Wednesday, 6 January 2016

තරු ඇස් රහස්



තරු ඇස් රහස්, කියවීමි රහසින්.....


" දැල්වෙන
තරු ඇසක
මඟ අවුරා
වැසූ අහසකි...

අනන්තාවකාශයට
වුව
ඉමක්
නොවන්නේද?"
- පිටුව 66

කවි පොතක් මම කියවලා ඉවර කලේ පළවෙනි වතාවට. මුහුණුපොතේ හරි බ්ලොග් අවකාශයේ හරි ඕන තරම් කවි කියෙවුවත් නිදහසේ වෙලාවක් අරගෙන එක දිගට කවි පොතක් කියෙවුවේ පළවෙනි වතාවට. ඒ තරුරසී අක්කගේ ' තරු ඇස් රහස් ' කවි පොත.

තකහනියක් බුක් ෆෙයාර් එකෙන් පොත අරගන්න කියලා මෙහාට ගෙන්වාගෙනම කියෙවුවේ තරුරසී නම් ඒ හිතවතිය සමග බොහෝ කාලයක ඉදන් තිබුන දැන හැඳුනුම් කමට. මම හිතන්නේ අවුරුදු පහක විතර දැන හැඳුනුම් කමක්. මුහුණු පොතෙත්, ඇගේ බ්ලොග් සටහන් අතරෙත් කවි කියවපු මට ඇගේ කවි කම නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි.

"හෙට්ටු කරමින්
තත්පරේ වුව
හතිලමින් දුවනා
සාත්තරේ
වුවමනා නැත

පොතක පත්ඉරු අතර
අතරමං විය හැකිය
කවියක නවතිමින්
විඩා දුරලිය හැකිය "
- පිටුව 75

ඇත්ත. කවියකට, කවියෙකුට තමන්ගේ හිතුමතේ දුවන අදහස් වලින් කරන්න බැරි දෙයක් නැහැ. ආදරය, වේදනාව, සතුට, දුක, මේ හැම දෙයකටම එක වෙලාවකට මහා ඔසුවක් වගේ දැනෙන්නේ කවිය. තරූ අක්කගේ කවි වලට ආදරේ කරන්න මහා ලොකු හේතු කාරණා ඕන නැහැ. ඇයත්, පොත කියවන අපි වගේම ලෝකය දිහා වගේම හැඟීම් එක විදිහටම විඳින්නියක්. ඒත් ඇගේ අකුරු කිරීම අපි හැමෝටම වඩා විශේෂිතයි.

ඇගේ වචන ඒ තරම් බැරෑරුම් නැහැ. ඒ සරළ භාශාව දිගේ ගිහින් කවි මිහිර විදගන්න ඔබටවත් මටවත් කිසිම බාදාවක් නෑ. අකුරක් අකුරක් ගානේ හිතට කතා කරන කවි වලින් ඇගේ මුළු පොතම පිරිලා ගිහින්. කවිය ඇගේ ජීවිතයට සමානයි කියලා ඇය නිතරම කියන්නේ නිකමටම නෙමෙයි කියලා ඇය ලියන අදහස් එක්ක ඔට්ටු වෙන අයට නම් අරුමයක් නොවේවි.

ඇයගේ කවි වලින් මෙන්ම ඇගේ සමහරක් සටහන් වලින් මම දැන ගත්ත තරමට ඇයට තියෙන්නේ සංවේදි හදවතක්. කිවිඳියකට ඕනම කරන හදවතක් ඇයට තියෙනවා. ඇගේ ' මගහැරුණු තරු ලකුණු ' කවියත් අන්න එහෙම කවියක්. මේ සමාජය දිහා මේ වටපිටාව දිහා අපි හැමෝටම එකම විදිහකට බලන්න බෑ. ඇයගේ සංවේදි හදවත ඇය දකින මානය දිහාවට අපිවත් නිරායාසයෙන්ම කවි අතරින් අරගෙන යනවා.

" මල්පෙත්තකින්  හදවත
පිරි මදින ඔහුම
කටු තුඩගින් සූරයි හිත
ලේ ගලනකන්ම...

ගෙත්සමෙනි උයනෙන්
නෙළාගෙන මලක්
ඒ මලේ සුවඳ විඳින්නැයි
ඇරයුම් කරන..."
- පිටුව 30

ඇයගේ කවි වල තියෙන්නේ ඇයටම සුවිශේෂිත වුන ආරක්. ඒ බස් වහරට, ඒ කවි ආරට මම නම් බොහෝම කැමතියි. බොහෝ කවි විධි ගැන අපි අහලා තියෙනවා. හුඟක් දෙනෙක් තමන්ගේ අදහස් ඒ රාමුවට කොටු කරන්න හදදි ඇය ඇගේ සිතැඟි පරිදි තමන්ම හදා ගත්ත අඩි පාරක බොහෝම ලස්සනට ගමන් කරනවා. ඒ පාර සුවිශේෂිත නිසාම වෙන්න ඇති ඇයගේ කවියට ආදරේ කරන්න පිරිස් ඈ වටා එක් වන්නෙත්.


මේ තරූ අක්කගේ කුළුදුල් කවි පොත. ඇයට තව බොහෝ කවි අදහස් තව ඉස්සරහටත් නිර්මාණය කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒවායේ පරාසය දැනට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ ඇයගේ තියෙන හැකියාව හා දක්ෂතාව.

ඉතින්, ආදරණිය තරූ අක්කේ බුක් ෆෙයාර් එකේ නුඹ හිටිය තැනින් පොත මටයි කියා නොකියා රහසේම ගෙන්වාගෙන කියෙවුවේ නුඹේ කවි කමට වගේම පෞද්ගලිකව නුඹට තියෙන කැමැත්ත නිසා. දවසක නුඹ හමූවී කියවූ පොතට සමරුවක් අනිවාර්යෙන්ම ලබා ගනිමි.

නුඹට හදවතින්ම සුබ පැතුම්.

තරූ අක්කගේ බ්ලොග්,
1. තරුරසී 
2. තරු පත්තිරු


59 comments:

  1. තරු ඇස් රහස් වගෙම දිනේෂ් ගෙ සටහනත් හරි රහයි අපූරුයි...
    ඇත්ත. සෑහෙන කාලෙකින් හිතට දැණුන කවි පොතක්..

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලො ඇත්තටම කවි ලස්සන නිසා කියනවද නැත්නම් තරු අක්කට තියෙන ආදරේට කියනවද මන්දා...

      Delete
    2. මහේෂ්, අනිවා මචං. ඒ කියන්නේ උඹත් හොරෙන්ම වගේ කියවලා තියෙනවා එහෙනම්.

      Delete
    3. ඔය දෙකම නිසා තරූ අක්කේ.

      Delete
    4. අපි බොරුවට කියන්නෑ කියලෙ දන්නවනෙ තරු අක්කේ
      දිනේස් මාත් ගත්ත බුක් යෛා එකෙන් කියෙව්ව ඒත් මට මෙහෙම සටහන් ලියන්න බෑබං ඉතිං මම වැඩේ අල්ලල දැම්ම ඒකයි වුනේ

      Delete
    5. දිනේෂ් මල්ලිත් පළමු වතාවටලු කවි පොතක් ගැන ලීවෙ. මීට වඩා හොඳට ලියන්න ඕන වුණත් බැරි වුණා කිව්ව බොහොම විස්සෝපෙන්. මට නම් මේ ලිවීම හොඳටම ඇති.

      මේ ආදරණීය ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි මල්ලිලා..

      Delete
    6. ලියන්න බෑ බෑ කියලා හිත හිත ඉදලම තමයි මාත් පුළුවන් විදිහකට ලියලා දැම්මේ.

      Delete
  2. මේ කවි ලස්සනයි.වර්ණ තරුගේ බිලොග් එකේ ලින්ක් එකත් පෝස්ට් එකේම දැම්මනම්...

    රාජකීය අභිරහසත් කියවලම එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. මට කලින් ඒක පොඩ්ඩක් අමතක උනා මනෝ. ඔන්න දැන් දැම්මා බ්ලොග් දෙකේම ලින්ක්.

      Delete
  3. තරුට සුභ පැතුම්..............

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි වර්ණ.
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. කවි පොතත් අරන් කියවන්න.

      Delete
  5. මල්ලී ස්තුතියි මේ ආදරණීය සටහනටත්, වසර ගණනාවක නොබිඳෙන සහෝදරත්වයටත්.... තරු ඇස් රහස් ගැන මෙවැනි සටහනක් දකින්න ලැබෙන එක අප්‍රමාණ සතුටක්..

    ReplyDelete
    Replies
    1. අපි තවම මුණ ගැහිලා කතා කරේ නැති උනාට ඉතින් මේ බැදීම එදා ඉදන්ම අද වෙනකන්ම වෙනසක් නැතුව තිබුනනේ. ලගදිම හමුවෙමු. සමරු සටහනක් ගන්නත් එපැයි ඉතින්.

      Delete
  6. කියවල ඉවරනං පොත එවහං තැක් ගැගෙන්නේ නැතිව.. හැක්

    ReplyDelete
    Replies
    1. මෙයාගේ ගණන්.

      Delete
    2. දේශකයා පොතක් දෙන්නම්. දිනේෂ් මල්ලිගෙ පොත ගෙන්නගන්න ලැජ්ජ නැද්ද අප්පා...

      Delete
    3. අනේද කියන්නේ තරූ අක්කේ. මේ මනුස්සයා ඔහොමමයි.

      Delete
    4. පෙනේද මේකගේ ගණං.. ඒක මගේ පොත.. ඩිංගකට දුන්නේ.. මදෑ. හැක්..

      Delete
    5. අම්මපා මේ මනුස්සයා. වයසට යද්දි ඉතින් අමතක වීම් වෙනවා තමයි. මොනා කරන්නද?

      Delete
  7. සුබ පැතුම් තරු රසී...
    ජයවේ දිනේෂ්!

    ReplyDelete
    Replies
    1. පොත අරන් කියපම් මචෝ. උබලත් කවි කාරයොනේ.

      Delete
    2. අනිවා උබ පට්ට ලයික් වේවි පොතට.

      Delete
  8. මාත් මූණු පොතේ කියවලා තියෙනවා ඇගේ කවි. ඔබ කියූ පරිදි ඒ සරල වචන වලින් ලියවෙන කවි හරිම ලස්සනයි. ලoකාවට ගියාම ගන්න පොත් ලිස්ට් එකට මේ පොතත් එකතුකරන්නවා. ස්තූතියි ඔයාට

    ReplyDelete
  9. මාත් මූණු පොතේ කියවලා තියෙනවා ඇගේ කවි. ඔබ කියූ පරිදි ඒ සරල වචන වලින් ලියවෙන කවි හරිම ලස්සනයි. ලoකාවට ගියාම ගන්න පොත් ලිස්ට් එකට මේ පොතත් එකතුකරන්නවා. ස්තූතියි ඔයාට

    ReplyDelete
    Replies
    1. තරූ අක්කව මුණ ගැහිලා කතා කරලා පොතක් අරගෙනම එන්න සමරු සටහනකුත් එක්කම.

      Delete
  10. I prefer the poem in page 73. Tharu knows the secret.. ha ha ha.. :) good one Dinesh. .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ' තරු ඇස් රහස් ' වල තවත් රහස් තියෙනවා වගේ. හා හා අපි එවුවා අහන්නේ නෑ.

      Delete
    2. ‘‘ඒව තමයි අබිරහස්“

      Delete
    3. එහෙනම් අපි එක එරිකෝට බාර දෙමු. හෙහ් හෙහ්.

      Delete
    4. අපි නොදන්නා අභිරහස් :)

      Delete
    5. හෙහ් හෙහ්..

      Delete
  11. පාත අරන් කියවන්න ඕන...

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න.

      Delete
  12. ම්... ලස්සනයි ඔයාගෙ ප්ප්ස්ට් එකේ තියෙන කව් ටික. කියවන්න ඕනි බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ තියෙන්නෙ කවියෙන් කොටසක් විතරයි.
      ඇයි බ්ලොග් එක විතරක්. පොතත් කියවලම බලන්න.

      Delete
  13. නුඹට හදවතින්ම සුබ පැතුම් x 2

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.

      Delete
  14. අපි කාගේත් සහෝදරිය වන තරූගේ පොත ගැන සටහනට ස්තුතියි දිනේෂ් . මමත් පොතක් අරගෙන ආවා . ඒ ගැන ලියන්න හිටියත් කවි ගැන මගේ දැනුම මදි නිසා තාම ලියවුනේ නෑ .

    ReplyDelete
    Replies
    1. තිලක් අයියගෙ නම වෙනස් කරන්න ඕන ‘‘තිලක සිත‘‘ කියල. මෙහෙම කිව්වෙ මම නෙවි මංජුල අයියා. ඒ මම ඔයා ගැන කිව්ව දේවල් අහල. මටත් වඩා මගේ පොතක් ගැන උනන්දුවක් දැක්වුව කෙනෙක් අයියෙ ඔබ.. බ්ලොග් ලෝකයෙන් දැන හඳුනාගත් ආදරණීයම පවුලට මගෙත් ආදරය, ගෞරවය සහ ස්තුතියි.

      Delete
    2. තිලකේ අයියට මට වඩා හොදටනම් මේ ගැන සටහනක් තියන්න පුළුවන් කියලා මම හිතනවා.

      Delete
  15. මමත් කැමතිම කිවිඳියක් තරූ අක්කා. පුදුම සංයමයකින් එයා වචන ගලපන්නෙ.

    තරු අක්කගෙ කවිත් එයා වගේම හරිම 'ලෙන්ගතු කවි'. මම ගොඩක් ආසාවෙන් කියවපු කවි පොතක්!

    ReplyDelete
    Replies
    1. එයා වගේම ‘‘ළෙංගතු කවි“......... ළෙංගතුකම කියන්නෙ බෝවෙන රෝගයක් වගේ දෙයක්. ද්විපාර්ශ්විකව මතු විය යුතු දෙයක්. ඔයාල එක්ක ළෙංගතුව ජීවත්වීම පහසුයි නංගි. ඒ ඔයාලත් අප්‍රමාණ ආදරවන්ත මිනිසුන් නිසා.

      Delete
    2. අපිත් එක්ක ඉන්න බැරි නම් ඉතින් වැඩක් නෑ. අපි වගේ පිස්සො තව නෑනේ. ;)

      Delete
  16. තරු අක්කාගේ පොත මම සටහනක් එක්කම අර ගත්තානේ.අපිට තරු අක්කාව වගේම ඒ කවිත් නුහුරු නැහැ.ඒ ලයාන්විත කවි වලට මමත් හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. මමත් සටහනක් ගන්න ඕන මුණ ගැහිලා කතා බහ කරලම.

      Delete
  17. මාත් ගොඩක් ආසවෙන් කියවපු පොතක්... ඔයත් මේක ලස්සනට ලියලා තියනව දිනේශ් අයියා... ඔය දෙන්නටම මගේ සුබ පැතුම්... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය පොත අරගෙන රහසින්ම කියවලා එහෙනම්.

      Delete
  18. දේශකයා කියවල ඉවර උනාම මාත් ඉල්ල ගන්න ඕන..
    කොහෙන්ද පොත ගන්න පුළුවන්..?? කොළඹින් කියලනං කියන්න එපා ගොයියෝ මං කෙළඹ පාරල් දන්න නෑ....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උබේ ඇඩ්‍රස් එක කියපං මචං. තරූ අක්කා කිවුවා පොතක් එවන්නම් කියලා.

      Delete
  19. ඔන්න මචන් මාත් ආවා.ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. පොතත් හොයාගෙන කියවන්න.

      Delete
  20. මේ දවස් වල කවි පොත් හොයා හොයා කියවන කාලෙ... මේ කවි ගැන කිව්වට ස්තූතියි දිනේෂ් අය්යේ. ඔයාගේ කලින් පෝස්ටු දෙකේම කතා අද තමා කියෙව්වෙ අර රහස් පරීක්ෂක කතා මීට කලින් දිනේෂ් අය්යගේ බ්ලොග් එකේ මම කියවල නැහැ. පරණම පොස්ටු හැම එකක්ම මම කියවල නැති නිසා මට ඒ වගේ කතා හමුවෙලා නැතිව ඇති .. සාදය කතාවත් ලස්සනයි අන්තිම වෙනකන්ම හිතාගන්න බැරිඋනා කතාව මොකක්ද කියල ඔය වගේ හීන පේනවනම් මටත් ..කොහෙද නිදාගෙන ඇහැරෙද්දි හීන අමතකයි.බය හිතෙන හීනයක් තමා ලාවට හරි මතකේ තියෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. මොකද කවි පොත්ම හොය හොය කියවන්න තරම් විශේෂත්වය?

      ඒ කතාව අන්තිම දැම්මේ 2013දී. ඉතින් ඊට පස්සේ ආව අයට නම් ඒක මඟ ඇරෙන්න ඇති.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්