Sunday, 17 January 2016

රාජකීය අභිරහස 3



බොහෝ කලෙකින් හමුවූ මිතුරන්ට කතා කරන්නට බොහෝ දේ විය.. තම විශ්වවිද්‍යාල මිතුරියක වූ අරියානාට සිම්රන්ව හදුන්වා දුන්නේ වාහනයේ නැගී ඔවුන් ෆ්‍රැන්චෙස්කෝ සොයා යන අතර වාරයේය.. ගෙවුන මාස කිහිපය පුරාවට ඔවුන් එක්ව කල සෑම දෙයක් ගැනම විස්තර අරියානා සමග එරිකෝ පැවසුවේ කොතරම් උනන්දුවකින්දැයි යන්න ඔහුගේ මුහුණින් හොදින්ම පෙනෙනට විය..

" එහෙනම් එරිකෝට එයාට ගැලපෙනම සහකාරිය මුණ ගැහිලා.. මම කිවුවේ මේ එයාගේ වැඩ වලදි.."

එරිකෝගේ තියුණු බැල්මෙන් ඇය කියන්නට උත්සාහ කල දෙය වෙනස් පැත්තකට යොමු කලත් එය සිම්රන්ට නොහැඟුනායැයි සිතන්නට ඔහුට නොහැකි විය.. ඒත් ඇය ඒ ගැන කිසිවක් නොපැවසුවාය..

" හරි අරියානා, මේ ෆ්‍රැන්චෙස්කෝ ඔයා අදුනන කෙනෙක් නම් එයාගෙන් විස්තර ගන්න ඕන විදිහත් ඔයා හොදටම දන්නවා ඇතිනේ.."

 " ඔයා නීතීඥ්ඥයෙක් කියන එක නම් කොහොමවත්ම දැන ගන්න තියන්න එපා.. එහෙම වුනොත් කිසිම දෙයක් දැන ගන්න වෙන්නේ නෑ.. ඉස්සෙල්ලම මේ වගේ දෙයක් ෆ්‍රැන්චෙස්කෝ කලාද කියන එක අපි තහවුරු කරගෙන ඉමු.. ඊට පස්සේ පුළුවන් ඔයාගේ විදිහට අනික් තොරතුරු හොයන්න.. එතකන් ඔයත් මාද්‍යවේදියෙක් වගේ ඉන්න.. සිම්රන්ගේ අකමැත්තක් නැහැනේ ටික වෙලාවකට අපි ඔයාව වාහනේ තනි කරලා ගියාට.."

අරියානා සිම්රන් දෙසට හැරෙමින් ඇසුවාය..

" අහ්, ඒකට කමක් නැහැ අරියානා.. කොහොමත් අපි තුන් දෙනෙක් ගියාම ෆ්‍රැන්චෙස්කොට සැක හිතේවි.."

අරියානා සිනාසෙමින් එරිකෝ දෙස බැලීය..

" මං කිවුවේ ගැලපෙනම කෙනා කියලා නිකමටද? සිම්රන් හරි.. අපි මේ වෙලාවේ අවදානමක් ගන්න එක හොද නෑ එරිකෝ.."

" ඒක නෙමෙයි අරියානා, ඔයා මේ ෆ්‍රැන්චෙස්කෝ ගැන මෙච්චරම හොදට විස්තර දන්නේ කොහොමද?"

" ඇත්තම කියනවනම් සමහරක් ප්‍රභූ සාද වලට ගිහින් ඒවයේ තොරතුරු එකතු කරන්න ෆ්‍රැන්චෙස්කෝගේ උදවු මම කීප වතාවක්ම අර ගත්තා.."

" ඇයි මේ ෆ්‍රැන්චෙස්කෝ ගැන පොලීසියේවත් සදහන් වෙලා නැත්තේ?"

" ෆ්‍රැන්චෙස්කෝ වැඩ කරන්නේ තොරතුරු තාක්ශණ ආයතනයේ.. එයා ගැන කාටවත් සැකයක් නැහැ.. අනික එරිකෝ ඔයා වුනත් එයාට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න හිතන්න එපා.. මොකද ඔයාට වුනත් දවසක එයාගේ උදවු ඕන වෙන්න පුළුවන්.."

විනාඩි විස්සක පමණ ගමනකින් පසුව ලන්ඩන් නගරයෙන් තරමක් ඈතට වන්නට වූ කුඩා නිවාස සංකීර්ණයක් ඉදිරියේ ඔවුන්ගේ පැමිනි වාහනය නතරවිය.. එතරම්ම අලංකාරවත් නොවූ නිවාස සංකීර්ණයේ තෙවන මහල වෙත පිය නැගූ ඔවුන් ෆ්‍රැන්චෙස්කෝගේ නිවසේ සීනුව නාද කර ඔහු එනතුරු රැදී සිටියේය.. එතරම්ම වේලාවක් ගත නොකරම ඔවුන්ට දොර විවර කලේ එතරම්ම උස මහත නැති තරුණයෙකි..

" අරියානා, ආපසු දැකීම සතුටක්.. ආයෙමත් වැඩක් වෙන්න ඇති මම හිතන්නේ.."

" ඔවු ටිකක් විතර සංකීර්ණ වැඩක්.."

අරියානාගේ හැදුනුම් කම වූ නිසාම ෆ්‍රැන්චෙස්කෝට ඔවුන්ගේ පැමිණිම ගැටළුවක් නොවීය.. අපිළිවෙලට තැනින් තැන තැබුන නොයෙක් වර්ගයේ ලියකියවිලි නිසාම රාජකාරි වේලාවට අමතරව ඔහු කරන දේ ගැන තේරුම් ගැනීම අපහසුවක් නොවීය..

" හරි අරියානා මොකද්ද කෙරෙන්න ඕන?"

" මේකනම් ඔයාට පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි ෆ්‍රැන්චෙස්කෝ.. මට ඕන පරණ කෞතුක වස්තුවක පිටපතක් හදන්න.."

ෆ්‍රැන්චෙස්කෝ තරමක් විමතියෙන් මෙන් අරියානා දෙස බලාවුන් බව පසෙකින් වූ එරිකෝට හොදින්ම හැඟි ගියේය..

" ඒ කියන්නේ හුඟක් පරණ ලියවිල්ලක්.."

" ඔවු, මම ඒකයි මුලින්ම කිවුවේ ෆ්‍රැන්චෙස්කෝට මේක ටිකක් අමාරු වෙයි කියලා.."

" අමාරු නැහැ සිම්රන්.. ලේසියෙන් හදන්න පුළුවන්.. ඒත් මට හදන දේ පිටපතක් අනිවාර්යෙන්ම ඕන.. එතකොට දවසක් ඇතුලත ඕනම පරණ ලියවිල්ලක් ඒ විදිහටම හදලා දෙන්නම්.."

" එතකොට ෆ්‍රැන්චෙස්කෝ ලගදි එහෙම දෙයක් කාට හරි හදලා දුන්නද?"

එතෙක් වේලා පසෙකට වී නිහඬව සිටි එරිකෝ ඔහුට වුවමනා වූ අරමුණ වෙත එන්නට විය.. හදිසියේම ඔහුගෙන් නැඟුන ප්‍රශ්ණයක් ගැන ෆ්‍රැන්චෙස්කෝ තුල කැමැත්තක් නොවූ බව ඔහුගේ හැසිරීමෙන් හොදින්ම පෙනෙන්නට විය..

" දවසකට එක්කෙනෙක්වත් අඩුම ගානේ එනවා මගෙන් වැඩක් කර ගන්න.. ඉතින් හැමදේම ගැන හරියට මතක තියා ගන්න අමාරුයි.. අරියානා, ඔයත් එක්ක කවුද මේ ඇවිත් ඉන්නේ.."

" ෆ්‍රැන්චෙස්කෝ, කලබල වෙන්න කිසිම දෙයක් නෑ.. මේ මගේ මිත්‍රයෙක්.. අපිට ඕන පොඩි දෙයක් දැන ගන්න විතරයි.. මම සහතික වෙනවා මේකෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා.."

" මේ පොලිස් කාරයෙක්ද?"

" නැහැ.. මේ නීතීඥ්ඥයෙක්.. මම කිවුවනේ ඔයාටවත් ඔයාගේ වැඩ වලටවත් මේකෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ.."

ඔහු මදක් කල්පනා කරන්නට විය.. අසල වූ අසුන් වල හිදගන්නට එරිකෝටත් අරියානාටත් ආරාධනා කල ඔහු ඒ සමීපයේම වූ මේසයට හේත්තු වෙමින් කතා කරන්නට විය..

" හරි, මොනවද මගෙන් දැන ගන්න ඕන?"

" සති තුනකට විතර කලින් ෆ්‍රැන්චෙස්කෝට ශේක්ෂ්පියර්ගේ ලියවිලි වගයක පිටපත් හදන්න ආවද?"

කිසිවක් නොකියාම ඔහු පසෙකින් වූ තම ලිපිගොණු දෙස බලමින් කල්පනා කරන්නට විය.. කුමක් හෝ ගැටළුවක් ඔහුගේ සිතේ ඇති බව තේරුම් ගත් අරියානා ඔහු සමීපයට විත් කතා කරන්නට වූවාය..

" මේ බලන්න ෆ්‍රැන්චෙස්කෝ.. එහෙම දෙයක් ගැන මතකයක් නැහැයි කියලා ඔයා කියන්න උත්සාහ කරයි කියලා මම දන්නවා.. ඒත් මේ ශේක්ෂ්පියර්ගේ ලිපි එහෙම පහසුවෙන් අමතක වෙන්න පුළුවන් තරමේ දෙයක් නෙමෙයි.. ඒ හන්දා අපි දෙන්නම කැමතියි ෆ්‍රැන්චෙස්කෝ අපිට මේ ගැන ඇත්තම කියනවනම්.."

" මේකෙන් මට කරදරයක් වෙන්නේ නෑ කියලා හොදටම විශ්වාසයි නේද?"

" නැහැ ෆ්‍රැන්චෙස්කෝ.. අපි මේකට ඔයාව කිසිම විදිහකින් සම්බණ්ධ කරන්නේ නෑ.. අපිට ඕන තොරතුරු ට්ක විතරයි.."

ඔවුන් දෙදෙනාම ඒ ගැන සහතික වෙත්ම ෆ්‍රැන්චෙස්කෝගේ දෑස් වල තිබූ බිය පහව ගිය බව ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්නට විය..

" හරි, එහෙමනම් මම හැම දෙයක්ම කියන්නම්.. බොහොම රහසිගත ලියවිලි වගයක පිටපත් හදා ගන්න ඕන කියලා කෙනෙක් මගේ ලගට ආවා මීට මාසෙකට විතර කලින්.. මං ලගට එන කෙනාගේ හැසිරීමයි, මට ගෙවන්න සූදානම් වෙන මුදලයි සාදාරණ නම් ඕනම දෙයක් කරලා දෙන එක මගේ පුරුද්ද.. ඒ හන්දම මම ඒකට කැමති වුනා.. ඒත් ඒ වෙලාවේ ඒ කෙනා ලග පිටපත් හදන්න ඕන කරන ලියවිලි තිබුනේ නෑ.. මට කිවුවා සතියක් ඇතුලත ඒවා ගෙනත් දෙන්නම් හැබැයි පුළුවන් ඉක්මනට ව්‍යාජ පිටපත් වුවමනායි කියලා.. ඒ හැසිරීම එක්ක මම හිතුවේ මගේ ඔත්තු බලන්න ආව කෙනෙක් කියලා.. ඒ නිසාම ඊළග දවස් කීපයේ මම ටිකක් පරිස්සම් වුනා.. ඒත් මම හිතුව විදිහේ කරදරයක් වුනේ නැහැ..

හරියටම ඒ හමුවීමෙන් සතියකට විතර පස්සේ ඒ කෙනා මාව ආයෙම හොයාගෙන ආවා.. එවෙලේ ඔහු හිටියේ ගොඩාක් කලබලයකින් බව ඔහුගේ හැසිරීමෙන් පේන්න තිබුනා.. ඒ වගේම ඔහු ගෙනාව දේ ගැන කා එක්කවත් කිසිම දෙයක් නොකියන්නත් මාව පොරොන්දු කර ගත්තා.. පිටපත් කරන්න ගද්දී එතන තිබුනේ මම කවදාවත්ම නොදැක්ක ලියවිලි වගයක්.. එවෙලේ නම් මම ඇත්තටම පුදුම වුනා.. ඒවායේ වටිනකම මට හිතා ගන්නවත් බැරි වුනා.. කලින් ඒ වගේ ලියවිලි පිටපත් කරලා නොතිබුන නිසාම මට ඒකට ටිකක් කාලයක් ගත වුනා.. එවෙලේ මගේ හිතේ පුංචි තිගැස්මක් තිබුනා මේක ටිකක් බරපතල දෙයක්  වෙයි කියලා.. ඒත් ඔහු මට ගෙවපු මුදල ගොඩක් වැඩි නිසා මම ඒ දේවල් ගැන වැඩිය හිතුවේ නැහැ.. ඒත් මොනවම හරි යමක් වෙයි කියලා මගේ හිත කිවුවා.. ඒත් කිසිම විදිහකින් ඒ ගැන වාර්ථා නොවෙද්දී මම හිතුවේ ව්‍යාජ ලියවිලි ගැන කාටවත්ම සැකයක් ඇති වෙලා නැහැ කියලයි.."

" ව්‍යාජ ලියවිලි දැක්ක ගමන් මහාචාර්‍යවරයෙක් ඒවා හදුනා ගත්තා ෆ්‍රැන්චෙස්කෝ.. ඒත් මෙතනදි ඔබ වාසනාවන්ත වෙන්නේ මේ ගැන දන්න අය අඩු වීම.. ෆ්‍රැන්චෙස්කොට මේ ලියවිලි ගෙනත් දුන්න කෙනා කවුද? ඔහුගේ නම කිවුවද?"

" මගේ ලගට එන ගොඩක් අය ඔවුන් නම නොකිවුවොත් මම කවදාවත්ම අහන්න යන්නේ නෑ.. ඔහුත් එහෙමයි.. මට නම කිවුවේ නෑ.."

" ඔහුගේ පෙනුම කොහොමද? හඳුනගන්න පුළුවන් විශේෂ දෙයක් එහෙම තියෙනවද?"

" අවුරුදු පනහක විතර පෙනුමක් තිබුන කෙනෙක්.. අඩි පහමාරක් විතර උස ඇති.. ටිකක් තරබාරුයි.. තැනින් තැන සුදු වුන උඩු රැවුලක් තිබුනා.. ටිකක් පරණ තාලේ හිස් වැසුමක් දාගෙන හිටපු නිසා නළල ඇස් අදුරින් වැහිලා තිබුනේ.. වෙන විශේෂම දෙයක් නම් නැහැ.."

" කතාවෙන්වත් ඔහු මොනවා කරන කෙනෙක්ද කියලවත් කියවුනේ නැද්ද?"

" ඒ ගැනනම් වැඩි කතාවක් වුනේ නෑ.. ඔහුට ඕන කරපු දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා කලේ නෑ.."

" මේකට පොලීසිය සම්බන්ද කර ගන්න බැරි නිසා අපිට මේ කෙනාගේ ස්කෙච් එකක්වත් ඇද ගන්න වෙන්නේ නෑ.. එහෙම වුනානම් මොනවාම හරි තොරතුරක් හොයාගන්න ඉඩක් තිබුනා.."

එරිකෝ තුල වූයේ කළකිරුන ස්භාවයකි.. හැම දෙයක්ම ඔහුගේ අතින් ගිලිහෙමින් පවතින්නක් මෙන් හැඟීමක් ඔහුට දැනෙන්නට විය..

" ගොඩක් ස්තූතියි ෆ්‍රැන්චෙස්කෝ අපිට දුන්න තොරතුරු වලට.. අපි දුන්න පොරොන්දුව ඒ විදිහටම තියේවි.."

ෆ්‍රැන්චෙස්කෝගේ නිවසින් පිටත් වන විට සවස් අදුර කෙමෙන් වැටෙමින් තිබුනේය.. කඩවුන බලාපොරොත්තු සමග යලි වාහනයට ආ ඔවුන්ගේ සිත් තේරුම් ගැනීමට සිම්රන්ට එතරම්ම අපහසු නොවීය.. තිදෙනාම යලි එරිකෝගේ නිවසට එන තුරුම කිසිවක් කතා නොකලේය.. නිවසට එන අතර වාරයේ වෝල්ටර්ට තමන්ගේ නිවසට එන්නැයි කියමින් කෙටි පණිවිඩයක් යවන්නට අමතක නොකල එරිකෝ තම පරීක්ෂණය ගැන සිතන්නට විය..

පැය බාගයකින් පමණ ඔවුන් නිවස වෙත ලගා වෙත්ම වෝල්ටර් ඔවුන්ටත් ප්‍රථම එරිකෝගේ නිවසට පැමිණ ඔවුන් එන තුරු බලාගෙන සිටියේය.. වැඩි කතාබහක් නොමතිව නිවසට ඇතුළු වුන ඔවුන් එරිකෝගේ රාජකාරි කාමරයේ අසුන් ගත්තේ ප්‍රෙහෙලිකාව විසදීමට කුමක් හෝ උත්සාහයක් ගැනීමේ අරමුණින්ය..

" සිම්රන් අපි කෝපි එකක් බොන ගමන්ම කතා කරමුද?"

" යමු සිම්රන්.. මාත් එන්නම්.."

එරිකෝ වෙත සිනහවක් පාමින් සිම්රන් සමගම මුළුතැන් ගෙයට ගිය අරියානා වැඩි වේලාවක් නොගෙනම ආපසු පැමිණියේ රසවත් කෝපි කෝප්පද සමගය..

" හරි එරිකෝ, ෆ්‍රැන්චෙස්කෝගෙන් මොනවද දැන ගන්න ලැබුනේ?"

" අපිට පස්සෙන් දුවන්න තරම් වැදගත් දෙයක් ලැබුනද කියලා සැකයි වෝල්ටර්.."

එරිකෝ ෆ්‍රැන්චෙස්කෝ සමග වූ කතාබහ සියල්ලක්ම එකින් එක කියන්නට විය.. වෝල්ටර් මෙන්ම සිම්රන්ද ඒ තොරතුරු දෙස අවදානයෙන් ඇහුම්කන් දී සිටියෝය..

" ඒ කියන්නේ අපිට සැකකාරයෙක් ඉන්නවා.. ඒත් හරියටම අල්ල ගන්න බැරි.."

වෝල්ටර් මොහොතක් නිහඬව සිට පැවසුවේය..

" මාත් කල්පනා කලේ එකම තමයි.. ඒත් ඒ මිනිහා ආයෙම ෆ්‍රැන්චෙස්කෝ හොයාගෙන ඒවි කියලා හිතන්න අමාරුයි.. ඔය කියපු විදිහට මනුස්සයෙක්ව හොයන එක කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි.."

" ඒත් අපිට මිනිහව හැංගිලා ඉන්න ගුහාවෙන් එලියට ඇදලා ගන්න පුළුවන්නම් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් වේවි.."

මොහොතක රැදි නිහැඬියාව බිද දමමින් සිම්රන් ඇගේ අදහස් එකතු කලාය..

" ඔය තියෙන්නේ හොද අදහසක්.. හරියට ප්ලෑන් කරොත් අපිට මේකෙන් මිනිහව අල්ල ගන්න පුළුවන්.."

අරියානා සිම්රන්ගේ අදහස අගය කරමින් පැවසුවාය.. එරිකෝත් වෝල්ටර් දෙස බලමින් මොහොතක් කල්පනා කලේය..

" හරි, අපිට එහෙමනම් කරන්න දෙයක් තියෙනවා.."

එරිකෝ ඔහුගේ හිතේ මැවුන සැලසුම විස්තර කරන්නට විය..

" අපි මේ බොරු ලියවිලි ටික ටික දවසකට ඇත්ත ඒවා කරමු.. වෝර්වික්ෂයර් කෞතුකාගාරයේ කලින් සැලසුම් කරපු විදිහටම අපි ඒ ලියවිලි ටික ප්‍රදර්ශණයට තියමු.. අපිට මෙතන වාසියක් තියෙන්නේ ඒවා අතුරුදහන් වුන බව පොලීසිය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නොදන්න එක.. අපි ඒක වාසියක් කර ගමු.. ලන්ඩන් කෞතුකාගාරයෙයි වෝර්වික්ෂයර් කෞතුකාගාරයෙයි මහාචාර්ය වරු ලවා අපි මේ ලියවිලි ගැන ප්‍රසිද්ධියක් අරගමු.. අරියානා, ඔයාට පුළුවන් කලින් වතාවේ එකතු කර ගත්ත කරුණු එක්කම ශේක්ෂ්පියර්ගේ ලියවිලි වල චායාරූපයකුත් එක්කම ඒ ගැන අළුතින් වාර්ථාවක් පත්තරේ දාන්න.."

" හරි, මට ඒක කරලා දෙන්න පුළුවන්.. ඊට පස්සේ.."

" මෙතනදි අපිට මේ දේ කරන්න වෙන්නේ අනුමානයට.. අපිට හිතන්න වෙනවා තාම මේවා හොරකම් කරපු කෙනා වෙන කාටවත් මේවා විකුණුවේ නැහැ කියලා.. මට හොදටම විශ්වාසයි එදා ෆ්‍රැන්චෙස්කෝ ලගට ආවේ මේ වැඩේ කරන කෙනාගේ නියෝජිතයෙක්.. කවුරුවත් මේවා දැකලා නැති නිසා මේ ඇත්තම නිර්මාණ කියලා ඔප්පු කරන්න දැනට ඒවා ලග තියෙන කෙනාට හුඟක් මහන්සි වෙන්න වෙයි.. අපි නිකමට හිතමු දැනටමත් ඒවා කවුරුහරි ධනවතෙකුට විකුණලා කියලා.. මේ ප්‍රවෘතිය දැක්කම ඒ කෙනාගේ හිතේ වුනත් සැකයක් මතු වෙනවා තමන් මිලදී ගත්තේ ඇත්තම ලියවිලිද කියලා.. එහෙම වුනොත් අනිවාර්‍යෙන්ම ඔහු ඒවා මිලදී ගත්ත කෙනාට ඒක ගැන හොයලා බලන්න කියලා බලපෑම් එනවා.. එතකොට වෝර්වික්ෂයර් කෞතුකාගාරයේ මේ විශේෂ ප්‍රදර්ශණය බලන්න අනිවාර්‍යෙන්ම ෆ්‍රැන්චෙස්කෝ හොයාගෙන ආව අමුත්තා එනවා.."

" හරි අපි කොහොමද ඔහුව අදුන ගන්නේ? මේ කෙනාගේ පෙනුම ගැන තියෙන විස්තර වුනත් ප්‍රමාණවත් මදිනේ.."

" ඔවු වෝල්ටර්.. අපිට ඒකට ෆ්‍රැන්චෙස්කෝගේ උදවු ගන්න වෙනවා.. අපිට වෙන විකල්පයක් නැහැ.. හැබැයි ඔහුටවත් ඔහුගේ වැඩ වලටවත් බාදාවක් වෙන්නේ නෑ කියලා වෝල්ටර්ට සහතික වෙන්න වෙයි.. නැත්නම් ඔහු කැමති කර ගන්න වෙන්නේ නෑ.."

" හරි එරිකෝ, මම සහතික වෙන්නම්.."

" අනික් දේ තමයි ෆ්‍රැන්චෙස්කෝව මේකට කැමති කරව ගන්න වෙන්නේ අරියානාට තමයි.."

එරිකෝ අරියානා දෙසට හැරෙමින් පැවසුවේය..

" හරි මම ෆ්‍රැන්චෙස්කෝ එක්ක කතා කරන්නම්.. ඒත් අපි කොහොමද මේක කරන්නේ?"

" ෆ්‍රැන්චෙස්කෝ කැමති වුනාම අපිට එයත් එක්කම වෝර්වික්ෂයර් යන්න වෙනවා.. ප්‍රදර්ශණය පටන් ගන්න දවසට කලින්.. හැබැයි අපිට මෙතනදි ප්‍රදර්ශණය දවස් දෙකකට විතර සීමා කරන්න වෙනවා.. මොකද එහෙම නැති වුනොත් අපිට දවස් කීයක් බලාගෙන ඉන්න වෙයිද කියලා කියන්න බැහැනේ.. සෙනඟ අතරෙදි ෆ්‍රැන්චෙස්කෝට එයාගේ ගණුදෙනුකාරයාව අදුන ගන්න ඒ තරම්ම අමාරු වෙන එකක් නැහැනේ.."

" ඒත් එරිකෝ, මේ ගණුදෙනුකාරයා කවුරු වුනත් එයා ෆ්‍රැන්චෙස්කෝව අඳුනනවා.. ඒ එක්කම තනියම ඔහු ඒවි කියලා අපිට හිතන්නත් අමාරුයිනේ.. සෙනඟ අතරෙදි ඔහු ෆ්‍රැන්චෙස්කෝව අඳුන ගෙන එතන මඟහැරලා ගියොත් එහෙම?"

එතෙක් නිහඬවම එරිකෝගේ සැලැස්ම අසමින් සිටි සිම්රන් ඇගේ අදහස් එකතු කලාය..

" ඔයා හරි සිම්රන්.. අපිට ෆ්‍රැන්චෙස්කෝව ආරක්ශක අංශයේ තියාගෙන කැමරා වලින් එන සෙනඟ ගැන ඇහැ ගහගෙන ඉන්න වෙනවා.. අනික් දේ තමයි වෝල්ටර් කිසිම විදිහකින් වැඩිපුර පොලිස් නිළදාරීන් කෞතුකාගාරයට ගේන්න එපා.. අපිට ඕන ඇමට මේ මාළුවව අල්ල ගන්න.. ඊට පස්සේ පුළුවන් මේකට සම්බණ්ද අනිත් අය හොයා ගන්න.."

" හරි අපි කවදද ක්‍රියාත්මක වෙන්නේ?"

" පුළුවන් ඉක්මනට.. මම අදම අපේ කෞතුකාගාර වල මහාචාර්යවරු දැනුවත් කරන්නම්.. ක්‍රිස්ටෝෆර් එක්ක කතා කරලා ඉක්මනින් දිනයක් යොදාගෙන කියන්නම්.. මම අද රෑම දවස තහවුරු කලාට පස්සේ අරියානාට පුළුවන්නේ හෙට පත්තරේට ඒ ගැන ලිපිය ලියන්න.."

" හරි එරිකෝ.. මම ඒක සූදානම් කරන්නම්.."

" වෝල්ටර්, මේක අවදානම් වැඩක්.. ඒත් අපිට දැනට කරන්න තියෙන එකම දේත් මේක විතරයි.. මේකට ඉහලින් නීතිමය අවසර ගන්න වෙනවනම් ඒවා අරගෙන තියා ගන්න.. එතකොට අපේ වැඩේට ලේසියි.."

එරිකෝගේ සැලැස්ම ගැන විශ්වාස තැබූ ඔවුන් තරමක් රාත්‍රිය උදා වන තුරුම ඒ ගැන සාකච්චා කරමින් හිද ඔහුගෙන් සමුගත්තේ ඔහුට වුවමනා පරිද්දෙන්ම එරිකෝට සහාය දීමේ පොරොන්දුවද සමගිනි.. අරියානා වෝල්ටර් සමගින් නික්ම ගිය පසු නිවසෙහි රැදුන සිම්රන්ට එරිකෝ සමග කතා කිරීමට තවත් බොහෝ දේ විය..

" එරිකෝ, ඇයි ඔයා ෆ්‍රැන්චෙස්කෝ කියන හැඩරුවට සමාන ස්කෙච් එකක් හදාගෙන ඒක ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ?"

" නැහැ සිම්රන්.. ඒක ටිකක් අවදානම් වැඩියි.. එහෙම උනාම වෝර්වික්ෂයර් කෞතුකාගාරයේ ආරක්ශකයන්ගේ සෙවිල්ල අපිට ඕන කරන පුද්ගලයට වැඩි වෙනවා.. මේ තරම් දෙයක් හොරකම් කරන්න සාර්ථක වුන කෙනෙක්ට ඒක නොතේරී ඉදීවි කියලා අපිට හිතන්න බැහැනේ සිම්රන්.. හොදම දේ තමයි අපි දෙතුන් දෙනාම මේක කරන එක.. ඔයා සමහරවිට දකින්න ඇති ශේක්ෂ්පියර්ගේ කෞතුකාගාරයේ ආරක්ශක කැමරා තිබුන විදිහ.. ඒකෙන් එතනට එන කෙනෙක්ව කැමරාවලට අහු නොවී යන්න අමාරුයි.. ඒ නිසා මේක මේ විදිහට කරන එක සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි.."

" හරි එරිකෝ, ප්‍රදර්ශණය පටන් ගන්න දවස වෙනකන් අපිට මේ පරීක්ශණයේ ඉස්සරහට යන්නත් අමාරුයි නේද?"

" ඔවු සිම්රන්.. අපිට දවස් දෙක තුනක් නිහඬවම බලාගෙන ඉන්න වෙනවා.. අරියානාගේ වාර්ථාවෙන් කවුරුහරි කෙනෙක් හදිස්සි නොවුනොත් ඇරෙන්න.."

" ඒ කිවුවේ?"

" අරියානාගේ වාර්ථාව දැක්කට පස්සේ ෆ්‍රැන්චෙස්කෝගේ මාර්ගයෙන් මේ පිටපත් හදපු කෙනා ඔහුව මුණගැහෙන්න එන්න උත්සාහ කරාවි සමහරවිට.. අපිට ඒ තරම්ම වැඩක් නැති නිසා අපි දෙන්නා ඒ ගැන අවදානයෙන් ඉමු.."

" හරි එරිකෝ, එහනම් මාත් ගිහින් හෙට උදේම එන්නම්.."

" සිම්රන්.."

නිවසින් පිටව යන්නට සූදානම් වූ ඇයව එරිකෝ මොහොතකට නතර කර ගත්තේය.. සෙමින් ඈ ලගට ආ ඔහු වචන මුමුණන්නට විය..

" සිම්රන් අකමැත්තක් නැත්නම් අද රෑ කෑමට අපි එලියට යමුද?"

ඇය තරමක් ආඩම්බරයෙන් මෙන් එරිකෝ දෙස බලමින් කල්පනා කරන්නට වූවාය.. ඇගේ පිළිතුර කුමක් වේදැයි වූ අවිනිශ්චිත බව නිසාම එරිකෝගේ සිත තරමක් ගැහෙන්නට විය..

"හ්ම්ම්.. හරි යමු.. ඊයේ ක්‍රිකට් බලන්න කියලා එක්කන් නොගිය නිසා මම කැමති තැනකින් මම කැමති දේ තමයි ඔයත් කන්න ඕන.."

" හරි, මම කැමති.. එහෙනම් යමුද?"

රාත්‍රි අදුර අතරින් නිවසින් පිටත් වුන ඔවුන් වීදි පහන් එළි අතරින් සොදුරු ලන්ඩන් නඟරය කරා පිය මනින්නට වීය..




 මතු සම්බණ්ධයි...


විශේෂයි; මේ වර්ණයේ ලියවුන 600වැනි ලිපියයි. එදා ඉදන් මේ වනකන් මේ අකුරු අතර එක් වෙමින් නිරන්තරයෙන් දිරිය දුන් ඔබ සැමට ස්තූතියි.



28 comments:

  1. Replies
    1. තෑන්ක්ස් මචෝ.

      Delete
  2. Congratulations!!

    ReplyDelete
  3. 600ට අඟහරු ලෝකෙනුත් සුභ පැතුම්!
    තවම කතාව ස්ටීම් වෙමින් පවතිනවා.. තව ටිකක් ගියාවෙකෝ ඒ ගැන කියන්න..

    ReplyDelete
    Replies
    1. තව යන්න දෙයක් නෑ මචෝ. අන්තිම කොටස තමයි දාන්න තියෙන්නේ.

      Delete
  4. එල..600ට සුභ පැතුම්...

    ReplyDelete
  5. 600 ට ජයවේවා..!!
    මම මේ බලං ඉන්නෙ ලියවිලි දිහා නෙමෙයි.. සිම්‍රන් සහ අරියානා සටනක් ඇතිවෙයි ද කියලා...මේගා ටෙලි කාරයෙකුට නම් මාස දෙක තුනක් අදින්න පුළුවන් තැනක්.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මපා, මුනුත් බලාගෙන ඉන්නේ වලියක් යනකන්මනේ ඉතින්.

      Delete
  6. මගේ සුබ.පැතුම් දිනේෂ් ! නිර්මාණ හයසීයක් ලිවීම ලොකු ජයග්‍රහණයක් . ඉදිරියටම යන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ අයියේ.
      තව පුංචි කාලයක් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
  7. 600ට සුභ පැතුම්.ලොකු ඉතිහාසයක් ඇති නෙව වර්ණ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, විනෝදෙට ලියන ඒවනේ බං ඉතින්.

      Delete
  8. හයසීයක් ලියනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමේ.සුබ පැතුම්!
    ෆ්‍රැන්චෙස්කෝට පුළුවන් වේවිද මිනිහා අඳුරා ගන්න.මිනිහා වෙස් වලාගෙන ආවොත් මොකද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බලමු ෆ්‍රැන්චෙස්කෝට පුළුවන් වෙයිද කියලා. හැබැයි කාවවතු ශුවර් කරන්න යන එක හොද නෑ දැන්ම.

      Delete
  9. 600 ක් කියන්නේ ටිකක් හිතන්න අපහසු ගානක් දිනේෂ්......... මේ තරම් කල් ක්‍රියාකාරීව බ්ලොග් වල ඉන්න ඒක ගැන ඔබටයි ස්තූති කරන්න ඔ්නේ.....

    ReplyDelete
    Replies
    1. උඹළා වගේ සිරා කියවන්නෝ ඉන්න හන්දා තමයි තාම ඇදගෙන යන්නේ මචං.

      Delete
  10. 600 වෙනි ලිපිය බලන්න ඔන්න අපිත් ආවා. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  11. Replies
    1. තැන්කිවු අජිත් අයියේ.

      Delete
  12. 600ta unusum subhapathum macho! ko ko part 4?!!!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ඇවිලා ඊලග එක ඉක්මනටත් ඉල්ලන හැටි විතරක්.
      ඉවසලා ඉදපං.

      Delete
  13. 600යට සුභපැතුම් දිනෙෂ්. ආසාවෙන් කියෙව්වා, කළින් ලියපුවත්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.

      Delete
  14. ලස්සනයි ගොඩාක්.... සුභ පතනවා අයියට.. එක හුස්මට කියෙව්වා කථා 3ම... ඊ ළග කථාව එනකම් බලා ඉන්නවා...

    ReplyDelete
  15. පරක්කු වුනා කියවන්න . මේක හොද ඉන්ග්‍රීසී ෆිල්ම් එකක් හදන්න පුලුවන් කතාවක්.

    600 ට සුබ පැතුම්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්