Sunday, 31 May 2015

ලොක්කගේ කෙල්ලට උපන්දින තෑග්ගක්



අපේ ලොක්කගේ ආජන්ටිනා කෙල්ලගේ සීන් කෝන් එකෙන් පස්සේ මම ඒකගේ කෙල්ලෝ ගැන හොයන බලන වැඩේ අත ඇරලම දැම්මා. ඇයි ඉතින් ඇති වැඩක් නැහැනේ. මෙච්චර කාලෙකට සෙට් උන හොදම කෙල්ල අත ඇරෙනකන් ඔහේ උඩ බලාගෙන හිටියනේ. මෙලෝ මනුස්සයෙක් කරන වැඩක් නෙමෙයි එදා ඒ කලේ. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. දැන් අවුරුද්දක් විතර වෙන්න ආවනේ ඒකත් නැවතිලා. අනික තමයි දැන් ඒ ආජන්ටිනා කෙල්ලට වෙන හොද මේකට වැඩිය තරුණ කොල්ලෙක් ඉන්නවා. ෆේස්බුක් එකේ ජෝඩුව එකට ඉදන් ෆොටෝ දානවා මගේ හිතේ අපේ ලොක්කට පේන්නත් එක්ක වෙන්න ඇති.

වැඩේ කියන්නේ ඉතින් ආජන්ටිනා කෙල්ල ගියාට පස්සේ අපේ ලොක්කත් මේ අවුරුද්දේ මුල වෙනකන්ම කෙල්ලෙක් එක්ක යාළු වුනේ නෑ. ඇයි කියලා අහලා බලන්නවත් මං ගියේ නෑ මොකද කලින් වතාවේ කියන්න ඕන ටික මාත් මුණටම කියලා දාලා තිබුන හන්දම.

පස්සේ ටික දවසක් යද්දී එහෙන් මෙහෙන් ආරංචියක් ආවා ලොක්කා රුසියාව පැත්තේ කෙල්ලෙක් එක්ක යාළු වෙලාය කියලා. වෙනදටනම් මාත් එක්ක විස්තරේ කියන මනුස්සයා මේ ගමන කියන්න ගියේ නෑ. මාත් ඇහුවෙත් නෑ. සද්ද නැතුව හිටියා. හැබැයි ඉතින් මොකද වෙන්නේ කියන එක ගැනනම් ඇන්ටනා එක කරකවන් හිටියේ. ලොක්කා නොකිවුවට ඉතින් ලොක්කගේ අම්මා මාත් එක්ක ඔක්කොම කියවනවනේ.

" දිනේෂ්, මේ වීකෙන්ඩ් එකේ මගේ රුසියාවේ කෙල්ල එනවා."

" හ්ම්ම්.."

එච්චරයි කතාව. මාත් වැඩිය අහන්න ගියේ නෑ. ලොක්කත් කියන්න ආවෙත් නෑ. ආවම බලාගන්න බැරිය කියලා මාත් ඔහේ හිටියා. ඒ දවස් දෙක තුන හෙමීට ගෙවිලා ගිහිල්ලා සති අන්තේ කෙල්ල ඇවිල්ලා තිබුනා. අපිට මුණ ගැහෙන්නේ ඉතින් සදුදටනේ. හැබැයි සඳුදත් වැඩි සද්දයක් බද්දයක් නෑ. වෙනදට ඉතින් එහෙම නැහැනේ. කොයිවෙලේ හරි දකින්නේ නැතැයි කියලා හිටියා ඉතින්.

හවස් වෙනකන් වැඩි සද්දයක් බද්දයක් තිබුනේ නෑ. පස්සේ බැලින්නම් හොරෙන්ම මේකා කෙල්ලව එක්කන් අර ඔෆිස් එකේ තියාගෙන ඉන්නවා. අනික් එවුන්ගෙන් ඇහුවම උන් එක්ක කතා කරලත් නෑ. දැන් කට්ටියටම කුතුහලේ මේ මොකද කේස් එක කියලා. මාත් එක්කනම් එදා කේස් එක හන්දවත් කතා කලේ නෑ කියමුකෝ. අනිත් එවුන් එක එක්ක මොකද අවුල කියලා ඒත් මාත් කල්පනා කලා. ඕන එකක් කියලා මාත් හිටියා.

" දිනේෂ්, මේ නිතිනා."

මෙන්න හවස වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ලොක්කා මට කෙල්ලව අදුන්නලා දෙනවා. මලසේකරයි කිවුවලු. මම හිතන් හිටියා රුසියන් කෙල්ලෙක් කිවුවම ඔය ෆොටෝ වල එහෙම දැකලා තියෙන විදිහට උස හොද ෆිට් බොඩි එකක් තියෙන කෙල්ලෙක් කියලා. බැලින්නම් හිටියේ චීන පැටික්කියෙක්නේ. දැන් මට නිකන් මඤ්ඤං වගේ. මම ඒත් කල්පනා කලා මට වැරදුනාද කියලා.

නෑ නෑ, මට වැරදිලා නෙමෙයි. බැලින්නම් මේ රුසියාවේ ඉන්න චීන කෙල්ලෙක්. හනේ ඉතින් මට මතක් වුනේ ආර්ජන්ටිනා කෙල්ලව. අච්චර ලස්සන කෙල්ලෙක් අත ඇරගෙන මේකා යාළු උන කෙල්ල නේද කියලා ඉතින් මට සෑහෙන්න දේවල් හිතුනත් මුකුත් කියන්න ගියේ නෑ. දවස් ටික හෙමීට ගෙවිලා ගිහින් කෙල්ල යන්න ගියා. මාත් ඉතින් ලොක්කගේ තත්වේ දන්න හන්දා කමක් නෑ ඕක තියෙන්නේ මාස තුනයිනේ කියලා හිටියා.

හෙමිට කාලයත් ගෙවිලා ගියා. දැන් මාස පහක් වෙන්නත් ආවා. තාම ලවු එක නැවතුන පාටක් පේන්නවත් නෑ. වැඩේ නම් ටිකක් පුදුමයි. මොකද ඉතින් හරියට කාල වකවානු සෙට් වීගෙන එද්දී ලොක්කට කෙල්ලගේ අඩුපාඩු වැරදි එහෙම පේන්න ගන්නවනේ. මේ ගමන ඒ කිසිම දෙයක් නෑ. ගිය මාසෙත් දෙන්න එක්ක රුමේනියා ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා.

පහුගිය කාලේ සිද්ද වෙච්ච කතාව ඕක තමයි. වැඩි දෙයක් සිද්ද නොවී හෙමිට කාලය ගෙවිලා ගියා. අපිත් ඉතින් වැඩ. ලොක්කත් රවුන් ගහනවා. ඒ අස්සේ ඉතින් පියර්සිං ඇන්ටිගේ කතාවත් ආව හන්දා ලවු කේස් එහෙන්මම අමතක වෙලා ගියා.  මේක ලියන්න ඕනමයි කියලා හිතුන සිද්දිය උනේ ඉතින් මේ ලගදි.

ලොක්කගේ ඔෆිස් රූම් එක තියෙන පැත්තෙන් මම එද්දී දැක්කා ලයින් අක්කා ඉන්නවා. ඒක ඉතින් මහ ලොකු දෙයක් නොවුනට මොකද අක්කා හිටියේ මූඩ් එක අප්සට් එකේ. මුණ බෙරිකරන් මොකද්දෝ කර කර හිටියා. අක්කගේ වෙනස් කම් ඉතින් මට අනිත් ඔක්කොටම වැඩිය පේන හන්දා මම කිට්ටුවෙලා බැළුවා මොකද සීන් එක කියලා.

" මොකද උනේ? " මම ඇහුවා

" මේ බලපං."

වැඩි කතාවක් නැතුවම අක්කා කර කර හිටිය වැඩේ දිහා පෙන්නුවා. බැලින්නම් මෙයා තෑග්ගක් පාර්සල් කරනවා. වෙනදටත් ඉතින් සාමාන්‍යෙන් ඔය එක එක ජාතිවල ක්‍රීම් වර්ග කාට හරි තෑගි දෙන්න ගන්න වෙලාවට ඒක පාර්සල් කරලා දෙන එක අමුතු දෙයක් නෙමෙයි. ඒත් අද වෙනසක්. තිබුනේ ගෑණු කෙනෙක්ගේ ඇදුමක්.

" මේක කාගෙද?" මම ඇහුවා.

" වෙන කාගෙද ඉතින් අපේ ලොක්කගේ මිස."

" ඒ කිවුවේ?" එක පාරම අක්කා කියපු කේස් එක මට තේරුණේ නෑ.

" එයාගේ අර මේඩ් ඉන් චීනා එක්කෙනාගේ උපන්දිනේලු. බලපං දිනේෂ්, ඒකත් පාර්සල් කරන්න උනේ මටනේ."

හෙහ්, මට හිනා. මුණ දෙක කරන් තෑග්ග පාර්සල් කරන්න හේතුව ඔන්න ඕකයි. වෙන වෙලාවක් උනානම් මම අනිවා හෙල්ප් එකක් දෙනවා. ඒත් අක්කා උනත් කමක් නෑ ඔන්න ඔහේ උබම කර ගනින් කියලා මම යන්න ලෑස්ති උනා.

" දිනේෂ් මේ බලපංකෝ." අක්කා එක පාරම මාව නැවැත්තුවා.

" මොකද්ද?"

මම බැලුවා අක්කා එකපාරම මොකද්ද පෙන්නන්නේ කියලා. මලසේකරයි කිවුවලු. අර පාර්සල් කරන්න දුන්න ඇදුමේ  එක තැනක තියෙනවා පොඩි පැල්ලමක්. මම නිකමට අතට අරන් බැළුවා. ඒක ගවුමක්. හැබැයි ලේබල් එකක්වත් ප්‍රයිස් ටැග් එකක්වත් මුකුත් නෑ. පෙනුමත් අළුත් ගතියක් නෑ.

" දිනේෂ්, මේක පරණ එකක්ද?

" මටත් පේන්නේ ඒ වගේ."

විළිලැජ්ජාවේ සංතෝසේ බෑ කිවුවලු. මේකා දීලා තියෙන්නේ පරණ ඇදුමක්නේ පාර්සල් කරන්න. මටත් ඉතින් ශර්ලොක් හෝම්ස් අහ් නෑ නෑ එරිකෝ හන්ටර්ගේ මොළේ තියෙන හන්දා පොඩ්ඩක් බැළුවමයි තේරුණේ මේ තියෙන්නේ පාවිච්චි නොකරම තිබුන හන්දා පැල්ලම් ගැහිච්ච නේද කියලා. එක්කෝ මේකා කලින් කෙල්ලෙක්ට තෑගි දෙන්න අරන් දුන්නේ නැති එකක්. එක්කෝ පරණ කෙල්ලක් ඇදලා දාලා ගිය එකක්.

" දිනේෂ්, ලොක්කට කියමුද?"

" ඕන නෑ. එයා බලලනේ උඹට දෙන්න ඇත්තේ ඕක පාර්සල් කරන්න කියලා. ඔන්න ඔහේ සද්ද නැතුව පාර්සල් කරල දෙන්න. ඇහුවොත් කියන්න වැඩ අස්සේ ඉක්මනට පාර්සල් කලා මිසක බැළුවේ නෑ කියාලා."

" එහෙම හොදද?

" අවුලක් නෑ."

මාත් ඒ ගමන ඒක ඉක්මනට පාර්සල් කරන්න හෙල්ප් එකක් දීලා ඒ වැඩේ ඉවර කලා. මම දැක්කා හවස ෆාමසිය වහලා යද්දී ලොක්කා ඒකත් අරන් ගෙදර යනවා.

පහුඋන වීක් එන්ඩ් එකේ ලොක්කා රුසියා ගියා කෙල්ලගේ උපන්දිනේට. වෙච්ච දේවල් ආරංචි උනොත් ඒ ගැන පෝස්ට් එකක් දාන්නම් ඈ. 








Wednesday, 27 May 2015

පකයක අරුමය

ඔන්න එක්තරා ගමක හිටියා ගැමි කාන්තාවක්. මැදිවියේ හිටිය මේ කාන්තාවගේ සැමියා මියගිහින් දැන් අවුරුදු තුන හතරක්ම වෙනවා. ඉතින් මේ කාන්තාව එයාගේ ජීවිතේ ගෙවා ගත්තේ හුගක් අමාරුවෙන්. කාත් කවුරුවත් නොහිටපු මේ කාන්තාව හිටියේ හුගක් අසරණ වෙලා.
ඉතින් දවසක් මෙයා ගේ එළිපත්තට වෙලා කල්පනා කර කර හිටියා.

ගෙදර කන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ. මේ ගෑණු කෙනා 
කම්මුලේ අතත් තියාගෙන ලොකු කල්පනාව ඉද්දි එයා දකිනවා එක පාරම සුදු එලියක්. එලිය අතරින් මේ ගෑණු කෙනා ලගට ආවේ සුරදූතයෙක්

                                                                                             
" ඔබ කවුද?" ඇය පුදුමයෙන් ඇහුවා.

" මම සුරදූතයෙක්. "

" කාගේ දූතයෙක්ද?"

" මෝඩ ගැහැණිය විකාර නොදොඩා හිටින්. මම ආවේ නුඹේ දුක දැකලා නුඹට පිහිට වෙන්න. මම දිව්‍ය ලෝකයේ ඉන්න සුරදූතයෙක්."

" අනේ එහෙමයි."

" මෙහෙම දුක් වින්දට ඔබට සැප විඳින්න පින තියෙනවා. හන්දා මම් කැමතියි ඔබව දිව්‍ය ලෝකෙට අරන් යන්න. "

" අනේ දෙවියනේ මම කොහොමද එන්නේ. මට ඔබට වගේ බලයක් නැහැනේ. "

" හ්ම්ම්, නුඹට පුළුවන් මගේ පකයේ එල්ලිලා එන්න. "

එහෙම කියපු සුරදූතයා ගැහැණියට එයාගේ පක පෙන්නුවා. මේ ගැහැණියත් හුගක් ආසාවෙන් ඒකේ එල්ලිලා දිව්‍ය ලෝකෙට එනවා.

ජීවිත කාලෙටම මෙහෙම අවස්ථාවක් ආයෙම එන්නේ නෑනේ කියලා හිතුව ඇය ලැබුන අවස්ථාවෙන් හොදට දිව්‍ය ලොකය බලාගන්නවා. සුරදූතයත් ගැහැණියගේ පිං මහිමයට සරිලන විදිහට දිව්‍ය ලෝකය බලාගන්න අවස්ථාව ලබලා දුන්නා.

" ඔබ මෙච්චර කාලයක් සැමියත් නැතුව තනියම අමාරුවෙන් ජීවිතය ගෙනියපු ගැහැණියක්. ඒ හන්දා මම කැමතියි ඔබට කෙනෙක් අඳුන්නලා දෙන්න."  සුරදූතයා කිවුවා. " මේ තමයි පකට අධිපති සුරදූතයා. ඔබට පුළුවන් ඉතුරු කාලය ඔහුත් එක්ක සතුටින් ගත කරන්න.

එහෙම කියපු පළවෙනි සුරදූතයා නොපෙනි ගියා. දැන් ඉතුරු උනේ අර ගැහැණියයි අළුතින් එයා ලගට ආව සුරදූතයයි විතරයි.

" එන්න මම ඔබට යමක් පෙන්වන්න."

එහෙම කිවුව සුරදූතයා ඇයව දිව්‍ය ලෝකයේ කෙලවරටම අරන් ගියා. එතන තිබුනේ එක එක විදිහේ පකවල්. ගැහැණියට ඒක දැකලා පුදුම හිතුනා.

" ඔබට පුළුවන් කැමති තරමක් රිසිසේ රස විදින්න."

එහෙම කියපු සුරදූතයා ඇයව දාලා යන්න ගියා. ඇයත් කාලයක් තිස්සේ ඉටු කර ගන්න බැරි උන හැම දෙයක්ම ඒ දවස ඇතුලත ඉටු කර ගත්තා. හවස් වෙද්දී ඇයට මහන්සියි. ඇය ලඟට ආවා ඇයව දිව්‍ය ලෝකෙට අරන් ආපු සුරදූතයා.

" ඔබට දැන් ආයෙම යන්න වෙලාව හරි."

ඇය පුදුම උනා. ඇය හිතුවේ හැමදාම මෙහේ නතර වෙලා එක එක විදිහේ පකයන් රස විඳින්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙම නෙමෙයි කියලා හිතුනම ඇය දුක් උනා.

" ඔබට කැමති එක දෙයක් අර ගන්න මම අවස්ථාව දෙන්නම්."

සුරදූතයා කිවුවා. ඒත් ඇය ඒකට කැමති උනේ නෑ. ඇය කලේ සුරදූතයාට හොරෙන් ඈ කැමතිම දේවල් වලින් පකයක් සඟව ගත්ත එක. සුරදූතයා මේක දැක්කත් ඔහු ඒ ගැන කිසිවක්ම නොකියා ඇයව ඇගේ දුප්පත් ගෙදරට ගෙනත් ඇරලුවා.

සුරදූතයා ආයෙම ගියාට පස්සේ ගැහැණිය හිටියේ සතුටින්. ඈ හිතුවේ ඇගේ කපටිකමට සුරදූතයා හසු උනා කියලා. ඒත් ඈට ඇගේ අවාසනාව තේරුණේ ඈ සඟවගත්ත පක දිහා බැළුවම. එය දුඟද හමන පිළිකුල් පකක් බවට පත් වෙලා තිබුනා.

***

හෝව් හෝව් හෝව්.දැන් ඔන්න කුණුහරප කතා ලිවුවාය කියලා පොලු උස්සන් එන්න එපා. අපේ අර හිටපු ඇමති වයිමා, අහ් නෑ නෑ බන්දුල ලොක්කා කිවුවා පක යනු ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය, අසභ්‍ය වචනය පුරුෂ ලිංගය කියලා. එතුමන්ගේ ගැට පද විවරණයට අනුව ඔන්න මම දැන් කතාව ලිහිල් කරලා දෙන්නම්.. ආයේ පාරක් කියවපියවු..

***

ඔන්න එක්තරා ගමක හිටියා ගැමි කාන්තාවක්. මැදිවියේ හිටිය මේ කාන්තාවගේ සැමියා මියගිහින් දැන් අවුරුදු තුන හතරක්ම වෙනවා. ඉතින් මේ කාන්තාව එයාගේ ජීවිතේ ගෙවා ගත්තේ හුගක් අමාරුවෙන්. කාත් කවුරුවත් නොහිටපු මේ කාන්තාව හිටියේ හුගක් අසරණ වෙලා.

ඉතින් දවසක් මෙයා ගේ එලිපත්තට වෙලා කල්පනා කර කර හිටියා. ගෙදර කන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ. මේ ගෑණු කෙනා කම්මුලේ අතත් තියාගෙන ලොකු කල්පනාව ඉද්දි එයා දකිනවා එක පාරම සුදු එලියක්. එලිය අතරින් මේ ගෑණු කෙලා ලගට ආවේ සුරදූතයෙක්.

" ඔබ කවුද?" ඇය පුදුමයෙන් ඇහුවා.

" මම සුරදූතයෙක්. "

" කාගේ දූතයෙක්ද?"

" මෝඩ ගැහැණිය විකාර නොදොඩා හිටු. මම ආවේ නුඹේ දුක දැකලා නුඹට පිහිට වෙන්න. මම දිව්‍ය ලෝකයේ ඉන්න සුරදූතයෙක්."

" අනේ එහෙමයි."

" මෙහෙම දුක් වින්දට ඔබට සැප විදින්න පින තියෙනවා. හන්දා මම් කැමතියි ඔබව දිව්‍ය ලෝකෙට අරන් යන්න. "

" අනේ දෙවියනේ මම කොහොමද එන්නේ. මට ඔබට වගේ බලයක් නැහැනේ. "

" හ්ම්ම්, නුඹට පුළුවන් මගේ පිහාටුවේ ( පකයේ ) එල්ලිලා එන්න. "

එහෙම කියපු සුරදූතයා ගැහැණියට එයාගේ පියාපත් ( පක ) පෙන්නුවා. මේ ගැහැණියත් හුඟක් ආසාවෙන් ඒකේ එල්ලිලා දිව්ය ලෝකෙට එනවා.

ජීවිත කාලෙටම මෙහෙම අවස්ථාවක් ආයෙම එන්නේ නෑනේ කියලා හිතුව ඇය ලැබුන අවස්ථාවෙන් හොදට දිව්‍ය ලොකය බලාගන්නවා. සුරදූතයාත් ගැහැණියගේ පිං මහිමයට සරිලන විදිහට දිව්‍ය ලෝකය බලාගන්න අවස්ථාව ලබලා දුන්නා.

" ඔබ මෙච්චර කාලයක් සැමියත් නැතුව තනියම අමාරුවෙන් ජීවිතය ගෙනියපු ගැහැණියක්. ඒ හන්දා මම කැමතියි ඔබට කෙනෙක් අඳුන්නලා දෙන්න."  සුරදූතයා කිවුවා. " මේ තමයි ගෙඩියක් වැනි ඕනෑම දෙයකට ( පකට ) අධිපති සුරදූතයා. ඔබට පුළුවන් ඉතුරු කාලය ඔහුත් එක්ක සතුටින් ගත කරන්න.

එහෙම කියපු පළවෙනි සුරදූතයා නොපෙනි ගියා. දැන් ඉතුරු උනේ අර ගැහැණියයි අළුතින් එයා ලගට ආව සුරදූතයයි විතරයි.


" එන්න මම ඔබට යමක් පෙන්වන්න."

එහෙම කිවුව සුරදූතයා ඇයව දිව්‍ය ලෝකයේ කෙලවරටම අරන් ගියා. එතන තිබුනේ එක එක විදිහේ පැසුන ගෙඩි ( පකවල් ). ගැහැණියට ඒක දැකලා පුදුම හිතුනා.

" ඔබට පුළුවන් කැමති තරමක් රිසිසේ රස විදින්න."

එහෙම කියපු සුරදූතයා ඇයව දාලා යන්න ගියා. ඇයත් කාලයක් තිස්සේ ඉටු කර ගන්න බැරි උන හැම දෙයක්ම ඒ දවස ඇතුලත ඉටු කර ගත්තා. හවස් වෙද්දී ඇයට මහන්සියි. ඇය ලගට ආවා ඇයව දිව්‍ය ලෝකෙට අරන් ආපු සුරදූතයා.

" ඔබට දැන් ආයෙම යන්න වෙලාව හරි."

ඇය පුදුම උනා. ඇය හිතුවේ හැමදාම මෙහේ නතර වෙලා එක එක විදිහේ ගෙඩිවල ( පකයන් ) රස විදින්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙම නෙමෙයි කියලා හිතුනම ඇය දුක් උනා.

" ඔබට කැමති එක දෙයක් අර ගන්න මම අවස්ථාව දෙන්නම්."

සුරදූතයා කිවුවා. ඒත් ඇය ඒකට කැමති උනේ නෑ. ඇය කලේ සුරදූතයාට හොරෙන් ඈ කැමතිම දේවල් වලින් ගොඩක් ( පකයක් ) සඟව ගත්ත එක. සුරදූතයා මේක දැක්කත් ඔහු ඒ ගැන කිසිවක්ම නොකියා ඇයව ඇගේ දුප්පත් ගෙදරට ගෙනත් ඇරලුවා.

සුරදූතයා ආයෙම ගියාට පස්සේ ගැහැණිය හිටියේ සතුටින්. ඈ හිතුවේ ඇගේ කපටිකමට සුරදූතයා හසු උනා කියලා. ඒත් ඈට ඇගේ අවාසනාව තේරුණේ ඈ සඟවගත්ත ගොඩ ( පක ) දිහා බැළුවම. එය දුගද හමන පිළිකුල් සතුන්ගේ බෙටි (  පකක් ) බවට පත් වෙලා තිබුනා.

***
  
අළුත් සිංහල පාඩම කියදුන් ආර්ථික විද්‍යාව නොදත් සිංහල වයිමා සෑර්ට අපගේ ඉස්තූතිය..




පොටෝව අනවසරයන් අර ගත්තේ සහන්ගේ බ්ලොගයෙන්...