Thursday, 3 December 2015

තුරු සමුදා...



තුරු සමුදා...

තුරු සමුදා කියවා නිමා කලෙමි.

ගමේ පෙරහරේ නැටූ කිවිදාගේ ජීවිත ගමන දිගේ බවුල් සංගීතයද හා මුසුව ඇවිද ගියෙමි. එය විටෙක සුන්දරයි. තවත් විටෙක ප්‍රේමණියයි. තවත් වරෙක ඔහුගේ ජීවිතයට එබීමට පවා හිත් නොදෙන තරම් විරහවයි. කිවිඳා, එහෙමත් නැත්නම් නිත්‍ය සුන්දර බරණ පුත්‍ර. සරළ නිදහස් ජීවිතේකට කිවිඳාට තිබුන හීන සුන්දරයි. ඇත්තටම ඔහු සරළයි. නිරුවත් දෙපා මතින් වෙල් දෙනිවල ඇවිද ගෙන යන කිවිඳා නිත්‍ය සුන්දර බරණ පුත්‍ර විදිහට ජීවිතයට මවා ගත්තේ කොහෙත්තම ඔහු නොහිතපු විදිහක බරක්.


" මං වෙස් බැදපු නැට්ටුවෙක් වන්නා. නුවර පෙරහැරට මාව ඕන. ගමට මාව ඕන. අපේ අප්පුච්චට මාව ඕන."
පිටුව 45



ඈ වන්නා. නූතන සමාජයේ තවත් එක ගැහැණියක්. ඇය කෙසේ හෝ ජීවිතය දිනන්න කැමැති තැනැත්තියක්. නැටුම ගැන හරි හැටි නොදැන නැටුම් ඉගැන්නීමේ ඉදන් කිවිඳා එක්ක ශාන්ති නිකේතනයේ නැටුම් ඉගෙන ගැනීම වෙනකන්ම දැක්කේ ඇගේ එයට තියෙන දැඩි උනන්දුව වගේම කැපවීම. ඒත් ඒ අතරේ ඇයගේ යටි අරමුණු නොතිබුනාම නොවෙයි.

" උඹ නැට්ටුවගේ පුතාව පැහරගෙන ගියා කියලයි උන් මෙතන නටන්න ගත්තේ. නැට්ටුවන්ගෙන් නින්දා විඳින්න ඕන මිනිස්සුද අපි?"
පිටුව 61

නුවර පෙරහැරේ නටපු මහා නැට්ටුවාව පන්නගෙන වන්නා කොළඹ එක්කන් එද්දී හතට දැනුනේ ඇය ඔහුට කරන්නේ මහා ලොකු වැරැද්දක් කියලා. ඒ ඔහුට තියෙන්නේ සැලෙන හිතක් නිසා. ඔහුගේ සැබෑ ජීවිතය තිබුනේ ගමේ. තාත්තගේ නැටුම් කණ්ඩායම ලග. එහෙමත් නැත්නම් සොබනී ලග. ඒත් ඔහු ආවා. ඔහුගේ වචන වලින්ම කියනවනම් වන්නාගේ දැක්ක ඒ දඬබ්බර කම නිසා.

මොහුවා සැරින් සැරේ සුන්දරගේ හිත වෙන පැත්තකට අරගෙන ගියා. වන්නා හරි හැටි තේරුම් නොගත්තත් සුන්දර මොහුවා තුලින් සිත් ප්‍රබෝදයක් වින්දා. සමහර විට ඒ සුන්දරගේ හිතේ ඇති වුන සැබෑම ආදරය වෙන්න ඇති. වන්නාටත්, සොබනීටත්, ලාලිත්‍යාටත් වඩා මොහුවාට සුන්දර සැබෑවින්ම ප්‍රේම කරන්න ඇති. මොහුවාගේ වර්ණ සුන්දරගේ ජීවිතේ ඇතුලටම කිදා බැහැලා තිබ්බේ අන්න ඒ නිසා වෙන්න ඇති.

වන්නා, සුන්දර පවුල් ජීවිතය රටේ ජීවත් වෙන අනෙකුත් ජනප්‍රිය පුද්ගලයන්ගේ ජිවිතය මෙයයැයි කියන්න පුළුවන් තරමේ එකක්. බාහිරට ඔවුන් තරම් සුන්දර ඔවුන්ගේ නැටුම තරම් සුන්දර දෙයක් අනිත් කිසිම කෙනෙක් දකින්න උත්සාහ නොකරාවි. වන්නා සැරින් සැරේ හිතුවක්කාරව තමන්ම නිරමාණය කරපු සුන්දරව යපටපත් කරද්දිත් ඔහු ඒ හැම දෙයක්ම ඉවසාගෙන හිටියේ මුදල් පස්සේ දුවන්නේ ඇය මිසක් ඔහු නොවන නිසාවෙන් වෙන්න ඇති.

" තොවිලයක් නටලා, පෙරහැරේ නටලා ගමේ හිටියනම් මං මීට වැඩිය දහස් වාරයක් සතුටින් ඉන්නවා."

" ඉතින් තොවිලයක් නටාගෙන ඉන්න තිබුණනේ. මං තමුසෙව ලොකු නැට්ටුවෙක් කල එකයි වැරැද්ද"
පිටුව 207

නර්ථනය කලාවක්. ඒත් අද ඒකට හොද මිලක් තියෙනවා. කුල, පරම්පරා කොහොම වෙතත් මේ හැම දෙයක්ම අතරේ දුවන්නේ සල්ලි. ජනප්‍රියත්වය. මාර්කටින්. තරගකාරීත්වය හැම බැඳිමක්ම ඈතට ඇදලා දානවා. වන්නාටත් සුන්දරටත් වුනේ අන්න ඒකමයි.

ප්‍රසංග, විදෙස් සංචාර, නව නිර්මාණ ඇතුලේ හිර වුන නර්ථන ශිල්පීන් ශිල්පිණියන් ගැන ඇති වුනේ කණගාටුවක්. ඇත්තටම ඔවුන් හිර වෙලාද, එහෙමත් නැත්නම් හිර කරලද? ඇත්තටම කවුරුත් කැමති නෑ තමන්ගේ රණ් අශ්වයව පිටතට දෙන්න. එහෙම නැත්නම් ඔහුට නිදහසේ යන්න අරින්න. ඒක තමයි මේ නර්ථනය ඇතුලේ හැංගුන කටුක ඇත්ත.

" මොකද්ද සර් හිර ගේ?"
" නිදහසක් නැතුව නටන එක හිර ගෙදර වැටීමක් නෙමෙයිද?
පිටුව- 240

***

සුමිත්‍රා රාහුබද්දයන්ගේ තුරු සමුදා නව කතාව නර්ථනය, නර්ථන කණ්ඩායම් හා ඒ වටා ගෙතුන කතාවක් කියලා මම කොහෙත්තම හිතුවේ නෑ. ඒක වෙනස්ම මානයක්. සාම්ප්‍රදායක කතා ශෙයිලියෙන් ඈත් වුන වෙනස්ම මානයක්. බොහෝමයක් නර්ථන දැක තිබුනට නර්ථනය ගැන අල්ප මාත්‍රයක දැනුමක් නැති මට මේ නව කතාව මුලින් ඔළුවට දා ගන්න ටිකක් අමාරු වුනා.

වන්නා, කිවිඳාව කොළඹ අරන් එද්දී හිතුනේ මේ කරන්නේ වැරැද්දක් කියලා. ඒත් වන්නාට අරමුණක් තිබුනා. ඒ අරමුණට යන්න පාර වුනේ කිවිඳා, එහෙමත් නැත්නම් සුන්දර. ඔවුන් ඒ ගමන ගියා. කිවිඳාගේ පැත්තෙන් ඔහු කවදාවත් බලාපොරොත්තු නොවුන තැනකට ඔහුගේ ජිවිතය අරන් එන්න වන්නාට පුළුවන් උනා. ඒත් ඒ ගෙනාවේ සතුට විතරක්ම නෙමෙයි. කතාව පුරාම සුන්දරගෙන් දැක්ක ඒ ඉවසීම නොවෙන්න වන්නාට කිසිම දවසක ඒ අරමුණට ලගා වෙන්න හිතන්නවත් බැරි වෙයි. ඒත් හැම දේකම අන්තයක් තියෙනවා. සුන්දර යන්න ගියා. ඇත්තටම මමත් බලාගෙන හිටියේ ඒ දේ කොයි විදිහට සිද්ද වෙයිද කියලා.

'තුරු සමුදා' බොහොම නිදහස් මනසකින් කියවගෙන යන්න පුළුවන් කතාවක්. ඒ වගේමයි කතාව කියවන් යද්දී අප වටා ඉන්න අපි දන්නා හඳුනන නැට්ටුවන් එක්ක කතාව හිතින් ගැලපුවේ මම විතරක්ම නෙමෙයි වෙන්න ඇති කියලා මම හිතනවා.  මොකද කතාව අපිව එහෙම හිතන තැනට අරගෙන එනවා. 



විශේෂයි : මා විචාරකයකුවත් මෙය විචාරයක්වත් නොව. පොත කියවා අවසානයේ හිතට ආ හැඟීම් පමණි.

20 comments:

  1. පොත හොයාගන්න ඕනේ කියවන්න. ලිපියේ අදහස් අනුව පොත හොදයි වගේ...

    ReplyDelete
  2. Replies
    1. පොතක් නේද අයියණ්ඩි

      Delete
  3. විස්තරය ලස්සනයි ...

    ReplyDelete
  4. පොත කියවලා නෑ..
    අහුඋනොත් කියවනවා..
    එතකොට මේ කමතක් වේවි


    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. පොත ගත්තත් කියව ගන්න වෙලාවක් නැහැ, පොත කියවලම ඉන්න ඕන. දැනට තියෙන එකම විසඳුම කාලයත් එක්ක කලවමේ පොත් කියවන එක තමා, එක හරිම අපිළිවෙලයි, එත් එක්කකාරී වින්දනයක් වෙනුවට එකවර ෆැන්ටසි ගොඩක අතරම වෙන්න හොඳ පොටක්, ඒ ෆැන්ටසි යථාර්තයට කොතරම්ම සමීපද කියල තෝර බේර ගන්න වෙනවා. ජය. සෑහෙන්න නිහැඬියාවකට පස්සේ නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා පෙන්න නැත්තේ ? සොමියෝ ....

      Delete
    2. අනේ නිහිංසා අක්කලාගේ පැත්තට එන්නම බැරි උනා අක්කේ, රස්සාවයි වැඩිදුර ඉගෙනීම් වැඩි එක්ක හිර වෙලා ඉන්නේ, යන්තම් කවි දෙක තුනක් කුරුටු ගා ගත්තා. එච්චරයි අක්කේ. අක්කලට අපිව මතක එකටත් සතුටුයි. ජය වේවා අක්කේ.

      Delete
  6. අන්න පොත ගන්ට ඕනා

    ReplyDelete
  7. පොත නම් කියවලා නෑ.. බලන්න ඕනේ හොයා ගන්න.

    පොතට එහා පැත්තේ තියෙන දේත් විශේෂයක් තියෙනවා වගේ... :)

    ReplyDelete
  8. පොත කියවන්න තරම් ලොකු හැගීමක් ඇති වුන .... දිනේෂ් .... ජිවිත යථාර්ථ හරිම සංකීර්ණයි..දුක්ඛිතයි.... එකිනෙකට වෙනස් ....

    ReplyDelete
  9. පොත හොයාගන්න ඔන් දිනේෂ් අයියා. පොත් ගැන නැවුම් විදිහට ඉගි කරනවට ස්තුති

    ReplyDelete
  10. දිනු සමුදා
    පොත කියවා
    දුනි මෙලෙසා
    දැක තුටිනා

    ReplyDelete
  11. හැගීමයි වටින්නේ.... පොත ලස්සනට අැති...... සුමිත්‍රා රාහුබද්දගේ පොතක්නේ....

    ReplyDelete
  12. පොත කියෝල නෑ දිනේශ්... විස්තරය ලස්සනයි...ලියමුද කෙටි කතාවක්?

    ReplyDelete
  13. මේ පොත කියවලා නම් නෑ දිනේෂ්.අරගෙන කියවලම බලමු.

    ReplyDelete
  14. තුරු සමුදා පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා විතරයි.. කියවන්න බැරිඋනා.. මේක කියෙව්වම කියවන්න ආස හිතුනා.. ස්තුතියි..

    ReplyDelete
  15. කියවලා නැති පොතක්.ආසයි කියවන්න.එත් මේ දවස් වල කියවන්න තියෙන වේලාව සීමාසහිත වෙලා තියෙන්නේ.

    ReplyDelete
  16. අයියේ ඇත්තටම මේ පොතෙන් රසවින්දනයක් වගේම දැනුමක් ගන්නත් පුළුවන්..ඇයි ජීවිතාවබෝධයක් ගන්නත් පුළුවන්...මම ආසම පොත් ලයිස්තුවේ මේකත් එකක්

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්