Sunday, 3 January 2016

රාජකීය අභිරහස 1



ගිම්හානයේ  හිරු රැස් ලන්ඩනයට තදින්ම දැනෙන්නට විය.. ලන්ඩනයේ බොහෝ දෙනා යුරෝපයේ වෙනත් රට වලට තම නිවාඩුව ගත කිරීමට නික්මෙමින් තිබුන  නිසාම එරිකෝට උසාවියේ නඬු මෙන්ම අහම්බෙන් ලැබුන රහස් පරීක්ෂණ කටයුතු වලද අඩුවක් තිබින.. එය හැම නිවාඩුවකම සුපුරුදු දෙයක් වූ නිසා එරිකො ඔහුගේ නිවාඩුව ගැන සැළසුම් කරමින් සිටියේය..

" සිම්රන් මොකද මේ නිවාඬුවට කරන්නේ? විශ්වවිද්‍යාලෙත් වහලනේ.."

එරිකෝගේ නිවසේ ආලින්දයට වී පුවත් පතක් බලමි උන් ඈට මේ නිවාඩුව ගැන එතරම්ම උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නොවීය.. ඒ නිවාඩුව පටන් ගෙනත් ටික දවසක් ගෙවුන නමුත් ඈ සුපුරුදු ලෙසම එරිකෝගේ නිවසට විත් කාලය ගත කිරීමට පුරුදුව සිටි නිසාවෙනි.. ඇගේ ඉගෙනුමට සම්බණ්ද දේවත්, රහස් පරීක්ෂණයක් වත් නොමැති වූවත් ඈ සුපුරුදු පරිදිම උදෑසන සිට සවස් වන තුරු එරිකෝගේ නිවසේ කාලය ගත කිරීම ගැන එරිකෝගේද අකමැත්තක් නොවීය..

" දන්නේ නෑ එරිකෝ.. සමහරවිට මට ඉන්දියාවට යන්න වේවි.."

ඈ එතරම් උනන්දුවකින් තොරව පිළිතුරු දුන්නාය..

" ඉන්දියාවට.. ඒ මොකද?"

" සමීර්ගේ පවුලේ ගොඩක් අය ඉන්නේ ඉන්දියාවෙනේ.. ඉතින් මගේ තාත්තට ඕනලු විවාහයට කලින් ගිහින් ඔවුන්ව මුණගැහිලා එන්න.."

" ඉතින් ඒක හොද දෙයක්නේ.. සිම්රන්ටත් පුළුවන්නේ සමීර් එක්ක ටිකක් කාලය ගත කරන්න.."

පුවත් පතින් දෑස් ඉවතට ගත් සිම්රන්ගේ බැල්ම තියුණු එකක් විය.. ඒ කුමක් නිසාදැයි තේරුම් ගැනීමට එරිකෝට එතරම්ම අපහසු නොවුනත් ඔහු සැම විටකම ඇගේ සිත කියවීමෙන් ඈත් වීමට බොහෝ උත්සාහ ගත්තේය..

" වෙන්න පුළුවන්.. ඒත් අනේ මන්දා.."

ඈ හිදගෙන උන් පුටුවේ අනික් කෙලවර  හිදගත් එරිකෝ ඈට ලං වූයේ හොද මිතුරන් ලෙස ඔවුන් ගෙවුන කාලයේදී  ගොඩක් සමීපවූ බැවිනි..

" සිම්රන් සමීර්ට කැමති නැද්ද?"

" එහෙමමත් නෙමෙයි එරිකෝ.. මම හිතනවා මට තව කාලයක් ඕන කියලා.."

" ඒ කියන්නේ සිම්රන්ගේ හිතේ වෙන කවුරු හරි ඉන්නවා.."

ඇගේ මුහුණ වෙනස් වූයේ මොහොතකිනි.. එය තේරුම් ගිය නිසාම එරිකෝ නිහඬ වූයේ ඉන් එහා කතා කිරීම නුසුදුසුයැයි ඔහුට සිතුන බැවිනි.. ඈ ලගින් නැගිට යන්නට උත්සාහ කල එරිකෝ මොහොතකට නතර වූයේ ඇය ඔහුව නතර කරගත් හෙයිනි..

" ඔයත් එන්න අපි එක්ක ඉන්දියාවට යන්න.. අපිට එච්චරම වැඩකුත් නැහැනේ.. අනික මට මොනවාහරි දෙයක් කතා කරන්න හොද යාළුවෙකුත් ඉන්න ඕනනේ.."

ඇගේ දෑස් වල තිබුනේ දීප්තිමත් පෙනුමකි.. ඒ දෑස් වලටම එබී ඉන්නට ඇත්නැම් යැයි සිතෙන තරමට එරිකෝ ඒ දීප්තියට රහසින්ම ආසා කලේය..

" හරි මම එන්නම් යන්න ඔයත් එක්ක.."

" ඔය ඇත්තමද එරිකෝ?"

ඈ එරිකෝගේ උරහිසින් වැළඳ ගත්තේ ඈට දැනුන සතුට නිසාමය.. හුඟාක් කිට්ටු මිතුදමට එහාට ගිය හැඟීමක් ඔවුන් දෙදෙනාගේම සිත් වල රැදුන බවක් දැනුන නිසාම ඔවුන් ඔවුන්ගෙන් මිදුනේ තරමක ලැජ්ජාශීලි බවකිනි..

" මම එන්නම්.. හැබැයි සිම්රන්ට මං වෙනුවෙන් දෙයක් කරන්න වෙනවා.."

" කියන්න එරිකෝ.."

" අද මාත් එක්ක යමු.. මට ක්‍රිකට් මැච් එකක් තියෙනවා.."

" ක්‍රිකට්? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා මම දැනන් හිටියේ නැහැනේ.."

" අපිට ඒ ගැන කතා කරන්න තරම් වෙලාවක් ආවෙත් නැහැනේ සිම්රන්.."

" හරි යමු.. කොහාටද යන්නේ?"

" ලෝඩ්ස් වලට.."

" යමු යමු.. මම ලෝඩ්ස් වලට ගිහිල්ලම නෑ.."

මොහොතකට කලින් තිබුන උදාසීන බව ඇගෙන් පහව ගොස් මුහුණට දීප්තියක් ඉක්මනින් වැටෙනු එරිකෝ බලාගෙන සිටියේ ඉමහත් සතුටිනි.. පහලමාලයේ වූ තමන්ගේ නිදන කාමරයට යාමට එරිකෝ සූදානම් වූයේ ක්‍රීඩා පිටියට යාමට අවශ්‍ය ඇදුම් ගෙන ඒම සදහාය.. එහෙත් නොසිතූ අයුරින් එවෙලෙහිම නාද වුන නිවසේ සීනුව ඔවුන්ව මොහොතකට නතර කරලීය..

" අද යන්න වෙන එකක් නෑ වගේ.."

සිම්රන්ගේ මුහුණේ මැවුනේ දුක්මුසු හැඟීමක් වුවද පැමිණි ආගන්තුකයා කවුදැයි නොබලා සිටීමට ඔවුනට නොහැකි විය.. එරිකෝ නිවසේ දොර අසලට යත්ම සිම්රන්ද ඔහුට පියවර කිහිපයක් පිටුපසින් ඔහුත් සමගම පැමිණීයාය..

" සුභ දවසක් මිස්ටර් එරිකෝ.. දෙන්නම ඉන්න වෙලාවේ එන්න ලැබුන එකත් හොදයි.."

එරිකෝගේ ආරාධනයෙන් නිවස තුලට පැමිනියේ ලන්ඩන් පොලීසියේ පොලිස් පරීක්ෂක වෝල්ටර්ය.. 'කෝකෝ' සමාජශාලාව තුල වූ අභිරහස විසදීමත් සමග එරිකෝ හා සිම්රන් සමග දැඩි මිත්‍රත්වකින් බැදුන වෝල්ටර් ඔහුට වුවමනා ඇතැම් අවස්ථාවල එරිකෝගේ සහාය පැතීමට පුරුදුව සිටියේය..

" මම හිතනවා දෙන්නා අද යොදාගත්ත වැඩක් නැතුව ඇති කියලා.. මොකද එහෙමනම් මට සිද්ද වෙනවා දෙන්නගෙම සැලසුම් අවුල් කරලා දාන්න.."

" නැහැ කියලමත් කියන්න බෑ වෝල්ටර්.. ඒත් ඔයා කියන විදිහට ඒක අපේ ගමනට වඩා සිත්ගන්න එකක් වේවි වගේ.."

එරිකෝ සමග නිදහසේ ගතකරන්නට තිබූ කාලය නොලැබී යාවියි සිතමින් සිම්රන් තුල පුංචි තරහවක් මතු වුවද වෝල්ටර්ගේ හදිසි පැමිණිම ඊට වඩා වැදගත් දෙයක් වන්නට පුළුවන් යැයි ඈ සිතීය..

" අද මගේ ක්ලබ් එකේ මැච් එකකට ප්‍රැක්ටිස් තියෙනවා.. වැඩක් නැති හන්දා අපි දෙන්නම එහේ යන්න හැදුවේ.. ටිකක් පරක්කු වුනාට කමක් නෑ.. වෝල්ටර් කාරණාව කියන්න.."

" පරක්කු නෙමෙයි එරිකෝ, මම හිතන්නේ මට ඔබේ කලය සම්පූර්ණයෙන්ම ගන්න වෙනවා.."

තම මිතුරාගේ නිවසේ ඔවුන්ට හුරුපුරුදු කාර්‍යාල කාමරය වෙත කෙලින්ම ගිය වෝල්ටර් එරිකෝගේ කාර්‍යාල මේසයෙහි වූ අසුනක් එරිකෝත් සිම්රනුත් නිතර වාඩි වන දිගු පුටුව දෙසට ඇද ගනිමින් හිද ගත්තේ ඔහු පැමිණී කාරණාව විස්තර කිරීමේ අරමුණිනි..

" එහෙනම් වෝල්ටර් හැම දෙයක්ම මුල ඉදන් පටන් ගන්න.."

" මේ සිද්දිය වෙලා දැනට සති තුනක් විතර වෙනවා.. ඔබ දන්නවා ඇති ශේක්ෂ්පියර් ජන්මභූමි භාරය ගැන.. මේක පාර්ලිමේන්තුවෙන් නීති ගත කරපු ආයතනයක්.. ඒ හන්දම බ්‍රිතාන්‍ය රජය මගින් මේක පාලනය වෙන බවත් ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා.. විලියම් ශේක්ෂ්පියර් කියන්නේ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ ඉදන්ම බ්‍රිතාන්‍ය රජ පවුලේ බොහෝ අගය කිරීමට ලක් වුන චරිතයක්.. ඒක අදටත් එහෙමයි.."

" මට මතකයි පහුගිය දවසක රැජිනගේ පෞද්ගලික එකතුවේ තියෙන ශේක්ෂ්පියර්ගේ සමරු සටහන් කිහිපයක් කෞතුකාගාරයට භාර දෙනවා කියලා පුවත්පතක පල වෙලා තිබුනා.."

එරිකෝ වෝල්ටර්ගේ කතාවට භාදා කරමින් පැවසීය.. එහෙත් තමන් කියන්නට ආ දෙය ගැන තරමක් හෝ එරිකෝ දැන සිටීම වෝල්ටර්ට පහසුවක් වූ නිසාම ඔහු එය භාදාවක් ලෙස නොසැලකීය..

" ඒකම තමයි එරිකෝ මම කියන්න හදන්නේ.. අවුරුදු ගානක් පුරාවට රජ මාලිගාවේ තිබුන ශේක්ෂ්පියර්ගේ අත්සන සහිත ලිපි කීපයක් වගේම කාව්‍ය නිර්මාණ කීපයක් එරිකෝ කියපු විදිහටම ලන්ඩන් කෞතුකාගාරයට භාර දෙන්නයි සැලසුම් කරලා තිබුනේ.. මාද්‍යට ඒ ආරංචිය ඒ විදිහට ගියා වුනත් පස්සේ මේ ශේක්ෂ්පියර් ජන්මභූමි භාරය විසින් කරපු විශේෂ ඉල්ලීමක් නිසා ඒ සමරු හැම එකක්ම ශේක්ෂිපයර්ගේ උපන් ගමේ පිහිටලා තියෙන ඔහුගේ නිවස හා සම්බන්ද කෞතුකාගාරයට යවන්න පස්සේ තීරණයක් ගත්තා.."

" හ්ම්ම්.. ඒ ගැනනම් කොහේවත් සදහනක් තිබුනේ නෑ.."

" ඔවු ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්ණය පටන් ගන්නේ මෙන්න මෙතනින්.. රජ පවුල පොරොන්දු වුන විදිහටම ඒ සමරු ලන්ඩන් කෞතුකාගාරයට යැවුනා.. පස්සේ තමයි තීරණය වෙනස් වුනේ ඒවා ඔහුගේ නිවසේ තියෙන කෞතුකාගාරයට යවන්න.. ඒත් දැන් එතන ලොකු අවුලක් බවට පත් වෙලා.."

" අවුලක්, ඒ මොකද?"

" ඒ හැම සමරුවක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා.."

" මොකක් අතුරු දහන් වෙලා?"

" ඔවු එරිකෝ.. දැනට සති තුනක් වෙනවා.."

" සති තුනක්? ඒත් වෝල්ටර් කියනකම් අපි ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැනේ.."

" ඔවු එරිකෝ ඒක ඇත්ත.. අපි තාම මේක මාද්‍යට ආරංචි වෙන්න ඉඩ තිබ්බේ නැහැ.. මොකද මේක ඔවුන්ට අනිවාර්‍යෙන්ම ලොකු ප්‍රවෘතියක් වෙනවා.. එහෙම වුනොත් ගොඩක් අංශ වලට මේකෙන් ලොකු පහරක් එකතු වෙනවා.."

" හරි මට තේරෙනවා.. මට තව විස්තර කියන්න වෝල්ටර්.."

" ලන්ඩන් කෞතුකාගාරයේ මේ සමරු දවස් තුනක් තිබුනා.. ඔවුන් මේ සමරු තියන්න අංශයක් සූදානම් කරමින් ඉද්දී තමයි ඒවා මාරුකරලා යවන්න සැළසුම් කරේ.. ඒ සැළසුම් කරපු විදිහටම මේ නිර්මාණ වෝර්වික්ෂයර් ප්‍රාන්තයට යැවුනා.. නිර්මාණ එහාට ගියාට පහුවදා තමයි ලන්ඩන් කෞතුකාගාරයට පණිවිඩයක් ආවේ ඒ සමරු හැම එකක්ම අතුරුදහන් වෙලා කියලා.."

" එතකොට මේ සමරු ලන්ඩන් වලින් වෝර්වික්ෂයර් වලට කිසිම කරදරයක් නැතුව ගියා කියලා හොදටම විශ්වාසද වෝල්ටර්.."

" නැහැ එරිකෝ.. අන්න ඒකම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණය.. මේවා හොරකම් කලේ ලන්ඩන් වලදිද එහෙමත් නැත්නම් වෝර්වික්ෂයර් වලදිද කියන එක ලොකු ගැටළුවක්.. ඒ ගැන හරියටම තහවුරු කරන්න කවුරුවත් දන්නේ නෑ.."

" පොලිස් පරීක්ෂණ වල තත්වය කොහොමද?"

" වැදගත් කියලා හිතෙන කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නැහැ එරිකෝ.. මේ බඩු අතුරුදහන් වුනේ කොහේද කියන එක ගැනවත් තාම අපි කාටවත් හොයා ගන්න බැරි වුනා.."

" කවුද මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ?"

" ලන්ඩන් පොලීසියයි බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකුයි.."

" වෝල්ටර් ඔබ දන්නවා කරුණු කාරනා දිහා දුර ඉදන් පරික්ෂා කරලා මට කිසිම දෙයක විසදුම් ඉදිරිපත් කරන්න අමාරුයි කියලා.. මේ වගේ විශේෂ තත්වයකදි මට කලින් වෙලාවල් වගේ මැදිහත්වීමක් කරන්න අමාරු බව ඔබට හොදින්ම තේරුම් යාවි කියලා මම හිතනවා.."

" ඒ ගැන කිසිම ප්‍රශ්ණයක් ඇති කර ගන්න එපා එරිකෝ.. ඔබට මේකට සම්බණ්ද වෙන්න පුළුවන් හැම පහසුකමක්ම මම සපුරලයි තියෙන්නේ.. ලන්ඩන් පොලීසියේ විශේෂ අවසරයක් ඔබට තියෙනවා.. ඒ නිසා එරිකොට පුරුදු විදිහටම පරීක්ෂණ කරන්න පුළුවන්.. හැබැයි කලින් අවස්ථාවලට වැඩිය ඉවසීම තිබුනොත් හොදයි කියලා මම හිතනවා.."

" හරි වෝල්ටර්.. එහෙනම් ඒක මගේ රාජකාරි වලට පහසුවක්.. කවදා ඉදන්ද මම මේකට නීත්‍යානුකූලව සම්බණ්ද වෙන්න ඕන.."

" පුළුවන් ඉක්මනට.. අපිට මේක මාද්‍යට යන්න තියෙන ඉඩකඩ නවත්තන්නත් ඕන.. ඒ වගේම පුළුවන් ඉක්මනට මේක විසදන්නත් ඕන.."

" හරි වෝල්ටර්.. එහෙනම් මම තව පැයකින් විතර ඔබව ලන්ඩන් කෞතුකාගාරයෙදි හමුවෙන්නම්.."

" හොදයි එරිකෝ.. මතක තියාගන්න මේක ගොඩක් රහස් වැඩක්.."

වෝල්ටර්ට සමුදුන් එරිකෝ යලි කාර්‍යාල කාමරයට පැමිනෙන තුරු සිම්රන් ඔවුන්ට සුපුරුදු කෝපි කෝප්පයක් පිළියෙල කලේ ඔවුන්ට කතා කිරීමට කරුණු ඉතිරිව තිබු බැවිනි..

" මට සමාවෙන්න සිම්රන්.. අපේ සැළසුම් අවළංගු කරන්න වෙනවා.."

" ඒකට කමක් නැහැ එරිකෝ.. මේක ඊට වැඩිය ගොඩක් වැදගත්.."

තම සුපුරුදු අසුන මත හිදගත් එරිකෝ සිම්රන් පිළියෙක කර දුන් කෝපි කෝප්පයේ රස විද ගනිමින් මොහොතක් වෝල්ටර් කී දේවල් ගැන කල්පනා කරන්නට විය..

" මේක කොතනින්ද පටන් ගන්න ඕන කියලා මට හිතාගන්න බැරුවයි ඉන්නේ සිම්රන්.."

" ඒකනම් ඇත්ත එරිකෝ.. මටත් ඒ ගැන හිතුනා.. මේ අතුරුදහන් වීම නිශ්චිත තැනකදි වුනානම් අපිට එතනින් පරීක්ෂණ පටන් ගන්න ලේසි.. ඒත් දැන් අපිට තැන් දෙකකම එක වගේ පරීක්ෂණ කරන්න වෙනවා.."

" ඒක ඇත්ත සිම්රන්.. ඒත් වෝල්ටර් ඔය කියපු තැන් දෙක ඇරෙන්න වෙන තැනකදී මේ සොරා ගැනීම වෙලා තියෙනවනම් අපි හිතනවට වැඩිය ලොකු ගැටළුවකට මුහුණ දෙන්නේ සිම්රන්.."

" හරි, අපි දැන් මොකද කරන්නේ?"

" අපි ඉස්සෙල්ලම ලන්ඩන් කෞතුකාගාරයට යමු.. එතනින් අපේ වැඩේ පටන් ගමු.. අඩුම තරමේ අපි මේ නැතිවුනේ මොනවගේ දේවල්ද කියලවත් දන්නේ නැහැනේ.. එක අතකට මාද්‍ය වල මේ ගැන ප්‍රචාරයක් ගියානම් හොදයි කියලත් හිතෙනවා.."

" ඒ ඇයි එරිකෝ?"

" නෑ එහෙම වුනානම් හැම කෙනෙක්ම වගේ මේ නැතිවුන දේවල් ගැන දැන ගන්නවා.. එහෙම වුනානම් මේවා හොරකම් කරපු අයට ඒ දේවල් විකුණන්න හරි රටින් පිට කරන්න හරි අමාරු වෙනවා.. අනික අපිට කාගෙන්හරි හෝඬුවාවක් ඉක්මනින්ම ලැබෙන්නත් තිබුනා.. දැන් ඒ හැම දෙයක්ම ඇහිරිලා.."

" ඒකත් ඇත්ත.. ඒත් ඔවුන් මේක රහසක් විදිහට තියාගන්න ගත්ත හේතුව අපිට වෙනස් කරන්න බැහැනේ දැන්.."

" ඔවු සිම්රන්.. අපිට මෙතනදි සිද්ද වෙනවා ඔවුන්ගේ හැටියට අපේ වැඩ ටික කරන්න.. අපි ඉක්මන් කරමු.. කිසිම හෝඩුවාවක් නැති පරීක්ෂනයකුයි අපි විසදන්න යන්නේ.."

එරිකෝ තම නිදන කාමරයට විත් කෞතුකාගරයට යන්නට සැරසෙද්දී සිම්රන් එරිකෝගේ කාමරයේ මේසය මත දමා තිබු ඇගේ කුඩා සටහන් පොතත් ඇගේ බෑගයට දමා ගනිමින් එරිකෝ එන තුරු රැදී සිටියේය.. ලන්ඩන් නගරයට එතරම් දුරකින් නොතිබුන එරිකෝගේ නිවසේ සිට ලන්ඩන් කෞතුකාගාරයට යන්නට විනාඩි විස්සක් පමණ ගත විය.. ගමන අතර තුර එතරම්ම කතාබහක් නොවූයේ හඹායන සිදුවීම් පෙලේ බොහෝ තොරතුරු අවිනිශ්චිත අපැහැදිළි එකක් වූ නිසාවෙන්ය..

කිසිවක් නොවූවාක් මෙන් කළබලයකින් තොරව පැවති ලන්ඩන් කෞතුකාගාරය වෙනදා මෙන්ම නිදහස්ය.. රථගාලේ නතර කර තිබුන එක් පොලිස් නිළ රථයක් හැරෙන්නට අනික් සියළු දෙයක්ම සාමාන්‍ය පරිද්දෙන් සිදුවෙමින් පැවතියේය.. කෞතුකාගාරයේ ආරක්ශක අංශය හා කතාබහ කල ඔවුන් කෙලින්ම පැමිණියේ කෞතුකාගාරයේ අධ්‍යක්ශක වරයා හමුවීමටය.. ඔවුන්ගේ මිත්‍රයාද ඔහු සමගම කාර්‍යාලයේ රැදී සීටීම එරිකෝට පහසුවක් විය..

" වෝල්ටර් දැන් දවසම කෞතුකාගරයේ ගෙවා දමනවා වගේයි.."

" මෙතන අපි නොදන්න ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවනේ එරිකෝ ඒ හන්දා දවස මෙතන ගෙවුනා කියලා පාඩු වෙන එකක් නෑ.."

" අහ් හා.. ඒක ඇත්ත.. ඒ වගේම අභිරහසුත් තියෙනවනේ මේ තැන් වල.."

" මිස්ටර් චාල්ස්, මේ ඉන්නේ මගේ මිත්‍රයෙක්.. එරිකෝ.. ඔහු මට මේ අතුරුදහන් වුන දේවල් හොයන්න සහාය වෙනවා.."

කෞතුකාගාරයේ අධ්‍යක්ශ වරයාට එරිකෝවත් සිම්රන්වත් හදුන්වා දුන් වෝල්ටර් ඔවුන් සමගම කාර්‍යාලයේ පසෙකින් වූ අසුන් වල හිද ගත්තේ ඔවුනට කතා කිරීමට බොහෝ දේ තිබුන බැවිනි..

" මිස්ටර් චාල්ස් ඔබට හොදටම විශ්වාසද වෝර්වික්ෂයර් යවන්න තිබුන හැම දෙයක්ම කිසිම කරදරයක් නැතුව ලන්ඩන් කෞතුකාගාරයෙන් පිටත් වුනා කියලා?"

" මම එහෙම හිතනවා මිස්ටර් එරිකෝ.."

" ඇයි ඔබ විශ්වාස කරනවා කිවුවේ ඒක ස්තීරවම කියන්න අමාරුද?"

" මෙහමයි මිස්ටර් එරිකෝ, ලන්ඩන් කෞතුකාගාරයට මේ දේවල් ලැබුනේ සති තුනකට කලින්.. අපි කෞතුකාගාරයේ සාහිත්‍යමය වටිනාකමක් තියෙන දේවල් අතරට මේ සමරු ටිකත් එකතු කරන්න කල්ප්නා කලා.. ඒක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබ දන්නවනේ.. මේ ශේක්ෂ්පියර්ගේ නිර්මාණ වලට ඉඩක් සකස් කරමින් ඉද්දී තමයි කෞතුකාගාරයේ තීරණය වෙනස් වුනේ.. එතකන් ඒ හැම එකක්ම තිබුනේ පහත මාලයේ තියෙන ගබඩාවේ.. ඒ දේවල් ලැබුන වෙලේ අපි ඒවා පරීක්ෂාකරලා බලලා ආයෙම ගබඩාවෙම තියෙන්න ඇරියා.. ඊට පස්සේ තීරණය වෙනස් වුනාම අපි ඒ දේවල් ඒ විදිහටම ආයෙම වෝර්වික්ෂයර් යවන්න සූදානම් කලා.."

" ඒ කියන්නේ වෝර්වික්ෂයර් යවන්න කලින් ඔබ ඒ දේවල් ආයෙම පරීක්ෂා කරලා බැළුවේ නැද්ද?"

" නැහැ.. එදා මම හිටියේ සම්මන්ත්‍රණයක.. මේ හැම දෙයක්ම කලබලයෙන් වගේ සිද්ද වුන නිසා මම මගේ සහායකයට කිවුවා ඒවා පිටත් කරන්න සූදානම් කරන්න කියලා.."

" එහෙනම් ඔහු ඒවා පරීක්ෂා කරන්න ඇති කියලා මම හිතනවා.."

" ඔවු, මගේ සහායකයා රිචර්ඩ් කියන්නෙනම් ඒ විදිහට.."

" එහෙනම් අපිට ඔහු එක්ක ටිකක් කතා කරන්නත් වෙනවා.. මම හිතනවා ඔහු අද ඇති කියල.."

"  ඔවු ඉන්නවා.. මේ වෙද්දී රිචර්ඩ් ගබඩාවේ ඇති.. ඔබට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්.."

" ඔහු ගබඩාවෙනම් ඉන්නේ ඒක මට තවත් පහසුයි.. වෝල්ටර්, ඔබත් එන්න මාත් එක්ක යන්න.."

කාර්‍යාලයෙන් පිටත් වුන ඔවුන් නරඹන්නන් අතරින් ඇවිද ගොස් ආරක්ෂකයින්ගේ අවසරද ඇතිව පහළ මාලයට පිවිසියෝය.. ප්‍රදර්ශණයට තබා නොතිබුන දුහුවිල්ලෙන් වැසීගිය බොහෝ නිර්මාණ අතරින් ඇවිද ගිය ඔවුන්ට කෙලවරක වූ මේසයක් මත ලිපි ලේඛන පරීක්ෂා කරමින් වුන් සහායකයාව හමුවීය..

" මිස්ටර් රිචර්ඩ්, අපිට ඔබත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. වෝල්ටර්ව ඔබ හදුනනවානේ.. මම රහස් පරීක්ෂක එරිකෝ.. මේ මගේ සහායිකාව.."

" ශේක්ෂ්පියර්ගේ අතුරුදහන් වුන දේවල් ගැන දෙන ගන්න වෙන්න ඇති ඔබලා එන්න ඇත්තේ?"

" හරියටම හරි රිචර්ඩ්.. අපේ ගමන ගැන ඔබ තේරුම් ගත්ත එක මේ කතාබහට පහසුවක්.."

" මම හිතන්නේ මම කියන්න ඕන හැම දේම කලින්ම කියලයි තියෙන්නේ.."

" ඔවු වෙන්න පුළුවන්.. ඒත් ඔබට මගහැරුණ දෙයක් එහෙම තියෙන්න බැරි නැහැනේ.."

" හරි, එහෙනම් ඔබලාට විශේෂයෙන් මොනවද දැන ගන්න ඕන.."

" ශේක්ෂ්පියර්ට අයත් දේවල් වෝර්වික්ෂයර් වලට යවද්දී ඒවා කෞතුකාගාරයට ගෙනාව විදිහටම තිබ්බද කියලා ඔබ පරීක්ෂා කරලා බැළුවද?"

" ඇත්තටම ඒ තරම්ම පරීක්ෂා කරලා බලන්න දෙයක් තිබුනේ නෑ.. මොකද අපි ඒවා ප්‍රදර්ශණයට තියන්නවත් එළියට නොගත්ත නිසා.. ඒ නිසා ඒවා තිබුන විදිහටම වෝර්වික්ෂයර් යවන්න සූදානම් කලා.."

" රිචර්ඩ්ට හිතෙන්නේ නැද්ද ඒක ලොකු වැරැද්ද කියලා.. මොකද, ඒ වෙනකොටත් ඒ හැම එකක්ම අතුරුදහන් වෙලානම් තිබුනේ ලොකු අපරාධයක් ලන්ඩන් වලදිම විසදගන්න තිබුන අවස්ථාව නැති වුනා නේද?"

" මම හිතන්නේ නැහැ එහෙම දෙයක් ලන්ඩන් කෞතුකාගාරයෙදි වුනා කියලා.. ඒ මොකද ඒ දේවල් මෙහේ තිබුනේ දවස් දෙකක් විතරයි.. අපි ඒවා මෙහේ තියෙනවා කියලා කිසිම ප්‍රසිද්ධියක් කලෙත් නැහැ.. අනික මෙතන හැම දොරටුවකම ආරක්ෂක කැමරා සවි කරලා තියෙනවා.. කවුරු හරි ඒ දේවල් හොරෙන් අරන් යනවනම් ඒක හොයා ගන්න එක ලේසියි.."

" ඇත්ත, එහෙම හොයා ගන්න තිබුනා මේවා ප්‍රමාණයෙන් විශාල දේවල් උනානම්.. රිචර්ඩ් අපි කතා කරන්නේ මේ ඉතිහාසගත් වටිනාකමක් තියෙන ලියවිලි කිහිපයක් ගැන.. ඒවා කෙනෙක්ට හොරෙන් පිටතට ගෙනි යන එක ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි නේද?"

" ඒක ඇත්ත.. ඒත් ඒ හැම එකක්ම දවස් දෙක පුරාවටම තිබුනේ මේ කාමරය ඇතුලේ.. මෙතනට ඇතුළු වෙන්න පිට වෙන්න තියෙන්නේ එක දොරක් විතරයි.. එතන හැමදේම කැමරාවට සටහන් වෙනවා.. අධ්‍යක්ෂතුමයි මමයි ඇරෙන්න මෙතනට වෙන කවුරුවත් ආවේ නැහැ කියන එක ඔබට ඒවයේ සටහන් වුන දේවල් බැළුවම තේරේවි.."

" ඒ කියන්නේ අපිට ඔබලා දෙන්නවත් සැකකාරයන්ගේ ලැයිස්තුවට දාන්න  පුළුවන් කියන එක.."

" ඒක ඔබලාගේ කැමැත්තක්.."

" හරි අපි යමු වෝල්ටර්.. තව කරන්න හුඟක් දේවල් තියෙනවා.."

පහල මාලයේ ගබඩා කාමරයෙන් නික්මුන ඔවුන් කෞතුකාගාරයෙන් නික්මී එහි රථගාල දෙසට පිය මැන්නේ ප්‍රශ්ණාර්ථයෙන් පිරි මුහුණෙනි..

" එරිකෝ හඹා යන්න තරම් පුළුවන් දෙයක් තියෙනවද?"

" නැහැ වෝල්ටර්.. කිසිම දෙයක් නැහැ.."

එරිකෝගේ මුහුණින් පෙනුනේ බැරෑරුම් පෙනුමකි.. හරි හැටි එල්ලයක් නොමැතිව මාවතක ගමන් කිරීම කොතරම්ම අපහසුදැයි තේරුම් ගැනීමට ඔවුන් තිදෙනාම සමත්වීය..

" වෝල්ටර් මම සිම්රන් එක්ක වෝර්වික්ෂයර් යනවා.. ඔබට එන්න පුළුවන්ද?"

" රාජකාරි එක්ක ඒ තරම් දුර ගමනක් එන්න මට පුළුවන් කමක් නැහැ එරිකෝ.. මගේ නියෝජීතයෝ දෙන්නෙක් දැනටමත් එහේ ගිහින් ඉන්නේ.. මං ඔවුන්ට දන්නවන්නම් එරිකෝට ඕන හැම සහයෝගයක්ම දෙන්න කියලා.."

" හරි වෝල්ටර් එහෙනම් අපිට ඒ උදවුව කරන්න.. අපි හෙට උදේම වෝර්වික්ෂයර් යන්න පිටත් වෙනවා.."

අතට අතදී සුභ පතා වෝල්ටර්ගෙන් සමුගත් ඔවුන් එරිකෝගේ නිවස වෙත එද්දී සවස් වී තිබුනේය..

" සිම්රන් පුරුදු විදිහටම කෝපි එකක් තිබුනොත් හොදයි.."

" හරි මන් හදාගෙන එන්නම්.."

ඇය මුළුතැන්ගෙය වෙත යද්දී කාර්‍යාල කාමරයේ තම අසුනට බර වුන එරිකෝ අන්තර්ජාලය ඔස්සේ අතුරුදහන් වූ ඳේ ගැන තොරතුරු සොයන්නට විය.. විනාඩි කිහිපයකින් කෝපි කෝප්පයද රැගන පැමිණි සිම්රන්ට පුටුව පිටුපසට දිගා වී දෑස් පියාගෙන සිටි එරිකෝව දැක ගන්නට හැකි විය..

" ඇයි එරිකෝ, මොකක් හරි ප්‍රශ්ණයක්ද?"

" නැහැ සිම්රන්.. හෙට උදේම වෝර්වික්ෂයර් යන්න තිබුනනම් හොදයි.. එතකොට වැඩිය පරක්කු නොකරම අපිට එහේ තොරතුරු හොයලා බලන්න පුළුවන්.."

" ඉතින් මොකද්ද ප්‍රශ්ණේ?"

" ප්‍රශ්ණයක් නැහැ.. මම මේ හිටියේ  සිම්රන්ට මාත් එක්ක යන්න එන්න පහසුද කියලා දැන ගන්න විතරයි.."

" ඇයි බැරි? අපි යමු.. එරිකෝ දන්නවනේ මම මේ වගේ දේවල් වලට කොච්චර උනන්දුද කියලා.."

එරිකෝගේ මුවගට සිනහවක් නැඟුනේය.. කෝපි කෝප්පයේ රස විදගනිමින් කතාවට වැටුන ඔවුන් ඊළගට කුමක් කරනේදැයි සාකච්චා කරන්නට වීය..




මතු සම්බණ්දයි...


ප.ලි - දෙවසරක නිහැඬියාවකට පසු එරිකෝ යලිත් ඔබ හමුවට.





49 comments:

  1. රයිට් කෞතුගාරේ සින් එකක් නං සුවර් එකටම කං ගැට්ටා වෙන්න ඇති.. මිනිහා මාර ගේම් කාරයා.. ගිහිං අහලා බැලුවනං...

    බලමු..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. කවුද ඒ කං ගැට්ටා. මට මීටර් නැහැනේ.

      Delete
    2. කං ගැට්ට තමා මෙහෙ කඩු දෙකක් ගිල්ලෙ මියුසියම් එකේ මතක නැතෙයි

      Delete
    3. අඩෙහ්, ඔවු නේන්නම්. මේකනේ බං ඔය සති දෙකට වැඩි සීන් මතක හිටින්නේ නෑනේ අපිට. ;)

      Delete
  2. කතාව හරි ලස්සනට ලියාගෙන යනවා...... අැත්තට ම ඊළග කෑල්ල කියවන්න කුතුහලයක් දැනෙනවා.... සුපිරියි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කුරුට්ටෝ.

      Delete
  3. මට නම් මුලින්ම හිතුනේ අපි වගේ දකුණු අසියාතිකයන්ට එරිකෝ-සිම්රන් වගේ පිරිමි-ගැහැණු යාළුකම් තියාගන්න අමාරුවෙන්නේ ඇයි කියල. එක්කෝ ඒවගේ යාළුකම් බොහොම නරක විදියට ඉවර වෙනවා. නැතිනම් ඒ යාළුකම කෙටි කාලයකින් ම ප්‍රේම සම්බන්ධයක් වෙලා පසුව විවාහයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. බොහොම නරක ව්දිහට ඉවර වෙනවට වැඩිය විවාහයකින් කෙලවර වෙන එක හොදයි. කොච්චර යාළු කමක් උනත් එක් පාර්ශවයක් හරි හොරෙන් හරි ආදරේ වෙනවා. ඒක තමයි ස්භාවය.

      Delete
    2. දකුණු ආසියාතිකයෝ නෙමේ ඕනේ රටක ජාතියක ඕක වෙනවා

      Delete
    3. උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක්

      Delete
    4. ඔමා, ඔවු බං. ඒක වෙන්නේ ඉතින් දෙන්නගේ තියෙන්න ලංවෙන්න බැරි මොකක්ම හරි හේතුවක් නිසා. ඔය ෆ්‍රෙන්ඩ් සෝන් එකෙන් පනින එක හරි අමාරුයි නේ.

      Delete
    5. ගස්, අනිවා මචං.

      Delete
  4. ඊළඟ කොටස ඉක්මනට දාන්නෝ...................

    ReplyDelete
    Replies
    1. හරි හරි, ඉවසන්න දරුවා. ඉවසන්න.

      Delete
  5. ඊළඟ කොටස කියවන්න බලාගෙන ඉන්නවා.
    " ප.ලි - දෙවසරක නිහැඬියාවකට පසු එරිකෝ යලිත් ඔබ හමුවට." මේකෙ තේරුම අවුරුදු 2කට කළින් ඔයා මේ ගැන ලිව්වා කියන එකද?

    ReplyDelete
    Replies
    1. එරිකෝගේ තවත් පරීක්ෂණ කීපයක් ගැන මම මුලින් ලියලා තියෙනවා. ඒ කාලේ නිතරම ලිවුවත් පස්සේ විවිධ හේතු නිසා ඒක අතපසු උනා. ඔය වම් පැත්තේ උඩ තියෙන " වර්ණ රටා " වල එරිකෝ හන්ටර් ක්ලික් කරන්න. පරණ කතා බලන්න පුළුවන්.

      Delete
  6. ලස්සනයි .... නැවතත් track එකට එවිත් ඔබ ...

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි. ගිය අවුරුද්දේ ටිකක් බ්ලොග් එක අත ඇරුනා. මේ අවුරුද්දේ ඒකටත් හරි යන්න ලියන්න හිතන් ඉන්නේ.

      Delete
  7. ලස්සනයි වර්ණ කාලෙකින් රහස් පරීක්ෂක කතාවක් කියවන්නේ ....
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. කාලෙකින් මාත් මේ ලිවුවේ.

      Delete
  8. එළ...ඊළඟ එකත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
    Replies
    1. ලබන සදුදා දිහාවට දෙන්නම්. ලියන්නත් එපැයි ඉතින්.

      Delete
  9. බුදු අම්මෝ බං.. උඹට තිායෙන හැකියාවල් ගණං කරන්න බෑනේ.. මේක කොටස් දෙකකට දැම්ම නං හොදා බං. මැද හරිය කමැමැලි හිතුනා දිග වැඩ නිසා..

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ගොල්ල දැන් කම්මැලි වෙලා. හා හා කම්මැලි නැතුව කියවමු. මෙහෙම නොදැම්ම නම් ඉතින් මේක මට කොටස් හතරෙන් ඉවර කරන්න වෙන්නේ නෑ දේශා.

      Delete
  10. කියවනවා දිගටම :) හරිම ලස්සනයි. ඔයාගෙ විදිහට අපි කැමතියි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.

      Delete
  11. ගොඩක් අසවෙන් කියෙවුවේ. එරිකෝ සහ සිම්රන් චරිත දෙක හිතේ රූප විදියට මැවූනම ෆිඔම් එකක් වගේ. පරක්කු නොකර ඊලග කොටස දාන්න

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්.
      උඹත් දැන් සෑහෙන්න කාලෙකින් මුකුත් ලිවුවේ නෑ නේ?

      Delete
  12. වැඩේ නැගලා යනවා.. (ඊලඟ එක එනකන් නොඉවසිල්ලෙන්)
    ජයවේවා..!!

    ReplyDelete
  13. වොට්සන්.. ඉක්මනට ලැස්ති වෙන්න විශේෂ ගමනක් යන්න..

    ඒ කොහෙද හෝම්ස්..

    මට තියෙනවා ඔබට විශේෂ අමුත්තෙක් හඳුන්වලා දෙන්න ..

    හෝම්ස් මහත්තය මගේ කුතුහලය අවුස්සනව ..මම හිතුව අර හිඟන කොල්ල ඇවිත් රහසින් යමක් මුමුනල යනකොට මොකක් හරි වැදගත් යමක් සිද්දවෙලා කියල..

    හොඳයි ඉතින් කතාව නවත්තල ඉක්මනට ලැස්ති වෙමුකෝ..

    හොඳයි හෝම්ස්..

    ආ තව දෙයක්..මතක් කරලා වොට්සන්ගේ පිස්තෝලේ සාක්කුවේ දාගන්න.. මතක තියාගන්න පිස්තොලේ උණ්ඩ පුරවලද කියල තහවුරු කරගන්නත්..

    දැන්නම් මගේ කුතුහලය තවතවත් ඇවිස්සෙනව හෝම්ස් මහත්තයා.. ටිකක් කියන්න බැරිද කව්ද කියල මේ අමුත්තා කියල . කාලෙකින් අපිට සේවාදායකයෙක් පැමිණියේත් නැහැ නෙව..

    කොහේ සේවාදායකයෝ එන්නද වොට්සන්.. එරිකෝ කියල සුද්දෙකුයි සිම්රන් කියල ඉන්දියන් කෙල්ලෙකුයි අපේ බඩට ගහන්න අපේ රස්සාවම පටන් අරං කියල මට තොරතුරු අරන් එන හිඟන කොලු ගැටයෙක් ආරංචියක් කිව්වා..ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකේ වෝල්ටර්ලා දැන් දවසෙම පදිංචිය එහෙලු.. කොහෙද ඉතින් ඕකුන්ට ගෑනු පුළුටක් පේන්න බැහැ ඇම්බලයෝ වගේ.. අපි අද යන්නේ දෙකෙන් එකක් බේරන් එන්න.. මේ ලංඩනයේ රහස්පරීක්ෂක වරු එකෙක් හිටියාම ඇති.. මෙහෙම ගියොත් මට කාමර කුලියවත් ගෙවාගන්න ආදායමක් නැතුව බේකර් වීදිය දාල යන්න වෙනව ..

    ***************************************************************

    හැක් ..හැක් .. වරදවා හිතන්න එපා දිනේෂ්.. නිකමට හිතට ආපු ටික ලිව්වේ.. ඔයා ලියපු කතාව කියවද්දී මට ඒ බ්‍රිතාන්‍ය උරුව දැනුන.. අතිසාර්ථකයි.. පරණ පොස්ට් ටිකත් කියවගෙන එන්නම්කෝ.. අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ..ජයවේවා..

    ReplyDelete
    Replies
    1. පීලිං මාවලස් හිහි
      මරු ඉට්ටෝරි කෑල්ල ඒකත්

      Delete
    2. හෙහ් හෙහ් මෙන්න කමෙන්ට්. හෝම්ස් මහත්තයට මල පනින එක අහන්නත් දෙයක්ද ඉතින්. හැබැයි ඉතින් හෝම්ස් මහත්තයගේ පරණ ක්‍රමයි මේ ක්‍රමයි වෙනස්.
      ඔන්න අළුතින් යන ශර්ලොක් ටීවී සීරීස් එකේ විදිහට නම් කතා දෙකම නවීන ලෝකේ එක්ක යන හන්දා හෝම්ස් අනිවා ඒවි එරිකෝ එක්ක ගේමක් ඉල්ලන්න.

      Delete
    3. මහේෂ්, මම මේ කල්පනා කලේ මේකා මේ ටික ලිවුව හැටියට මූටත් මේ ස්ටැයිල් එකට ලියන්න පුළුවන් නේද කියලා.

      Delete
    4. ආතර් කොනන්ඩෝයිල් ලියපු එව්වයේ මුල් පරිවර්තන කියවපු ඕනෑම කෙනෙකුට ඒ උරුව අමතක කරන්න බැහැ දිනේෂ්. දැන් තියන බාල පරිවර්තන වගේ නෙවෙයි එව්වා. ඒ භාෂා විලාශය තාම අපේ ඇඟේ තියනව. ඒ අතින් දැන් දරුවෝ හරිම අවාසනාවන්තයි.. කාර්ටුන් බලන්නෙත් සිංහලෙන්.. පරිවර්තන කියවන්නෙත් වෙනමම ශයිලියකින්.
      අපි ඒ කාලේ නයිට් රයිඩර්, රොබින්හුඩ්, ස්කුබිඩු බලල ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙනගත්ත. දැන් දරුවන්ට මුකුත්ම නැහැ. හිස්ම හිස් රූපවාහිනී පෙට්ටියක් මුළු දරු පරපුරම විනාස කරමින් සිටිනවා.

      Delete
    5. ඒ කතාවනම් සහතික ඇත්ත. රොබින්සන් අන්දරය, මායාබන්දන, ඕශන් ගර්ල් මේ කතා අපිට අදටත් මතකයි. ඒකට දැන් තියෙන ඒවා.

      Delete
  14. ඊළග කෑල්ල තවත් සසවත් ලු
    හම්මියෝ ඉක්මණට දාන්ඩෝ
    හය්යෝ මොකද කරන්නේ ඕක තියාගෙන
    දා දා යකූ

    ReplyDelete
    Replies
    1. ඉවසපං. ඉවසපං.

      Delete
  15. ඔය වගේම කෞතුකාගාර කේස් එකක් ලංකාවෙ පොලිසිය ටොප් එකට විසඳුවා.ඒ අයට දුන්නනං වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටිය ගියානම් ගිය ගමන්ම අර ගබඩාවේ හිටිය එකා හරි අල්ලලා ඇතුලට දාලා, දෙකක් ඇනලා, ඌට කියලා වරද පිළි අරගෙනත් ඉවරයි

      Delete
    2. කොටදෙනියාවේ පොලිසිය ඔතනට යව්වනම් එරිකොයි සිම්රනුයි පිලිගන්නවා ලිපි ලේඛන හොරකම් කරේ එයාල දෙන්න කියල.. ඕනෙනම් වෝල්ටරුත් පිළිගනියි මේ වැඩේ කරේ එයා කියල.. හැක්..හැක් ..

      Delete
    3. අනිවා අනිවා. එහෙනම් සැරින් සැරේ එක්කෙනා එක්කෙනා අල්ලගෙන ඇතුලට දායි.

      Delete
  16. මමත් උඹේ "එරිකෝ"කතාවක් කියවන පළමු වැනි පාර මේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්න්නේ උඹ 2013න් පස්සේ බ්ලොග් වලට අවිත් තියෙන්නේ.

      Delete
  17. මෙන්න දිනේෂ් මම ආස සීරීස් එක ආපහු පටන් අරං. හරි දෙවන කොටසත් බලන්න ඕනේ. දිනේෂ්ගේ හොඳම කතා සෙට් එක මේක.

    ReplyDelete
  18. අද තම පළමුවන කොටස කියෙව්වේ . සාර්ථකයි.. බලමු දෙක තුන ත්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්