Wednesday, 30 September 2015

අසහනය

සියුම් කටු තුඩගින් කීප වරක්ම මා ඇගේ නිරුවත් පියයුරු වලට ඇන්නෙමි. මුව වසා තිබු ආවරණය නිසාම ඇගේ කෑ ගැහිල්ල පිටතට නොඇසුනත් විශාල වූ ඒ දෑස් මතින් ඇගේ ඒ වේදනාව මම දුටිමි. එය මට මහත් ආශ්වාදයක් විය. ඒ නිසාම තවත් කීප වතාවක්ම ඒ අයුරින්ම මා ඇයට වේදනා දුන්නෙමි. කටු තුඩැගි වල පහරින් ගලා ආ රුධිරය ඇගේ නාඹිය තෙක් ගලා විත් තිබිනි. දකුණතේ අත් ආවරණ ගලවා දැමු මා ඇගිළි තුඩු අතරට ඇගේ ගලා ආ රුධිරය ටිකක් තවරා ගතිමි. ඊලග මොහොතේ එය නතර වුනේ මගේ දිව අගය.

වේදනාව මෙන්ම භයද කැටිවුන දෑස් වලින් ඈ මා දෙස බලා සිටිනු මා දුටිමි. මා ඇගේ මුහුණ දෙසට මදක් නැඹුරු වීමි. ඇගේ දෑස් වල රැදුන බිය ක්‍රමයෙන් වැඩි වන අයුරු මා බලා සිටියෙමි. සෙමින් ඇගේ නළලතේ සිට කම්මුල් දක්වා මගේ අතැගිලි ඇගේ මුහුණට තද කලෙමි. විමතියෙන් පිරී ගිය දෑස් වල තිබුනේ මා ඊලගට කරන්නේ කුමද්ද යන භය විය යුතුය. ඒත් ඒ දෑස් වල කඳුළු මා නොදුටුවෙමි.

ඇගේ මුහුණ දෙසට නැඹුරු වූ මා ඈ සමග සිනාසීමි. දෙනෙත් පියාගත් ඈ මගේ ග්‍රහණයෙන් ඇගේ මුහුණ ගලවා ගන්නට යෙදී සිටියේ අසාර්ථක උත්සයකය. මා තවත් තදින් ඇගේ මුහුණ මිරිකුවේ හිස් කඹල කුඩුවී යන තරම් වේගයකිනි. ඒ වේදනාව මා ඇගේ ඇස් වලින් දුටිමි. ඊලඟ මොහොතේ ඇගේ අැස් පියවී ගියේ වේදනාවෙන් ක්ලාන්ත වන්නට ආසන්නයේ බව දුටු මා ඇගේ මුහුණෙන් අත ඉවතට ගතිමි. ඒ ඈ තවත් වේලා මෙසේ සිටිය යුතු නිසාවෙනි.

මා, අඩවන්ව තිබූ තිර රෙදි තරමක් විවර කලෙමි. යන්තමින් ආලෝකයක් කාමරයට වැටෙන්නට ඉඩ සලසා දී විදුළි බුබුළු කීපයක් නිමා දැමුවෙමි. දීප්තිමත් ආලෝකයක් නැතත් ඇය ගැට ගසා සිටි මේසය දැක ගන්නට තරම් එය බොහෝ සෙයින් ප්‍රමාණවත්ය. මා යලිත් වරක් ඈ ලගට ලං විමි.
තවමත් ඇය සිටියේ සිහිසුන්වය. එය මවා පෑමක් නොවන බව පැහැදිලිය. ඇගේ සිරුර තුලින් ගලා ගොස් වියලුන ලේ පැල්ලම් මෙන්ම තවමත් කැටි නොගැසුන ලේ පැල්ලම් ඈ තව පැය කිහිපයකට සිහිසුන්ව හිදින බැව් තේරුම් කිරීමට සමත්ය. ඒ නමුත් මම මගේ වෙද නලාව ගෙන ඇගේ තත්වය පරීක්ෂා කර බැලිමි.

අඬ අඳුරේ තිබුන පුටුවකට බරවී මා හිද ගතිමි. ඒ ආලෝකයට වඩා අඳුරට මා බොහෝ සෙයින් ඇලුම් කල බැවිනි. ඊටත් වඩා ඇගේ නිරුවත් සිරුරේ ආශ්වාදය විදීමට මට තිබූ වුවමනාව නිසාය. ලෙයින් හා දහඬියෙන් මුහුව තිබු ඇගේ සිරුර මත පෙර නොදුටු සුන්දරත්වයක් මා රිසිසේ ආශ්වාදය කලෙමි.

***
" හාර්ඩි."

බලාපොරොත්තු විරහිත හඬකින් මා වටපිට බැලිමි. ගැට ගසා සිටි මේසයේ හිදි ඇයත් අඳුරට මුවාවි සිටි මාත් ඇරෙන්න වෙනත් කිසිවකුත් අප අතර නොවීය. වාඩි වී හිදි පුටුවෙන් නැගිට ඈ අසලට මා සෙමින් ගමන් කලෙමි. ඒ, ඇය තවමත් සිහිසුන්ව දැයි දැක ගැනීමේ අරමුණිනි.

ඇය තවමත් පෙර පරිදිය. කිසිම විටක ඈට මගේ නම දැන ගැනීමට හැකියාවක් නැතැයි මා දනිමි. අඩක් විවර කල තිර රෙදි මා යලි සම්පූර්ණයෙන්ම වසා දැමිමි. අඳුර මුළු කාමරයම යලිත් වසාගත් අතර දැල්වී තිබුන විදුළි බුබුළු දෙක තුන කළාමැදිරි එළියක් සේ දිස් විය. මා යලි හැරුණේ විදුළි බුබුළු දල්වන අරමුණිනි. නමුත්,

" මරීයා."

මට ඉබේම කෑ ගැසිනි. ඈ එක එල්ලේම බලාගෙන සිටියේ මා දෙසය. ඈ හැදගෙන සිටි බිම ගෑවෙන තරම් දිගු සුදුපැහැ ගවොම මට ආගන්තුක එකක් නොවේය. නමුත් උරහිසින් පහළට වන තෙක් දිගු වූ ඇගේ කෙස් කළඹ මට තරමක් ආගන්තුකය. විනාඩි කිහිපයක ඇති වු නිහැඬියාව අපිට අප දෙස ඇති තරම් බලාගෙන ඉන්නට තරම් ප්‍රමාණවත්ය.

" මේ කවුද?"

ඈ හෙමින් ලන් වූයේ මේසය මත ගැට ගසා තිබූ තරුණිය දෙසටය. අපි අතර ඈ සිටි බවක් මතකයට නැගෙන්නට බොහෝ කාලයක් ගත වී තිබුනේය.

" ක්ලැරා."

ඇයද හෙමින් ඒ නම මුමුණනු මට ඇසිනි. ක්ලැරාගේ මුහුණ වෙතට නැඹුරු වු ඇය නළලතට වැටි තිබුන කෙස් රොදක් සකසන දෙස මම නිහඬවම බලා සිටියෙමි. ක්ලැරාගේ නිරුවත් සිරුර හෙමින් අතැගිලි වලින් පිරිමැද්ද ඇය මොහොතක් දෙකක් එහි සුන්දරත්වය වින්දාදැයි සැකයෙන් මම ඈ දෙස බලා සිටියෙමි.

" හාර්ඩිව අඳුනනවද?"

ක්ලැරාගෙන් ඈත් වුන ඈ මගෙන් විමසීය.

" නැහැ."

" මං වගේමද?"

එවර ඇගේ ස්වරයේ තිබුනේ ශෝකාකූල බවකි.

" ඔව්."

ඇගේ මුහුණ කලින් තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් වී ගොසිනි. ඒ හැඟීම මට තේරුම් ගැනීම එතරම් අපහසු එකක් නොවූවත් ඈ ඒ මතකයෙන් වෙලේවි යැයි මා කිසිසේත් බලාපොරොත්තු නොවුනෙමි. ක්ලැරාගේ නිරුවත් සිරුර ලඟින් ඈත් වුන ඈ වසා තිබු තිර රෙදි අතරින් ජනේලයෙන් එපිට බලාගෙන හිටියේ හැඟීමකින් තොරවය.

මා ඈ දෙසට මදක් ලං වීමි. ඇගේ සුව‍ෙඳෙහි එදාට වඩා බොහෝ වෙනස් කම් අද ඇතත් මා ඈට ලංවී සිට ගතිමි. ඇගේ උරහිසින් අල්ලන්නට මට වුවමනා වූ මුත් මා ඒ අදහස අත් හලෙමි. ඇගේ නිහැඬියාව නිමා වන තෙක් ඈ දෙසම බලා ඉන්නට මා සිතා ගත්තෙමි.

" එයාට යන්න දෙන්න."

බොහෝ වේලාවකට පසු ඈ මා දෙසට හැරෙමින් පැවසීය.

" බැහැ."

මා යලි ඇයට පිළිතුරු දුන්නෙමි. මගේ පිළිතුරෙන් ඈ කිසිලෙසකවත් සෑහීමකට පත් නොවන බව දැන සිටිමුත් ඇගේ අදහස ප්‍රතික්ෂේප කරනවා හැර වෙනත් අදහසක් මගේ සිත තුල නොවීය. ඇගේ මුහුණේ තිබුනේ බලාපොරොත්තු විරහිත හැඟීමකි.

මා පියවරක් දෙකක් ඇගෙන් ඉවතට ඇවිද ගියෙමි. මේසය මත ගැට ගසා, තවමත් සිහසුන්ව හිදින ක්ලැරා දෙස එක් බැල්මක් පමණක් හෙළුවෙමි. ඒ, මගේ හිත මගෙන් වෙනස් වේයයි වූ භය නිසාවෙන්ය.

" එයාටත් මෙහෙම දෙයක් වෙන්න ඕන නෑ."

මට ඈතින් ඇය පවසනු ඇසිනි. කෝපයෙන් වුනත් එය සඟවාගෙන මම ඈ දෙසට හැරුනෙමි. ඈ බොහෝ සෙයින් වෙනස් වී සිටියාය. පිළිවෙලකට උරහිස දක්වා පීරා තිබුන ඇගේ කොණ්ඬය අවුල් වී ගොසින්ය. නළලතේ හා කම්මුලේ ගලා යන ලේ බිදු ඇගේ දෙපා ලඟට වැටෙන අයුරු මා දුටිමි. දම්පැහැ ගැන්වුන ඇගේ මුහුණ කලින් තිබුන සුන්දරත්වය ඇගෙන් බොහෝ දුරට උදුරාගෙනය. මඩ වී ගිය, තැනින් තැන ඉරුණු සුදු ගවොම ඇගේ සිරුරේ රැදී තිබුනේ යාන්තමිනි.

මා, මගේ මගේ දෑස් වසා ගත්තෙමි. යලිත් කිසිම දවසක නොදකින්නට ප්‍රාර්ථනා කල ඒ දසුන අවාසනාවකට මෙන් මගේ දෑස් ඉදිරියේ මැවී අවසන්ය. මට තවත් ඒ දෙස බලා සිටිමට උවමනාවක් නොවිනි.

" එයාට යන්න දෙන්න."

අඳුරත් පාළුවත් අතරින් ඒ වචන දෝන්කාර දෙන අයුරු මට ඇසිනි.

***
මා දෑස් හැර බැලිමි. විවර කල තිර රෙදි අතරින් කාමරයට ඇතුළු වුන ආලෝකය අඩුවී ගොසිනි. මේසය මත ගැට ගසා සිටි ඇය තවමත් එලෙසින්මය. වාඩි වී හිදි පුටුවෙන් නැගිට තිර රෙදි යලිත් වරක් වසා දැමුවේ ඈ වෙතට යාමේ අරමුණිනි. හෙමින් ඉහල පහල යන ඇගේ නිරුවත් ළැම දෙස මා මොහොතක් බැලීමී.

ඇගේ පාදයේ සිට ළමැද තෙක් මගේ ඇඟිලි ගෙන ආවේ බොහොම සෙමිනි. එය ඇයට සමහර විට නොදැනෙනවා විය හැක. ඈ ගැට ගසා සිටි මේසයට එහා පැත්තේ තිබු සැත්කම් පිහිය මා අතට ගතිමි. තව බොහෝ දේ ඉතිරිය. ඇගේ කම්මුල් මොහොතක් පිරිමැද සැත්කම් පිහියද ගෙන මම ඇගේ කළවා දෙසට නැඹුරු වීමි.


නිමි......

56 comments:

  1. මේ දේවල් උඹට කොහේන් එනවද කියලා මම අහන්නේ නෑ, මේ ආකාරයෙන් මනෝභාවයන් අකුරු කිරීම නම් ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි කියලයි මමනම් දන්නේ , ඒ අතින් උඹට තියෙන හැකියාව අති විශිෂ්ට එකක් .

    ඔව් ... එයාට යන්න දෙන්න .....

    උඹ හැබෑ දක්ෂයෙක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නිකන් ඉන්න වෙලාවට ඔළුවට එන පොඩි අදහස් තමයි බං ඉතින්.. බොරු කියන්නේ මොකටද ලියන්න ගත්ත විදිහ ටිකක් වෙනස් හන්දා මේක නම් වෙනදා තරම්ම ලේසියෙන් නම් නෙමෙයි ලිවුවේ..

      Delete
  2. OMG…:O
    ඇඟ හිරිවැටෙනවා මේ ලියන ඒවා කියෙව්වාම. හරිම සියුම් විදියට, සංයමයකින්, කුතුහලයත් තියාගෙන කතාව ලියාගෙන ගිහින්. හැම තිස්සෙම හිතන්ට යමක් ඉතුරු කරන ලියවිල්ලක්.

    ඔයා හැබෑම දක්ෂයෙක් දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. මට කෙනෙක් නම් කිවුවේ මේ කතාව ගෑල්ලමයි කියවන එකක් නෑ කියලා.. පොඩ්ඩි අක්කා මහ රෑම කියෝලනේ.. හොද ළමයෙක්නේ බලාගෙන යද්දී..

      තැන්කිවු තැන්කිවු අක්කේ..

      Delete
  3. සුපුරිම සුපිරි දක්ෂතාවයක් මචං උඹට තියෙන්නේ.
    අපි පෝස්ටි එකක් ලියනකොට වැඩකට නැති වචන ගොඩයි එකේ.ඒවා අඩුවුනා කියලා ප්‍රශ්නයක් නැ.ඒත් මෙකේ අහකදාන්න කියලා වචනයක් නැ.
    ආසාවෙන් එක හුස්මට කියවගෙන ගියා මෙ කතාව

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      මගේ අනිත් කතා එක්ක බලද්දී නම් මේක කෙටි වැඩියි.. දිගට ලියන්න ඕන උනත් මේ කෙල්ලෙක්ට වද දෙන ඒවා ටිකක් විස්තර කිරීම සමහර තැන් වලදී හරි අමාරුයි බං.. තේරෙනවනේ ඉතින්..

      Delete
  4. මේක නිකං රුසියන් කතාවක් වගේ කියවගෙන යද්දි මට දැනුනේ..මං අදහස් කලේ ඉස්ටයිල් එක..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  5. අන්තිම හරිය කිය්වද්දි Hostel ෆිල්ම් එක මතක් උනා. නියමයි දිනේශ්....

    ReplyDelete
    Replies
    1. හොරර් ෆිල්ම් ආකෘතියට එන්න හිතාගෙන තමයි ලිවුවේ.. ඒ තරම්ම ආවද නැද්ද කියන එකනම් ඉතින් කියවන අය තමා දන්නේ..

      Delete
  6. කියන්න දෙයක් ඉතුරු නෑ දිනේෂ් අයියේ. ඇඟ හිරි වැටිලා යනවා කියවද්දී

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      වර්ණයට සාදරයෙන් පිළීගන්නවා..

      Delete
    2. නම පොඩ්ඩක් වෙනස් කෙරුවාට දිනේෂ් අයියාගේ බ්ලොග් එක අලුත් තැනක් නෙවේ අපිට

      Delete
  7. බිහිසුනු අත්දැකීමක් ලැබුවා වගේ වුනා දිනේෂ් ඇත්තටම ලේඛනයෙන් ලැබුන අපූරු වින්දනය හරිම ඉහළයි

    ReplyDelete
    Replies
    1. ඒ හැඟීම දැනුන එක ගැන ඇත්තටම සතුටුයි..

      Delete
  8. මට බෑ යකූ රෑට හීනෙන් බය වෙන්න
    ටෙරිබල් සිටුවේසොං එකක්

    ReplyDelete
    Replies
    1. මොනාද බොල.. ලැජ්ජාවේ බෑ..

      Delete
  9. Replies
    1. එහෙම අයත් මිනිස්සු අතර ඉන්නවනේ අයියේ..

      Delete
  10. ඇත්ත සිද්දියක් කියවද්දි වගේ ඇග හිරිවැටුනා.
    අයියා ඇත්තටම මෙහෙමේ අදහසක් මේ තරමට ගලපලා ලියන්න පුලුවන් එක නම් ඇත්තටම පුදුම දක්ශ කමක්.
    අයියගෙ "තවත් එක අමුත්තෙක්" පෝස්ට් එකයි "තාත්තා" පෝස්ට් එකයි හරිම ලස්සනයි අයියා.

    අනිත් පෝස්ට් නුත් ලස්සනයි. අර දෙක විශේශයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. එක පාර සෑහෙන්න කතා ටිකක් බලලා වගේ..

      Delete
    2. ඔව් අයියා හුග කාලෙකින් අවා නිසා පරන ටිකත් බැලුවා. තව ඔක්කොම කතා ටික කිය්වගන්න වේලාවක් තිබුනෙ නෑ. ඒ ටිකත් බලන්න ඕනෙ

      Delete
  11. හිතට දැනුන දේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම්... විශිෂ්ට ගනයේ නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. පුළුවන් විදිහට කියලා දාන්නනේ තිබුනේ..

      තැන්කිවු වේවා..

      Delete
  12. මාරයි බං. උගුර කට වේලිලා යන්න නියමෙටම ලියල තියෙනව උඹ.

    හැබැයි අන්වර්ත නාමයක්වත් පාවිච්චි කොරපන් මෙව්වා ලියද්දි. නැත්තන් බොට ලංකාවට එන්න වෙන එකක් නෑ ආයෙ. මෙහෙ ඉන්නවා වලස්සුන්වත් හාවො කරන්ඩ දක්ස පොලීසියක්.

    ReplyDelete
    Replies
    1. කෝපි ජුන්ඩක් වත් බීපම්.. හෙහ් හෙහ්,,

      අනේද කියන්නේ, උඹ මාව හොදට අඳුනනවා කියලා කියන්නත් එපා.. නැත්නම් උඹට ගහලා මගේ නම කියවා ගනිවී.. අපි දන්නේ නෑ..

      Delete
  13. ලිවිල්ල මාර සජීවියි...

    ReplyDelete
  14. හපොයි මට තවමත් කලන්තේ වගේ. ඔබ හැබෑම දක්ෂයෙක් දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. දැන් යහතින් ඇතැයි සිතමි..

      තෑන්ක්ස් බං..

      Delete
  15. උඹව ළඟදීම ලංකාවේ පොලිසියෙන් උස්සනවා ෂුවර්!

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා බං.. මම එන්නේම නැතුව ඉන්නම් එක්කෝ..

      Delete
  16. ඇත්තටම අපූරු ලියැවිල්ලක්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  17. චිත්‍රපටියක් බැලුව වගේ...... BDSM

    ReplyDelete
    Replies
    1. තව කොටස් ටිකක් එක්තු කරානම් චිත්‍රපටියක හැඟීමම එන්න තිබුනා.. ඒත් ලියන්න නිකන් මොකද්ද මොකද්ද වගේ හිතුන හන්දා නොලියා හිටියා..

      Delete
  18. මට මතක් උනේ එඩ්ගා ඇලන් පෝ. මේ වගේ ලියන්න හිටියෙ උන්නැහැ විතරයි. වෙරි ක්‍රීම් ක්‍රැකර් දිනේශ්... වෙරි ක්‍රීම් ක්‍රැකර්...!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ, සෑහෙන්න සංතෝසයි.. ගොඩක් ස්තූතියි..

      Delete
  19. ෆිල්ම් එකක් වගේ
    ජයවේ දිනේශ්!

    ReplyDelete
    Replies
    1. මිස්ටර් බීන් ෆිල්ම් බැලුවා වගේ නෙමෙයි නේ මේක බැලුවේ?

      Delete
  20. මෙච්චර ලස්සනට ලියන්න කොහොම අදහස් ගලාගෙන එනවද මන්ද ..හැමදාමත් වගේ කතාවේ අන්තිම වෙනකන්ම පොඩ්ඩක් වත් රසේ වෙනසක් නැතිව ලස්සනට ගලාගෙන යනවා..ඇත්තටම short film එකක් බැලුව වගේ තමා :)

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් ඒක මට සතුටක්..

      බ්ලොග් කාරයෝ තුන් දෙනෙක් අල්ලන් ඕනනම් මේක කරන්න තිබ්බ හැබැයි..

      Delete
  21. පිස්සු හැදෙනවා සහෝදරයා......... පට්ටයි කියන්නේ පට්ටම පට්ටයි.................

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු මචං...

      Delete
  22. ගන්ජයි කුඩුයි එකසැරේ ගහන්න එපා. එතකොට මේ වගේ මඤ්ඤං ඔලුවට එනවා ඒවා ලියනවා. මේවා කියවන එවුන් අපචාර කරන්න හිතනවා. ඊළඟට කරනවා. තමුසෙලා තමයි නියම අපරාධ කාරයෝ.

    ReplyDelete
  23. හාපෝ................උඹ හරිම වලෙක්. අපිත් නරක්වෙනවා. මම ඇස් වහගෙන කියෙව්වේ.

    ඒ කාලේ සිරිගුනසිංහ ලිව්වේ මේ වගේ එව්වා තමා. බටහිර කාම කතා සෙවනැල්ලක් පෙනෙනවා.

    තුඩැගි කියන වචනය වැරදියි. තුඩු අග්ගිස් කියන තේරුම ගන්නද ලිව්වේ? නාඹිය, රැදුන, අතැගිලි, වගේ වචන වල අක්‍ෂර වින්‍යාසය නිවැරදි කලොත් හොඳයි. සඤ්ඤක අකුරු වරද්දන්න එපා.

    සරළ සිංහල යෙදුම් අමතක කරන්න එපා.

    //මම ඈ දෙසට හැරුනෙමි// එතන හරි.

    එහෙනම් ඇයි මෙහෙම ලිව්වේ?

    //මා යලි ඇයට පිළිතුරු දුන්නෙමි//

    //ඈ මා දෙසට හැරෙමින් පැවසීය// පැවසුවාය වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  24. ඒක අමුතු කතාවක් චිත්ත රෑප මැවෙනවා බං..උඹ දක්ෂයා

    ReplyDelete
  25. ගොඩක් ලස්සනයි. මවල පෙන්වනවා.
    ඔයාගේ හැකියාව ගොඩක් විශේෂයි.
    ජයෙන් ජය...

    ReplyDelete
  26. කණගාටුයි, මුල් ඡේදයෙන් පසු කියවන්න හිතුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. සහතිකවම.. මාත් නැවැත්තුවා...

      Delete
    2. හ්ම්ම් මමත් :(

      Delete
  27. බය හිතෙනවා අප්පා මේවා කියවද්දී......

    ReplyDelete
  28. උඹ නං මාර කතා කාරයෙක් දිනේෂ් සහෝ.... මේ හැකියාව හැමෝට ම නැහැ...... මේවා කොහෙන්ද ඒන්නේ... කොහෙද මේ වචන සහ අදහස් ස්ටොක් කරලා තියෙන්නේ...??? සුපිරියි

    ReplyDelete
  29. ithin maranawada e lamayawa????

    ReplyDelete
  30. This story is mind blowing and it's head over heels !!!! Ur a real genius with scary imagination...dinesh I wish you a bright future with ur talents...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්