Tuesday, 24 March 2015

අම්මගේ පියර්සිං එක



එදත් ෆාමසියේ වෙනදා වගේම දවසක්.. කියන්න තරම් මහ ලොකු දෙයක් සිද්ද නොවී ඔහේ කම්මැලි කමේ ගිය දවසක්.. ලොක්කගේ අම්මගේ බෝයියටත් මේ ටිකේ උණ ගැනිලා හන්දා ෆාමසිය පැත්තට ආවෙත් නෑ.. ඒ හන්දමද මන්දා ලොක්කගේ අම්මා ආවෙත් නෑ.. අම්මා නෑ කියන්නේ ඉතින් අපිටත් කන්න බොන්නත් නෑ වගේ තමයි ඉතින්.. නැත්නම් ඉතින් බඩ රිද්දන පුඩිං හරි අපිට හම්බුවෙනවනේ.. හරි හරි ඒ කතා වැඩක් නෑ.. කියන්න ආව කතාවට යමුකෝ..

ඔන්න ඉතින් හවස 7.30යි වෙලාව.. ෆාමසිය වහන්නත් වෙලාව හරි හන්දා මම ඉස්සරහා පැත්තට ආවා.. බෙහෙත් ගන්න ආව කවුරුවත් නෑ.. ඒකත් හොද වෙලාව.. නැත්නම් ඉතින් ඒ ඉන්න අය යනකන් තව විනාඩි 10ක් 15ක් බලාගෙන ඉන්නත් වෙනවනේ.. කවුරුත් නෑ කියලා දැක්ක ගමන් මන් ටක් ගාලා ගිහින් දොර ලොක් කරලා ලොකු යකඩ දොර පහලට දාන්න පටන් ගත්තා.. සමහර වෙලාවට අනිත්ම මොහොතේ දුවන් එන හදිස්සි කාරයෝ එහෙන් මෙහෙන් අත් කකුල් ඔය දොර අස්සෙන් දාන හන්දා මම කෝකටත් කියලා කල්පනාවෙන් තමයි වහන්නේ.. මොකද ඉතින් වෙන තැනක් වගේ නෙමෙයි.. ෆාමසියකට දුවන් එන්නේ ලෙඩෙක් බෙහෙතක් හොයාගෙන කියන එක ඉතින් හොදාකාරවම දන්න දේ හන්දා අන්තිම විනාඩියේ උනත් ඒ දේ කරන එකනේ යුතුකම..

කොහොම හරි ඉතින් මම යකඩ දොර පහලට දාද්දීම  මෙන්න පොඩි එකෙක් එකෙක් ඇවිත් බෙල්ල දැම්මා.. හොද වෙලාවට වගේ මම බලාගෙන හිටියේ.. නැත්නම් ඉතින් මේ පෝස්ට් එක අද මට ලියන්න වෙන්නේ මේ විදිහට නෙමෙයි.. මම ඉතින් දොර ඇරලා " ඇයි? " කියල ඇහුවා..  අවුරුදු 12ක විතර පොඩි එකෙක්.. මේ කෙල්ල හති දානව කතා කරන එක කොහොම වෙතත්..

" පොඩ්ඩක් ඉන්න... අම්මා එනවා.."

ඒ ගමන බලද්දී මෙන්න අම්මා කෙනෙක් එනවා තව පොඩි එකෙකුත් අතින් අල්ලගෙන.. ඒ ගමන ඉතින් ඔක්කොටම ෆාමසියට එන්න ඉඩ දුන්නා.. ලගම කවුන්ටර් එකේ හිටියේ ලයින් අක්කා.. මේ අම්මත් කලබලේ එතනට දුවගෙන ගියා.. මමත් ඉතින් වැඩිය ඒකට උනන්දු නොවී දොර ගාවම හිටියා.. ටිකකින් අමුතු විදිහක කතාබහක් මට ඇහුනා..

" මට මේක කොහොම හරි ගලවන්න ඕන.. දැන් ඉන්න බෑ අමාරුයි.."

මම එක පාරම බැළුවා මේ මනුස්සයා මොනවද මේ ගලවන්න ට්‍රයි කරන්නේ කියලා.. ඒ බලද්දී තමයි වැඩේ තේරුණේ.. මේ ගෑණු කෙනා දිවත් එළියට දදා කතාව.. බැලින්නම් දිවට පියර්සිං එකක් දාලා.. එච්චර වෙලා අමුතු විදිහට කතා කලෙත් ඒක තමයි කියලා එවෙලෙයි මටත් තේරුණේ.. මාත් ඉතින් පොඩ්ඩක් ඕප දූපෙට ඇහුන් කන් දුන්නා මොකද වෙන්නේ කියලා බලන්න.. වෙන මොකටවත් නෙමෙයි ඉතින්.. කට්ටියට කියවන්න මේකේ ඇවිත් ලියන්නත් එපැයි  ඉතින්.. 



මේ ගෑණු කෙනා අවුරුදු ගානක හිතේ තිබුන ආසාව සපුර ගන්න කියලා දවාලේ ගිහින් පියර්සිං එකක් ගහගෙන දිවේ.. ඒ වෙලාවෙ නම් කිසිම අවුලක් තිබිලා නෑ.. හවස් වී ගෙන එද්දී තමයි වැඩේ අල වෙලා තියෙන්නේ.. පියර්සිං  එක ගහපු තැන වටේම ටිකක් ඉදිමිලා ඇවිල්ලා වගේම දිවම ටිකක් ලාවට වගේ නිල් පාට වීගෙන ඇවිත්.. මේ මනුස්සයා දැන් ඉන්නේ නිකන් දිවට මී මැස්සෙක් විදලා වගේ අමාරුවෙන් කට වහගන්නත් බැරුව ඒක එලියේ දාගෙන අමාරුවෙන් කතා කරනවා.. ( හිනා වෙන්න එපා බොලවු මනුස්සයෙක්ට කරදරයක් උනාම.. )

දැන් ඉතින් මේ ගෑණු කෙනා මෙහේ දුවන් ඇවිත් තියෙන්නේ මේක ගලව ගන්න විදිහක් තියෙනවද කියලා බලන්න.. ඇයි හත්දෙයියනේ ඉතින් වේදනාවටනම් මොකක් හරි බෙහෙතක් දුන්නා කියමු.. ඕක ගලවන්න පුළුවන්යැ ෆාමසියේ එවුන්ට.. කට්ටියටම ඒක මේ ගෑණු කෙනාට තේරුම් කලා.. වැඩේ කියන්නේ හවස 6 වගේ වෙද්දී තමයි මෙයාට අමාරු වෙලා තියෙන්නේ.. එවෙලේ කෝල් එකක් දාලා බලද්දී පියර්සිං එක ගහපු ටැටූ කඩෙත් වහලා.. අප්සට්ම වැඩේ එදා හරියටම සිකුරාදා.. ආයෙම ඉතින් අරින්නේ සඳුදනේ.. අනික ඒ දිව තියෙන විදිහ දැක්කම සඳුදා තියා පහුවදා වෙනකන්වත් ඒ මනුස්සයා ඉන්නවා බොරු..

දන්නේ නැති රෙද්දවල් කරලා ආයේ මේ මනුස්සයගේ දිව කපන තැනට වැඩේ සෙට් කරන්න හොද නැති හන්දා අපි කිවුවා ලේසිම වැඩේ ඉස්පිරිතාලෙට යන්න කියලා.. එතකොට ඉතින් ඔය පියර්සිං එක කපලා හරි ගලවලා හරි හොද හැටි බෙහෙත් දාවිනේ.. වැඩේ කියන්නේ මේ මනුස්සයා ඒකට යන්නත් බයයි.. කොහොම හරි ඉතින් දේවල් තේරුම් බේරුම් කරලා දීලා අමරුවෙන් වගේ යැවුවා ඉස්පිරිතාලෙකට යන්න කියලා.. මොකද ඉතින් මෙතන ඉන්න ඉන්න තවත් අමාරු වෙන්නේ ඒ මනුස්සයටමනේ.. අනික ඉතින් ඉදිමුම තියාගෙන ඔහොම ඉන්නත් බැහැනේ.. කොහොමින් කොහොම හරි අන්තිමේ ඒ ගෑණු කෙනාව ඉස්පිරිතාලෙට ඉක්මනට යන්න කියලා ෆාමසියෙන් පිටත් කලා..

බැරි වැඩ එක්කෝ නොකර ඉන්න ඕන.. හැබැයි ඉතින් ඒ ගෑණු කෙනාට එච්චර වයසකුත් පේන්න තිබුනේ නෑ.. ඒ හන්දා පියර්සිං එකක් ගහන්න හිතුන එක අවුලකුත් නෙමෙයි.. එක්කෝ මෙයාගේ දිවේ අප්සට් එකක් එහෙමත් නැත්නම් ගහපු එකාගේ වැරැද්දක්.. කොතන කොහොම අවුලක් උනත් ඉතින් ඉල්ලන් ටින්කිරි ගාගන්නවා වගේ වැඩක් තමයි මෙයාටත් උනේ.. අපිට නොදැනුනාට ඉතින් කොහොම වේදනාවකුත් තියෙන්න ඇත්ද?

දැන් එතකොට කියාගෙන ආව කතාව ඉවරද? මොන පිස්සුද.. ඉන්නකො ක්ලයිමැක්ස් එක කියනකන්..

කොහොම හරි මේ ගෑණු කෙනත් ගියාට පස්සේ අපි අපේ වැඩ ටිකත් ඉවර කරලා දාලා වෙච්ච දේ ගැන කතා කර කරම ආවා යුනිෆෝර්ම් ගලවලා දාලා ගෙදර එන්න ලෑස්ති වෙන්න.. එතකොටනේ අපේ දෙකොන රත් වුනේ.. මෙන්න බොලේ පොඩි එකෙක් ඉන්නවා ෆාමසියේ බාත් රූම් එකේ.. මොනා කරන්නද ඉතින් හෙමින් සීරුවේ පොඩි එකාට කතා කලා.. හොද වෙලාවට වගේ පොඩි එකා බය වෙලා එහෙම නෙමෙයි හිටියේ..

" අක්කට හොයන්න කියලා මම හැංගුනා.."



පොඩි එකා කියපි.. හත්දෙයියනේ මේක හැංගිමුත්තම් කරන තැනක්ද? පොඩි එකාව ඉස්සරහට එක්කන් ඇවිත් පුටුවක වාඩි කරවලා කවුද කින්ද මන්ද විස්තර ඇහුවා.. බැලින්නම් මේ අර පියර්සිං එක ගහගෙන මෙලෝ සිහියක් නැතුව ආව ගෑණු කෙනාගේ පොඩි කෙල්ල.. ඒ මනුස්සයා අපි එක්ක ඒ ගැන කතා කරද්දී මේ ලමයා අක්කා එක්ක සෙල්ලම් කරලා.. දැන් ඉතින් මොනවා කියලා කරන්නද.. පොඩි එකාගෙන් විස්තර ඇහුවට අම්මගේ නමවත් හරියට කියාගන්න දන්නේ නෑ.. කෙල්ලට අවුරුදු පහයි තාම.. ඇඩ්‍රස් එකක් තියා අම්මගේ ටෙලිෆෝන් නම්බර් එකක් වත් මේ ලමයා දන්නේ නෑ.. එක අතකට ඉතින් ඔය වයසට ඔවුවා ඔක්කොම මතක තියෙනවා කියලද..

දැන් ඉතින් මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කරා.. අපිට ඉතින් පොඩි එකාගෙන් හරි විස්තරයක් අහ ගන්නවත් නැතුව මුකුත් කරන්න විදිහක් නැහැනේ.. තිබුන එකම විසදුම අම්මා එනකන් බලාගෙන ඉන්න එක.. දැන් ඒ ගෑණු කෙනා ගිහිල්ලත් වැඩිම උනොත් විනාඩි දහයක් විතර වගේ වෙන්න ඇති.. ඒ කියන්නේ ඉතින් ශුවර් එකටම මේ වෙද්දී අම්මා ලමයා හොයාගෙන එන්න ඕන.. ෆාමසියේ ඉතින් දොර ඇරන් බලාගෙන ඉන්නත් බැහැනේ, අපේ හොරු පැනීමේ ඉතිහාසය හරි හොද හන්දා.. ඒ හන්දා එළියේ තිබුන කැමරා වලින් බලාගෙන හිටියා අම්මා දැන් ඒවි දැන් ඒවි කියලා..

තව විනාඩි පහක් දහයක් වගේ ගෙවිලා ගියා.. අම්මා නම් එන පාටක් නෑ.. ලොක්කගේ අම්මා පොඩි එකාට ලග තිබුන කඩෙන් පීත්සා එකක් ගෙනත් දුන්නා.. ඒ පොඩි එකත් දවසම නොකා ඉදලද මන්දා පීත්සා එකට වග කියන්න ගත්තා මෙලෝ සිහියක් නැතුව.. වෙලාව 8.30 වගේ උනා.. ෆාමසියේ හිටියේ ලොක්කයි, ලොක්කගේ අම්මයි මමයි විතරයි.. මේ අම්මට ලමයව මෙච්චරම සිහියක් නැද්ද කියලා අපි කල්පනා කලා.. එක්කෝ ඉස්පිරිතාලෙන් අල්ලගෙන පියර්සිං එක ගලවනවද දන්නේ නෑ.. අපි එහෙමත් කල්පනා කලා..

තවත් බලන් ඉන්න එක හොද නැති හන්දා ලොක්කා පොලීසියට කතා කලා.. කතා කරලා විස්තරේ කිවුවා.. විනාඩි දහයක් යන්න කලින් පොලිස් කාර් එකක් ආවා.. පොලීසිය ඉන්න හන්දා දැන් අවුලක් නැති නිසාම ෆාමසියේ දොරවල් ඇරලම අපි බලාගෙන හිටියා ලමයගේ අම්මා එනකන්.. පොලිස් කාරයෝ දෙන්නත් ලමයගෙන් ශේප් එකේ එක එක ඒවා ඇහුවට " දන්නේ නෑ " කියනවා ඇරෙන්න පොඩි එකාගෙන් වෙන උත්තරයක් නම් ලැබුනේ නෑ..

" කරන්න දෙයක් නෑ තව ටිකක් බලමු.. මේ ලමයට මොන්ටිසෝරියේ නම විතරනේ මතක.. මම තව දෙන්නෙක්ව දැන් යවනවා එතන ප්‍රින්සිපල්ගේ විස්තර හොයාගෙන ඒ කෙනා මාර්ගෙන් හරි ලමයගේ විස්තර හොයා ගන්න.. ඒකටත් ඉතින් ටිකක් වෙලා යාවි.. එතකන් අපි මෙතනම ඉමු.."

පොලිසියෙන් කිවුවා.. වෙන කරන්න දෙයක් නැති හන්දා අපිත් ඔන්න ඔහේ කියලා බලාගෙන හිටියා.. වෙලාව 9.30යි.. කලබලෙන් ආව කාර් එකක් පොලිස් කාර් එකේ හැප්පෙන්නේ නැතුව බ්‍රේක් ගහලා නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්.. ඔන්න ඒකෙන් බැස්සේ ලමයගේ අම්මා.. පිස්සුවෙන් වගේ ඇස් දෙකත් රතු කර ගෙන දුවන් ආවේ ලමයා ලගට.. පියර්සිං කේස් එක හන්දා අපිටත් ඒ මූණ හොදට මතක නිසා මේ ලමයගේ අම්මා කියලා අඳුනගන්න අමාරු උනේ නෑ.. දැන් පොලිසියෙන් ප්‍රශ්ණ අහනවා.. මේ මනුස්සයා බැරි බැරි ගානේ උත්තර දෙනවා.. බැලින්නම් තාම පියර්සිං එක ගලවලත් නෑ.. තාම ගොත ගහනවා..

" මට මතක නෑ ලමයව මග ඇරුනේ කොතනදිද කියලා.. ඒ හන්දා මේ මම ගිය හැම තැනටම ගිහින් බලලයි මෙතනට ආවේ.."

ලමයගේ අම්මා කියපි.. හරි සංතෝසයි ඉතින්.. දැන් ඉතින් පොලීසියෙන් බනිනවා අම්බානෙකට.. සාදාරණයි ඉතින්..

" පොලිසියට ගිහින්ම යමු.."  පොලිස් කාරයා කිවුවා..

" මට මේ පියර්සිං එක ගලවගන්න ඕන.."

" ව ෆන් කූලෝ, අපි ගලවන්නම් ඒක.."

හයියෝ සල්ලි කිවුවලු.. ඒ අම්මට මෙච්චර දෙයක් වෙලත් පියර්සිං එකේ සිහිය.. අපි එහෙම කිවුවට ඉතින් ඒකේ අමාරුවත් නැතැයි.. ඒ අස්සේ ලමයා මිසින් කියලා මතක් උනාමත් කොහොමට තියෙන්න ඇත්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මෙහේ ඉතින් ඔහොම ලමයි අමතක වෙන එක ලේසියෙන් අත අරින කේස් නෙමෙයි.. ඒ හන්දා ඉතින් අම්මවත් එක්කන් පොලිසියෙන් යන්න ගියා..

පියර්සිං එක පොලීසියෙන් ගැලෙවුවද නැත්නම් තව එකක් ගැහුවද කියලා ඉතින් අපි නම් දන්නේ නෑ.. රෑ වෙච්ච හන්දා ලොක්කගේ අම්මා ගානෙම මාත් පීත්සා එකක් කාලා ගෙදර එන්න ආවා.. ඊයේ පෙරෙදා දවස් දෙකේ නම් ඒ මනුස්සයව ෆාමසිය පැත්තේ දැක්කේ නෑ.. දැන් ඉතින් ඒ මුණ කොහොම අමතක වෙන්නද? හෙහ්..






Thursday, 19 March 2015

සුපර් ආ(ර්)චී



ඔන්න ඉතින් අද ඉදන් ටිකක් විතර අමුතු කතාවක් අමුතු විදිහකට අරන් එන්න තමයි කල්පනා කරන්නේ.. මේක ඇවිල්ලා එසේ මෙසේ කතාවක් එහෙනම් නෙමෙයි.. සුපිරි වීරයෙක් ගැන කතාවක්.. හැබැයි ඉතින් මේ සුපිරි වීරයා ටිකක් විතර අනිත් වීරයන්ට වැඩිය විශේෂයි.. අපි වෙනදා අහලා තියෙන්නේ ඔක්කොම සුපිරි වීරයෝ මිනිස්සු ගැනනේ.. මේ කියන්න යන සුපිරි වීරයා ඇවිත් සතෙක්.. හරියටම කියනවනම් මෙයා සුපිරි හාවෙක්..



ඉතින් මෙයාටත් අයිතිකාරයෙක් ඉන්නවා.. හැබැයි ඉතින් සුපර්මෑන්ගේ ගෑල්ලමයා පුපර්මෑන් හරියටම කවුද කියලා දන්නේ නෑ වගේම ස්පයිඩර්මෑන්ගේ නැන්දා පුතා ස්පයිඩර්මෑන් කියලා දන්නේ නෑ වගේම තමයි මේ සුපිරි හාවගේ අයිතිකාරයත් දන්නේ නෑ එයාගේ සුරතලා සුපිරි වීරයෙක් කියලා.. ඇයි ඉතින් මෙයා ගෙදරට වෙලා ඔහේ දෙන හැමදෙයක්ම කාලා දවල් වෙලාවෙන් වැඩි හරියක් නිදා ගෙන ඉන්න ටිකක් මහත හා තඩියෙක් සුපිරි වීරයෙක් වේවි කියලා ඉතින් කවුද හිතන්නේ..


ඉතින් මේ හා වීරයට නමක් තියෙන්නත් ඕනනේ.. මෙයාගේ අයිතිකාරයනම් එයාට කියන්නේ ආ(ර්)චී කියලා.. ඉතින් ඒ හන්දා අපි මෙයාට කියමු සුපර් ආ(ර්)චී කියලා.. හැබැයි ඉතින් ඔන්න පටල ගන්න එහෙම එපා මෙයා වීරයා වුනාට මෙයාට වැඩියෙන් ෆයිට් කරන්න වෙන්නේ සත්තුත් එක්ක තමයි.. නැත්නම් ඉතින් සුපිරි උනත් හාවෙක් මිනිස්සු එක්ක ෆයිට් කරනවා කිවුවම ඒක ගැලපෙන්නේ නැහැනේ..


ඉතින් කලින් මම කිවුවා වගේම මේ සුපිරි හාවත් සාමාන්‍ය හුරතලෙක් විදිහටම දවල් දවසම ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නේ.. ඒ වුනාට ඉතින් එයා ඉන්නේ වටපිටාවේ වෙන හැම දේම ගැනම හොද අවදානෙන්.. එයා ඉන්න කාමරේ බැල්කනියට ගිහින් ඇස් දෙක පියාගෙන එයාගේ දිග කන් හොදට උස්සගෙන වට පිටාවේ වෙන දේවල් ගැන අහගෙන තමයි ඉන්නේ.. ඊට පස්සේ  ඉතින් රෑ උනාම තමයි මෙයාගේ වැඩ කිඩ තියෙන්නේ..

රෑට කලා බීලා අපේ ආ(ර්)චීටත් කන්න බොන්න දීලා එයාගේ අයිතිකාරයා නිදා ගන්න ගියාම ආයේ උදේ වෙනකන් වැරදිලාවත් ඇහැරෙන්නේ නෑ කියලා සුපර් ආ(ර්)චී හොදටම් දන්නවා.. ඉතින් එයා කරන්නේ එයාගේ අයිතිකාරයට නින්ද යනකන් ඉදලා හෙමීට එයාව අඳුන ගන්න බැරි වෙන්න එයාගේ රහස් කිට් එක දා ගන්නවා.. ඒ රහස් කිට් එක මෙහෙමයි.. එයා ඔය දවල් වරුවට නිකන් ඉද්දී එයාගේ අයිතිකාරයගේ බාගෙට කාපු මේස් එකක් අරන් ඒක ඇස් දෙක වටේ ගැට ගහ ගන්නවා.. තව එයාට හීතල වදින හන්දා එයාගේ අයිතිකාරයා එයාට ගෙනල්ලා අන්දපු ඉංගිරීසී " A " අකුර ගහපු ටී ශර්ට් එක ඇද ගත්තම අපේ සුපර් ආ(ර්)චී ගේ රහස් ඇදුම හරි..

ඔන්න ඉතින් ආ(ර්)චී සුපුරුදු විදිහටම බලාගෙන හිටියා එයාගේ වෙලාව එනකන්.. එයාගේ අයිතිකාරයා නින්දට ගිය ගමන්ම ඉක්මනට ඇද යට හංගලා තිබුන එයාගේ රහස් ඇදුම අරන් ඇද ගත්ත සුපර් ආ(ර්)චී ඉක්මනට බැල්කනියට ආවා.. සුපර් ආ(ර්)චීට තියෙන බලයන්ගෙන් එක්ක තමයි එයාට හුඟක් දුරකට වගේම ඕන උසක ඉදන් උනත් කිසි කරදරයක් නැතුව පනින්න පුළුවන් එක.. ඉතින් සුපර් ආ(ර්)චී බැල්කනි එකට ඇවිල්ලා එතන ඉදන් තට්ටු තුනක් පහලින් තියෙන පාරට කිසිම කරදරයක් නැතුව පැන ගත්තා..

දැන් ඉතින් සුපර් ආ(ර්)චී පාර අයිනෙන් පැන පැන යනවා.. එයා යන්නේ කෙනෙක්ව හොයාගෙන.. ඒ වෙන කවුරුවත් නෙමෙයි බලු තඩියෙක්ව හොයාගෙන.. මම කලිනුත් කිවුවනේ අපේ සුපර් ආ(ර්)චී දවල් වරුවට කරන්නේ බැල්කනියට වෙලා වට පිට වෙන දේවල් ගැන අවදානෙන් ඉන්න එක කියලා.. ඉතින් එහෙම ඉද්දි තමයි එයාට මේ බලු තඩියව දකින්න පුළුවන් වුනේ.. බලු තඩියා කරපු වැරැද්ද ගැන කියනම් ආ(ර්)චීට එයාව හම්බඋනාම..

ටික වෙලාවකින් පාරක් කෙලවර තිබුන කුණු බක්කියක් අවුස්ස අවුස්ස හිටිය බලු තඩියව ආ(ර්)චීට හම්බඋනා.. හැබැයි තාම බලු තඩියා දන්නේ නෑ එයා දිහා අපේ මේ සුපිරි වීරයා බලාගෙන ඉන්නවා කියලා.. බලු තඩියා මෙලෝ සිහියක් නැතුව කුණු බක්කිය අවුස්සනවා..

" ඒයි.."

අපේ සුපිරි වීරයා බලු තඩියට කතා කලා.. ඒකා අවුස්ස අවුස්ස හිටිය කුණු බක්කියෙන් ටිකකට ඈත් වෙලා ඒකා ඉස්සරහා ඉන්න සුදු හා පැටියා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..

" මල්ලී මේ, හැලෝවීන් වලට තව කල් තියෙනවා.. නිකන් ගුටි නොකා යනවද?"

බලු තඩියා නිකන් නක්කලේට වගේ කිවුවා.. අනේ ඉතින් මේ මෝඩ බලුරාල දන්න එකක්යැ අපේ සුපිරි වීරයා ගැන.. එයා ආයේම කුණු බක්කිය දිහාවට හැරුණා.. ආ(ර්)චී එයාගේ සුපිරි බලය පාවිච්චි කරලා බලුරාලට කලින් කුණු බක්කිය උඩට පැන්නා.. හැබැයි ඒක දැකලනම් ඔන්න බලුරාල පොඩ්ඩක් ගැස්සිලා ගියා..

" දවාලේ අර බඬගින්නේ හිටිය පූස් පැටියගෙන් එයාගේ මාළු කට්ට තමුන් උදුර ගත්තා නේද?"  ආ(ර්)චී බලුරාල ගෙන් ඇහුවා..

" නෑ.."  බලුරාල බොරුවක් කිවුවා.. ඒත් ඉතින් ආ(ර්)චී දවල් බැල්කනියට වෙලා වෙච්ච හැම දේම බලාගෙන තමයි හිටියේ..

" බොරු කියලා මගෙන් ගුටි කන්න එපා.. මම ඔක්කොම බලාගෙන හිටියේ.. ආයේ එහෙම දෙයක් වෙලා තිබුනොත් මම නරක හාවා කියන්න එපා.."  ආ(ර්)චී ටිකක් සැරෙන් කිවුවා..

" හෙහ්, මට තර්ජනේ කරන්න තමුන් කවුද?"

" මම තමයි සුපර් ආ(ර්)චී.."

ආ(ර්)චී කුණු බක්කියේ පියන උඩ හිටගෙන වීරයා වගේ එයාව අදුන්නලා දුන්නා.. සද්ද නැතුව ටිකක් වෙලා හිටිය බලුරාල එක පාරම මහ හයියෙන් හිනා වෙන්න උනා..

" ආරච්චී? මොන කොළණියේද දන්නේ නෑ.."

බලුරාල ආ(ර්)චීව වැඩිය ගනන් ගන්නේ නැතුවම විහිළු කලා.. හැබැයි ඉතින් අපේ සුපිරි වීරයට ඒකට කේන්ති ගියා.. එයා තව ඉවසුවේ නෑ.. කුණු බක්කියේ පියන උඩ ඉදලා කෙලින්ම පැන්නේ බලුරාලගේ ඇඟට..


***

අපේ සුපිරි වීරයා බිල්ඩින් වල වහලවල් උඩින් පැන පැන දැන් යනවා.. ටිකක් දුර යද්දී එයාට පොඩි සද්දයක් ඇහුනා.. අපේ සුපිරි වීරයා ඉතින් සද්දෙට නැවතිලා බැලුවට ඒක ඇහුනේ ලඟින් නම් නෙමෙයි.. දන්නවනේ ඉතින් සුපර් ආ(ර්)චීට හුඟක් දුර වෙන දේවල් උනත් ඇහෙනවා කියලා.. මේකත් අන්න එහෙම තමයි.. එයා හිටිය තැනට බිල්ඩින් ගානක් දුරින් වෙන දේක සද්දයක් තමයි ආ(ර්)චීට මෙහෙම ඇහෙන්නේ දැන්..

එයා ඉක්මනට එයාගේ සුපිරි බලය පාවිච්චි කරලා බිල්ඩින් උඩින් පැනන් ආවා සද්දේ ඇහුන තැනට.. ඇවිත් ටිකක් හොදට බැලුවා.. බලද්දී එයා දැක්කා මීයෝ රංචුවක් කේක් කඩයකට රිංගගෙන දඟලනවා.. එයා කඩේ ඇතුල හොදට බැලුවා මේ මීයෝ අල්ලන්න පූසෙක් වත් ඉන්නවද කියලා.. එහෙමත් නෑ.. ඒ කියන්නේ ඉතින් අපේ වීරයට උදවු කරන්න වෙලාව..

එයා හෙමීට මීයෝ සෙට් එක ඉන්න පැත්තට ගියා..ඒ යද්දිත් මීයෝ
කඩෙන් සෑහෙන්න කේක් උස්සලත් ඉවරයි.. ස්ටෝබෙරි කේක්, පයිනැපල් කේක් වගේම අපේ වීරයා කැමතිම චොක්ලට් කේකුත් තිබුනා.. ඒත් ඉතින් හොරෙන් කන එක වීරයට හරි මදිනේ.. එයා පෝලිමට හිටිය මීයෝ සෙට් එකේ අන්තිමටම හිට ගත්තා.. ඒ ඉදන් එයාගේ සුපිරි වේගයෙන් එක එක මීයා ගානේ අල්ලලා ලග තිබුන ගහක බැන්දා.. දැන් ඉතුරු හොර මී නඩේ නායකයා විතරයි.. ආ(ර්)චී එයාගේ පිටි පස්සෙන් හිට ගත්තා.. හොර නඩේ ලොක්කා තව කේක් එකක් අරන් එලියට පැනන් ආවා..

" මල්ලී, මේ මොකද? මම එක පාර හිතුවේ අපේ සෙට් එකේ කෙනෙක් කියලා.. බැලින්නම් මේ හාවෙක් නේ.. මොකද මෙතන කරන්නේ? කේක් ඕනනම් අපිට සපෝට් එකක් දෙන්න වෙයි.. හරිද?"

" මට ඕන ඇති කේක් එකක් නෑ.." ආ(ර්)චී ටිකක් සැරෙන් කිවුවා..

" ඔන්න ඕකනේ ඉතින් කියන්නේ අපි හොදින් කතා කරාම මෙයාලා එනවා අපිට ගෑස් දාන්න.." මී ලොක්කා ඉදන් කිවුවා..

" දැන්මම ඕක නවත්තන්න ඕන.. මම ගෝලයෝ ඔක්කොම ගස් බැදලයි තියෙන්නේ.."

ආ(ර්)චී මී ලොක්කට එයාගේ ගෝලයෝ ටික පෙන්නුවා.. එතකොට නම් මී ලොක්කට තේරුණා වැඩේ ටිකක් ලේසි වෙන පාටක් නෑ කියලා.. මී ලොක්කා එක පාරම උඩ පැනලා ආ(ර්)චීට කික් එකක් දුන්නා.. අපේ සුපිරි වීරයත් සුපිරි වේගෙන් ඒ කික් එක බ්ලොක් කලා.. ඒ එක්කම වගේ ආ(ර්)චීත් මී ලොක්කට සුපර් කික් එකක් දුන්නා.. ඒක වැදිලා මී ලොක්කා ටිකක් එහාට විසි වෙලා ගියා..

ආ(ර්)චී ඉක්මනට කලේ මී පාසානමක් මැදි කරපු කේක් කෑල්ලක් මී ලොක්කා දිහාවට විසි කරපු එක..

" මල්ලී, ඔයා හිතුවද මම ආදි කාලේ මීයෙක් කියලා මේවට රැවටෙන්න.."

මී ලොක්කා ආ(ර්)චීගේ උපායට අහු වෙන්නේ නැතුව කිවුවා.. හැබැයි මී ලොක්කා කේක් කෑල්ල අතට ගත්තා.. ඒ ආයෙම ආ(ර්)චී ඉන්න දිහාවට විසි කරන්න.. ඒ එක්කම වගේ ආ(ර්)චී එයාගේ සුපිරි වේගයෙන් එයා හංගගෙන හිටිය රිමෝට් එකේ බටන් එක එබුවා..

මී පාසානමක් වගේ පෙනුනට ඒකේ ඇත්තටම තිබුනේ දැලක්.. ආ(ර්)චීගේ උගුලට රැවටුන මී ලොක්කා දැලේ පැටලිලා දඟලන්න පටන් ගත්තා..

" මල්ලී, කැත වැඩ කරන්න එපා ඕයි.."

" ඔයා මේ කළුවරේ හැංගිලා හිටියට දැන් කාලේ වෙනස් තාලේ අළුත්.."


***

දැන් ඉතින් මහ රෑත් පහු වෙලා පාන්දර වෙන්නත් ඇවිත් තිබුනා.. ඒත් ඉතින් නිදිමත ගැනවත් හිතන්නේ නැතුව අපේ සුපිරි වීරයා ඇවිදන් යනවා එයාගෙන් කාටද උදවුවක් ඕන කියලා බලන්න.. ඉතින් මෙහෙම යද්දී අපේ සුපිරි වීරයට ඇහෙනවා කවුදෝ අඬන සද්දයක්.. ඉතින් මෙයා ටිකකට නැවතිලා වට පිට ඉව කරලා බලනවා කවුද අඬන්නේ කියලා.. බලද්දී එයාට පේනවා ගෙදර සාලෙක එල්ලිලා තියෙන කූඩුවක ඉන්න කුරුළු පැටියෙක්.. ආ(ර්)චී ට්කක් වෙලා ඈත් ඉදන් බැලුවා මේ කුරුළු පැටියා අඬන්නේ කාට හරි බය වෙලාද කියලා.. ඉතින් එහෙම දෙයකුත් පේන්න තිබුනේ නැති හන්දා ආ(ර්)චී කුරුළු පැටියා හිටිය කූඩුවට ලං වුනා..

" ඇයි අඬන්නේ?"

ආ(ර්)චී කුරුළු පැටියගෙන් ඇහුවා.. ඒත් එයාට උත්තර දෙන්න සිහියක් තිබුනේ නෑ.. තව ටික වෙලාවක් හයියෙන් අඬන්න ගත්තා මිසක ආ(ර්)චී අහපු කිසිම දේකට කුරුළු පැටියගෙන් උත්තරයක් ලැබුනේ නෑ.. දැන් ඉතින් ආ(ර්)චීට ටිකක් කේන්තිත් එක්ක.. ඒත් එයා ඉවසගෙන හිටියා..

" මොකද අඬන්නේ?"

ඒ පාරනම් ආ(ර්)චී ටිකක් සැරෙන් ඇහුවා.. එතකොට නම් කුරුළු පැටියගේ ඇඬිල්ල නම් නැවතුනා.. ඒත් හැබැයි කතා කරන්න නම් ටික වෙලාවක් ගියා..

" අනේ මාව මේකෙන් නිදහස් කරන්න බුදු අයියේ.."

" ඇයි මොකද උනේ?"

" අනේ මට මෙහේ ඉන්න බෑ.."

" ඇයි මොකද උනේ? මෙහෙ කිසි කරදරයක් තියෙනවා කියලා පේන්න නැහැනේ.. අනතුරක් වෙන දේකුත් නෑ.. හොදට කන්න බොන්නත් තියෙන්නේ.."

" කන්න බොන්න හම්බුවෙනවා වගේද අයියේ.."

" හරි හරි ඉතින් කියනවා මොකද්ද තියෙන ප්‍රශ්ණේ.."

" නෑ මේකනේ.. මගේ අයිතිකාරයා ඉන්නවනේ.. අද මම අහම්බෙන් වගේ මේ කුඩුවේ පැද්දි පැද්දී ඉද්දී දැක්කා කුස්සියේ මං වගේ ලොකු වෙච්ච කෙනෙක්ව රහ කර කර කනවා.. අනේ මට මැරෙන්න බෑ අයියේ.."

" මොකක් කිවුවා.. මැට්ටා.. ඒ මිනිස්සුන්ට තමුසේ හොදයි කාලා ඉවර වෙලා දත් සුද්ද කරන්න.."







තවත් කතාවකට...

විශේෂයි,  හිත ටිකක් අප්සට් එකේ හන්දා ඒක හරියන්නත් එක්ක ලිවුව විකාර කතාවකි.. මුලින් මේකේ දාන්න හිතන් නෙමෙයි ඔහේ හිතුන ඒවා කුරුටුගාන් ගියා.. පස්සේ ඔන්න ඔහේ ඕන එකක් කියල දැම්මා.. ප්‍රතිචාර අනුව ඉස්සරහට ලියන එක ගැන හිතම්..






 

Thursday, 12 March 2015

වෙන්වීම ලග



ඈතින් හොදින් හිරු එළිය වැටිලා දිළිසෙමින් තිබුන මුහුද අද වෙනදටත් වැඩිය හුඟක් ලස්සනයි කියලා හිතුනා.. හැමදාම ඇවිත් ගියත්, හුඟක් වෙලා නතර වෙලා බලාගෙන හිටියත් අද තරම් ලස්සනක් මුහුදේ මම දැක්කද කියලා හිතට හරි විශ්වාසයක් නෑ.. වෙනදා පුරුදු ගල් තලාවටම වෙලා මම එයා එනකම් බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට අපි හමුවුනේ මෙතන.. වෙනදටනම් හවස තුන විතර වෙද්දී හරියටම එයා ආවත් අද නම් ටිකක් පරක්කුයි වගේ.. ඒත් හිත ඒ ගැන හිතන්න උනන්දුවක් තිබුනේ නෑ.. කවදාවත් නැතුව හිත වෙන පැත්තකට යොමු වුනේ පළවෙනි වතවට..

" කසුන්.."

කල්පනාව අතරින් ඉද්දී අහම්බෙන් වගේ ඇගේ කටහඬ ඇහුනා.. මම පිටිපස්ස හැරිලා බලද්දී හැමදාමත් වගේම මම ඈව දකින්න ආස කලා වගේම ලස්සන සාරියක් ඇදලා ඉද්දී හිත ඈගෙන් එහාට ගන්න මට කිසිම වුවමනාවක් තිබුනේ නෑ..

" මෙතනට එන්න.. අපි ටිකක් මෙතන ඉමු.."

මම ඈත ඉදන් කතා කලා.. ඒත් වෙනදට වැඩිය ඇගේ මුහුණ ටිකක් විතර වෙනස්..

" බැහැ කසුන්, අද ගොඩක් වෙලා ඉන්න බෑ.."

ගල් තලාවෙන් නැඟිට්ට මම ඈ ලගට ගියේ ඇගේ මුහුණ දිහාම බලාගෙන.. වෙනදා තියෙන සතුට අද ටිකක් විතර අඩු වෙලා ගිහින්.. ඒ ඇස් දිහාම බලාගෙන මම ඈ ලගටම ගිහින් නැවතුනා..

" කසුන් අපි ඉක්මනට රූම් එකට යමු.. මට අද ඉක්මනට යන්න ඕන.."

ටිකක් වෙලා ඈ දිහා බලාගෙන ඉද්දී ඒ කියපු දෙයත් එක්ක මට සිනහවක් ආවේ බලාපොරොත්තු නොවුන විදිහට.. ඒක සමච්චලයට නොවුනත් ඒකෙන් ඇගේ හිත ටිකක් රිදුනා කියලා ඒ වෙනස් වුන මුහුණුවරින් හොදින්ම පේන්න තිබුනා..

" මොකද ඔහොම හිනා වෙන්නේ.. අපි ඉක්මනට යමු.."

" නෑ නිකන්.. අද මෙයාට හදිස්සිය වගේ.."

එහෙම කියාගෙන මම ඒ මුණ දිහාවට එබුනේ පුරුදු හාදුවේ සිසිළස පොඩ්ඩක් විදගන්න.. ඒත් තරහෙන් වගේ ඇය මුණ පැත්තකට ගත්තේ මම කියපු දේ නිසාද එහෙම නැත්නම් වෙන දෙයක් නිසාද කියන්නමට හිතා ගන්න බැරි උනා.. ඈ වෙරළ දිගේ තනියමම ඇවිදන් ආවේ ඒ අසලම තිබුන හෝටලයට.. අපේ හැම හමුවීකම සුන්දර අවසානය ලියවුනේ මෙතන.. ඇගේ වෙනස ගැන නොහිතම ඈත් එක්කම හෝටලය ඇතුලට ආවේ හිතට හුරු වුන ඒ සතුට ලබා ගන්න..

හැමදාම ඇවිත් ගිහින් මෙතන අපිට හොදට හුරු පුරුදුයි.. සමහරකගේ රුදුරු ඇස් නිතැතින්ම අපිට යොමු වුනත් ඈටවත් මටවත් ඒ ගැන කිසිම ගානක් වුනේ නෑ.. ලෝකයට හැම දෙයක්ම අසම්මතයි.. ඉතින් ඒක එහෙම වුනාවේ.. හැම සති අන්තයකම අපිටම වෙන් වුන ඒ හුරු පුරුදු කාමරේ අපිට මුල් දවසේ ඇරෙන්න වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ.. ඒ හින්දමයි කාමරේට ඇතුළු වෙද්දීම මම ඇයව බදාගත්තේ..

" කසුන්.."

ඇය හෙමීට කෙදිරිගානවා ඇහුනා.. ඒත් ඒ ගැන හිතන්න මට වුවමනාවක්
වුනේ නෑ.. හෙමින් ඈ තුලටම ලං වෙන ගමන් පුරුදු සයනය මත සතියක් පුරාවට හිර කරන් හිටපු හැඟුම් මුදා හැරියේ තෘප්තිමත් බව හිත ඇතුලටම ලගා කර ගෙන.. වෙනදට හිතේ හැටියට ලගට තුරුළු වෙලා ඒ හැඟීම විදින ඇය අද ඉක්මනින්ම ඇදෙන් නැගිට්ටේ ඇයි කියන එක හිටි හැටියෙම මට ප්‍රශ්ණයක් වුනා.. ඇදේ කෙලවරක තිබුන ඇගේම සාරියෙන් යාන්තමින් ඈ ගත ආවරණය කර ගෙන ජනේලය ලගට වෙලා හිටියේ කියා ගන්න බැරි මොකක් හරි දේ හංඟගෙන කියලා තේරුම් ගන්න මට ඒ තරම්ම වෙලාවක් ගත වුනේ නෑ..

" ඇයි මේ?"

හෙමීට ඈ පිටුපසටම ආ මම ඒ දෙනෙත් වලට මොහොතක් එබෙන්න උත්සාහ කරන ගමන් ඇගෙන ඒ ගැන ඇහුවේ ඇගේ වෙනසට හේතුව දැන ගන්න.. මම බලාපොරොත්තු නොවුන විදිහට ඒ ඇස් වල කඳුළු.. ඒත් ඒ ඇයි?

" මොකද වුනේ, ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද?"

" හ්ම්ම්, ඔවු.."

" ඉතින් මාත් එක්ක කියන්න.. අද වෙනකන් මාත් එක්ක නොකියපු දෙයක් නැහැනේ ඔයා.."

" ඔවු කසුන්.. ඒත්, මට හිතා ගන්න බෑ මම මේක කොහෙන් පටන් අර ගන්නද කියලා.."

ජනේලෙන් ඈත බලාගෙන හිටපු ඈව මම මගේ පැත්තට හරව ගත්තේ ආදරෙන්.. පළවෙනි වතාවට ඒ ඇස් මගෙන් හැංගෙන්න උත්සාහ කරනවා කියාලා පෙන්ද්දී හිතට දැනුනේ ලොකු වේදනාවක්..

" කියන්න, මම අහගෙන ඉන්නම්.."

" කසුන් ආයෙම අපිට මුණ ගැහෙන්න බැරි වේවි.."

මොහොතකට හිත නතර වුනා නොකිවුවොත් ඒක බොරුවක් වේවි.. අපේ කතාබහට බාද කරම්න් නිතරම ඝෝශා කරපු වෙරළත් නැවතුනා වගේ හැඟීමක් හිතට එන්න ගතවුනේ මොහොතක් විතරයි..

" ඒ ඇයි?"

මට අහන්න ඉතුරු වෙලා තිබුන එකම දේ ඒක වෙන්න ඇති.. යන්තමින් වචන ගලප ගත්තේ හිතේ තිබුන ප්‍රශ්ණේට උත්තරයක් හොයා ගන්න ඕන නිසා..

" හස්බන්ඩ්ගේ ඇමරිකන් සිටිසන් ලැබිලා.. එයා මාවත් එහෙට ගන්න හදන්නේ.."

" ඉතින් ඔයා යන්නද?"

" හ්ම්ම්.."

කාමරේ තැනින් තැන විසිරිලා තිබුන ඇදුම් එකින් එක ඈ අතට ගත්තේ මගෙන් නික්මෙන්න වෙලාව හරි කියලා කියන්න වගේ.. වෙනදට දඟකාරකම් කරන ගමන් ඇදුම් ඇද්දත් අද ඒ කිසිම දෙයක් නැතුව මම පැත්තකට වෙලා බලාගෙන හිටියා..

" එතකොට මම?"

මේ සම්බණ්දය ලියවෙද්දිම අවසානය මොනවගේද කියලා දැනන් හිටියා වුනත් හිත දැනන් හිටිය දේම ආයෙම අහන්න හිතුනේ ඇයි කියන්න මට තේරුණේ නෑ..

" කසුන්, අපිට ඕන වුනේ අපේ හැඟීම් වලට ඉඩ දෙන්න විතරයි.. ඒකේ වරදක් නැහැ.. ඔයාට ඕන වුනේ අත්දැකිමක්.. මට ඕන වුනේ නොලැබුන සතුටක්.."

ඇත්ත.. හැමදාම ඉස්කෝලෙදි මුණ ගැහුන තරුණ ගුරුවරියව හිතින් මම කී පාරක්නම් නිරුවත් කරන්න ඇත්ද? හැමදාම හවසට සිතුවිළි අතරට වෙලා මාව සතුටු කරපු ඇය මේ විදිහට ටික කාලයක් හරි හැබෑවටම මාව සතුටු කරයි කියලා.. කිසිම දවසක බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. ඒක හීනයක්.. ඒත් ඒ හීනේ ටික දවසකට හරි හැබෑවක් වුනා..

" මම ගිහින් එන්නම් කසුන්.."

" ආයෙම මුණ නොගැහෙන එකේ යන්න මෙච්චරම හදිස්සිද?"

මට ඕන වුනේ ඇයව තව ටික වෙලාවකට හරි නතර කර ගන්න.. ඒත් ඒ හැඟීම ආදරයක් නම් නෙමෙයි..

" බැහැ කසුන්.. මං එයාට බොරුවක් කියලා ආවේ.."

" යන්න කලින් තව එක පාරක්.."

" හ්ම්ම්.. හා.."

ඈත වෙරළේ රැළි ගල් තලා අතර වදින හඬ වෙනදා තරමට ඇහුනා.. මම ඒ හඬට ආස කලා.. කලා තුරකින් කුණාටුවක් වගේ ඇවිත් ගල් තලා රිදවන රළට වෙරළ නිහඬවම හැමදාම ආදරේ කලා.. ඒ පහස එනකම් බලාගෙන හිටියා.. ඒත් හැමදාම ඒ පහස දැනෙන්නේ නෑ.. සමහරවිට ආයෙම කිසිම දවසක නොදැනේවි..


***

ජීවිතයේ සඳ එළිය නිවී ගියේය..
අනන්ත කල්පයක් පැතූ සිහින
ඉකිගසන වැස්සක වැහි බිදක් වී
සුන්ව යද්දී ලොව නිසල පිණි
කොවුල් ගී හඬ මට දැන් නොඇසේ.
මනමාල සමනල් පැටවුන්
සල් - සමන් - මාලතී මල් මත
සුමුදු තොල් තබා කොඳුරා ගිය
ආදර කතා මට දැන් නොඇසේ.
මෙගේ දෙසවන හිස්ය - බිහිරිය
නිසංසල සොහොන් බිමක
සුදු මිනීමල් වැතිරෙන
සීතල නිහඬ මැදියමේ
මිනිසෙල් පහන් ටැඹ යට
ඈ තබා ගිය කඳුළු මම දෝතට ගතිමි.
මගේ හිස් දෙනෙතට දැන් පෙනෙන්නේ
ඇගේ ඒ මුතු කඳුළු පමණි.
හිස් සවනට ඇසෙන්නේ
ඒ හඬ - ඒ සුසුම් - ඒ ඉකිබිඳුම පමණි.
කහපාට උදෑසන නෙළු කහ මල්
ගල් ටැඹ පාමුල තබා
මල් අසපුවක පොඩිවී පරව ගිය මල් හීන
මම සිහිකරමි.
මල් මල් වරුසාවේ
මල් පාවඩ මත
මල් සුවඳ ගලා හැලෙන සඳ පානේ
මල් පූදන්නට
මල් දෙනෙත් විදා
යලි ඈ නොඑයි.
ගඟ උතුරා ගලන සේ
නෙත් කෙවෙනි පුපුරා කඳුළු හැලේ.
ජීවිතය ඉහිරී යන තුරු මම
කඳුළට ඉඩ දී බලා ඉමි
ආදරණිය.....
ඇගිලි තුඬගින් කඳුල පිසදා
කඳුළින් තෙමුන කම්මුල් ඉබ යන්නට
ආදරණිය ඔබ එන තුරු
මම අදත් මම මග බලා ඉදිමි....
(21.05.1999)

***


විශේෂයි : පරන ඩයිරි වගයක් අවුස්සද්දී අපේ අයියගේ කවි පොත අහුවුනා.. ඉතින් මේ අයියගේ කවියකට මලයා ලියපු කතාවක්ය..