප ඇති කඳුලැලි නැති 
    ලොව කඳුළු මේ මුතු කැට වුනි 
    සිව්රඟ සේනා ආවත් රොක් වෙලා 
    සිත බිය සැක නැත ඉන්නෙමු එක්වෙලා 
    සිත එකවගේ බැඳිලා ...
    බය නෑ හිතේ මැරුණත් අපි 
    ඉතිහාසයේ අපේ නම තිබේ 
    දිනුම ලබනු මිස පැරදුම නැ හිතේ 
    අඬ අඬ ඉන්නට කල්මදී ජිවිතේ 
    පෙරටයි ගමන අපේ ...

    ගායනය - එම් .එස් ප්‍රනාන්දු 
    ගී පද - කරුණාරත්න අබේසේකර 
    සංගීතය - පි .එල් .ඒ සෝමපාල 
    (හින්දි තනුවකි )( රත්තරන් අම්මා චිත්‍රපටියෙන් - 1975 )

    ReplyDelete
    Replies
    1. හෑ, මේ සිංදුව මම අහලම නෑනේ.

      Delete
  12. පස්ට කම්මැලි හිතෙනවා තමයි වෙලාවකට... අපට කියලා තිබුනෙත් ඔච්චරයි නෙ ඒ උනාට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පරද්දිදි නම් කම්මැලි නෙමෙයි එපාම වෙලා යනවා.
      ඒත් ඉතින් ආයි බලනවා. අපේ හැටි එහෙමනේ.

      Delete
  13. සිරාවට ක්‍රිකට් තමයි සුපිරිම ක්‍රීඩාව...

    ReplyDelete
  14. මම වැඩිය බලලම නැත්තේ ක්‍රිකට් මැච්.මටනම් කම්මැලි ක්‍රිකට් බලන්න.එ වුනාට ෆුට්බෝල් නම් බලනවා.

    ReplyDelete
    Replies
    1. තියන්න වටින්නේ නෑනේ.
      ෆුට්බෝල් උනත් ඉතින් වර්ල්ඩ් කප් එක වගේ නම් බලන්න පුළුවන්. මෙහේ තියෙන්නම ඉතින් ක්ලබ් මැච් නේ. ඕවා බලන්න එපා වෙනවා.

      Delete
  15. ඉතාලි ක්‍රිකට් කිව්වා???

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.

      Delete
  16. ටෙස්ට් මැච් නම් නොබලමි මමත්.... ලංකාවේ ක්‍රිකට් වලට ජය !!!

    ReplyDelete
    Replies
    1. අනිවා, ආඬම්බරෙන් කියන්න තියෙන්නෙත් ඔච්චරයිනේ.

      Delete
  17. මම ක්‍රිකට් පෙන්නලම විස්තර කරලා මොකද්ද යකෝ ඕක සෙල්ලමක්ද කියලා ඇහුවෙ..උන්ට බලන් ඉන්නත් කම්මැලි කිවුව,,ඔය ඉතාලි ටීම් එකේ ලංකාවෙ අය කීප දෙනෙක් ඉන්නවා,,උන් පිට රට මැච් වලට යනවා බන්,,ලගදී ඩුබායි ගියා,,බලද්දී ඒ ටීම් එකෙත් අපේ උන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මුංට වෙලා තියෙන්නේ ෆුට් බෝල් බලලා විනාඩි 90කට වඩා ඕක බලන් ඉන්න බැරි අවුල තියෙන්නේ. අපිට වගේ නෙමෙයි.
      එහෙමත් සීන් එකක්ද. මැච් ගහනවද කියලවත් දන්නේ නෑ ඩිලා මොකද මුං නිව්ස් එකටවත් ඔවුවා කියන්න යන්නේ නැහැනේ.

      Delete
  18. 2024 දී ඔලිම්පික් එකට ක්‍රිකට් ක්‍රීඩා කරන්න නියමිතයි. ඒකට අවශ්‍ය මුලික අවශ්‍යතාවක සපුරා ගන්න තමයි, ක්‍රිකට් ක්‍රීඩාව නොකෙරෙන රටවලට ක්‍රිකට් ප්‍රචලිත කරන්න උත්සාහේ. ඔලිම්පික් වලට ක්‍රීඩාවක් කරන්න නම් රටවල් 120ක(මතක හැටියට) වත් ක්‍රීඩාවක් කෙරෙන්න ඕනේ. අපි දන්නා විදියට රටවල් 20ක් විතර තමයි ක්‍රීඩා කළේ. ඒකත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්. නමුත් දැන් 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරනවා. විස්සයි20 අරඹන්න හේතුවත් මේ ඇසෝසියේට් රටවල ක්‍රීඩාව ජනප්‍රිය කරවන්න. මොකද අලුතෙන් පටන් ගන්න යට ටෙස්ට් වගේ එකක් උගන්වන්න ලේසි නෑ. ක්‍රිකටුත් හරියට දූරියන් වගේ තමයි. නොකා ඉන්න එවුන්ට පෙන්නන්න බෑ. හැබැයි කන්න පටන් ගත්තොත් නවත්තන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මේක කියවලා ඉවර වුණු ගමන් ක්‍රිකට් ගැන ගීතයක් ලිව්වා. බලමු ඒකත් ජනප්‍රිය එකක් වෙයිද කියලා. එහෙම වුනොත් නම්බුව දිනේෂ්ට.

      Delete
    2. ක්‍රිකට් ගැන ඉතින් සුදීක අයියට වැඩිය කවුද දන්නේ.
      ඔලිම්පික් වලට ගේන කතාවක් නම් මාත් දැන ගත්තා කොහෙන් හරි. ඒත් ඉතින් ඔට විදිහට රටවල් 100ක් එක්ක මෙඩල් එකකට යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. කාලය මම කියන්නේ.

      Delete
  19. මේ දවස්වල නං මලේ ඉතාලි ටීම් එකත් අපිට ගහන සයිස් එකක් තියෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ රවී අයියේ.
      ඒත් ඉතින් බලමු, මේ අවුරුද්දෙත් වර්ල්ඩ් කප් එකක් එනවනේ.

      Delete
  20. ලංකාවේ අපිට නම් ක්‍රිකට්ම තමයි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.

      Delete
  21. ක්‍රිකට් සෙල්ලම් කරලා තිබ්බත් දැන්නම් බලන්න ටිකක් කම්මැලියි. ටෙස්ට් මැච්නම් අපෝ එපා.
    උඹට ගැහුවෙ නැද්ද බං අරුං?

    ReplyDelete
    Replies
    1. මැච් එකක් සෙල්ලම් කරපු කාලයක් මතක නෑ.

      හෙහ්, ඔක්කොම වට කරන් යකෝ ගැහුවේ. කතා කරලා වැඩක් නෑ.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්