Wednesday, 30 September 2015

අසහනය

සියුම් කටු තුඩගින් කීප වරක්ම මා ඇගේ නිරුවත් පියයුරු වලට ඇන්නෙමි. මුව වසා තිබු ආවරණය නිසාම ඇගේ කෑ ගැහිල්ල පිටතට නොඇසුනත් විශාල වූ ඒ දෑස් මතින් ඇගේ ඒ වේදනාව මම දුටිමි. එය මට මහත් ආශ්වාදයක් විය. ඒ නිසාම තවත් කීප වතාවක්ම ඒ අයුරින්ම මා ඇයට වේදනා දුන්නෙමි. කටු තුඩැගි වල පහරින් ගලා ආ රුධිරය ඇගේ නාඹිය තෙක් ගලා විත් තිබිනි. දකුණතේ අත් ආවරණ ගලවා දැමු මා ඇගිළි තුඩු අතරට ඇගේ ගලා ආ රුධිරය ටිකක් තවරා ගතිමි. ඊලග මොහොතේ එය නතර වුනේ මගේ දිව අගය.

වේදනාව මෙන්ම භයද කැටිවුන දෑස් වලින් ඈ මා දෙස බලා සිටිනු මා දුටිමි. මා ඇගේ මුහුණ දෙසට මදක් නැඹුරු වීමි. ඇගේ දෑස් වල රැදුන බිය ක්‍රමයෙන් වැඩි වන අයුරු මා බලා සිටියෙමි. සෙමින් ඇගේ නළලතේ සිට කම්මුල් දක්වා මගේ අතැගිලි ඇගේ මුහුණට තද කලෙමි. විමතියෙන් පිරී ගිය දෑස් වල තිබුනේ මා ඊලගට කරන්නේ කුමද්ද යන භය විය යුතුය. ඒත් ඒ දෑස් වල කඳුළු මා නොදුටුවෙමි.

ඇගේ මුහුණ දෙසට නැඹුරු වූ මා ඈ සමග සිනාසීමි. දෙනෙත් පියාගත් ඈ මගේ ග්‍රහණයෙන් ඇගේ මුහුණ ගලවා ගන්නට යෙදී සිටියේ අසාර්ථක උත්සයකය. මා තවත් තදින් ඇගේ මුහුණ මිරිකුවේ හිස් කඹල කුඩුවී යන තරම් වේගයකිනි. ඒ වේදනාව මා ඇගේ ඇස් වලින් දුටිමි. ඊලඟ මොහොතේ ඇගේ අැස් පියවී ගියේ වේදනාවෙන් ක්ලාන්ත වන්නට ආසන්නයේ බව දුටු මා ඇගේ මුහුණෙන් අත ඉවතට ගතිමි. ඒ ඈ තවත් වේලා මෙසේ සිටිය යුතු නිසාවෙනි.

මා, අඩවන්ව තිබූ තිර රෙදි තරමක් විවර කලෙමි. යන්තමින් ආලෝකයක් කාමරයට වැටෙන්නට ඉඩ සලසා දී විදුළි බුබුළු කීපයක් නිමා දැමුවෙමි. දීප්තිමත් ආලෝකයක් නැතත් ඇය ගැට ගසා සිටි මේසය දැක ගන්නට තරම් එය බොහෝ සෙයින් ප්‍රමාණවත්ය. මා යලිත් වරක් ඈ ලගට ලං විමි.
තවමත් ඇය සිටියේ සිහිසුන්වය. එය මවා පෑමක් නොවන බව පැහැදිලිය. ඇගේ සිරුර තුලින් ගලා ගොස් වියලුන ලේ පැල්ලම් මෙන්ම තවමත් කැටි නොගැසුන ලේ පැල්ලම් ඈ තව පැය කිහිපයකට සිහිසුන්ව හිදින බැව් තේරුම් කිරීමට සමත්ය. ඒ නමුත් මම මගේ වෙද නලාව ගෙන ඇගේ තත්වය පරීක්ෂා කර බැලිමි.

අඬ අඳුරේ තිබුන පුටුවකට බරවී මා හිද ගතිමි. ඒ ආලෝකයට වඩා අඳුරට මා බොහෝ සෙයින් ඇලුම් කල බැවිනි. ඊටත් වඩා ඇගේ නිරුවත් සිරුරේ ආශ්වාදය විදීමට මට තිබූ වුවමනාව නිසාය. ලෙයින් හා දහඬියෙන් මුහුව තිබු ඇගේ සිරුර මත පෙර නොදුටු සුන්දරත්වයක් මා රිසිසේ ආශ්වාදය කලෙමි.

***
" හාර්ඩි."

බලාපොරොත්තු විරහිත හඬකින් මා වටපිට බැලිමි. ගැට ගසා සිටි මේසයේ හිදි ඇයත් අඳුරට මුවාවි සිටි මාත් ඇරෙන්න වෙනත් කිසිවකුත් අප අතර නොවීය. වාඩි වී හිදි පුටුවෙන් නැගිට ඈ අසලට මා සෙමින් ගමන් කලෙමි. ඒ, ඇය තවමත් සිහිසුන්ව දැයි දැක ගැනීමේ අරමුණිනි.

ඇය තවමත් පෙර පරිදිය. කිසිම විටක ඈට මගේ නම දැන ගැනීමට හැකියාවක් නැතැයි මා දනිමි. අඩක් විවර කල තිර රෙදි මා යලි සම්පූර්ණයෙන්ම වසා දැමිමි. අඳුර මුළු කාමරයම යලිත් වසාගත් අතර දැල්වී තිබුන විදුළි බුබුළු දෙක තුන කළාමැදිරි එළියක් සේ දිස් විය. මා යලි හැරුණේ විදුළි බුබුළු දල්වන අරමුණිනි. නමුත්,

" මරීයා."

මට ඉබේම කෑ ගැසිනි. ඈ එක එල්ලේම බලාගෙන සිටියේ මා දෙසය. ඈ හැදගෙන සිටි බිම ගෑවෙන තරම් දිගු සුදුපැහැ ගවොම මට ආගන්තුක එකක් නොවේය. නමුත් උරහිසින් පහළට වන තෙක් දිගු වූ ඇගේ කෙස් කළඹ මට තරමක් ආගන්තුකය. විනාඩි කිහිපයක ඇති වු නිහැඬියාව අපිට අප දෙස ඇති තරම් බලාගෙන ඉන්නට තරම් ප්‍රමාණවත්ය.

" මේ කවුද?"

ඈ හෙමින් ලන් වූයේ මේසය මත ගැට ගසා තිබූ තරුණිය දෙසටය. අපි අතර ඈ සිටි බවක් මතකයට නැගෙන්නට බොහෝ කාලයක් ගත වී තිබුනේය.

" ක්ලැරා."

ඇයද හෙමින් ඒ නම මුමුණනු මට ඇසිනි. ක්ලැරාගේ මුහුණ වෙතට නැඹුරු වු ඇය නළලතට වැටි තිබුන කෙස් රොදක් සකසන දෙස මම නිහඬවම බලා සිටියෙමි. ක්ලැරාගේ නිරුවත් සිරුර හෙමින් අතැගිලි වලින් පිරිමැද්ද ඇය මොහොතක් දෙකක් එහි සුන්දරත්වය වින්දාදැයි සැකයෙන් මම ඈ දෙස බලා සිටියෙමි.

" හාර්ඩිව අඳුනනවද?"

ක්ලැරාගෙන් ඈත් වුන ඈ මගෙන් විමසීය.

" නැහැ."

" මං වගේමද?"

එවර ඇගේ ස්වරයේ තිබුනේ ශෝකාකූල බවකි.

" ඔව්."

ඇගේ මුහුණ කලින් තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් වී ගොසිනි. ඒ හැඟීම මට තේරුම් ගැනීම එතරම් අපහසු එකක් නොවූවත් ඈ ඒ මතකයෙන් වෙලේවි යැයි මා කිසිසේත් බලාපොරොත්තු නොවුනෙමි. ක්ලැරාගේ නිරුවත් සිරුර ලඟින් ඈත් වුන ඈ වසා තිබු තිර රෙදි අතරින් ජනේලයෙන් එපිට බලාගෙන හිටියේ හැඟීමකින් තොරවය.

මා ඈ දෙසට මදක් ලං වීමි. ඇගේ සුව‍ෙඳෙහි එදාට වඩා බොහෝ වෙනස් කම් අද ඇතත් මා ඈට ලංවී සිට ගතිමි. ඇගේ උරහිසින් අල්ලන්නට මට වුවමනා වූ මුත් මා ඒ අදහස අත් හලෙමි. ඇගේ නිහැඬියාව නිමා වන තෙක් ඈ දෙසම බලා ඉන්නට මා සිතා ගත්තෙමි.

" එයාට යන්න දෙන්න."

බොහෝ වේලාවකට පසු ඈ මා දෙසට හැරෙමින් පැවසීය.

" බැහැ."

මා යලි ඇයට පිළිතුරු දුන්නෙමි. මගේ පිළිතුරෙන් ඈ කිසිලෙසකවත් සෑහීමකට පත් නොවන බව දැන සිටිමුත් ඇගේ අදහස ප්‍රතික්ෂේප කරනවා හැර වෙනත් අදහසක් මගේ සිත තුල නොවීය. ඇගේ මුහුණේ තිබුනේ බලාපොරොත්තු විරහිත හැඟීමකි.

මා පියවරක් දෙකක් ඇගෙන් ඉවතට ඇවිද ගියෙමි. මේසය මත ගැට ගසා, තවමත් සිහසුන්ව හිදින ක්ලැරා දෙස එක් බැල්මක් පමණක් හෙළුවෙමි. ඒ, මගේ හිත මගෙන් වෙනස් වේයයි වූ භය නිසාවෙන්ය.

" එයාටත් මෙහෙම දෙයක් වෙන්න ඕන නෑ."

මට ඈතින් ඇය පවසනු ඇසිනි. කෝපයෙන් වුනත් එය සඟවාගෙන මම ඈ දෙසට හැරුනෙමි. ඈ බොහෝ සෙයින් වෙනස් වී සිටියාය. පිළිවෙලකට උරහිස දක්වා පීරා තිබුන ඇගේ කොණ්ඬය අවුල් වී ගොසින්ය. නළලතේ හා කම්මුලේ ගලා යන ලේ බිදු ඇගේ දෙපා ලඟට වැටෙන අයුරු මා දුටිමි. දම්පැහැ ගැන්වුන ඇගේ මුහුණ කලින් තිබුන සුන්දරත්වය ඇගෙන් බොහෝ දුරට උදුරාගෙනය. මඩ වී ගිය, තැනින් තැන ඉරුණු සුදු ගවොම ඇගේ සිරුරේ රැදී තිබුනේ යාන්තමිනි.

මා, මගේ මගේ දෑස් වසා ගත්තෙමි. යලිත් කිසිම දවසක නොදකින්නට ප්‍රාර්ථනා කල ඒ දසුන අවාසනාවකට මෙන් මගේ දෑස් ඉදිරියේ මැවී අවසන්ය. මට තවත් ඒ දෙස බලා සිටිමට උවමනාවක් නොවිනි.

" එයාට යන්න දෙන්න."

අඳුරත් පාළුවත් අතරින් ඒ වචන දෝන්කාර දෙන අයුරු මට ඇසිනි.

***
මා දෑස් හැර බැලිමි. විවර කල තිර රෙදි අතරින් කාමරයට ඇතුළු වුන ආලෝකය අඩුවී ගොසිනි. මේසය මත ගැට ගසා සිටි ඇය තවමත් එලෙසින්මය. වාඩි වී හිදි පුටුවෙන් නැගිට තිර රෙදි යලිත් වරක් වසා දැමුවේ ඈ වෙතට යාමේ අරමුණිනි. හෙමින් ඉහල පහල යන ඇගේ නිරුවත් ළැම දෙස මා මොහොතක් බැලීමී.

ඇගේ පාදයේ සිට ළමැද තෙක් මගේ ඇඟිලි ගෙන ආවේ බොහොම සෙමිනි. එය ඇයට සමහර විට නොදැනෙනවා විය හැක. ඈ ගැට ගසා සිටි මේසයට එහා පැත්තේ තිබු සැත්කම් පිහිය මා අතට ගතිමි. තව බොහෝ දේ ඉතිරිය. ඇගේ කම්මුල් මොහොතක් පිරිමැද සැත්කම් පිහියද ගෙන මම ඇගේ කළවා දෙසට නැඹුරු වීමි.


නිමි......

Thursday, 17 September 2015

ඇයද මවකි



මම අන්තිමේ ඇයත් එක්ක කතා කරන්න තීරණය කලා. සුපුරුදු විදිහටම ඇය හිටියේ කුස්සියට වෙලා. ඇගේ දින චර්යාවෙන් වැඩි හරියක් ගෙවෙන්නේ කුස්සියේ කිවුවොත් මම හරි. ඒත් ඒ ඇය නිතරම මොකක් හරි වැඩක් කලා කිවුවොත් මම වැරදියි. අනික් හැම වැඩක් අතරෙම ඇය කල්පනා කරන්න, ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න තෝර ගත්තෙත් කුස්සියමයි.

මම ඇය දිහා ඈතට වෙලා ටිකක් බලාගෙන හිටියා. ඇය හිටියේ කල්පනාවක. ලිපේ පාස්තා වෙනුවෙන් රත් වෙන්න තිබ්බ වතුර එකේ බාගයක්ම උණු වෙලා යනකන්ම ඇය හිටිය කල්පනාවේ දුර ගැන හිතා ගන්න මට ඒ තරම් අමාරුවක් නෑ. මම හෙමීට ගිහින් ලිප නිවලා දැම්මා. ඒත් ඇයට මම ආව බවක්වත් ගැන හැඟීමක් තිබුනේ නෑ.

ඇය හිටියේ ජනේලයෙන් ඈත පේන කඳු පෙල දිහා බලාගෙන. මම ඈ පිටුපසින් ඈ බලාගෙන ඉන්න දිහාව ටිකකට බැළුවේ ඇය උනන්දුවෙන් බලන්න තරම් දෙයක් ඒ අවට තියෙනවද කියලා සැක හැරගෙන දැන ගන්න. අවසානයේ කෑම මේසේ පුටුවකට ඇවිත් මම වාඩි උනේ ඇය ඉන්නේ ඇගේම හීන ලෝකේ කියලා දැන ගත්තට පස්සේ.

" අම්මේ."

මම අන්තිමේ ඇයට කතාකලා. කලබලෙන් මගේ දිහාවට හැරුන ඇය මං දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. හදිසියේ හීනයෙන් මිදුනාක් මෙන් ඇය දෙතුන් වතාවක් ඒ මේ අත බැළුවේ ඇය කර කර හිටිය වැඩේ ගැන මතක් කර ගන්න වෙන්න ඇති. ඊලගට ඇය හැරුණේ ලිප දිහාවට.

" මම ඒක නිවලා ගොඩක් වෙලා."

කෑම මේසය උඩ තිබුන පත්තරයේ පිටු ඕනාවට එපාවට පෙරලන ගමන් මම ඇයට කිවුවා. මම බලාපොරොත්තු උන විදිහටම ඇගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඒ වෙනුවට ලිප තිබුන තැන කබඩ් පේලියට හේත්තු උන ඇය මං දිහා බලාගෙන හිටියේ අපි දෙන්නගෙන් කවුරු ඉස්සර වෙලා කතා කරයිද කියන හැඟීමෙන්.

" හෙට ඉස්කෝලේ වාර්ෂික රැස්වීම."

" මං කියන්නම් ආච්චිට එන්න කියලා."

හේත්තු වෙලා හිටිය කබඩ් පේලියේ අනෙක් පැත්තට හැරුන ඇය ආයෙම ලිප දැල්වුයේ උයන්න තියෙන ඕන කමටත් වැඩිය මගේ කතාව මඟ අරින්න තියෙන ඕන කම නිසා කියලා තේරුම් ගත්ත මම කෑම මේසෙන් නැගිටලා එළියට ආවේ ඊට වඩා දෙයක් කතා කරන්න අපිට නොතිබුන නිසා.

මේ ඇය මගේ උවමනාවක් මඟ හැරිය පළවෙනි අවස්ථාව නෙමෙයි. මට මතකයේ ඇති කාලයක ඉදන්ම ඉස්කෝලේ හැම දේකටම ආවේ ආච්චි. ඒක හැමදාම ප්‍රශ්ණයක් වුනේ මට විතරක්ම නෙමෙයි. මගේ යාළුවන්ටත් ඒක ප්‍රශ්ණයක් වුනත් කාගෙත් හිත් වල ඒක රැදුනේ ටික කාලයකට විතරයි. ඒ ගෙවුන අවුරුදු දා හතරට පාසල් හයකට යන්න මට සිද්ද වුන නිසා. දැන් කවුරුත් ආච්චිව අඳුනන්නේ මගේ අම්මා විදිහට.

ඇයත් එක්ක හිතේ තිබුන කේන්තිය හන්දම මම හවස් වරුවම හිටියේ එළිමහනේ තිබුන පුටුවක වාඩි වෙලා. මම හිටිය තැනට ටිකක් එහායින් ඇය හිටියේ ඇය ආසම කරන මල් ගස් කීපයට සාත්තු කරමින්. මම ඇය දිහා බලාගෙන හිටියේ බොහොම ඕනකමකින්. ඈ නිතරම ඇදුම් ඇන්දේ ඇගේ සම්පූර්ණම සිරුර වැහෙන විදිහට. ශීත කාලයට එය ඇයට කොහෙත්ම ප්‍රශ්ණයක් නොවුනත් මේ උණුසුම් කාලයේ ඇය ඒකෙන් මහත් අපහසුවකට පත් වෙනවා කියලා මට තේරුණ අවස්‍ථා බොහොමයි.

අදත් ඇය සිරුරට නැගෙන දහඬිය හංඟගෙන ඉන්න උත්සාහ කරනවා කියන එක ඇගෙන් හොදටම පේන්න තිබුනා. ඒ ගැන මට ඇගෙන් අහන්න ඕන වුනේ අද ඊයේ නෙමෙයි. ඒත් ඇයගේ හැසිරීම හැමදාම මෙහෙමයි කියලා තේරුණ කාලේ ඉදන් මම ඒ ගැන ඇගෙන් අහන්න ගියේ නෑ. ඒ, ඇයට ඒ වෙනුවෙන් දෙන්න එක එක දවසට වෙනම හේතුන් තිබුන නිසා. ඒ කොහොම උනත් මම එක දෙයක් දැනන් හිටියා. ඇය, සාම්ප්‍රදායික ගැහැණියක් නොවන බව.

මාසෙට දවසක් දෙකක් ගෙදරට ඇවිත් යන තාත්තා එක්ක වුනත් ඇයට ඒ හැටි කතාවක් තිබුනේ නෑ. ඉදහිට හුවමාරු වෙන වචන දෙක තුනක් ඇරුණ කොට ඔවුන්ගේ මුණ ගැහීම පවා සිද්ද වුනේ හුඟාක් අඩුවෙන්. සමහර වෙලාවට ඒක විනාඩියක් දෙකක් තරම් වෙන්න ඇති. ඒ වුනත් රාත්‍රී කෑම මේසයේ ඔහු වෙනුවෙන් කිසිම දවසක අඩුවක් තිබුනේ නෑ. ඒ මගේ හිතේ උත්තරයක් හොයන්න නිමාවක් නැතිව දුවන අනික් ප්‍රශ්ණය වුනත්, ඒකටත් මම බලාපොරොත්තු වෙන උත්තරයක් කිසිම දවසක ලැබෙන්නේ නෑ කියන දේ මම දැනන් හිටියා.

අද ඉස්කෝලේ වාර්ෂික රැස්වීම දවස. ගෙදරින් එළියට බහින්න ටිකකට කලින් මම ඇයව හෙවුවේ ඇගේ තීරණය වෙනස් කරගෙන ඇතියි කියලා හිතුන නිසා. ඒත් හැමදාම වගේම මගේ හිත අදත් හිටියේ වැරදි බලාපොරොත්තුවක. සුපුරුදු විදිහටම ඇය හිටියේ කුස්සියේ. ඒ තරම් ලොකු වැඩක් නැතත් ඒ වගේ මවා පාන්න ඇය අසාර්ථක උත්සායක හිටියා කියලා මම හොදාකාරවම දැක්කා.

" මම යනවා.."

" ආච්චිලගේ ගෙදරට ගිහින් යන්න. එයා ලෑස්ති වෙලා ඇති."

මං දිහා යාන්තමට බැළුව ඇය ඒ විදිහට උත්තර දීලා අහක බලා ගත්තේ මම ආයෙම දෙයක් කියන්න කලින්. මටත් ඊට එහා කතා කරන්න දෙයක් නොතිබුන හන්දම ගෙදරින් එළියට බැස්සේ හැමදාම හිතේ ඉතුරු වුන කේන්තිය තද කර ගෙනමයි. වාර්ෂික රැස්වීමවත්, ඒකේ කතා වුනේ මොනවද කියන එක ගැනවත් හිතේ කිසිම දෙයක් රැදුනේ නෑ. කලින් ඉස්කෝලෙදි වගේම මේකෙදිත් හැමෝම ආච්චිව අඳුන ගත්තේ මගේ අමමා වෙන්න ඇතියි කියලා. මම ඒ දේවල් වෙනස් කරන්න උත්සාහ කලෙත් නෑ.

" මචං, හවස සෙට් වෙමුද? පොඩි බඩුවක් තියෙනවා."

පිහිනුම් තටාකය ලගට වෙලා කල්පනාවේ ඉද්දි ස්මිත් මගේ කරට අත දාගෙන ඇහුවේ වෙනදා වගේම සැහැල්ලුවෙන්. ඒක ස්මිත් ගේ ඇස් වලින් හොදටම පේන්න තිබුනා. ඒ සැහැල්ලුව ඒ විනෝදය මාත් විඳින්න ආසයි. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නෑ කියන එක මගේ යටි හිත හොදින්ම දැනගෙන හිටියා.

" උඹ මොකද කල්පනා කරන්නේ?"

හරි හමන් උත්තරයක් නොදී මම ස්මිත් දිහාම බලාගෙන ඉද්දී ඔහු ආයෙම මගෙන් ප්‍රශ්ණ කලේ මම හරියට කොහේ හරි අතරමං වෙලාදෝ කියන වගේ හැඟීමකින්.

" නෑ මුකුත් නෑ. මොකද්ද උඹ කිවුවේ?"

" මම කිවුවේ හවසට අපේ ගෙදර වරෙන්. පොඩි බඩුවක් තියෙනවා."

" මොකද්ද?"

" ඒක මෙහෙම කියලා වැඩක් නෑ. උඹ වරෙන්. අනිත් එවුනුත් එනවා."

" හරි."

ස්මිත් මගේ ලඟින් ඈතට ඇවිදන් ගියාද, පා වෙලා ගියාද කියන එක මට එක පාරම හිතා ගන්න බැරි උනා. මටත්, අන්න ඒ විදිහට ඉන්න තිබුනනම්. මම මගේ හිත එක්කම කතා කලා.

ස්මිත්ගේ ගෙදර තිබුනේ නගරයට ටිකක් කිට්ටු වෙන්නම. පාළුවට ගිය පාරවල් දිගේ බයිසිකලේ පැදගෙන හුඟක් දුර එන එක මහා කම්මැලි දෙයක් වුනත්, කිසිම හැඟීමක් නැතුව ගෙදරට වෙලා ඉන්නවට වැඩිය ඒක හොදයි කියලා මට හිතුනා. ස්මිත්, මිල මුදල් අතින් පන්තියේ අපි හැමෝටම වැඩිය ඉස්සරහින් හිටියා. ඔහුගේ ගෙදරට ආව තුන් වෙනි දවස මේක වුනත් එතන අපේ ගෙදරට වැඩිය මහා තේජශ්‍රීයක් තියෙනවා කියලා මම හැමදාම හිතුවා.

"  ජේම්ස්, වරෙන් වරෙන්. අපි උඹ එනකන් බලාගෙන හිට්යේ."

" දැන් වත් කියපංකෝ ඉතින්. මොකද්ද වැඩේ?"

" උඩ තට්ටුවට යමං. අද අපේ අම්මයි තාත්තයිත් නෑ."

ස්මිත් කෙලින්ම මාව එක්කන් ගියේ ඔහුගේ කාමරයට. මම ඇරුනම තව පස් දෙනෙක්ම ස්මිත්ගේ කාමරේ බොහෝම නිදහසේ වාඩි වෙලා හිටියා.

" මේක මට ඊ‍යේ හම්බුනේ අපේ තාත්තගේ පරණ පොත් ගොඩක් අස්සේ තිබිලා. මගේ හිතේ එයත් අපේ වයසේ ඉද්දී හංගපු එකක්ද කොහෙද. තාත්තලගේ කාලේ බ්ලූ ෆිල්ම් එකක්. වරෙන් බලමු."

හුඟාක් දේවල් වලින් හෙම්බත් වෙලා හිටිය මට ස්මිත්ගේ කතාව ඇහුවම ආවේ පොඩි තරහවක්. කලින් දැනන් හිටියනම් මඟ අරින්න තරම් නොවැදගත් වෙන හේතුවක්. ඒත් දැන් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. එක අතකට වෙනසකටත් එක්ක කියලා මම ඒ දිහා බලාගෙන හිටියා.

දැනට වඩා වැඩියෙන් හැඟීම් උපදවන දර්ශන අතරේ පැය භාගයක් විතර ගෙවිලා ගියා. අනිත් හැමෝම වගේම මමත් හිටියේ එයට වශී වෙලා. එයට කෑදර කමින්. අනික් දර්ශණය පටන් ගන්නකන් හිත තිබුනේ නොසංසුන් කමකින්. නිතඹ දක්වා දිවුන මල් මෝස්තරයකින් හැඩ වුන පච්චයක් තිරයේ හිටිය ගැහැණියට තිබුනා. බොහොම ලාලිත්‍යෙන් ඇය නිතඹ එහා මෙහා කරමින් හිටියේ ඇගේ සිහින් සිරුරේ හැඩය පෙන්වමින්.

සිහින් නාඹිය, පිරුණු පියයුරු, සිනිදු දෙතොල් අතරින් ඇගේ මුහුණ දිස් වෙන්න හිතුවට වැඩිය කාලයක් ගත වුනා. ඒත්, ඒ ඇස්.

" අම්මා.."

මට කියවුනේ ඉබේටම වගේ. ඒත් මට ඇහුම් කන් දෙන්න තරම් තත්වයක මගේ ලග හිටිය කවුරුවත් හිට්යේ නෑ. ඔවුන් හිටියේ කාලයක් මට කිරි පෙවු පියයුරු වල රසය විදිමින්. ඔවුන් හිටියේ කාලයක් මා නැළවු උකුලතේ සෘංගාරය විදිමින්. තිරය බොඳ කරන තරමට දෑස් වලට කඳුළු නැගෙන්න ගියේ තවත් එක් නිමේෂයක් විතරයි..


Tuesday, 8 September 2015

හොල්මන් හෝටලය / Hotel Del Salto



මම කලින් දවසේ ලිවුව පෝස්ට් එක කියෙවුවට ඒක ඇතුලේ කතාව හුඟක් දෙනෙක්ට තේරුණේ නෑ මම හිතන්නේ. හරි ඒකට කමක් නෑ. ඒ කතාවට පසුබිම් වුන එක්තරා කතාවක් තියෙනවා. පොරොන්දු උන විදිහටම ඒ ගැන කියන්නයි අද හිතුවේ. නිකේතනයට ආව අමුත්තට සදළුතලයේදි හමුවන්නේ එයා වගේම මීට කලින් නිකේතනයට ඇවිත් සියදිවි නසා ගත්ත අමුත්තෙක්. එයාගේ වචන වල තියෙන පෙළබීම හන්දයි මගේ කතාවේ කතා නායකයත් අවසානයේ පියාපත් හොයාගන්න එහෙම නැත්නම් නිදහස කියන මායාවේ පැටලිලා සියදිවි නසා ගන්නේ.

හරි කතා සාරාංශය ඕකයි. මට ඔය පසුබිම් කතාව ලැබුනේ මුහුණුපොතේ සැරිසරද්දී. අපි ඉතින් අර වෝල් එකේ උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි යන සෙට් එකට අයිති හන්දා මේ වගේ දේවල් මඟ ඇරෙන්නේ නෑ. හරි හරි අනවශ්‍ය කතා අනවශ්‍යයි. මෙන්න මෙහෙමයි පසුබිම් කතාව.

මේ දිය ඇල්ල සහ නිවාඩු නිකේතනය පිහිටලා තියෙන්නේ කොලොම්බියාවේ. හොටෙල් ඩෙල් සාල්තෝ Hotel Del Salto තමයි මේ නිකේතනයේ නම. ඒ වගේම තමයි දිය ඇල්ල හදුන්වන්නේ ටෙකියුන්දාමා Tequendama Falls කියලා. 


කොලොම්බියාවේ බොගෝටා නගරයේ ඉදන් සැතපුම් 20ක් නිරිත දෙසට සංචාරය කරද්දී තමයි අපිට මේ Tequendama Falls හමුවෙන්නේ. මෙය බොගෝටා කියන ප්‍රදේශයේ ඉමහත් ජනප්‍රියත්වයක් ඇති තැනක් විදිහටයි සැලකෙන්නේ. මේ නිකේතනය හා බැදුන අතීත කතා නිසා වගේම එය මේ පරිසරය හා කාලයක් එක්ක මුහුවෙන්නට දරපු වෑයම නිසාම තමයි මේ නිකේතනයට මේ තරම් ජනප්‍රියත්වයක් හිමි වෙලා තියෙන්නේ.

නිකේතනය වෙත ගමන් කිරීමට නම් ඇන්ඩීස් කඳු මාර්ගයෙන් බොගොටා Bogota සිට මෙසිටස් ඩෙල් කොලේජියෝ Mesitas del Colegio  දක්වා මෝටර් රථයකින් හෝ බසයකින් ගමන් කරන්න වෙනවා. මේ මාර්ගට වැටිලා තියෙන්නේ දර්ශණිය බොගෝටා ගඟ සමීපයෙන්මයි . ගමනේ ආරම්භගේ ගඟ අවට ප්‍රදේශයන් අධික ලෙස ජල දූශණයන්ට ලක් වුන පෙදෙස් උනත් ක්‍රමයෙන් ඇන්ඩීස් කදු මුදුනේ අඩි 515ක උසට ලගා වෙත්ම එය මනස්කාන්ත ඇල්ලක් බවට පරිවර්ථනය වෙනවා.

මේ දිය ඇල්ල බැලීමට හොදම කාලය වෙන්නේ අප්‍රේල් හා මැයි මාසයන් අතර කාලයන් සහ ඔක්තෝබර් මාසය අතරේදියි. එම කාලයන් වර්ශාවන් බහුල කාලයන් වන නිසාම බොගෝටා ගඟේ ජල මට්ටම එහි උපරිමය වල අඩි 60ක උසට ලගා වෙනවා. නමුත් දෙසැම්බර් මාසය වන විට සමකාසන්න උශ්ණත්වට ලැබෙන නිසාම මේ දිය ඇල්ලේ ඒ තරම්ම සුන්දරත්වයක් විදගන්න වෙන්නේ නැහැ.

බොගෝටා නරඹන්නන් සදහා වඩාත් ජනප්‍රිය ස්ථාන වලින් එකක් විදිහට මෙමෙ හෝටලය පළමුවෙන් ඉදිකරන්නේ කාලොස් ආටුරෝ තපියස් Carlos Arturo Tapias කියන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් 1923 වසරෙදි. 1928 වසර වෙන විට මෙම හෝටලයට එකතු කෙරුනු අළුත් වැඩියාවන් එක්ක එය නිල වශයෙන් හොටෙල් ඩෙල් සාල්තෝ නමින් ටෙකියුන්දාමා ඇල්ල මත සංචාරක ආයෝජනයන් බලාපොරොත්තුවෙන් මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ වෙනවා. මෙම හෝටලට ඊට පසු වසර 60ක කාලය සාර්ථකව පැවතෙන්නේ ඒ බලාපොරොත්තු ඉටු කරමින්.

1950 වසරේදි මෙය තට්ටු 18කින් යුත් හෝටලයක් ලෙස ව්‍යූහය වෙනස් කිරීමේ අරමුණින් නැවත් ඉදිකිරීම් ඇරඹුනා. ඒත් මේ අරමුණ ඔවුන්ට සපුරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. කෙසේ උනත් හෝටලයේ ක්‍රියාකරිත්වය කලින් වගේම පැවතුනත් නිරන්තරයෙන් දූශණය වෙමින් තියෙන බොගෝටා ගඟ නිසාම මේ හෝටලයේ මුල් ඉදිකිරීම් වලට එයින් බලපෑමක් ඇති වුනා. ඒ නිසාම 1990 මුල් භාගය වන විට මේ හෝටලය වැසී යනවා.

මේ හෝටලයේ ඊළග වසර 20 ගත වෙන්නේ අත හැර දැමුන හෝටලයක් විදිහට. එයට අළුත් හිමිකාරත්වටක් නව ආරම්භයක් ලබා දෙන්න ගත් සියළුම උත්සාහයන් අසාර්ථක වෙලා යනවා. මේ කාලය තුල මේ හෝටලයේ හොල්මන් අවතාර ඇති බවට රාවයක් මාද්‍ය මගින්ද පැතිර යනවා.



අවාසනාවන්ත ලෙස මේ හෝටලය තුල සියදිවි නසා ගැනීම් කීපයක් වාර්ථා වෙනවා. මේ පලාතේ තියෙන පුරාවෘතයන්ට අනුව මෙහි වාසය කල මුයිස්කා ඉන්දියානුවන් Muisca Indians ස්පාඤ්ඤ හමුදාවේ ආක්‍රමණයන්ගෙන් බේරෙන්න මේ දිය ඇල්ලෙන් පහලට පැනලා තියෙනවා. එහිදි ඔවුන් රාජාලියකු බවට පරිවර්ථනය වී ආරක්ෂිත ස්ථාන වලට පියාසර කර ගියා කියන විශ්වාසයක් තියෙනවා. මේ මිත්‍යා කතාව මේ හෝටලය වටා වෙසෙන මිනිසුන්ගේ හිත් වලත් තැන්පත් වෙලා තියෙන නිසාම ප්‍රශ්ණ වලින් තෙරපෙන මිනිසුන් දිය ඇල්ලෙන් පහලට පැනලා තියෙන්නේ මිත්‍යා කතාවේ මෙන් ඔවුන්ට රාජාලියකු බවට පරිවර්ථනය වෙයි කියන විශ්වාසය මත ඉදන්.

මෙම හෝටලය අත හැර දැමීමත් එක්ක එහි තුල වූ වටිනා කියන ගෘහභාන්ඩ සියල්ලක්ම වගේ හෝටලයත් සමගම විනාශ වෙලා යනවා. එය කිසිවෙකුගේත් ආරක්ෂාවට ලක් නොවීම නිසාම වරක් 1920දී තේජශ්‍රීයෙන් අලංකාර වුන හෝටලය අත්හැර දැමුනු පාළු තැනක් බවට පත් වෙනවා. 


දශක කීපයක් අත්හැර දමා තිබුන හෝටලය ගැන සුබ ආරංචියක් එකතු වෙන්නේ 2011 වසරේදී. ඒ පාරිසරක ෆාම් පදනම හා ස්භාවික විද්‍යා ජාතික විශ්ව විද්‍යාලයේ කොලොම්බියානු ආයතනය එක්ව මේ හෝටලය යලි ප්‍රතිනිර්මාණය කිරීමට සැරසෙද්දී. ඔවුන්ගේ ඉලක්කය වුනේ සංස්කෘතික උරුමයන් සහ පරිසර යලි පිහිටුවීම පිළිබද ජාතික සංකේතයක් ලෙස මෙම හෝටලය කෞතුකාගාරයක් බවට පත් කිරීමයි. ඒ නිසාම ඔවුන් එක ටෙකියුන්දාමා ඇල්ල, ජෛව විවිධත්ව හා සංස්කෘතික කෞතුකාගාරය ලෙසින් නම් කරනවා.

මෙහි බිම් මහල 2013 වසරේදි ජෛව විවිධත්ව ශාලාව ලෙස විවෘත වෙනවා. දිය ඇල්ල දෙසට විවෘත වුන විශාල ජනෙල් මෙන්ම මෙහි කලින් බාවිතා කල භාන්ඩ මෙහි ඇතුලත් වෙනවා. එමෙන්ම හෝටලයේ පිටතත් නවීකරණය කරනවා. එය තව දුරටත් මුල් සේයාරූ වල දැක්වෙන දම්පැහැයෙන් මිදී සුදු පැහැයට වෙනස් වෙනවා. එය දැන් උපනිවර්ථන වළාකුළු වනාන්තර අතර කැපී පෙනෙන තත්වයට පත් වෙනවා. 


කෙසේ නමුත් මෙහි බිම් මහල් තවමත් මහජන ප්‍රදර්ශණය සදහා විවෘත වෙලා නැහැ. ඊට හේතුවත් තවමත් එහි ප්‍රතිසංස්කරණයන් සිදු වීමයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් වැය වේයැයි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.

මේ කොහොම උනත් කාලයක් පුරා අත හැර තිබුන හෝටල වගේම අවට ජනතාව තුල මුල් බැස ගෙන තියෙන මිත්‍යා ජනප්‍රවාද බැහැර කිරීමට කිසිවෙකුත් සමත් වෙන්නේ නැහැ.  ඒ නිසාම අදටත් මෙය හොල්මන් අවතාර වෙසෙන අත්භූත තැනක් බවට විශ්වාස කිරීමට පසුබට නොවෙන පිරිස් හොයා ගැනීමට අපහසු නැහැ. ඒ අතරින් විශේෂිත වන්නේ දිය ඇල්ලෙන් පහලට වැටෙද්දී ඔවුන් රාජාලියන් බවට පත්වෙනවායැයි ඇති විශ්වාසයයි.

***

ඉතින් ඔන්න ඕකයි කතාව. ඔය පොඩි විස්තරේ දැක්කම තමයි මට අර වගේ කතාවක් ලියන්න හිතුනේ. මේ විස්තරේ ඇතමෙක්ට සිත්ගන්න සුළු එකක් නොවෙන්න පුළුවන් උනත් එදා කතාව තේරුම් ගන්න ලේසි කරන්න ඕන කියලා හිතුන නිසයි මේ ගැනත් ලිවුවේ.