Tuesday, 8 September 2015

හොල්මන් හෝටලය / Hotel Del Salto



මම කලින් දවසේ ලිවුව පෝස්ට් එක කියෙවුවට ඒක ඇතුලේ කතාව හුඟක් දෙනෙක්ට තේරුණේ නෑ මම හිතන්නේ. හරි ඒකට කමක් නෑ. ඒ කතාවට පසුබිම් වුන එක්තරා කතාවක් තියෙනවා. පොරොන්දු උන විදිහටම ඒ ගැන කියන්නයි අද හිතුවේ. නිකේතනයට ආව අමුත්තට සදළුතලයේදි හමුවන්නේ එයා වගේම මීට කලින් නිකේතනයට ඇවිත් සියදිවි නසා ගත්ත අමුත්තෙක්. එයාගේ වචන වල තියෙන පෙළබීම හන්දයි මගේ කතාවේ කතා නායකයත් අවසානයේ පියාපත් හොයාගන්න එහෙම නැත්නම් නිදහස කියන මායාවේ පැටලිලා සියදිවි නසා ගන්නේ.

හරි කතා සාරාංශය ඕකයි. මට ඔය පසුබිම් කතාව ලැබුනේ මුහුණුපොතේ සැරිසරද්දී. අපි ඉතින් අර වෝල් එකේ උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි යන සෙට් එකට අයිති හන්දා මේ වගේ දේවල් මඟ ඇරෙන්නේ නෑ. හරි හරි අනවශ්‍ය කතා අනවශ්‍යයි. මෙන්න මෙහෙමයි පසුබිම් කතාව.

මේ දිය ඇල්ල සහ නිවාඩු නිකේතනය පිහිටලා තියෙන්නේ කොලොම්බියාවේ. හොටෙල් ඩෙල් සාල්තෝ Hotel Del Salto තමයි මේ නිකේතනයේ නම. ඒ වගේම තමයි දිය ඇල්ල හදුන්වන්නේ ටෙකියුන්දාමා Tequendama Falls කියලා. 


කොලොම්බියාවේ බොගෝටා නගරයේ ඉදන් සැතපුම් 20ක් නිරිත දෙසට සංචාරය කරද්දී තමයි අපිට මේ Tequendama Falls හමුවෙන්නේ. මෙය බොගෝටා කියන ප්‍රදේශයේ ඉමහත් ජනප්‍රියත්වයක් ඇති තැනක් විදිහටයි සැලකෙන්නේ. මේ නිකේතනය හා බැදුන අතීත කතා නිසා වගේම එය මේ පරිසරය හා කාලයක් එක්ක මුහුවෙන්නට දරපු වෑයම නිසාම තමයි මේ නිකේතනයට මේ තරම් ජනප්‍රියත්වයක් හිමි වෙලා තියෙන්නේ.

නිකේතනය වෙත ගමන් කිරීමට නම් ඇන්ඩීස් කඳු මාර්ගයෙන් බොගොටා Bogota සිට මෙසිටස් ඩෙල් කොලේජියෝ Mesitas del Colegio  දක්වා මෝටර් රථයකින් හෝ බසයකින් ගමන් කරන්න වෙනවා. මේ මාර්ගට වැටිලා තියෙන්නේ දර්ශණිය බොගෝටා ගඟ සමීපයෙන්මයි . ගමනේ ආරම්භගේ ගඟ අවට ප්‍රදේශයන් අධික ලෙස ජල දූශණයන්ට ලක් වුන පෙදෙස් උනත් ක්‍රමයෙන් ඇන්ඩීස් කදු මුදුනේ අඩි 515ක උසට ලගා වෙත්ම එය මනස්කාන්ත ඇල්ලක් බවට පරිවර්ථනය වෙනවා.

මේ දිය ඇල්ල බැලීමට හොදම කාලය වෙන්නේ අප්‍රේල් හා මැයි මාසයන් අතර කාලයන් සහ ඔක්තෝබර් මාසය අතරේදියි. එම කාලයන් වර්ශාවන් බහුල කාලයන් වන නිසාම බොගෝටා ගඟේ ජල මට්ටම එහි උපරිමය වල අඩි 60ක උසට ලගා වෙනවා. නමුත් දෙසැම්බර් මාසය වන විට සමකාසන්න උශ්ණත්වට ලැබෙන නිසාම මේ දිය ඇල්ලේ ඒ තරම්ම සුන්දරත්වයක් විදගන්න වෙන්නේ නැහැ.

බොගෝටා නරඹන්නන් සදහා වඩාත් ජනප්‍රිය ස්ථාන වලින් එකක් විදිහට මෙමෙ හෝටලය පළමුවෙන් ඉදිකරන්නේ කාලොස් ආටුරෝ තපියස් Carlos Arturo Tapias කියන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් 1923 වසරෙදි. 1928 වසර වෙන විට මෙම හෝටලයට එකතු කෙරුනු අළුත් වැඩියාවන් එක්ක එය නිල වශයෙන් හොටෙල් ඩෙල් සාල්තෝ නමින් ටෙකියුන්දාමා ඇල්ල මත සංචාරක ආයෝජනයන් බලාපොරොත්තුවෙන් මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ වෙනවා. මෙම හෝටලට ඊට පසු වසර 60ක කාලය සාර්ථකව පැවතෙන්නේ ඒ බලාපොරොත්තු ඉටු කරමින්.

1950 වසරේදි මෙය තට්ටු 18කින් යුත් හෝටලයක් ලෙස ව්‍යූහය වෙනස් කිරීමේ අරමුණින් නැවත් ඉදිකිරීම් ඇරඹුනා. ඒත් මේ අරමුණ ඔවුන්ට සපුරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. කෙසේ උනත් හෝටලයේ ක්‍රියාකරිත්වය කලින් වගේම පැවතුනත් නිරන්තරයෙන් දූශණය වෙමින් තියෙන බොගෝටා ගඟ නිසාම මේ හෝටලයේ මුල් ඉදිකිරීම් වලට එයින් බලපෑමක් ඇති වුනා. ඒ නිසාම 1990 මුල් භාගය වන විට මේ හෝටලය වැසී යනවා.

මේ හෝටලයේ ඊළග වසර 20 ගත වෙන්නේ අත හැර දැමුන හෝටලයක් විදිහට. එයට අළුත් හිමිකාරත්වටක් නව ආරම්භයක් ලබා දෙන්න ගත් සියළුම උත්සාහයන් අසාර්ථක වෙලා යනවා. මේ කාලය තුල මේ හෝටලයේ හොල්මන් අවතාර ඇති බවට රාවයක් මාද්‍ය මගින්ද පැතිර යනවා.



අවාසනාවන්ත ලෙස මේ හෝටලය තුල සියදිවි නසා ගැනීම් කීපයක් වාර්ථා වෙනවා. මේ පලාතේ තියෙන පුරාවෘතයන්ට අනුව මෙහි වාසය කල මුයිස්කා ඉන්දියානුවන් Muisca Indians ස්පාඤ්ඤ හමුදාවේ ආක්‍රමණයන්ගෙන් බේරෙන්න මේ දිය ඇල්ලෙන් පහලට පැනලා තියෙනවා. එහිදි ඔවුන් රාජාලියකු බවට පරිවර්ථනය වී ආරක්ෂිත ස්ථාන වලට පියාසර කර ගියා කියන විශ්වාසයක් තියෙනවා. මේ මිත්‍යා කතාව මේ හෝටලය වටා වෙසෙන මිනිසුන්ගේ හිත් වලත් තැන්පත් වෙලා තියෙන නිසාම ප්‍රශ්ණ වලින් තෙරපෙන මිනිසුන් දිය ඇල්ලෙන් පහලට පැනලා තියෙන්නේ මිත්‍යා කතාවේ මෙන් ඔවුන්ට රාජාලියකු බවට පරිවර්ථනය වෙයි කියන විශ්වාසය මත ඉදන්.

මෙම හෝටලය අත හැර දැමීමත් එක්ක එහි තුල වූ වටිනා කියන ගෘහභාන්ඩ සියල්ලක්ම වගේ හෝටලයත් සමගම විනාශ වෙලා යනවා. එය කිසිවෙකුගේත් ආරක්ෂාවට ලක් නොවීම නිසාම වරක් 1920දී තේජශ්‍රීයෙන් අලංකාර වුන හෝටලය අත්හැර දැමුනු පාළු තැනක් බවට පත් වෙනවා. 


දශක කීපයක් අත්හැර දමා තිබුන හෝටලය ගැන සුබ ආරංචියක් එකතු වෙන්නේ 2011 වසරේදී. ඒ පාරිසරක ෆාම් පදනම හා ස්භාවික විද්‍යා ජාතික විශ්ව විද්‍යාලයේ කොලොම්බියානු ආයතනය එක්ව මේ හෝටලය යලි ප්‍රතිනිර්මාණය කිරීමට සැරසෙද්දී. ඔවුන්ගේ ඉලක්කය වුනේ සංස්කෘතික උරුමයන් සහ පරිසර යලි පිහිටුවීම පිළිබද ජාතික සංකේතයක් ලෙස මෙම හෝටලය කෞතුකාගාරයක් බවට පත් කිරීමයි. ඒ නිසාම ඔවුන් එක ටෙකියුන්දාමා ඇල්ල, ජෛව විවිධත්ව හා සංස්කෘතික කෞතුකාගාරය ලෙසින් නම් කරනවා.

මෙහි බිම් මහල 2013 වසරේදි ජෛව විවිධත්ව ශාලාව ලෙස විවෘත වෙනවා. දිය ඇල්ල දෙසට විවෘත වුන විශාල ජනෙල් මෙන්ම මෙහි කලින් බාවිතා කල භාන්ඩ මෙහි ඇතුලත් වෙනවා. එමෙන්ම හෝටලයේ පිටතත් නවීකරණය කරනවා. එය තව දුරටත් මුල් සේයාරූ වල දැක්වෙන දම්පැහැයෙන් මිදී සුදු පැහැයට වෙනස් වෙනවා. එය දැන් උපනිවර්ථන වළාකුළු වනාන්තර අතර කැපී පෙනෙන තත්වයට පත් වෙනවා. 


කෙසේ නමුත් මෙහි බිම් මහල් තවමත් මහජන ප්‍රදර්ශණය සදහා විවෘත වෙලා නැහැ. ඊට හේතුවත් තවමත් එහි ප්‍රතිසංස්කරණයන් සිදු වීමයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් වැය වේයැයි ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.

මේ කොහොම උනත් කාලයක් පුරා අත හැර තිබුන හෝටල වගේම අවට ජනතාව තුල මුල් බැස ගෙන තියෙන මිත්‍යා ජනප්‍රවාද බැහැර කිරීමට කිසිවෙකුත් සමත් වෙන්නේ නැහැ.  ඒ නිසාම අදටත් මෙය හොල්මන් අවතාර වෙසෙන අත්භූත තැනක් බවට විශ්වාස කිරීමට පසුබට නොවෙන පිරිස් හොයා ගැනීමට අපහසු නැහැ. ඒ අතරින් විශේෂිත වන්නේ දිය ඇල්ලෙන් පහලට වැටෙද්දී ඔවුන් රාජාලියන් බවට පත්වෙනවායැයි ඇති විශ්වාසයයි.

***

ඉතින් ඔන්න ඕකයි කතාව. ඔය පොඩි විස්තරේ දැක්කම තමයි මට අර වගේ කතාවක් ලියන්න හිතුනේ. මේ විස්තරේ ඇතමෙක්ට සිත්ගන්න සුළු එකක් නොවෙන්න පුළුවන් උනත් එදා කතාව තේරුම් ගන්න ලේසි කරන්න ඕන කියලා හිතුන නිසයි මේ ගැනත් ලිවුවේ.




53 comments:

  1. මුලින් කතාවේ එන චරිතේ සිය දිවි හානි කරගත්තා කියලා මට නම් තේරුනා. පියාපත් ඇවිත් නිදහස හොයාගන යනවා කීව එකෙන්.

    හම්මෝ පොඩ්ඩි නම් ඔය හෝටලේට යන්නේ නෑ.:P

    ReplyDelete
    Replies
    1. මොනවද අනේ.. අර වැම්පයර්ලා හොයන් යන්න පුළුවන්.. මේවා බලන්න යන්න බෑ.. අනික දැන් ඒක මියුසියම් එකක්..

      Delete
  2. මේ වගේ විස්තරයක් සිත් ගන්නෙ නෑ කියන්නෙ කොහොමද? ඇත්තටම හොඳ විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. කියන්න බෑනේ මචෝ ඉතින්..

      Delete
  3. විස්තරය නං විශිස්ටයි. ඒත් බලහං මෙහෙම දෙයක් කොහොම හිතාගන්නද කියල පහු ගිය කේස් එකත් එකක්.. නොදන්න විස්සතරයක් දැන ගත්තේ ස්තුතියි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඉතින්, මම ඒකේ වැඩිය මේ ගැන කියන්න ගියේ නෑනේ කතාව ලිවුවා මිසක.. ඊට පස්සෙයි හිතුනේ මේකත් ලිවුවනම් හොදයි කියලා..

      Delete
  4. මටත් මේ කතාව තේරුම් ගන්න අපහසු වුනේ නෑ. නමුත් මේ විස්තර ටික වැදගත්. මේ සටහනේ මුල් ටික වාර්තා වැඩසටහනකට ගැලපෙනවා කියලා හිතුනා දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  5. දිනේෂ්...................

    කතාවට සම්බන්ධයත් තේරුණා... ඊටත් වැඩිය තැන ගැන විස්තරය කියවන්න අාසා හිතුනා... හරිම ලස්සන තැනක්... මං ඒදත් අැහුවාද කොහෙද මේක අැත්තම තැනක්ද කියලා.. අැත්තට ම හරිම ලස්සනයි... අපි ඉන්න පැත්තෙත් ඔය වගේ ලස්සන කදු ගැටි අයිනේ ගෙවල් තියෙනවා.... ඒත් නාය යන නිසා බයයි... අැත්තට ම ඔය වගේ තැනක ජීවත් වෙන්න ජීවිතේ ගොඩක් හීන මැව්වා... ඒත් ඒ හීනය පස්සේ වැඩිය දිව්වේ නැත්තේ ඔය අවදානම නිසයි.....

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මට මතකයි..

      ඒක නම් ඇත්ත බං.. මෙතනය උනත් ඒ ප්‍රශ්ණය ටිකක් බලපානවා.. ඒකයි පස්සේ කාලෙක අත ඇරලම දැමුනේ. දැන් කෞතුකාගාරයක් කලා උනත් ආයෙත් ඒ ප්‍රශ්ණේට මූණ දෙන්න වෙන්න පුළුවන්..

      Delete
  6. //අර වෝල් එකේ උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි යන සෙට් එකට// ඔන්න ඔය සෙටාර් එකට මමත් අයිති නිසා යාන්තං සීන්කෝන් එක තේරුම් ගත්තා ෆොටෝව දැක්ක ගමන්. හැබැයි මෙච්චර ගැඹුරු විස්තර මට මතක තිබ්බෙ නෑ. තැන්කූ දිනේෂ් අයියේ!!

    ReplyDelete
    Replies
    1. උඹ ගැන ඉතින් මම නොදන්නවැයි..

      Delete
  7. කතාව නොතේරෙන්නේ භාෂාව අන්තිම නිසා. කියන්න තියනදේ නොකියා වැල්වටාරම් කියන නිසා. සදළුතලයට නෑවිත් සඳළුතලයට ආවනම් හරි. පෙළබීම කියන්නේ බීම ජාතියක්ද? අපිනම් දන්නේ පෙළඹීම විතරයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇනෝ ඔයා මගේ බිලොග් එකටත් ආවා නේද.මගෙත් ව්‍යාකරණ දෝෂ තමයි පෙන්නලා දීලා තිබුනේ.ඔයා පෙන්නලා තිබුන ව්‍යාකරණ දෝෂ ටිකක් මම හැදුවා.ඇනෝ කෙනෙක් විදියට නැතිව හොද සහෘදයෙක් විදියට අපිට උදවි කරන්නකො.අපි අමනාප නැ අඩු පාඩු කීවට.Ms word වල නිවරදිව මහප්‍රාණ අක්ෂර ටයිප් කලාට බිලොග් ලිපිවලදි මහාප්‍රාණ අකුරැ ටයිප් කරන්න මම නමි තවම හරියට දන්නේ නැ.මට තවම ඳ හොයාගන්න බැරිවුනා.

      Delete
    3. ඇනෝ, තැන්කිවු සහෝ අකුරු වැරදි ගැන කිවුවට..

      Delete
    4. මනෝ, ටයිප් කිරීමේ අවුල් වගේම ඉතින් අපිට අතපසු වෙන තැනුත් තියෙනවා.. ඒවා ඉතින් කියලා යන එක අපිටත් ශක්තියක්..

      Delete
    5. මචෝ අකුරු ඉගෙනගෙන වැඩේට බැහැපන් එහෙම නොකලොත් උඹ දිගටම කිච වෙනවා

      Delete
  8. පසු කතාවට පසුවදනක්. ඒ පසු වදනින් සැගව ගිය කතාවක් දැන්ගන්නට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. මටත් මේක දැක්ක හැටියේ හිත ගියා.. ඒකමයි කතාවේ අයිඩියා එක ආවෙත්..

      Delete
  9. නියම පොට් එකක හෝටලේ තියෙන්නෙ.
    හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. උමගේ බර්ත්ඩේ පාටි එක දානන් තිබුනා එතැන. ඇයි බං බය නැතිව රාජාලියේ දුසිං ගානක් බලන්න තිබුනා නේහ්.. හැක්

      Delete
    2. කියල වැඩක් නෑ බං. කොහොමද කට්ටියට වැඩි වෙලා අර පාර අයිනෙ ඉඳගෙන ඇල්ල පහලට හෝටල් දානකොට.

      Delete
    3. ප්‍රසන්න අයියේ, ඇල්ල පහල හරිය දැනටමත් දූශණය වෙලාලුනේ තියෙන්නේ ඒ හන්දා ඕක මහ ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ..

      Delete
    4. මම හිටියනම් ඉස්සෙල්ලම දේශකයව තල්ලු කරනවා රාජාලියෙක් වෙයිද බලන්න.. හෙහ් හෙහ්..

      Delete
  10. නියම විස්තරයක්...
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  11. හොල්මන් පිළිබදව නොයෙක් විශ්වාස පවතිනවා.පාලුවට ගිය තැන් ආශ්‍රිතව නොයෙක් අද්භූත දේවල් ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.විශේෂයෙන්ම හොල්මන් ඇති බව විශ්වාස කරනවා.කොහොම උනත් සමහර දේවල් තදබල මිත්‍යාවන් පමනයි.අමනුෂය දෝෂ ගැන පවතින මිත්‍යා මත මුල් කරගෙන මම ලිපි පෙලක් ලියන්නත් අදහස් කලා.ආරමිභයක් විදියට ලියපු මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා යන්නේ කට කතාවලින්.. හරියට බැළුවොත් ඕවා දැක්ක කෙනෙක් හොයා ගන්නත් නෑ.. ඒත් අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියන්න අය නම් ඉන්නවා..

      Delete
  12. කතාවට වඩා පසු කතාව එළ. ගොඩක් ආසාවෙන් කියෙව්වා...
    අපේ රටේ මිනිස්සුන්ට මිත්‍යා මත විශ්වාස කරනවා, අදහනවා කියකිය මඩ ගැහුවට ලෝකේ ඉන්න සමහර මිනිස්සු අපේ මිනිස්සුන්ටත් වඩා අන්ත මත වල එල්බගෙන ඉන්නවා නේද...?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත ලොකු අයියේ.. සමහර රටවල්, නෑ එහෙම කිවුවොත් වැරදී සමහර පොඩි ජන කොටස්, ඔය වගේ දේවල් ගැන සෑහෙන්න හිතන විශ්වාස කරන අය.. ඒවා පෙන්නලා දුන්නත් විශ්වාස නොකරන තරම් ඒ මිත්‍යා මත වලම එල්ලිලා ඉන්න අය අද කාලේ උනත් හොයා ගන්න අමාරු නෑ..

      Delete
  13. පොඩි වැඩකට හොටෙල් වගයක් සර්ච් කරන අතරේ මේක බැලුවේ.මම හොයන වැඩේට නම් මේක හරියන්නේ නැහැ පුතෝ.හැබැයි ඔය වගේ තැනක රැයක් ඉන්න නම් ආසයි.

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩකට කිවුවේ වෙඩින් එක ගන්නද නැත්නම් හනිමූන් යන්නද. හෙහ් හෙහ්..

      Delete
  14. හොල්මං ගැන මගෙ නම් විශ්වාසයක් නෑ. නමුත් මම ඔය හෝටලේ නැවතිලා ඉන්න කැමැත්තකුත් නෑ. මොකටද නිකං චාන්ස් එකක් ගන්නේ, නැද්ද දිනේෂ්?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මොකටද නිකන් කාලය නාස්ති කර ගන්නේ.. හබැයි අපාරාදේ රාජාලියෙක් වෙන්න තිබ්බ චෑන්ස් එක..

      Delete
    2. කාලෙ නාස්ති වෙන නිසා නෙවෙයි බං. හදිසියෙවත් මම වැරදියි කියලා ඔප්පු වුනොත්! :D

      http://www.housebeautiful.com/lifestyle/g2589/alfred-hitchock-spooky-places/?src=spr_FBPAGE&spr_id=1451_233269322

      Delete
    3. පට්ටයි ඩූඩයියෙ. 9 තමා 1 ට එන්න ඕනි හරිනං.

      Delete
  15. අගෙයි මචන් කතාවෙනුත් විස්තරයෙනුත් උඹ අපිව ඒ පරිසරයට සමීප කළා
    ජයවේ දිනේෂ්!

    ReplyDelete
  16. හොදින් විස්තර කරල තියෙනවා...

    ReplyDelete
  17. 1960 දශකයේ මැද භාගයේ ලංකාවේ තිරගත කළ ඩ‍්‍රැක්‍යුලා චිත්‍රපටිය, සිනමාහලේ තනිව හිඳ නරඹන කෙනෙකුට, රු 1000 ක් තෑග්ගක් (අද නම් 100000 ක් විතර) දෙන බව කිව්වත්, කවුරුවත් බැලුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ශා, මරුනේ.. හැබැයි අද කාලේ වගේ උනානම් කට්ටිය කොහොම හරි කරලා යනවා ෆිල්ම් එක බලන්න..

      Delete
  18. යකඩෝ මට මේ කතාව මිස් වුනා නෙව? එක අතකට එහෙම හොඳා, දෙකම එකට කියෙව්වා.

    සුපුරුදු පරිදි, නියමයි. හොඳට රසවින්දා

    ReplyDelete
  19. මේ කතාව දැනගන්න ලොකු උවමනාවකින් හිටියේ. මං හිතුව විදිය ටිකක් විතර හරි නේද?
    රසවත් නෑ කියන්න බෑ. මේ කතාව ඇත්තටම රසවත්.

    ReplyDelete
  20. චිත්‍රපටියක් බැලුවා වගේ. මේ පිංතූර ඔය කියන හෝටලේම ඒවද?

    ReplyDelete
  21. සක් උඹ මේක කිව්වේ අපරාදේ ?

    ReplyDelete
  22. සාමාන්‍යය ලෙසින් අපට අවශෝෂනය නොවන මෙවැනි, විවිදවත් තොරතුරු ඉදිපත් කිරීම ඉතාම වටීයි, මෙයින් අපගේ සිත් ප්‍රභෝදමත් වෙනවා...ස්තූතියි

    ReplyDelete
  23. වශී වෙනවා බං ඔහෙම සීනරීස් වලට මං. සියදිවිත් නසාගනීද මන්දා.
    අපි නොදන්න බලවේග තව මොනතරම් ඇතිද මේ ලෝකෙ.
    එහෙනම් ඕකයි කතාව නේද? අපි පුරුතග්ජන වැඩියි අප්පා.

    ReplyDelete
  24. එහෙනම් මගේ අනුමානය නිවැරද්‍යි. ඒ වගේම මචෝ විස්තරයත් කතාව තරම්ම අලංකාරයි.

    ReplyDelete
  25. හරි ලස්සන පරිසරයක් . කවදාහරි හැබැහින් දකින්න ආසයි.හොල්මන් හිටියට කමක් නෑ :D

    ReplyDelete
  26. ඔය හොල්මන් කේස් හරි අස්පට් වැඩ....හොල්මන් සීන් නිසා අම්බානට බොක සීන් වල පැටලිච්ච එකෙක් මම.....

    ReplyDelete
  27. https://www.facebook.com/TrendingNgay0n/photos/a.376723365850067.1073741831.362085250647212/376723642516706/?type=1&theater

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්