Thursday, 17 September 2015

ඇයද මවකි



මම අන්තිමේ ඇයත් එක්ක කතා කරන්න තීරණය කලා. සුපුරුදු විදිහටම ඇය හිටියේ කුස්සියට වෙලා. ඇගේ දින චර්යාවෙන් වැඩි හරියක් ගෙවෙන්නේ කුස්සියේ කිවුවොත් මම හරි. ඒත් ඒ ඇය නිතරම මොකක් හරි වැඩක් කලා කිවුවොත් මම වැරදියි. අනික් හැම වැඩක් අතරෙම ඇය කල්පනා කරන්න, ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න තෝර ගත්තෙත් කුස්සියමයි.

මම ඇය දිහා ඈතට වෙලා ටිකක් බලාගෙන හිටියා. ඇය හිටියේ කල්පනාවක. ලිපේ පාස්තා වෙනුවෙන් රත් වෙන්න තිබ්බ වතුර එකේ බාගයක්ම උණු වෙලා යනකන්ම ඇය හිටිය කල්පනාවේ දුර ගැන හිතා ගන්න මට ඒ තරම් අමාරුවක් නෑ. මම හෙමීට ගිහින් ලිප නිවලා දැම්මා. ඒත් ඇයට මම ආව බවක්වත් ගැන හැඟීමක් තිබුනේ නෑ.

ඇය හිටියේ ජනේලයෙන් ඈත පේන කඳු පෙල දිහා බලාගෙන. මම ඈ පිටුපසින් ඈ බලාගෙන ඉන්න දිහාව ටිකකට බැළුවේ ඇය උනන්දුවෙන් බලන්න තරම් දෙයක් ඒ අවට තියෙනවද කියලා සැක හැරගෙන දැන ගන්න. අවසානයේ කෑම මේසේ පුටුවකට ඇවිත් මම වාඩි උනේ ඇය ඉන්නේ ඇගේම හීන ලෝකේ කියලා දැන ගත්තට පස්සේ.

" අම්මේ."

මම අන්තිමේ ඇයට කතාකලා. කලබලෙන් මගේ දිහාවට හැරුන ඇය මං දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. හදිසියේ හීනයෙන් මිදුනාක් මෙන් ඇය දෙතුන් වතාවක් ඒ මේ අත බැළුවේ ඇය කර කර හිටිය වැඩේ ගැන මතක් කර ගන්න වෙන්න ඇති. ඊලගට ඇය හැරුණේ ලිප දිහාවට.

" මම ඒක නිවලා ගොඩක් වෙලා."

කෑම මේසය උඩ තිබුන පත්තරයේ පිටු ඕනාවට එපාවට පෙරලන ගමන් මම ඇයට කිවුවා. මම බලාපොරොත්තු උන විදිහටම ඇගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඒ වෙනුවට ලිප තිබුන තැන කබඩ් පේලියට හේත්තු උන ඇය මං දිහා බලාගෙන හිටියේ අපි දෙන්නගෙන් කවුරු ඉස්සර වෙලා කතා කරයිද කියන හැඟීමෙන්.

" හෙට ඉස්කෝලේ වාර්ෂික රැස්වීම."

" මං කියන්නම් ආච්චිට එන්න කියලා."

හේත්තු වෙලා හිටිය කබඩ් පේලියේ අනෙක් පැත්තට හැරුන ඇය ආයෙම ලිප දැල්වුයේ උයන්න තියෙන ඕන කමටත් වැඩිය මගේ කතාව මඟ අරින්න තියෙන ඕන කම නිසා කියලා තේරුම් ගත්ත මම කෑම මේසෙන් නැගිටලා එළියට ආවේ ඊට වඩා දෙයක් කතා කරන්න අපිට නොතිබුන නිසා.

මේ ඇය මගේ උවමනාවක් මඟ හැරිය පළවෙනි අවස්ථාව නෙමෙයි. මට මතකයේ ඇති කාලයක ඉදන්ම ඉස්කෝලේ හැම දේකටම ආවේ ආච්චි. ඒක හැමදාම ප්‍රශ්ණයක් වුනේ මට විතරක්ම නෙමෙයි. මගේ යාළුවන්ටත් ඒක ප්‍රශ්ණයක් වුනත් කාගෙත් හිත් වල ඒක රැදුනේ ටික කාලයකට විතරයි. ඒ ගෙවුන අවුරුදු දා හතරට පාසල් හයකට යන්න මට සිද්ද වුන නිසා. දැන් කවුරුත් ආච්චිව අඳුනන්නේ මගේ අම්මා විදිහට.

ඇයත් එක්ක හිතේ තිබුන කේන්තිය හන්දම මම හවස් වරුවම හිටියේ එළිමහනේ තිබුන පුටුවක වාඩි වෙලා. මම හිටිය තැනට ටිකක් එහායින් ඇය හිටියේ ඇය ආසම කරන මල් ගස් කීපයට සාත්තු කරමින්. මම ඇය දිහා බලාගෙන හිටියේ බොහොම ඕනකමකින්. ඈ නිතරම ඇදුම් ඇන්දේ ඇගේ සම්පූර්ණම සිරුර වැහෙන විදිහට. ශීත කාලයට එය ඇයට කොහෙත්ම ප්‍රශ්ණයක් නොවුනත් මේ උණුසුම් කාලයේ ඇය ඒකෙන් මහත් අපහසුවකට පත් වෙනවා කියලා මට තේරුණ අවස්‍ථා බොහොමයි.

අදත් ඇය සිරුරට නැගෙන දහඬිය හංඟගෙන ඉන්න උත්සාහ කරනවා කියන එක ඇගෙන් හොදටම පේන්න තිබුනා. ඒ ගැන මට ඇගෙන් අහන්න ඕන වුනේ අද ඊයේ නෙමෙයි. ඒත් ඇයගේ හැසිරීම හැමදාම මෙහෙමයි කියලා තේරුණ කාලේ ඉදන් මම ඒ ගැන ඇගෙන් අහන්න ගියේ නෑ. ඒ, ඇයට ඒ වෙනුවෙන් දෙන්න එක එක දවසට වෙනම හේතුන් තිබුන නිසා. ඒ කොහොම උනත් මම එක දෙයක් දැනන් හිටියා. ඇය, සාම්ප්‍රදායික ගැහැණියක් නොවන බව.

මාසෙට දවසක් දෙකක් ගෙදරට ඇවිත් යන තාත්තා එක්ක වුනත් ඇයට ඒ හැටි කතාවක් තිබුනේ නෑ. ඉදහිට හුවමාරු වෙන වචන දෙක තුනක් ඇරුණ කොට ඔවුන්ගේ මුණ ගැහීම පවා සිද්ද වුනේ හුඟාක් අඩුවෙන්. සමහර වෙලාවට ඒක විනාඩියක් දෙකක් තරම් වෙන්න ඇති. ඒ වුනත් රාත්‍රී කෑම මේසයේ ඔහු වෙනුවෙන් කිසිම දවසක අඩුවක් තිබුනේ නෑ. ඒ මගේ හිතේ උත්තරයක් හොයන්න නිමාවක් නැතිව දුවන අනික් ප්‍රශ්ණය වුනත්, ඒකටත් මම බලාපොරොත්තු වෙන උත්තරයක් කිසිම දවසක ලැබෙන්නේ නෑ කියන දේ මම දැනන් හිටියා.

අද ඉස්කෝලේ වාර්ෂික රැස්වීම දවස. ගෙදරින් එළියට බහින්න ටිකකට කලින් මම ඇයව හෙවුවේ ඇගේ තීරණය වෙනස් කරගෙන ඇතියි කියලා හිතුන නිසා. ඒත් හැමදාම වගේම මගේ හිත අදත් හිටියේ වැරදි බලාපොරොත්තුවක. සුපුරුදු විදිහටම ඇය හිටියේ කුස්සියේ. ඒ තරම් ලොකු වැඩක් නැතත් ඒ වගේ මවා පාන්න ඇය අසාර්ථක උත්සායක හිටියා කියලා මම හොදාකාරවම දැක්කා.

" මම යනවා.."

" ආච්චිලගේ ගෙදරට ගිහින් යන්න. එයා ලෑස්ති වෙලා ඇති."

මං දිහා යාන්තමට බැළුව ඇය ඒ විදිහට උත්තර දීලා අහක බලා ගත්තේ මම ආයෙම දෙයක් කියන්න කලින්. මටත් ඊට එහා කතා කරන්න දෙයක් නොතිබුන හන්දම ගෙදරින් එළියට බැස්සේ හැමදාම හිතේ ඉතුරු වුන කේන්තිය තද කර ගෙනමයි. වාර්ෂික රැස්වීමවත්, ඒකේ කතා වුනේ මොනවද කියන එක ගැනවත් හිතේ කිසිම දෙයක් රැදුනේ නෑ. කලින් ඉස්කෝලෙදි වගේම මේකෙදිත් හැමෝම ආච්චිව අඳුන ගත්තේ මගේ අමමා වෙන්න ඇතියි කියලා. මම ඒ දේවල් වෙනස් කරන්න උත්සාහ කලෙත් නෑ.

" මචං, හවස සෙට් වෙමුද? පොඩි බඩුවක් තියෙනවා."

පිහිනුම් තටාකය ලගට වෙලා කල්පනාවේ ඉද්දි ස්මිත් මගේ කරට අත දාගෙන ඇහුවේ වෙනදා වගේම සැහැල්ලුවෙන්. ඒක ස්මිත් ගේ ඇස් වලින් හොදටම පේන්න තිබුනා. ඒ සැහැල්ලුව ඒ විනෝදය මාත් විඳින්න ආසයි. ඒත් මම ඒ තරම් වාසනාවන්ත නෑ කියන එක මගේ යටි හිත හොදින්ම දැනගෙන හිටියා.

" උඹ මොකද කල්පනා කරන්නේ?"

හරි හමන් උත්තරයක් නොදී මම ස්මිත් දිහාම බලාගෙන ඉද්දී ඔහු ආයෙම මගෙන් ප්‍රශ්ණ කලේ මම හරියට කොහේ හරි අතරමං වෙලාදෝ කියන වගේ හැඟීමකින්.

" නෑ මුකුත් නෑ. මොකද්ද උඹ කිවුවේ?"

" මම කිවුවේ හවසට අපේ ගෙදර වරෙන්. පොඩි බඩුවක් තියෙනවා."

" මොකද්ද?"

" ඒක මෙහෙම කියලා වැඩක් නෑ. උඹ වරෙන්. අනිත් එවුනුත් එනවා."

" හරි."

ස්මිත් මගේ ලඟින් ඈතට ඇවිදන් ගියාද, පා වෙලා ගියාද කියන එක මට එක පාරම හිතා ගන්න බැරි උනා. මටත්, අන්න ඒ විදිහට ඉන්න තිබුනනම්. මම මගේ හිත එක්කම කතා කලා.

ස්මිත්ගේ ගෙදර තිබුනේ නගරයට ටිකක් කිට්ටු වෙන්නම. පාළුවට ගිය පාරවල් දිගේ බයිසිකලේ පැදගෙන හුඟක් දුර එන එක මහා කම්මැලි දෙයක් වුනත්, කිසිම හැඟීමක් නැතුව ගෙදරට වෙලා ඉන්නවට වැඩිය ඒක හොදයි කියලා මට හිතුනා. ස්මිත්, මිල මුදල් අතින් පන්තියේ අපි හැමෝටම වැඩිය ඉස්සරහින් හිටියා. ඔහුගේ ගෙදරට ආව තුන් වෙනි දවස මේක වුනත් එතන අපේ ගෙදරට වැඩිය මහා තේජශ්‍රීයක් තියෙනවා කියලා මම හැමදාම හිතුවා.

"  ජේම්ස්, වරෙන් වරෙන්. අපි උඹ එනකන් බලාගෙන හිට්යේ."

" දැන් වත් කියපංකෝ ඉතින්. මොකද්ද වැඩේ?"

" උඩ තට්ටුවට යමං. අද අපේ අම්මයි තාත්තයිත් නෑ."

ස්මිත් කෙලින්ම මාව එක්කන් ගියේ ඔහුගේ කාමරයට. මම ඇරුනම තව පස් දෙනෙක්ම ස්මිත්ගේ කාමරේ බොහෝම නිදහසේ වාඩි වෙලා හිටියා.

" මේක මට ඊ‍යේ හම්බුනේ අපේ තාත්තගේ පරණ පොත් ගොඩක් අස්සේ තිබිලා. මගේ හිතේ එයත් අපේ වයසේ ඉද්දී හංගපු එකක්ද කොහෙද. තාත්තලගේ කාලේ බ්ලූ ෆිල්ම් එකක්. වරෙන් බලමු."

හුඟාක් දේවල් වලින් හෙම්බත් වෙලා හිටිය මට ස්මිත්ගේ කතාව ඇහුවම ආවේ පොඩි තරහවක්. කලින් දැනන් හිටියනම් මඟ අරින්න තරම් නොවැදගත් වෙන හේතුවක්. ඒත් දැන් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. එක අතකට වෙනසකටත් එක්ක කියලා මම ඒ දිහා බලාගෙන හිටියා.

දැනට වඩා වැඩියෙන් හැඟීම් උපදවන දර්ශන අතරේ පැය භාගයක් විතර ගෙවිලා ගියා. අනිත් හැමෝම වගේම මමත් හිටියේ එයට වශී වෙලා. එයට කෑදර කමින්. අනික් දර්ශණය පටන් ගන්නකන් හිත තිබුනේ නොසංසුන් කමකින්. නිතඹ දක්වා දිවුන මල් මෝස්තරයකින් හැඩ වුන පච්චයක් තිරයේ හිටිය ගැහැණියට තිබුනා. බොහොම ලාලිත්‍යෙන් ඇය නිතඹ එහා මෙහා කරමින් හිටියේ ඇගේ සිහින් සිරුරේ හැඩය පෙන්වමින්.

සිහින් නාඹිය, පිරුණු පියයුරු, සිනිදු දෙතොල් අතරින් ඇගේ මුහුණ දිස් වෙන්න හිතුවට වැඩිය කාලයක් ගත වුනා. ඒත්, ඒ ඇස්.

" අම්මා.."

මට කියවුනේ ඉබේටම වගේ. ඒත් මට ඇහුම් කන් දෙන්න තරම් තත්වයක මගේ ලග හිටිය කවුරුවත් හිට්යේ නෑ. ඔවුන් හිටියේ කාලයක් මට කිරි පෙවු පියයුරු වල රසය විදිමින්. ඔවුන් හිටියේ කාලයක් මා නැළවු උකුලතේ සෘංගාරය විදිමින්. තිරය බොඳ කරන තරමට දෑස් වලට කඳුළු නැගෙන්න ගියේ තවත් එක් නිමේෂයක් විතරයි..


85 comments:

  1. කියවන අයව මෙහෙමත් අතරමං කරනවද කතාවේ අන්තිම කියවද්දී හිතාගන්න බැරිඋනා. මේ ලියවිල්ල නියමයි අය්යේ. මම මුල් ඡේද දෙක තුනට ගොඩක් ආසයි කියවද්දී කතාව ඇතුලෙම ජීවත් උනා වගේ :)

    ReplyDelete
    Replies
    1. එහෙම ඉතින් අතරමං නොකර පුළුවන්ද මගේ කතාවක..

      Delete
  2. හම්මේ බෝම්බයක් ගැහුවා වගේ බං.... විශිෂ්ටයි දිනේෂ් .

    ReplyDelete
    Replies
    1. උඹ තාම ජීවත් වෙනවනේ? හෙහ් හෙහ්..

      තෑන්ක්ස් මචෝ..

      Delete
  3. අම්මට සිරි පට්ටම අවසානයක්නේ.... සුපිරියි මලයා. අර අම්මගේ සැගවිම සැබැ මනෝභ්‍රාන්තිය වැටහෙන්නේ කතාවේ අවසානයත් එක්කමයි. පට්ටම පට්ට කතාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙම අම්මා කෙනෙක් හුඟක් වෙලාවට ඒ දේවල් දරුවන්ගෙන් හංඟනවා වෙන්න පුළුවන්.. ඒත් ඒක හැමදාමත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

      ගොඩක් ස්තූතියි නලීන් අයියේ..

      Delete
  4. සාන්ත දාන්තව ඇවිත් අවසානෙ කණේ පාරක් ගැහුවා වගේ...
    දුක හිතෙන කතාවක්
    ජයවේ දිනේශ්!

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු නොවෙන සමහර දේවල් එක පාර දැන ගනිද්දී ඉතින් ඒ වගේ හැඟීමක් තමයි අපි කාටත් එන්නේ..

      Delete
  5. ලස්සනයි.... මේ ලෝකේ මේ වගේ ජීවිත අපි අතරෙම තියෙනවා. හිතට දැනුන කතාවක්....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යේන්ම.. මොකද ඕය නිරූපිකාවෝ බටහිර ලෝකේ ඕන තරම් ඉන්නවා..

      Delete
  6. හිතා ගන්න බැරි විදිහට ලියල තියනවා...

    ReplyDelete
  7. වර්ණ කියන්නේ වර්ණම තමා. වර්ණටම මිසක් ඒකට පාටක් තවරන්න මටනම් බෑ

    ReplyDelete
    Replies
    1. සමහර වර්ණ හැදෙන්නේ හුඟක් දේවල් වල එකතුවෙන් බවත් අමතක කරන්න එපා..

      Delete
  8. ඇත්තට කවදාවත් හිතිච්ච නැති පැත්තක් දිනේෂ් අය්ය..
    පෝර්න් ස්ටාර් කෙනෙක් වුණාම මොන වගේද කියල දන්නෙ උංම තමයි... ඇත්තට අර සීන් එක වගේ ඒව ඇත්තටම වෙලා ඇති නේහ්... මොනව හිතෙන්න ඇද්ද
    පිස්සු වගේ
    කතාව නං පස්ටමයි ඈ... හුග කාලෙකිං බ්ලොග් අස්සට කඩං වැටුණෙ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අපි මෙහෙම හිතුවට සමහර විට උන්ට ගානකුත් නැතුව ඇති බං.. ඒක උන්ගේ හැටිනේ.. නමුත් අපි මේ පැත්තෙන් හිතලා කතාවක් ගොඩ නඟමුකෝ.. දැනට ඒ මදැයි අපිට..

      සිරාවට, හුඟ කාලෙකින් දැක්කේ.. කොහේද අතුරුදහං උනේ.. ආයෙම ලියපිය..

      Delete
  9. හම්මෝ....කතාව පටන්ගෙන තිබුනෙත් කුතුහලය ඇවිස්සෙන විදියට. මේ වගේ දෙයක් වෙයි කියලා ඉවර වෙනකල්ම හිතුණේ නෑ දිනේශ්.

    දැන් කොහොමද කතාවේ ඉතුරු ටික මේ විදියට වුනේ කියලා හිතමින් ඉන්නවා. ඇත්තටම හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අපි නොහිතන පැති වගේම කතාවක උනත් අපි නොහිතන පැති ඉදලා හිටලා අපිට අහු වෙනවනේ පොඩ්ඩි අක්කේ.. වැඩිය හිතන්න දෙයක් නෑ අලේ මේකේ..

      Delete
  10. අම්මෝ! නිකං හෙලකින් පහලට තල්ලු කලා වගේ! ආයෙ වෙන කියන්න දෙයක් නෑ, සුපිරි එකේ ඉහලම මට්ටම දිනේෂ් අයියෙ.

    ReplyDelete
    Replies
    1. මලේ නැත්නම් ආයෙම හෙලෙන් උඩට නැඟලා වරෙන්..

      තැන්කිවු වේවා..

      Delete
  11. නැවතත් සම්භාව්‍ය කෙටි කතා කලාවේ ලක්ෂණ පේන්න ගත්ත දිනේෂ් .....

    ReplyDelete
    Replies
    1. හප්පේ.. තැන්කිවු තැන්කිවු අක්කේ..

      Delete
  12. මේ වගේ අවසානයක් හීනෙකින් වත් හිතුවේ නෑ... අතරමං වුනා වගේ..

    සුපිරියි...

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නොවෙන අවසානය වඩාත් හොදයැයි සිතමි..

      තැන්කිවු..

      Delete
  13. මෙහෙම ඒවටත් මූණ දෙන්න වෙන අය ඉන්නව ඇති මේ ලෝකෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම ඉන්න ඕන.. මොකද ඒ මිනිස්සුත් දවසක පවුලක් පන්සලක් වෙනවා ඇතිනේ.. හැබැයි මේ දේවල් මෙහෙම වෙයි කියලා ඔවුන් දන්නවා ඇති..

      Delete
  14. හැමදාම වගේ විශිෂ්ඨයි මලේ

    ReplyDelete
    Replies
    1. උඹව දකින්න ලැබීම ඔක්කොටම වඩා සතුටකි..

      Delete
  15. මැදදි වීඩියෝ එක ගැන කියද්දි මටනං දැනුනා උඹ ගිහිං නවතින තැන. (ඒක මගේ වරදක්ද මන්දා)
    උඹේ කෙටිකතාව ඉඟි දිදී ගලා යන්නෙ හරියට.......... ගඟක් සුපුරුදු වංගු සහිත මාර්ගයට වඩා වෙනස් පහසු පහත්බිමක් දිගේ විකල්ප මාර්ගයක ගලාගෙන ගිහිං ආයිත් ඒ ගඟටම එක්වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. උඹේ වරදක් තමා.. ඒක ඉතින් අපි නොදන්නවා කියලයි..

      මරු උපමාව.. පට්ටයි.. තැන්කිවු බං..

      Delete
  16. මේ ලමයගෙ පැත්තෙන් බලනකොට හරිම දුක හිතෙන කතාවක් දිනේෂ්. අනිත් ලමයින්ට ඇති වුනු සෘංගාර හැඟීම සහ මේ ලමයගෙ හැඟීම් ඔබ අපූරුවට ලියල. මවගේ හැසිරීමත් එක්ක ඇය සමාජයට මුහුන දිය නොහැකි තත්වයේ තැනැත්තියක් බව ඔබ සියුම් ව ඉදිරිපත් කර තිබෙන ආකාරය විශිස්ටයි.

    ප.ලි.
    මම මේ ලමයගේ මානසිකත්වයෙන් මේ කතාව කියවූ බැවින් මේ කොමෙන්ටුව දැමීම සඳහා සෑහෙන වෙලාවක් ගත විය.

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලා උනත් සෘංගාරය රස වින්දා ඒ එයාගේ අම්මයි කියල දැන ගන්න කලින්.. අන්න ඒ වෙලාවේ ඒ ශොක් එක මට දැනෙන තරමින් මගෙන් විස්තර උනේ නෑ.. මොනා කරන්නද අඩුපාඩු තියෙනවා ඉතින්..

      Delete
  17. පට්ටයි දිනේශ්...
    ඊට වැඩි දෙයක් කමෙන්ට් එක විදිහට ලියන්න ඕනේ උනත් වෙලාව නැහැ...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා දෙයක් කියවුනා නම් තමයි ඉතින් මම අවංකවම ආස.. විශේෂයෙන් අඩුපාඩු වැරදි එහෙම..

      Delete
    2. ඔන්න පොඩි වෙලාවක් ලැබුනා...

      නිල බලන එක මේන් ටොපික් එකක් කරන්නේ නැතුව පොඩි පහේ ඩ්‍රින්ක් එකකට හරි ඒක සැර වැඩිනම් වෙන ලපටි වැඩකට හරි සෙට් වෙච්ච වෙලාවක අහම්බෙන් මොනවහරි හොයද්දි අහුවෙලා ඔය නිල බලන්න ලැබුන නම් තමයි තව කුතුහලේ වැඩි වෙන්නේ සහ උස්සලා පොළවේ ගහන එකේ හොඳම එක වෙන්නේ....

      Delete
    3. ඒ කතාවෙත් හැබෙයි පොඩි ඇත්තක් තියෙනවා..

      Delete
  18. අපොයි.... බින්ද නේද කළේ! හය්යෝ

    ලිවිම හරිම සංයමයක් තියෙනවා. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. බිඳින්නේ නැතුව අන්තිම වෙනකන් පරිස්සම් කරපු එකම මදෑ ඉතින්..

      Delete
  19. යකෝ උඹ මාර දියුණු වෙලා නේ....

    ReplyDelete
    Replies
    1. නෑහ්, අර මොකෝ?

      Delete
  20. ඔයාගේ ඒවා ගොඩාක් මම කියවලා තියෙනවා...
    මේක නියමයි...
    ටිකක් කියවනකොට මොකෝ වෙන්න යන්නෙ කියලා ඉවක් වගේ ආවත් දිගටම කියවා ගෙන ගියා...
    මේකේ දිගුවක් ඔන්න පහළ තියෙනවා...
    http://bassigenawathana.blogspot.com/2015/09/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඇති යාන්තම් එක්කෙනෙක් හරි මං දිනේෂ් අයියගෙ "කතාව හොරකම් කරපු එක" ගැන එයාව දැනුවත් කරලා. ලොල් අප්පා!

      Delete
    2. චතුරංග, බස්සියා ඉතින් මගේම සහෝදරී හා සමාන එකීනේ.. මම ම තමයි ලියපිය කියලා කිවුවෙත්..

      තැන්කිවු වේවා මචෝ..

      Delete
    3. බස්සී, හෑ ඒ මොකද්ද ඒ සීන් කෝන් එක??

      Delete
  21. ෆකින් ඔව්සම් බ්‍රෝ ! ඇඩා නෑ මේක නම් !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු බ්‍රෝ..

      Delete
    2. මොන මගුලක්ද බන් මේ කියලා තියෙන්නෙ ?

      Delete
    3. මුල ටික විතරයි මටත් තේරුණේ නම්.

      Delete
  22. උඹ මාර දක්ෂයෙක් දිනේෂ්.මම කතාව දෙවතාවක් කියෙවිවා.ඒත් එපා උනේ නැ.මෙ කතා ටික කියවන්න ඔන නිසාම ඔන්න මම මෙ බිලොග් එක මගේ බිලොග් එකේ බිලොග් රෝලටත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. කතාව රස වින්දනම් ඒක මට සතුටක්..

      තෑන්ක්ස් මචෝ..

      Delete
  23. මට හැමදාම තිබුන ප්‍රශ්ණයක් තමයි දවසක පෝර්ට් ස්ටාර් කෙනෙක්ගෙ ළමයෙක් අම්මගෙ නිර්මාණායක් දැක්කොත මොනවා වෙයිද කියන එක.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියටත් තියෙන්නේ මේ ගැන මට තියෙන ප්‍රශ්ණමද මන්දා.. හැබැයි මම නෙට් වල දැකලා තියෙන හැටියටනම් එයාල ළමයි එක්ක කිසිම අවුලක් නැතුව ෆොටෝ ගහලා එහෙම දාන්නේ.. අපි හිතන තරම් මේ යකා කළු නැතුව ඇති ඒ රටවල.. ඒත් කොහොමද හරියටම කියලා කියන්න දන්නේ නෑ..

      Delete
  24. ජීවිතය පුදුමයි කියල හිතුනා.. මේක හැබෑ කතාවක් නොවීම ගැන දෙවියන්ට ස්තුති වන්ත වෙනවා.. :(

    ReplyDelete
    Replies
    1. මේ වුනත් මේක හැබෑවක් වෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි කියලා හිතෙනවා.. ලංකාවෙ නැතත් වෙන රට වලට..

      Delete
  25. හැමදාම වගේ දිනේශ්ගෙන් විශ්මිත අවසානයක් ! මෙතන පොඩි අවුලක් තියේ නේද ?

    " මේක මට ඊ‍යේ හම්බුනේ අපේ තාත්තගේ පරණ පොත් ගොඩක් අස්සේ තිබිලා. මගේ හිතේ එයත් අපේ වයසේ ඉද්දී හංගපු එකක්ද කොහෙද. තාත්තලගේ කාලේ බ්ලූ ෆිල්ම් එකක්. වරෙන් බලමු."

    තාත්තා පොඩි කාලෙ බලපු එකක් නම් සමවයසෙ ළමයෙක්ගෙ අම්මා කෙනෙක් ඉන්න එකක් වෙන්න තියන සම්භාවිතාවෙ පොඩි අවුලක් තියනවා කියලා මට හිතෙනවා..

    ඒක එහෙම වුනත් කතාව මරු දිනේශ්. කවුරුවත් එච්හ්cර නොහතන පෑති තමා මේ...

    ReplyDelete
    Replies
    1. ඉන්නේ සම වයසේ ළමයෙක්ගේ අම්ම කෙනෙක් කියල උන් කවුරුත් දන්නේ නෑනේ.. අනික කියන්නේ //මගේ හිතේ එයත් අපේ වයසේ ඉද්දී හංගපු එකක්ද කොහෙද.// කියලනේ.. අනියමාර්ථයෙන්.. මටනම් අවුලක් පෙන්නේ නෑ බං එහෙම.

      Delete
    2. සෙන්නා අයියේ, මෙහෙමනේ.. අපි මේ කොල්ලගේ වයස හිතමු 14යි.. තාත්තගේ කාලෙත් ඒ වගේම හිතමු.. මේ ෆිල්ම් වල නිලියෝ වැඩි හරියක් 18-25 අතරේ.. අනික මේ අය බඳින්න ළමයි හදන්න හිතන්නේ ෆීල්ඩ් එකෙන් අයින් උනාම.. ඒ කියන්නේ 35ක් වත් අපි හිතමු.. එතකොට ඒ ළමයයි සීඩී එක හම්බුන ළමයයි එක වයසේ වෙන්න පොඩි ඉඩක් තියෙනවා නේද??

      Delete
    3. කල්‍යාන මිත්‍ර, වයස් ගැලපීම ඉතින් අපිට ඕන විදිහකට දා ගන්න පුළුවන්.. සමහරු ගොඩක් මැදි වියට ඇවිත් ළමයි හදනවා.. සමහරු එහෙම නෑ.. ඉතින් එහෙම දෙන්නෙක්ගේ ළමයි එක වයසේ වෙන්න ඉඩක් තියෙනවා..

      Delete
    4. ඔව් නේද? මටත් වයසේ අවුලක් පේන්නේ නැහැ.

      Delete
  26. ලස්සන ගලායාමක්....අන්තිම මොහොතේ හිත ඇතුලේ බෝම්බයක් පිපුරුණා....අපූරුයි

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචෝ..

      Delete
  27. දිනේෂ්..... මට හැබැයි පොඩි අඩුපාඩුවක් පේනවා. අම්මගෙ චරිතය උඹ ගොඩ නඟන විදිහට එයාගෙ රැකියාව මොන වගේ එකක්ද කියල අපිට කලින්ම හිතෙනවා. මන්දා මටනම් එහෙම හිතුනා. අම්මගෙ ගුප්ත හැසිරීම් වෙනුවට සාමාන්‍ය මවකගෙ චරිතයක්, තමන්ගෙ දරුවා එක්ක බොහොම සමීප මවකගෙ චරිතයක් එතන තිබුනා නම් කතාවෙ අවසානය බලගතු ෂොක් එකක් වෙන්න තිබුනා. සමාවෙන්න . මට හිතුනු දේයි මම කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔබේ අදහසත් එක්ක මම සම්පුර්ණ එකගයි.. එහෙම කුළුපග හුඟල් ලග බැදීමක් තියෙන දෙන්නෙක් උනානම් මම කොල්ලගේ හිතේ අම්මා ගැන මවන ප්‍රශ්ණ මට ඒ විදිහට තියන්න හිතෙන්නේ නෑ කියල හිතුනා.. විශේෂයෙන් අම්මා හංගන් ඉන්න ටැටූ එක එහෙම.. ඒකයි අම්මා ගැන ඒ විදිහට ලියවුනේ..

      Delete
  28. කතාවේ අඩුපාඩු සෙවීමට කාලය ගත නොකරමි.
    නිරුවත් වූ ලැම සහ නිරුවත් වූ උකුලත ඇය නම් සාම්ප්‍රදායික ස්ත්‍රියක්ම බව ඔප්පු කරයි. නමුත් කාලයත් සමඟ භූමිකාව පමණක් වෙනස් වී ඇත. අන්තර දෙකක්......

    ReplyDelete
    Replies
    1. ඔවු, කාලය එක්ක සමහර දේවල් වෙනස් වෙනවා.. සමහරුන්ට වෙනස් කර ගන්න වෙනවා..

      Delete
  29. මගෙත් කුපාඩි කමටද මන්දා වීඩියෝ එකක් කියනකොටම අවස්ථා සම්බන්දේ තේරුණා. මේක කියවගෙන යත්දී මතක් වුණේ, තමන්ගේ දරුවට ඇස් දෙක දීපු අම්මාව පසුව ඔහු ප්‍රතික්ෂේප කිරීම. අවසානෙදී මතක් වුණේ රබීන්ද්‍රනාත් ටාකූර් ලියපු ගෝරා කතාව. මම තව තදින් විශ්වාස කරන දෙයක් තමයි, හැම කෙනෙකුටම ආවේනික ප්‍රශ්නෙක එයාලා හිර වෙලා ඉන්නවා කියන එක. මේ සේරම එකතැන සමපාත වුණා.

    තව දෙයක් අපි ආසියාතිකයෝ වශයෙන් මේවායෙන් කම්පා වුණත්, යුරෝපීයයන් ඒ හැටි ගණන් ගන්න දේවල් නොවේ.

    මොනවා වුණත් ඉතා ඉහල මට්ටමේ සංකල්පනාවක් දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කෙනෙක්ට අපි නොහිතන විදිහක ප්‍රශ්ණ තියෙන්න පුළුවන්.. කෙනෙක්ට අපේ ප්‍රශ්ණ ප්‍රශ්ණ නොවෙන්න පුළුවන්.. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනාවා..

      ඇත්ත අයියේ.. මට හිතුන දේ කතාව මම මේ පැත්තෙන් ගොඩ නැගුවේ මමත් ආසියාතිකයෙක් හන්දා වෙන්න ඇති.. එහෙම නොවුනානම් මට මේක කතා නිම්ත්තකුත් නොවෙන්න තිබුනා..

      Delete
  30. ...........................
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා...

      Delete
  31. පට්ට කතාව බං.හැබැයි එක තැනකදී මටත් හිතුනා මෙහෙම සිදුවීමක්වත් දෝ කියලා.මිනිස්සු අසරණ වෙන විදි කොයි තරම් ද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තමන්ගේ අය ලග අසරණ වෙද්දී ඒක දැනෙනවා සෑහෙන්න වැඩියි බං..

      Delete
  32. හප්පා කණ අයිනේ හෙණ හත අටක් පිපිරුණා වගේ මාව කම්පිත උනා. කිසිවෙකුගේ අවධානය යොමු නොවෙන වෙනස්ම පැතිකඩක්.අනර්ඝයි සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. එක විනාඩියකට හරි ඒ ගැන හිතන්න පෙලඹවන්න පුළුවන් වුන එක ගැන කතාව අන්තිමේ මම සතුටු වෙනවා..

      Delete
  33. දිනේෂ්.....................

    අන්තිම වෙනකල් හිතාගන්න බැරි විදිහට කතාව ලියලා තියෙනවා... අපිටත් අැඩෙනවා ඒ සිදුවීමට..... හරිම යතාර්ථවාදීයි..... ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචංන්ස්ලා..

      Delete
  34. අපොයි , හුඟක් වෙනස් විධිහකට ගිය සංවේදී කතාවක්. ඒ දරුවාගේ හිතේ කොහොම යුද්දයක් තියෙන්නේ ඇත්ද?

    ReplyDelete
  35. කතාව නම් කියලා වැඩක් නෑ. සුපර්බ්... හිතට වදින්නම ලියලා තියෙනවා...
    ඔබට ඡය වේවා.....!!!

    ReplyDelete
  36. සංවේදී කතාවක් අයියා.. හැම වචනයක් ගානෙම හිතට දැනෙනවා.

    ඇත්තටම මෙහෙම දෙයක් වුනාද නැද්ද නම් දන්නෙ නෑ. ඒත් මේ ලගින් යන කතාවක් අපේ ගමේ මීට ටික කාලෙකට කලින් සිද්ද වෙලා තියෙනවා.


    ReplyDelete
  37. ලස්සනයි...දුකයි...විශිෂ්ඨයි...මට මිට වඩා දෙයක් කියන්න තරම් දැනුමක් නැහැ

    ReplyDelete
  38. දිනේෂ්,
    කතන්දරේ ලස්සනයි හැබැයි ඒ ඇතුලේ තව මොකක්දෝ නොගැලපීමක්/අඩුවක් වගේ දෙයක් දැනනෙනවා... වැඩිය හිතන්න එපා මගේ විකාර අදහස්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  39. බොහොම සංවේදිව මල්ලි ඒ ගෙත්තම ගොතල.
    දැනුන ගොඩක්ම.

    ReplyDelete
  40. මිනිස්සුන්ට හිතන්න යමක් තියෙන වැදගත් පොස්ට් එකක්.. මේ ලිපිය පත්තරේක ගියානම් හොඳයි..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්